Monday, 10 August 2015

අවුරුදු 5කුත් උනා එහෙනම්





අද මගේ ජීවිතේට හුඟක් වැදගත් දවසක්. ඒ ඇයි කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හෙඩිම දැක්ක ගමන් දැන් කට්ටිය දන්නවා මොකද කියලා. ඔවු, අද මම බ්ලොග් එක පටන් අරන් අවුරුදු 5ක් වෙනවා. හ්ම්ම්. කාලය ගෙවිලා ගිහින් තියෙන ඉක්මන. තාම හරියට අද ඊයේ වගේ.

කොතනින් කොහොම පටන් ගන්නද? හැමදාම හිර වෙන තැන තමයි ඉතින් ඕක. කොච්චර කතා ලිවුවත් ඔළුවේ තියෙන විකාර දේවල් පිළිවෙලකට අකුරු කලත් අවුරුද්දකට සැරයක් විතරක් ලියන එකම ස්තූති කතාව ලියාගන්න සෑහෙන්න හිතන්න වෙලා. මම හිතන්නේ අනිත් අයටත් එහෙමම වෙන්න ඇති.

මතක් කරන්න විශේෂිත් තැන් වගේම විශේෂිත අය හුඟාක් හිටියත් අද මම එකම එක්කෙනෙක් වෙනුවෙන් ස්තූති කරන්න මේ සටහන යොදා ගන්නවා. මම හිතන්නේ කවුරුත් ඒකට මාත් එක්ක තරහා වෙන එකක් නෑ කියලා.

ඒ තමයි මගේ පුබුදු මල්ලි. බ්ලොග් කියන මෙලෝ හසරක් නොදැන හිටිය මාව මෙතනට ඇදන් ඇවිත් දැම්මේ මලයා. " අයියේ උඹ ලියහං, අනික්වා මම බලාගන්නම්." බ්ලොග් ගැන මම දන්නේ නෑ කියලා මීට අවුරුදු 5කට කලින් මලයත් එක්ක ස්කයිප් කෝල් එකේ ඉද්දී ඌ මට කිවුවේ ඔන්න ඔය වචන ටික.

ඇත්තටම මාස ගානක් යනකන් සිද්ද වුනෙත් ඒකම තමයි. මම කරේ බ්ලොග් එකේ මට ඕන නම තීරණය කරපු එකයි ලියන්න ඕන දේ තීරණය කරපු එකයි විතරයි. අනික් හැම දේම කරේ මලයා. බෑක්ග්‍රවුන්ඩ්, සෙටින්ස්, ලේ අවුට් මේ හැම දෙයක්ම හදලා කරලා දුන්නේ මලයා. කොටින්ම මේ දැන් තියෙන බෑක්ග්‍රවුන්ඩ් එක පවා.

ඒත් අවාසනාවකට වගේ මලයා අපෙන් ඈත් වෙලා යන්න ගිහින් දැන් අවුරුදු 3කටත් කිට්ටුයි. ඒ හැම දෙයක්ම තාම හිතාගන්නවත් බැරි නරකම නරක හීනයක් වගේ. ඒත් අකමැත්තෙන් උනත් පිළිගන්න සිද්ද වෙලා තියෙන ඇත්තත් ඒකමයි. මලයා යන්න ගිහින්.

මගේ ගමනේ ඉන්න මගේ ගුරුවරයා, වැදගත්ම මිනිහා උඹ. ඒක හැමදාටම එහෙමයි. මම අද තරමකින් හරි සාර්ථක වෙලා තියෙනවනම් ඒ උඹ හන්දා. අද බ්ලොග් එක කියවන, මාව ෆලෝ කරන, මුහුණු පොතෙන් මාත් එක්ක කතාබහ කරන මම අද වෙනකන් දැකලවත් නැති යාළුවෝ පිරිසක් හම්බුනේ උඹ හන්දා.

කීප වතාවක්ම දැන් බ්ලොග් ලිවුවා ඇති කියන අදහස මගේ ඔළුවට ආවම නෙමෙයි. ඒත් තියෙන වැඩ අස්සේ කොහොම හරි මේක කරන් ආවේ තියෙන ආසාවට. ඒ දවස් වල කවුරුත් නොබලන කමෙන්ට් එකක් වත් නොවැටෙන කාලෙදි වතාවක් මම මලයට මෙහෙම දෙයක් කිවුවා.

" අවුරුදු 5ක් වත් මේක ඇදන් ගිහින් නැවැත්තුවොත් ඒ හොදටම මදැයි බං."

ඉතින් අද ඒ දවස ඇවිත්. පහුගිය ටික දවසෙම ඉදන් මම මේ දවස ගැන හිතුවා. ඇත්තටම හුඟාක් හිතුවා. ලිවුවා ඇති කියන තැනට හිත හදාගන්න පුළුවන් උනත් එක දෙයක් හන්දා මට එහෙම කරන්න බෑ. ඒ මලයා. උඹ ගැන මට ඉතුරු වෙලා තියෙන අන්තිම මතකය මේක. ඒ මතකයත් මැකෙන්න ඉඩ දෙනන ඇත්තටම මට දුකයි.

වෙලා මදිකම, ජීවිතේ අනිත් දේවල් වලටත් හිත යොමු කරන්න ඕන උනත් ඉස්සරහටත් පුළුවන් තරමින් කාලය 'වර්ණ' වෙනුවෙන් මම කොහොම හරි හොයා ගන්නවා. සමහර විට ඉස්සර තරම්ම ක්‍රියාශීලීව, සතියට එක පෝස්ට් එකක්නම් නොවැටෙන්න පුළුවන්. ඒත් මම මේ බ්ලොග් එක මට පුළුවන් තරම් කාලයක් ජීවත් කරනවා.

මේ අවුරුදු 5 පුරාවට හමු වුන අය, කතාබහ කල දේවල් ඇත්තටම සුන්දරයි. ඒ නිසා හැමදාම වචනෙකින් හරි මාව අගයපු, දිරිමත් කරපු අයට වගේම බැනලා කමෙන්ට් කරපු ඇනෝලාටත් හදවතින්ම හුඟාක් ස්තූති වන්ත වෙනවා.

ඉතින් අපි හමුවෙමු. නිතරම නැතත් ඉදහිට වත්....




76 comments:

  1. මුලින්ම අවුරුදු 5 හේ අනිවර්සරියට සුබ පතනවා.

    මේක නවත්තල යන්න එපා පුලුවන් හැම විටකම ලියන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ..

      එහෙම තමා ඉතින් දැන් නම් හිතාගෙන ඉන්නේ.. බලමු අපි හෙමිට ඉඩ කඩ තියෙන විදිහට..

      Delete
  2. සුභ පැතුම්.. අපේ අයියා (උඩ එකා) කිව්ව වගේ ඔය නවත්තවල යනවයි කියන මල බැගිරිය නවත්තල පුලුවන් වෙලාවට ලියහං.. උම බෝම අගේට කෙටි කතා, සුරංගනා කතා, විකාර කතා ලියන එකෙක් නේ..

    ReplyDelete
    Replies
    1. එහෙම එහෙමයි.. තැන්කිවු වේවා..

      Delete
  3. පස් වැනි සමරුවට හදවතින්ම සුබ පතමි.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු නලීන් අයියේ..

      Delete
  4. පස්වැනි උපන්දිනයට සුභ පැතුම්......

    හිතට දැනෙන සතුට හිතාගත්තඅැහැකි.... ජයවේවා.... තවත් අවුරුදු පනහක් යන තුරු බ්ලොග් කෙරුවාවට අවස්ථාව ලැබේවා........

    ReplyDelete
    Replies
    1. එච්චර කල් ජීවත් වෙයිද කවුද බං දන්නේ.. බලමු බලමු.. පුළුවන් තරම් කාලයක්..

      Delete
  5. සුබ පැතුම් දිනේශ්...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචෝ..

      Delete
  6. වර්ණට වර්ණ කුලකයෙන් සුභපැතුම්
    ජයෙන් ජයම වේවා දිනේෂයෝ.....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මචෝ..

      Delete
    2. මගෙත් සුබ පැතුම් වර්ණ..............

      Delete
    3. තෑන්ක්ස් මචෝ..

      Delete
  7. පුබුදු කියන්නෙ කවුද?

    ReplyDelete
    Replies
    1. පුබුදු කියන්නේ මගේ සහෝදරයා..

      Delete
  8. සුබ උපන් දිනයක් වේවා!.. පුබුදු මල්ලිට ස්තුතියි! ඒ වගේම ඔහුට සුබ ගමන්! :/

    ReplyDelete
    Replies
    1. මලයා නැති අඩුව තාම දැනෙනවා..

      Delete
  9. ආයුබෝ වේවා!

    ReplyDelete
  10. සුබපතනවා දිනේෂ් අයියේ වර්ණ කවදාවත් කෙළවරක් කරන්න බැරි තරම් අනන්තයි. ඔබට සදා ජය ! "පුබුදු" ලෝකෙට නොමැකෙන සටහනක් තියල ඉවරයි.

    ReplyDelete
    Replies
    1. වර්ණයේ කෙලව අපි ආයෙම වෙලාවක නිවාඩුපාඩුවේ හිතමු..

      Delete
  11. සුභපැතුම් මලයො. උඹ පහුගිය ටිකේ පේන්න නැත්තෙ මොකද කියලත් කල්පනාවුනා

    ReplyDelete
    Replies
    1. පොඩි වැඩ වගයක් තිබ්බ හන්දා මේ පැත්තෙන් නිවාඩුවක් ගත්තා රාජ් අයියේ. දැන් ඉතින් ආයෙම ඉන්නවා.. ලිවීම නිදහස් වෙලාවට උනත් කියවීම වෙනදා වගේම පටන් ගන්න ඕන..

      Delete
  12. සුභ පැතුම් දිනේශ්.හැමදාමත් ආසාවෙන් ගොඩවුන බ්ලොග් එකක්.ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගිම් අක්කේ..

      Delete
  13. අවුරුදු පහට සුභ පැතුම්..

    මොන කට්ට කාගෙන හරි දිගටම ලියමු..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. කට්ට කාගෙන හරි ලියන එකේ වටිනකම තියෙන්නේ ලියන මනුස්සයටමනේ.. ඒ හන්දා ලියමු..

      තැන්කිවු වේවා..

      Delete
  14. උණුසුම් සුභ පැතුම් දිනේෂ්. බ්ලොගක් පටන්ගන්නවා වගේ නෙවෙයි ඇදගෙන යන එක කියන එක මටත් කීප වතාවක් දැනිලා තියෙනවා.

    හරි. එහෙම හරි ගාට ගාට හරි පටං ගත්ත ගමන යං බං.

    ReplyDelete
    Replies
    1. හම්මේ ඒක ගැන කොච්චර හිතුවද කියනා ඉතින් එහෙනම් අමුතුවෙන් කියන්න ඕන නෑ මගේ හිතේ.. කොච්චර ඇති කියලා හිතුනත් පුංචිම හරි දෙයක් වෙනවනේ ආයේ ආසාව ඇති වෙලා එන්න..

      Delete
  15. අවුරුදු පහට සුබ පැතුම්.. ලොක්කගේ අලුත් කෙල්ලෙක් ගැන කියන්න කතාවක් නැද්ද ලඟදි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, යකඩෝ මේකලා මට වැඩිය දැන් ලොක්කා ගැන ඇහැ ගහන්නේ ඉන්නේ.. ලියඤ්ඤං ලියඤ්ඤං..

      Delete
  16. අවුරුදු පහක් තිස්සේ අකුර අකුර අමුනලා අකුරු වලින් හැදිච්ච පාටි ගොඩ නැගුනු වර්ණටයි උඹටයි උණුසුම් සුබ පැතුම් දිනේෂ් අයියේ, මටනම් කියන්න තියෙන්නේ මිතුරන කාලය කෙතරම් නපුරුද කියල විතරයි :'(, එත් උඹ මැරිලා ගොඩ ඇවිල්ලත් මේක මෙහෙම හරි ඇදන් යනවා, අපි එනෝ යනෝ අයෙත් හීනෙන් වගේ මතක් උනාම ආයේ එනෝ, සමහර වෙලාවට මමම කුරුටු ගාපුවා කියවනවා, මොනා උනත් ගුඋගල් දෙයියට පින් සිද්ද වෙන්න ඕන මෙහෙම හරි ඉඩක් දෙනවට, ඒ ඉඩ අපි ගියත් එහෙම්මම තියේවි, ඒ ගැනයි ටිකක් හරි සතුටු. අයෙත් උඹ කුරුටු ගාපු ඒ අවුරුදු පහක ඒ කාලෙට එකෙන්ම සැලුට් එක අයියේ, සුබ පැතුම්, ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතින් උඹලා ගැනනම්.. ලියහංකෝ අඩු ගානේ මාසෙකට සැරයක්වත්.. මැරිලා ගොඩ ගිය හැටි ඉතින් ආයේ කෙසේ අමතක කරම්ද..

      Delete
  17. ජය වේවා.... දිග කමෙන්ටුව කෙටුවා.. එක අතුරුදහන් වෙලා... ජය වේවා අයෙත් 5වෙනි අවුරුද්දට

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මචෝ..

      දැන් උඹලගේ ලිවීම එහෙමම නැවතිලා ගිහින් නේ?

      Delete
  18. සුබ පැතුම් මලයා ~~~ අර උඩින් ඩූඩ් කියනවා වගේ මේක ඇදගෙන යන එක ලේසි පහසු කාරියක් නෙවේ. කාලෙකට අමතකම වෙලා යනවා. මම පහුගිය ටිකේම මේ පැත්තේ ගොඩ වුණේ නෑ. හැකි විදියට ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අයියේ.. සමහර වෙලාවට නැවතුනාම ආයේ පටන් ගන්න හිතෙන්නෙම නෑ.. ඒත් නොලියා ඉන්නත් බෑ..

      පුළුවන් විදිහට ලියන්න තමයි කල්පනාව...

      Delete
  19. අවුරුදු පහට හදවතින්ම සුබ පතනවා...

    දිනේශ් වගේ කෙනෙක් බ්ලොග් ලෝකයට හඳුන්වල දීපු පුබුදුටත් අපේ ප්‍රණාමය.. ඔහු හිටියා නම් අද දවසේ හුඟක් සතුටු වේවී.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිටියනම් අද මේ බ්ලොග් එක මීට වැඩිය වෙනස් කරලා.. මම තාම ඒ විදිහටම තියාගෙන යනවා..

      Delete
  20. පස් අවුරුදු ගමනට සුබ පැතුම් දිනේශ්...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු පොඩ්ඩි අක්කේ..

      Delete
  21. මමත් හෙන පරණ බ්ලොග් රීඩර් කෙනෙක් තමා. හෙහ් හෙහ්. හැබැයි අඩවි දෙක-තුනයි කියෙව්වෙ. මාතෙගෙ එකට ගිහාම සින්ඩිය හරහා තමා වැඩිගානක් කියවන්න ගත්තෙ. ප්‍රවීනයෙකු වූ ඔබේ අඩවියට පිවිසුනත් මම දුටු විශිෂ්ඨ බ්ලොග් එකක්. පහ දහය වෙනකං ඇදගෙන යන්න හැකිවේවා. සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. “ඔබේ අඩවියට මෑතකදී පිවිසුනත් “ වශයෙන් නිවැරදි විය යුතුය.

      Delete
    2. බලමු බලමු.. දැන්නම් ටාර්ගට් නෑ.. පුළුවන් තරමක් ලියනවා..

      තැන්කිවු මචෝ..

      Delete
  22. උණුසුම් සුභපැතුම් දිනේෂ් අයියේ!

    පුබුදුගේ කතාව මම දැනගෙන හිටියෙ නෑ. ගොඩක් දුකයි මේ සටහන දැක්කම. ඉතින්, ලියපන් දිගටම. මම බ්ලොග් ලෝකෙ දැක්ක නිහතමානිම 'පැරණි' බ්ලොග්කරුවො අතලොස්සෙන් කෙනෙක් උඹ. තව අවුරුදු පහක් මේක ඇද්දොත් සුපිරි! ඉන් පස්සෙ තව අවුරුදු දහයක්, තව අවුරුදු විස්සක්. පුබුදු ගැන මතක සටහන නොමැකි තියාගන්න එකම ක්‍රමය ඒකයි.

    ReplyDelete
    Replies
    1. හා හා, උඹ නම් කියයි.. සිද්ධිය ඉතින් උඹ දන්නවනේ..

      බලමු බලමු.. ටැන්කිවු වේවා..

      Delete
  23. පස් වසරට සුබ පැතුම්.
    පුබුදුගෙ කතාව අහල නං කදුළුත් පැන්නා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  24. අවුරුදු පහට සුභ පැතුම්..
    දිගටම ලියමු......!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  25. දිනේෂ්,අවුරුදු පහට සුබ පැතුම් !

    පහුගිය ටික කාලෙක ඉඳන් උඹ ජිවිතේ ගැන කතා කරන්නේ කිසියම් කලකිරීමක් ඇතුව වගේ කියලායි මට නම් පෙනෙන්නේ.එහෙම කලකිරීමක් නැතුව ජිවිතේ දිහා බලන්න උත්සහා ගනින්.උඹට එක පුළුවන් කරන්න.උඹට පුළුවන් තරම් කාලයක් මේක "වර්ණ"ගන්වාපන්.ඒ "වර්ණ"වලින් අපිව හිනාස්සවපන්,අඩවපන්,හිතන්න යමක් දීපං.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ගැන කලකීරීමක් නම් නැහැ මචං.. සිද්ද වුන දේවල් එහෙම උනේ ඇයි කියන එක ගැන අසතුටින් හිටියේ.. දැන් නම් ඒ ඔක්කොම හරි.. ජීවිතේ කියන්නේ ඒකනේ බං..

      Delete
  26. සුබ පැතුම් දිනේෂ්!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රවී අයියේ..

      Delete
  27. හදවතින්ම සුභපතනවා දිනේෂ්... මලය සම්බන්ධයෙන් මගේ බලවත් කණගාටුව...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සජ්ජා..

      Delete
  28. අවුරුදු 5 ක් ලියනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. මම පටන් ගනිද්දි කල්පනා කලේ අවුරුදු 3 ක් ලියලා නතර කරන්න. දැන් ඒ ඉලක්කය සම්පූර්ණ වෙලා තියෙන්නෙ. ඒත් කාමරේට එන යන උන් බ්ලොග් එක ජනසතු කරගෙන ඉන්න නිසා නවත්වන්න දෙන්නෙ නෑ...ඒ නිසා දැන් හිතාන ඉන්නවා 5 න් නවත්තන්න...එ්කත් කරන්න ලැබේවිද කියලා සැක හිතෙනවා. 5 ට සුභ පැතුම් මලයො...හැකි වෙලාවට යමක් කොටන්න...

    ReplyDelete
    Replies
    1. කාමරේ වහන්න නම් අපිත් ඉඩ දෙන්නේ නෑ.. වෙලාව හොයාගන්න තියෙන අමාරුව නම් ඉතින් හිතාගන්න පුලුවන්.. ඔන්න ඔහේ පුළුවන් හැටියකට ඇදන් යමු අයියේ.. කවද හරි ඉතුරු වෙන්නේ මේ ටික තමයි..

      Delete
  29. පහට සුබ පැතුම්,,, අනේ නවත්තන්න එපා,, මාසෙට දවසක් හරි අර අමුතු කෙටි කතාවක් ලියලා යන්න,,, රිප්ලයි කමෙන්ට් නැතත් කමක් නෑ,, දිනේෂ්,, අතාරින්න එපා මේක,, මලයා වෙනුවෙන් සහ අපි වෙනුවෙන්,

    ReplyDelete
    Replies
    1. දැනට හිතන් ඉන්නෙ නම් ඒ විදිහට කරන්න තමයි.. ලියන එකෙන් ඈත් වෙන්න බෑ බං කොහොම කිවුවත්..

      Delete
  30. හැම හමුවීමකටම නියමිත අවසානයක් ඇත්නම්
    සේරුන් වුව ගයනා ගීයට විරාමයක් දේනම්
    මට කුමටද තව පසු වදනක් ඔබගෙන්....

    එහෙම කියන්නේ කෙල්ල තරහ වුනහම විතරළු.බ්ලොග් ලියනකොට ඒක අදාල වෙන්නේ නෑළු.ඒ නිසා පවුලක් පන්සලක් වෙලා ළමයි 5-6 දෙනෙක් හම්බවෙනකම් මේ අඩවිය වර්ණ ගන්වන්නම වෙනවළු.

    සුභපතනවා දිනේශ් දීර්ඝ ගමනකට....ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ආ බොල, යකඩෝ අච්චර හරියකුත් කරන ගමන් බ්ලොග් ලියන්න වෙලාව තියෙයිද කියලයි ශුවර් නැත්තෙ.. හෙහ්..

      තැන්ක්ස් බං..

      Delete
  31. Unusum suba pathum machan...
    Blog ekak adagena yanawa kiyanne lesi wedak nemei.
    Puluwan welawata liyapan, nathuwama innawata wadâ êka hondaine...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අයියේ.. අත ඇරල දාන්න හිත දෙන්නේ නෑ..

      Delete
  32. මගේ ආදර සුබ පැතුම් මල්ලී. මමත් ඉඩ ලැබෙන වෙලාවට මේ අඩවියේ ලස්සන කෙටි කතා කියවනවා. ජය !

    ReplyDelete
    Replies
    1. අයියා මගේ කෙටි කතා වලට කැමතියි කියලා දැනගත්ත එක මට අනික් හැමදේටම වැඩිය සතුටක්.. ගොඩක් ස්තූතියි අයියේ..

      Delete
  33. තවත් දිගු කාලයක් ලියන්න ධෛර්ය ශක්තිය ලැබේවා....!

    ReplyDelete
  34. බ්ලොගේ නම් නවත්වන්න එපෝ... පොස්ටුවක් දන්නෙ කවද්ද අනිවාර්යෙන් ඇවිත් කියවනව.මොකද වර්ණ අය්ය ලියන විදිහට මම ආසයි.තවත් දිග කාලයක් ලියන්න මගෙනුත් උණුසුම් සුබපැතුම්. :) :)

    ReplyDelete
    Replies
    1. ඉඩ ඇති විදිහට ලියන්නම්..

      තැන්කිවු තැන්කිවු..

      Delete
  35. සුබපැතුම් දිනේෂ්.
    බ්ලොග් එකක් අවුරුදු පහක් අදිනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ.

    ReplyDelete
  36. සුභ පැතුම් මලයණ්ඩි.... තවත් අවුරුදු ගානක් ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  37. සුබ පැතුම් දිනේෂ්....දිගටම ඉඳ හිටලා හරි එන්න කියල ඉල්ලා හිටිනවා. මේ බ්ලොග් ලෝකේ දැන් මහා පාලු ගතියක් දැනෙන්නේ...දන්න කියන ය අතලොස්සයි ලියන්නේ

    ReplyDelete
  38. Man Asai oya liyana awa kiyawanna.

    ReplyDelete
  39. හුගක් පරක්කු උනා නම් තමයි.

    ඒත් හදවතින්ම සුභ පතනවා අයියා..
    අයියගෙ බ්ලොග් එකටත් අයියගෙ ජීවිතේටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්