Thursday, 4 June 2015

තාත්තා

මම ඇගේ දෑස් දිහා බලාගෙන හිටියා. ඇයට තිබුනේ කෝල හිනාවක්. මම ඒ දිහා ආසාවෙන් බලාගෙන හිටියා. හුඟක් දේවල් හංඟාගෙන ඉන්න උත්සාහ කරන ඒත් රහසින් වගේ කතා කරන ඇස් වල තිබුනේ හැමදාම තිබුන ලස්සනමයි. කිසිම දවසක පොඩ්ඩක්වත් අඩුවක් නැතුව ඒ ලස්සන ඒ විදිහටම රැදිලා තිබුනා. හැමදාටම එහෙම වෙනවනම් කියලා හිතෙද්දී හිතට ආව දුක නතර කරගත්තේ අමාරුවෙන්. ඒ, ඇයට ඒක නොදැනෙන්න ඕන නිසා.

ඇය හිටියේ ඇය කැමතිම ලෝකයේ හිරවෙලා. ඒක මම හොදින්ම දන්නවා. මට ඇයට බාදාවක් වෙන්න ඕන වුනේ නෑ. ඒත් ඒ හුස්ම මගේ ලගට දැනෙන හැම වෙලාවකම මාව ඇගෙන් ඈතට අරගෙන යන්න කොහොත්තම පුළුවන් කමක් තිබුනේ නෑ. ඉතින් මම බලාගෙන හිටියා. මම දකින්න ආසම කරන ඒ හිනාව දිහා.

ජීවිතය හරියට හීනයක් වගේ. ගෙවිලා ගිය අවුරුදු කීපය ඒ තරම්ම දිගු නොවුනත් අමතක කරන්න බැරි මතකයන් කොයිතරමක් හිතේ එකතුවෙලාද කියලා ඇය කොහෙත්තම නොදන්නවා ඇති. ඒ ඇස්, හැම වෙලාවකම අහසක් තරම් මතකයන් ගොඩක් හිත ලගට එකතු කරන්නේ හරියට හීනයක් වගේ.

" තාත්තී, කෝ හරියට ඉන්නකෝ."

ඇගේ මිහිරි හඬින් කෙරුන තරවටුවත් මුවඟට ගෙනාවේ හිනාවක්. තරහින් වගේ මගේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ඇය ආපහු හැරුණේ ඇගේ ලෝකයට. ඒ, ඇය මෙච්චර වෙලා මහන්සියෙන් කර කර හිටිය වැඩේට. ඇයට අවනත උන මමත් ඇයට ඕන කරන විදිහටම ඈ ලගින් හිටියේ, ඒ හැම දේකම මම නොහිතන නොපතන තරමේ සතුටක් හැංගිලා තිබුන නිසා.

කාලය ගෙවුනා. වෙනදා වගේම. ඇස් වලින් වැටෙන්න ගිය කඳූළු බින්දූ හංඟගෙන මම ඒ හුරතල් මුහුණ දිහා බලාගෙන හිටියා. අවසානයේ ඇය නතර වෙලා මං දිහා බලාගෙන හිනාවුනා. ඒ ඇයි කියන්න මම හොදටම දන්නවා වුනත් කිසිම දෙයක් නොදන්නවා වගේ මම ඇය දිහා බලාගෙන හිටියා.

" ඇයි?"

මගේ ප්‍රශ්ණේට උත්තරයක් නොදි ඇය තවත් හිනා උනා. ඒ සිඟිති හිනාව ගේ පුරාම පැතිරිලා යන්න ඒ හැටි වෙලාවක් ගෙවුනේ නෑ. මගේ අතින් අල්ල ගත්ත ඇය ආලින්දය අතරින් මාත් එක්කම ගිහින් නැවතුනේ කන්ණාඩියක් ඉස්සරහා. මොහොතකටවත් නොනැවතුන ඇගේ හිනාවෙන් ආලින්දයම පිරිලා යද්දී මම කන්ණාඩියෙන් බලාගෙන හිටියේ ඇය දිහා.

" බලන්න."

හුඟ වෙලාවකට පස්සේ ඇය කන්ණාඩියෙන් මාව පෙන්නුවා. ආලේපන වලින් පිරිලා තිබුන මූණ මම හිතුව තරම් අපිලිවෙලකට තිබුනේ නෑ. පිටතට නොයන්න ගෑවුන තොල් ආලේපන වගේම ඇස් ආලේපන දිහාත් මම බලාගෙන හිටියේ සිනහවකින් වගේම සතුටකින්. නිතරම මගේ නළලට වැටෙන කෙස් රොද ඈ නිල් පැහැයට හරවලා.

" ලස්සනද?"

ඇය මගෙන් ඇහුවා. මම බොරු අකමැත්තක් මුණේ මවාගෙන ඈ දිහා බැළුවා. හැමදාම හැම මොහොතක්ම මාත් එක්ක හිටිය නිසාමද කොහේද ඇය මගේ බොරු අකමැත්ත තේරුම් ගත්තේ. ඇය ආපහු හිනා වුනා. කලින් වතාවටත් වැඩියෙන්.

මගේ අත අතඇරලා දුවපු ඇගේ පස්සෙන් මාත් දුවගෙන ගියා. ඇයට නවතින්න ඕනකමක් නොතිබුන ගානයි. හිතේ හැටියට දඟකාරකම් වලට ඉඩදීලා මම ඇගේ පස්සෙන් දුවන් ගියා.

" අම්මී බලන්න යමු."

ඇය හිටිහැටියෙම නතර වුනා. හිනාව ඒ මුණේන් නැති වෙලා ගිහින් තිබුනේ හරියට අමාවක අහසක් ගානට. ඇස් වල තිබුන වේදනාව දිහා මම බලාගෙන හිටියා. මට ඒකෙන් පැනලා යන්න පුළුවන් කමක් තිබුනේ නෑ. මෙච්චර වෙලාවක් තිබුන සතුට හරියට හොරු අරගෙන ගියා වගේ මට දැනුනේ.

" හා, අපි යමු."

මම ඇගේ අතින් අල්ලගෙන කිවුවා. මම දන්නවා මේ දුක අමතක වෙලා යන්න මට වෙන කරන්න පුළුවන් දෙයක් නැහැයි කියලා. ඇයත් එක්ක ගෙදරින් පිට වෙන්න ආවේ ඒ දුක ඒ කඳුළ ඇයට නොපෙන්න හිත ඇතුලෙම තද කර ගෙන.

" මෙහෙමද යන්නේ?" වාහනේට නඟින්න යද්දී ඇය මගේ අත තදින් අල්ලලා නතර කලා.

" ඇයි?"

" මෙහෙම?"

ඇය හිනාවෙන ගමන් අතින් මගේ මුණ පෙන්නුවා. ඇය මෙච්චර වෙලාවක් මුණට එකතු කරපු ආලේපන මතකෙට ආවේ ඒ වෙලාවෙයි. ඒත්, මගේ හිත ඒකට වැඩිය ඕන කමින් බැළුවේ ඇගේ හිනාව දිහා. මොහොතකට  කලින් තිබුන වේදනාව හැම එකක්ම ඇයටත් අමතක වෙලා ගිහින්.

" කමක් නෑ, අපි මෙහෙම යමු."

මම ඇයවත් නංවාගෙන වාහනයට ගොඩ වුනා. වෙන කිසිම දෙයක් ගැන කල්පනාවක් නොතිබුන ඇය බලාගෙනම හිටියේ මං දිහා. වාහනය පදවගෙන ආවට අපේ ගමනට කිසිම විදිහක කලබලයක් තිබුනේ නෑ. විශේෂයෙන්ම මට.

" අම්මීට මොනවා හරි ගෙනියමු."

" හ්ම්ම්, මොනවද?"

" රෝස මල්."

" හා."

මම වාහනය මල් අලෙවිසැලක් ලග නතර කලා. වාහනෙන් බැහැපු ඇය මටත් කලින් දුවලා ගියේ මල් තෝරන්න. ඇයට හිතේ හැටියට ඒකට වෙලාව දුන්න මම හෙමීට වාහනෙන් බැහැලා ආවේ ගෙවීම කරන්න. ඔහු මං දිහා බලලා එක පාරටම හිනා වුනා. ඒ හිනාවේ තේරුම මම දන්නවා. ඊට පස්සේ ඒ හිනාව හංඟගන්න ඔහු අසාර්ථක උත්සාහයක යෙදුනා. ඒත් ඒ ගැන නොහිතා මම බැළුවේ ඇය දිහා.

" තෝරගත්තද?"

" ඔවු, මේක හොදයි."

රෝස මල් වලට සල්ලි ගෙවලා මම ඇයත් එක්කම වාහනේට නැගලා ආවා. ඇගේ හිත ඒ ගමන නතරවෙලා තිබුනේ රෝස මල් ලග. හෙමින් හෙමින් හැම එකකම සුවඳ ඇය හොයනවා. බොහෝම සිනිදුවට රෝස පෙති අතගානවා. අපි අතර ටික වෙලාවක් යනකන් රැදුනේ නිහැඬියාවක්. හැමවෙලාවකම වගේ මට ඇය ඉන්න ලෝකෙට බාධා කරන්න ඕන වුනේ නෑ. ඒ හන්දම මම නිහඬවම වාහනේ පදවගෙන ගියා.

" අපි ආවා."

ඇය හදිස්සියෙම වගේ කෑ ගැහුවා. කල්පනාවෙන් මිදුන මම ඒ සද්දෙට තිගැස්සුනාම ඇය හයියෙන් හිනා වෙන්න ගත්තා. 'දඟ කෙල්ල' හිතින් මම එහෙම කියාගෙනම වාහනෙන් බැස්සා. වෙලාවක් ගැන කල්පනාවක් නැතුව ගෙදරින් පිට වුනාට පාසලේ විවේක කාලය කියලා දැන ගත්තම හිතට දැනුනේ සැහැල්ලුක්. නැත්නම් ඇයට අම්මව බලන්න තියෙන ඕන කම තව හුඟක් වෙලා හිතේ තදකරන් ඉන්න වෙනවා.

පාසලට ඇතුල් වෙද්දීම එක්කෙනා දෙන්නා ආයාසයෙන් වගේ මං දිහා නොබලා ඉන්න උත්සාහ කරන්න හේතුව මම දන්නවා. ඇයත් කිසිම ගානක් නැතුව හිනා වෙවි මං දිහාම බලාගෙන හිටියා. ඒ, ඇගේ අතේ තිබුන මල් පොකුර ආදරෙන් පරිස්සම් කරන ගමන්.

කොරිඩෝව දිගේ ඇවිදන් යද්දි මගේ අතින් අතඇරපු ඇය දුවලා ගිහින් නතර වුනේ අම්මා ලග. මගදිම කෙටි පණිවිඩයක් යැවුව නිසාම ඇයත් අපි එනකන් මග බලාගෙන.

" මයිකල්, මේ මොකද?"

" ඔයාගේ දුවගේ වැඩ තමයි ඉතින්."

" හයියෝ, මකාගෙන එන්න එපැයි ළමයෝ. හැමෝම බලනවා."

ඇත්ත, කොරිඩෝවේ හිටිය ඇතැමෙක් වෙනදටත් වැඩිය ඕනකමින් අපි දිහා බලාගෙන හිටියා. විශේෂයෙන්ම මං දිහා. ඒත් ඒ එකකටවත් වැඩිය මට බැළුවේ ඇගේ මුහුණ දිහා. ඒ සිඟිති හිනාව තාමත් මුණේ ඒ විදිහටම ඇදිලා තියෙනවා. ඔවු, මට ඒක වටිනවා. මේ ලෝකේ අනිත් හැම දේකටම වැඩිය. මොකද, මම ඒ හිනාව සදාකල්ම දකින්න තරම් පිං කරලා නැති නිසා. මේ ගෙවෙන්නේ ඒ හුරතල් ජීවිතේ අන්තිම දවස් කීපය කියලා නොදන්න ඕනම කෙනෙක් මට හිනා උන දෙන්. ඒත් මම බලන්නේ ඒ හුරතල් හිනාව දිහා විතරමයි...




60 comments:

  1. හැමදාඑ වගේ සුපිරියට ලියල තියනවා...හිතට හොදටම වැදුණා...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මලයා..

      Delete
  2. අර අම්මව බලන්න යන්න රෝස මල් ගන්න යන තැනදී හිත චුට්ටක් නැවතුනා වගේ උනා අන්තිමට ඉස්කෝලෙට යන්නේ කියල කිව්වම තමයි හුස්ම ටිකක් වැටුනේ

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවේ සොහොන් කොතක් ලඟට යයි කියලා. නමුත් කතාවේ අවසානයට ආවාම ආපහු අර හැඟීමම ආවා.

      Delete
    2. කියාගන්න බෑ, අම්ම ගැනනම් හරි.. ඒත් කතාවේ අන්තිමට හරියට හිතට ඇවිත් නෑ වගේ.

      Delete
    3. ඩූඩ් අයියා කතාව ලගට ඇවිත් තියෙනවා..

      Delete
    4. තේරුනා ඔයා එහෙම කිව්වම තමයි තේරුනේ

      Delete
    5. හා හා, එහෙනම් කමක් නෑ..

      Delete
  3. එල ද බ්‍රා..
    මටත් පොඩි මෙන්ඩාගේ සතුට හැර වෙන කිසිම දෙයක් වටින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හැම තාත්තා කෙනෙකුටම එහෙම තමයි මෙන්ඩයියේ.. අපිත් තාම බැඳලා නැති උනාට ඉතින් අයියලගේ අක්කලගේ ලමයි ලගදි අපිත් එහෙමම තමයි..

      Delete
    2. එහම හරියන්නෙ නෑ ඉක්මනට වෙඩිං කෙක් කෑල්ලක් කලා ගල අරක්කු ටිකක් බොන්න ලැහැස්ති කරපන්

      Delete
    3. හෙහ් හෙහ්. බලමු බලමු. දැනට කිසිම එහෙම අදහසක් නැත.

      Delete
  4. ඇත්තටම අවසානය වෙනතුරු පොඩි බයක්, සැඟවුණු දුකක් එක්ක කියෙව්වේ. සුඛාන්තයක් දැකීම සතුටක්. ඇයි සුරතල් සිනාවල අවසන් දින කීපය කියන්නෙ. බබා ඉස්කෝලෙ යන්න ගන්නවද? තාත්තා රට යනවද? එතනදි පොඩි දුකක් එකතුකරලා.

    ReplyDelete
    Replies
    1. // ගෙවෙන්නේ ඒ හුරතල් ජීවිතේ අන්තිම දවස් කීපය කියලා නොදන්න ඕනම කෙනෙක් මට හිනා උන දෙන්//
      මදාවි, උඹ මේක දැක්කේ නැද්ද...?

      Delete
    2. මදාවියා, සුඛාන්තයක් මේ කතාවේ නැහැනේ බං.. උඹට පොඩි තැනක් ඔළුවට හරියට ඇවිත් නෑ.

      Delete
    3. ලොකු අයියේ, මදාවියා ඒක දැකලා තියෙන පාටයි..

      Delete
  5. // ගෙවෙන්නේ ඒ හුරතල් ජීවිතේ අන්තිම දවස් කීපය කියලා නොදන්න ඕනම කෙනෙක් මට හිනා උන දෙන්//

    ReplyDelete
    Replies
    1. දරුවෙක් තමන්ගෙන් ඈත් වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන දෙමවුපියන්ට අවට දේවල් ගැන එච්චර හිතන්න ඕන කමක් නෑ.. දරුවා ගැන විතරනේ බලන්නේ..

      Delete
  6. මේ කෙටි කතාව මගේ සිත් ගත්තා . ඇත්තෙන්ම ඒක කෙටියි. අපුරුයි. ඒ වගේම ජීවිතේ පුංචි කොටසක් මැග්නිෆ්යි කරවනවා. සිද්ද්දියට පෙර හා පසු කාල ගැන හිතන්න දෙයක් ඉතිරි කරනවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියයි අයියේ.. අයියගෙන් මෙහෙම ප්‍රතිචාරයක් ලැබීම ගැන සතුටුයි මම..

      Delete
  7. // ගෙවෙන්නේ ඒ හුරතල් ජීවිතේ අන්තිම දවස් කීපය කියලා නොදන්න ඕනම කෙනෙක් මට හිනා උන දෙන්//
    මෙහෙම දෙයක් දැනගෙන ඒ පුංචි හිනාව දිහා බලන් ඉන්න මේ වගේ දේකට මුණ දෙන්න වෙච්ච අම්ම කෙනෙකුට, තාත්ත කෙනෙකුට මොන තරමක් අමාරු ඇතිද... :(

    ReplyDelete
    Replies
    1. ඔවු ලොකු අයියේ, ඒත් අවාසනාවකට වගේ ඒ දේට මූණ දෙන දෙමපියොත් අපි අතර ඉන්නවනේ.. ඇත්තටම ඔවුන් කරන ඒ කැපකිරීම් අගය කරන්න තරම් වචන නෑ..

      Delete
  8. යූ ටර්න් දෙකක් - එකම කතාවක.

    කතාව මැදදි අම්මව බලන්න රෝස මල් ගන්න ගිහින් එක යූ ටර්න් එකක් ගහලා හුස්ම හිරවෙන්න ඔන්න මෙන්න තත්වෙට ගෙනිහින් ආපහු ගොඩ දැම්මා.

    ඒ සන්තෝසෙට ආපු ගැම්ම එක්ක කියවාගෙන යද්දි අන්තිමට ආපහු යූ ටර්න් එකක් ගහලා පාරෙන් පිටට තල්ලු කරලා පතුලක් පේන්නෙ නැති ප්‍රපාතෙකට තල්ලු කරල දැම්මා.

    උඹ නං යකෙක් යකෝ. මේ බලපිය කඳුළු.

    ReplyDelete
    Replies
    1. පළවෙනි යූටර්න් එක එහෙම නෙමෙයි ලියන්න මුලින්ම හිතුනේ.. ඒත් එකම කතාවේ ප්‍රපාතයන් දෙකක් තියෙන්න අරින්න හොද නෑ කියලා හිතුනා..

      දෙවනි එක කතාවෙන් මට කොහොමත් කියන්න ඕන කරපු දේ.. ඒ දෙමව්පියන්ගේ කැපකීරීම්, කඳුළු හංඟගෙන ලෝකෙට හිනාවෙන්න ඒ අයට කොයි තරම් නම් ශක්තියන් නම් තියෙන්න ඕනද කියලා හිතා ගන්න අමාරුයි..

      Delete
    2. බස්සි කමෙන්ට් එක දාලා ..

      නියමයි දිනේෂ්

      Delete
    3. දැන් දෙන්නටම එකම දේවල්ද හිතෙන්නේ එතකොට.

      Delete
  9. ආයේ සැරයක් හිමින් හිමින් කියවන්න ඕනේ! පිස්සු පීකුදු වගේ...

    ReplyDelete
    Replies
    1. හා හා, නිදහසේ කියවලා ඉදින්කෝ එහෙනම්..

      Delete
  10. තවම ඇඩේනවා යකූ... පට්ටයි

    ReplyDelete
    Replies
    1. තැන්කියු වේවා.

      Delete
  11. කතාව කියෝගෙන එද්දී අපි ඉබේම චිත්‍රපටි හිතෙන හදා ගන්නවා ඒත් බස්සි කිවුවා වගේ උඹ නම් යකෙක් .

    1.කියෝගෙන එද්දී මං හිතුවේ අම්මා තාත්තා ඩිවෝස් කියලා
    2. ආයේ හිතුවා අම්මා පිළිකා රෝහලේ කියලා.

    මේක වෙන්න ඕනේ මං ඔයාගේ කියෝපු උපරිම ම කථාව. ඔයා ගොඩක් දක්ෂ කෙටිකතා කාරයෙක් වෙලා දිනේෂ් . මං කමෙන්ට් කරන්නේ එකෙන්ම දැනෙන දේ .ජය !!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු බන්ස්. මේක මේ අහම්නෙන් වගෙ හිතට ආව කතාවක්. එවෙලෙම ලියලා දැම්මා. අම්මා ගැන නම් හිතාගෙන හිටිය දේවල් කතාව මගදී වෙනස් කලා. මගේ හිතේ එහෙම කරපු එකෙ අවුලකුත් නැහැ වගේ.

      Delete
  12. කතාවත් කියෙව්වා කොමෙන්ට් ටිකත් කියෙව්වා ...... එල කතාවකට හොඳම කොමෙන්ට් ටිකක් ඇවිත් නිසා සද්ද නැතුවම යමි...... බට් පට්ටේ උපරිමයි පුතෝ.......

    ReplyDelete
    Replies
    1. අඩේ සද්ද නැතුව යන්නේ මොනා හරි කියපන්කෝ.

      Delete
  13. නියමයි දිනේෂ්. හරිම අපූරුවට මේ කතාව ලියලා. මාත් හිතුවෙ රෝස මල් ගද්දි අම්මගෙ සොහොන් කොත ළඟට යනවා කියල. අන්තිම වාක්‍යයෙන් තමා තේරුණේ සිද්දිය. නියමයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කියු මචෝ. අන්තිම වෙනකම් කතාවේ හිතන්න දෙයක් ඉතුරු වෙන එක හොදයිනේ ඉතින් කම්මැලි නැතුව කියවන්න.

      Delete
  14. //මම ඒ හිනාව සදාකල්ම දකින්න තරම් පිං කරලා නැති නිසා. මේ ගෙවෙන්නේ ‘මගේ‘ ඒ හුරතල් ‘දෝණි‘ ජීවිතේ අන්තිම දවස් කීපය// මේ කතාව මෙහෙම වෙනස් උනාම හරිද?

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, එහෙම උනාම හරියටම හරි.

      Delete
  15. මේ කතාව කියවගන යද්දි මම එක, එක විදියට කතාවේ අන්තිම මවාගෙන කතා ගොඩක් හැදුවා. දෙවෙනි පාර කියවද්දි තමා දැක්කේ...

    තාමත් හිත තියෙන්නේ කතාවේ...හරිම අපූරුයි දිනේෂ් .

    ReplyDelete
    Replies
    1. එහෙම දෙතුන් ගමනක්ම කියවන්න හිතුන එකම ඉතින් මට සතුටක්.

      තැන්කියු තැන්කියු අක්කෝ.

      Delete
  16. ඇඬෙන්න ආවා දිනේෂ්​, කතාවේ එන ළමයගේ අනුමානික වයසට සමාන වයසක දුවෙකුගේ ආදරයක් මා ලබනවා. කතාව හැඟීම්බර බව ඒ තරම් මට දැනෙන්න ඇත්තේ ඒ නිසාම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, තාත්තා කෙනෙක් නොවුනත් ඒ හැඟීම මටත් තදින්ම දැනෙන එකක්..

      Delete
  17. තිතටම හිතට වදිනවා දිනේශ්. බස්සි කියුවා වගේ U ටර්න් දෙකක්.. සුපිරියි.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු කමියෝ..

      Delete
  18. දුකම දුක හිතෙන නිර්මාණයක් . මේකට සම්බන්දයි කියලා හිතෙන නිසා මගෙ පෝස්ට් එහෙකුත් මේත් එක්කම ඇඩ්ඩ් කරන්නම් බලන්න
    http://nihandasiththaraawi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ති, ඔයගේ කතාව කියවන්න ඉස්පාසුවක් ලැබුනේ දැනුයි..

      Delete
    2. කමියෝ, ඒක වැටක් ගහන්න වටින නිර්මාණයක්ම තමයි.. මම මේ කියවලා එන ගමන්..

      Delete
  19. පිටකොටුවට යන්න මාතර ඉඳන් ගාලු පාරෙ ඇවිත් කොල්ලුපිටියෙන් ඩුප්ලිකේෂන් පාර දිගේ ආයෙත් බම්බලපිටිය පහුකරන් සැවෝයි එක ඉස්සරහට ඇවිත් හරස් පාරකින් පාමංකඩට දාලා කළුබෝවිලින් නුගේගොඩ ගිහිං දෙල්කඳහන්දියෙන් රත්තනපිටියට ඇවිත් එතනින් පිළියන්දල කැස්බෑව හරහා කහතුඩුවෙන් හයිවේ එකට දාලා කොට්ටාවෙන් එක්සිට් වෙලා 138 බස්එකක් පස්සෙන් පිටකොටුවට කිසිම කම්මැලි කමක් නැතුව ආවා වගේ හැඟීමක් දැනුනා

    ReplyDelete
    Replies
    1. අම්මපා බොල මගේ ඔළුවත් මඤ්ඤං වෙනවා..

      Delete
  20. මට නම් එක පාරටම මේක අල්ල ගන්න ලැබුනේ නැහැ බං.අර උඩ කියාගන්න බෑ කියනවා වගේ මම හිතුවෙත් මුලින්ම අම්මා මියගිහින් කියලා.අර ඩුඩ්යියා කියන්න වගේ යන්නේ සොහොන් කොතක් ගාවට කියලායි හිතුවේ.

    පොඩි කෙලිට මොකක් හරි අසනීපයක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං, කෙල්ලට කැන්සර් එකක්.. ඒකයි අන්තිම දවස් කියලා මම කිවුවේ..

      Delete
  21. අන්තිම ටික කියවන කල් මෙහෙම දෙයක් කියල හිතුනෙම නෑ. නියමයි මල්ලි

    ReplyDelete
    Replies
    1. තැන්කිවු අයියේ..

      Delete
  22. අපූරු කතාවක් මල්ලි...කාලෙකට පස්සෙ කියවපු පපුව ඇතුලටම වැදුනු කතාවක්...

    ReplyDelete
    Replies
    1. රවි අයියගේ හිතට වදින්න ලියන්න පුළුවන් උන එක ගැන ඇත්තටම සතුටුයි..

      Delete
  23. මමත් මුලින් හිතුවේ අම්මයි තාත්තයි ඩිවෝස් කියලා. පස්සේ රෝස මල් ගන්න ගනිද්දී හිතට ආවේ අම්මා මේ ලෝකේ නැතුව වත්ද කියලා... ඒත් අන්තිමේදී වුන දේ කියෙව්වහම හිතට ආවේ පුදුම සතුටක්..

    ඇත්තමයි දිනේෂ් මේක සුපිරියි....

    ReplyDelete
    Replies
    1. අපි බලාපොරොත්තු නොවෙන හුඟක් දේවල් වලට අපිට මුණ දෙන්න වෙනවනේ.. මේකත් අන්න ඒ වගේ දෙයක්..

      Delete
  24. නියමයි දිනේශ් අයියෙ. සෑහෙන්න කාලෙකිං මේ පැත්තෙ ආවෙ. අයියා ගෙ කතා කියවන්න ඇත්තටම හරි ආසයි! එදා තිබ්බ රහ තව වැඩි වෙලා දැන්.
    ~ ආගන්තුකයා

    ReplyDelete
    Replies
    1. උඹලා ඉතින් දැන් වෙනදා වගේ ලියන්නේ නෑනේ..මේ පැත්ත නම් ඉතින් කවදත් ඕපන්..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්