Wednesday, 17 June 2015

හන්තාන සිහිනේ



රොබරෝසියා මල් වැටුන පුංචි පාර දිගේ මම හෙමිහිට ඇවිදන් ආවා. හිතේ තිබුනේ පුදුමාකාර විදිහක සතුටක් වගේම නිදහසක්. සරසවි ජීවිතේ මුල් කාලය පහුකරමින් හිටිය නිසාමද මන්දා ඒ තරම් වගකීමක් හිතට නොදැනුනේ. ඒ හන්දම වෙන්න ඇති සුන්දර හන්තානට හිතේ හැටියට පෙම් කරන්න පුරුදු වුනේ. ඒක ඇත්තටම හරියට හීනයක් වගේ. මට නිතරම දැනුනේ මම හීනයක් අතර ජීවත් වෙනවා වගේ. එක ලස්සන සුන්දර හීනයක්.

පාරේ ඈත කෙලවරින් ඇවිදන් ආව ඔහු මගේ මතකය කල්පනාව හරි
ඉක්මනට මගෙන් උදුරලා ඈතට අරන් ඔහු ලගම නතර කර ගත්තා. හරියට මායාවක් වගේ. එක අතක හිර වුන මහා බරසාර පොත් මිටිය එක්ක ඔහු ඇවිදන් ආවේ ඔහුගේම කල්පනාවක. උපැස් යුවලට යටින් ඒ ඇස් දිහා බලන්න හිතුනා. ඒ තරමටම ඒ ඇස් වල තිබුනේ ආඩම්බරකාර ලස්සනක්.

අවුරුදු එකහාමාරක් පුරාවට මේ පාරේ වගේම නිතරම දේශණ වලදි අපි හමුවුනා. හැමදේකටම වැඩිය මගේ හිත තිබුනේ ඔහු ලග. හැබැයි හුඟාක් රහසින්. දේශණ අතරවාරයේ ඔහුගේ ලෝකයට වෙලා හැංගෙන්න උත්සාහ කරපු වාර ගාන සටහන් පොතේ ලියවිලා තියෙන අකුරු වලට වැඩිය හුඟාක් වැඩියි කියලා විතරක් මම දන්නවා.

ඔහු මාව පහුකරන් ගියා. හරියට හුළඟක් වගේ. මාව දැක්කද, නොදැක්කා වගේ ගියාද? හිතේ කලබලේ දුවන ප්‍රශ්ණ එක්ක මම නැවතිලා  ඔහු දිහා බලාගෙන හිටියා. ඒ පියවර අරමුණක් දිහාවට ඇවිදන් ගියා. ඔහුගේම අරමුණක්. ඒක කොහෙත්තම මම නෙමෙයිද?

බලා වැලපෙමි
නෙළාගනු බැරි
හන්තාන
සිහිනේ...

***

ඒ ඇස්, බොහොම දුරක ඉදන් උනත් අදුන ගන්න පුළුවන් අරමුණක් ඒවයේ හැංගිලා තිබුනේ. සමහරවිට අපේ ඇස් නිතරම මුණ ගැහුන නිසාද දන්නේ නෑ මට ඒක බොහෝම ඉක්මනට තේරුම් ගන්න පුළුවන් උනේ. රොබරෝසියා මලින් වැහිලා ගිය වසන්ත මට අළුත් එකක් නොවුනට මේ වතාවේ එකේ වෙනසක් තිබුනා. ඇත්තටම කාලෙකින් නොවින්ද තරමේ අමුතුම හැඟීමක්.

මම ඒ ඇස් මඟ ඇරලා යන්න උත්සාහ කලා. හැමදාමත් වගේ. ඇයව හමුවීම ඒ තරම්ම අහම්බයක් නොවුනත් මේ දේවල් මඟ ඇරලා යන එක මට ආයාසයක් වුනා. පිණි වැස්සෙන් ඇයව බේරන කුඩය යට හැංගුන ඇස් මොන මොනවද හරි ඉක්මනට කතා කරනවා වගේ පෙනුනත් ඒ දිහා කෙලින් බලන්න තරම් හයියක් මගේ හිතේ තිබුනේ නෑ.

පොත් මිටිය ඇඟිලි වලට තද කරන් ඇය ලගින් නික්මිලා ගියේ කිසිම වෙනසක් නොදැනෙන්න. සමහරවිට ඇයට දැනෙන්නත් ඇති. ඒත් ඒ ගැන හිතන්න තරම් ඕන කමක් මගේ හිතේ තිබුනේ නෑ. ඇය කොහොත්තම නොදකින, දකින්න උත්සාහවත් නොකරන මහා පවුරක් අපි අතර බොහෝම ශක්තිමත්ව තිබුනා. මම හිටියේ ඒ පවුරෙන් එහා පැත්තේ. ඇය, මට තවත් එක ශි‍ෂ්‍යාවක් විතරමයි.

දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන
ළඳුනේ..
සංසාර සිහිනේ...

***

හැන්දෑව වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි. ජීවිතේ තව දකින්න ඉතුරු මොනවද කියලා හිතෙන තරමටම ඇත්තටම ඒ හැම දෙයක්ම සුන්දරයි. ඈත කඳු මුදුන් අස්සේ ඉර හැංගිලා යන්න පටන් ගත්ත වෙලේ ඉදන් හැම දෙයක්ම වගේ හරි අපූරුවට වෙනස් වෙලා යන්න ගිහින්.. මෙහෙම වෙලාව ගෙවෙද්දී තත්පර ගනින්න මම හරි ආසයි. ඒ හැම දෙයක්ම වෙනස් වෙන්නේ හුඟාක් හෙමින් කියලා තේරුම් ගන්න.

තැන් තැන් වල හුදෙකලා උන පෙම්වතුන් ඔවුන්ගේම ලෝක වල තනි වෙලා. දවස තිස්සෙම ගෙවුන දේවල් ගැන කතාකරන්න මොන තරම් නම් දේවල් ඇත්ද? මම, තනි උන හැඟීමක් විතරක් හිතට ලං කරගෙන කෙලවරක වෙලා ඒ හැම දෙයක්ම දිහා බලාගෙන හිටියා. මටත් ඒ වගේ පෙම්වතියක් වෙන්න තිබුනනම්.

මලින් වැහිලා ගිය තණ බිස්ස දිගේ මම ඇවිදන් ගියා. අරමුණක් නැතුව. හැබැයි හැඟීමක් එක්ක. ආදරේ අකුරු කරන්න නොදන්න තරමේ අමුතු දෙයක් නොවුනට ඔහු ලගදි ඒ හැම දෙයක්ම වෙනස් වෙලා ගිහින්. මම නිරුත්තර වෙලා ගිහින්. හිතේ ඉතුරු වෙලා තියෙන්නේ හීනයක් විතරක්ම උනත් හීනය කියන්නේ හැමදාමත් හිතේ තියාගෙන රස විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මගේ හිත දැන් මටම තේරුම් කරලා දෙන්න පටන් අරන්.

වැහි පබළු යට
රඟමඬල මැද
ඔබේ දෑතේ
තුරුලු වෙන්නට...

***

මම ඈත ඉදන් ඇය දිහා බලාගෙන හිටියා. තණ බිස්ස අතර ගමන හරියට භාවනාවක් වගේ. කොච්චර වෙලා බලාගෙන හිටියත් ඈතකට යවන්න බැරි හැඟීම හදවතින්ම තුරුලු කර ගන්න මට ඕන වුනා. ඒත් හැම දෙයක්ම හිතන තරමටම ලේසි නැහැයි කියලා මතක් කරලා දෙන්න තරම් මගේ හිත දැන උගත් වීම ගැන මම හිත යටින් සතුටු වුනා.

කාලය ඔහේ ගෙවිලා යන්න ඇති. ජීවිතෙන් වැඩි කාලයක් තේරුමක් නැතුවම ගෙවිලා ගිහින්. ජීවිතේ කොනක ඉතුරු උන අසාර්ථකව ගිය හැඟීමක් එක්ක පොර බඳින කාලය හුඟාක් වැඩියි  කියලා හිතට දැනුනත් සමහර දේවල් වලින් ඒ තරම් ඉක්මනට පැනලා ගිහින් නතර වෙන්න අමාරුයි. කොච්චර අකමැති උනත්, කොච්චර දරන්න බැරි උනත් හිත හැම වෙලේකම ඒ බර විද දරාගෙන ඉන්නවා.

ඇය, ජීවිතේ එක අන්තයක්. ඒ අන්තය මට ලඟා වෙන්න බැරි තරම් දුර ඈතක එකක් උනත් හිත නිරායාසයෙන්ම ගිහින් නතර වෙන්නේ එතන. ඒ හිත කැමතිම ඒ දේට නිසා වෙන්න ඇති. එක මොහොතකට මට හිතුනේ ඈ ඉන්න තැනට ගිහින් නතර වෙන්න, කතා බහ කරන්න. හරියට අනික් හැම පෙම්වතුන්ම වගේ. ඒත් අපි පෙම්වතුන් නෙමෙයි. එහෙම බැඳීමක් ඇති වෙන්න තරම්වත් පුළුවන් දුරක අපි නොහිටියත් දවසක ඒ අනන්තය ලගට ලං වෙන්න බැරි වෙයිද? ඒත් ඒ වෙද්දී ඇය කොතනක නතර වෙලා ඉදීවිද?

බිසෝ හැරගිය
ළසෝ රඟහල
අමාවක අඳුරේ..
නොයනු මැන
ළඳුනේ...

***

අවුරුදු හතරක් නොදැනිම ගෙවිලා ගිහින්. කාලයත් හරියට මිරිඟුවක් වගේ. ලං වෙද්දී අපෙන් හුඟක් ඈතට අපිටත් නොදැනිම ඇදිලා ගිහින්. උපාධිය ගෙවුන කාලේ මහන්සියට ගෙනාවේ සැහැල්ලුවක් උනාට හිතේ තිබුන නොසංසුන් කම ඊට වඩා තදින් දැනුනා. මම, මගේ දෑස හෙවුවේ ඔහුව. හැමෝගෙන්ම ඈත් වෙලා තනිවෙලා හිටිය ඔහු ලගට මම ඇවිදන් ගියා.

ගෙවුන කාලයෙදී හීනයට යන්තමින් පණ ඇවිත් තිබුනත් ජීවත් වෙන්න තරම් හුස්මක් පිඹින්න ඔහුටත් මටත් පුළුවන් කමක් තිබුනේ නෑ. ඒත් මම බලාගෙන හිටියා. ඔහු ඒ හුස්ම පොද වෙලා එනකන්. ඒ බලාපොරොත්තුව අතරෙන් කාලය හෙමීට පැනලා ගිහින්.

මම ඔහුගේ විඩාපත් මුහුණ දිහා බලාගෙන හිටියා. ඒ ඇස්, වෙනදා වගේම මගෙන් හැංගෙන්න උත්සාහ කලා. මගේම ඕනකමට ඒ ඇස් මගේ දිහාට කරලා නතර කරගත්තේ ආයෙම දුරස් නොකරන්න හිතාගෙන. ඔහු දවසක ඒවි. මගේ හිත අනිත් හැමදෙයකටම වැඩිය තදින් විශ්වාස කලා. මම ඔහුගේ ගොරෝසු අත මගේ හිතට ලං කරලා තදින් අල්ල ගත්තා. ඒ කාලයක් පුරාවට කියන්න බලාපොරොත්තු උන, හිතට බරක් උන ඒ හැඟීමෙන් හිත නිදහස් කර ගන්න.

වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම්
ගී අහන්නම්...

***

ඒ ඇස් වලින් බේරිලා යන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. අනිත් හැම දවසකම ඒක හුඟාක් ලේසියෙන් කලා උනත් අද මට ඒක කොහෙත්තම කරන්න පුළුවන් දෙයක් උනේ නෑ. ඒ වචන වල තිබුනේ මහා බරක්. මටත් දරා ගන්න බැරි තරමේ බරක්. මෙච්චර කාලෙකට ඒ හිත මේ හැම දෙයක්ම හංගගෙන හිටිය හැටි ගැන හිතන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ.

හැම දෙයක්ම අපෙන් ඈත් වෙලා හමාරයි. ඇයත් මමත් තනි උන මොහොතක හැම දේම නතර වෙලා වගේ හැඟීමක් විතරයි හිතට දැනුනේ. කාලෙකට පෙර මංඟල මුදුව ගැලවුන දෑත ඇගේ පපුවට තුරුලු කර ගෙන කඩාගෙන වැටෙන කඳුළු වලට ඉඩ දී ගෙන ඇය බලාගෙන හිටියා. මට ඒ දේ නතර කරන්න ඕන කමක් තිබුනත් හිත මට අවනත නැති තැනකයි හිටියේ.

මට ඇයට කියන්න දෙයක් හිතා ගන්න බැරි උනා. මම කලේ ඒ ඇස් දිහා බලාගෙන ඉන්න එක විතරයි. ඒත් ඒ ඇස් මගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු උනා. මේ මඟහැරෙන්නේ අන්තිම අවස්ථාව කියලා මගේ හිත හොදටම දැනන් හිටියා. එකම එක පුංචි සිතුවිල්ලක මේ අවස්ථාවත් මඟ අරින්න ඕනකමක් හැංගිලා තිබුනත් මගේ හිත මාව ආපස්සට ඇද්දේ මේ හැම දෙයක්ම අතරේ ඇයත් මගේ හිතට හුඟාක් තදින් ලං වෙලා හිටියා නිසා.

සොඳූරු ඒ සඳ
දියේ එන්නම්
ඉඳිනු මැන
සොඳුරේ..

හන්තාන අරණේ....




******



බලා වැලපෙමි
නෙළාගනු බැරි
හන්තාන
සිහිනේ...

දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන
ළඳුනේ..
සංසාර සිහිනේ...

වැහි පබළු යට
රඟමඬල මැද
ඔබේ දෑතේ
තුරුලු වෙන්නට...

බිසෝ හැරගිය
ළසෝ රඟහල
අමාවක අඳුරේ..
නොයනු මැන
ළඳුනේ...

බලා වැලපෙමි....

වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම්
ගී අහන්නම්...

සොඳූරු ඒ සඳ
දියේ එන්නම්
ඉඳිනු මැන
සොඳුරේ..

හන්තාන අරණේ....



ගායනය : පණ්ඩිත් අමරදේව සමග උමාරියා
පද රචනය : ජානක සිරිවර්ධන
සංගීතය : අරුණ ගුණවර්ධන
******




68 comments:

  1. ලස්සන සිංදුවක්

    ReplyDelete
    Replies
    1. සිරාවට.. ඒකනේ මට කතාවක් ලියන්නත් හිතුනේ..

      Delete
  2. පොත් මිටි නැත.
    බැක් පැක් ඇත.

    ReplyDelete
    Replies
    1. ලෙක්චලර්ස්ලා ඉතින් පොත් අතේ අරගෙන එනවායි හිතමි..

      Delete
  3. ගීය සේම ඒ ඇසුරින් ගෙතූ කතාවත් හිතට දැනෙනවා
    ජයවේ දිනේෂ්

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මචෝ..

      Delete
  4. සිංදුවේ ලස්සන මේ පොස්ට් එකෙන් තවත් තිව්‍ර වුනා වගේ...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලානම් සතුටුයි.. ;)

      Delete
  5. දැහැනකට සමවැදුනා වගේ කියවනකොට... ගොඩාක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. සිංදුව අහද්දී මට දැනුනෙත් ඒකමයි..

      Delete
  6. ලස්සනයි........ චරිත දෙකෙහිම නිරුපනය දිනේෂ්....

    ReplyDelete
    Replies
    1. හිත් කතාකරවන එකත් ටිකක් අමාරුයි නේද කියලා හිතුනා මේක ලියන් යද්දී..

      Delete
  7. හරිම සංවේදීයි.හිතට දැනුනා බොහොම.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු අක්කෝ..

      Delete
  8. හරිම ලස්සනයි දිනේෂ්..

    ReplyDelete
  9. කතාව කියවන් එන කොට මට මතක් වුනේ "කුරුටු ගෑ ගී පොතේ" දිලිනිව.

    අවුරුදු කිහිපයක අප්‍රකාශිත ආදරයක් ප්‍රකාශ කරන එක කොයි තරම් අමාරු වැඩක්ද ?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත බං.. හිතේ හැඟීම් හංඟන්න හොද නෑ.. එහෙම උනොත් ඒක ඇත්තටම වේදනාවක්..

      Delete
  10. හිතට වදින හරි අපූරු ගීතයක් ....

    ReplyDelete
    Replies
    1. සිරාවට බං.. සංගීතයත් එහෙමමයි..

      Delete
  11. Full romantic හිහි
    පස්ට

    ReplyDelete
    Replies
    1. ආදරේ කියාගන්න බැරි උනත් ඒකෙත් රොමෑන්ටික් ගතියක් තියෙනවනේ බං..

      Delete
  12. මාත් අහම්බෙන් ඔය සින්දුව ඇහුවා හරිම ලස්සනයි,. ඔයාගේ ලිපියත් අසාවෙන් කියෙවුවා,, එල

    ReplyDelete
    Replies
    1. මටත් මේ ලගදී බුකියේ අහම්බෙන් වගේ මේක අහද්දීයි කතාව ලියන්න හිතුනේ..

      Delete
  13. නොදන්නා නොහඳුනන කෙනෙක්ට ආදරේ පෙන්නන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම කෙනෙක්ට ඉතින් ආදරේ පෙන්නන එකනම් සෑහෙන්න අමාරු වෙයි.. කෙලින්ම කියනවා ඇරෙන්න..

      Delete
    2. //නොදන්නා නොහඳුනන කෙනෙක්ට ආදරේ පෙන්නන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ?//

      මොකෑ නැත්තෙ? ලඟට ගිහින් නැට්ට වනා ගෙන, වනා ගෙන යනවා :)

      Delete
    3. හෙහ් හෙහ්, ඒක ඉතින් හැමතැනටම හරියාවිද කියන එකයි ප්‍රශ්ණේ..

      Delete
  14. ආදරේ ලගදි ඕනෑවට වඩා හිතන්න හොඳම නෑ.ඒ වෙලාවට හිතෙන දේ ඒ වෙලාවට කලානම් ගොඩක් ආදර කතා ඔයිට වඩා ගොඩක් ලස්සන වෙයි.
    ලියවිල්ලනම් පට්ට පට පට...

    ReplyDelete
    Replies
    1. එහෙම කිවුවට බං වෙන්නේ අනික් පැත්තනේ.. කවුරු උනත් ආදරේ ලගදි ඕනවට වැඩිය හිතනවා..

      Delete
  15. “මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා.....“ මේකටත් කතාව ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. ඔවු හැබැයි ඒ සිංදුවේ කෙල්ලගේ පැත්තෙන් හැඟීම ප්‍රකාශ වෙන්නේ නෑනේ..

      Delete
  16. බෝම ලස්සනයි බං.. සිංදුව අහල නෑ අහන්න ඕන. මේ මගුලේ ස්පීකර් නෑනේ බං

    ReplyDelete
    Replies
    1. අපේනං ඉස්පීකර් ඔක්කොම අද ගෙදර.

      Delete
    2. දේශා ලොකුවට අපිට සද්දේ දාන් හිටියට වැඩ කරන තැන සවුන්ඩ් වහලා වගේ.. හෙහ්..

      Delete
    3. මදාවියා, එහෙනම් හොදට ඇති..

      Delete
  17. මෙච්චර කල් මේ සිංදුව අහල තිබ්බට අර්ථය ගැන වැඩිය හිතල නෑ. හරිම ලස්සනයි දිනේෂ්. නියමයි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේකේ හරි සරළ තේරුමක් තියෙන්නේ.. මම හිතන විදිහට.. හැංගිච්ච කතා තියෙනවද දන්නේ නෑ..

      Delete
  18. දිනේෂ් අය්යේ මේ ලිපිය හරිම ලස්සනයි හැමදාමත් වගේ ගොඩාක් ආසාවෙන් කියෙව්ව

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  19. කියාගන්න බැරිවුණ ආදරේ තමා රසවත්ම වගේම උණුසුම්ම.
    සින්දුවත් කතාවත් යනවා නිකං මඤ්ඤොකා නටු මාලෙ වගේ.

    ReplyDelete
    Replies
    1. // කියාගන්න බැරිවුණ ආදරේ තමා රසවත්ම වගේම උණුසුම්ම.//

      සිරාවට බං.. අපිටත් ඉතින් එහෙම එවුවා තිබුනනේ..

      Delete
  20. මගේ නිවස පිහිටා ඇත්තේ හන්තාන කඳුවැටිය සුරත දිගුකොට ස්පර්ශ කල හැකියැයි සිතෙනා මානයේය. ඇත්තවශයෙන්ම සමහර වැසි බර දිනයන්හි සඳළුතලයෙහි ගරාදිවැටට වාරුවී මිහිදුම් සළුතිරෙන් අඩක් වැසුණු හන්තාන කඳුවැටිය දෙස බලාසිටිද්දී මම සුරත දිගුකොට ඒ වළාපෙල පිරිමදින්නට තැත්කලේ වරක් දෙවරක් නොවේ.

    එළෙසම පුරා සඳ පෑයූ නිසසල රාත්‍රිකාලයන්හි සඳරැසින් ඒකාලෝක වූ පහල නිම්නය දෙස සහ නිම්නය අවසානවත්ම උත්තුංග ලෙස නැඟීගත් හන්තාන කඳුපියස දෙස ඇසිපිය නොහෙලා බලා හිඳිමින් හන්තාන පිලිබඳ ලියැවුනු විරහ ගී අසන්නට මම බොහෝ සේ ප්‍රිය කරමි. මේ මෑතක එළෙස බොහෝ වාරයක් මම සමවැදුනු ගීතයකි " බලා වැළපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ." ඉතා හැඟුම්බර වූ එම ගීයට ඔබේ විවරණය විශිෂ්ඨයි දිනේෂ්....

    In one word Simply Brilliant….:)

    ReplyDelete
    Replies
    1. හම්මේ, මෙහෙම කියද්දී ඉරිසියාත් හිතෙනවා රවී අයියේ..

      Delete
  21. Replies
    1. සින්දුව හරියට අහන්න ආස හිතුනෙ කතාව කියෙව්වට පස්සෙ.

      Delete
    2. සිංදුව නිදහසේ අහන්න.. මම ලිවුවට වැඩිය හොද කතා හිතේ මැවේවි..

      Delete
  22. හැමතිස්සේම වගේ වර්ණ බ්ලොග පැත්තට ආවත් අද වෙන්න ඕන පළවෙනියෙන්ම කොමෙන්ට් කරන්නෙ. මේ පෝස්ටුව මගේ බ්ලොග් ෆීඩ් එකේ අප්ඩටෙ වී තිබුණේ නැත. වෙනත් බ්ලොග් එකක අහම්බයෙන් දැකලා තමයි ක්ලික් කරලා බැලුවෙ.

    හරිම ලස්සනට කතාව අකුරු කරලා තියෙනවා. මම මේක කියෙව්වෙ හෙඩ්ෆෝන් කනේ ගහගෙන හන්තාන සිහිනේ අහන ගමන්. අර හැංගිච්ච කතාවක් තියේද දන්නෑ කියපු නිසා මට මතක් වුණේ, කෙනෙක් කිවුවා මේ ගීතය සරච්චන්ද්‍රයන් පිළිබඳ ව ලියවුණා වන්නට පුළුවන් බවක්. හැබැයි ටක්කෙටම දන්නෙ නෑ. අනුමානයක් පමණයි.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, ඒකත් ඉතින් කියන්න බෑ.. හැබැයි මටත් හිතෙන්නේ මොකක් හරි කතාවක් මේකේ ඇතිමයි කියලා..

      Delete
  23. මේ ගීතයේ සංගීතඥයා අරුණ අයියා පාසල් සමයේ සිටම මගේ හිත මිත්‍රයෙක්..වැඩිහිටි සහෝදරයෙක්. අපි අදටත් බොහෝ නිර්මාණාත්මක දේ ගැන සාකච්ඡා කරනවා. මම ඔහු පිළිබඳ මගේ බ්ලොග් අඩවියට ලිපියක් ලිව්වා...දැනට මාස කීපයකට උඩදි...

    රොබරෝසියා මල් ගැන කියද්දි ලංකාවෙ ප්‍රසිද්ධම රොබරෝසියා ගහ තිබුනෙ පේරාදෙණිය වලේ. ඒත් අනිත් හැමදේම වගේ ඒ ගසත් වයසට ගිහිල්ලා තිබුන නිසා සිසුන්ගෙ ආරක්ෂාවට ලගදි කපලා දැම්මා. රොබරෝසියා ගහ නැති පේරාදෙණිය වල හරි පාලුයි.

    ReplyDelete
    Replies
    1. ඔවු අයියේ, ඒ දවස් වල ඒ ගැන කට්ටිය කොයිතරම් නම් දේවල් ලිවුවද..

      Delete
  24. භාවනාවක් වගේ ලියැවිල්ලක්. මාරයි!

    ReplyDelete
  25. මමත් ආසම ගීතයක්...මල්ලි ඒක රස වැඩිකරල...අපූරුයි.

    ReplyDelete
    Replies
    1. කොච්චර ඇහුවත් එපා නොවෙන ගීයක්..

      Delete
  26. ලස්සන කතාවක් දිනේෂ්. ගීතයටම ගැලපෙනවා.
    http://nelumyaya.com/?p=3300

    ReplyDelete
    Replies
    1. තැන්කිවු අයියේ..

      Delete
  27. සින්දුවට වඩා කතාව ලස්සනයි නේ.

    ReplyDelete
    Replies
    1. මටනම් සිංදුව තමයි ලස්සන..

      Delete
  28. අනේ සමාවෙයන් දිනේෂ්. දාපු දවස්වලම කියෙව්වා.ඒත් බාගයයි කියවන්න උනේ. අද තමයි හරියටම කියෙව්වේ. ලස්සනයි මචෝ. හන්තානට මං කොහොමත් පෙරේතයි.

    ReplyDelete
  29. මේක නම් මරේ මරු දිනේෂ් ... සුපිරියටම ලියලා තියනවා

    ReplyDelete
  30. බලා වැලපෙමි
    නෙළාගනු බැරි
    හන්තාන
    සිහිනේ......

    මේ ගීතය කොතෙක් සවන් දී තිබුණත් වර්ණගේ සටහන වෙනත් මානයකට රැගෙන යනවා.
    ගීතයටත් වඩා සටහන ලස්සනයි. අර්ථවත්.

    ReplyDelete
  31. දශක කිහිපයකට පෙර වසර හතරක් සිසුවෙකු ලෙසත් ඉන් අනතුරුව රැකියාව කරමිනුත් හන්තාන අඩවියේ ගත කළ ජීවිතය යළිදු සිහිපත් කොට දුන් වර්ණගේ මේ කතාව ගීතයෙන් එයා වූ රසයක් ගෙනාවා. අපූරු පබැඳුමක්.දිනේෂ්...

    ReplyDelete
  32. හරිම පුදුමයි ගීතයක් කොයිතරම් වස්තු බීජ සපයනවා ද කියන එක. මාත් මේ කථාවත් එකක් හරිම සමීප අතීතයකට ඇදිලා ගියා. එතැන මගේ උන්නවුන් කියන්නට නොහැකි වුනත් මේ ගීතය මට සරසවියත් එකක් සමීපයි. කථාව ජීවිතයත් එක්ක සමීපයි.

    ReplyDelete
  33. දිනේෂ්.. සෑහෙන්න දේවල් මට මිස් වෙලා.. හෙමිහිට කියෝලා කමෙන්ට් කොරන්නම්...

    ReplyDelete
  34. මගේ ආසම සිංහල සින්දුවක්,,

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්