Thursday, 21 May 2015

අඟුටුමිට්ටාගේ ප්‍රෙහෙලිකාව



මම අඳුර අතරින් ඇවිදන් ගියා. මම හිතන්නේ ඒ හුඟක් වෙලා. ටික වෙලාවක් යද්දී ඒ අඳුරට මම හුරු වෙලා හිටිය නිසාමද කොහෙද ඒ අතරේ ඇවිදන් යන එක මට ඒ හැටි අමාරු දෙයක් වුනේ නෑ. හරියට පුරුදු මාවතක් වගේ මම ඇවිදන් ආවා. අවසානයක් එනකන්. මගේ හුස්මේ දෝංකාරය ඇරෙන්න වෙන හඬක්වත් ඒ අතර නොතිබුන තරම්. අහම්බෙන් පිය ගැටෙන හඬ දෙතුන් වතාවක් ඇහුනත් ටිකකින් ඒක නැති වෙලා ගියේ මම ඇවිදන් ආපු පාරේ හැටියට වෙන්න ඇති.


අවසානයේ එළියක් ලග මම නතර වුනා. අඳුර අතරේ අතරමං වෙලා හිටිය වෙලාවට වැඩිය බොහොම ක්ෂණයකින් ඒ එළිය මගේ දෑස් ලග නැවතුනා කියලා මට දැනුනා. හරියට මම ඇහිපිල්ලමක් ගහන අතරතුරේදී වගේ. මම අවට දිහා බලන්න උත්සාහ කලා. ඒ මම ඇවිත් නතර වුනේ කොහේද කියලා දැන ගන්න. ඒත් මට ඒක කරන්න බැරි උනා. එළියේ තිබුන සැර නිසා වෙන්න ඇති. මම එක පාරම මගේ ඇස් වහ ගන්න උත්සාහ කලා.

ආපහු ඇස් අරිද්දි දැක්ක දෙයින් මම තිගැස්සිලා ගියා. මම ඉස්සරහා හිටියේ කුඩා සිරුරක් හිමි අයෙක්. හරියටම කියනවනම් අඟුටුමිට්ටෙක්. මම ආයෙම වට පිට බැළුවා. මගේ වටේ තිබුන පරිසරය වෙනස් වෙලා ගිහින්. කලින් තිබුන තද එළිය දැන් පේන්නවත් නැහැ. ඒ වෙනුවට මට පේන්න තියෙන්නේ හැම දෙයක්ම ලීයෙන් හැදුව නිවසක ඇතුලතක් විතරයි. මම හිතන්නේ කාමරයක්.

මම ඉස්සරහම හිටිය අඟුටුමිට්ටා කිසිම වෙනසක් නැතුව තාම මං දිහා බලාගෙන ඉන්නවා. එකම එක හැඟීමකට මට හිතුනේ ඒත් ලියෙන් හැදුව දෙයක්ද කියලා. ඒත් මම වැරදියි කියලා තේරුණේ ඒ ඇස් වල ඉදහිට වෙන වෙනස් වීම එක්ක. මම ඔහු දිහා බලාගෙන හිටියා. ටික වෙලාවකට. ඔහුගේ කිසිම වෙනසක් තිබුනේ නෑ. හරියට අජීවි වස්තුවක් වගේ.

මම ඔහුව මඟහැරලා යන්න උත්සාහ කලා. ඒ එක්කම වගේ මං දිහාවට හැරුන අඟුටුමිට්ටා මගේ පස්සෙන් ආවේ හරියට මගේ හෙවනැල්ල වගේ. මම නතර උනා. ආයෙම ඔහු දිහා බලන්න. ඔහු හිටියේ කෙලින්ම මං දිහා බලාගෙන.

" විසදන්න."

අඟුටුමිට්ටා මගේ දිහාවට ලී කෑලි දෙකක් දික් කලා. ඒක කලින් ඔහුගේ
අතේ තිබුනේ නෑ කියලා මට හොදටම විශ්වාසයි. ඒක එක පාරම ඔහුගේ අතට ආවේ කොහොමද කියන එක මට ප්‍රශ්ණයක් උනත් ඔහු මං දිහාවට යොමු කලේ ඊටත් වඩා ප්‍රශ්ණයක්. මම ඒ ලී කෑලි දෙක අතට ගත්තා. ඒක කිසිම තේරුමක් නැති නිකන්ම නිකන් ලී කෑලි දෙකක් විතරයි. මම අඟුටුමිට්ට දිහා බැළුවා. පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔහු මං දිහා බලාගෙන ඉන්නවා.

" විකාරයක්."

ලී කෑලි දෙක අඟුටුමිට්ටා දිහාවට විසිකරන ගමන් මම ආයෙම යන්න හැරුනා.  මම හිටිය කාමරේ කෙලවරක තිබුන දොර ගාවට ඇවිදන් ගිය මම ආපහු හැරිලා අඟුටුමිට්ටා දිහා බැළුවේ තාමත් ඔහු මගේ පස්සෙන් එනවද කියලා දැන ගන්න. ඔහු එහෙමම හිටියා. හරියට විශ්මයෙන් වගේ මං දිහා බලාගෙන.

මම දෙවතාවක් නොහිතම කාමරේ දොර ඇරියා. ඒ තුලින් එකපාරම ඇතුලට ආව එළියත් එක්ක මගේ ඇස් දෙක ආයෙම මොහොතකට පියවෙලා ගියා. ඇස් අරිද්දී මම හිටියේ කඩදාසි වලින් හැදුව කාමරේක. පුදුමයක්. හොදින් බලද්දී මට තේරුනේ මම මේ ඉන්නේ කලින් හිටිය කාමරේමයි කියලා. ඒ තිබුන දේවල් කිසිම වෙනසක් නැතුව මෙතනත් තියෙනවා. එකම වෙනස කලින් කාමරේ ලීයෙන් නිමවෙලා තිබුන හැම දෙයක්ම කඩදාසියෙන් නිම වෙලා තියෙන එක.

මං ලඟින්ම දැනුන අමුත්තකට මම ඉක්මනින් ඒ දිහා බැළුවා. ඒ ඔහු. අඟුටුමිට්ටා. කඩදාසියෙන් එතුන බෝනික්කෙක් වගේ ඔහු මං දිහා බලාගෙන හිටියා. ඒ වගේම මමත්.

" විසදන්න."

අඟුටුමිට්ටා මං දිහාවට යමක් දික් කලා. ඒ වෙලාවේ ඔහුගේ අතේ තිබුනේ කඩදාසියෙන් නිම උන තරමක් දිග යමක්. හරියටම කලින් වතාවේ දුන්න ලීය වගේ. මම අගුටුමිට්ටාගේ මුණ දිහා බැලුවා. ඔහුගේ අරමුණ මොකද්ද කියන එක ගැන මට හරි තේරුමක් නොතිබුන නිසා. හිස් බැල්මකින් ඔහු මගේ දිහා බලාගෙන හිටියා.

" විසදන්න. " ඔහු මට ආයෙම කිවුවා.

"මොකද්ද?"

මගේ ප්රශ්ණෙට පිළිතුරක් ලැබුනේ නෑ. වෙනුවට ඔහු මගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් මගේ දිහා බලාගෙන හිටියා. වතාවේ මම දිහා උනන්දුවෙන් බැලුවා. කලින් වතාවට වැඩියෙන්.

කලින් වතාවේ හිස්ව තිබුන ලීයට වැඩිය මේකේ යමක් තියෙනවා කියලා මට පෙනුනා. ඒත් අපැහැදිළිව. මම දිහා ඕන කමින් බලන්න උත්සාහ කලත් කිසිම දෙයක් පැහැදිළි උනේ නැහැ. සමහරවිට කඩදාසියේ තිබුන නිකන්ම නිකන් අකුරු ටිකක් වෙන්න ඇති. මම එහෙම හිතුවා.

"විකාරයක්. "

අගුටුමිට්ටා දිහා කේන්තියෙන් බලපු මම කාමරෙ කෙලවර තිබුන දොර දිහාවට ඇව්දන් ගියා. ඔහු මගේ පස්සෙන් ආවේ නෑ. වාසනාවකට වගේ. මට ඕන උනේ ඔහුව මග ඇරලා පැනලා යන්න. කලින් දෙවතාවේ වගේම සුදු ආලෝකයක් මගෙ ඇස් වසාගෙන යද්දි මම හිටියේ දොරෙන් එහා පැත්තේ.

ඇස් අරිද්දී මම හිටියේ වතුරෙන් පිරිලා ගිය කාමරයක. මම වට පිට බැළුවා. නැහැ මම වැරදියි. මම ඉන්නේ සමාන්‍ය කාමරයකමයි. ඒත් ඒක ඇතුලේ තිබුන හැම දෙයක්ම වතුර හැඩයඩ හැරිලා තිබුනා. හරියට ජෙලිෆිශ්ලා වගෙයි. මම වැරදි නැහැ. මම මේ ඉන්නේ මුලින්ම හිටිය කාමරේමයි. වෙනස ඒකේ ඇතුලත විතරයි.

මම අඟුටුමිට්ටාව හෙවුවා. මම දැනන් හිටියා ඔහු කොතනකම හරි ඇති කියලා. එක පාරටම මට ඔහුව දකින්න බැරි උනත් ඔහු මගේ ලගම හිටියා. වතුරෙන් හැදුන ඇඟක් ඒ වතාවේ අඟුටුමිට්ට තිබුනේ. විනිවිද පේන. ඔහු මං දිහා බලාගෙන හිටියා. ටික වෙලාවකට පස්සේ තරමක් වතුර රැදුන බාජන දෙකක් මගේ දිහාවට යොමුකලා.

" විසදන්න."

මම ඔහුගේ මුහුණ දිහා බැළුවා. ඇත්තටම මට දැන් මේක මහාම ප්‍රශ්ණයක්. කිසිම විදිහක බරපතලක් නැතුව අඟුටුමිට්ටා මං දිහා බලාගෙන හිටියා.

" මොකද්ද මං විසදන්න ඕන?"

අන්තිමේ මම ප්‍රෙහෙලිකාවෙන් මිදෙන්න මඟක් හොයා ගන්න ඕන නිසාම ඇහුවා. වතුර විතරක්ම පිරිලා තිබුන බාජන දෙකේ විසදන්න මොනවද තියෙන්නේ කියලා මම දැනන් හිටියේ නෑ. අඟුටුමිට්ටාගේ මුණේ තිබුනේ සිනහවක් විතරයි. ඒකේ තේරුමවත් මොකද්ද කියන එක හිතාගන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ.

" විසදන්න."

අඟුටුමිට්ටා එකම දේ නිතරම කියාගෙන ගියා. මම හිටිය කාමරේ කෙළවර සුපුරුදු තැනම දොරක් තියෙනවා මම දැක්කා. ඒත් එතනට යන්න ඕනකමක් මගේ හිතට ආවේ නෑ. ඒ මොකද මෙතනින් කොච්චර එහාට යන්න හැදුවත් වෙනස් වෙන පරිසරයක මේ අඟුටුමිට්ටා ප්‍රෙහෙලිකාවක් තියාගෙන ඉන්නවා කියන එක මට දැන් දැනෙනවා.

මම මේක විසදන්න ඕන. මෙතනින් එහාට යන්න. ඒත් කොහොමද?


*****

මේක කෙටිකතාවක්වත් වෙන නිර්මාණයක්වත් නෙමෙයි. මේක ඇත්තටම මම ලගකදි දැක්ක හීනයක්. අඟුටුමිට්ටා විසදන්න විසදන්න කියද්දී මම නින්දෙන් ඇහැරුනා කියලා මතකයි. එදා දවසම හිටියේ නිකන් මඤ්ඤං වෙලා වගේ. හෙහ්..

මේවගේ මෙලෝ හසරක් නොතේරෙන හීන පේන එක දැන් පුරුද්දකට ගිහින්. කාලයක් තිස්සේ එකම විදිහට දකින හීනත් තියෙනවා. සමහර ඒවා හෙමීට කෙටිකතා කලා. එහෙම බැරි මේ වගේ ඒවා ටික එකතු කරලා Psychiatric Dreamz කරන්න කියලා හිතුවා.

කියවා මඤ්ඤං වීමේ සම්පූර්ණ අයිතිය ඔබ සතුය.



47 comments:

  1. ඉදිරියේදී වෙන්න තියෙන දෙයක් සිහිනෙන් පෙනීම කියන්නෙ මේ ලෝකෙ තියෙන අරුම පුදුම දෙයක්. අවාසනාවකට බොහෝ අයට ඒ සිද්ධියට ඇත්තටම මුහුණ දෙන්න වුණාම තමා මතක් වෙන්නෙ මේක මම කවදා හරි දැක්කා නේද කියලා. මේකත් එහෙම වෙන්න පුලුවන්. මොනවා වුණත් ලියලා තියෙනවා ලස්සනට.

    දිනේෂ්, ෆයිනල් ඩෙස්ටිනේෂන් ෆ්‍රැන්චයිස් එක බලලා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම වෙච්ච වෙලාවල් නම් ඕන තරම් තියෙනවා.. ඒ වෙලාවට නිකන් අන්ද මන්ද වෙලා යන්නේ ආයේ ලොවෙත් නැති විදිහට.. හපොයි මොනා උනත් මේක නම් ඇත්තටම වෙන්න එපා.. මොකෝ මේක හෙන අමාරු කේස් එකක්.. හෙහ්..

      ෆයිනල් ඩෙස්ටිනේෂන් නොබලපු දෑස කුමට කිවුවලු..

      Delete
  2. හොපොයි... මදැයි බොහොම පරිස්සමින්, කල්පනාවෙන්, ඔක්කොම සිද්දි ගැන හිතලා කියවගෙන ආවා ප්‍රේහේලිකාවක් විසඳන්න. :S

    ReplyDelete
    Replies
    1. හා ඉතින් ඔය තියෙන ටික බලලා විසදලා දෙන්නකො.. මටත් මුකුත් හිතා ගන්න බැරුව ඉන්න එකේ..

      Delete
  3. පේන හීනත් මාරයිනෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං වැඩේ කියන්නේ.. තව තියෙනවා හොද හොද එවුවා..

      Delete
  4. තවත් පොඩ්ඩක් ඉස්සරට ගෙනිච්ච නං කෙටිකතාවක් කරන්න තිබුන බං.

    ReplyDelete
    Replies
    1. මම ඕක හිතුවා රාජ් අයියේ.. ඒත් හීනේ අන්තිමට නැවතුන තැන මටත් හෙනම අප්සට්.. කතාවකට ගලපගන්න පොටක් පෑදුනේම නෑ.. ඒකයි මෙහෙම ලියලා දැම්මේ..

      Delete
  5. හරියට මගේ මංඤඤං දේශන වගේ.. හැක්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, කිවුවමයි මතක් උනේ.. ලගදි මඤ්ඤං දේශණයක් ලිවුවෙත් නැහැනේ..

      Delete
  6. පරණ පොතක තිබිලා “යකාගෙ ලියුම“ කියලා කියවපු කෙටිකතාව වගේ එකක්. බොහෙම වර්ණවත් වර්ණ

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ මේවත් ඉතින් යක්ෂ බූත වැඩද කියලා ඉතින්..

      Delete
  7. අනේ මචං කියන තැනකට පෙරලි පෙරලි වදින්නම් ප්‍රේහලිකා නම් එපා.

    ReplyDelete
    Replies
    1. ශැක්, මදැයි මටත් හිතාගන්න බැරි ඒවා මුංට කියලා විසදගන්න හැදුවා..

      Delete
  8. හා හා හා! ඇත්තටම මේක ෆයිනල් ඩෙස්ටිනේෂන් වගේ උඹට අනාගතය හීනෙන් පෙනීමක්.

    අඟුටුමිට්ටා මුලින්ම හදන්නෙ උඹව මරන්න. අර ලී කෑලි දෙක තමයි ආයුධ දෙක. ඒ උනාට පස්සෙ අඟුටුමිට්ටට හිතෙනවා නිකම් ගැරඬි මරලා පව් පුරෝගන්නෙ මොකටෑ කියල. ඉතින් බොට යන්න අරිනවා.

    ඊට පස්සෙ උඹ ලියන්නෙ නැතුව මොට්ටපාල වගේ ඉන්න කාලයක් එනවා. අඟුටුමිට්ටා කොළ කෑලි දීල කියන්නෙ උඹට ආපහු ලියන්න ගන්න කියලා. හොල්මන් වෙලා බලන් උන්නට මොකද ඒක යාන්තමට උඹට තේරෙනව ගොනාට වගේ. ඉතින් කඩදාසි කෑලි දෙකත් අරන් යනවා.

    ඊගාවට උඹ ඇතුල්වෙන්නෙ ජෙලටිනමය ප්‍රතිපත්තියක් තියෙන රටකට. උඹ එහෙ එන්නෙ අර අඟුටුමිට්ටවත් මුණගැහෙන්න හිතාගෙනමයි. ඒ රටේ හැමදේම ජෙලි වගේ හෙලවෙන සුළුයි, අපි කියමුකො ලංකාව වගේ කියල.

    ඉතින් උඹව දැක්කම අඟුටුමිට්ටට හිතෙනව මූ නම් හත් අවුරුද්දකින් නාල නෑ කියලා. ඉතින් අඟුටුමිට්ට කරන්නෙ වතුර භාජන දෙකක් දීලා නාගන්න කියන එක. එකක් බොට, අනික හා තඩියාට. උඹ නාන්න අකමැතිම හින්දා හීනෙ අන්න ඒ භයානකම තැනදි උඹව ඇහැරෙනවා.

    කවුද හැබෑට ඒ අඟුටුමිට්ටා?

    ReplyDelete
    Replies
    1. ආයේ දෙකක් නෑ. උබම තමයි මේ අගුටුමිට්ටා. නැත්නම් කොහොමද යකූ මෙච්චර හොදට විස්තර කරන්නේ. උබත් ඉතින් කොට ජීවිතේ නේ. හෙහ් හෙහ්.

      Delete
  9. හීන වලට තේරුමක් නෑ දිනේෂ්. හීන කියන්නේ අපේම අත්දැකීම්, සිතුවිලි හා බලාපොරොත්තු විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අයියේ.. සමහර ඒවනම් වෙලාවකට හෙනම විකාරයි වගේ..

      Delete
  10. හීන වලට තේරුමක් නෑ දිනේෂ්. හීන කියන්නේ අපේම අත්දැකීම්, සිතුවිලි හා බලාපොරොත්තු විතරයි.

    ReplyDelete
  11. හ හා.. දිනේශ් ගේ හීනේ දැකල මඤ්ඤං වෙලා ඉන්න වෙලාවේ බස්සී කොසොල් රජ්ජුරුවොන්ට බුදු හාමුදුරුවෝ හම්බුනා වගේ දීල තියෙන විචාරෙනම් පට්ට..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ කමියෝ.. මදැයි මටත් හිතා ගන්න බැරි දෙයක් මේකේ දැම්මා..

      Delete
  12. හීන වලින් සුන්දර කතා ලියන්න පුළුවනි වර්ණ....... කොහොමත් හීන කියන්නේ අපේ හිතේ ම තියෙන නිර්මාණශීලී පැත්තක්.... ඒක ඒකිනෙකාට අනන්‍යයයි..... ඔබ තුල තියෙන කතා හැකියාව නිසා හීනත් නිර්මාණශීලී අැති...

    ReplyDelete
    Replies
    1. මම එහෙම කලින් ලියපු දෙක තුනක්ම තියෙනවා.. මේ ටයිප් එකේ තාම මටත් නොතේරෙන එහෙම දැක්ක හොදටම මතක ඒවා ටිකක් තියෙනවා.. ඒක ලියලා දන්න තමයි මේක ගැන හිතුනේ..

      Delete
  13. ෂිකේ ප්‍රෙහෙලිකාවක් කියල හිතල සීරුවට කියවන් ආවේ විසඳන්න බලාගෙන. හ්ම්ම් බලං ගිහාම මේක අපේ දිනේශ් අයිය දැක්ක හිනයක්නේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔය කියලා තියෙන ටිකෙන් ප්‍රෙහෙලිකාව විසදලා දෙනවකෝ ඉතින්..

      Delete
  14. ඈ බං ඔය අඟුටු මිට්ටා උඹේ ණයකාරයෙක් වෙන්නත් බැරිද ඔය තරම් පස්සෙන් එන්නේ.
    උඹ දන්නවාද මට හීන ගොඩක් වෙලාවට පේන්නේ පාන්දර 5 ත් 6 අතර වගේ.සමහර හින දැක්කාම මම නින්දෙන් කෑගහනවත් එක්කලු.මේ ලඟදීත් නින්දෙන් කෑගහලා තාත්තා මට අතින් ඇනලා ඇහරෙව්වා බං.

    ReplyDelete
    Replies
    1. හෙහ් අනික් අය මට ණය උනත් මම ණය නෑ බං.. මේක මගේ හිතේ වෙනමම කේස් එකක් වෙන්න ඕන.. කොහොමත් පාන්දර ජමේ දිකින හීන ඇත්ත වෙනවලු.. මේකත් ඒ හන්දා කොහොම වෙයිද දන්නේ නෑ..

      // මේ ලඟදීත් නින්දෙන් කෑගහලා තාත්තා මට අතින් ඇනලා ඇහරෙව්වා බං. //

      හීනෙන් කෑ ගහන වොයිස් එක අනුව තාත්තා අතින් අනින විදිහත් වෙනන් නේද බං.. හෙහ්..

      Delete
  15. අම්මප මෙහෙමත් හීන පේනවද ඇත්තට :D. දිනේෂ් ලස්සනට ලියල තියෙනවා මේ සිද්දිය. මේක මොකක් හරි කෙටිකතාවක් කියල තමා එක පාරට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද බං ඉතින්.. විකාර වෙලාවල් වලට පේන ඒව තමයි ඉතින්..

      Delete
  16. //කියවා මඤ්ඤං වීමේ සම්පූර්ණ අයිතිය ඔබ සතුය.//

    අයිතියක් නැතිවුනත් එහෙම වෙන කතාවක් මේක...:P

    ReplyDelete
    Replies
    1. ලියපු මටද එසේමය.. හෙහ්..

      Delete
  17. හීන වල සිද්දවෙන දේවල් දිහා බලන් ඉන්නවා මිසක් ඒ දේවල් තාර්කිව වෙනස් කරන්න බෑ. ඕක මම හැමදාම හිතන දෙයක්. හීන පේන්නේ කලාතුරකින්. ඒ හැම එකකම තියන විකාර බලන් ඉන්නවා මිසක් ඒවා පේන අතරෙ මේක මෙහම වෙන්න බෑ කියල තර්ක කරන්න බෑ. ඒවාට හීන කියන්නෙ ඒ නිසා වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. සමහර වෙලාවට අපිට කතා කරන්න ඕන උනත් හීන වලදි කතා කරගන්නත් බැරි වෙන තැන් තියෙනවනේ..

      Delete
  18. සමහර හීන තියෙනවා චිත්‍රපට වගේ කතාව. සමහර වෙලාවට දකින හීන වලට ඇහැරෙන්නේ හොඳටම බය වෙලා. සමහර වෙලාවට අඬනවා. සමහරු කියනවා ආගම ධර්මය සිහිකරලා නිදාගත්තහම ඔය වගේ හීන පේන්නෙ නෑ කියලා. හැබැයි මම නම් ආසයි ඒ වගේ හීනවලට. දිනේෂ් කළා වගේ නිර්මාණකරුවෙකුට හීනයක් උනත් පුළුවන් නිර්මාණයකට හරවගන්න.

    ReplyDelete
    Replies
    1. මං නම් ආසයි හීන පේනවට.. මොකද මට ඒක කතාවක් කරන්න පුළුවන් හන්දා..

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මටත් මතක් වුනේ "යකාගෙ ලියුම" තමයි. නෑ, නෑ ඒක යස්ස, බූත කථාවක් නෙමෙයි. 1927 දි ඩබ්ල්යූ. ඒ. සිල්වා මහත්තයා ලියපු ගමේ මුදලාලි කෙනෙක් දැක්ක සෙක්සි හීනයක් ගැන අපූරු කතාවක්. මෙන්න කියවලම බලන්නකො:

    ‘යකාගේ ලියුම’ ( Devil’s Letter) – ඩබ්ල්යූ. ඒ. සිල්වා (1927)

    ඔහොම බාගෙට හීන පෙනිල ඇහැරුනාම, ආයෙ පටස් ගාලා දෙවනි නිදි " වඩිය" නිදාගන්න ඕනෙ. එතකොට හීනෙ නැවතිච්ච තැන ඉඳලා " පාට් 2" බැලියෑකි.

    ReplyDelete
    Replies
    1. හුටා! ලින්ක් එක හැඉල නෙව් බොල? ඔන්න:

      ‘යකාගේ ලියුම’ ( Devil’s Letter)

      Delete
    2. බස්සෝ තැන්කිවු මචං ලින්ක් එකත් එක්ක දැම්මට.. මම මේක කියවලම නෑ..

      Delete
  21. සිහින විශ්ලේෂකයෙක්ට මේක පෙන්නන්න ඕනෙ. අනාවැකියක්ද දන්නෑනෙ.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ කියන්න බෑ.. එක අතකට ඕවා අහලා නිකන් ඔළුව විකාර කර ගන්නවට වැඩිය සද්ද නොකරම ඉන්න එක හොදයි..

      Delete
  22. කලුපාට ‍එළුවෙකුගෙ ගෙල පිහියකින් කපනවා දැක්කා හීනෙන්...මම බැලුවා ජාලෙ පෙරලලා මොකක්ද තේරුම කියලා...තේරුම විදියට තිබුනෙ සමීපතමයෙක් වෙන් වෙනවා කියලා...සතියක් ගියෙ නෑ..එවකට ලව් එකට කෙල උනා මගෙ.

    ReplyDelete
    Replies
    1. හප්පටසිරි.. ඒකනම් සෑහෙන්න බයානක හීනයක් නෙවැ.. මතක තියාගෙන ඉන්න ඕන අපිටත් එහෙම ඒව පෙනෙයිද දන්නේ නැහැ..

      Delete
  23. මේක විකාර හීනයක් විතරමයි, තෙහෙට්ටුබරව​, අසනීපයක් තියෙන වෙලාවක නිදා ගත්තහම ඔය වගේ විකාර හීන පේනවා. ඕකේ ගැබ් වුනු දෙයක් නෑ, සාමාන්‍ය දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔවු ඒකත් වෙන්න පුළුවන්.. අසනීපෙන් හිටියේ නෑ කියලනම් හොදට මතකයි.. වැඩ කරලා ඇවිත් බ්ලොග් අස්සේ රිංගලා නිදියනකොට ඉතින් කොහොමත් තෙහෙට්ටුනම් තමයි..

      Delete
  24. රසවත් .ඔබේ නිර්මාණ සිහින මත පදනම් වෙනව කියන්නෙ අතිශයින්ම නිර්ව්‍යාජයි කියන එක.

    ReplyDelete
    Replies
    1. හුඟක් වෙලාවට හීන පේන්නෙ බාගෙට.. ඉතින් මම කැමතිම අර අසම්පූර්ණ කොටස මවාගෙන කතාවක් ලියන්න..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්