Sunday, 31 May 2015

ලොක්කගේ කෙල්ලට උපන්දින තෑග්ගක්



අපේ ලොක්කගේ ආජන්ටිනා කෙල්ලගේ සීන් කෝන් එකෙන් පස්සේ මම ඒකගේ කෙල්ලෝ ගැන හොයන බලන වැඩේ අත ඇරලම දැම්මා. ඇයි ඉතින් ඇති වැඩක් නැහැනේ. මෙච්චර කාලෙකට සෙට් උන හොදම කෙල්ල අත ඇරෙනකන් ඔහේ උඩ බලාගෙන හිටියනේ. මෙලෝ මනුස්සයෙක් කරන වැඩක් නෙමෙයි එදා ඒ කලේ. දැන් ඉතින් ඒක ගැන කතා කරලා වැඩක් නෑ. දැන් අවුරුද්දක් විතර වෙන්න ආවනේ ඒකත් නැවතිලා. අනික තමයි දැන් ඒ ආජන්ටිනා කෙල්ලට වෙන හොද මේකට වැඩිය තරුණ කොල්ලෙක් ඉන්නවා. ෆේස්බුක් එකේ ජෝඩුව එකට ඉදන් ෆොටෝ දානවා මගේ හිතේ අපේ ලොක්කට පේන්නත් එක්ක වෙන්න ඇති.

වැඩේ කියන්නේ ඉතින් ආජන්ටිනා කෙල්ල ගියාට පස්සේ අපේ ලොක්කත් මේ අවුරුද්දේ මුල වෙනකන්ම කෙල්ලෙක් එක්ක යාළු වුනේ නෑ. ඇයි කියලා අහලා බලන්නවත් මං ගියේ නෑ මොකද කලින් වතාවේ කියන්න ඕන ටික මාත් මුණටම කියලා දාලා තිබුන හන්දම.

පස්සේ ටික දවසක් යද්දී එහෙන් මෙහෙන් ආරංචියක් ආවා ලොක්කා රුසියාව පැත්තේ කෙල්ලෙක් එක්ක යාළු වෙලාය කියලා. වෙනදටනම් මාත් එක්ක විස්තරේ කියන මනුස්සයා මේ ගමන කියන්න ගියේ නෑ. මාත් ඇහුවෙත් නෑ. සද්ද නැතුව හිටියා. හැබැයි ඉතින් මොකද වෙන්නේ කියන එක ගැනනම් ඇන්ටනා එක කරකවන් හිටියේ. ලොක්කා නොකිවුවට ඉතින් ලොක්කගේ අම්මා මාත් එක්ක ඔක්කොම කියවනවනේ.

" දිනේෂ්, මේ වීකෙන්ඩ් එකේ මගේ රුසියාවේ කෙල්ල එනවා."

" හ්ම්ම්.."

එච්චරයි කතාව. මාත් වැඩිය අහන්න ගියේ නෑ. ලොක්කත් කියන්න ආවෙත් නෑ. ආවම බලාගන්න බැරිය කියලා මාත් ඔහේ හිටියා. ඒ දවස් දෙක තුන හෙමීට ගෙවිලා ගිහිල්ලා සති අන්තේ කෙල්ල ඇවිල්ලා තිබුනා. අපිට මුණ ගැහෙන්නේ ඉතින් සදුදටනේ. හැබැයි සඳුදත් වැඩි සද්දයක් බද්දයක් නෑ. වෙනදට ඉතින් එහෙම නැහැනේ. කොයිවෙලේ හරි දකින්නේ නැතැයි කියලා හිටියා ඉතින්.

හවස් වෙනකන් වැඩි සද්දයක් බද්දයක් තිබුනේ නෑ. පස්සේ බැලින්නම් හොරෙන්ම මේකා කෙල්ලව එක්කන් අර ඔෆිස් එකේ තියාගෙන ඉන්නවා. අනික් එවුන්ගෙන් ඇහුවම උන් එක්ක කතා කරලත් නෑ. දැන් කට්ටියටම කුතුහලේ මේ මොකද කේස් එක කියලා. මාත් එක්කනම් එදා කේස් එක හන්දවත් කතා කලේ නෑ කියමුකෝ. අනිත් එවුන් එක එක්ක මොකද අවුල කියලා ඒත් මාත් කල්පනා කලා. ඕන එකක් කියලා මාත් හිටියා.

" දිනේෂ්, මේ නිතිනා."

මෙන්න හවස වැඩ ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා ලොක්කා මට කෙල්ලව අදුන්නලා දෙනවා. මලසේකරයි කිවුවලු. මම හිතන් හිටියා රුසියන් කෙල්ලෙක් කිවුවම ඔය ෆොටෝ වල එහෙම දැකලා තියෙන විදිහට උස හොද ෆිට් බොඩි එකක් තියෙන කෙල්ලෙක් කියලා. බැලින්නම් හිටියේ චීන පැටික්කියෙක්නේ. දැන් මට නිකන් මඤ්ඤං වගේ. මම ඒත් කල්පනා කලා මට වැරදුනාද කියලා.

නෑ නෑ, මට වැරදිලා නෙමෙයි. බැලින්නම් මේ රුසියාවේ ඉන්න චීන කෙල්ලෙක්. හනේ ඉතින් මට මතක් වුනේ ආර්ජන්ටිනා කෙල්ලව. අච්චර ලස්සන කෙල්ලෙක් අත ඇරගෙන මේකා යාළු උන කෙල්ල නේද කියලා ඉතින් මට සෑහෙන්න දේවල් හිතුනත් මුකුත් කියන්න ගියේ නෑ. දවස් ටික හෙමීට ගෙවිලා ගිහින් කෙල්ල යන්න ගියා. මාත් ඉතින් ලොක්කගේ තත්වේ දන්න හන්දා කමක් නෑ ඕක තියෙන්නේ මාස තුනයිනේ කියලා හිටියා.

හෙමිට කාලයත් ගෙවිලා ගියා. දැන් මාස පහක් වෙන්නත් ආවා. තාම ලවු එක නැවතුන පාටක් පේන්නවත් නෑ. වැඩේ නම් ටිකක් පුදුමයි. මොකද ඉතින් හරියට කාල වකවානු සෙට් වීගෙන එද්දී ලොක්කට කෙල්ලගේ අඩුපාඩු වැරදි එහෙම පේන්න ගන්නවනේ. මේ ගමන ඒ කිසිම දෙයක් නෑ. ගිය මාසෙත් දෙන්න එක්ක රුමේනියා ට්‍රිප් එකක් ගිහිල්ලා ආවා.

පහුගිය කාලේ සිද්ද වෙච්ච කතාව ඕක තමයි. වැඩි දෙයක් සිද්ද නොවී හෙමිට කාලය ගෙවිලා ගියා. අපිත් ඉතින් වැඩ. ලොක්කත් රවුන් ගහනවා. ඒ අස්සේ ඉතින් පියර්සිං ඇන්ටිගේ කතාවත් ආව හන්දා ලවු කේස් එහෙන්මම අමතක වෙලා ගියා.  මේක ලියන්න ඕනමයි කියලා හිතුන සිද්දිය උනේ ඉතින් මේ ලගදි.

ලොක්කගේ ඔෆිස් රූම් එක තියෙන පැත්තෙන් මම එද්දී දැක්කා ලයින් අක්කා ඉන්නවා. ඒක ඉතින් මහ ලොකු දෙයක් නොවුනට මොකද අක්කා හිටියේ මූඩ් එක අප්සට් එකේ. මුණ බෙරිකරන් මොකද්දෝ කර කර හිටියා. අක්කගේ වෙනස් කම් ඉතින් මට අනිත් ඔක්කොටම වැඩිය පේන හන්දා මම කිට්ටුවෙලා බැළුවා මොකද සීන් එක කියලා.

" මොකද උනේ? " මම ඇහුවා

" මේ බලපං."

වැඩි කතාවක් නැතුවම අක්කා කර කර හිටිය වැඩේ දිහා පෙන්නුවා. බැලින්නම් මෙයා තෑග්ගක් පාර්සල් කරනවා. වෙනදටත් ඉතින් සාමාන්‍යෙන් ඔය එක එක ජාතිවල ක්‍රීම් වර්ග කාට හරි තෑගි දෙන්න ගන්න වෙලාවට ඒක පාර්සල් කරලා දෙන එක අමුතු දෙයක් නෙමෙයි. ඒත් අද වෙනසක්. තිබුනේ ගෑණු කෙනෙක්ගේ ඇදුමක්.

" මේක කාගෙද?" මම ඇහුවා.

" වෙන කාගෙද ඉතින් අපේ ලොක්කගේ මිස."

" ඒ කිවුවේ?" එක පාරම අක්කා කියපු කේස් එක මට තේරුණේ නෑ.

" එයාගේ අර මේඩ් ඉන් චීනා එක්කෙනාගේ උපන්දිනේලු. බලපං දිනේෂ්, ඒකත් පාර්සල් කරන්න උනේ මටනේ."

හෙහ්, මට හිනා. මුණ දෙක කරන් තෑග්ග පාර්සල් කරන්න හේතුව ඔන්න ඕකයි. වෙන වෙලාවක් උනානම් මම අනිවා හෙල්ප් එකක් දෙනවා. ඒත් අක්කා උනත් කමක් නෑ ඔන්න ඔහේ උබම කර ගනින් කියලා මම යන්න ලෑස්ති උනා.

" දිනේෂ් මේ බලපංකෝ." අක්කා එක පාරම මාව නැවැත්තුවා.

" මොකද්ද?"

මම බැලුවා අක්කා එකපාරම මොකද්ද පෙන්නන්නේ කියලා. මලසේකරයි කිවුවලු. අර පාර්සල් කරන්න දුන්න ඇදුමේ  එක තැනක තියෙනවා පොඩි පැල්ලමක්. මම නිකමට අතට අරන් බැළුවා. ඒක ගවුමක්. හැබැයි ලේබල් එකක්වත් ප්‍රයිස් ටැග් එකක්වත් මුකුත් නෑ. පෙනුමත් අළුත් ගතියක් නෑ.

" දිනේෂ්, මේක පරණ එකක්ද?

" මටත් පේන්නේ ඒ වගේ."

විළිලැජ්ජාවේ සංතෝසේ බෑ කිවුවලු. මේකා දීලා තියෙන්නේ පරණ ඇදුමක්නේ පාර්සල් කරන්න. මටත් ඉතින් ශර්ලොක් හෝම්ස් අහ් නෑ නෑ එරිකෝ හන්ටර්ගේ මොළේ තියෙන හන්දා පොඩ්ඩක් බැළුවමයි තේරුණේ මේ තියෙන්නේ පාවිච්චි නොකරම තිබුන හන්දා පැල්ලම් ගැහිච්ච නේද කියලා. එක්කෝ මේකා කලින් කෙල්ලෙක්ට තෑගි දෙන්න අරන් දුන්නේ නැති එකක්. එක්කෝ පරණ කෙල්ලක් ඇදලා දාලා ගිය එකක්.

" දිනේෂ්, ලොක්කට කියමුද?"

" ඕන නෑ. එයා බලලනේ උඹට දෙන්න ඇත්තේ ඕක පාර්සල් කරන්න කියලා. ඔන්න ඔහේ සද්ද නැතුව පාර්සල් කරල දෙන්න. ඇහුවොත් කියන්න වැඩ අස්සේ ඉක්මනට පාර්සල් කලා මිසක බැළුවේ නෑ කියාලා."

" එහෙම හොදද?

" අවුලක් නෑ."

මාත් ඒ ගමන ඒක ඉක්මනට පාර්සල් කරන්න හෙල්ප් එකක් දීලා ඒ වැඩේ ඉවර කලා. මම දැක්කා හවස ෆාමසිය වහලා යද්දී ලොක්කා ඒකත් අරන් ගෙදර යනවා.

පහුඋන වීක් එන්ඩ් එකේ ලොක්කා රුසියා ගියා කෙල්ලගේ උපන්දිනේට. වෙච්ච දේවල් ආරංචි උනොත් ඒ ගැන පෝස්ට් එකක් දාන්නම් ඈ. 








46 comments:

  1. දෙයියෝ් සාක්කි මාර බොසා ඈ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, බොස්ලා ඔහොමමයි..

      Delete
  2. ලොක්කාට එයාගේ පරන කෙල්ල අමතක කරන්න බැරිව ඇති, ඔය අලුත් කෙල්ල ඕක ඇඳන් ඉන්න කොට එයාව මතක් කරගන්නත් එක්ක පොඩි යටිකූට්ටු වැඩක් කරන්න ඇති මගේ හිතේ......අපිටත් ඕවගේ දේවල් හිතෙනවා වෙලාවකට​... පරන කෙල්ල මතක් වෙන්න, එයා පාවිච්චි කරපු පර්ෆියුම් මගේ බිරිඳට අරන් දීලා අමතක වී ගිය මගේ සුන්දර මතකයන් අවදි කරන්න උත්සාහ කරපු අවස්තාත් මට තියෙනවා.........​

    ReplyDelete
    Replies
    1. උඹටත් හිතෙන දේවල්.. ඒක ඉතින් එහෙමනම් තව කමක් නෑ කියමුකෝ.. පැල්ලම් ගැහිච්ච ඇදුම් දෙන එකනේ අප්සට් එක..

      Delete
  3. පැල්ලමක් කීවාම මං හිතුවේ අර මොනිකා ලුවෙන්ස්කි ගේ ඇඳුමේ පැල්ලම වගේ එකක් ය කියලායි!

    ReplyDelete
    Replies
    1. හෑ, දැන් ඉතින් ඒ පැල්ලම ගැන හොයන්න එපැයි..

      Delete
  4. ලොක්ක මරු තෑගිනෙ දෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ..

      Delete
  5. පේනවනේ කොල්ලොන්ගේ වැඩ...:P

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි හොද නැද්ද ආ.. ;)

      Delete
  6. ඕක ආජන්ටිනා කෙල්ල ඇඳපු එකක් සුවර් එකටම. උඹට කියන්න තිබුණනෙ සුවඳින්.

    ReplyDelete
    Replies
    1. හෙහ්, මම ඉතින් බොට කිවුවයි කියලා හිතාගනින්..

      Delete
  7. වෙන මොකක් හරි පැල්ලමක් වෙන්න ඇති! උඹට තිබ්බේ සර්ෆ් එක්සෙල් ටිකක් දාල සුදු කරලා ගිහිං දෙන්න

    ReplyDelete
    Replies
    1. ආයේ පිස්සුවක් ඇතැයි.. ඉල්ලන් කන්න යන එක මොකටෙයි නවත්තන්නේ?

      Delete
  8. හිතා ගන්න බැරි වැඩ නේද ලොක්කා කරන්නේ.ඒකත් හොදයි.නැත්නම් අපිට කෝ රස කතා.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ අක්කෝ මේකා දැන් කරන්නෙම ඔය වගේ වැඩමනේ..

      Delete
  9. අපරාදෙ උඹට කියන්නයි තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, කොහොමත් ඕක නවතින එකනේ.. ඔන්න ඔහොම ගියාදෙන් රාජ් අයියේ..

      Delete
  10. ලොක්කා රුස්සියා ගිය විස්තරේ දාන්න වෙන්නේ වැඩිහිටියන්ට පමණයි ලේබල් එක යටතේද මන්දා?:D

    යකෝ ලොක්කට වඩා ආජන්ටිනා කෙල්ල ගැන උඹටනේ කැක්කුම.

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියන්ට පමණයි වේවිද එහෙම නැත්නම් අන්තරාදායකයි වේවිද දන්නේ නෑ..

      හෙහ්, එහෙම තමයි ඩෝ..

      Delete
  11. පස්සේ මොනා වෙයිද දන්නෙ නැනේ

    ReplyDelete
    Replies
    1. දැනට කිසිත් නොදනිමි..

      Delete
  12. මූට ආජන්ටිනා කෙල්ල ගැන තියෙන මෙව්වා එක බලාපල්ලකො. ෆුහ්!

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි උඹට අවුල්ද?

      Delete
  13. ආයිස් අප්පා, ලයින් අක්කා ආයෙ ඇවිල්ලා නේද?

    ඔහොම යං :)

    ReplyDelete
    Replies
    1. යස් යස්, ලයින් අක්කා ආයෙම ඇවිත් ඉන්නේ.. ඒකනේ දැන් මං කොල්ලත් හැපි එකේ ඉන්නේ..

      Delete
  14. දැන් මේ පැල්ලම මේ කතාවේ අවසානයට හේතුන් වෙයිද? ලඟදීම බලාපොරොත්තුවන්න.

    ReplyDelete
    Replies
    1. මාත් සෑහෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒක දැන ගන්න තමයි..

      Delete
  15. ලොක්කටම හරි යන ගෝලයො! :D

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව බැහැනේ අක්කේ ඉතින්..

      Delete
  16. ආජන්ටිනා කෙල්ල මිස් උන එකම තමයි ‍බං හොද...ඕකුන් සත පහකට විශ්වාස කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන්ද බන් කිව්වේ ?

      Delete
    2. සිරා අයියේ, හෑ අර මොකෝ? ඒ උනාට මෙයා හලී සෝයි.. ^_^

      Delete
    3. කොබා, කියන්න බෑ ඉතින් මැලේසියාව පැත්තෙත් අජන්ටිනා කෙල්ලෝ ඇතිනේ..

      Delete
  17. මාස තුනෙන් තුනට එපා වෙන්නෙ මොකද ද.ද.ද ? ඒකත් නරක නැනේ හිටං..

    ReplyDelete
    Replies
    1. එහෙම තමා අපේ ලොක්කගේ හැටි.. කවදාවත් ඊට වැඩිය කෙල්ලෙක් එක්ක ඉන්නේ නෑ..

      Delete
  18. කඩවල් වලත් ඇඳුම් හුඟක් කල් තිබ්බහම ඔහොම වෙනවා. ලොක්කා ගනිද්දී දැක්කේ නැතුව වත්ද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, හා හා අපි එහෙමවත් හිතමුකෝ ඉතින්..

      Delete
  19. බලපන් බොසා ඉසපිරිතාලේද කියලා?

    ReplyDelete
    Replies
    1. දැනටනම් එහෙම නෑ වගේ..

      Delete
  20. උඹ අකමැති බවක් පෙන්නපු නිසාද දන්නේ නැහැ උඹේ බොසා මේ කෙල්ල එක්ක වැඩි කාලයක් හාද වෙලා ඉන්න තීරණය කලේ...
    වැරදි හොයහොය ඉන්නවට වඩා පැල්ලමක් තියෙන ඇඳුමක් තෑගී දුන්නම ඉබේම ඒ ලව් එකට තිත වැටෙයි කියල හිතල වෙන්නත් පුළුවන් ඒ තෑග්ග යවන්න ඇත්තේ...
    ආයේ එතකොට අරක මේක කියන්න දෙයක් නැහැ, කෙල්ලම බ්රේක් එක තියයිනේ...
    කොහොමද බොසාගේ ටිකිරි මොළේ...

    ReplyDelete
    Replies
    1. // වැරදි හොයහොය ඉන්නවට වඩා පැල්ලමක් තියෙන ඇඳුමක් තෑගී දුන්නම ඉබේම ඒ ලව් එකට තිත වැටෙයි කියල හිතල වෙන්නත් පුළුවන් ඒ තෑග්ග යවන්න ඇත්තේ...//

      සිරාවටම, ඒකත් ඇත්තනේ.. මට ඕක කම්පනාවට ආවෙම නැහැනේ.. එහෙමනම් ඉතින් තවත් ශෝක්..

      Delete
  21. චෑ චෑ. පැල්ලම් ගැහිච්ච ඇඳුම් දෙන එක කැත වැඩේ. එක්කො බොසා හෙන කුනෙක්. නැත්තම් පොර අමුතුම ස්ටයිල් එකකට මේ ස්ටෝරි එකත් ඉවර කරන්න හදන්නෙ :D

    ReplyDelete
    Replies
    1. බොසා කුනෙක් නෙමෙයි කියලනම් හොදටම දන්නවා.. එක්කෝ මිනිහා දැක්කේ නෑ.. නැත්නම් කිවුවත් වගේ මේක අමුතු එන්ඩින් එකක් දෙන වැඩක්..

      Delete
  22. බොසාට මෙහෙම ගිහින් කොහේ කෙල්ලෙකුට සෙට් වෙයිද මන්දා.

    ReplyDelete
  23. ඊට පස්සේ උනේ මොකද කියලත් අනිවාර්යෙන් කියන්න හොඳේ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්