Wednesday, 13 May 2015

අම්මගේ පියර්සිං එකට වෙච්ච දේ



කට්ටියට මතකද කලින් දවසක මම ලියපු පියර්සිං එක ගහපු ඇන්ටිව. කොහොම අමතක වෙන්නද නේද ඉතින්. පියර්සිං එක විතරක් නම් මදැයි ඉතින් එදා අලකලංචි ගොඩක් උනානේ. ඒත් ඉතින් වැරදිලා හරි ඒක කියවන්න අමතක වුන කෙනෙක් එහෙම ඉන්නවනම් මෙන්න මේකයි ලින්ක් එක. ඒකත් බලලම එන්න නැත්නම් මේක කියවලා මඤ්ඤං වෙන්න පුළුවන්.



මම නම් හිතුවෙම එදා ඒ සිද්දියෙන් පස්සේ පියර්සිං ඇන්ටිව ආයෙම දකින්න ලැබෙන එකක් නෑ කියලා. ඒ ඉතින් වෙන හේතුවක් හන්දා නෙමෙයි. ලැජ්ජාවට වගේ ආයෙම එන එකක් නැති වෙයි කියලමයි මම නම් හිතුවේ. හැබැයි ඉතින් අපිත් දවසක් දෙකක් කතා නොවුනම නෙමෙයි ඒ මනුස්සයට මොනවා වෙන්න ඇද්ද කියලා. අපේ ෆාමසියේ නිත්‍ය ගණුදෙණු කාරයෙක් නෙමෙයි හන්දම කවුරුවත් ඒ කෙනා ගැන කියන්න විස්තරයක් දැනන් හිටියේ නෑ. අඩුම ගානේ නමවත්. එහෙම උනානම් ඉතින් එදා අර තරම් දෙයක් වෙන්නෙත් නැහැනේ.

සිද්දිය වෙලා සතියක් විතර යනකන් වගේ අපිත් බලාගෙන හිටියේ මේ මනුස්සයා එයිදෝ එයිදෝ කියලා. බොරු කියන්නේ මොකටද ඉතින් ඊට පස්සේ නම් ඒක අපිටත් අමතක වෙලා ගියා. මොකද ඉතින් මේකෙත් හරි හරි දේවල් වෙනවනේ හිටිය ගමන්. කොහොම හරි අපි හිතපුවත් නැති වෙලාවක ගිය සතියේ දවසක පියර්සිං ඇන්ටි ෆාමසියට ගොඩ වුනා. එදා නම් හැබැයි ඉතින් අන්තිම මොහොතේ කළබලෙන් එහෙම නම් නෙමෙයි. හොදට වෙලාව තියෙන වැඩිය කවුරුත් නැති වෙලාවක තමයි ආවේ.

මනුස්සයගේ බැලූ බැල්මට ලොකු වෙනසක් තිබුනේ නෑ. එදා හිටියා වගේම හොදට හිටියා. එවෙලේ කවුන්ටර් දෙකේම දෙන්නෙක් බෙහෙත් ගන්න ගමන් හිටිය හන්දා පියර්සිං ඇන්ටි ඉස්සරහා තියෙන පොඩි එවුන්ගේ කෑම් බීම් තෝර තෝර හිටියා. එතකොටයි මට මතක් වුනේ පොඩි එවුන්ව. අද නම් හොද වෙලාවට එක්කන් ඇවිත් නැහැ. එක්කන් ආවේ නැද්ද නැත්නම් වෙන කොහේ හරි අමතක වෙලා ආවද කියලනම් කියන්න දන්නේ නෑ. මොකද ඉතින් කෙනාගේ හැටි අපි දන්නවනේ.

ලොක්කගේ අම්මා මාව අල්ලගෙන උදේ කට්ටිය ඕඩර් කරලා ගිය බෙහෙත් ඇවිත්ද නැද්ද කියලා චෙක් කර කර හිටියේ. එයාටත් ඕන නැති වැඩ. හැබැයි ඉතින් මගේ වෙලාවට වගේ කට්ටියගේ කතා බහ ඇහෙන මානෙක හිටිය හන්දා මාත් අනේ හොදයි කියලා හිත හිත හිටියේ. වෙන මොකකටවත් නෙමෙයි. සිද්දිය ලියන්න එපැයි මෙහෙම.

පියර්සිං ඇන්ටිත් එයාගේ වාරේ ආවම කවුනරේ ලගට ඇවිත් හිනා උනා. ගුඩ් ඊවීනින් එහෙම කියලා ආව කාරණේ කියන්න හැදුවා විතරයි ' එදා මොකද කර ගත්තේ?' කවුන්ටරේ හිටිය අළුතින් ආව කෙල්ල පැන්න ගමන් ඇහුවා. අනේ ඉතින් අර මනුස්සයගේ මූණ අප්සට් වෙලා ගියා එක පාරම. ඕක ඉතින් දැන ගන්න ඕන තමයි. එහෙමයි කියලා පැන්න ගමන් අහන්න ඕනයි. ඒත් ඉතින් මොනා කරන්නද දැන් අහලා ඉවරනේ. අපිත් ඉතින් උත්තරයක් හම්බුවෙනකන් බලාගෙන හිටියා. ලොක්කගේ අම්මත් මාත් එක්ක චෙක් කර කර හිටිය ලිස්ට් එක පැත්තකට දාල එතනටම ගියා ඕපේ අහගන්න.

" එදා පොලීසියෙන් කෙලින්ම මාව අරන් ගියේ හොස්පිටල් එකට. මෙතනදී මට බැන්නට මොකද හොස්පිටල් එකට එයාගේ නෑ කෙනෙක් කියලා ඉක්මනට මාව බලන්නයි කියලා කිවුවා. ඒකත් හොදට ගියා. එහෙම නොවුනනම් ටිකක් වෙලා බලාගෙන ඉන්න වෙනවා. කෙලින්ම එයාලා මාව වාටුවට එක්කන් ගියා. ඒ වෙද්දී මගේ දිව සෑහෙන්න ඉදිමිලා තිබුනා. කතා කරෙත් බොහොම අමාරුවෙන්. පියර්සිං එක ගලවන්න හැදුවට පුළුවන් උනේ නෑ. මොකද දිවේ ඉදිමුමට ඒක තවත් තද වෙලා තිබුන හන්දා. ඒ ගමන ඒක කපලා අයින් කලා. සෑහෙන්න වේදනාවකට පස්සේ ටික වෙලාවකට සහනයක් දැනුනේ. ඒත් දිවේ ඉදිමුම තිබුන හන්දා ඒක අඩු වෙනකන්ම ඉන්න කියලා මාව වාට්ටුවේ නතර කර ගත්තා."

" ඉතින් ඊට පස්සේ?"

" පැය එකහා මාරක් වගේ මම හිටියා. ඒත් ඉදිමුම අඩු උනේ නෑ. ඉදිමුම අඩු වෙන්න කියලා බෙහෙත් එහෙම කලාට ඒ එකක් වත් හරි ගියේ නෑ. මට ඇලර්ජික් එහෙම තියෙනවද කියලා ඇහුවට අද වෙනකන් මට එහෙම දෙයක් තිබුනේ නෑ. සමහරවිට මේක ගහද්දී විසබීජයක් වත් ගියාද දන්නේ නැති හන්දා සැත්කමක් කරන්න මගෙන් අවසර ඉල්ලුවා. වෙන කරන්න දෙයක් නෑ, මටත් මේක හොද කර ගන්න ඕන හන්දා මම හා කිවුවා."

" ඉතින් මොකද කලේ?"

මේ මනුස්සයා දිව එලියට දාලා පෙන්නුවා. බොලේ එතකොටනේ
දැක්කේ දිව මැද්දේ නළ ලිදක් හාරලා වගේ. එච්චර වෙලා හරි අමාරුවෙන් කතා කර කර හිටියේ ඒ හන්දයි කියලා තේරුනේ එතකොට. පස්සේ ආපහු විස්තරේ කියන්න පටන් ගත්තා.

" ඉදිමුම තිබුන තැන පොඩ්ඩක් හිල් කරලා බැලුවා. ලේ එක්ක සැරවත් ගලාගෙන ආවා. පියර්සිං එක තිබුන තැන ඇතුලෙන් පැසවගෙන ඇවිත් තිබුනේ. හිල් කරලා ටිකක් වෙලා ඉද්දී ඉදිමුම අඩුවෙලා ගියා. එතකොට නම් කලින් තිබුන වේදනාව ඔක්කොම නැති වෙලයි තිබුනේ. ඒ උනත් මාව පහුවදා වෙනකන් නවත්ත ගත්තා තව ටිකක් චෙක් කරන්න ඕන කියලා."

" ඉතින්."

මේ වෙද්දී නම් ෆාමසියේ වැඩ කරන එක ඔක්කොම අත ඇරලා දාලා කට්ටියම පියර්සිං ඇන්ටිගේ කතාව අහගෙන ඉන්නවා. කොටින්ම ඊට පස්සේ බෙහෙත් ගන්න ආව උන් පවා. කාගෙ හරි කතාවක් අහගෙන ඉදලා පන්ඬිත කතා කියන්න මෙහේ එවුන් මාර දක්ෂයි හන්දා ඔක්කොම දැන් කතාව අහගෙන ඉන්නවා.

" ඉතින් මම නැවතුනා. වේදනා නාශක දීලා තිබුන හන්දා ඊට පස්සේ මට ඒ හැටි අමාරුවක් දැනුනේ නෑ. උදේ ආයෙම මාව චෙක් කලා. මට සනීපයි වගේ දැනුනට මොකද පියර්සිං එක තිබුන තැන වටේ ඔක්කොම කළු වෙන්න අරන් තිබුනා. ඒක පැතිරිලා ගියොත් පස්සේ මොනවා වෙයිද දන්නේ නැති හන්දා ඒ ඔක්කොම හූරලා දාන්න උනා. ඒකයි දැන් දිව මෙහෙම තියෙන්නේ?"

" දැන් එතකොට හොදටම හොදයිද?"

" මම හිතන්නේ ඔවු. හැම සතියෙම හම පිළිබඳ ස්පෙශලිස්ට් දොස්තර කෙනෙක් ලගට මම යනවා."

" ඔහොම වෙන්න හේතුව මොකද්ද ඉතින්?"  ලොක්කගේ අම්මා සයිඩ් එකේ ඉදලා ඇහුවා.

" පියර්සිං එක හයි කරද්දී විසබීජයක් එකතු වෙන්න ඇති කියලයි හිතන්නේ. එදා මාව එක්කන් ගිය පොලීසියේ දෙන්නා පහුවදා ඇවිත් විස්තර අහද්දී මගෙන් පියර්සිං එක ගහපු තැනත් අහගෙන ගියේ එතන චෙක් කරන්න කියලා එයාලා හරියට මේ වැඩේ කරනවද කියලා. ඒකට මොකද උනේ කියලනම් මම දන්නේ නෑ. ඊට වැඩිය මට සනීප උන එක වටිනවා."



පියර්සිං ඇන්ටි අන්තිමේ කතාකරපු විදිහට අපිටත් සෑහෙන්න දුක හිතුනා. එක අතකින් බැළුවම ඒ මනුස්සයා කලේ වැරදි වැඩක්වත් අසම්මත දෙයක්වත් නෙමෙයි. ලස්සනට ඉන්න මෝස්තර කරන්න කාන්තාවෝ ඉතින් කවදත් කැමතියිනේ. ඒත් අවාසනාවට වගේ ඒකේ වැරදි පැත්ත ඒ මනුස්සයට අත්විදින්න උනේ. එක අතකට ඔහොම හරි ගොඩ යන්න පුළුවන් උන එක ලොකු දෙයක්. එදා ආවෙත් ස්පෙශලිස්ට් දුන්න බෙහෙත් ටික අරන් යන්න. පියර්සිං ඇන්ටිට ඉක්මනට සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


84 comments:

  1. /* මොකද හොස්පිටල් එකට එයාගේ නෑ කෙනෙක් කියලා ඉක්මනට මාව බලන්නයි කියලා කිවුවා. */

    මට දැනුයි තේරුණේ ලංකාවේ අය ඔය තරම් ඉතාලි ගිහින් වීවත් වෙන්න කැමති ඇයි කියලා!

    ඇයි බොලේ ලංකාවේ වගේම නේ වැඩකටයුතු කෙරෙන්නේ!!!

    ReplyDelete
    Replies
    1. ලංකාව වගේම රටක් නොව

      Delete
    2. රසිකයියේ, ඒක ඉතින් ඒ මනුස්සයගේ වෙලාව.. අනික ඉතින් පොලීසියත් වෙච්ච දේ දන්න හන්දම එහෙම කරන්න ඇත්තේ..

      Delete
    3. මහ කළු ලාංකිකයා, හෙහ් ඒ උනාට බං ඔය හොර ලෙඩ අරන් ඉස්පිරිතාල ගානේ යන්නනම් චෑන්ස් නෑ ඉතින්..

      Delete
    4. ලංකාව වාගෙ තමා :D

      Delete
    5. හෙහ් හෙහ්, දැන් නම් එහෙම තමා..

      Delete
    6. ඇයි මේ තව,

      //මේ වෙද්දී නම් ෆාමසියේ වැඩ කරන එක ඔක්කොම අත ඇරලා දාලා කට්ටියම පියර්සිං ඇන්ටිගේ කතාව අහගෙන ඉන්නවා. කොටින්ම ඊට පස්සේ බෙහෙත් ගන්න ආව උන් පවා. කාගෙ හරි කතාවක් අහගෙන ඉදලා පන්ඬිත කතා කියන්න මෙහේ එවුන් මාර දක්ෂයි හන්දා ඔක්කොම දැන් කතාව අහගෙන ඉන්නවා.//

      Delete
    7. ඒ උනාට ලංකාවේ අය ඕපේ අහන් හිටියට තමන්ගේ අදහස කියන්න යන්නේ නෑනේ බං වැඩිය.. මෙහේ එහෙම නෙමෙයි.. හෙහ්..

      Delete
  2. හප්පේ මේක මහ භයානක කේස් එකක් නෙව!

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. හරියට කලොත් හරි.. නැත්නම් ඉතින් සොරිම තමයි..

      Delete
  3. හෙහ් ආයෙ නං ඇන්ටි යන්නෙ නැති වෙයි ඒ වගේ ඉට්ටැයිල් කරන්න
    සමහරු පියර්සිං කොරං යන්නව අහවල් තැනත් එක්කම හම්මේ කෝම ඉන්නවද මංද...

    මතකෙයි ෂාරුක් ඉන්න ෆිලුමක් ආවෙ රා වන් කියල ඕකෙ තැනක එයාපෝට් එකේ චෙකින් එක්කදි ත් ඔය පියර්සිං සීන් එකක්තියේ නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් එක එක අයගේ අසාවල් නේ.. අප්සට් නොවෙන තරමට ඉතින් ඉස්ටැයිල් එක අවුලක් නැතුව කරන් යන්න පුළුවන්..

      Delete
  4. ඇන්ටි පව් කියල මං එදත් කිව්වා..

    ReplyDelete
    Replies
    1. පව් නේන්නම්..

      Delete
  5. යකෝ ඒ වෙලාවෙ ෆාමසියෙ සල්ලි ලාච්චුව උස්සගෙන ගියත් දන්නැතුව ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. අම්මපා මෙයාටත් මතක් වෙන දේවල්.. හෙහ්, මෙහේ එවුන් ඕප දූප අහන්න ගියාම ලංකාවේ අයට වැඩිය හපන්.. වෙලාවක් කලාවක් ඉන්න තැනක් මතක නෑ..

      Delete
  6. හෙන අපහසුවක් තියෙන්න ඇති නේ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බං.. ඒක ඉතින් ඒ මනුස්සයම තමයි දන්නේ..

      Delete
  7. හොද වැඩේ ඔ්න්නැති තැන් වලට ඔ්න්නැති දේවල් දාගන්න ගියාට...... අම්මපා වෙන කොහෙට හරි දාගනින්කෝ දාගන්නම ඔ්නේනම්....... ලංකාවේ වගේ නම් අපි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැල්ලා තහනම් කරනවා... අම්මපා...

    ReplyDelete
    Replies
    1. මේකනේ මචෝ ඉතින්, කොහේ ගැහුවත් අප්සට් යන වෙලාවල් තියෙනවා.. ඇහිබමේ උනත් තොල් වල උනත්.. ඔය පොඩ්ඩක් නෙට් එකේ බලපන්කෝ තියෙනවා එහෙම අප්සට් උන ඒවයේ ෆොටෝ ඕන තරම්.. එපා වෙනවා..

      Delete
  8. නරක වෙලාව නේද ? ඔයින් ගියා ඇතිනෙ .

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ, හොද වෙලාවට දිව කපන්න වෙන්නේ නැතුව ගොඩ දා ගත්තා..

      Delete
  9. ඇති යන්තං අතක් පයක් නොකැඩි බෙරැනා

    ReplyDelete
    Replies
    1. අතක් පයක් වගේද දිවක් කිවුවලු..

      Delete
  10. දිව කපාගන්නේ නැතිව බේරුනා ඇති

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. දැන් ඉතින් බෙහෙත් කරලා ඕක හොද කර ගන්න බැරිය..

      Delete
  11. ඕක තමයි මනුස්ස සරීරයකට උනත් නොගැලපෙන දේවල් නොගැලපෙන තැන්වල හයිකරන්න, ඇඳගන්න එහෙම හොඳ නැහැ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. අපි හරියටම දන්නේ නෑනේ අපේ සරීරේ ඔය වගේ දේවල් වලට කොහොම රියැක්ට් කරයිද කියලා.. හොදට හිතලා බලලා ඕන දෙයක් කරන්න..

      Delete
  12. මම ගහගන්න හිටිය පියර්සිං එක අවලංගු කරා. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඩූඩ් අයියා කොහේද දන්නේ නෑ ගහන්න හිතාගෙන හිටියේ..

      Delete
  13. ලෙඩා මලත් බඩ සුද්දයි කිව්වලු

    ReplyDelete
    Replies
    1. බඩ නෙමෙයි දිව..

      Delete
  14. මොන විදිහේ හරි පියර්සින් වලින් ඇත්තටම කාන්තාවන් ලස්සන වෙනවද. ? මටනම් හිතා ගන්න බැහැ

    ReplyDelete
    Replies
    1. ලස්සනක් එන්නේ නැහැමයි කියන්න බෑ ඉතින්.. ඕන තරම් පියර්සිං ගහපු කෙල්ලෝ මම දැකලා තියෙනවා.. සමහරුන්ට ලස්සනයි සමහරුන්ට ලස්සන නෑ.. ඒක හරියට තෝරලා බේරලා කරන්න ඕන..

      Delete
  15. දැන් නම් කරාඹුවක් දිහා හැරිලාවත් බලන්න හිතෙන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. හෙහ්, එච්චරම බය වෙන්න එපා බං..

      Delete
  16. මට එදා පෝස්ට් එක කියෙව්වමත් පියර්සිං ඇන්ටි ගැන ලොකු දුකක් දැනුනේ. පව් ඒ මනුස්සයා. පොලීසියෙන් ලොකු කේස් එකක් ඇද්දෙ නැති එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්න්ද බං.. වෙලාව තමා ඉතින්..

      Delete
    2. අර පොටෝ දාල තියෙන්නෙ ටෝ ඒ කතාව යන අස්සෙ ඒ මනුස්සයගෙ දිවේ පොටෝවකුත් ගැහැව්වද ජඩමාද්දියවේදියෙක් වගේ? :P

      Delete
    3. පල පල ඩෝ යන්න.. අපි එහෙම නෑ.. ඕක නෙට් එකෙන් ඉස්සුවේ..

      Delete
  17. අම්මටෝයි... මං උඹට එදත් කිව්ව ආයෙ ආවොත් අහල බලහං කියලා. කිව්ව වගේම වැඩේ වෙලා.

    ඒක නෙවෙයි. අර දිව ඒ ගෑනු පරානෙමද බං?

    ReplyDelete
    Replies
    1. නෑ බං.. මේක මේ නෙට් එකෙන් මම හොයලා දැම්මේ.. ඒ මනුස්සයගේ ෆොටෝ ගහන්න පුළුවන්ද ඉතින්..

      Delete
  18. කතාව නම් හොඳයි. ඒත් මේ ලියුම්කරු 'පියර්සිං (piercing)' කියන වචනය භාවිතා කරන විදිය පොඩ්ඩක් වැරදියි වගේ. අහිතක් හිතන්න එපා දන්නේ නැත්නම් දැනගන්නයි මම මේ කියන්නේ. පියර්සිං එකක් කියන්නේ සම සිදුරු කිරීමක් හෝ සමේ කරන ලද සිදුරක් මිසක් සම සිදුරු කරලා දාපු ආභරණයක් නෙවෙයි. ඒ නිසා "පියර්සිං එක ගලවන්න හැදුවට පුළුවන් උනේ නෑ.", "පියර්සිං එක හයි කරද්දී " වගේ භාවිත ගැලපෙන්නේ නැහැ. ඔයා මේ 'පියර්සිං එක' කියන්නේ ඇත්තටම 'ටන්ග් රිං' එකටයි.

    ReplyDelete
    Replies
    1. මේකනේ ප්‍රශ්ණේ, ඔය ටන්ග් රිං කියලා කියන්න ගියානම් දන්නෝ දනිති නොදන්නෝ නොදනිති වෙනවා.. පියර්සිං කිවුවම ඔක්කොම දන්නවා.. පැහැදිළි කිරීමට ස්තූතියි, කිසිම අහිතක් නෑ..

      Delete
  19. කවුරුත් අවශ්‍යම ප්‍රශ්නේ අහලා නෑ හැබැයි...

    කෝ අද ළමයා කියලා ඇහුවනම් ඉතාලි බාසාවෙන් "හුටා!" කියලා දුවන්න ඉඩ තිවුණා... :P

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. හැබැයි මම හිතන්නේ නෑ ආයෙම ඒ මනුස්සයා ඒ වගේ වැඩක් කරාවි කියලනම්..

      Delete
    2. හුකෑස් ය! මැවිලා පෙනුනා.

      Delete
    3. අපහු දුවනවද??

      Delete
  20. ඒ පියසින් වැඩේ නම් මට තේරුනේ නෑ. දිනේෂ්....

    ReplyDelete
    Replies
    1. මේ කිවුවේ කතාවද නැත්නම් පියර්සිං කරන විදිහද?

      Delete
    2. පියසින් කරන විදිය ........ හා වචනයත් මට අළුත්.....

      Delete
    3. පියර්සිං කරන විදිහනම් ටිකක් සංකීර්ණ වැඩක් අක්කේ.. ඒක තැනින් තැනට වෙනස්..

      Delete
  21. "එක අතකින් බැළුවම ඒ මනුස්සයා කලේ වැරදි වැඩක්වත් අසම්මත දෙයක්වත් නෙමෙයි."

    මෙන්න මේක තමා මට නම් වටිනම වැකිය. සමහරුන්ට ඕක තේරෙන්නේ නෑ. මට මතකයි අර Midnight Diva's shop එක ඇරපු කාලේ ගොසිප්ලංකා එකේද මන්දා එකේ C String විකුනන්න තියනවා කියලා තිබුන ලිපියක කමෙන්ට්ස. කට්ටිය නිකන් බැනලා තිබ්බේ ඒවා අදින ඔක්කොම පට්ට වේසියෝ කියලා, හරියට නිකං ඒක විතරක් ඇදන් පාරේ යනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔය බැනිල්ල/ශාප කිරිල්ල/හෙන ඉල්ලිල්ල තමා ඇනෝ ගොසිප් සයිට් වල කමෙන්ට්ස් අනන්‍යතාවය.

      Delete
    2. ඇනෝ, එවුවා එහෙම තමයි.. ඕවට ගරහන අයම තමයි වැඩි හරියක් ඒවට කැමතිත්.. ඒ හන්දා වැඩිය ඒවා හිතන්න යන්න නරකයි..

      Delete
    3. මධුවා, අනේද කියන්නේ බං.. ඒවා දුවන්නත් එපැයි ඉතින්..

      Delete
  22. දැන් නම් සෑහෙන දුක හිතුනා ඒ මනුස්සය ගැන. අපි එදා ඒක විහිලුවට ගත්තට. මල්ලි කියනව වගේ ඒ මනුස්සය කලේ මොකුත් වැරදි දෙයක් නෙමේනෙ. හරියට පිරිසිදුව කරන්න නැතුව ඇති ඒක. ඒ වුණාට දිව මැද්දෙ තුවාලයක් තියෙද්දි හරි අපහසුවක් ඇති එයාට

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. හරියට වචනත් කියවෙන්නේ නැතුව ඒ මනුස්සයා විදින්නේ මාරම දුකක්.. නිට්ටාවටම ඔක්කොම අමාරු සුව වෙනවනම් හොදයි ඉතින්..

      Delete
  23. ඇත්ත තමා. එදාට වඩා අද දුක හිතෙනවා මේක කියවද්දි. ලෝකෙ කවුරුවත් මෙතෙක් නොකල දෙයක් කරලා නෙමේනෙ ඉතිං.

    ReplyDelete
    Replies
    1. අප්සට් වෙලාව බං.. අප්සට් වෙලාව..

      Delete
  24. පව්... ඔච්චර දෙයක් වෙයි කියලා හිතන්න නැතුව ඇති.

    ඒක නෙවෙයි පොස්ට් එකට දාන්න කොහොමහරි ෆොටෝ එකකුත් අරගෙන නේද ?

    ReplyDelete
    Replies
    1. දෙයක් වෙන්නම ඕනලුනේ ඉතින් අත්දෑකීමක් එන්න..

      හෙහ්, ඒ මනුස්සයා ඉන්න අමාරුව දිහා බලාගෙන පොටෝ ගන්න පුළුවන්යැ අප්පා..

      Delete
    2. මං හිතුවේ අර ෆොටෝ එක ඔයා අරගෙන දාලා කියලා :p

      Delete
    3. අපි එසේ ජඩමාද්‍ය කාරයෝ නොවෙමු.. හෙහ්..

      Delete
  25. ඔයින් ගියා මදැයි... මොනා විලාසිතා කලත් ශරීරය වෙනස් කරන විලාසිතා වලින් මිනිස්සු මිදෙන්න ඕන. හිල් කරන්න වෙන තැන නැතුවද දිව හිල් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. කොහේ හිල් කලත් පරිස්සම් වෙන්න ඕන බං.. ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්නේ අපි නොදන්නවා උනාට..

      Delete
  26. පව් බං අහිංසකි,ආසාවටනේ ඕක දාගන්න යන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. මොනා කොරන්නද බං..

      Delete
  27. අනිවාර්යයෙන්ම කිසිම විශබීජහරණක් නැති උපකරණ වලින් වෙන්න ඕනෙ ඔය ආභරණ පැළඳවීම කරනව ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔය හිල් කරන්න ගන්න ඉන්ජෙක්ශන් කටු එහෙම අළුත්ම ඒවා ගන්නේ.. එක්කානට එක ගානේ වෙන්න පාවිච්චි කරන්නේ..

      Delete
  28. කොරන එකක් හොයලා බලලා එපෑ කොරන්ඩ

    ReplyDelete
    Replies
    1. ඔච්චර හිතන්න නැතුව ඇති බං..

      Delete
  29. ඇත්තට මිනිස්සුන්ටත් මාර ආසාවල් නේද එන්නෙ. ඔය පියර්සිං නොගහන තැනක් නෑ නේද :D. ඒ ගැණු කෙනා නම් පව්. මොකක් හරි උනහම තමා ඉතිං ඒ මිනිස්සුන්ටත් ඕව වැඩකට නැති දේවල් නේද කියල හිතෙනව ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. අනික ලේසියෙන් අයින් කර ගන්න පුළුවන් දෙයක් නම් තව ඒත් කමක් නෑ.. පේනවනේ විදින්න උන දුකක්..

      Delete
  30. මම එදත් කීවේ ඒ අම්මා පව්...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද අක්කෝ..

      Delete
  31. අනවශ්‍ය දේ අනවශ්‍යයි කියලා නෙවද ඔය පෙන්නනේ.. දිව තියෙන්නේ විලාසිතා වලට නෙමේනෙ..රස බලන්න.. මොනවා වුනත් ගොඩ ගිය එක ගැන සතු‍ටුයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත, අනික ඕක අවුලක් නැතුව ගැහුවා උනත් නිතරම දත් අස්සේ වැදි වැදි තියෙද්දී මොන අමාරුවක්ද..

      Delete
  32. Replies
    1. ඇන්ටිගේ කටටද මේ වැට බැන්දේ?

      Delete
  33. සල්ලිත් දීලා වඳ වේදනා වින්ද ඇන්ටා ගැන මට දුක හිතුනා මලයො...දිව දැක්කම හිතෙන්නෙ දිව කුණු වෙලා කියලා ඇතුලින්...අම්මෝ....

    ReplyDelete
    Replies
    1. මේ තව හොදයි.. නෙට් එකේ නිකමට සර්ච් පාරක් දාලා බලන්න.. ඒවා දැක්කම සසර කළකිරෙනවා..

      Delete
  34. හනේ දෙයියනේ මෙහෙමත් මිනිස්සු. සොබාදහමෙන් දිපුව විකෘති කරගන්න හැටි. අර අම්මා පව්.

    ReplyDelete
    Replies
    1. සොබාදහම වෙනස් කරන්න බෑ කියලා හුගක් දෙනෙක් තේරුම් ගන්නේ සෑහෙන්න පහුවෙලානේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්