Tuesday, 5 May 2015

ඇයත් තවත් කෙනෙකි



වේගවත් මාවත දිහා මම බලාගෙන ඉන්නේ කොයිතරම් වෙලාවක ඉදලද කියන්න මතකයක් මට දැන් නැති තරම්. ඒත් මම දැන් නොදැනුවත්වම දේට ආස වෙලා. ගෙවෙන කාලයක් ගැන හිතන්නෙවත් නැතුවම මම දිහා බලාගෙන ඉන්න පුරුදු වෙලා. අවිවේකී ඇස් වලට විරාමයක් නොදෙන තරමටම සමහර වෙලාවට බලාගෙන ඉන්න කාලය දිගුයි. ඒ වුනත් කිසිම දෙයක වෙනසක් නැතුව මම හැම දෙයක් දිහාම බලාගෙන ඉන්නවා. අදත් අන්න ඒ වගේම ඒකාකරී දවසක්.

තත්පර විනාඩි හරි ඉක්මනට ගෙවිලා යනවා ඇති වුනත් මට දැනෙන්නේ හැම දෙයක්ම එකම තැනක එකම විදිහකට නතර වෙලා වගේ. ඒ මගේ හිතට දැනෙන හැටිද? මම එක වෙලාවක කල්පනා කරන්න උත්සාහ කලා. ඒත් මට උත්තරයක් දෙන්න තරම් මගේ හිත දක්ෂ නැතුව ඇති. හැම වෙලාවකම කල්පනාව තේරුමක් නැති තැනකට ගිහින් ඔහේ නතර වෙන්නේ අන්න ඒ නිසාම වෙන්න ඇති.

මම ඔහේ බලාගෙන හිටියා. ඒ, මං ලගම ඉන්න විවිධාකාර අය දිහා. ඒ හිත් වල දැන් මොනවා තියෙනවා ඇත්ද? මගේ හිතේ තිබුනේ කවමදාවත් නොවිසදෙන කුතුහලයක්. ඒත් ඒ දේවල් වලට උත්තරයක් හොයාගන්න එක ඒ අයගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගහන දෙයක් හන්දම මම හුඟක් වෙලාවට ඒ ගැන නොහිතා ඉන්න උත්සාහ කලා. ඒත්, ඒත් මගේ පිස්සු හිත.

මම හුඟක්ම ආස කලේ වෙරළට. ඒ කළබලකාරීත්වයේ මෙතනට වැඩිය හරි අපූරු සුන්දරත්වයක් තිබුනා. ඒත් හැම දේම අපි හිතනවටත් වැඩිය ඉක්මනට වෙනස් වෙලා යනවා. වෙනස් ජිවිතයත් එක්ක අපි කොච්චර කැමති උනත් අකමැති උනත් ඉස්සරහට යන්න වෙනවා. මටත් එහෙමයි. කාලයක් තිස්සේ හිත හදාගෙන ඒ දේට මුහුණ දෙන්න උත්සහ කලා වුනත් අහම්බෙන් වගේ හිතට සියුම් තුවාල ගේන මතකයන්ගෙන් දුවලා පැනලා යන්න හරි අමාරුයි.

හදිසියේම වගේ මං ගාවින්ම දැනුන පහසක් මගේ හිත හැම දේකින්ම
ඈතකට අරගෙන ආවේ බොහොම ඉක්මනට. ඇය මං ගැන වගක්වත් නැතුව මගේ ලගින්ම වාඩි වුනේ බොහොම කලබලේකින් කියන එක ඇයගේ හැසීරීමෙන් හොදටම පේන්න තිබුනා. මට ඕන වුනත්, මට ඈ දිහාම කෙලින් බලන්න පුළුවන් උනේ නෑ. මට දැක ගන්න ඕන වුනේ ඇය කොයි වගේද කියන එක.

ඉදහිට ලැබෙන විරාම වලදි මම ඇගේ මුහුණට එබෙන්න උත්සාහ කලා. ඒත් හුඟක් වෙලාවට මම අසාර්ථක වුනා. ඇය හිටියේ හදිසියේම කොහේදෝ අතරමං වුන කල්පනාවක. මම බලාගෙන හිටියේ ඇය ඒකෙන් මිදෙනකන්. ඒත් ඒක මම බලාපොරොත්තු උනාට වැඩිය බොහොම දිගු කාලයක් වුනා. මම හිතන්නේ මම ගෙවපු ජීවිතේ ඉවසුම්ම නැති කාලය ඒක වෙන්න ඇති. ඒත් මම බලාගෙන හිටියා.

" ඔයා මොකක් හරි ප්‍රශ්ණේකද?"

මට එහෙම අහන්න ඕන කලත් මගේ වචන වලට සජීවී බවක් එකතු කරන්න මට බැරි උනා. ඒ, ඇය අතරමං වෙලා හිටිය ලෝකය ඇගෙන් මෙන්ම මගෙනුත් හුඟක් ඈත එකක් බව මට දැනුන හන්දා. ඉදහිට දුරකතනයේ දගලන ඇගිලි තුඩු ඇරෙන්න ඇය වෙන කිසිවක් නොකල තරම්. ඒ සියුමැළි ඇගිලි තුඩු බොහොම ඕන කමින් දෙයක් සොයමින් හිටියා. ඒ මොකක් වෙන්න ඇත්ද? මගේ හිත ඈටත් හොරෙන් විමසිලිමත් වුනා.

බටහිර අහසේ දඟ කරන හිරු රැස් එක වෙලාවකට ඇයට කරදරයක් වුනා. දෙතුන් වතාවක්ම ඒක මග හරින්න ඇය උත්සාහ කලත් අවසානයේ ඇය ඒක අත ඇරලා දාන්න හිතුවේ ඇගේ ඒ උත්සාහය ඇයටම වදයක් උන නිසා වෙන්න ඇති. ඒ අකීකරු හිරු රැස් ඇගෙන් වසන් කරන්න මගේ හිතට ඕන කලත් මම ඒ හැඟීම නතර කර ගත්තේ ඇයට මගේ සිතුවිළි දැනේවියි කියලා බයක් දැනුන නිසා. මගේ උනන්දුව ඇයට දැනෙන්න අරින්න මට ඕන කලේ නැහැ.

කාලයත් එක්ක මග දෙපස තදබදය වැඩි වෙන අතරෙ අපි තව හුඟක් නොදැනිම ලං වෙලා තිබුනා. මට ඇගේ පහස හොදටම දැනුනා. ඇය නොදන්නවා වුනත් ඇගේ සුවද මට හොදින්ම විදගන්න පුළුවන් වෙන තරමටම ඇය මට ලං වෙලා ඉවරයි. ඒ අවසරය මට හොදටම ඇති. ඇයට නොහැගෙන්න මම ඒ සුවද හිතේ හැටියට විදගත්තා. මම හිතන්නේ හුඟක් වෙලා.

වරක් දෙවරක් ඇය මගේ දිහා බලන්න උත්සාහ කලා. මගේ හිත මොහොතකට බය වුනේ ඇයට මගේ හිත තේරුම් ගිහින්ද කියලා. නැහැ. ඇගේ මුහුණේ තිබුනේ මළාණික බවක්. මම ඒක දැක්කේ පළවෙනි වතාවට. ඈ බොහොම ඕන කමකින් යන එන අයගේ මුහුණු දිහා බැලූවා. හරියට කාව හරි හොයනවා වගේ. විනාඩි කීපයකට පස්සේ ඇය ආයෙම ඇගේ දුරකථනයේ නෙත් හංගගත්තා. ඒක එක මොහොතක මට සැනසිල්ලක් වුනේ ආයෙම ඇයට නොදැනෙන්න මට ඇයව විදගන්න පුළුවන් නිසා.

හුළගත් එක්ක ඇගේ කෙහෙරැළි මගේ මුහුණේ වදින්න ඒ තරම් වෙලාවක් ගියේ නැහැ. ඒක මට වදයක් වුනේ නැහැ. මම ඒකට ස්තූති කලා. ඇය ඔහේ පාවෙන ඇගේ කෙහෙරැළි නතර කර ගන්න අසාර්ථක උත්සාහයක හිටියා. අවසානයේ ඇය ඒක අත ඇරලා දැම්මේ නොරිස්සුම් මුහුණින් කියලා මම හොදටම දැක්කා. මගේ මුවගට යන්තමින් සිනහවක් ආවත් ඒකට සජීවි බවක් නොදී ඉන්න මට පුළුවන් උනා.

කාලය බොහොම ගෙවිලා ගෙවුනා. අපි අතර කතාබහක් තියා ඒකට ආරම්බයක් ගන්න තරම්වත් දෙයක් තාමත් නොවුන තරම්. නිහැඬියාව මට බිඳින්න ඕන වුනා. ඒත් ඒ කොහොමද? පරාජිත බවක හැඟීම මගේ හිතට නිතරම වද දෙන්න උනා. ඇය තාමත් දුරකතනය අතරේ හිර වෙලා. හරියට ඈ අවට ලෝකයක් නැති ගානට.

පාරේ බොහෝ දෙනෙක්ගේ දෑස් ඈට යොමු වෙලා තිබුනා. මම හිතුවට මං වගේම තවත් උනන්දු අය ඈ වටා හිටියා. ඇයටත් ඒක දැනෙන්න ඇති. සමහර දෑස් මඟ හරින්න ඈ බොහෝ උත්සාහ කලා. වාසනාවකට වගේ ඒ හැම උත්සාහකම අන්තිමේ ඈ මගේ ලගට තවත් ලං වෙලා තිබුනා. ඒත් එහෙම නොවුනනම් කියලා අන්තිමේ මගේ හිතට දැනුනේ හුඟක් පරක්කු උනාට පස්සෙයි.

Feeling bored with Heartless Statue

ඇගේ දුරකථන තිරයේ සටහන් වෙලා තියෙනවා අවසානයේ මම දැක්කා.





56 comments:

  1. නියමයි! හරිම අපූරු අවසානයකට ඇවිත් තියෙනවා. මට එකපාරට හිතාගන්න බැරිවුනා මේ කොහොම තැනක්ද කියලා. බස් එකක් වගේ කියලාත් හිතුනා තදබදය ගැන කියද්දි.
    ඔය පිළිමවලට කතාකරන්න පුලුවන්නම් අපිට කනක් ඇහිලා ඉන්න වෙන්නෑ.

    //කොහොමත් ඔය හදන පිළිම අන්තිමේ අයිති කර ගන්නේ පරවියෝ තමයි..// මතකද?

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒක ඇත්ත.. බැරි වෙලාවත් ඔය පරණ දේශපාලකයෙක්ගේ පිළිමයක් කතාකලොත් එහෙම ඉදලා හමාරයි..

      Delete
  2. Replies
    1. yes එලද බ්‍රා දිනේෂ්

      Delete
    2. මෙන්ඩා. තැන්කිවු මචෝ..

      Delete
    3. ඔමා, මොකෝ බං මේකගේ වල්ගේ එල්ලිලා.. තැන්කිවු..

      Delete
  3. පට්ටයි ඈ! කතාවෙ ලේබල් එක නොබලා කියවන්න ගත්ත නිසා කෙටිකතාවක් කියල හිතාගෙන ඉවර වෙනකම්ම යස අපූරුවට රැවටුනා නෙව.

    ReplyDelete
    Replies
    1. ඈ බොල ලේබල් එක බලලා කතා කියවලා ඇති වැඩක් තියෙනවද? මීට පස්සේ ලේබල් දාන්නෙම නෑ..

      Delete
  4. දිනේෂ්.....................

    ඔබ තුළ තියෙන හැකියාව කදිමට පෙන්නපු ලියැවිල්ලක් තමයි මේක.. අවස්ථාවන් විස්තර කරන විදිහ හරිම සුන්දරයි.. කතාව හිතාගන්න බැරි විදිහට හරි ලස්සන අවසානයකට ගේනවා.. නියමයි

    ReplyDelete
    Replies
    1. තැන්කිවු යාළුවා..

      Delete
  5. මුල ඉඳන් අගටම මෙලෝදෙයක් හිතාගන්න බැරිව කියවන ගිහින් අතරමං වෙලා අන්තිමට තමා තේරුම් ගියේ පට්ටයි...

    ReplyDelete
    Replies
    1. ඒකට තව පාරක් කියවන්න ඕන අන්තිම බැළුවට පස්සේ.. එතකොට තේරෙයි.. හෙහ්..

      Delete
  6. නියමයි දිනේෂ්. ලස්සනට ලියල තියෙනවා. අවසානය සුපිරිම සුපිරි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ..

      Delete
  7. අයිය හැමදාම වගේ සුපිරියට ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මලයා..

      Delete
  8. එලද බ්‍රා දිනේෂ්... කරකෝල අතාරින මේ සිස්ටම් එකට ලියන්න අපිට නං බෑ ඔන්න.. වැඩේ තේරුනේ අන්තිමට....

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දීලා බලපං මචෝ.. බැරි වෙන එකක් නෑ..

      Delete
  9. අහ්, අදත් දිනේෂ්ගෙන් මරු කරකැවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. පොඩි වෙනසකටත් එක්ක එහෙම හොදයි නේ..

      Delete
  10. සිරාවට බරපතල කෙටි කතාවක් කියල නේ බං බැලුවේ. අන්තිම වාක්‍යය අයින් කරල තව වාක්‍ය දෙක තුනකින් මරු කෙටි කතාවක් මේක.. ජය ගොං තඩියට..

    ReplyDelete
    Replies
    1. එහෙමයි උතුමාණනි..

      කෙටි කතාවට ආස අයට අපි එහෙනම් ඒ අන්තිම වාක්‍ය නැතුව බලන්න කියමු..

      Delete
  11. හරිම අපූරුයි... මමත් හිතුවේ කෙටි කතාවක් කියලා

    ReplyDelete
    Replies
    1. කෙටි කතාවක් තව පසුවට බලාපොරොත්තු වන්න..

      Delete
  12. අන්තිමට ම තේරුණා... ඔයා ඉතින් අපිව කරකවල අතාරින කතා ලියන්න දක්ෂයා...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙම ඒවත් ඉතින් ඉදලා හිටලා හරි ලියන්න ඕනනේ අක්කෝ.. ^_^

      Delete
  13. සිතක් (පිළිමයක්)කතා කරයි.
    අවුලක් නැහැ සමහර කෙල්ලොත් හදවත නැති ගල් පිළිම වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඒව ගැන ඉතින් සෑහෙන්න දේවල් කියන්න පුළුවන්නේ බං.. ඒ හන්දා ඕන නෑ එක්කෝ..

      Delete
  14. ගොඩක් ලස්සන කතාවක්... අදමයි මෙ පැත්තට අවෙත් මම...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කියලා පිළිගන්නවා එහෙනම්..

      Delete
  15. Replies
    1. කලිනුත් ලියපු දෙක තුනක් වගේ තියෙනවා මට මතක හැටියට..

      Delete
  16. ඇත්තම පිලිමයක්ද, එහෙම නැත්නම් සමහර කොල්ලො වගේ ගල් හිතක් තියන ගලින් හැදුව වගේ කොල්ලෙක්ද.
    මල්ලි ලිවුවෙ නම් පිලිමයක් ගැන වෙන්න ඇති, ඒත් සමහර වෙලාවට ඇත්ත මිනිස්සුත් මේ වගේ. බලන්න ඕන වුණත් බලන්නෙ නෑ, කතා කරන ඕන වුණත් කතා කරන්නෙ නෑ, හිතන්න ඕන වුණත් හිතන්නෙත් නෑ..........

    ලස්සන නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. මේකනම් ඉතින් පිළිමයක්මනේ.. නැත්නම් ඉතින් මෙච්චර හැඟිම් තියෙද්දී ගල් හිතක් තියෙන කොල්ලෙක් කියන එක අසාධාරණයිනේ ඉතින්.. ^_^

      ඒක ඉතින් සමහරු අවස්ථානුකූලව කරන දෙයක් නේ.. තමන්ගේ වාසියට වගේ..

      අක්කා ඇත්තම ෆොටෝ එකක් දාලා තියෙන්නේ.. ලස්සනයි ඈ..

      Delete
  17. ටී වී එකේ ගියපු පැණිකජු ඇඩ් එක මතක් උනා බං.

    වෙනද වගේමයි. මං අදත් උඹේ කතාව මහ පෙරේතකමකින් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. උඹ පැණීකජු මතක් කරන්ද මේකත් පෙරේතකමින් කියෙවුවේ.. තැන්කිවු ඈ..

      Delete
  18. අවසානය නම් පට්ට ඈහ්....

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නෑ..

      Delete
  19. මෙලෝ රහක් නෑ. wasting your talent. හැකියාව අපතේ නොයවා වැඩදායි යමක් ලියන්න.

    ReplyDelete
  20. නියමයි.හිතාගන්න බැරි අවසානයට පට්ට මනාපයි.

    ReplyDelete
    Replies
    1. අවසානය මුලින් හිතුනනම් කතාවෙනුත් වැඩක් නැහැනේ කටුස්සෝ..

      Delete
  21. ඔය කරකවල අත අරින වැඩේ නම් හරි නෑ මල්ලී, අපිත් නොඉවසිල්ලෙන් බලං හිටියේ මූ දැන් මුල පුරයි, දැන් මුල පුරයි කියලා. චැහ්, අපේ බලාපොරොත්තු හුනුවිසුනු කල මේකා පිළිමයක්නේ........

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මොනවා කරන්නද අයියේ.. පිළිමයක් නොවුනත් ඉතින් එහෙම වෙලාවට කතාකර ගන්න බැරුව අන්තිම වෙනකන් ඔහේ පිළීම වගේ ඉන්න අයත් ඉතින් නැතුවම නෙමෙයි නේ..

      Delete
  22. ලියමන ලස්සනයි ....... දිනේෂ් ..... සිතුවිලි හා ලියන රටාව මට ගොඞක් සමීපයි......
    තව කොච්චර බලන් හිඑියත් ඵච්චර තමයි ....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු අක්කේ...

      Delete
  23. දෙපාරක්ම කියෙව්වා.

    ලස්සනයි දිනේශ්. මේ අදහස් කොහෙන් ඔලුවට එනවද දන්නේ නෑ.:)

    ReplyDelete
    Replies
    1. // මේ අදහස් කොහෙන් ඔලුවට එනවද දන්නේ නෑ.:)//

      ඔලුව ඔපරේශන් කලාට පස්සේ.. හෙහ්..

      Delete
  24. oh shit..

    අඩේ, මම කොහොමද බන් විස්තර කරන්නේ...

    ඇත්තටම සුපිරි ලියවිල්ලක්. මෙහෙම ලියවිල්ලක් දැක්කමයි ..

    ReplyDelete
  25. පිළිමයක් කතා කරයි කියලා දැම්මනං හරි

    ReplyDelete
  26. බොලාගෙ කථා බහුතරයක ඉතින් අවසානයෙදි තමයි මුළු කථාවෙම චරිත ටික එක තැනකට එන්නෙ...මෙතැනදිත් එහෙමදෝ කියලා මම මේ කල්පනා කොලේ...

    ReplyDelete
  27. ලස්සනයි මචං ආයෙත් කියෙව්වා

    ReplyDelete
  28. හිතාගන්න බෑ...කරකවලා අතඇරියා වගෙයි අන්තිමට..කොහොම වුනත් කතාව මරු ඈ

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්