Wednesday, 8 April 2015

අසම්මත හැඟීමක්



හැඟීම් මිනිස්සුන්ගේ ජීවිතය එක තත්පරයකින් වෙනස් කරනවා කියන එක මම ඇත්තටම විශ්වාස නොකරපු දෙයක්. මම නිතරම කල්පනා කලේ එහෙම වෙන්න පුළුවන්ද කියන එක. ' නැහැ, එහෙම වෙන්න බැහැ.' මගේ හිත නිතරම විශ්වාස කලා. ඒක කොයි තරම් දුරකට සාර්ථක නිගමනයක්ද කියන්න මම දැනන් හිටියේ නෑ. ඒත් මම දවසින් දවස හිටියේ ඒ විශ්වාසය උඩ. රස්නය වැඩියෙන් දැනෙද්දී මහා ලොකු අයිස් කන්දක් හරි ඉක්මනට දියවෙලා මුහුදට කඩාගෙන වැටෙනවා වගේ මගේ අන්න ඒ විශ්වාසයත් හරි ඉක්මනට කඩාගෙන වැටුනා. මම හිතුවෙවත් නැති විදිහකට.

මම වැරදියි. මේ කතාව පුරාවටම අකුරක් අකුරක් ගානේ මම ඒක පිළිගන්නවා කියලා තේරේවි. මට ඒකට සමාව යදින්න බැහැ. ඒ, මම ඒකට සුදුසු නෑ කියලා මම හිතන නිසා. ඒත් හැම දෙයක්ම අතරේ අකුරු කරන්න බැරි හැඟීමක් මගේ හිතට වද දේවි කියලා මම දන්නවා. මම තාමත් අන්න ඒ හැඟීම තේරුම් ගන්න උත්සාහ කරනවා. මගේ ජීවිතයම වෙනස් කරපු. සමහරවිට මට ඒක තේරුම් ගන්නම බැරි වේවි. අන්න ඒ නිසයි අන්තිමේ මට මේ තීරණය ඇරෙන්න වෙන කිසිම දෙයක් ඉතුරු නොවුනේ.

***

ඒ දවස මට හොදින්ම මතකයි. සති දෙකකට කලින් ගෙවුන ඉරිදාව. වෙහෙසකාරි ජීවිතයේ තවත් එක දවසක්. හැම දේකටම හේතුවක් තියෙනවා කියලා මම හිතුව නිසාම ඒ වෙහෙස ගැන ඕනාවට වැඩ්ය හිතන්න මම උනන්දු උනේ නෑ. ඉවරයක් නැතිව වැටෙන වරුසාව අතරින් මම සුපුරුදු තැනට ඇවිදගෙන ආවා. ඒ, මම වැඩකරන පෞද්ගලික රෝහලට. බාගෙට තෙමුන කඹාය පිහ දමන අතරේ මම රෝහලට ගොඩ වුනේ ඉවරයක් නැති වැස්සට සාප කරන ගමන්.

රෝහලේ ඉස්සරහා කොරිඩෝවේ තිබුනේ පරණ පුරුදු පාළු මූසල කමමයි. මෙතනින් බලාකියා ගත්ත රෝගීන් බොහෝ පිරිසක් හිටියත් එයින් වැඩි දෙනෙක් හිටියේ මෙතන නැවතිලා නෙමෙයි. ඒක මෙතන වැඩ කරන අයටනම් කියා ගන්න බැරි පහසුවක්. ඒත් මට එහෙම නෙමෙයි. එහෙම වුනේ ඒ රෝහලෙන් බොහෝමයක් ප්‍රතිකාර ගත්තේ ආබාදිත රෝගීන් වුන නිසා. හුඟක් දෙනෙක් ජීවිත කාලෙමට එක් තැන් වුන අය. එහෙම අය බලාගන්න ගෙදරට යන එක තමයි මගේ රාජකාරිය. බොහෝමයක් හැල්මේ දුවන මිනිස්සු අතරේ අසරණ වුන තමන්ගෙම කෙනෙක් වෙනුවෙන් වෙන් කරන්න තරම් කාලයක් හොයා ගන්න බොහෝමයක් දෙනෙක්ට අමාරු වුනා. එහෙම නැත්නම් ඕන කමින්ම ඒ අවස්ථාව මග ඇරියා.

මම හිටියේ ජීවිතේ වෙනසක් හොය හොය. අහම්බෙන් ලැබුන ඇරයුමකට එදා මෙතනට එද්දී අද තරම්ම බරපතල කමක් දැනුනනම් සමහර විට අද මම මේ සටහන නොලියාවි. ඒත් ජීවිතේ අපි ගන්න තීරණ අපිට වෙනස් කරන්න හරි අමාරුයි. මේ, මම මෙතනට ඇවිත් ගෙවෙන හය වෙනි අවුරුද්ද.

" ජේන්."

කවුරු හරි මට කතා කරන සද්දෙට මම ආපහු හැරිලා කොරිඩෝව දිහා බැළුවා. කෙලවර හිටියේ බ්‍රයන්. ඒ මගේ ප්‍රධානියා.

" ජේන් අදම යන්න වැඩක් තියෙනවා. සමහර විට ටික දවසක් නතර වෙලා ඉන්න වේවිද දන්නේ නෑ.  ඒක ඔයා ගිහින් කතා කරලා බලන්න. කොහොම උනත් හොද සල්ලි තියෙන මිනිස්සු. ඒ හන්දා ජේන්ට මේක හොද වාසියක්."

" කොහෙද තැන?"

" ලන්ඩන් වලම තමයි."

බ්‍රයන්ගෙන් මට ලැබුනේ ලිපිනයක් විතරයි. මම ඒකත් අරගෙනම රෝහලෙන් එලියට එන්න ආවත් ආයෙම වතාවකට වැස්ස මට හරස් වුනා. මේ වතාවේ කලින්ටත් වැඩිය වේගයෙන් වැටෙන වැහි බින්දු දිහා මම බලාගෙන හිටියේ නොසන්සුන්ව. හෑන්ඩ් බෑගයෙන් එලියට ගත්ත මුදල් පසුම්බිය මොහොතකට අරන් බැළුවේ කුලී රථයකට ගෙවන්න තරම් මුදලක් ඒකේ තියෙනවද කියලා බලන්න. ඒත් හිත මොහොතකට මාව ඒකෙන් නතර කර ගත්තා. ඒ, තිබුන සොච්චම් මුදලෙන් කරන්න හුඟක් දේවල් තියෙනවා කියලා මට මතක් වුන හින්දම.

වැස්ස පුළුවන් තරම් මඟ අරින අතරේ මම වීදි දිගේ ඇවිදන් ආවා. ඒ ගමන ටිකක් විතර දිගුයි. වැස්ස තවත් ඒ ගමන දිගු කලා වගේම හැකි තරම් මා තෙමා දමන්න සමත් වුනා. අවසානයේ මම නතර වුනේ බ්‍රයන් දුන්න ලිපිනයේ තිබුන නිවස අසල. ඇත්තෙන්ම එය මන්දිරයක්. බොහොම තේජාන්විතව ඉදිවුන ඒ මන්දිරය තරම් සුවිසල් නිවසක් ඒ වීදියට වෙන තිබුනේ නෑ.

ඔවුන්ගේ අවසරයෙන් මම ඒ නිවසට ඇතුළු වුනා. මගේ සේවා කාලයටම ඒ තරම් ධනවත් නිවසකට මම ආව පළවෙනි වතාව. ආලින්දයේ නතර වෙලා හිටිය විනාඩි කීපය මම ගෙවා දැම්මේ ඒ මොහොතේ පේන්න තිබුන සුන්දරත්වය විදගන්න. මං දකින හැටියට ඇත්තෙන්ම එය මාලිගයක්.

" ජේන්, බ්‍රයන් කියපු විස්තර හරි නම් මේ ජේන් වෙන්න ඕන."

මම හැරිලා බැළුවේ ඒ කටහඬ දිහා. තේජාන්විත පෙනුමෙන් බලාගෙන හිටිය ඔහුගෙන් දෑස් ඉවතට ගන්න මම ඇත්තටම මොහොතක් දෙකක් ප්‍රමාද උනා.

" ඔවු. " මම හෙමින් උත්තර දුන්නා.

" මම අර්ල් වෙලින්ග්ටන්. මගේ ව්‍යාපාර කටයුතු නිසා මම හිතන්නේ  ජේන් මං ගැන අහලා ඇති."

අවාසනාවකට වගේ ඔහුගේ අනුමානය වැරදි උන නිසාම යන්තමින් සිනහවකින් ඔහුට පිළිතුරු දෙනවා ඇරෙන්න විදිහක් මට ඉතුරු වෙලා තිබුනේ නෑ. ඔහුත් ඒක තේරුම් ගන්න ඇති.

" මගෙන් ඔබට මොකද්ද කෙරෙන්න ඕන?"

" අහ්, හරි. අපි එහෙනම් කෙලිනම උඩ තට්ටුවට යමු."

ඔහුගේ ව්‍යාපාර ගැන දැන ගන්න තරම් උනන්දුවක් මට නොතිබුන නිසාම මම මගේ රාජකාරිය ගැන ඔහුට මතක් කලා. තරප්පු පෙල නැගගෙන ඔහු මාව රැගෙන ගිය කාමරයට යන්න විනාඩි දෙකක් විතර යන්න ඇති. ඒ, නිවස විශාල වුන නිසාත් මගේ ඇස් අහකට ගන්න බැරි තරම් ලස්සන දේවල් ඒ අතර මම දැක්ක නිසාත්.

කාමරයේ මැද තිබුන සුවිසල් ඇද මත ඈ වැතිර ඉන්නවා දැක්කේ මම කාමරේට ඇතුල් වෙද්දීම. නවීන වෛද්‍ය උපකරණ බොහෝමයක්ම ඇගේ ඇද වටා තිබුනා. ඈ ඉන්නේ කුමන තත්වෙකද කියන එක තේරුම් ගන්න මට ඒ තරම් වෙලා ගියේ නෑ. ඒත් මම ඔහුට ඉඩ දුන්නා ඒ බව කියන්න.

" මේ මිශෙල්, මගේ එකම දුව. ජේන්ට බැළු බැල්මටම පේනවා ඇති එයා ඉන්නේ මොන වගේ තත්වෙකද කියලා."

" ඔවු, කොහොමද මෙහෙම දෙයක් වුනේ?"

" ගිය අවුරුද්දේ. කැම්පස් එකේ ඉදන් එන අතර මගදි මිශෙල්ගේ කාර් එක ඇක්සිඩන්ට් වුනා. වාසනාවකට වගේ මිශෙල්ගේ ජිවිතයට ඒකෙන් බේරුනත් එයාගේ කොදු ඇට පෙලට වගේම මොළයටත් හුඟක් දරුණු තුවාල වුනා. ජේන්ට පේනවා ඇතිනේ අද මිශෙල්ට මේ ඇදෙන් නැඟිටින්නවත් බැහැ."

" එයාට කතා කරන්න පුළුවන්ද?"

" බැහැ. ඒත් දොස්තර්ලා කියන්නේ එයාට හැම දෙයක්ම පේනවා දැනෙනවා කියලා. සමහර විට ටික කාලෙකදි ආයෙම කතා කරාවි. හැබැයි ඒක අපේ විශ්වාසයක් විතරයි."

මම ඇයව ලගින් දැක්කේ පළවෙනි වතාවට. ඒ තරම් සුන්දරත්වයක් මම කලින් දැකලා තිබුනද කියලා මගේ මතකයක් නෑ. ඇත්තටම ඇය ලස්සනයි. අකුරු අතරේ විස්තර කරන්න බැරි තරම් ලස්සනක් ඇයට තිබුනේ. ඔහුගේ කතාව ඉස්සරහට මොන විදිහට ඇදිලා ගියාද කියලා මගේ මතකයක් නැත්තේ මම ඇගේ ලස්සන දිහා බලාගෙන හිටිය නිසා. මම හිතන්නේ විනාඩි  කීපයක් මම එහෙම ඉන්න ඇති.

" ජේන්."

අන්තිමේ ඔහු හඬ ටිකක් සැර කරලා කතා කලේ මම කිසි දෙයක් අහගෙන හිටියේ නෑ කියල දැනුන නිසා වෙන්න ඇති. ඒ තිගැස්මටම මම ඔහු දිහා බැළුවා.

" මම දන්නවා මේක ටිකක් අමාරු වේවි කියලා. ඒත් ජේන් කැමතිනම් මිශෙල්ව බලා ගන්න, ඒක අපිට ලොකු පහසුවක්. "

" මම එන්නම්. "

මම ඔහුට පිළිතුරක් දුන්නේ ඈ දිහා බලාගෙනම. වෙනදට කෙනෙක් බලාගන්න තීරණයක් ගන්න කලින් හුඟක් දේවල් ගැන මම හිතුවා වුනත් එදා මම ගත්තේ ඉක්මන් තීරණයක්. ඇත්තටම ඒ ඇය හන්දා.

වෙනදට වැඩිය උනන්දුවෙන් මම මට උවමනා කරන දේවල් සූදානම් කර ගත්තා. ඒ මට එහේ නවාතැන් අරගෙනම මිශෙල්ව බලාගන්න අර්ල් කරපු ඉල්ලීම නිසා. ගමන අතර තුරේ සුපුරුදු වැස්සම මට බාදා කලත් කලින් වගේ මට ඒ ගැන තරහවක් අකමැත්තක් තිබුනේ නෑ. සවස් වෙද්දී මම හිටියේ ඇයගේ නිවසේ.

මිශෙල්ගේ කාමරය අසලම තිබුන කාමරයක් එර්ල් මං වෙනුවෙන් සූදානම් කරලා තිබුනා. එතන මට ඕනවටත් වැඩිය සැප පහසුකම් තිබුනා. කොටින්ම වෙන තැන් වලින් නොලැබෙන තරම්ම. මගේ කාමරය ගැන උනන්දු වෙනවට වැඩිය මගේ හිත තිබුනේ මිශෙල් ගැන. ඒ හන්දමයි ඒ නිවසේ මගේ ගෙවුන පළවෙනි අඩ හෝරාව විතර මම ඇගේ කාමරේ ගෙවලා දැම්මේ. ඇය හිටියේ නින්දක. ඒක හරියට දෙවියෝ මගේ ඉල්ලීම ඉටු කලා වගේ දෙයක්. මම කිසිම කරදරයක් චකිතයක් නැතුව ඈ දිහා බලාගෙන හිටියා.

ඇගේ පියකරු මුහුණ දිහා ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්. අවාසනාවන්ත විදිහට ඇයට මෙහෙම දෙයක් නොවුනනම් ඇය මීටත් වඩා ලස්සනට ඉන්න තිබුනා නේද කියලා මගේ හිතේ නිතරම මැවෙන්න පටන් ගත්තා. ඈ මගේ වයස මෙන් අඩක් පමණ වුනත් මම බලාගත්ත වෙන කිසිම කෙනෙකුට නැති තරමේ විශේෂිත කමක් ඈ වෙනුවෙන් මට දැනුනා. මම දන්නේ නෑ ඇයි කියන්න. ඒ ගැන හිතන්න මම උනන්දු උනෙත් නෑ. මම කලේ ඈ දිහා බලාගෙන ඉන්න එක.

ඊලග විනාඩි කීපයෙදි මිශෙල් ඇහැරිලා මං දිහා බලාගෙන හිටියා. හැම දෙයක්ම අමතක වෙලා මම බලාගෙන හිටියේ ඇගේ ලා කොල පාට ඇස් දෙක දිහා. ඒ, මම ඒ පාට ඇස් දෙකක් දැක්ක පළවෙනි වතාව වගේම ඒ ඇස් වල මහා අමුත්තක් මට දැනුන නිසා.

" මම ජේන්, අද ඉදන් ඔයා ලග ඉන්නේ මම."

මම ඇගේ නෙත් වලටම එබිලා කතා කලා. මිශෙල් දෙපාරක් ඇහිපිය සැළුවේ ඇගේ පිළිතුර දෙන්න වෙන්න ඇති. මම හිතන්නේ මිශෙල් එයාගේ කැමැත්ත කියන්න ඇති. ඒ ගැන හරියටම තේරුම් ගන්න මට බැරි උනත් මිශෙල්ගේ ඇස් වලට යටත් වෙලා තිබුන මගේ ඇස් මම ඉවතට ගත්තේ බොහොම අමාරුවෙන්.

හවස අර්ල් මට ඉස්සෙල්ලම බාර කලේ මිශෙල්ව නාවන එක. ඒක මට කියලා දෙන්න තරම් මහා අරුම දෙයක් නොවුනත් නාන කාමරයට මිශෙල්ව අරගෙන යන්න අර්ල් මට උදවු වුනා. මිශෙල් වෙනුවෙන් වියදම් කරන්න ඕන තරම් මුදල් අර්ල් ලග තිබුන හන්දම ඈ වෙනුවෙන් සැකසුන විශේෂිත නාන කාමරයක් ඇගේ කාමරේම තිබුන. අන්තිමේ එතන මිශෙල් එක්ක තනි වුනේ මම විතරයි.

මම ඇයව ඇගේ පුටුවෙන් වාඩි කරා. මට එක වෙලාවටකට දැනුනේ මිශෙල් හරියට බෝනික්කියක් වගේ. ඒ ලා කොල පාට ලස්සන ඇස් එහා මෙහා කරනවා ඇරෙන්න ඇයට වෙන කරන්න පුළුවන් දෙයක් නොතිබුන හන්දම මිශෙල් බෝනික්කියක් කියලා හිතන එකේ මහා ලොකු අරුමයක් තිබුනේ නැහැ. මම එකින් එක ඇගේ ඇදුම් ගැලවුවා. ඒ මට පැවරුන රාජකරිය ඉටු කරන්න.

පළවෙනි වතාවට මිශෙල් මගේ ඉස්සරහා නිරුවතින් හිටියා. ගැහැණූන් බොහෝමයකගේ නිරුවත මම හොදින්ම දැකලා තිබුනත් මේ වතාවේ ඒකේ වෙනසක් තිබුනා. ඒ ඇත්තටම මිශෙල් නිසා. එයාගේ ලස්සන නිසා. මලානික ඇස් වලින් මිශෙල් බිම බලාගෙන හිටියා ඇරෙන්න මං දිහාවත් බලන්න උත්සාහ කලේ නෑ. මට ඒ අවසරයම හොදට ඇති. මම ඒ රූ සපුව දිහා හොදින් බලාගෙන හිටියා. ඇත්තටම ඕනවටත් වැඩිය.

පෙන නැහැවුන සිනිදු රෙදි කඩ ඇගේ ගත පුරා නැහැවෙද්දී මම හිටියේ වෙනමම ලෝකයක. ඇගේ පිරුණ ලමැද, නිතඹ අතර වාරු නැති දෙපා මත මගේ දෑත කි වතාවක් ස්පර්ශ උනාද කියලා මම දන්නේ නෑ. මම ඒ පහස වින්දා. සමහර විට ඇයට ඒ කිසිම හැඟීමක් නොදැනෙන්න ඇති. ඒත් මගේ මුහුණේ හැඟීම් වල වෙනසක් ඇයට මඟ ඇරෙන්න විදිහක් නැති වෙන්න ඇති.

මුළු රාත්‍රියම ගෙවුනේ අමුතු හැඟීමකින්. නින්දක් නැති නිදි යහන මට සැරින් සැරේ අරගෙන ආවේ මිශෙල්ගේ මතකය. ඇත්තටම ඒ රූ සපුවේ මතකය. එක විනාඩියකට දෑස් පියා ගත්ත මට දැනුනේ හරියට මම තාමත් මිශෙල් එක්ක තනි වෙලා වගේ. මම ඒ පහස ටිකකට හිතින් විද ගත්තා. මම සතුටු වුනා. ඔවු, මම තනියම සතුටු වුනා.

***

ගෙවිලා ගියේ අර්ල්ගේ නිවසට ඇවිත් නිමා වුන දහ වෙනි දවස. මහා වරදකාරී හැඟීමක් මගේ හිත ඇතුලේ නිතරම වගේ හොල්මන් කලා. මට නිතරම ඕන වුනේ අදුරු කාමරේක මුල්ලක හැංගිලා ඉදලා හැමදේම අමතක කරන්න ඕන තරමේ හැඟීමක්. ඒත් මට එහෙම කරන්න පුළුවන් වුනේ නෑ. නිතරම මතකයට වද දෙන සිතුවිළි වලින් මට පැනලා යන්න ඕන වුනා.

නිරුවතින් හැම රෑකම මගේ ලගට එන මිශෙල් මම දන්නෙම නැතුව මගේ සිහිනයත් උදුරගෙන තිබුනා. ඒ දිගු ලස්සන දෙපා වලට වගේම මගේ ගත පුරා දැවටෙන ඒ සිනිදු දෑගිලි වලට පණ තිබුනනම් කියලා මම නිතරම හිතුවා. ඒත් සිහිනය මාව ඊට වැඩියෙන් පිනෙවුවා. කොයිතරම් වැරදි වුනත් මම ඒ හීනයට ආදරේ කලා.

" ජේන්, අද අපි දෙන්නම එන්න ටිකක් රෑ වේවි. සමහරවිට පාන්දර වෙන්න පුළුවන්. මිශෙල්ගේ වැඩ ඉවර කරලා එයා නිදා ගත්තම ඔයත් නිදා ගන්න. අපි එනකන් බලාගෙන ඉන්න ඕන නෑ."

අර්ල් ඔහුගේ පෙම්වතියත් එක්ක ගෙදරින් පිට වෙලා ගිහින් හුඟක් වෙලා යනකන් කිසිම දේක වෙනසක් තිබුනේ නෑ. මම හිටියේ මිශෙල්ගේ කාමරේ. මිශෙල් නින්දට යනකන් මම එයා ලගට වෙලා හිටියා. මිශෙල්ට අඩුගානේ කතා කරන්නවත් පුළුවන් උනානම් සමහර විට මම හිතින් වද වෙන සිතුවිළි මගේ හිතේ නොතිබෙන්න ඉඩ තිබුනා. මම ඇවිත් මගේ ඇදේ වැතිරුනා. මහා කාලයක් වගේ දැනුනත් ගෙවිලා ගිහින් තිබුනේ විනාඩි කිහිපයක් විතරයි.

සුපුරුදු හැඟීමම මගේ හිත කලඹවන්න පටන් ගත්තා. තනියම සතුටු වෙන අතරේ මගේ හිත අඩ නින්දෙන් වගේ ඇහැරුනේ එක දෙයක් මතක් වෙලා. ඒ, මිශෙල්. මම හිත තද කර ගත්තේ ඒ හැඟීම නතර කර ගන්න. ඒත් මට ඒකට පුළුවන් කමක් ලැබුනේ නෑ. මම මිශෙල්ගේ කාමරයට ආවේ කොහොමද කියන එක ගැනවත් මගේ මතකයක් නෑ. මම හිටියේ ඇගේ අද ලගට වෙලා ඇය දිහා බලාගෙන.

ආදරණීය මිශෙල්, ඇය හිටියේ නින්දේ. හුස්මත් එක්ක හෙමිහිට ඉහල පහල යන ඇගේ පිරිපුන් ළමැද දිහා මම බලාගෙන හිටියා. ඊලගට ඒ ලස්සන මුණ දිහා. මම හෙමීට ඒ සිනිදු කෙහෙරැලි අතරේ මගේ ඇඟිලි අරන් ගියා. මම හිටියේ හීනයක අතරමං වෙලා. යන්තමින් ඇස් ඇරපු මිශෙල් මං දිහා බලාගෙන හිටියා. ඒ මුහුණ දිහා බලාගෙන හිටිය මම අවසරයක් නැතුවම ඒ තොල් සිප ගත්තා.

ඒ ලස්සන ඇස් වල තිබුනේ බයක්. ඊලගට මොනවද වෙන්නේ කියලා දන්නවා වුනත් කිසිදෙයක් කරන්න බැරි හන්දම අසරණ වුන බයක්. මම තව කීපවරක්ම ඇයව සිප ගත්තා. ඇගේ ඇස් වල අකමැත්තක් තිබුනත් ඊලග මොහොත වෙද්දී ඇය නිරුවත් වෙලා හිටියා. ඒ ළමැද නිතඹ අතරේ සුවද විද ගත්ත මම අවසානයේ නතර වුනේ ඇගේ වාරු නැති දෙපා මැද. සිහිනයෙන් විදි දෙය සැබෑවක් වෙන්න ගත වෙලා තිබුනේ බොහොම පොඩි කාලයක් විතරයි.

මිශෙල්ගේ ඇස් වලින් ගලාගෙන ඇවිත් තිබුන කඳුළු මම දැක්කේ අවසානයේ. මට ඒක ගැන හිතන්න තරම් ඕන කමක් තිබුනේ නෑ. මම හිටියේ සුරංගනා ලෝකෙක අතර මං වුනා වගේ හැඟීමක විතරයි. ඒත්, ඒ පුංචි වෙලාවකට විතරයි.

මම පියවි සිහියට ආවේ අර්ල් එයාගේ පෙම්වතියත් එක්ක නිවසට ආවයින් පස්සේ. අර්ල්ට එයාගේ දුවගේ මුණේන් වෙනසක් පේන්න ඇති. මගේ හිත බය වුනා. ඒ, මගේ අතින් වුන දේ ගැන. උදේ මගේ ගෙදරට  මම දුවලා ආවේ කාටත් හොරෙන්. මට ඕන වුනේ තනි වෙන්න. හැම දොරක්ම අගුළු දාගත්ත මම කළුවරේම තනි වුනා. ඉදලා හිටලා අසල්වැසියෙක් තරප්පු පෙල නගින සද්දේ උනත් මගේ හිතට ගෙනාවේ බයක්.

කිසිම දවසක සිද්දවෙයි කියලා හිතුවෙවත් නැති තරමේ වැරැද්දක් මගෙන් සිද්ද වෙලා ඉවරයි. ඒ ගැන මතක් වෙද්දිත් හිත හුඟක් කළකිරෙන තැනට මම දන්නෙම නැතුව වැටිලා.  මොහොකතක ලබපු සතුට මට දැන් දැනෙන්නේ මහා වේදනාවක් වගේ. මේ හැමදෙයක්ම අතරේ කැරකෙමින් තිබුන විදුළි පංකාව දිහා මම මොහොතක් බලාගෙන හිටියා.

***

දිගු හුස්මක් පිට කරපු ඔහු කාමරේ දිහා බැළුවේ අප්‍රසන්න හැඟීමකින්. ඔහුගේ අතේ තිබුන ලියුම සාක්කුවට දා ගන්න අතරේ ඔහු එක වරක් ඇය දිහා බැළුවා. බයෙන් විශාල වුන ඇස් තාමත් විවර වෙලා තිබුනා. ඒ බය මොන වගේ එකක්ද කියලා ඔහුට තේරුම් ගන්න අමාරු වුනේ නෑ.

" සාජන්, බොඩි එක ඉස්පිරිතාලෙට යවන්න. මම හිතන්නේ නෑ මරණ පරීක්ෂනෙන් පස්සේ අපිට මේ ගැන ලොකු දෙයක් කරන්න ඉතුරු වෙලා ඇති කියලා." 

ඔහු තව එක වතාවක් ඇගේ නිසළ සිරුර දිහා බලාගෙන නිවසින් පිට වෙන අතරේ කිවුවා.
 


නිමි....

60 comments:

  1. මං හිතන්නේ ඔයා Pedro Almodóvar මහත්මයා අධ්‍යක්ෂණය කරපු talk to her ෆිල්ම් එක බලලා ඔයාගේ පරිවර්තනය ලියලා කියලමයි. ඇකඩමි සම්මාන හම්බවෙච්ච හොඳ ස්පනිෂ් ෆිල්ම් එකක් ,,, හැබැයි අවසානය නම් දිනේෂ්ගේ කතාවට වඩා දිර්ගයි...

    මිෂෙල් ප්රෙග්නන්ට් වෙලා ආයෙම සාමන්‍ය ජිවිතයක් ලබද්දී ජේන් හිරේට ගිහින් සියදිවි හානි කරගන්නවා..

    ඔයා බලලා නැත්නම් බලන්න ,,, හරිම ලස්සන ෆිල්ම් එකක්

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා ෆිල්ම් එකකුත් තියෙනවද? හ්ම්ම්. බලලා නෑ බං..

      මේක මේ ලගදි මගේ ඔළුවට ආව අයිඩියා එකක් එක්ක ලියපු කතාවක්..

      Delete
    2. නියමයි ඒ කථාවත්. කට්ටිය අස කරන ඔයාගේ මේ කතා ශයිලියට මාත් ආසයි. ගොඩක් සාර්ථක යි දිනේෂ් .

      Delete
    3. මාත් ඉතින් ආසම කෙටි කතා ලියන්න තමයි ඉතින්.. ඒකට වෙලාවත් ඕන හොද කතාවකුත් ඕන.. ඔය දෙකම හරි අමාරුයිනේ හොයා ගන්න..

      Delete
  2. අම්මෝ ඔලුවත් අවුල් වුනා....
    බට් පට්ට ම පට්ට....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු මචෝ..

      ෆොටෝ එකෙන්ම පේනවා ඔළුව අවුල් වුන තරම.. හෙහ්..

      Delete
  3. පිස්සු හැදුනා දිනේශ්.. මිනිස්සුන්ගේ (මගේ) හිත හා හැඟීම් මෙච්චර ඉක්මණට සසල කරන්න පුලුවන් කියල මං මෙච්චර කල් විශ්වාස කරේ නෑ.. ඇත්තටම මං හිතුවේ මං එච්චර ඉමෝශනල් එකෙක් නෙවෙයි කියලා.. ඒත් මං වැරදියි.. ඒක මගේ මේ කොමෙන්ට් එක පුරාම ලියනවා.. එකක් කියන්නම්.. දිගටම ලියපං මල්ලි.. සුපිරි!

    ReplyDelete
    Replies
    1. අපි හිතනවට වැඩිය අපි ඉමෝශනල් අයියේ.. ඔයා කියන දේ මට තේරෙන්නේ මමත් එහෙම හිතාගෙන හිටියා වගේම මටත් එහෙම වෙලා තියෙන නිසා..

      ගොඩක් ස්තූතියි අයියේ..

      Delete
  4. ජේන් කියන නම නිසා මම සෑහෙන මුලාවක වැටුනා. සෑහෙන දුරක් ගිහාමයි වෙනස දැනුනෙ. දිග වැඩියි ටිකක් කියවලා ආයි පස්සෙ බලනවා කියලා හිතාගෙන පටන්ගත්තෙ. ඒත් ඉවර වෙනකම්ම ඇවිත්. ඒක තමා දිනේෂ්ගෙ ලිවිල්ලෙ අනන්‍යතාවය.

    ReplyDelete
    Replies
    1. අහ්, ඇයි ජේන් ගේ නමේ මොකද්ද අවුල.. මම ඉතින් ජේන්ට සම්පූර්ණ නමක් යෙදුවේ නැත්තේ, මේක ජේන් කරන පාපොච්චාරණයක් නිසා..

      Delete
  5. ඔලුව අවුල් වුනා ඒක පාරටම..

    ජේන් කියන්නේ ගෑනු කෙනෙක් ද පිරිමි කෙනෙක් ද

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න කාලෙකින් මේ පැත්තේ අදහසක් ලියලා තියෙන එකෙන්ම කොච්චර අවුල් වෙලාද කියලා හිතා හන්න පුළුවන්.. ඔවු ජේන් කියන්නේ ගෑණූ කෙනෙක්..

      Delete
  6. අනේ මේ ජේන් කියන්නේ ගැනු පරානයක්ද දිනේෂ්

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, ගෑණු පරාණයක් තමයි..

      Delete
  7. දිනේෂ් ස්ටයිල් කියන්නේ මෙන්න මේවගේ කතා වලට, මම හිතන්නේ ඌන පූරණ කියන්න අවශ්‍ය නෑ. විශිෂ්ටයි ...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු ඉවාන්.. වැඩිය දේවල් නැතත් රසවින්දානම් ඒ ඇති බං මට..

      Delete
  8. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ......
    කතාව ගොඩ නගලා තියෙන විදිහ හරිම විශිෂ්ටයි....

    ReplyDelete
    Replies
    1. හිතට අකුරු කරන්න බැරි දෙයක් දැනුනනම් අන්න ඒකයි මම බලාපොරොත්තු වෙන දේත්..

      Delete
  9. නිවීහැනහිල්ලේ කියවන්ඩ ඕන... ඊට පස්සෙ දෙන්නං විස්තරේ...

    ReplyDelete
    Replies
    1. හා හා, එහෙනම් බලාගෙන ඉන්නවා..

      Delete
  10. ඔලුව කැරකෙනවා වගේ හැඟීමක් ආව.

    ReplyDelete
  11. ශෙහ් මේක මරු! තාම ඔලුව කැරකෙනව වගේ. හැමදේම මැවිලා පේන විදියට ලියලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  12. anthimata mokada une , therune nane , a girl marilada ? a kohomada ?

    ReplyDelete
    Replies
    1. මැරුනේ ජේන්, එයා මැරෙන්න කලින් කරපු පාපොච්චාරණය තමයි මේ තියෙන්නේ..

      Delete
  13. මෙහෙම ලියන්න පුළුවන් කීප දෙනෙකුටයි. හරිම තාත්විකව ලියලා තියෙනවා. බලන්න ගත්තම වෙලාව යනවා දැනුනේ නෑ දිනේශ්. ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චන්දි අක්කේ..

      Delete
  14. වචන ගොඩකින් කියන්න බැරි දේ තනි වචනෙකින් කියන්න පුලුවන්ලුනෙ. ඒ හින්දා සේරම එකතු කරලා ඉස්‍තරම් නිර්මාණයක් කියලා කියන්නම්......

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.. ඒ වචන ටිකත් ඇති මචං..

      Delete
  15. බොට මේ තේමාවට කථා ලියන්න හොද හැකියාවක් තියෙනවා මලයා. උඹටම අනන්‍ය වූ හැකියාවක් ඒක. මෙයට සමාන කථා ලියන කිසිවෙකුත් මම කියවන බ්ලොග් අඩවි වල නම් නෑ. අපූරුයි.

    ReplyDelete
    Replies
    1. අපේ බීටල් අයියට පුළුවන් මීට වැඩිය හොදට ලියන්න.. හැබැයි ඉතින් වැඩිය ලියන්නේ නැති එක තමයි ප්‍රශ්ණේ..

      Delete
  16. වෙනදා වගේම පට්ටයි දිනේෂ් :) නියමෙට අවස්ථා ගලපලා තියනවා

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  17. වෙනද වගේම නියම කෙටි කතාවක්. කියවල ඉවර වුනා තේරුනේවත් නෑ.

    ReplyDelete
    Replies
    1. මම එක පාරට හිතුවේ කියවලා ඉවර වුනා කතාව තේරුණේ නෑ කිවුවා කියලා.. හෙහ්..

      Delete
  18. දිනේෂ්.....................

    කතා කාරයෙක් විදිහට ඔබ හරිම සාර්ථකයි..... අැත්තට ම ඔබේ කතාවල ඔබට ම අාවේණික ලක්ෂණ ගොඩක් තියෙනවා.. ඒ අතරින් රූපක මැවෙන්න ලියන්න ඔබ හරිම දක්ෂයෙක්.......

    ReplyDelete
    Replies
    1. තැන්කිවු කුරුට්ටෝ..

      Delete
  19. මේ වගේ අදහස් එන්නේ දිනේශ්ට විතරමද? අන්තිම වෙනකල් ලියන්නේ කෙල්ලෙක් බව තේරුනේ නෑ. මම හිතුවේ ඉතාලිය පැත්තේ 'ජේන්' කියලා කොල්ලෝ ඉන්නවා කියලයි.:D

    කතාව ඉවර කරලා තියෙන හැටි හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. හයියූ ඉතින්.. මම ඒක ගැන එච්චර හිතුවෙත්නෑ.. අනික ඉතින් සාත්තු නිවාසයක ගෑණු කෙනෙක් බලාගන්නේ ගෑණු කෙනෙක්මයිනේ අක්කෝ.. අන්න ඒ හන්දා මම ඒක ඒ හැටි විස්තර කරන්න ගියේ නෑ.

      Delete
  20. මටත් පොඩ්ඩක් අවුල් වුණා කතාව කියන්නේ කොල්ලෙක්ද,කෙල්ලෙක්ද කියලා.'ජේන්' කියන්නේ කොල්ලෙක් කියලාමයි හිතුනේ. 'ජේන්'ට හැඟීම් පාලනය කරගන්න බැරිවෙච්චි එකේ අවසන් ප්‍රතිපලය හරිම දුඛ්කදායකයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඉතින්.. හාකෝ ඉතින්..

      හැඟීම් අපි කවුරු උනත් වැරැද්දට පොලඹවනවා බං.. ඒක මතක තියා ගන්..

      Delete
  21. දිනේෂ් අයියෙ ඇත්තටම ටිකක් දිග නිසා පස්සෙ කියවන්නම් කියල හිතුවෙ, ඒත් කියවන්න ගත්තම නවත්තන්න හිතුන් නෑ... නියමයි... අපේ හිතේ අවස්ථා මවන්න උඹට තියෙන හැකියාව නම් මරු බං... ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. කතාව පුළුවන් තරම් කෙටි කරලයි මේ ලිවුවෙත්.. මුලින්ම ඔළුවට ආව අදහස මීට ටිකක් දිගයි.. දෙකට කඩලා බැනුම් අහන්න බැරි හන්දා මේ ගානට ශේප් කර ගත්තා..

      Delete
  22. කතාව සුපිරියටම ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තැන්ක්වු මලයා..

      Delete
  23. කතාවේ ප්ලොට් එකටත් වඩා මගේ හිත යන්නේ උඹ ලියන දිනේශ් ස්ටයිල් එකට.ඒක නියමයි.කතාව ඇස් ඉස්සරහ මවනවා.අද කතාවේ ප්ලොට් එකත් මරේ මරු.නියමයි වර්ණ.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. //කතාවේ ප්ලොට් එකටත් වඩා මගේ හිත යන්නේ උඹ ලියන දිනේශ් ස්ටයිල් එකට//

      +++++++++++++++++

      Delete
    2. කටුස්සා, මං ඉන්න පසුබිම එක්ක මං දැන් ඒකට හුරු වෙලා බං.. ඒකට දෙන්න නමක් නම් මම දන්නේ නෑ.. ලියාගෙන යනවා මමත් දැන් ඒකට ආස හන්දා..

      Delete
  24. ජේන් ගැහැනුද පිරිමිද බං? නැත්නම් ලෙස්බියන්ද.

    කතාවනම් ටිප් ටොප්.

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න වැදගත් ප්‍රශ්ණයක්..

      ජේන් පිරිමින්ට ප්‍රිය කල කෙනෙක්, ඒත් මේ අවස්ථාවෙදි ඇයට ඒක පාලනය කර ගන්න බැරි උනා.. අපි එහෙම හිතන එක කතාවේ අවසානය එක්ක බලද්දී සාධාරණයි..

      Delete
  25. අඩේ මෙහෙමත් දේවල් වෙනවද??

    ReplyDelete
    Replies
    1. නොවෙනවාමයි කියන්න බෑ.. මෙහෙමම් නැතත් සමාන්‍ය තරමේ ලිංගික අතවරයන්ට ලක් වෙන්න පුළුවන්.. ඒත් එහෙමවත් වෙන්න එපා කියලා අපි හිතමු..

      Delete
  26. අසම්මත කතාවක් නේන්නම්. හැබැයි කමෙන්ට් එකකින් දිනේෂ්ම කියනකල් මට තේරුනේ නෑ අන්තිමට කවුද මැරුණේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් පැටලෙන්න ඇති කියලා මම හිතනවා.. හැබැයි මිශෙල් කියන්නේ තනියම කිසිම දෙයක් කර ගන්න බැරි කෙනෙක් හන්දා සියදිවි නසා ගන්න ඇයට කොහෙත්තම පුළුවන් කමක් නැහැනේ අයියේ..

      Delete
  27. මට නිකං ඔලුවට පොල්ලකින් ගැහැව්වා වගේ. තාමක් කරකැවිල්ල. කතාව කියවන කොට, දැන්, ඇති කියෙව්වා කියල කීප විටක් සිතුනත්, ඉවර කරන්නම සිද්ද වුනා. මං හිතන්නෙ ඒක දිනේශ්ගෙ ලිවීමෙ හැකියාව. සමහරු මේ වගේ සිත්තරපටි කතා සහාසික සිනමාව කියල වර්ග කරනවා. මට මතක් වුනේ එව්වා

    ReplyDelete
  28. පිස්සු කොර!
    පොල්ලකින් ගැහුවා වගේ තමා!

    ReplyDelete
  29. මේ පැත්තටත් ඇවිත් යන්න එන්න.
    sudupoosa91.blogspot.com

    ReplyDelete
  30. දිග වැඩිකමට අතාරින්න සිතුනත් නොනවතා අවසානය දක්වාම කියවන්න සලසපු අපූරු අකුරු කිරීමක්. ඉදිරිපිට සිදුවෙන දෙයක් බලා සිටියා මෙන් තාත්විකයි....ජය​

    ReplyDelete
  31. ලියනොවෙන ලියවිල්ලක් නියමයි

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්