Wednesday, 1 April 2015

ඉස්සෙල්ලාම ඉස්ටේජ් නැග්ග හැටි



කට්ටියට මතකද ඉස්සෙලාම ස්ටේජ් එකකට නැගලා කට්ටියක් ඉස්සරහා ඉදන් සින්දුවක් කියපු හරි කතාවක් කරපු හරි පළවෙනි දවස.. දැන් මේකට පවුලේ අය ඉස්සරහා පොඩි කාලේ සිංදු කියපුවා අදාල නෑ හරිද.. දැන් මේ හදිස්සියෙම පරණ මතකයන් ටිකක් අවුස්සලා මේ පෝස්ට් එක ලියන්න හිතුනේ ගිය සතියේ දවසක අපේ පැතුම් හේරත් අයියා එයාගේ බිත්තියේ එල්ලලා තිබුන මෙන්න මේ පෝස්ට් එක කියෙවුවයින් පස්සේ..

ඇත්තටම අපි කවුරු උනත් පුරුද්දක් නැති වෙනකන් ස්ටේජ් එකකට නගින්න කොච්චර බයද කියලා ඉතින් අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැනේ.. කවුරු කවුරුත් ඉතින් ඔය දේට මූණ දීලා ඇති.. වැඩේ කියන්නේ ඉතින් ඔය බය හන්දම ජීවිතේට තැනකට ගිහින් කතාවක් නොකරපු අයත් ඕන තරම්ම ඇතිනේ.. උඩින් කියපු පෝස්ට් එක බැළුවනම් ඒකේ හොදටම ලියවිලා තියෙනවා මෙන්න මේ බය හරි ලැජ්ජාව හරි ඒ වෙලාවට හිතට එන එක නැති කරන් ස්ටේජ් එකකට නගින්නේ කොහොමද කියලා.. ඒ හන්දා පොඩි වෙලාවක් තියෙනවනම් ඒ පැත්තට ඔළුව දාලා පොඩ්ඩක් ඒක කියවන එක හොදයි මොකද ලංකාවේ ඉස්කෝල වලවත් ඔහොම දේවල් උගන්නන්නේ නැති නිසා..

හරි, ඒවා එහෙම තිබුන දෙන්.. දැන් යමුකෝ පරණ මතකය අවුස්සන්න.. ඒ දවස් වල, ඒ කියන්නේ හිච්චි එකා සන්දියේ මාත් පරාණ බය දෙයක් තමයි ඔය ස්ටේජ් එකකට නගින එක.. ඉස්සරම ඔය ඉස්කෝලේ කණ්ඩායම් රැස්වීම් එහෙම තියෙන කාලේ ඊට කලින් දවසේ නම් ගන්න ලොකු පන්තිවල අක්කලා එද්දී මං තුමා ඉන්නේ ඔළුව ඩෙස් එකේ හංඟගෙන.. මොකද ඉතින් මට ඒ වගේ වෙලාවට හදිස්සියේ හැදෙන ඔළුවේ කැක්කුම් වගේ අසනීප එහෙම තියෙනවනේ.. ඔළුව ඩෙස් එකේ තියන් අසනීපයි වගේ හිටියට මොකද හොදට අහගෙන ඉන්නේ කාගෙද නම් දෙන්නේ කියලා.. මොකද ඉතින් අපිට ඉන්න යාළුවෝ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. කතාවට දක්ශ හැමදාම ඕවට ඉදිරිපත් වෙන එකා දෙන්නගේ නම් අරන් යන්න ගියාට පස්සේ තමයි ඉතින් ඇගට ටිකක් ෆිට්.. එතකොට අර කලින් තිබුන අසනීප ඔක්කොම හරි ඉක්මනට සනීපයි..

හැබැයි ඉතින් ඒවා කොහොම මග ඇරියත් ඉදලා හිටලා පන්තිභාර ටීචර්ට අපිට උගන්නන්න කම්මැලී වගේ හිතුන දවසට පන්තිය ඇතුලෙම සමිතියක් කරන දවස් තියෙනවනේ.. ඔන්න ඉතින් එදාට නම් වැඩෙන් පැනලා යනවා බොරු.. අපේ කපටිකම් ටීචර් දන්න හන්දම ඔය අසනීපයි වගේ රඟපෑම් එදාට හරි යන්නේ නෑ.. හැබැයි ඉතින් පොඩි චාන්ස් එකකුත් තියෙනවා.. මොකද ටීචර් නම් කතා කරන්නේ රෙජිස්ටර් එකේ පිළිවෙලටනේ.. කොල්ලෙක්ගේ නමක් ඊට පස්සේ කෙල්ලෙක්ගේ නමයි යන විදිහට පිළිවෙලටනේ.. මං තුමාගේ නම තියෙන්නේ රෙජිස්ටරේ අන්තිමට.. ඒ හන්දම හැමදාම වගේ රෙජිස්‍ටරේ අන්තිමට ඉන්න දහදෙනා විතර වැඩෙන් අනිවාර්යෙන්ම ශේප්.. ඒ කාලේ කවි පාඩම් දෙන්න එහෙම තියෙනවනම් ටීචර් කිවුවොත් හෙට පාඩම් ගන්නවා බලාගෙන එන්න කියලා මම ලෑස්තිවෙලා යන්නේ අනිද්දට.. හෙහ්, අන්න එහෙමයි අන්තිමයා වීමේ වාසි..

ඉතින් ඔය සන්තෑසියම තමයි දහම් පාසලටත්.. පුළුවන් හැම දවසෙම වැඩේ මග ඇරියා.. හැබැයි එදා තමයි එදා.. එදා තමයි මහ භයානකම වැඩේ සිද්ද වුනේ..

ඉස්සර අපේ දහම් පාසලේ හැම මාසෙම අන්තිම සතියේ තමයි සමිතිය තියෙන්නේ.. එදාට ඉතින් ඉන්ටර්වල් එකෙන් පස්සේ කෙලින්ම පටන් ගන්න සමිතිය ආයේ තියෙනවා දහම්පාසල ඉවර වෙනකන්ම.. ඉස්කෝලේ වගේම කලින් සතියේ ලොකු පන්තිවල අක්කලා ඇවිත් නම් ටික අරගෙන යනවා.. ඉතින් කලින් සතියේ සුපුරුදු වැඩේම කරලා ඒක මග ඇරපු හන්දා ගියා රැස්වීමට කොල්ලා කිසි බයක් සැකක් නැතිව.. අහ්, එතකොට මම පහ වසරේ හිච්චි කොල්ලෙක් හරිය..

දැන් ඉතින් මම රැස්වීමේ වාඩි වෙලා ඉන්නවා අපේ පන්තියේ එවුන් ටිකත් එක්ක.. අරහේ රැස්වීමත් යනවා හොදට.. යන්තම් ඒකත් අහගෙන ඉන්න ගමන් අපිත් ලාවට වගේ කයියක් දාගෙන ඉන්නවා.. ශිෂ්‍ය නායක අයියලා එද්දී හොද ළමයි වගේ ඉන්නවා.. පැය බාගයක් විතර ගියා.. දහම් පාසලේ සමිතියේ කවි කතා සිංදු කියන්න ලමයින්ට කතා කරන්නේ පන්ති පිළිවෙලට.. ඔන්න ඉතින් පහේ පන්තියේ වාරය.. අපේ පන්තියේ හිටිය හොදටම කවි ගායනා කරන්න පුළුවන් කොල්ලා ගියා.. මොනා උනත් අපේ එකානේ කියලා අපි ඒකගේ කවි ටික අහන් ඉදලා හයියෙන් අත්පුඩියක් ගැහුවා.. ඊලගට අනිකාගේ වාරය..

" මීලගට රැස්වීමේ අංගයක් ඉදිරිපත් කිරීම සදහා අපි දිනේෂ් උමගිලිය මල්ලියාට ආරාධනා කර සිටිනවා.."

මොකක් කිවුවා?? මාව නිකන් කරකවලා අත ඇරියා වගේ.. බොලේ
මගේ නම කෝමද මේකට ගියේ.. දැන් නිකන් මාව කැරකෙනවා කැරකෙනවා වගේ.. ඉස්ටේජ් එකේ අපේ අම්මා ඉන්නවා පේනවා.. අහ්, කියන්න අමතක උනා.. අපේ අම්මා ටීචර් කෙනෙක් හරි.. දැන් ඉතින් මොනා කරන්නද, මගේ නම්බුව කෝම වෙතත් අම්මගේ නම්බුව බේරන්න එපැයි.. ඒ හන්දා නැගිට්ටා.. මට නිකන් පෙනුනේ මම ඉන්න තැනට ඉස්ටේජෙ එක සෑහෙන්න දුරයි වගේ.. ඊටත් වැඩිය මගේ ඔළුව දැන් යකාගේ කම්මල වගේ.. ඉස්ටේජ් එකට ඉබි ගමනින් යන ගමන් මම දැන් කල්පනා කරනවා මේකට නැග්ගා වගේ නෙමෙයි දැන් මොකද්ද කොරන්නේ කියලා..

කතාවක් නම් කරනවා කියන්නේ ආයේ මූණ සරමෙන් වහගෙන තමයි ඉස්ටේජ් එකෙන් බහින්න වෙන්නේ.. මොකද කරන්නේ කවියක් කියනවද සිංදුවක් කියනවද.. කවි ඔක්කොම පාඩම් කාටද.. ඕක අතර මැද හිර උනොත් එහෙම ඒකත් ප්‍රශ්ණේ.. එහෙනම් සිංදුවක් කියනවා.. සිංදුවක් නම් ඉතින් මෙතනට ගැලපෙන්නත් එපැයි.. එහෙනම් මවුගුණ ගීයක් හරි ලමා ගීයක් හරි වෙන්න ඕන.. ඉතින් මම සෑහෙන්න වේගෙන් හිතුවා.. වචන ඔක්කොම මතක සිංදු මොනවද තියෙන්නේ කියලා මම තනියම හිත හිත කොහොම හරි ඉස්ටේජ් එකට නම් යන්තම් නැග ගත්තා.. මං හිතන්නේ ඒක කෙනෙක්ට ඉස්ටේජ් එකට නගින්න ගිය වැඩිම වෙලාව වෙන්න ඇති.. හෙහ්.. අන්තිමේ ගියා මයික් එක ලගට..

මයික් එකේ තිබුන රස්නෙටයි හිතේ බයටයි දැන් නම් නිකන් ලාවට වගේ දාඬිය දාගෙන එන්න ගත්තා.. කකුල් දෙකත් නිකන් මැන්ඩලින් ගහනවා වගේ.. පපුව ගැහෙනවා හෝ ගාලා.. මයික් එක ලං කලානම් සද්දෙත් ඇහෙන සයිස්.. ඔය අස්සේ මම දැක්කේ පල්ලෙහා ඉන්න එවුන් ටික..  ඉස්ටේජ් එකෙන් පල්ලෙහා ඉදන් කට ඇරන් බලාගෙන ඉන්න එවුන් ටික මට පෙනුනේ හරියට මට දැන් හිනාවෙයි දැන් හිනාවෙයි වගේ.. හෙමිට මයික් එක ලගට ලං වුනා..

" ස... සභාවෙන් අවසරයි.. මා මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරිමටයි.."

පන්සලේ ප්‍රධාන ශාලාව තිබුනේ පාර ලගමයි.. පාරෙන් එහා පැත්තේ තිබුනේ වෙලක්.. හෝල් එකේ ජනෙල් ඇරලා දාලා තිබුන හන්දා ඉතින් කෙලවරක් නැති වෙල් යායම පේනවා හරි ලස්සනට.. ඉස්සරහා ඉන්න යක්ශයන්ගේ මූණවල් දිහා බලාගෙන ඉදලා මොනා කියවයිද දන්නේ නැති හන්දා මම ඒ ලස්සන වෙල් යාය දිහා බලාගෙන මගේ සිංදුව පටන් ගත්තා..

" පහන තියා බුදුසාදුට හිමිදිරියේ......."


පෙර වාසනාවකටද කොහෙද වචන අමතක වෙන්නෙවත් නැතුව පැටලෙන්නෙත් නැතුව සිංදුව කියලා ඉවර කලා.. පල්ලෙහා හිටිය එවුන්ගෙන් හොද අත්පුඩි පාරක් හම්බුනා.. ඒක දෙයියනේ කියලා සිංදුව ඉවර වුනා කියන සතුටටද නැත්නම් වෙන මොනාහරි එකක් හන්දද කියන්නනම් දන්නේ නෑ ඉතින්.. මම ශේප් එකේ ඉස්ටේජ් එකෙන් බැහැලා ගිහින් වාඩි වෙලා හිටිය බංකුවෙම වාඩි උනා.. තාම පවුව ගැහෙනවා.. හැබැයි කලින් තරම් නෑ.. ලග හිටිය එකා මොනවා හරි කිවුවා වගේ ලාවට ඇහුනා.. ඒත් ඒක ගැන සිහියකින් නෙමෙයි හිටියේ.. සමිතියත් කොහොම කොහොම හරි ඉවර වෙලා ගියා.. අම්මා එයාගේ වැඩ ඉවර වෙලා එනකන් ඉදලා ගෙදර ආවා..

" මගේ පුතා හොදට සිංදුව කිවුවනේ.."

අම්මා මගේ ඔළුව අතගාලා කිවුවා.. ආයේ ඉතින් ලොකුවට හිතන්න දෙයක් නෑ මගේ නම එතනට ගිය හැටි මම තේරුම් ගත්තා.. මම මුකුත්ම නොකියා එන්න ආවා..

එදා ඒ සිංදුව කියපු පින් මහිමයෙන් මාව දහම්පාසලේ භක්තිගීත කණ්ඩායමට තෝර ගත්තා.. ඒකටත් ඉතින් බෑ කියන්න බැරි හන්දම යන්න වුනා.. බොරුවක් කියලා මඟ අරින්නවත් විදිහක් නැහැනේ අම්මා හන්දා.. කොහොම කොහොම හරි අවුරුදු ගානක්ම ඔය කට්ට කන්න වුනා.. දහම්පාසලේ ඔහොම උනාට ඉතින් ඉස්කෝලේ නම් දහයේ පන්තියට එනකන්ම මම බේරිලා හිටියා.. ශිෂ්‍ය නායකයෙක් වුනාට පස්සේ ඒ සෙල්ලම කරන් යන්න බැරි උනා.. මොකද අපේ ඉස්කෝලේ හැම සිකුරාදම උදේට තිබුනේ ශිෂ්‍ය නායක රැස්වීම.. ඒකේ නම් සිංදු කියනවා කියන්නේ කලිසම ඔළුවෙන් ගලවා ගන්නවා වගේ වැඩක්.. ඒ හන්දා බොහොම අමාරුවෙන් කතාවක් ලෑස්ති කරන් ගියා..

ඉස්කෝලේ ඉස්ටේජ් නැගිල්ල වෙන දවසක කම්මැලි නොහිතුනොත් ලියන්නම්.. ඒ මොකද ඒකේ රසමුසු කතා සෑහෙන්න තියෙනවවා.. මේකටම අමුණන්න ගියොත් මේක මහ හෑල්ලක් වෙනවා නිකන්ම.. එහෙනම් අපි ගියා..

                                                                        



83 comments:

  1. ///මට නිකන් පෙනුනේ මම ඉන්න තැනට ඉස්ටේජෙ එක සෑහෙන්න දුරයි වගේ../// මේක නම් ඇත්තම කතාව දිනේෂ් පැතුම් අයියගේ එකේ මං ලියුව මගේ පළවෙනි ජල දිනය ගැන කතාවෙදි මයික් එක ලගට යනකල් හිතපු දේවල් හම්මේ,, ඒ අපිට හිතෙන හැටි වෙන්න ඇති අනිත් අයට ගාණක් වත් නැහැ

    ReplyDelete
    Replies
    1. හෙහ්, හැබැයි ඉතින් ඕක වෙන්නේ පළවෙනි වතාවට විතරයි.. ඒකත් මේ මට උනා වගේ ශොක් එකක් නම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ සිද්දීයේ තරම..

      Delete
  2. දණිස් දිහායින් ටක ටක ගාන සද්දයක් ආවද? කන් දෙක රත්වෙලා ඒ රස්නෙ බෙල්ල දෙපැත්තෙන් පහලට ආවද? කොයි දේත් ජනකායක් ඉස්සරහ ඉස්සෙල්ලම කරන්න ගිහාම ඕක වෙනවා. ස්වභාවිකයි. දිනේෂ්, ඔය පෝඩියම් එක කියන එක ජනකායක් ඉස්සරහදි වඩාත් ප්‍රයෝජනවත් වෙන්නෙ තමන්ට ආරක්ෂාවක් ආවරණයක් තියෙන බව දැනෙන නිසා. ඒක නැතිවාම පාත කෑල්ලට ඇඳුම් නෑ වගේ කියලා හොඳ දක්ෂ දේශකයෙක් දවසක් කිව්වා. මොනා වුනත් ගේම ගැහුවනෙ, නැද්ද?

    ReplyDelete
    Replies
    1. //කන් දෙක රත්වෙලා ඒ රස්නෙ බෙල්ල දෙපැත්තෙන් පහලට ආවද?//

      අන්න මගේ රෝග ලක්ෂණේ ස්ටේජ් එක උඩට නැංගම. මටත් ඕකමයි වෙන්නෙ.

      Delete
    2. මධු, නැතුව නැතුව බං.. එහෙම නොවුනනම් තමයි පුදුමේ.. ටක ටක සද්දේ නම් ඇහුනේ නැද්ද මන්දා අත්පුඩි ගහන සද්දෙට.. හැබැයි නිකන් නළලෙන් බේරිලා එන දාඩිය පාරනම් හොදට දැනුනා..

      Delete
    3. මනෝෂ්, ඒ මචං මයික් එකේ රස්නෙට.. උඹ ඒකට ඔක්කොටම කලින් නැගපන් එතකොට හරි.. ;-)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හප්පේ මටත් ඔහොම තමයි. හැබැයි ස්ටේජ් එකට නැගලා විනාඩියක් විතර ගියහම ටිකක් විතර හරියනවා නේද ? ඉස්කෝලේ ඉස්ටේජ් නැගිල්ල ගැනත් ලියන්න

      Delete
    2. මොන පිස්සුද අප්පා.. මම ඒකනේ ඈත ලස්සන වෙල් යාය දිහා බලාගෙනම සිංදුව අහවර කරලා ආවේ.. අර මූණූ ටික දැක්කම බය ඩබල් වෙනවා..

      Delete
  4. මටත් ඔය වගේ වෙලා තියෙනවා. මම ස්ටේජ් එකක මුල් වරට කතා කලේ පාසැලෙන් අස්වෙලාත් කාලයක් ගියාටත් පස්සෙ. අම්මේ ඒ හැඟීම නම් කියන්න බැහැ. ඔය වාගෙම තමා. හබැයි එදා විතරයි.

    ReplyDelete
    Replies
    1. හප්පේ, එහෙනම් අක්කලා සෑහෙන්න පරක්කු වෙලානේ.. එතකොට ඔය හිතට එන ඒවා තවත් වැඩියි මම නම් හිතන්නේ.. අවුලක් නෑ කොහොම හරි ගොඩ ගියානම්..

      Delete
  5. ස්ටේජ් නැග්ගම තමයි එතන තියන ගරුගාම්භීර බව පේන්නෙ. මම ඉස්සෙල්ලම ස්ටේජ් නැග්ගෙ හතරෙ පන්තියෙදි

    ReplyDelete
    Replies
    1. මොන වැරද්දටද?

      Delete
    2. ඒකනේ ඒකනේ රජ් අයියේ.. අපි බයට ගියේ නැති උනාට වැඩේ එලට ගොඩ දාන් ඉස්ටේජ් එකෙන් බහිද්දී ඉතින් සුපර්ස්ටාර් වගේ තමයි.. හෙහ්..

      Delete
    3. ප්‍රා, රාජ් අයියා මං හිතන්නේ ඒ දවස් වල දේශපාලන කතාවක් වත් කලාද දන්නේ නෑ..

      Delete
  6. මටත් මතක් වුනා ස්ටේජ් කතාවක්... අමතක වෙන්න කලින් ලියන්න ඕනේ...

    අර මයික් එකේ රස්නෙට දාඩිය දාන කෑල්ල මරු... :)

    ReplyDelete
    Replies
    1. අහ්, මරු මරු.. අමතක වෙන්න කලින් ලියන්න අයියේ..

      Delete
  7. හප්පේ මාත් කතාවක් කරල තියෙන්නෙ දහම් පාසලේ උදේ රැස්වීමෙ තමයි. පන්තියෙ කොල්ලො ටික සති ගානක් මග ඇර ඇර වේවැල් පාර කකා ඉඳල අන්තිමට බැරිම තැන එක එකා යන්න පටං ගත්ත.
    මට තියෙන දවසට ගියා කියමුකො. මාතෘකාවට කතාව පටං ගත්තට කියන්න දෙයක් මතක් වෙන්නෙ නෑ. හාමුදුරුවො අරහෙමයි මෙහෙමයි කියල මතක් කරල දෙනව. මම කළේ ඔළුව වනපු එක විතරයි. අන්තිමට කතාව කරල තියෙන්නෙ මම නෙමෙයි හාමුදුරුවො. ඔන්න ඔහොමළු ප්‍රථම සහ එකම කතාව සිද්ධ උනේ.

    ReplyDelete
    Replies
    1. අඩේ මගේ ප්‍රථම කතාවත් ඔය වගේම තමයි අයියේ.. ඒ ගැන වෙනම පෝස්ට් එකක් දාන්න ඕන මොකද සිද්දී ටික සෑහෙන්න දිග වැඩියි..

      Delete
  8. හප්පේ ඉස්ටේජ් එක ගාවට යනකල්ම කිසි අවුලක් නෑ. මගෙ කකුල් මැන්ඩලින් ගහන්න පටන් ගන්නෙ ඕඩියන්ස් එක කන්න වගේ බලන් ඉන්න හැටි දැක්කාම.

    ReplyDelete
    Replies
    1. අඟල් 10 හීල්ස් උඩ?

      Delete
    2. උඹ එතනට ආවම නම් ඉතින් මැජික් වගේ හන්දා අනික් උන් බලාගෙන ඉන්නවා ඇති කෝමත්..

      Delete
    3. ප්‍රා, හෙහ් අයෙත් අහලා.. නැත්නම් මේකි උස නැහැනේ මයික් එකට..

      Delete
  9. මේක කියවන්න ඇවිත් එහෙම්ම ගියානේ පැතුම්ගෙ පෝස්ට් එක කියවන්නත්.. එතන දාපු කොමෙන්ටෙකේම කෑල්ලක් මෙතනටත් අලවන්න හිතුනා..
    //මුලින්ම වේදිකාවකට නැග්ගේ මුතුහර ළමා සමාජෙන්.. අපේ එකේ සභාපති වෙලා හිටිය කාලේ සෑහෙන්න කතා කරන්න උනා.. ඉන් පස්සෙ යෞවන සමාජේ වැඩ වලදි. එතනදි නම් ටිකක් පස්ස ගහල හිටියෙ. ඒ ඔක්කොම ආපහු කරන්න උනා නේවි එකේදි. දෙයියනේ කියල ගොඩාක්ම ගොඩ ගියෙ එතන්දි තමයි. ඒ වගේම මං කාලයක් ලීඩර්ශිප් ස්කූල් එකේ ඕ.අයි.සී. වෙලා හිටි නිසා පබ්ලික් ස්පීකින් ට්‍රේනර් කෙනෙක් විදියටත් වැඩ කලා.. ඒ කොච්චර උනත් අදටත් අලුත් ඕඩියන්ස් එකක් ඉස්සරහ කතාවක් කරන්න යනවනම් බඩේ සමනල්ලු දෙතුන් දෙනෙක් කැරකෙනව ටිකක් වෙලා යනකම්.. ඒකට හොඳම බෙහෙත තමයි කතා කරන්න යනදේ ගැන හොඳ අවබෝධයකින් හොඳ ප්ලොට් එකක් හදාගෙන යන එක. නැතුව ලෝ කොන්ෆිඩන්ස් ගියොත් මොනව උනත් පැටලෙනව. දැන් මට තියෙන ලොකුම අවුල තමයි මගේ මෙලෝ රහක් නැති කටහඬ. හැමතිස්සෙම මට හිතෙන්නෙ අහගෙන ඉන්න මිනිස්සුට කිසි ගතියක් නෑ මගේ කටහඬ හරි නැති නිසා කියල.. ඒක මානසික ලෙඩක්.. හදා ගන්න ඕනි.//

    ReplyDelete
    Replies
    1. එහෙනම් අයියට හොද එක්ස්පීරියන්ස් තියෙනවනේ මේ ගැන.. අවුලක් නෑ.. ඇත්ත.. පුරුදු උන තැනක ඕන සෙල්ලමක් දාන්න පුළුවන්.. පොඩ්ඩක් තැන වෙනස් උනාම තමයි අවුල..

      ගනන් ගන්න එපා වොයිස් එක ගැන.. ඔය අපේ ඉන්න සමහර දේශපාලුවන්ගේ කසිකබල් කතා එවුන්ගේ වොයිස් ගැන හිතන්න.. එතකොට ඕක ඉබේම හරි යාවි..

      Delete
    2. //හැමතිස්සෙම මට හිතෙන්නෙ අහගෙන ඉන්න මිනිස්සුට කිසි ගතියක් නෑ මගේ කටහඬ හරි නැති නිසා කියල.. ඒක මානසික ලෙඩක්.. හදා ගන්න ඕනි.//

      ශුවර්ද ඒක මානසික ලෙඩක් විතරමයි කියල ??හැක්

      Delete
    3. හැබැයි ඕක පහුවෙද්දී මටත් හිතුනා.. ඔය තියෙන්නේ වොයිස් ට්‍රේනින් කෝස්, අන්න ඒකකට ගියානම් හරි..

      Delete
    4. ඈ බං දිලිනි.. ඒ කියන්නේ ඇත්තටම අහං ඉන්න අමාරුද? හැක්..

      Delete
    5. හෙහ්, ඔන්න ඒකටනම් දෙන්න උත්තර මං ලග නෑ..

      Delete
  10. හප්පා බං ඉස්කෝලෙ යන කාලෙ ඉඳල අද වෙනකල් සියක් වතාවක් විතර ස්ටේජ් එකට නැගල ඇති, ඒත් බං දැන් ආයෙත් නැංගත් ජීවිතේ ඉස්සෙල්ලාම ස්ටේජ් එකට නගිනකොට දැනුනු හැඟීම තාමත් ඒ විදියටම දැනෙනවා බං.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් සෑර් කෙනෙක් හන්දා ඔය හැඟීම් ටික දවසක් යද්දී අමතක වෙලාම යාවි.. නැද්ද මම අහන්නේ??

      Delete
    2. ඇත්තටම සෑර් කෙනෙක් හින්දා ළමා ජනකාය ඉස්සරහට මුලින්ම යනදාටත් අර උඩ කියාපු රෝග ලක්ෂණ පහල වෙයි. සැලෙන්න එපා!

      Delete
    3. එදාට එහෙම උනොත් නම් ඉතින් සෑර්ට සොරි ඩොට් කොම් තමාය..

      Delete
  11. හප්පේ ඉස්ටෙජ් මතක් වෙද්දීත් ඇඟ කිලිපොලා යනවා. දනි පනි ගාල නැගගන්නත් පුළුවන්. බලා ඉන්න එවුන් දක්කමනේ තරු විසික් වෙන්නෙ. A/L වලින් පස්සෙ මං ඉංගිරිසි පංතියකට ගියා. ඉතිං ඕකෙත් sir ළමයි ව ඉස්ටෙජ් එකට අරං කතා කරවනවා.දවසක් මටත් යන්න සෙට් උනා. එදා මං හිතං ගියේ මාර්ටින් වික්‍රමසිංහ මහත්මය ගැන කතා කරන්න. ඒත් මට කියාගන්න පුළුවන් උනේ He is none other than කියන තැනට විතරයි .කතාව ඔක්කොම අමතක උනා ඕඩියන්ස් එක දැක්කම.බැරිම තැන He is none other than කියන එක 4 වතාවක් කියල වැඩේ අව්ල් කියල මීටර් වුන නිසා My self ගැන කියල බැහැල ආව. :D ඕ යේස් .

    ReplyDelete
    Replies
    1. හපොයි, විලිලැජ්ජාවේ සංතෝසේ බෑ ඉතින්.. අවුලක් නෑ ඉතින් මයි සෙල්ෆ් ගැන හරි පටලවා ගන්නෙ නැතුව කියලා ආවනම්.. හෙහ්..

      Delete
    2. එදත් ඒකයි උඹ අර ගල් පිළිමේ වගේ හිටියේ එහෙනං ඉස්ටේජ් එකේ මනා සිංදුව කියනකං.. හැක්..

      Delete
    3. හුටා, එහෙමත් දෙයක් උනාද.. හයියෝ සල්ලි..

      Delete
  12. මං නම් ස්ටේජ් එක උඩට නැග්ගට පස්සේ සිරාවටම වටේ ඉන්නේ මොක්කුද කියලා බලන්නේ නෑ මට හිතෙන දේ කියලා බැහැලා යනවා! ඇත්තටම කිව්වොත් මම ස්ටේජ් නගින්න ආසයි! :D

    ReplyDelete
    Replies
    1. අනිවා, වටේ ඉන්න එවුන්ගේ මුණු දිහා බලන්න ගියාම තමයි දන්න දේත් කියා ගන්න අමතක වෙන්නේ.. තමන්ගේ පාඩුවේ කියන්න තියෙන දේ කියලා බැහැලා ආවම වැඩේ ශේප්..

      Delete
  13. මටනම් ස්ටේජ් නැග්ගා ම මියුසික් ඔ්න නැහැ... මොකද කකුල් දෙකෙන් ම ට්‍රම්පට් වදිනවා

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒකත් මරු වැඩේ.. ඇයි හිතේ වදින ඩ්‍රම් එක??

      Delete
  14. කළින් ලෑස්තිවෙලා ඉන්නේ නැතුව උඹ ගොඩ දා ගත්තු හරිය මටනම් ගොඩ දාන්න බැහැ...

    මම පොඩි කාලේ ඉස්ටේජ් නැගපු එකෙක් නෙමෙයි. පුදුම සබන් කොලයක් වගේ එකක් තිබුනේ.
    නමුත් කැම්පස් එකට ගියාට පස්සේ මම තීරණය කලා සබන් කොලේ මම විසින්ම බලෙන් හරි අහක් කර ගන්නවා කියලා. ඊට පස්සේ මම යුනියන් එකටත් ගියා, සමහර වෙලාවට පිළි ගැනීමේ කතා, කැම්පස් එකේ අළුත් ළමයි ආවම කතා කරන්න වගේ කතාත් කලා...
    ආපහු ගොඩ කාලෙකින් ස්ටේජ් නැග්ගේ නැති නිසා දැන් ආපහු සබන් කොලේ ටිකක් මතු වෙලාද කියල හිතෙනවා...
    ටෙස් කොල්ලා බලන්න වෙනවා වෙලාවක්... හෙහ්

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට සිංදුවක් කිවුවේ.. කතාවක් උනානම් ඉතින් මටත් බැහැම තමයි.. එහෙනම් කියාගන්න දෙයක් නැතුව බලාගෙන ඉන්නවා..

      අපි ඒ දවස් වල ගනන් නොගත්තට ඉස්කෝලේ තමයි ඔය සබකෝලේ මඟ ඇර ගන්න තියෙන හොදම තැන.. ඊට පස්සේ තැන් වල ඔහොම උනාම ඉබේම අපි ලැජ්ජාවට පත් වෙනවා..

      Delete
  15. කොහෙදෝ හිටපු පඩත්තලයෙක් මටත් ඔය දේම කරා....ඒ මම අට වසරෙ ඉන්නකොට..ඉස්කෝලෙ තිබුණු කථික තරගෙකට නම දාල...හැබැයි කොල්ල ඇතෑරියේ නෑ ගේම....දෙවැනි තැන ලබා ගත්තා....කොහොමද සැප...කොට්ටාශ තරග වලට යන්නත් තේරුණා....දෙවැනියා වුණා....කොහොමද ආතල් එක...කලාපෙට තේරුණා.....දෙවැනියා වුණා. හම්මේ..සුපිරි...දිස්ත්‍රීක් තේරුණා..දෙවැනියා වුණා....පලාත් තේරුණා.....නියම ආතල් එක කෙලවුණා.....හැබැයි ඉස්කෝලෙන් පලවෙනියා වෙච්ච එකා කොට්ටාසෙන්ම කෙලවුණා......මම අම්මටයි තාත්තටයි දෙකට උපන් හිංද වෙන්න ඇති හැම දාම දෙක........

    ReplyDelete
    Replies
    1. මෙන්න නියම කොල්ලෝ.. බලාගෙන යද්දී අර නම දාපු එකා කරලා තියෙන්නේ හොද වැඩක් නේ.. නැත්නම් ඉතින් ඉස්කෝලෙට ලැබෙන්න තිබුන ජයග්‍රහණ ටිකක් නැති වෙලා යනවනේ..

      Delete
  16. මටත් ස්ටේජ් එකේ කතා කරන එක හෙන අමාරු වැඩක්....

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යන කාලෙම ඕක නැති කර ගනින් කොලූවෝ.. නැත්නම් අපරාදේ..

      Delete
  17. ඉස්ටෙජ් නැගිල්ල මුලින්ම සිද්ධ උනේ දහම් පාසලේදි. මට මතක විදියට 4 වසරෙදි වගේ. කිව්වෙ ලෝවැඩ සඟරාවේ කවියක්. ඔය සිද්දිය ඔහොමම උනා මතකයි. කලබලේට කවිය ඉවරුනාම "අසාසිටි ඔබ සැමට ඉස්තුතියි" කෑල්ල කියන්නෙත් නැතුව බැහැල ආව. ඊට ටික කාලෙකට පස්සෙ "සබකෝලෙ"ද මොකද්ද එක නැත්තටම නැති උනා..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතිය නම් නැති උනාම මොකො කවිය හරියට කිවුවනම්.. අහන් හිටිය උන් උඹට ඉස්තූති කරන්න ඇති බැහැලා ගියාට.. හෙහ්..

      Delete
  18. හෙහ් හෙහ් මේ තියෙන්නේ හොඳ උදාහරණ .. හැබැයි උඹට නම් උපතින් ම පොඩි හැකියාවක් තිබිල තියෙනවා .. ඔය අහක බලාගෙන කතා කරන එකත් සැහෙන සාර්ථක ක්‍රමයක් .. ජාමේ බේරගන්න යොදා ගන්න පුළුවන් .. වැඩේ කියන්නේ මඤ්ඤං වෙන හැටියට ඉතින් ඕව මතක් වෙන්නේ නෑනේ ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අරහෙම පොල්ලෙන් ගැහුවා වගේ නම කියද්දී ඉතින් මඤ්ඤං නොවී තියෙනවයි.. ඉස්සරහම හිටියේ කෙල්ලොනේ.. ඒකමයි වැඩි කරම අහක බැළුවේ..

      Delete
  19. හප්පේ ඔය විදිහේ අත්දැකිම් ගැන නම් කියන්න දේවල් ගොඩයි, ඒ කියන්නෙ ස්ටේජ් නැගිල්ලෙන් බේරෙන්න කරපු දේවල්. එහෙනම් ඊළඟ එක පෝස්ට් එකෙන්ම අර ඉස්කෝලෙ සිද්ධියත් කියන්න.

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් ඉතින් ඒ දවස් වල ඕවා මග අරින්න කොච්චර දේවල් නම් කරනවද.. බලද්දී ඔක්කොම එක වගේ..

      Delete
  20. මමනම් ස්ටේජ් නැග්ගේ 1 වසරෙදි.සදුදා රැස්වීම එක එක පංතිවලට බාර දෙනවා.අපේ පංතියේ දවසේදී රැස්වීමෙදි පන්සිල් දෙන්න උනේ මට.එදා මගේ බඩේ කොච්චර සමනල්ලු පියාඹුවාද කියනවනම් ගාථා කියනකොට මම පංචශීලය දෙපාරක් කියලා.ඉතින් මුළු ස්කෝලෙමත් ඒක දෙපාරක් කියවලා.ශිෂ්‍යත්වෙන් පස්සේ ගියපු ස්කෝලෙදිනම් අවුලක් වුනේ නෑ.A/Lකාලෙනම් ස්කෝලේ ප්‍රධාන අනවුන්සර් වුනෙත් මම.

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒ කියන්නේ උඹ වගේම තමයි හිටිය අනික් උනුත්.. ඇයි වදේ දෙපාරක් කියනවා කියලා මතක් කරන්නවත් කවුරුවත් හිටියේ නැද්ද??

      Delete
  21. බොලාගෙ මේ ලිපිය මටත් ලිපියක් ලියන්න මග පෑදුවා. මම ඒ ලිපිය ලගදි දවසක ලියන්නං. මම ඉස් ‍ඉස්සෙල්ලාම සභාවක් ඉදිරියට ගියේ තෑග්ගක් ගන්න.

    ReplyDelete
    Replies
    1. තෑග්ගක් ගන්නනම් ඉතින් ඒ තරම්ම අවුලක් නෑනේ අයියේ..

      හා හා ලියමු ලියමු.. අපි බලාගෙන ඉන්නවා..

      Delete
  22. අනෙ අම්මේ..... මටත් ඔය සන්තෑසියම තමයි ඉස්කෝලෙ යන කාලේ... ඒත් ඉතින් ඊට පස්සේ තරුණ සේවා සභාවට පින් සිද්ද වෙන්න දැන් නම් කකුල් මැන්ඩලීන් ගහන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. අහ්, තරුණ සේවා එකේ හිටියනම් ඉතින් කෝමත් අවුලක් නෑ.. අපිට නම් ඉතින් ඉස්කෝලේ අන්තිම වෙද්දී වැඩේ ගොඩ දා ගන්න පුළුවන් උනා..

      Delete
  23. මට නම් මතක නැහැ බං මම වේදිකාවකට මුලින්ම නැග්ගේ කවද්ද කියලා.හැබැයි ඒ නැග්ගේ දහම් පාසලේ කියලා මතකයි.පස්සේ,පස්සේ නම් පොඩි පොඩි නට්‍යවල පොඩි පොඩි චරිත කරන්න වේදිකා උඩට නැගලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හෙහ්, උඹත් හිටියද මලකට ගහකට එහෙම පැද්දි පැද්දී ඉන්න???

      Delete
  24. මට නම් මතක නැහැ බං මම වේදිකාවකට මුලින්ම නැග්ගේ කවද්ද කියලා.හැබැයි ඒ නැග්ගේ දහම් පාසලේ කියලා මතකයි.පස්සේ,පස්සේ නම් පොඩි පොඩි නට්‍යවල පොඩි පොඩි චරිත කරන්න වේදිකා උඩට නැගලා තියෙනවා.

    ReplyDelete
  25. මට වෙලා තීන්නෙ අවස්ථාව නොලැබෙන එකයි..හැක්.හැක්.

    ReplyDelete
    Replies
    1. අපේ වාසනාවට උඹට අවස්ටාව ලැබෙන්නේ නැත්තේ , ඕ... යේස්

      Delete
    2. ඉන්දික අයියේ, බ්ලොග් අවුරුදු උත්සවේකටවත් ආවනම් කට්ටියට කියලා අවස්ථාවක් දීලා බලන්න තිබුනා..

      Delete
    3. ඉවාන්, උඹට අවස්ථාවක් ලැබුනම බලමුකෝ ඒකත් කොහොමද කියලා..

      Delete
    4. අඩෝ පැණියා... අපි "කථන කලාව" ගැන දේශණ කරපු හරිද ඩෝ..හුහ්..

      දිනේෂ් ඉකට් එකයි, මවුන්ට්ලැවිනියා එකේ ටූ නයිට්ස් ෆුල් බොඩ් රූම් එකයි බුක් කරල කට්ටියට කියහන් අට එවන්න කියල, හොඳ දෙකක් කියල යන්න...හැක්..හැක්ක්

      Delete
    5. හප්පේ, ඔන්න අපි මුකුත්ම නොකියමි..

      Delete
  26. සක් දැන් වුනානම් උඹව සුපර්ස්ටාර් යවන්න තිබ්බා , අම්මප

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙනම් අතින් වියදම් කරන් ඇස් එම් ඇස් ගහපං..

      Delete
  27. මට නම් සිරාවටම ස්ටේජ් එකට වත් ඕඩියන්ස් එකටවත් බය හිතිලා නෑ.. පොඩි කාලෙ ඉඳලම විවාද/කථික කරපු නිසා වෙන් ඇති... කෝම උනත් අවසන් වට වලදි සෑහෙන කට්ටියක් බලන් ඉන්න නිසා පොඩි චකිතයක් වගෙත් දැනිල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. චකිතය නම් ඉතින් කවදත් හිතේ තියෙනවා බං.. අන්තිම කාලේ ඉස්කෝලේ උත්සව මෙහෙයවද්දීත් ඒක මටත් තිබුනා.. මොකද ආරාධිත අමුත්තෝ එහෙම ඉන්න තැන අවුලක් වෙයි කියලා පොඩි මෙවුවා එකක් හිතේ නිතරම තියෙනවනේ..

      Delete
  28. අනේ මම නම් ඉන්නේ තිරය පිටුපස තමා....
    ස්ටේජ් එකක් හදන්ඩ ස්ටේජ් එකට නැග්ගට පස්සේ තාම නැගලා නැද්ද කොහේදෝ?

    ReplyDelete
    Replies
    1. කාටහරි ස්ටේජ් එකට එන්න ඉඩ දෙන එකත් මදැයි බං.. ඒ හන්දා අවුලක් නෑ ඔන්න ඔහේ..

      Delete
  29. මමත් ඉස්කෝලේ යන කාලේ නම් ස්ටේජ් නැගිල්ලෙන් පුළුවන් තරම් හැංගිලා හිටපු කෙනෙක්... ඒත් 9 වසරෙදි මාව සිංහල සමිතියෙ සභාපති කරා නේ.. එද ඉඳන් සමිතිතිය ඉවර වෙනකල් හැමදාම ස්ටේජ් එකේමයි.. :D

    ReplyDelete
    Replies
    1. ඔය සභාපති කම ගන්න එක තමයි ස්ටේජ් නැගිල්ලේ ලේසිම වැඩේ.. හා නැද්ද මං අහන්නේ??

      Delete
  30. ස්ටේජ් භීතිකාව නම් තදේට තිබුන මටත්. ඒක නැති උනෙත් දහම්පාසලෙන්.
    දෙයියනේ කියල බාල්දි පෙරලගත්තෙ දහම් ගායනා තරගෙකින්.. ආයෙත් නම් සීපදයක්වත් කියන්න හිතුවෙ නෑ. අමාරුවෙන් හරි ගැටගහ ගන්න කතාවක් රටක් වටිනව.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මට මුල්ම කාලේ ඕකේ අනික් පැත්තනේ..

      Delete
  31. පොඩි කාලේ නම් නොදන්නා කමටද මන්ද , මොකෙකටදෝ ස්ටේජ් එකට නැග්ග මතකයි. . දනන කියන කාලේ නම් යන්න කැමති උනත් ගියාම අවුල් හින්දම මග ඇරිය.

    ඉන්ග්ලිෂ් ක්ලාස් ඒකෙ නම් ස්පිච් වලට යන්න උනා . ඉස්සෙල්ලම ගිය දවසේ ගිහින් මයික් එක ලග හිට ගත්තා විතරයි ක්ලස්ස් ඒකෙ උණ ටික හිනා වෙනවා.ඉස්සරහ බැලින්නම් සර් කාරයත් හිනා වෙනවා. බැලින්නම් මම දන්නෙත් නැ මම මගේ පපුව අතගගා ඉදල . ඇයි යකඩෝ ඒක ඩොග් ඩොග් ගාන කොට එලියට පනින්න වගේ වෙන මොනවා කරන්නද

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙමත් වස ලැජ්ජාවක්..

      Delete
  32. ආ..නෑ නෑ. මතක් උනා. කැම්පස් එකේදී කිව්වා නෙව සින්දුවක් නයිට් එකේ ...:D

    ReplyDelete
    Replies
    1. එහෙනම් කවදම හරි හම්බුන දවසක සිංදුවක් කියන්න කියනවමයි මම..

      Delete
  33. හෙහ් ස්ව්ට් නේ මට මැවිලා පෙනුනා මෙයා ස්ටෙජ් එක උඩට නගින හැටි.
    හැබැයි හොදට සිංදු කියන්න පුළුවන් කියලා නම් දන්නවා. ඒ හැකියාව වැඩි දියුණු කරගත්තනම් අද සුපර් ස්ටාර් කෙනෙක් :පී

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්