Thursday, 19 March 2015

සුපර් ආ(ර්)චී



ඔන්න ඉතින් අද ඉදන් ටිකක් විතර අමුතු කතාවක් අමුතු විදිහකට අරන් එන්න තමයි කල්පනා කරන්නේ.. මේක ඇවිල්ලා එසේ මෙසේ කතාවක් එහෙනම් නෙමෙයි.. සුපිරි වීරයෙක් ගැන කතාවක්.. හැබැයි ඉතින් මේ සුපිරි වීරයා ටිකක් විතර අනිත් වීරයන්ට වැඩිය විශේෂයි.. අපි වෙනදා අහලා තියෙන්නේ ඔක්කොම සුපිරි වීරයෝ මිනිස්සු ගැනනේ.. මේ කියන්න යන සුපිරි වීරයා ඇවිත් සතෙක්.. හරියටම කියනවනම් මෙයා සුපිරි හාවෙක්..



ඉතින් මෙයාටත් අයිතිකාරයෙක් ඉන්නවා.. හැබැයි ඉතින් සුපර්මෑන්ගේ ගෑල්ලමයා පුපර්මෑන් හරියටම කවුද කියලා දන්නේ නෑ වගේම ස්පයිඩර්මෑන්ගේ නැන්දා පුතා ස්පයිඩර්මෑන් කියලා දන්නේ නෑ වගේම තමයි මේ සුපිරි හාවගේ අයිතිකාරයත් දන්නේ නෑ එයාගේ සුරතලා සුපිරි වීරයෙක් කියලා.. ඇයි ඉතින් මෙයා ගෙදරට වෙලා ඔහේ දෙන හැමදෙයක්ම කාලා දවල් වෙලාවෙන් වැඩි හරියක් නිදා ගෙන ඉන්න ටිකක් මහත හා තඩියෙක් සුපිරි වීරයෙක් වේවි කියලා ඉතින් කවුද හිතන්නේ..


ඉතින් මේ හා වීරයට නමක් තියෙන්නත් ඕනනේ.. මෙයාගේ අයිතිකාරයනම් එයාට කියන්නේ ආ(ර්)චී කියලා.. ඉතින් ඒ හන්දා අපි මෙයාට කියමු සුපර් ආ(ර්)චී කියලා.. හැබැයි ඉතින් ඔන්න පටල ගන්න එහෙම එපා මෙයා වීරයා වුනාට මෙයාට වැඩියෙන් ෆයිට් කරන්න වෙන්නේ සත්තුත් එක්ක තමයි.. නැත්නම් ඉතින් සුපිරි උනත් හාවෙක් මිනිස්සු එක්ක ෆයිට් කරනවා කිවුවම ඒක ගැලපෙන්නේ නැහැනේ..


ඉතින් කලින් මම කිවුවා වගේම මේ සුපිරි හාවත් සාමාන්‍ය හුරතලෙක් විදිහටම දවල් දවසම ගෙදරට වෙලා ඉන්න එක තමයි කරන්නේ.. ඒ වුනාට ඉතින් එයා ඉන්නේ වටපිටාවේ වෙන හැම දේම ගැනම හොද අවදානෙන්.. එයා ඉන්න කාමරේ බැල්කනියට ගිහින් ඇස් දෙක පියාගෙන එයාගේ දිග කන් හොදට උස්සගෙන වට පිටාවේ වෙන දේවල් ගැන අහගෙන තමයි ඉන්නේ.. ඊට පස්සේ  ඉතින් රෑ උනාම තමයි මෙයාගේ වැඩ කිඩ තියෙන්නේ..

රෑට කලා බීලා අපේ ආ(ර්)චීටත් කන්න බොන්න දීලා එයාගේ අයිතිකාරයා නිදා ගන්න ගියාම ආයේ උදේ වෙනකන් වැරදිලාවත් ඇහැරෙන්නේ නෑ කියලා සුපර් ආ(ර්)චී හොදටම් දන්නවා.. ඉතින් එයා කරන්නේ එයාගේ අයිතිකාරයට නින්ද යනකන් ඉදලා හෙමීට එයාව අඳුන ගන්න බැරි වෙන්න එයාගේ රහස් කිට් එක දා ගන්නවා.. ඒ රහස් කිට් එක මෙහෙමයි.. එයා ඔය දවල් වරුවට නිකන් ඉද්දී එයාගේ අයිතිකාරයගේ බාගෙට කාපු මේස් එකක් අරන් ඒක ඇස් දෙක වටේ ගැට ගහ ගන්නවා.. තව එයාට හීතල වදින හන්දා එයාගේ අයිතිකාරයා එයාට ගෙනල්ලා අන්දපු ඉංගිරීසී " A " අකුර ගහපු ටී ශර්ට් එක ඇද ගත්තම අපේ සුපර් ආ(ර්)චී ගේ රහස් ඇදුම හරි..

ඔන්න ඉතින් ආ(ර්)චී සුපුරුදු විදිහටම බලාගෙන හිටියා එයාගේ වෙලාව එනකන්.. එයාගේ අයිතිකාරයා නින්දට ගිය ගමන්ම ඉක්මනට ඇද යට හංගලා තිබුන එයාගේ රහස් ඇදුම අරන් ඇද ගත්ත සුපර් ආ(ර්)චී ඉක්මනට බැල්කනියට ආවා.. සුපර් ආ(ර්)චීට තියෙන බලයන්ගෙන් එක්ක තමයි එයාට හුඟක් දුරකට වගේම ඕන උසක ඉදන් උනත් කිසි කරදරයක් නැතුව පනින්න පුළුවන් එක.. ඉතින් සුපර් ආ(ර්)චී බැල්කනි එකට ඇවිල්ලා එතන ඉදන් තට්ටු තුනක් පහලින් තියෙන පාරට කිසිම කරදරයක් නැතුව පැන ගත්තා..

දැන් ඉතින් සුපර් ආ(ර්)චී පාර අයිනෙන් පැන පැන යනවා.. එයා යන්නේ කෙනෙක්ව හොයාගෙන.. ඒ වෙන කවුරුවත් නෙමෙයි බලු තඩියෙක්ව හොයාගෙන.. මම කලිනුත් කිවුවනේ අපේ සුපර් ආ(ර්)චී දවල් වරුවට කරන්නේ බැල්කනියට වෙලා වට පිට වෙන දේවල් ගැන අවදානෙන් ඉන්න එක කියලා.. ඉතින් එහෙම ඉද්දි තමයි එයාට මේ බලු තඩියව දකින්න පුළුවන් වුනේ.. බලු තඩියා කරපු වැරැද්ද ගැන කියනම් ආ(ර්)චීට එයාව හම්බඋනාම..

ටික වෙලාවකින් පාරක් කෙලවර තිබුන කුණු බක්කියක් අවුස්ස අවුස්ස හිටිය බලු තඩියව ආ(ර්)චීට හම්බඋනා.. හැබැයි තාම බලු තඩියා දන්නේ නෑ එයා දිහා අපේ මේ සුපිරි වීරයා බලාගෙන ඉන්නවා කියලා.. බලු තඩියා මෙලෝ සිහියක් නැතුව කුණු බක්කිය අවුස්සනවා..

" ඒයි.."

අපේ සුපිරි වීරයා බලු තඩියට කතා කලා.. ඒකා අවුස්ස අවුස්ස හිටිය කුණු බක්කියෙන් ටිකකට ඈත් වෙලා ඒකා ඉස්සරහා ඉන්න සුදු හා පැටියා දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා..

" මල්ලී මේ, හැලෝවීන් වලට තව කල් තියෙනවා.. නිකන් ගුටි නොකා යනවද?"

බලු තඩියා නිකන් නක්කලේට වගේ කිවුවා.. අනේ ඉතින් මේ මෝඩ බලුරාල දන්න එකක්යැ අපේ සුපිරි වීරයා ගැන.. එයා ආයේම කුණු බක්කිය දිහාවට හැරුණා.. ආ(ර්)චී එයාගේ සුපිරි බලය පාවිච්චි කරලා බලුරාලට කලින් කුණු බක්කිය උඩට පැන්නා.. හැබැයි ඒක දැකලනම් ඔන්න බලුරාල පොඩ්ඩක් ගැස්සිලා ගියා..

" දවාලේ අර බඬගින්නේ හිටිය පූස් පැටියගෙන් එයාගේ මාළු කට්ට තමුන් උදුර ගත්තා නේද?"  ආ(ර්)චී බලුරාල ගෙන් ඇහුවා..

" නෑ.."  බලුරාල බොරුවක් කිවුවා.. ඒත් ඉතින් ආ(ර්)චී දවල් බැල්කනියට වෙලා වෙච්ච හැම දේම බලාගෙන තමයි හිටියේ..

" බොරු කියලා මගෙන් ගුටි කන්න එපා.. මම ඔක්කොම බලාගෙන හිටියේ.. ආයේ එහෙම දෙයක් වෙලා තිබුනොත් මම නරක හාවා කියන්න එපා.."  ආ(ර්)චී ටිකක් සැරෙන් කිවුවා..

" හෙහ්, මට තර්ජනේ කරන්න තමුන් කවුද?"

" මම තමයි සුපර් ආ(ර්)චී.."

ආ(ර්)චී කුණු බක්කියේ පියන උඩ හිටගෙන වීරයා වගේ එයාව අදුන්නලා දුන්නා.. සද්ද නැතුව ටිකක් වෙලා හිටිය බලුරාල එක පාරම මහ හයියෙන් හිනා වෙන්න උනා..

" ආරච්චී? මොන කොළණියේද දන්නේ නෑ.."

බලුරාල ආ(ර්)චීව වැඩිය ගනන් ගන්නේ නැතුවම විහිළු කලා.. හැබැයි ඉතින් අපේ සුපිරි වීරයට ඒකට කේන්ති ගියා.. එයා තව ඉවසුවේ නෑ.. කුණු බක්කියේ පියන උඩ ඉදලා කෙලින්ම පැන්නේ බලුරාලගේ ඇඟට..


***

අපේ සුපිරි වීරයා බිල්ඩින් වල වහලවල් උඩින් පැන පැන දැන් යනවා.. ටිකක් දුර යද්දී එයාට පොඩි සද්දයක් ඇහුනා.. අපේ සුපිරි වීරයා ඉතින් සද්දෙට නැවතිලා බැලුවට ඒක ඇහුනේ ලඟින් නම් නෙමෙයි.. දන්නවනේ ඉතින් සුපර් ආ(ර්)චීට හුඟක් දුර වෙන දේවල් උනත් ඇහෙනවා කියලා.. මේකත් අන්න එහෙම තමයි.. එයා හිටිය තැනට බිල්ඩින් ගානක් දුරින් වෙන දේක සද්දයක් තමයි ආ(ර්)චීට මෙහෙම ඇහෙන්නේ දැන්..

එයා ඉක්මනට එයාගේ සුපිරි බලය පාවිච්චි කරලා බිල්ඩින් උඩින් පැනන් ආවා සද්දේ ඇහුන තැනට.. ඇවිත් ටිකක් හොදට බැලුවා.. බලද්දී එයා දැක්කා මීයෝ රංචුවක් කේක් කඩයකට රිංගගෙන දඟලනවා.. එයා කඩේ ඇතුල හොදට බැලුවා මේ මීයෝ අල්ලන්න පූසෙක් වත් ඉන්නවද කියලා.. එහෙමත් නෑ.. ඒ කියන්නේ ඉතින් අපේ වීරයට උදවු කරන්න වෙලාව..

එයා හෙමීට මීයෝ සෙට් එක ඉන්න පැත්තට ගියා..ඒ යද්දිත් මීයෝ
කඩෙන් සෑහෙන්න කේක් උස්සලත් ඉවරයි.. ස්ටෝබෙරි කේක්, පයිනැපල් කේක් වගේම අපේ වීරයා කැමතිම චොක්ලට් කේකුත් තිබුනා.. ඒත් ඉතින් හොරෙන් කන එක වීරයට හරි මදිනේ.. එයා පෝලිමට හිටිය මීයෝ සෙට් එකේ අන්තිමටම හිට ගත්තා.. ඒ ඉදන් එයාගේ සුපිරි වේගයෙන් එක එක මීයා ගානේ අල්ලලා ලග තිබුන ගහක බැන්දා.. දැන් ඉතුරු හොර මී නඩේ නායකයා විතරයි.. ආ(ර්)චී එයාගේ පිටි පස්සෙන් හිට ගත්තා.. හොර නඩේ ලොක්කා තව කේක් එකක් අරන් එලියට පැනන් ආවා..

" මල්ලී, මේ මොකද? මම එක පාර හිතුවේ අපේ සෙට් එකේ කෙනෙක් කියලා.. බැලින්නම් මේ හාවෙක් නේ.. මොකද මෙතන කරන්නේ? කේක් ඕනනම් අපිට සපෝට් එකක් දෙන්න වෙයි.. හරිද?"

" මට ඕන ඇති කේක් එකක් නෑ.." ආ(ර්)චී ටිකක් සැරෙන් කිවුවා..

" ඔන්න ඕකනේ ඉතින් කියන්නේ අපි හොදින් කතා කරාම මෙයාලා එනවා අපිට ගෑස් දාන්න.." මී ලොක්කා ඉදන් කිවුවා..

" දැන්මම ඕක නවත්තන්න ඕන.. මම ගෝලයෝ ඔක්කොම ගස් බැදලයි තියෙන්නේ.."

ආ(ර්)චී මී ලොක්කට එයාගේ ගෝලයෝ ටික පෙන්නුවා.. එතකොට නම් මී ලොක්කට තේරුණා වැඩේ ටිකක් ලේසි වෙන පාටක් නෑ කියලා.. මී ලොක්කා එක පාරම උඩ පැනලා ආ(ර්)චීට කික් එකක් දුන්නා.. අපේ සුපිරි වීරයත් සුපිරි වේගෙන් ඒ කික් එක බ්ලොක් කලා.. ඒ එක්කම වගේ ආ(ර්)චීත් මී ලොක්කට සුපර් කික් එකක් දුන්නා.. ඒක වැදිලා මී ලොක්කා ටිකක් එහාට විසි වෙලා ගියා..

ආ(ර්)චී ඉක්මනට කලේ මී පාසානමක් මැදි කරපු කේක් කෑල්ලක් මී ලොක්කා දිහාවට විසි කරපු එක..

" මල්ලී, ඔයා හිතුවද මම ආදි කාලේ මීයෙක් කියලා මේවට රැවටෙන්න.."

මී ලොක්කා ආ(ර්)චීගේ උපායට අහු වෙන්නේ නැතුව කිවුවා.. හැබැයි මී ලොක්කා කේක් කෑල්ල අතට ගත්තා.. ඒ ආයෙම ආ(ර්)චී ඉන්න දිහාවට විසි කරන්න.. ඒ එක්කම වගේ ආ(ර්)චී එයාගේ සුපිරි වේගයෙන් එයා හංගගෙන හිටිය රිමෝට් එකේ බටන් එක එබුවා..

මී පාසානමක් වගේ පෙනුනට ඒකේ ඇත්තටම තිබුනේ දැලක්.. ආ(ර්)චීගේ උගුලට රැවටුන මී ලොක්කා දැලේ පැටලිලා දඟලන්න පටන් ගත්තා..

" මල්ලී, කැත වැඩ කරන්න එපා ඕයි.."

" ඔයා මේ කළුවරේ හැංගිලා හිටියට දැන් කාලේ වෙනස් තාලේ අළුත්.."


***

දැන් ඉතින් මහ රෑත් පහු වෙලා පාන්දර වෙන්නත් ඇවිත් තිබුනා.. ඒත් ඉතින් නිදිමත ගැනවත් හිතන්නේ නැතුව අපේ සුපිරි වීරයා ඇවිදන් යනවා එයාගෙන් කාටද උදවුවක් ඕන කියලා බලන්න.. ඉතින් මෙහෙම යද්දී අපේ සුපිරි වීරයට ඇහෙනවා කවුදෝ අඬන සද්දයක්.. ඉතින් මෙයා ටිකකට නැවතිලා වට පිට ඉව කරලා බලනවා කවුද අඬන්නේ කියලා.. බලද්දී එයාට පේනවා ගෙදර සාලෙක එල්ලිලා තියෙන කූඩුවක ඉන්න කුරුළු පැටියෙක්.. ආ(ර්)චී ට්කක් වෙලා ඈත් ඉදන් බැලුවා මේ කුරුළු පැටියා අඬන්නේ කාට හරි බය වෙලාද කියලා.. ඉතින් එහෙම දෙයකුත් පේන්න තිබුනේ නැති හන්දා ආ(ර්)චී කුරුළු පැටියා හිටිය කූඩුවට ලං වුනා..

" ඇයි අඬන්නේ?"

ආ(ර්)චී කුරුළු පැටියගෙන් ඇහුවා.. ඒත් එයාට උත්තර දෙන්න සිහියක් තිබුනේ නෑ.. තව ටික වෙලාවක් හයියෙන් අඬන්න ගත්තා මිසක ආ(ර්)චී අහපු කිසිම දේකට කුරුළු පැටියගෙන් උත්තරයක් ලැබුනේ නෑ.. දැන් ඉතින් ආ(ර්)චීට ටිකක් කේන්තිත් එක්ක.. ඒත් එයා ඉවසගෙන හිටියා..

" මොකද අඬන්නේ?"

ඒ පාරනම් ආ(ර්)චී ටිකක් සැරෙන් ඇහුවා.. එතකොට නම් කුරුළු පැටියගේ ඇඬිල්ල නම් නැවතුනා.. ඒත් හැබැයි කතා කරන්න නම් ටික වෙලාවක් ගියා..

" අනේ මාව මේකෙන් නිදහස් කරන්න බුදු අයියේ.."

" ඇයි මොකද උනේ?"

" අනේ මට මෙහේ ඉන්න බෑ.."

" ඇයි මොකද උනේ? මෙහෙ කිසි කරදරයක් තියෙනවා කියලා පේන්න නැහැනේ.. අනතුරක් වෙන දේකුත් නෑ.. හොදට කන්න බොන්නත් තියෙන්නේ.."

" කන්න බොන්න හම්බුවෙනවා වගේද අයියේ.."

" හරි හරි ඉතින් කියනවා මොකද්ද තියෙන ප්‍රශ්ණේ.."

" නෑ මේකනේ.. මගේ අයිතිකාරයා ඉන්නවනේ.. අද මම අහම්බෙන් වගේ මේ කුඩුවේ පැද්දි පැද්දී ඉද්දී දැක්කා කුස්සියේ මං වගේ ලොකු වෙච්ච කෙනෙක්ව රහ කර කර කනවා.. අනේ මට මැරෙන්න බෑ අයියේ.."

" මොකක් කිවුවා.. මැට්ටා.. ඒ මිනිස්සුන්ට තමුසේ හොදයි කාලා ඉවර වෙලා දත් සුද්ද කරන්න.."







තවත් කතාවකට...

විශේෂයි,  හිත ටිකක් අප්සට් එකේ හන්දා ඒක හරියන්නත් එක්ක ලිවුව විකාර කතාවකි.. මුලින් මේකේ දාන්න හිතන් නෙමෙයි ඔහේ හිතුන ඒවා කුරුටුගාන් ගියා.. පස්සේ ඔන්න ඔහේ ඕන එකක් කියල දැම්මා.. ප්‍රතිචාර අනුව ඉස්සරහට ලියන එක ගැන හිතම්..






 

47 comments:

  1. බලමු අනික් ප්‍රතිචාර කතාවේ කුරුලු පැටියා ගේ සිද්ධිය නම් එල ජය

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, තැන්කිවු තැන්කිවු.. කම්මැලි කමට කොටපු එකක් බං මේක..

      Delete
  2. දිනේෂ්ගෙ පොඩි පුතා නේද මේක ලිව්වෙ? මොකක්ද අප්සැට් එක?

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, මගේ ලොකු පුතා පොඩි පුතාට කියනවා අහගෙන ඉදලා මම හොරෙන් ලිවුව එකක් මේ... ;)

      Delete
  3. වෝල්ට් ඩිස්නි ට හම්බුනොත් අනිවා ඩෙෆා හදනව සුපිරි කාටුන් එකක්.. මගේ තියෙන බලු ගතියටද මංද නම දැක්ක ගමං මටත් මතක් වුනේ මීට සමාන එකක්..
    //" ආරච්චී? මොන කොළණියේද දන්නේ නෑ.."///

    ReplyDelete
    Replies
    1. උබලගේ ඉතින් කැත හිතනේ බං.. මොනවා කරන්නද ඉතින්..

      හෙහ් හෙහ්, හිටින්කෝ ඊලග කොටස් ටිකත් හෙමිහිට දානකන්..

      Delete
  4. මම නම් මේ වගේ කතා වලට හුඟක් ආසයි... සුපර් ආ(ර්)චීගේ වැඩ ටිකක් තව ලියමු නේද ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ, තුශානිත් ඉතින් වැඩි හරියක් ලියන්නේ මේ වගේ ඒවනේ.. ලියමු ලියමු, ඔන්න ඔහේ ලියනවා කියලා තමයි මාත් මේ හිතුවේ..

      Delete
  5. වෙනසකටත් එක්ක ඒක හොඳයි දිනේෂ්. කොහොමත් උඹට ගින්නක් නැතිම සුරංගනා කතා ලියන්නත් පුලුවන් බං. මට අර උඹ කලින්ලිව්ව රන් අශ්වයාගෙ කතාවත් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ කිවුවමයි මතක් උනෙත්.. කාලෙකින් එහෙම එකක් ලියන්නත් බැරි උනානේ.. බලාගෙන යද්දී උඹලා හොද පාඨකයොනේ.. හැමදේම මතකයි..

      Delete
  6. වෙනසකටත් එක්ක මටත් එච්චර ඇල්ලුවේ නැහැ බං..

    ReplyDelete
    Replies
    1. අම්මපා ඉතින්.. හා හා, තව එක කොටසක් හෙමිහිට දාන්න අවසර.. ඊට පස්සෙම බලමු..

      Delete
  7. මේ අර ගෙදර හුරතලේට ඇති කරන එක්කෙනා ද? :O

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු පොඩ්ඩි අක්කෝ.. එයා එක්ක ඉද්දි හිතට ආව එකක් තමයි මේක.. ;)

      Delete
  8. අනේ ආර්චියා ගැන කතාවක් ලියලා! ශෝයි!
    තව ටිකක් ආර්චියාගෙ චරිතෙ හුරතල් ගතිය පෙන්නපං. ආර්චියා හෙමීට හෙමීට පැන පැන යන හැටියට අර සුපිරි පැනිලි ගැන කියද්දි මට හිනා...

    මගෙ ගානෙ ඌට ටොක්කක් ඇනපං හොඳේ!

    ReplyDelete
    Replies
    1. අම්මපා උඹට ඒකට ටොකු අනින්නේ නැතුව ඉන්නම බැරිද.. නපුරී..

      හා හා හිටපංකෝ ඊලග එකේ බලමු..

      Delete
  9. කතාව පට්ට...චිත්‍ර කතාවක් විදිහට කරොත් මරු....

    ReplyDelete
    Replies
    1. ඕකනේ බැරි ඉතින්.. මම මේ පෝස්ට් එකකට චිත්‍රයක් ඇද ගන්න කෙනෙක් නැතුව ඉන්නවා.. මේකා ඉදන් චිත්‍ර කතා ගැන කියනවා..

      Delete
  10. ඊලග එක තව ටිකක් හොදට ලියමු.

    ReplyDelete
  11. මට නම් ඒ තරම් අවුලක් නැහැ බං.සුපර් ආ(ර්)චීව මමත් මතක් කෙරුවායි කියහන්කෝ.
    ඌ හරියට "රොබින් හූඩ්" හාවෙක්නේ.:D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඒ ඉතින් මේ කතාවටනේ.. හිටු දවසක තව එකක් ලියන්න මම..

      Delete
    2. ඇයි මේක මෙතනින් ඉවරද??

      Delete
    3. ඉවසලා ඉන්න..

      Delete
  12. කියෙව්වා. මට රහ නෑ මේක...මම කෙලින්ම කිව්වා ඔන්න...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකෙන්ම ඒකනේ කිවුවේ කෙලිනම අදහස කියලා දාන්න කියලා අයියේ..

      Delete
  13. අසම්මත පෙම් කතා ලියලා මිනිස්සු එවුවට පොලම්බෝනවට වඩා හොඳයි වීර කතා ලියලා මිනිස්සු වීරයෝ කරන එක :D

    ReplyDelete
    Replies
    1. හික්ස්, උඹත් හෙමීට ටොකු අනින්න දන්නෙම නෑ නේද?

      Delete
    2. හැබැයි ඉතින් ඒ වගේ දේවල් කියවන අය මේවා කියවන්නේ නෑ.

      Delete
    3. හෙහ්, කතාව නම් ඇත්ත..

      Delete
  14. කතාව නම් ටිකක් ෆන්. වෙනසකටත් එක්ක නරකම නෑ.

    ReplyDelete
  15. කාටූන් එකකට කතාව නියමෙට ගැලපෙනවා. කොටස් වශයෙන් යන එකක්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම ලියන්න තමයි හිතුවෙනම් අයියේ.. අපි බලමුකෝ හෙමීට..

      Delete
  16. ඒ..මරු බං...මේකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා... තව ලියපං...
    ඒ මේ මටත් ආසයි බං හා පැටියෙක් හදන්න...

    ReplyDelete
    Replies
    1. හා හා හදපං.. හාවොන්ගේ වැඩ කිඩ බලාගෙන ඉන්න එකත් මාර ෆන් බං.

      Delete
  17. පට්ටයි දිනේෂ් අය්යෙ
    ඉතුරු කතා ටිකත් දාන කං දැං නං ඉවසුමකු නෑ...
    ලිය ලිය අපි බලං ඉන්නව

    ReplyDelete
    Replies
    1. ඉවසලා ඉදින් ඉවසලා ඉදින්..

      Delete
  18. //ඒ මිනිස්සුන්ට තමුසේ හොදයි කාලා ඉවර වෙලා දත් සුද්ද කරන්න//
    අයියෝ කුරුළු පැටියගෙ චරිතෙ එහෙම පිටිංම ඝාතනය කරලනෙ.

    ReplyDelete
    Replies
    1. මැටි කුරුළ්ලන්ට ඉතින් එහෙම ආන්සර් එකක්ම තමයි දෙන්න ඕන..

      Delete
  19. වෙනස් මඟක් වගේ.. රසවින්දා මල්ලියෙ.. දිගටම ලියන් යන්න මෙහෙම...

    ReplyDelete
    Replies
    1. හැමදාම එකම විදිහත් හොද නැහැ වගේනේ.. ඒකයි මෙහෙම ලිවුවේ.. බලමුකෝ..

      Delete
  20. අළුත් වැඩෙත් නරකම නෑ.ඒත් මම මේකට වඩා කැමති අර උඹ ලියන අන්තිම වෙනකන් මොකද වෙන්නේකියල හිතාගන්න බැරි කියවලා ඉවරවෙලත් පැය ගානක් හිතන්න ඉතුරුකරන ඉට්ටැයිල් එකට තමා.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. එවුවා ඉතින් හැමදාමත් ලිවුවම ඒකාකාරි වෙලා බෝරින් වෙනවනේ බං.. ඒ හන්දා චේන්ජ් එකටත් එක්ක මෙහෙම එකක් ලිවුවේ..

      Delete
  21. වෙනස් විදිහක කතාවක්. පොඩ්ඩක් හදිස්සියෙන් ලියලා වගේ. එහෙම නැත්නම් කියන්න තරම් ලොකු අවුලකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. හදිස්සියක්? එහෙම එකක් නම් තිබුනේ නෑ මගේ හිතේ..

      Delete
    2. කොටස් ඉක්මනට ඉක්මනට ඉවර වෙලා තියෙන හන්දා කිවුවේ.

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්