Tuesday, 24 March 2015

අම්මගේ පියර්සිං එක



එදත් ෆාමසියේ වෙනදා වගේම දවසක්.. කියන්න තරම් මහ ලොකු දෙයක් සිද්ද නොවී ඔහේ කම්මැලි කමේ ගිය දවසක්.. ලොක්කගේ අම්මගේ බෝයියටත් මේ ටිකේ උණ ගැනිලා හන්දා ෆාමසිය පැත්තට ආවෙත් නෑ.. ඒ හන්දමද මන්දා ලොක්කගේ අම්මා ආවෙත් නෑ.. අම්මා නෑ කියන්නේ ඉතින් අපිටත් කන්න බොන්නත් නෑ වගේ තමයි ඉතින්.. නැත්නම් ඉතින් බඩ රිද්දන පුඩිං හරි අපිට හම්බුවෙනවනේ.. හරි හරි ඒ කතා වැඩක් නෑ.. කියන්න ආව කතාවට යමුකෝ..

ඔන්න ඉතින් හවස 7.30යි වෙලාව.. ෆාමසිය වහන්නත් වෙලාව හරි හන්දා මම ඉස්සරහා පැත්තට ආවා.. බෙහෙත් ගන්න ආව කවුරුවත් නෑ.. ඒකත් හොද වෙලාව.. නැත්නම් ඉතින් ඒ ඉන්න අය යනකන් තව විනාඩි 10ක් 15ක් බලාගෙන ඉන්නත් වෙනවනේ.. කවුරුත් නෑ කියලා දැක්ක ගමන් මන් ටක් ගාලා ගිහින් දොර ලොක් කරලා ලොකු යකඩ දොර පහලට දාන්න පටන් ගත්තා.. සමහර වෙලාවට අනිත්ම මොහොතේ දුවන් එන හදිස්සි කාරයෝ එහෙන් මෙහෙන් අත් කකුල් ඔය දොර අස්සෙන් දාන හන්දා මම කෝකටත් කියලා කල්පනාවෙන් තමයි වහන්නේ.. මොකද ඉතින් වෙන තැනක් වගේ නෙමෙයි.. ෆාමසියකට දුවන් එන්නේ ලෙඩෙක් බෙහෙතක් හොයාගෙන කියන එක ඉතින් හොදාකාරවම දන්න දේ හන්දා අන්තිම විනාඩියේ උනත් ඒ දේ කරන එකනේ යුතුකම..

කොහොම හරි ඉතින් මම යකඩ දොර පහලට දාද්දීම  මෙන්න පොඩි එකෙක් එකෙක් ඇවිත් බෙල්ල දැම්මා.. හොද වෙලාවට වගේ මම බලාගෙන හිටියේ.. නැත්නම් ඉතින් මේ පෝස්ට් එක අද මට ලියන්න වෙන්නේ මේ විදිහට නෙමෙයි.. මම ඉතින් දොර ඇරලා " ඇයි? " කියල ඇහුවා..  අවුරුදු 12ක විතර පොඩි එකෙක්.. මේ කෙල්ල හති දානව කතා කරන එක කොහොම වෙතත්..

" පොඩ්ඩක් ඉන්න... අම්මා එනවා.."

ඒ ගමන බලද්දී මෙන්න අම්මා කෙනෙක් එනවා තව පොඩි එකෙකුත් අතින් අල්ලගෙන.. ඒ ගමන ඉතින් ඔක්කොටම ෆාමසියට එන්න ඉඩ දුන්නා.. ලගම කවුන්ටර් එකේ හිටියේ ලයින් අක්කා.. මේ අම්මත් කලබලේ එතනට දුවගෙන ගියා.. මමත් ඉතින් වැඩිය ඒකට උනන්දු නොවී දොර ගාවම හිටියා.. ටිකකින් අමුතු විදිහක කතාබහක් මට ඇහුනා..

" මට මේක කොහොම හරි ගලවන්න ඕන.. දැන් ඉන්න බෑ අමාරුයි.."

මම එක පාරම බැළුවා මේ මනුස්සයා මොනවද මේ ගලවන්න ට්‍රයි කරන්නේ කියලා.. ඒ බලද්දී තමයි වැඩේ තේරුණේ.. මේ ගෑණු කෙනා දිවත් එළියට දදා කතාව.. බැලින්නම් දිවට පියර්සිං එකක් දාලා.. එච්චර වෙලා අමුතු විදිහට කතා කලෙත් ඒක තමයි කියලා එවෙලෙයි මටත් තේරුණේ.. මාත් ඉතින් පොඩ්ඩක් ඕප දූපෙට ඇහුන් කන් දුන්නා මොකද වෙන්නේ කියලා බලන්න.. වෙන මොකටවත් නෙමෙයි ඉතින්.. කට්ටියට කියවන්න මේකේ ඇවිත් ලියන්නත් එපැයි  ඉතින්.. 



මේ ගෑණු කෙනා අවුරුදු ගානක හිතේ තිබුන ආසාව සපුර ගන්න කියලා දවාලේ ගිහින් පියර්සිං එකක් ගහගෙන දිවේ.. ඒ වෙලාවෙ නම් කිසිම අවුලක් තිබිලා නෑ.. හවස් වී ගෙන එද්දී තමයි වැඩේ අල වෙලා තියෙන්නේ.. පියර්සිං  එක ගහපු තැන වටේම ටිකක් ඉදිමිලා ඇවිල්ලා වගේම දිවම ටිකක් ලාවට වගේ නිල් පාට වීගෙන ඇවිත්.. මේ මනුස්සයා දැන් ඉන්නේ නිකන් දිවට මී මැස්සෙක් විදලා වගේ අමාරුවෙන් කට වහගන්නත් බැරුව ඒක එලියේ දාගෙන අමාරුවෙන් කතා කරනවා.. ( හිනා වෙන්න එපා බොලවු මනුස්සයෙක්ට කරදරයක් උනාම.. )

දැන් ඉතින් මේ ගෑණු කෙනා මෙහේ දුවන් ඇවිත් තියෙන්නේ මේක ගලව ගන්න විදිහක් තියෙනවද කියලා බලන්න.. ඇයි හත්දෙයියනේ ඉතින් වේදනාවටනම් මොකක් හරි බෙහෙතක් දුන්නා කියමු.. ඕක ගලවන්න පුළුවන්යැ ෆාමසියේ එවුන්ට.. කට්ටියටම ඒක මේ ගෑණු කෙනාට තේරුම් කලා.. වැඩේ කියන්නේ හවස 6 වගේ වෙද්දී තමයි මෙයාට අමාරු වෙලා තියෙන්නේ.. එවෙලේ කෝල් එකක් දාලා බලද්දී පියර්සිං එක ගහපු ටැටූ කඩෙත් වහලා.. අප්සට්ම වැඩේ එදා හරියටම සිකුරාදා.. ආයෙම ඉතින් අරින්නේ සඳුදනේ.. අනික ඒ දිව තියෙන විදිහ දැක්කම සඳුදා තියා පහුවදා වෙනකන්වත් ඒ මනුස්සයා ඉන්නවා බොරු..

දන්නේ නැති රෙද්දවල් කරලා ආයේ මේ මනුස්සයගේ දිව කපන තැනට වැඩේ සෙට් කරන්න හොද නැති හන්දා අපි කිවුවා ලේසිම වැඩේ ඉස්පිරිතාලෙට යන්න කියලා.. එතකොට ඉතින් ඔය පියර්සිං එක කපලා හරි ගලවලා හරි හොද හැටි බෙහෙත් දාවිනේ.. වැඩේ කියන්නේ මේ මනුස්සයා ඒකට යන්නත් බයයි.. කොහොම හරි ඉතින් දේවල් තේරුම් බේරුම් කරලා දීලා අමරුවෙන් වගේ යැවුවා ඉස්පිරිතාලෙකට යන්න කියලා.. මොකද ඉතින් මෙතන ඉන්න ඉන්න තවත් අමාරු වෙන්නේ ඒ මනුස්සයටමනේ.. අනික ඉතින් ඉදිමුම තියාගෙන ඔහොම ඉන්නත් බැහැනේ.. කොහොමින් කොහොම හරි අන්තිමේ ඒ ගෑණු කෙනාව ඉස්පිරිතාලෙට ඉක්මනට යන්න කියලා ෆාමසියෙන් පිටත් කලා..

බැරි වැඩ එක්කෝ නොකර ඉන්න ඕන.. හැබැයි ඉතින් ඒ ගෑණු කෙනාට එච්චර වයසකුත් පේන්න තිබුනේ නෑ.. ඒ හන්දා පියර්සිං එකක් ගහන්න හිතුන එක අවුලකුත් නෙමෙයි.. එක්කෝ මෙයාගේ දිවේ අප්සට් එකක් එහෙමත් නැත්නම් ගහපු එකාගේ වැරැද්දක්.. කොතන කොහොම අවුලක් උනත් ඉතින් ඉල්ලන් ටින්කිරි ගාගන්නවා වගේ වැඩක් තමයි මෙයාටත් උනේ.. අපිට නොදැනුනාට ඉතින් කොහොම වේදනාවකුත් තියෙන්න ඇත්ද?

දැන් එතකොට කියාගෙන ආව කතාව ඉවරද? මොන පිස්සුද.. ඉන්නකො ක්ලයිමැක්ස් එක කියනකන්..

කොහොම හරි මේ ගෑණු කෙනත් ගියාට පස්සේ අපි අපේ වැඩ ටිකත් ඉවර කරලා දාලා වෙච්ච දේ ගැන කතා කර කරම ආවා යුනිෆෝර්ම් ගලවලා දාලා ගෙදර එන්න ලෑස්ති වෙන්න.. එතකොටනේ අපේ දෙකොන රත් වුනේ.. මෙන්න බොලේ පොඩි එකෙක් ඉන්නවා ෆාමසියේ බාත් රූම් එකේ.. මොනා කරන්නද ඉතින් හෙමින් සීරුවේ පොඩි එකාට කතා කලා.. හොද වෙලාවට වගේ පොඩි එකා බය වෙලා එහෙම නෙමෙයි හිටියේ..

" අක්කට හොයන්න කියලා මම හැංගුනා.."



පොඩි එකා කියපි.. හත්දෙයියනේ මේක හැංගිමුත්තම් කරන තැනක්ද? පොඩි එකාව ඉස්සරහට එක්කන් ඇවිත් පුටුවක වාඩි කරවලා කවුද කින්ද මන්ද විස්තර ඇහුවා.. බැලින්නම් මේ අර පියර්සිං එක ගහගෙන මෙලෝ සිහියක් නැතුව ආව ගෑණු කෙනාගේ පොඩි කෙල්ල.. ඒ මනුස්සයා අපි එක්ක ඒ ගැන කතා කරද්දී මේ ලමයා අක්කා එක්ක සෙල්ලම් කරලා.. දැන් ඉතින් මොනවා කියලා කරන්නද.. පොඩි එකාගෙන් විස්තර ඇහුවට අම්මගේ නමවත් හරියට කියාගන්න දන්නේ නෑ.. කෙල්ලට අවුරුදු පහයි තාම.. ඇඩ්‍රස් එකක් තියා අම්මගේ ටෙලිෆෝන් නම්බර් එකක් වත් මේ ලමයා දන්නේ නෑ.. එක අතකට ඉතින් ඔය වයසට ඔවුවා ඔක්කොම මතක තියෙනවා කියලද..

දැන් ඉතින් මොකද කරන්නේ කියලා දහ අතේ කල්පනා කරා.. අපිට ඉතින් පොඩි එකාගෙන් හරි විස්තරයක් අහ ගන්නවත් නැතුව මුකුත් කරන්න විදිහක් නැහැනේ.. තිබුන එකම විසදුම අම්මා එනකන් බලාගෙන ඉන්න එක.. දැන් ඒ ගෑණු කෙනා ගිහිල්ලත් වැඩිම උනොත් විනාඩි දහයක් විතර වගේ වෙන්න ඇති.. ඒ කියන්නේ ඉතින් ශුවර් එකටම මේ වෙද්දී අම්මා ලමයා හොයාගෙන එන්න ඕන.. ෆාමසියේ ඉතින් දොර ඇරන් බලාගෙන ඉන්නත් බැහැනේ, අපේ හොරු පැනීමේ ඉතිහාසය හරි හොද හන්දා.. ඒ හන්දා එළියේ තිබුන කැමරා වලින් බලාගෙන හිටියා අම්මා දැන් ඒවි දැන් ඒවි කියලා..

තව විනාඩි පහක් දහයක් වගේ ගෙවිලා ගියා.. අම්මා නම් එන පාටක් නෑ.. ලොක්කගේ අම්මා පොඩි එකාට ලග තිබුන කඩෙන් පීත්සා එකක් ගෙනත් දුන්නා.. ඒ පොඩි එකත් දවසම නොකා ඉදලද මන්දා පීත්සා එකට වග කියන්න ගත්තා මෙලෝ සිහියක් නැතුව.. වෙලාව 8.30 වගේ උනා.. ෆාමසියේ හිටියේ ලොක්කයි, ලොක්කගේ අම්මයි මමයි විතරයි.. මේ අම්මට ලමයව මෙච්චරම සිහියක් නැද්ද කියලා අපි කල්පනා කලා.. එක්කෝ ඉස්පිරිතාලෙන් අල්ලගෙන පියර්සිං එක ගලවනවද දන්නේ නෑ.. අපි එහෙමත් කල්පනා කලා..

තවත් බලන් ඉන්න එක හොද නැති හන්දා ලොක්කා පොලීසියට කතා කලා.. කතා කරලා විස්තරේ කිවුවා.. විනාඩි දහයක් යන්න කලින් පොලිස් කාර් එකක් ආවා.. පොලීසිය ඉන්න හන්දා දැන් අවුලක් නැති නිසාම ෆාමසියේ දොරවල් ඇරලම අපි බලාගෙන හිටියා ලමයගේ අම්මා එනකන්.. පොලිස් කාරයෝ දෙන්නත් ලමයගෙන් ශේප් එකේ එක එක ඒවා ඇහුවට " දන්නේ නෑ " කියනවා ඇරෙන්න පොඩි එකාගෙන් වෙන උත්තරයක් නම් ලැබුනේ නෑ..

" කරන්න දෙයක් නෑ තව ටිකක් බලමු.. මේ ලමයට මොන්ටිසෝරියේ නම විතරනේ මතක.. මම තව දෙන්නෙක්ව දැන් යවනවා එතන ප්‍රින්සිපල්ගේ විස්තර හොයාගෙන ඒ කෙනා මාර්ගෙන් හරි ලමයගේ විස්තර හොයා ගන්න.. ඒකටත් ඉතින් ටිකක් වෙලා යාවි.. එතකන් අපි මෙතනම ඉමු.."

පොලිසියෙන් කිවුවා.. වෙන කරන්න දෙයක් නැති හන්දා අපිත් ඔන්න ඔහේ කියලා බලාගෙන හිටියා.. වෙලාව 9.30යි.. කලබලෙන් ආව කාර් එකක් පොලිස් කාර් එකේ හැප්පෙන්නේ නැතුව බ්‍රේක් ගහලා නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන්.. ඔන්න ඒකෙන් බැස්සේ ලමයගේ අම්මා.. පිස්සුවෙන් වගේ ඇස් දෙකත් රතු කර ගෙන දුවන් ආවේ ලමයා ලගට.. පියර්සිං කේස් එක හන්දා අපිටත් ඒ මූණ හොදට මතක නිසා මේ ලමයගේ අම්මා කියලා අඳුනගන්න අමාරු උනේ නෑ.. දැන් පොලිසියෙන් ප්‍රශ්ණ අහනවා.. මේ මනුස්සයා බැරි බැරි ගානේ උත්තර දෙනවා.. බැලින්නම් තාම පියර්සිං එක ගලවලත් නෑ.. තාම ගොත ගහනවා..

" මට මතක නෑ ලමයව මග ඇරුනේ කොතනදිද කියලා.. ඒ හන්දා මේ මම ගිය හැම තැනටම ගිහින් බලලයි මෙතනට ආවේ.."

ලමයගේ අම්මා කියපි.. හරි සංතෝසයි ඉතින්.. දැන් ඉතින් පොලීසියෙන් බනිනවා අම්බානෙකට.. සාදාරණයි ඉතින්..

" පොලිසියට ගිහින්ම යමු.."  පොලිස් කාරයා කිවුවා..

" මට මේ පියර්සිං එක ගලවගන්න ඕන.."

" ව ෆන් කූලෝ, අපි ගලවන්නම් ඒක.."

හයියෝ සල්ලි කිවුවලු.. ඒ අම්මට මෙච්චර දෙයක් වෙලත් පියර්සිං එකේ සිහිය.. අපි එහෙම කිවුවට ඉතින් ඒකේ අමාරුවත් නැතැයි.. ඒ අස්සේ ලමයා මිසින් කියලා මතක් උනාමත් කොහොමට තියෙන්න ඇත්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. මෙහේ ඉතින් ඔහොම ලමයි අමතක වෙන එක ලේසියෙන් අත අරින කේස් නෙමෙයි.. ඒ හන්දා ඉතින් අම්මවත් එක්කන් පොලිසියෙන් යන්න ගියා..

පියර්සිං එක පොලීසියෙන් ගැලෙවුවද නැත්නම් තව එකක් ගැහුවද කියලා ඉතින් අපි නම් දන්නේ නෑ.. රෑ වෙච්ච හන්දා ලොක්කගේ අම්මා ගානෙම මාත් පීත්සා එකක් කාලා ගෙදර එන්න ආවා.. ඊයේ පෙරෙදා දවස් දෙකේ නම් ඒ මනුස්සයව ෆාමසිය පැත්තේ දැක්කේ නෑ.. දැන් ඉතින් ඒ මුණ කොහොම අමතක වෙන්නද? හෙහ්..






100 comments:

  1. Replies
    1. පියර්සිං එකද??

      Delete
  2. අපේ පොලොසියෙන් නම් ඔවා ගලවයි ,පවු අර පොඩි ලමයා

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. අපේ අය ඒ වැඩ වලට හරි දක්ශයි නේ..

      පොඩි එකත් පවු අම්මත් පවු..

      Delete
  3. හිනා වෙන්න එපා කිව්වට වැඩක් නෑ හිනා යනවා.... :D විලාසිතා කරන්න කලින් තමන්ගේ ශරීරයට ගැලපෙනවද බැලුව නම් හරිනෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒ හන්දමයි හිනා වෙන්න එපාම කිවුවේ..

      පියර්සිං එක නම් ලස්සනට තිබුනා.. අප්සට් එකට තිබුනේ ඒක ඒ ගෑණු කෙනාගේ දිවට ඔරොත්තු දුන්නේ නැති එක තමයි..

      Delete
    2. බැරි වැඩ නොකරන් කව්දෝ කිව්වලු......

      Delete
    3. අනේ මංදා බං, ඕකට දෙන්න උපහැරණයක් නෑ එක අතකට.. ඒ ගෑණු කෙනාගේ අවාසනාව තමයි ඉතින්..

      Delete
  4. මොනාවුනත් පව් වැඩේ..

    ReplyDelete
  5. අම්මලා නෙවෙයි බන් සුම්මලා....

    මමත් දවසක් ඔය බම්බලපිටියෙ පියර්ස් පොට් එකකට ගියා මගේ ප්‍රොජෙක්ට් එකක වැඩකට. එතනත් එකෙක් ඇවිත් මීහරකා වගෙ අඬනවා පර්මනන්ට් පච්චයක් මකලා දෙන්න කියලා. මේ ගොක්කොළ සූඩයා පච්චේ කොටලා තියෙන්නේ පිටි අල්ලේ මැණික් කටුවට උඩින්. හෙට ඉන්ටර්වීව් එකක් තියෙනවා කියලා ඊයෙ ගහපු පච්චේ ආයේ මකන්නලු.

    මෙන්න මෙතන මම ඔය ගැන ලිව්වත් එක්ක...

    http://sandunima.blogspot.com/2013/10/22-tatoo-stories.html

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒකට මං හිහන්නේ ටැටූ එක ගහන් ගෙදර ගියාම වෙන්න ඇති ඉන්ටර්වීව් එකට කෝල් කරන්න ඇත්තේ.. නැත්නම් ඉතින් මෙලෝ යකෙක් කරන වැඩක්ය ඒක..

      මෙහෙමයි ඉතින් ඒ අම්මා හිටිය මානසිකත්වය උඩ එහෙම උන එක පුදුමයකුත් නෙමෙයි බං..

      Delete
  6. // හවස 7.30යි වෙලාව//
    වෙලාව හදලා මේ කොමෙන්ට මකපං.

    ReplyDelete
    Replies
    1. ඇයි වෙලාවේ මොකද්ද කේස් එක??

      Delete
    2. 7.30 කියන්නේ බස්සිට හවස නෙවෙයි බන්. රෑ.....

      Delete
    3. යුරෝපීය ක්‍රමය අනුව පස්වරු 11:59 වුනත් සන්ධ්‍යාව තමයි.

      නමුත් පස්වරු 6:01 ට වෙන්වී යනවා නම් ඒ රාත්‍රියේ යි.

      Delete
    4. ගලයා, කිවුවත් වගේ ඒකත් ඇත්තනේ..

      Delete
    5. රසික අයියේ, ඇත්ත.. මෙහෙ එවුන් ඔය සන්ද්‍යාව රාත්‍රිය වෙන් කරන්නේ ඒ ඒ හමුවීම් වෙන්වීම් හැටියටනේ..

      Delete
    6. මට තාම එතන වෙලාව පේන්නෑ නෙව. මගෙ කොම්පීතරේට පිස්සුද නැත්තන් මට පිස්සුද!!

      Delete
    7. හ්ම්ම් මෙහෙත් එහෙමයි,,

      Delete
    8. බස්සී, උඹට තියෙන පිස්සුව කොම්පීතරේටත් බෝ කලාද?

      Delete
    9. ඔමා, අඩේ උඹ මේ පිස්සු බස්සිව වැඩිය ආශ්‍රේ කරන්න එපා..

      Delete
  7. අම්මට ඤාව් කියවෙන්න ඇති
    එහෙං පියර්සිං මගුලක් මෙහෙං පොඩි එකෙක්
    යකූ අම්මගෙ ලොකු කෙල්ලට වත් අමතකද පොඩි කෙල්ලට මක්කද කලේ කියල
    මාර ඤාව්වො නොව බලං ගියාම හිහි

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බං.. අර රෑ එද්දි මම දැක්කා කාර් එකේ ඒ කෙල්ල නිදී කට ඇරගෙනම.. සමහරවිට තාම සෙල්ලම් කරනවා කියලා හිතාගෙන හිටියද දන්නේ නෑනේ.. හෙහ්..

      ඤාව් නෙමෙයි වෙන වෙන ඒවත් කියවෙන්න ඇති අන්තිම වෙද්දී..

      Delete
  8. මට නං දිව හිල් කරන්න තියා හිතන්නවත් බෑ. පොඩිඑකා අමතක වෙන එක නං සාමාන්‍යයි ඔයවගේ වේදනාවක් එද්දි.
    පියර්සිං එක ගලවන්න බැරිනං එ්කෙන් උඩ එල්ලයි අපේ පොලිසිය නං.

    ReplyDelete
    Replies
    1. මම දවසක් දැක්කා ඕකක් ගහන හැටි.. ඉන්ජෙක්සන් කට්ටකින් හිල් කරලයි ඕක දිවට ගහන්නේ.. අපිට මේ දිව වැරදිලාවත් හැපුනත් ටික වෙලාවක් යනකන් ඉන්න බැරි එකේ කොහොම ඉන්නවද මන්දා..

      හෙහ් හෙහ්, අපේ පොලීසිය ගැන ඉතින් කවර කතාද..

      Delete
  9. අනේ කාලේ වනේ වාසේ කිව්වලු ...

    ReplyDelete
    Replies
    1. වැඩි අවුලකුත් නැහැ ඉතින් මේ යුරෝපෙනේ..

      Delete
    2. කොබෝ...ඔය කියමන මෙතනට අදාල කරගන්නේ කොහොමද?

      Delete
    3. හෙහ්, කොබාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙමි..

      Delete
    4. පොඩි හාමිට තියෙන ප්‍රශ්න. . මෙහෙම සිදුවීම් වෙද්දී ඉතින් වෙන මොනවා කියන්නද.

      Delete
    5. ඒකත් ඇත්ත බලන් යද්දී.

      Delete
  10. මාර සීන් එකක්නෙ...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ඉතින්..

      Delete
  11. දිවේ පොඩි තුවාලයක් ආවත් ඉන්න බැරි තරම් රිදෙන හැටියට ඔව්ව කොහොම එල්ලනවද මන්ද....

    ReplyDelete
    Replies
    1. හි හි හි එල්ලගත්තු කෙනෙක්ව කවදාවත් හම්බවෙලා නැද්ද කොහෙද

      Delete
    2. සජ්ජා, ඒක ඇත්ත.. ඉස්සර පොඩි කාලේ දත් ඇද වෙනවට ප්ලේට් එක දැම්මම ඒක තියන් අපිට කතා කරන්නත් අමාරුයි.. මේකත් ඉතින් එහෙම සීන් එකක් තමයි බලාගෙන යද්දී..

      Delete
    3. මැලේ, දිව අස්සේ තියෙන ඒවා බලන්න ගිහින් මේකට ගුටි කන්නද උඹ කියන්නේ..

      Delete
  12. හයියෝ සල්ලි කිව්වලු

    ReplyDelete
    Replies
    1. සල්ලි නෙමෙයි බොල.. හයියෝ දිව..

      Delete
  13. අඩේඅරක ගලව ගත්තේ කොහොමද කියලා ටිකක් හොයලා බලලා කියපන්කො කොහොම හරි

    ReplyDelete
    Replies
    1. ඇයි බොටත් තියෙනවද ගලෝගන්න බැරි එකක්. ලංකාවෙනං අතපය උනත් ලේසියෙන්ම ගලෝගන්න පුලුවං. :D

      Delete
    2. මැලේ, ඒකට ඉතින් ඒ ගෑණු කෙනා ආයෙම ෆාමසියට ආවොත් නම් දැන ගන්න පුළුවන්.. සිද්ද වෙච්ච දේවල් වල හැටියට එයිද කියලා තමයි ශුවර් නැත්තේ..

      Delete
    3. ප්‍රසන්න අයියේ, මැලේගේ එක ගැලෙවුවොත් ඒකා පවු..

      Delete
  14. පියර්සිං එක විතරක් නෙමෙයි දිවත් ගලෝල දෙන්නැති පොලෝසියෙන්.
    අනේ අම්මප අපේ උන්ටත් කටෙයි, පුකෙයි*, අහවල් එකෙයි හැම තැනම එල්ලගන්න විතරයිනෙ ඕනකම තියෙන්නෙ.
    (*පුක යනු කුණුහරුපයක් නෙමේ - කකා)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අයියේ.. ඔය සමහර තැන් වල ගැහුව ඒවා දැක්කම මට නම් සෑහෙන්න ප්‍රශ්ණ තියෙනවා.. ඒව ඉතින් මෙහෙම ප්‍රසිද්දීයේ කියන්නත් බැරි ඒවා හන්දා ඔන්න ඔහේ අත ඇරලා දාමු..

      Delete
  15. ලොක්කගේ අම්මා ආවේ කොයි චෙලාවේ ද?

    ReplyDelete
    Replies
    1. ෆාමසියේ කෙල්ලෝ ටික රෑ වෙනවා කියලා ගියාට පස්සේ ලොක්කා අම්මව ගෙන්න ගත්තා ෆාමසිය පැත්තට.. මොකද මොනා උනත් පොඩි කෙල්ලෙක්නේ කියලා..

      Delete
    2. ඔන්න දැවෙන ප්‍රශ්න..

      Delete
    3. රසික අයියා කවදත් කොතනත් අපිට මග ඇරෙන්න පොඩි සීන් මතු කරලා ප්‍රශ්ණ අහන්නේ.. මම නම් එකට පට්ට ලයික් හැබැයි..

      Delete
  16. දිවේ දාපු හින්දා හොදයි වෙන තැනක දාලා තිබුනානම්?

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අඹ සරණයි..

      හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්.. මොකෝ දිව ඉතින් සංවේදි වැඩි ඉංද්‍රියක් නේ..

      Delete
    2. දිවටත් වැඩි සංවේදී තැන්වල දාන්නේ නැද්ද? ;)

      Delete
    3. දානවා දානවා.. මට නම් හිතෙන්නෙම මේක දාපු තැනින් මොකක් හරි වරැද්දක් වෙලා තියෙනවා.. නැත්නම් මෙහෙම වෙනවා අඩුයි..

      Delete
  17. ඒ අම්මටයි, පොඩි කෙල්ලටයි දෙන්නටම දුක හිතුනා. දිනේෂ්ගේ මේ වගේ කතාවලටත් මම කැමතී...:D

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ඉතින් මොනා උනත් ඒ වෙලාවේ හැටියට ඉතින් පවු තමයි.. මමත් ඒක පිලිගන්නවා..

      මේවා ඉතින් හැමදාම වෙන්නේ නෑනේ අක්කෝ ලියන්න.. ;-)

      Delete
  18. // වා ෆන් කූලෝ //

    හුකෑස් .. මං කියන්න ආවේ බං ඒක.. චැහ් .ඊට කලිං පොලිසියෙන් කියල නෙවැ !!! පොලිසියට මේං රෙෂ්පට් එක මගේ :D

    ReplyDelete
    Replies
    1. උඹව දැක්ක කල්..

      මෙහේ පොලීසිය ඉතින් කොහොමත් රෙස්පට් නේ.. උඹ දන්නවනේ ඉතින්..

      Delete
    2. මෙහේ පොලිසියත් රෙස්පට් තමයි.

      Delete
    3. මෙන්ඩා ව අහුවෙනකන් රෙස්පට් ඇති.. ඊට පස්සේ ඉතින් කියන්න දෙයක් නෑ..

      Delete
  19. මාරම වැඩක් තමයි ඉතින් නේද! ඒ වුනාට මමනම් ඒ අම්මට බනින්නෙ නෑ. මොකද පියර්සිං එකක් කරන එක නොගැලපෙන දෙයක් නෙමෙයි ඒ මනුස්සයගෙ කැමැත්ත. අනික අරවගේ ලොකු වේදනාවකුත් එක්ක සිහිකල්පනාව නැති වෙන එක සාමාන්යයි. අර පොඩි එකාටත් හැංහිමුත්තම් කොරන්න වෙන වෙලාවක් තිබුනෙම නැති හැටි.

    ඒ අම්මා තව යාලුවෙක් හරි කාවහරි උදව්වට එක්කන් ආවනම් එකක්. එහෙම නැත්නම් ළමයි දෙන්නව එහෙම කෙනෙක් ගාව තියලා ආවනම්. ඒ විදියෙ උදව්වක් නොලැබුන නිසානේ එයාට පොඩි උන් දෙන්නවත් කරේ තියාගෙන තනියෙන්ම රස්තියාදු වෙන්න වුනේ. ඒ අතින් අපේ රට කොච්චර හොඳද කියල හිතුනා.

    ඉතින් මේ වගේ දාහක් දේවල් හිතිච්ච හින්ද මට හිනා ගියේවත් නෑ. මාරම අවුල ඒක.


    ReplyDelete
    Replies
    1. උඹ හරි.. ඒ අම්මට වැරැද්දක් දොසක් කියන්න මාත් ඉක්මන් වෙන්නේ නෑ.. මොකද අසනීපයක් වේදනාවක් එක්ක හිටිය හන්දනේ අමතක වීම උනේ.. ඒත් ඉතින් ලමයෙක් එහෙම අමතක වෙන එකට මෙහේ ටිකක් තදින් වැඩ කරනවා.. නඩු කේස් නෑ.. ඒ උනත් ඉතින් ටිකක් තදින් ඉන්නවා.. ඒකනේ එක්කන් ගියේ..

      පියර්සිං දිවේ බැරිනම් ඕන තැනක ගහන එක ඒ මනුස්සයගේ නිදහස.. ඒකට වයසෙත් අවුලක් නෑ.. ඒත් ඉතින් ටිකක් කල්පනාකාරී වෙන්න ඕන කොයි දේ කරද්දීත්..

      Delete
  20. අපිටත් පිට්සා එකක් දීල බලන්නකො. මමත් කියනව ගෙදරට යන පාර දන්නෙම නෑ කියල

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. අපිටත් ඒ වෙලාවට මතක පීත්සා කඩේට යන පාර විතරයි.. ^_^

      Delete
  21. දිවේ විතරද දන්නෙ නෑ ගහගත්තෙ මෝඩ ගෑනි. ආයෙත් ඔය පැත්තෙ ආවොත් විස්තර අහල අපිටත් කියහංකො මොකෝ උනේ කියලා.

    ReplyDelete
    Replies
    1. ගුටි කන්න වෙන ප්‍රශ්ණනේ උඹත් අහන්න කියන්නේ.. යකඩෝ අපි මෙහෙම මේවා ලියාගෙන ඉන්නවට උඹලා ආස නැද්ද?

      Delete
  22. මට නම් හිනාගියේ නෑ අවංකවම, පව් ඒ මනුස්සයා ආසාවට දාගත්ත එකනේ :( පොලිසියට ගියාට පස්සේ නම් එපා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඉතින් ලොකු කේස් නම් නෑ.. හොද ලෙච්චර් එකක් දෙන්න ඇති.. අනික උනුත් අමතක නොවෙන්නම පාඩමක් කියලා දෙන්නම තමයි කුපාඩි කමටම එක්කන් ගියේ.. හැබැයි කෙලින්ම ඉස්පිරිතාලේ අරන් ගිහින් ඒ වැඩ කරා වෙන්නත් බැරි නෑ.. මොකෝ ලංකාව නෙමෙයි නේ මේක..

      Delete
  23. මටත් හිතයි බං ඔහොම එකක් දාගන්ට..:D

    ReplyDelete
    Replies
    1. උඹ දාන්නේ කොහෙද කියහංකෝ ඔක්කොටම කලින්..

      Delete
  24. පව් බං... මනුස්සය ආසාවට කරල ඉතුරු උනේ දුක විතරයි, සල්ලිත් නැතිකරගෙන.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. දැන් ඉතින් දිවට බෙහෙත් කරන්නත් එපැයි.. වැරදිලා හරි නරක් වෙලා ගියොත් එහෙම කාට කියන්නද?

      Delete
  25. හැබෑට ඔය පියර්සින් දැම්මම ගලවන්න බැරිද? උඹට පොඩි ට්‍රයි එකක් දෙන්න තිබ්බා මටනම් හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මම හිටියා නම් ගලවලා දීලා යවනවා.

      Delete
    2. කල්‍යාණ මිත්‍ර, බැරි නෑ.. ඕන තරම් අය ගලවලා තියෙන්නේ.. ඔය ඇහේ තොල් වල එහෙම දාපුවා ගලවපු හිල් එහෙම පේන්න තියෙන්නේ..

      හෙහ්, ඒ මනුස්සයගේ දිව පරිස්සම් කරන්න ඕන හන්දම අත තිබ්බේ නෑ..

      Delete
    3. මහා කළුවා, කහ පාට වෙලා ඉදිමිලා පුපුරන්න වගේ ඔන්න මෙන්න තියෙන එකක් දැක්කනම් ඉස්පිරිතාලේ හොද පුරුද්දක් තියෙන වෛද්‍යවරයක් ඇරෙන්න වෙන කවුරුවත් අත තියන්නේ නෑ මම හිතන විදිහට..

      Delete
  26. බබිත් පව්... බබීගෙ අම්මත් පව්...

    ReplyDelete
    Replies
    1. බබීලගෙ තාත්තාගෙ හිත සුව පිනිස ඕක හයි කොරගත්තද දන්නෑනෙ.

      Delete
    2. හෙහ්, වෙන්න බැරි නෑ.. දැන් නම් හිත ගිණි අරන් ඉන්නවද දන්නේනෑ..

      Delete
    3. හික් හික් .... මල් වදාවී හිතුවොත් ඔහොම්මම එකක් තමයි . යකෝ අපිට හිතුන නෑනේ ඕක..

      Delete
    4. මදාවියා හිතුවොත් ඔහොමම දෙයක් තමයි ඉතින්.

      Delete
  27. පොලෝසියෙන් දිවේ අම්මරුවත් බස්සවන්න ඇති . හොයලා බලහං මොකද උනේ කියලා

    ReplyDelete
    Replies
    1. බලමු බලමු, ෆාමසිය පැත්තට ආවොතින් නම් විස්තර හොයා බලා ගන්න පුළුවන්..

      Delete
  28. පව් වැඩේ අප්පා.. පියර්සිං එකක් ගිය දුර..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. කවුද හිතන්නේ ඔහොම දෙයක් වේවි කියලා..

      Delete
  29. දැන් කාලේ ගෑණුන්ටයි මිනිස්සුන්ටයි පිස්සු කියල කියන්නේ නිකං නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. ආසාවනේ ඉතින් එක එක්කෙනාගේ.. කාටත් පරිස්සම් වෙන්න හොද පාඩම් මේවා..

      Delete
  30. අනේ මන්දා හැමෝටම පිස්සු

    ReplyDelete
    Replies
    1. ඒවා එහෙම තමයි.. අපි හැමෝටම පිස්සු..

      Delete
  31. ඔන්න මොඩ් අම්මලාගෙ තත්වෙ. පියර්සින් එකයි දරුවා පිලිබඳ අවධානය අඩු වීමයි කියන පොඩි සිදුවීම් දෙකෙන් ඒ ගැන හොඳ සහතිකයක් ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. පියර්සිං එක නම් කමක් නෑ කියමු.. ඒක ෆැශන් එක.. ආසාව නේ.. ලමයා අමතක වෙන එක ලේසි දෙයක්ද.. ඒත් හිටිය කලබලේට ඔයිට වඩා දෙවලුත් කර ගනීවි..

      Delete
  32. හප්පා.....පොලිසියෙන් මොනව කරාද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ ලොකු.. මේ වෙනකනුත් ආවේ නම් නෑ ෆාමසිය පැත්තට..

      Delete
  33. මෙහෙමත් අම්මලා අම්මප. දරුවොත් අමතකයි ඒව කරන්න ගිහාම. හප්පේ පොලිසියෙන් දෙන්න ඇති බැටේ.

    ReplyDelete
    Replies
    1. බැටේ කියන්නේ ඉතින් හොද ලෙච්චර් එකක් දෙන්න ඇති අනිවාර්‍යෙන්ම.. ඊට වඩා දෙයක් නම් කරන්නේ නෑ කියලා හොදටම ශුවර්..

      Delete
  34. ඉතාලි පොලිසිය එහෙම පියර්සිං දාන්නේ නෑ නේද අපේ කට්ටිය වගේ? ඇත්තටම ඉතාලි පොලීසිය කොහොමද දිනේෂ්?

    ඒ එක්කම, මම පෞද්ගලිකව දිවේ පියර්සිං දාපු උන්ට කැමති නෑ. ඒත් උන්ට එහෙම කරගන්න තියෙන අයිතියට ගරු කරනවා. ඒ අයිතියම තමයි අපිවත් ආරක්ෂාකරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉතාලි පොලීසිය හුඟක් හොදයි.. ඒක නිතරම දැනෙන වෙලාවක් තමයි අපේ වීසා අළුත් කර ගන්න යන එන වෙලාවල් වලට.. ඕනම දෙයක් පහසුවෙන් කතා කරන්න, අපි ගොඩක් දෙනෙක්ට තේරෙන විදිහට ඒ දේවල් එහෙම හොදට පැහැදිළි කරලා දෙනවා.. පාරකදි හදිස්සියේ වාහන චෙක් කරන වෙලාවක උනත් බොහොම සුහදව තමයි කතා කරන්නේ.. ඔය හදිස්සියෙ ඩොකිවුමන්ට් එකක් එහෙම අමතක උනාම " සමාවෙයන්, මට ඒක ඇත්තටම ගේන්න අමතක උනා " කිවුවම වැඩිය කචල් දාන්නේ එහෙම නැතුව යන්න දෙන වෙලාවල් තියෙනවා.. අපි වැරදි නොකරන තාක් පොලීසිය හොදයි..

      Delete
  35. Dinesh, please check the spam folder for my comment.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියේ, ඊයේ කමෙන්ට් එක ඊයෙම පබ්ලිශ් උනා.. ඒක තමයි ඔය උඩින් තියෙන්නේ.. ඊට පස්සේ නම් වෙන මුකුත් නැහැ..

      Delete
  36. අම්මා නම් සෑහෙන්න වේදනාවකින් ඉන්න ඇති.. ඒක වෙන්න ඇති එච්චර කලබලේකින් ඉන්න ඇත්තේ.. ඒත් තමන්ගේ දරුවව අමතක වෙන්න තරම්...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්