Thursday, 12 March 2015

වෙන්වීම ලග



ඈතින් හොදින් හිරු එළිය වැටිලා දිළිසෙමින් තිබුන මුහුද අද වෙනදටත් වැඩිය හුඟක් ලස්සනයි කියලා හිතුනා.. හැමදාම ඇවිත් ගියත්, හුඟක් වෙලා නතර වෙලා බලාගෙන හිටියත් අද තරම් ලස්සනක් මුහුදේ මම දැක්කද කියලා හිතට හරි විශ්වාසයක් නෑ.. වෙනදා පුරුදු ගල් තලාවටම වෙලා මම එයා එනකම් බලාගෙන හිටියා.. හුඟක් වෙලාවට අපි හමුවුනේ මෙතන.. වෙනදටනම් හවස තුන විතර වෙද්දී හරියටම එයා ආවත් අද නම් ටිකක් පරක්කුයි වගේ.. ඒත් හිත ඒ ගැන හිතන්න උනන්දුවක් තිබුනේ නෑ.. කවදාවත් නැතුව හිත වෙන පැත්තකට යොමු වුනේ පළවෙනි වතවට..

" කසුන්.."

කල්පනාව අතරින් ඉද්දී අහම්බෙන් වගේ ඇගේ කටහඬ ඇහුනා.. මම පිටිපස්ස හැරිලා බලද්දී හැමදාමත් වගේම මම ඈව දකින්න ආස කලා වගේම ලස්සන සාරියක් ඇදලා ඉද්දී හිත ඈගෙන් එහාට ගන්න මට කිසිම වුවමනාවක් තිබුනේ නෑ..

" මෙතනට එන්න.. අපි ටිකක් මෙතන ඉමු.."

මම ඈත ඉදන් කතා කලා.. ඒත් වෙනදට වැඩිය ඇගේ මුහුණ ටිකක් විතර වෙනස්..

" බැහැ කසුන්, අද ගොඩක් වෙලා ඉන්න බෑ.."

ගල් තලාවෙන් නැඟිට්ට මම ඈ ලගට ගියේ ඇගේ මුහුණ දිහාම බලාගෙන.. වෙනදා තියෙන සතුට අද ටිකක් විතර අඩු වෙලා ගිහින්.. ඒ ඇස් දිහාම බලාගෙන මම ඈ ලගටම ගිහින් නැවතුනා..

" කසුන් අපි ඉක්මනට රූම් එකට යමු.. මට අද ඉක්මනට යන්න ඕන.."

ටිකක් වෙලා ඈ දිහා බලාගෙන ඉද්දී ඒ කියපු දෙයත් එක්ක මට සිනහවක් ආවේ බලාපොරොත්තු නොවුන විදිහට.. ඒක සමච්චලයට නොවුනත් ඒකෙන් ඇගේ හිත ටිකක් රිදුනා කියලා ඒ වෙනස් වුන මුහුණුවරින් හොදින්ම පේන්න තිබුනා..

" මොකද ඔහොම හිනා වෙන්නේ.. අපි ඉක්මනට යමු.."

" නෑ නිකන්.. අද මෙයාට හදිස්සිය වගේ.."

එහෙම කියාගෙන මම ඒ මුණ දිහාවට එබුනේ පුරුදු හාදුවේ සිසිළස පොඩ්ඩක් විදගන්න.. ඒත් තරහෙන් වගේ ඇය මුණ පැත්තකට ගත්තේ මම කියපු දේ නිසාද එහෙම නැත්නම් වෙන දෙයක් නිසාද කියන්නමට හිතා ගන්න බැරි උනා.. ඈ වෙරළ දිගේ තනියමම ඇවිදන් ආවේ ඒ අසලම තිබුන හෝටලයට.. අපේ හැම හමුවීකම සුන්දර අවසානය ලියවුනේ මෙතන.. ඇගේ වෙනස ගැන නොහිතම ඈත් එක්කම හෝටලය ඇතුලට ආවේ හිතට හුරු වුන ඒ සතුට ලබා ගන්න..

හැමදාම ඇවිත් ගිහින් මෙතන අපිට හොදට හුරු පුරුදුයි.. සමහරකගේ රුදුරු ඇස් නිතැතින්ම අපිට යොමු වුනත් ඈටවත් මටවත් ඒ ගැන කිසිම ගානක් වුනේ නෑ.. ලෝකයට හැම දෙයක්ම අසම්මතයි.. ඉතින් ඒක එහෙම වුනාවේ.. හැම සති අන්තයකම අපිටම වෙන් වුන ඒ හුරු පුරුදු කාමරේ අපිට මුල් දවසේ ඇරෙන්න වෙන කිසිම වෙනසක් දැනුනේ නෑ.. ඒ හින්දමයි කාමරේට ඇතුළු වෙද්දීම මම ඇයව බදාගත්තේ..

" කසුන්.."

ඇය හෙමීට කෙදිරිගානවා ඇහුනා.. ඒත් ඒ ගැන හිතන්න මට වුවමනාවක්
වුනේ නෑ.. හෙමින් ඈ තුලටම ලං වෙන ගමන් පුරුදු සයනය මත සතියක් පුරාවට හිර කරන් හිටපු හැඟුම් මුදා හැරියේ තෘප්තිමත් බව හිත ඇතුලටම ලගා කර ගෙන.. වෙනදට හිතේ හැටියට ලගට තුරුළු වෙලා ඒ හැඟීම විදින ඇය අද ඉක්මනින්ම ඇදෙන් නැගිට්ටේ ඇයි කියන එක හිටි හැටියෙම මට ප්‍රශ්ණයක් වුනා.. ඇදේ කෙලවරක තිබුන ඇගේම සාරියෙන් යාන්තමින් ඈ ගත ආවරණය කර ගෙන ජනේලය ලගට වෙලා හිටියේ කියා ගන්න බැරි මොකක් හරි දේ හංඟගෙන කියලා තේරුම් ගන්න මට ඒ තරම්ම වෙලාවක් ගත වුනේ නෑ..

" ඇයි මේ?"

හෙමීට ඈ පිටුපසටම ආ මම ඒ දෙනෙත් වලට මොහොතක් එබෙන්න උත්සාහ කරන ගමන් ඇගෙන ඒ ගැන ඇහුවේ ඇගේ වෙනසට හේතුව දැන ගන්න.. මම බලාපොරොත්තු නොවුන විදිහට ඒ ඇස් වල කඳුළු.. ඒත් ඒ ඇයි?

" මොකද වුනේ, ඔයාට මොකක් හරි ප්‍රශ්ණයක්ද?"

" හ්ම්ම්, ඔවු.."

" ඉතින් මාත් එක්ක කියන්න.. අද වෙනකන් මාත් එක්ක නොකියපු දෙයක් නැහැනේ ඔයා.."

" ඔවු කසුන්.. ඒත්, මට හිතා ගන්න බෑ මම මේක කොහෙන් පටන් අර ගන්නද කියලා.."

ජනේලෙන් ඈත බලාගෙන හිටපු ඈව මම මගේ පැත්තට හරව ගත්තේ ආදරෙන්.. පළවෙනි වතාවට ඒ ඇස් මගෙන් හැංගෙන්න උත්සාහ කරනවා කියාලා පෙන්ද්දී හිතට දැනුනේ ලොකු වේදනාවක්..

" කියන්න, මම අහගෙන ඉන්නම්.."

" කසුන් ආයෙම අපිට මුණ ගැහෙන්න බැරි වේවි.."

මොහොතකට හිත නතර වුනා නොකිවුවොත් ඒක බොරුවක් වේවි.. අපේ කතාබහට බාද කරම්න් නිතරම ඝෝශා කරපු වෙරළත් නැවතුනා වගේ හැඟීමක් හිතට එන්න ගතවුනේ මොහොතක් විතරයි..

" ඒ ඇයි?"

මට අහන්න ඉතුරු වෙලා තිබුන එකම දේ ඒක වෙන්න ඇති.. යන්තමින් වචන ගලප ගත්තේ හිතේ තිබුන ප්‍රශ්ණේට උත්තරයක් හොයා ගන්න ඕන නිසා..

" හස්බන්ඩ්ගේ ඇමරිකන් සිටිසන් ලැබිලා.. එයා මාවත් එහෙට ගන්න හදන්නේ.."

" ඉතින් ඔයා යන්නද?"

" හ්ම්ම්.."

කාමරේ තැනින් තැන විසිරිලා තිබුන ඇදුම් එකින් එක ඈ අතට ගත්තේ මගෙන් නික්මෙන්න වෙලාව හරි කියලා කියන්න වගේ.. වෙනදට දඟකාරකම් කරන ගමන් ඇදුම් ඇද්දත් අද ඒ කිසිම දෙයක් නැතුව මම පැත්තකට වෙලා බලාගෙන හිටියා..

" එතකොට මම?"

මේ සම්බණ්දය ලියවෙද්දිම අවසානය මොනවගේද කියලා දැනන් හිටියා වුනත් හිත දැනන් හිටිය දේම ආයෙම අහන්න හිතුනේ ඇයි කියන්න මට තේරුණේ නෑ..

" කසුන්, අපිට ඕන වුනේ අපේ හැඟීම් වලට ඉඩ දෙන්න විතරයි.. ඒකේ වරදක් නැහැ.. ඔයාට ඕන වුනේ අත්දැකිමක්.. මට ඕන වුනේ නොලැබුන සතුටක්.."

ඇත්ත.. හැමදාම ඉස්කෝලෙදි මුණ ගැහුන තරුණ ගුරුවරියව හිතින් මම කී පාරක්නම් නිරුවත් කරන්න ඇත්ද? හැමදාම හවසට සිතුවිළි අතරට වෙලා මාව සතුටු කරපු ඇය මේ විදිහට ටික කාලයක් හරි හැබෑවටම මාව සතුටු කරයි කියලා.. කිසිම දවසක බලාපොරොත්තුවක් තිබුනේ නෑ.. ඒක හීනයක්.. ඒත් ඒ හීනේ ටික දවසකට හරි හැබෑවක් වුනා..

" මම ගිහින් එන්නම් කසුන්.."

" ආයෙම මුණ නොගැහෙන එකේ යන්න මෙච්චරම හදිස්සිද?"

මට ඕන වුනේ ඇයව තව ටික වෙලාවකට හරි නතර කර ගන්න.. ඒත් ඒ හැඟීම ආදරයක් නම් නෙමෙයි..

" බැහැ කසුන්.. මං එයාට බොරුවක් කියලා ආවේ.."

" යන්න කලින් තව එක පාරක්.."

" හ්ම්ම්.. හා.."

ඈත වෙරළේ රැළි ගල් තලා අතර වදින හඬ වෙනදා තරමට ඇහුනා.. මම ඒ හඬට ආස කලා.. කලා තුරකින් කුණාටුවක් වගේ ඇවිත් ගල් තලා රිදවන රළට වෙරළ නිහඬවම හැමදාම ආදරේ කලා.. ඒ පහස එනකම් බලාගෙන හිටියා.. ඒත් හැමදාම ඒ පහස දැනෙන්නේ නෑ.. සමහරවිට ආයෙම කිසිම දවසක නොදැනේවි..


***

ජීවිතයේ සඳ එළිය නිවී ගියේය..
අනන්ත කල්පයක් පැතූ සිහින
ඉකිගසන වැස්සක වැහි බිදක් වී
සුන්ව යද්දී ලොව නිසල පිණි
කොවුල් ගී හඬ මට දැන් නොඇසේ.
මනමාල සමනල් පැටවුන්
සල් - සමන් - මාලතී මල් මත
සුමුදු තොල් තබා කොඳුරා ගිය
ආදර කතා මට දැන් නොඇසේ.
මෙගේ දෙසවන හිස්ය - බිහිරිය
නිසංසල සොහොන් බිමක
සුදු මිනීමල් වැතිරෙන
සීතල නිහඬ මැදියමේ
මිනිසෙල් පහන් ටැඹ යට
ඈ තබා ගිය කඳුළු මම දෝතට ගතිමි.
මගේ හිස් දෙනෙතට දැන් පෙනෙන්නේ
ඇගේ ඒ මුතු කඳුළු පමණි.
හිස් සවනට ඇසෙන්නේ
ඒ හඬ - ඒ සුසුම් - ඒ ඉකිබිඳුම පමණි.
කහපාට උදෑසන නෙළු කහ මල්
ගල් ටැඹ පාමුල තබා
මල් අසපුවක පොඩිවී පරව ගිය මල් හීන
මම සිහිකරමි.
මල් මල් වරුසාවේ
මල් පාවඩ මත
මල් සුවඳ ගලා හැලෙන සඳ පානේ
මල් පූදන්නට
මල් දෙනෙත් විදා
යලි ඈ නොඑයි.
ගඟ උතුරා ගලන සේ
නෙත් කෙවෙනි පුපුරා කඳුළු හැලේ.
ජීවිතය ඉහිරී යන තුරු මම
කඳුළට ඉඩ දී බලා ඉමි
ආදරණිය.....
ඇගිලි තුඬගින් කඳුල පිසදා
කඳුළින් තෙමුන කම්මුල් ඉබ යන්නට
ආදරණිය ඔබ එන තුරු
මම අදත් මම මග බලා ඉදිමි....
(21.05.1999)

***


විශේෂයි : පරන ඩයිරි වගයක් අවුස්සද්දී අපේ අයියගේ කවි පොත අහුවුනා.. ඉතින් මේ අයියගේ කවියකට මලයා ලියපු කතාවක්ය..

76 comments:

  1. ස්තූතියි! දිනේශ්. මෙහෙම අසම්මත කතා කොයි තරම් තියෙනවද? ඒ වට මම ඒ තරම් ප්‍රියනෑ. ඒ දේටත් තදින් විරුද්ධ නිසාවෙන්. යමක් තම ස්වාමියා ට විරුද්ධෙන් තව කෙනෙක් එක්ක යන එකට මම පෞද්ගලිකව හරිම විරුද්ධයි. අපි ජීවිතේ කලින් කීප දෙනෙකුට උනත් ආදරේ කරන්න ඇති. නමුත් විවාහට පසුව එහෙම වරදේ බැඳෙන එක සමාජ අසම්මතයක් වගේම බෞද්ධයන් වශයෙන් ලොකු පාපයක්. මේ ගැන නකුල මාතා සුත්‍රයේ වගේම සූත්‍ර කීපයකම බුදුන් වහන්සේ විපාක දක්වලා තියෙනවා. ඉසිදාසිය ගේ කථාවෙත් මේ ගැන කියවෙනවා.
    ඔයාගෙ නිර්මාණයේ තිබුන කලාත්මක බව නිසාම ආසාවෙන් කියවූවා. අමනාප වෙන්න එපා මේ මගේ අදහස පමණයි. කාටවත් හානියක ට ලීවේ නෑ හොඳේ.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++
      උදේ පාන්දරම ඉතා අගනා කොමෙන්ටුවක් මමත් 100%ක් ඔබත් සමග එකඟයි....
      දිනේෂ් උබ ටික වෙලාවකට කතාව ඇතුලේ අපි ඉන්නවා වගේ දැනෙන්න මේක ලියලා තිබ්බත් මේ ප්‍රොමෝට් කරන්නේ කරන්න ඕනා දෙයක් නෙවයි කියලා තමයි මටත් හිතෙන්නේ

      Delete
    2. ප්‍රමෝට් කිරිල්ලක් නෙවේ. දැනට තියන දෙයක් (නරකයිම කියමුකො) ලියල තියනව එච්චරයි.

      Delete
    3. චන්දි අක්කේ, වරදේ බැදෙන එක හොද නෑ. මමත් එක අනුමත කරන්නේ නෑ. නමුත් එක නිර්මාණයකට එකතු කර ගැනීමේ වරදක් නෑ කියලයි මම නම් හිතන්නේ.

      ඇත්ත. විවාහකට කලින් ආදර සම්බණ්දතා කීපයක් පවතින්න පුළුවන්. එක අද සරල දෙයක් වෙලා. ඒත් විවාහකට පස්සේ මෙහෙම දෙයක් ඇති වෙනවනම් එතන මොකක් හරි ලොකු හිදසක් තියෙනවා වෙන්න පුළුවන්.

      Delete
    4. මැලේ, එහෙම අදහසක් මෙතන කොහොමත් නෑ. අනික ඉතින් මම මේක ගැන ලිවුවා නෑ කියලා නෑ වෙන දේවල් වෙනවා. අපි ඒ දෙට අකමැතියි. කොටින්ම මම උනත්.

      Delete
    5. ඔවු රාජ් අයියේ. මම හිතන්නේ ලියන එක ප්‍රශණයක් නෙමෙයි කියලා. ඔය හොද සිනමා නිර්මාණත් එහෙනම් ප්‍රොමෝට් කිරීමට අයිති වෙන්න එපැයි.

      Delete
    6. මිනිස්සු මේවාට පවුද්ගලිකව ගොඩක් අකමැතියි ඒකට හේතුව තමන් ඒ වගේ අත්දැකීම් ලබලා නැති වීම හෝ ,,,තමන් තෘප්තිමත් පවුල් ජිවිත ගත කිරීම ... ඒත් මුළු ලෝකය පුරාම මෙවැනි දේවල් අනන්ත සිද්ධ වෙනවා .. මං ඕනේ තරම් දැකලා තියෙනවා.. මේ කතාව තුළම මේ වගේ අසම්මත බැඳීම් ඇතිවෙන්න හේතු ලියවිලා තියෙනවා ...
      ත්‍රස්තවාදීන්ගේ මිලේජ්ජ ක්‍රියා ගැන ෆිල්ම් හදනවා ඒ වලින් කෙරෙන්නේ ත්‍රස්තවාදය ප්‍රමෝට් කිරිල්ලක්ද? එහි ආදීන මිනිස්සුන්ට පෙන්වීමක්ද..? තමන්ගේ රාමුවෙන් එහා සියල්ල අසම්මතයි හරි ලේසියි

      Delete
    7. ඇත්ත ඔමා, ඕනම කෙනෙක්ට තමන්ගේ සම්බණ්දෙකට සාදාරන හේතු තියෙන්න පුළුවන්.. ඒක අනිත් අය දකින විදිහ කොහොම උනත් ඒ අයගේ පැත්තෙන් ඒක එයාලගේ ඕනකම.. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන..

      Delete
    8. මේ වගේ නිර්මාණයක් නිසා කෙනෙක් අසම්මත ඇසුරක රස දැනිලා එවැන්නක් සොයාවිනම් ඒක ප්‍රොමෝට් වීමක් තමා. නමුත් එහෙම වෙන්නෙ නෑනේ. තමන්ගේ සිත් ගන්නා නිසානෙ ඇසුරට පෙළඹෙන්නේ. මේක හැමෝම ප්‍රතික්ෂෙප කරන්නෙ තමන් එවැන්නකට කැමති වුවත් තම සහකරුවා/සහකාරිය එවැන්නක යෙදීම දකින්න/අහන්න ලැබුණොත් එය දරාගන්න බැරිකම නිසා. වෙනත් අයුරකින් කීවොත් ලිංගික ඊර්ෂ්‍යාව. නැද්ද මං අහන්නෙ?

      Delete
    9. හෙහ්, මම හිතන්නේ නෑ මේක කියෙවුව පලියට කෙනෙක්ට මේ අමුතු රස බලන්න ඕන වෙයි කියලා.. අනික එලියට නොපෙන්නුවට සමාජයේ ඉන්න බොහොමයක් ඔය වගේ හැඟීම් හංගගෙන ඉන්නවා වෙන්න පුළුවන්..

      කතාව ඇත්ත.. තමන් කලාට අනිත් කෙනා එහෙම වෙනවට පොඩි අකමැත්තක් ඔතන කොහොමත් තියෙනවනේ..

      Delete
    10. මේක ප්‍රමෝට් කිරිල්ලක් නෙමෙයි. සමාජයේ පවතින යමක් නිර්මාණකරුවෙක් තමන්ගෙ කෝණයෙන් බලපු විදියයි මට පේන්නෙ. මොකද මේ කථාව කියවලා කෙනෙක් අසම්මතයට යනවා කියලා කියනවා නම් ඒක හරිම විහිළුවක්. ‍

      Delete
    11. ඇත්ත සිරා අයියේ. කෙකෙන්ට වරදේ බැදෙන්න තමන්ගේ සිතුවිල්ල විතරක් තිබුනම් ඇති.. කොහෙන්වත් දකින දෙයක්වත් ඇහෙන දෙයක් වත් ඕන නෑ මම හිතන්නේ..

      Delete
  2. හුටා,මදැයි උදේ පාන්දරම බලපු එක.
    යකෝ මේක අසම්මත පෙමක්නේ.මම වගේ පොඩි එකෙක්ට මේක හොඳ නැහැ.අහ් තව එකක් අයියාගේ වුණත් අනුන්ගේ ඩයිරි අවුස්සන එක හොඳ දෙයක් නෙමේ.:D

    ReplyDelete
    Replies
    1. හෙහ් අනේ මම උබට කියන්නේ නෑ. උබ පොඩි උනාට මේවනම් හොදට තේරෙනවා නේ කලින් පෝස්ට් එක හරියට තෙරුම් නොගත්තට.

      Delete
    2. ඩයරි නම් මාර භයානකයි නේ මනෝජ්? :P

      Delete
    3. හෙහ්, මනෝජ් ඩයරි පාවිච්චි කරන්නේ නැහැලු..

      Delete
  3. අසම්මතයි වුනත් ඒක පෙමක් නේ?? එක එක්කෙනා ආදරේ කරන්නේ වෙනස් විදි වලට...
    ඒක ඉතින් ලබා උපන් විදිය තමා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ආදරයක් ඇති වෙන්නේ කොයි වෙලේද කියා ඉතින් කියන්න බැහැනේ. හැබැයි මෙතනනම් තියෙන්නේ ගණුදෙණුවක් විතරමයි.

      Delete
  4. මං කැමති වර්ගයේ කතාවක්.. අවසානයේ බැදීමට කොටු වීමට කසුන් ගත් උත්සාහය නිරුත්සාහීව ඇති වෙන්නේ සමාජීය සංකල්පනා නිසයි.. ජය

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ. මිනිස්සු සමහර බැදීම් පටන් ගන්නේ යන්න පුලුවන් සීමාව දැනගෙන උනත් අන්තිමේ ඒ සීමාව පහු කරන්න ඕන වෙන අයත් නැතුවම නෙමෙයි. කසුනුත් අන්න ඒ වගේ කෙනෙක්.

      Delete
  5. චන්දිගෙ කොමෙන්ටුවට සීයට සීයක් එකගයි.....කවුරු නොදැන හිටියත් යථාර්තය එය යැයි මට සිතේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. හැබැයි නොදන්නවාම නෙමෙයි.. දන්නවා.. ඒත් වරදේ බැදෙන වෙලාවල් තියෙනවා..

      Delete
  6. හප්පා මොනවා කියන්නද කියල හිතාගන්න බෑ. (ලොකු ගැඹුරක්. වරදේ බැඳීම පාපයක් වගේම එය හෙළා දකිමින් ) මම අගයන්නේ දිනේෂ් අයියගේ ලිවීමේ හැකියාව විතරමයි. (අනුන්ගේ දිනපොත් බැලීමත් වරදක් )

    ReplyDelete
    Replies
    1. වරදේ බැදීම පාපයක් වගේම ඒකෙන් විනාශ වෙන්නේ එක ජීවිතයක් විතරක්ම නෙමෙයි.. අන්න ඒකත් හිතන්න ඕන.. මේ හැමදේකම අවසානයේ කිසිම වරදක් නොකරපු කෙනෙක් වැඩියෙක් දුක් වෙන්න විදවන්න ඉඩ තියෙනවා..

      හෙහ්, අයියගේ කවි පොත මම ඉස්සුවේ ඉස්කෝලේ යන කාලේ..

      Delete
  7. බුම්... මරු නේව..!!

    ReplyDelete
    Replies
    1. හා හා, එහෙනම් කමක් නෑ.. ^_^

      Delete
  8. පරණ දින පොත් පුච්චන්න තීරණය කලා මේ කතාව බලලා.ඒවයෙ පිරිල තියෙන්නෙත් කවි.

    ReplyDelete
    Replies
    1. මං වගේ මල්ලි කෙනෙක් නැත්නම් ඒවා එහෙම පරිස්සමට අරන් තියන්න අක්කේ, අවුලක් නෑ.. ;)

      Delete
    2. දිනේෂ් වගේ මලයෙක් නැත්නං තිබුනට අවුලක් නෑ. හැක්

      Delete
    3. හික්ස් අන්න දේශාට වැඩේ තේරුණා..

      Delete
  9. දිනේෂ්...කතාවනම් සුපිරියටම ලියලා තියනවා...ඒ වගේම කවිය ගැනත් කියන්න වචන නෑ...ඒ තරම් සුන්දරයි...සම්මත අසම්මත ගැන නොහිතා මේ සිදුවීම ගත්තම නම් පුදුම විදිහට මට හිතට වැදුනා...ගී පවුර වෙනුවෙන් ජය පතමි...අසංක...

    ReplyDelete
    Replies
    1. // සම්මත අසම්මත ගැන නොහිතා මේ සිදුවීම ගත්තම නම් පුදුම විදිහට මට හිතට වැදුනා.//

      අන්න ඒක ගැන මම සෑහෙන්න සතුටුයි.. අනික් දේවල් අපි පැත්තකට දාමු.. මොකද ඒවයින් වැඩක් නැහැ..

      Delete
  10. කවියත් හොදයි කතාවත් හොදයි. හැබැයි ඉතින් කතා තේමාව ගැන කතා කරනවනම් අපේ සමාජයේ මුල් බැස ගත්ත සම්මතයන් එක්ක කොහෙත්තම ගැලපෙන එකක් නෙමෙයි. ඒත් මම කියන්නේ නෑ මෙහෙම දේවල් සිද්ද වෙන්නේ නෑ කියලම. බොහෝ දෙනෙක් කියවන තැනක මෙහෙම දෙයක් ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට කියන්නේ මම කාලෙකට උඩදි ලියපු කාම චිත්‍රපටි ගැන ලිපි වගේම දැනටත් සමහර ලියන " සින්තටික් " ලේබල් එකේ පෝස්ට් හොදයි, මේක නරකයි කියලද?

      Delete
  11. ආදරේ නෙවෙයි මෙතන තියෙන්නේ ශාරීරික බැඳීමක් විතරනේ... :(

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලට හරියටම තේරුනා..

      Delete
  12. අය්යාට ලස්සනට කවි ලීව හැකිනේ. මල්ලිගේ කතාව දැක්කොත් මොනවා කියයිද දන්නේ නෑ. :P

    කෙනෙකුට ලංවුනාම හේතුව මොකක් වුනත් වෙන්වීම නම් අමාරු දෙයක්. ඒ හන්දා ලං නොවී ඉන්න එක තමා හොඳම දේ.

    ReplyDelete
    Replies
    1. අම්ම්පා මේක දැක්කනම් මට බනිනවා මොකද්ද බං මගේ කවියට කරපු අපරාදේ කියලා.. හෙහ්...

      ඇත්ත අක්කේ.. කොහොමත් කෙනෙක්ට හුඟක් ලං වෙන එක හොදම නෑ.. නැත්නම් අන්තිමේ අතරමග අත ඇරලා ගියාම ඒ දැනෙන දුක දරාගන්න හරි අමාරුයි..

      Delete
  13. විනාඩි කීපයක් තුළ ඉවරවෙන කථාවක්.. අසම්මත ය කියලා රාමුවක් තියෙන නිසා මිනිස්සු විවේචනාත්මකව බලන කථාවක්.. ඒත් කතාවේ චරිත හැසිරවීම විශිෂ්ටයි.. ජය ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් මිනිස්සුන්ගේ හැටිනේ ඔමා.. ඒක වෙනස් කරන්න අමාරුයි.. දෙයක් කියන්නේ හෝ ලියන්නේ සමාජය තුලම අපි දකින දේවල් වලින් කියන එක හුඟක් දෙනෙක් තේරුම් ගන්නේ නෑ.. අන්න ඒකයි ප්‍රශ්ණේ..

      Delete
  14. හරිම අපූරුවට ලියල තියනවා දිනේෂ්... මේ විදියට වත් ඒ වැඩේ ඉවර වෙච්ච එක ගැන සතුටුයි. කතා තේමාවට අතිශය විරුද්ධයි. ඒත් මොනා කරන්නද, මේ වගේ හිතෙන් මවල ලියන කතන්දර වෙනුවට දස දහස් ගණන් හැබෑ කතන්දර මේ පුංචි රටෙත් හැබෑවටම සිද්දවෙනකොට...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක ප්‍රශ්ණයක් නොවී දුකක් විතරක් වෙලා ඉවර උන එක හොදයි.. නැත්නම් ඉතින් මේවයේ අවසානයන් ලියවෙන්නේ ඔහොම නෙමෙයිනේ..ඒවට උදාහරණ ඉදලා හිටලා අහන්න දකින්න ලැබෙන්නේ අපිට..

      Delete
    2. එක නං සහතික ඇත්ත දිනේෂ්...

      Delete
    3. හුඟක් දෙනෙක් අකමැති උනත් ඇත්තත් ඒක තමයි..

      Delete
  15. දෙදෙනුකට පෙම් බැඳීම තිදෙනෙකුට වළ කපයි කියනවනේ.අනික්වා වැඩක්නෑ.උඹේ කතාව,භාශාව,වචන හැසිරවීම නියමයි.හිතට දැනෙනවා.
    අයියාගේ කවියත් එළ මචෝ.කතාවටත් වඩා කවියට ආස හිතුනා.
    උඹලා දෙන්නටම ජය වේවා....

    ReplyDelete
    Replies
    1. පෙට්ටි දෙකයි මිණි තුනයි කියන්නේ නිකන්ද ඉතින්..

      හා හා ඒ කියන්නේ බොලාලට දැන් අපේ අගයක් නෑ.. හාකෝ..

      Delete
  16. තරුණ ප්‍රජාව අසහනෙන්.බැඳපු උං දෙතැනක.එහෙම පරිසරයක් මෙහෙම ඒවා නොවෙනවා නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි බං යතාර්ථය.. ඒක තේරුම් නොගෙන හුඟක් අය වෙන වෙන කතා කියවනවා..

      Delete
    2. දැන් ගොඩක් අයට ඕන ට්‍රයල් එකක් දාලා ඉන්න පෙම්වතියක් හොයා ගන්න කලින්. ඒකට ඉතින් මෙහෙම අවස්තාවක් ඇරෙන්න වෙන හොද වෙලාවක් කොහෙන් එන්නද. අහු නොවී ඉන්න තරමට ප්‍රශ්ණ නැහැ.

      Delete
    3. එකගයි. ලයිසන් එකට කලින් ට්‍රයල් ගිහින් තිබ්බම වැඩි ළකුණු හම්බුවෙනවනේ..

      Delete
  17. කතාවේ හරය සමාජ සම්මත නොවුනත් ඉතා සාර්ථක සහ අපූරු නිර්මාණයකට හැරවීමට දිනේෂ්ට පුලුවන් වෙලා තියෙනවා.
    කොහොමත් අසම්මත ඇසුර ගැන කෙරෙන නිර්මාණ ඉතාම සුන්දරයි මටනම්. ශෂිකා නිසංසලා කියන පාරමිතා නොපුරමු අප දෙදෙනා ගීතයේ පුදුමාකාර සුන්දර බවක් තියෙනවා. ඔබේ නිර්මාණයත් ඒ වගේමයි.
    මේ අත්දැකීම ලොවටම හොරෙන් ලබන්නක් නිසා එහි අගයද ඉතාම ඉහලයි. රලු භාෂාවෙන් කීවොත් හොරෙන් කන දේ රසයි. මෙතන සමාජ සම්මතය කියන්නේ දියුණු මනසක් ඇති මිනිසා එක් සහකරුවකු සමග පමණක් එක්ව ජීවත් වෙමින් පවල් සංස්ථාවක් ගොඩනැගීම යන සම්මතයයි. නොකිව්වාට ගොඩක් අය කැමතියි වෙනසකට. හැමෝම නෙමෙයි. ඒත් ඒ කැමති අයම ඒ තරමටම තමන්ගෙ සහකාරයා එහෙම වෙනවාට කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. //කොහොමත් අසම්මත ඇසුර ගැන කෙරෙන නිර්මාණ ඉතාම සුන්දරයි මටනම්.//
      +++++++++++++++++
      උඹ ලබන ආත්මේ කෙල්ලෙක් වියන් .අපි දෙන්නා අනියම් සම්බන්ධයක් පටන්ගමු.

      Delete
    2. කාලයත් එක්ක වෙනසකට හිත බදින සමහරක් නැතුවම නෙමෙයි.. අර කියන්නේ ඉදලා හිටලා වෙන හෝටලේකින් කන්න ඕන කියලා.. හැබැයි ඒක අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ.. ඒක මමත් අනිවාර්‍යෙන්ම පිලිගන්නවා.. හැබැයි ඉතින් ගෙදර ඇතුලේ ඒ දේවල් හරි විදිහට සම්පූර්ණ වෙනවනම් හොරෙන් කන්නවත් වෙන හෝටල් වලට එබෙන්නවත් කාටවත් ඕන වෙන එකකුත් නෑ..

      Delete
    3. කටුසු, අම්මපා යකෝ ප්‍රසිද්ද මාධය වල ඔය වගේ ප්‍රකාශ කරන්න හොද නෑ..

      Delete
    4. වෙන හෝටල් ඇරෙන්නෙ කන්න බොන්න කට්ටිය එන්නෙ අසම්පුර්ණ හැගීම් නිසා විතරමයි.

      Delete
  18. අය්යටයි මල්ලිටයි දෙන්නටම ලස්සනට කවි ලියන්න පුළුවන්නේ :D දිනේෂ් අය්යේ වෙලාවක ඔයාගේ අය්යට කියල කතාවකුත් ලියව ගන්නකො නැත්නම් ඔය දිනපොත පොඩ්ඩක් පෙරලල බලන්න කොහේ හරි හැංගිච්ච කතාවකුත් ඇති ;)

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒකා කතා ලියද්දී බැරිය.. ඔය කවි අස්සේ තියෙන්නේ හොද හොද රස මුසු කතා.. එවුවා ඉතින් මම නොදන්න එකක්යැ..

      Delete
  19. නිර්මාණය නම් විශිෂ්ටයි මල්ලි. අසම්මත පෙමක්, තාවකාලික සැපක්, ජීවිත කීපයකටම ජීවිත කාලෙටම නිවනක් නැති වෙන වරදක්.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් ඇත්ත අයියේ.. ඔය ජීවිත කීපය අතරට ළමයිත් එකතු උනොත් අන්තිමේ දුක් විඳින්නේ උන් තමයි..

      Delete
    2. ප්‍රශ්ණේ කොහොම උනත් අන්තිමේ කවදත් දුක් විදින්නේ ළමයි තමයි.

      Delete
    3. ඔවු, අන්තිමට අම්මා තාත්තා නැතුව කොහේ හරි හැදෙන්න තමයි වෙන්නේ..

      Delete
  20. හ්ම්ම් අනන්තවත් ඇති මෙහෙම එව්වා...බැන්දට පස්සේ දෙන්න දෙපැත්තේ ඉන්න හොඳ නෑ කියන්නේ ඕක තමා...:D

    ReplyDelete
    Replies
    1. හම්මේ ලොකූ, ඔයාව දැක්ක කල්.. මොකද ඒ උනේ.. මැසේජ් කීයක් දැම්මද රිප්ලයි කලෙත් නෑ.. :(

      Delete
    2. අනේ මන්ද මක් උනාද කියලා :( එන්න උනේම නෑ නේ. ඔයා කොහාටද මැසේජ් කලේ? මූණු පොත පැත්තෙනම් තාම ගියේ නෑ

      Delete
    3. ඔවු ඔවු, මූණු පොතට තමයි මැසේජ් කලේ.. හා හා කමක් නෑ ඉතින් දැන් ඉන්නවනේ.. ආයෙම ලියමු ලොකූ..

      Delete
  21. අයියගේ කවියකට මලයා ලියපු අගේ ඇති කතාවක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  22. කතා කල යුතු වැදගත් මාතෘකාවක්. හුගක් මිනිස්සු වරදේ බැදෙන්නෙ තමන් සතුටු නොවෙන වෙලාවල් වලදි. අපේ රටෙ උනත් දැන් තත්වේ ඉස්සරට වැඩිය වෙනස්. වෙන රටවල් වල වගේ හරි ඉක්මනට වෙන් වෙන්න පුලුවන් කමක් නැති හන්දා අසම්මතයෙන් හරි තමන්ට ඕන කරන දෙ සපුර ගන්නයි කවුරු උනත් බලන්නේ. ඒක හරි කියලා කියන්නේ නෑ. නමුත් වෙන්නේ ඒක තමයි.

    ReplyDelete
    Replies
    1. ඔවු, දික්කසාදයක් කියන්නේ අපේ රටේ හැටියට තරමක ලොකු දෙයක් නිසා ඒවා ගැන නොහිතා මෙහෙම දේවල් වෙන එක සිද්ද වෙන්න පුළුවන්.. ඒත් ඉතින් ගොඩක් වෙලාවට ඒකේ අවසානයත් දික්කසාදය හරි මරණයක් හරිම තමයි..

      Delete
  23. අසම්මතයේ කඳුලු කතාවක්. ඇත්තටම මෙතන ආදරයක් තිබුනද.

    ReplyDelete
    Replies
    1. කොහෙත්තම නෑ මනෝෂ්, දෙන්නම තෘප්තියක් හොයාගෙන ගියා විතරයි..

      Delete
  24. සමහර උපාසකයන්ට මේ වගේ කථා දිරවන්නෙ නෑ. ඒත් ඒ වගේ අයටත් මේ වගේ රහක් විඳින්න ලැබුනොත් බෑ කියන්නෙත් නෑ...ඒකයි ඇත්තම කථාව. ඉස්සර මම සෙනසුරාදා දවස් වලට මහව දුම්රියේ යද්දි එක පෙට්ටියක් පුරා හිටියෙ අසම්මත ජෝඩු...සමහරු අවුරුදු 40 පැනපු අය...දුම්රියේ දොරටු දෙක ආවරණය කරගෙන ඉන්නවා වෙනත් අයට එන්න බැරි වෙන්න ඒ අයගෙ හිතවතුන්...සම්මතය බින්ද තැන් වල අලුත් යමක් බිහිවුනා...කෙනෙක් අසම්මතයට යන්නෙත් සම්මතය තුල තමන් හොයන දේ නැති උනාම කියලයි මට හිතෙන්නෙ...මෙහෙම කිව්වා කියලා මම අසම්මතය අගය කරන කෙනෙක් කියලා කියන්න හදිසි වෙන්න එපා...

    ReplyDelete
    Replies
    1. උපාසක බළල්ලු තමයිලුනේ අයියේ මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ.. ඒක ඉතින් ඒ ඒ අයගේ කැමත්ත.. අපිට මුකුත් කියන්න බෑ..

      ඔය තියෙන්නේ ඉතින්.. වෙන උදාහරණ මොකටද.. වරදේ බැදෙන්නත් මොකක් හරි හේතුවක් අනිවාර්‍යෙන්ම ඇති.. මම නම් හිතන්න් එහෙමයි..

      Delete
  25. පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://camarawenehalokaya.blogspot.com

    ReplyDelete
  26. කොමෙන්ට් නොදැම්මත්, පහුගිය සතිය පුරාම ඇවිත් පෝස්ට් ගොඩක් කියෙව්වා. ලස්සනයි. ආයෙමත් එන්නම්.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්