Thursday, 5 March 2015

හවඩිය



වේගයෙන් හමාගෙන ආව සුළං රැල්ල ඈව පහු කරන් ගියේ ඈ පිළිවෙලට අතුගාමින් ආව මිදුල ආයෙම වතාවක් කලින් තිබුනා වගේම හැඩි කරගෙන.. උදේ ඉදන් හුඟාක් වෙලා මිදුලත් එක්ක ඔට්ටු වුන ඈට දෙතුන් වතවක් හයියෙන් හමපු හුළග දැනුනේ මහා කරදරයක් විදිහට.. ඉදලත් ඇඟට හේත්තු කර ගත්ත ඇය තැනින් තැනට කොල විසිරුණ මිදුල දිහා මොහොතක් බලාගෙන හිටියේ හිතට දැනුන වෙහෙස හින්දමයි.. කාලයත් එක්කම වේලිලා ගිහින් හැමදාම මිදුල පුරාවට කොල වට්ටන මාර ගහත් ඈ වගේම දැන් වියපත් වෙලා යන්න ගිහින්.. කාලයත් හුඟාක් ගෙවිලා ගිහින්.. ඉස්සර තිබුන සුන්දර බවවත් ඒ තිබුන තේජාන්විත පෙනුමවත් ඇගෙන් දැන් පෙනෙන්න නොතිබුනත්, තවමත් නොවෙනස් වුන ප්‍රියමනාප බව ඇයව තවමත් ඉස්සර වගේම ලස්සන කරනවා.. වලවු පෙලපතේ ගාම්බීර පෙනුම තවමත් ඈ තුල යාන්තමින් පෙනෙන්න තිබුනත් බාගෙට කඩා ඉරුණු වළවුව වගේම ඒ ගාම්බීර කමත් ඇගෙන් හුඟක් ඈතට යන්න පටන් අරන් දැන් සෑහෙන කාලයක් ගෙවිලා ගිහින්.. ඒත් කාලයක් පුරාවට රැදිලා තිබුන ගරු බුහුමන් ඈට නොඅඩුව ලැබුනත් අළුත් පරම්පරාවට ඇය තවත් එක ගමේ ගැහැණියක් පමණක් වීම ඈට තරමක් නොරිස්සුවත් ඒ ගැන හිතවාට වඩා යමක් කරන්න පුළුවන් කමක් ඈ සතු නොවිනි..

එක දිගටම හමාගෙන ගිය සුළග දෙස කල්පනාව අතරේම බලාගෙන සිටි ඇය ආයෙම වතාවක් මිදුල අතුගාන්න පටන් ගත්තේ හුළගත් එක්ක ඔට්ටු වෙවී දවසම මේ වැඩේ විතරක් කරන්න බැරි හන්දා.. කාලෙකට කලින් සේවකයෝ පිරි වරාගෙන හිටිය පුංචි හාමුට වඩා අද ඉන්න මැණිකේ කොයි තරම් නම් වෙනස්ද කියලා ඈට නොසිතුනාම නොවුනත් ඒ ගැන තැවෙන්නට තරම් කාලයක් ඈ සතු නොවීය.. වලවුව ඉදිරිපස දිරා ගිය ගේට්ටුව අසලට අතුගාගෙන යන විට ඇයට සුපුරුදු වෙහෙස දැනෙන්නට විය.. පරම්පරාවෙන් උරුමව ආ ඇදුම ඇගේ හිතට වේදනා දෙන්නට වූයේ ඈ පාසල් කාලයේදීමය.. ගේට්ටුව අසල වූ කණ්ඩිය මත මදක් හිද ගත් ඈ තම පපුව අත ගාමින් වේදනාව අමතක කරන්නට උත්සාහ දැරීය..

" මැණිකේ.."

කල්පනාව අතරේ සිටි ඈ තරමක් තිගැස්සී ගේට්ටුව දෙස බැළුවේ ඇසුන හඬ ඔස්සේය..

" අහ් ගාමිණි.. මොකද බිලක්වත්ද? නැත්නම් ඉතින් මේ වලවුවට ලියමනක්වත් එන එකක් කියලයැ.."

" නැහැ මැණිකේ.. මෙදා පාරනම් ලියමනක්.. මැණිකෙගේ නමට.."

" මට?"

ඈ තරමක් පුදුමයෙන් මෙන් ඇසුවේ ඇගේ නමට ලියමනක් බොහෝ කාලයකින් පැමන නොතිබුන බැවිනි..

" ආ මැණිකේ.. මම එහෙනම් ගෙහුං එන්නම්.."

තම වැඩිමහල් සොයුරියගෙන් වත්දැයි සිතමින් අතට ගත් ලියුම දෙස ඈ බොහෝ වුවමනාවෙන් බැළුවේ ඇදව ලස්සනට ලියවුන අත් අකුරු ඈට ආගන්තුක වූ නිසාවෙනි.. ගේට්ටුව ලග කණ්ඬියට ඉදල හේත්තු කර තැබූ ඈ ඉස්තෝප්පුවේ තිබූ ඇදි පුටුව වෙතට පය ඉක්මන් කරමින් ආවේ ලියුම ගැන ඇගේ හිතේ හදිසියේම මැවුන කුතුහලය නිසාවෙනි..

සීරුවෙන් ඉරා දැමුන ලියුම් කවරයෙන් එතෙක් වෙලා අතට බරට දැනුන යමක් එළියට ආවේ ඇගේ සිත පුදුමයට පත් කරමිනි.. මතක රැසක් ජීවිතේ පුරාවටම ඉතිරි කල ඒ රිදී පැහැ හවඬිය ඇගේ නෙතඟට කඳුළක් අරන් ආවේ ඇයත් බලාපොරොත්තු නොවුන විදිහකට..

***


" මොකද්ද සපුමල් ඔය අත පිටි පස්සට කරන් ඉන්නේ?"

" මුකුත් නැහැ මැණිකේ.."

" මුකුත් නැති වෙන්න බැහැ.. කෝ කෝ බලන්න.."

වලවුව ඉස්සරහා මාර ගහ යට තිබුන බංකුව වලවුවේ ඇතුලේ ඉදන් ලේසියෙන්ම බලාගෙන ඉන්න පුළුවන් තැනක් වුනත් අපි දෙන්නට කවදාවත්ම ඒ කිසිම දෙයක් ලොකු බාදාවක් වුනේ නෑ.. ගෙදරින් ගෙනාව යෝජනාවට මුලින් අකමැති වුනත් සපුමල් මගේ හිත අරන් ගියේ බොහොම පුංචි කාලෙකින්.. කාලයක් ගෙදරට හිතුවක්කාර චරිතයක් වුනත් සපුමල් ජීවිතේට ආවත් එක්ක ඒ හැම දෙයක්ම වෙනස් වෙන්න ගත්තේ ඒ ආදරේ හන්දා කියන එක බොරුවක් නෙමෙයි..

බොරුවට අත පිටිපස්සට කරන් හංඟගෙන හිටපු දේ මොකද්ද කියලා බලන්න මට තිබුනේ ලොකු ඕනකමක්.. තියෙන්නේ මොන දේ වුනත් ඒක ගෙනාවේ මට කියලා මම හොදටම දැන ගෙන හිටියා.. ඒ හන්දා ඒක බලන්න බොරුවට වද දෙන්න වුනත් මගේ හිත අකමැති වුනේ නෑ.. මං දන්නවා ඒක සපුමල්ටත් එහෙමයි කියලා.. ඒ හන්දමද කොහේද ටිකක් වෙලා අත තද කරන් හිටපු සපුමල් අතේ තිබුන දේ මට අරගන්න ඉඩ දීලා පුරුදු අහිංසක හිනාව පෙන්නලා පැත්තකට වුනේ..

" හවඬියක්.."

රිදී පාට හවඬියේ තිබුනේ වෙනස්ම පෙනුමක්.. ගොඩාක්ම ලොකු විශේෂත්වයක් නොතිබුනත් එක මොහොතකින් මගේ හිත ඒකට ඇදිලා ගියේ ඇයි කියන්න මම වත් දන්නේ නෑ..

" ඕක අපේ පරම්පරාවේ එකක්.. මැණිකේ කැමති වෙයිද දන්නේ නෑ.."

" නෑ සපුමල් මේක හරි ලස්සනයි.."

ඇත්තටම ඒ ගැන කියන්න හරිහැටි වචන මගේ ඔළුවට ආවෙත් නැහැ.. ඒත් ඒ හිනාව මම කියපු හැමදේම ආදරෙන් බාරගත්තා කියලනම් හොදටම විශ්වාසයි..

***


" මැණිකේ උඹ කොහේද?"

වලවුව පිටි පස්සෙන් ඇහුන බණ්ඩාරගේ කටහඬට ඇගේ කල්පනාව බිදිලා ගියේ එක මොහොතකින් වගේ.. ලියුමයි හවඬියයි ඔසරියේ පොටත් එක්ක තියලා තදින් අල්ලගත්තේ බණ්ඩාරට නොපෙනෙන්න ඒක හංගන්න වෙන විදිහක් ඈට නොතිබුන හන්දම..

" ඇයි මේ පිටිපස්සෙන්ම අද?"

" මම දැක්කා එද්දී අර සෝමරත්නයා වැට අස්සෙන් වත්තට රිංගනවා.. මම එද්දිත් ඌ බාගෙට පොල් ගහේ නැගලා.. මම මේ ඌට හොදවයින් දෙකක් කියලා එන ගමන්.."

" මිනිස්සු එක්ක අරවුල් හදාගන්න එපා.. දැනටත් අපිට ලැදි මිනිස්සු එච්චර නෑ.."

" කාගෙවත් ලැදියාව බල බල උඹ කියන්නේ මේ දේවල් නැති වෙනකන් බලන් ඉන්න කියලද? උඹටනම් මොකද ඉතින්.. මතක තියාගනින් මම මේ පරිස්සම් කරන්නෙත් උඹේ දේවල් කියලා.."

ඉර හරිහැටි මුදුන් වෙන්නත් කලින්ම තරමකට රා වලින් මත් වුණ බණ්ඩාරත් එක්ක වාද කරන්න හැමදාම නොගිය ඈ වෙනදා වගේම අදත් හැමදෙයක්ම ඉවසන් හිටියේ ඈට මේ ජීවිතේ දැන් හොදින් හුරුපුරුදු වූවක් නිසා.. වලවුව පිටිපස්සේ වැලක වනලා තිබුන සරමකුත් අතින් ඇදලා ගත්ත බණ්ඩාර මොනවදෝ මුමුණ මුමුණ වත්ත පහලට ගියේ හරි හැටි නොකරන ග්‍රාමසේවක වැඩේ අද දවසට අහවර කරන්න කියන එක ඈ හොදින්ම දැනගෙන හිටියා..

ඔසරියේ පොට අතරේ හංගගෙන හිටිය ලියුමයි හවඬියයි අතින් තදකරම වළවුව ඇතුලට ආ ඇය ඉක්මනින්ම ගියේ ඇගේ නිදන කාමරටය.. ඇගේ අත තිබුන ලියුම කියවන්න ලොකූ ඕනෑ කමක් ඈට තිබුනත් ඈ තරමක් බය වුනේ බණ්ඩාර කොයි මොහොතේ හෝ කාමරයට කඩා වැදෙන්න පුළුවන් කම තිබුන නිසාවෙනි.. බණ්ඩාර කවදාවත් උනන්දුවක් නොදක්වන ඇගේ පරණ පෙට්ටගමේ අස්සක ලියුම හංගපු ඈ මොහොතක සැනසුම් සුසුමක් හෙළුවේ බණ්ඩාරගේ කේන්තිය ගැන අත්දැකීම් මේ ගෙවුන ජීවිතේ පුරාවටම ඈ හොදින්ම අත්විද තිබුන හෙයිනි.. කුස්සියේ පරණ මැටි වළං දෙකක යාන්තමට ඉවුන දවල් කෑම ටික ඉක්මනට පිගානට බෙදුනේ ලගින්ම ඇහුන බණ්ඩාරගේ කටහඬට ඇහුම්කන් දෙන අතරේමය..

" උඹ කන්නේ නැද්ද?"

" මම අර ඉස්සරහා ටික අතුගාලා දාලම කන්නම්.. ඔහේ කාලා ඉන්න.."

කුස්සියේ රැදෙන්න එතරම්ම වුවමනාවක් නොකල ඇය ඉක්මනින්ම මිදුලට අවේ මිදුල අතුගාන්න තිබුන වුවමනාවට වඩා ටික වේලාවක් තනිව ඉන්නට ඇයට වුවමනා වූ බැවිනි.. ඔහුගෙන් හදිසියේම ලද ලිපිය ඇයගේ හිත පුරාම විදුලියක් මෙන් දුවමින් තිබුනද එය කියවීමටවත් නොලැබීම ගැන ඇගේ හිත කණස්සල්ලෙන් පසු විය.. රා මතින් උදම් වුන බණ්ඩාරගේ කේන්තිය හැම වෙලාවකම මෙන් ඈව බොහෝ සෙයින් යටපත් කලාය.. ඊට ඈටද විරුද්ද වීමට කිසිදාක නොහැකි විය..

හමමින් තිබුන අකීකරු හුළගද කෙමෙන් පහව ගොසිනි.. එහෙත් ඉක්මනින් අතුගෑමේ කිසිම වුවමනාවක් නොතිබුන ඈ ඉස්තෝප්පුවේ වූ හාන්සිපුටුවට විත් බණ්ඩාර ඇල වෙන තුරුම ඇය මිදුලෙහි රැදී සිටියායා..

" සපුමල්ට කොහොමද ආයේ ඒ හවඬිය හම්බුනේ.. ලියුමේ මොනවා ලියලා ඇත්ද?"

ඇගේ හිත තුල එකම දේ බොහෝ වේලා වද දෙන්නට විය.. වෙනදාට සවස් වන තුරුත් නොපැමිනෙන බණ්ඩාර අද ඉක්මනින් පැමිණිම ගැන ඇය සිටියේ කේන්තියෙනි.. හැමදේකටම වඩා ඇගේ සිත වූයේ ලියුම වෙතටය.. එය ඇගේ හිත පාරවන්නට විය..

" උඹ ඔය අතුගානවද භාවනා කරනවද?"

බණ්ඩාර ඈ දෙස බලාවුන් බවක්වත් ඈ නොදැන සිටියාය.. ඔහුගේ නපුරු කටහඬට ගැඹුරු භාවනාවක් වුව බිදෙන්නේ මොහොතකිනි.. ඈටද එසේමය.. කල්පනාවෙන් ඈ මිදුනේ තිගැස්සෙමිනි..

" මොකද උඹට වෙලා තියෙන්නේ.. මොන ලෝකෙද ඉන්නේ?"

" මට ටිකක් හිසේ රුදාව වගේ.. ඒකයි බැළුවේ.. මේ ටික අස්කරලා දාලා මම ලිද ලගට ගිහින් එන්නම්.."

එය පිළිගත් බවක් බණ්ඩාරගේ මුහුණෙන් නොපෙනිනි.. සුපුරුදු සැකෙන් පිරි බැල්මම යොමුකරමින් බලා වුන් බණ්ඩාර ඈ වලවුව පිටුපසට යන තෙක්ම සිට හාන්සි පුටුවේ දිගාවී දෑස් අඩවන් කර ගත්තේ මහන්සියට වඩා ඔහුට දැනුන මත් බව හෙයිනි..

වලවුවේ පිළිකන්නේ වූ මඩුවට ඉදල හේත්තු කල ඈ බණ්ඩාර එයිදැයි විපරම් කරමින් ඉක්මනින් ඇගේ කාමරයට විත් පරණ පෙට්ටගමේ සැගවූ ලියුම ගෙන හැට්ටය තුල රදවා ගත්තේ එය නිදහසේ කියවීමේ අරමුණිනි.. බණ්ඩාරගේ සවස නින්ද ගැන හොදින්ම දැන සිටි ඈ නිහඬවම වත්ත පහල වූ ලිද ලගට පැමිණියේ එතැන තරම් නිදහස් මෙන්ම මතකයන්ගෙන් පිරුන තැනක් ඇයට වෙන නොතිබුන නිසාවෙන්ය..

***


" මේ සිද්ද වෙන දේවල් ගැන හිතද්දිත් මට දැන් හරි බයයි සපුමල්.."

ලිද වටේටම වැවිලා තිබුන උන ගස් පදුරු අතරේ මම සපුමල්ට තුරුළ් වෙන ගමන් ඇහුවේ සමහරවිට ඒ පපුවට තුරුල් වෙන අන්තිම වතාව ඒක වෙන්න පුළුවන් නිසා.. ඒත් වචනයක් වුව කතාකරනවාට වඩා අපේ හිත් ආස කලේ ඒ දැනුන උණුසුමට.. ඒ නිසාම වෙන්න ඇති අපි දෙන්නම හුඟක් වෙලා මුකුත් නොකියම බලාගෙන හිටියේ..

" මොනවාහරි කියන්න සපුමල්.."

නිහඬබව බිඳින්න හිතේ කොහෙත්ම වුවමනාවක් නොතිබුනත් අපිට කලින් තරම් නිදහසේ හිතේ හැටියට ඉන්න කාලයක් දැන් නැති හන්දම අකමැත්තෙන් වුනත් මම ඒ පපුවෙන් ටිකකට ඈත් වුනේ ඊළගට කරන්නේ මොකද්ද කියලා දැන ගන්න තිබුන වුවමනාව නිසා..

" මටත් හිතා ගන්න බෑ.. ඔයාලගේ අප්පච්චිගෙන් නම් අපිට ආයේ කැමැත්තක් කොහෙත්ම ලැබෙන එකක් නෑ.. හැම දෙයක්ම නැති වුනේ හිතාගන්නවත් බැරි තරම් ඉක්කමනින්.."

" ඒත් මට ඔයාව නැති වෙන්නේ නැහැ නේද? කියන්න සපුමල්.."

" නැහැ එහෙම වෙන්න මම ඉඩ තියන්නේ නෑ.."

ජීවිතේට එක බලාපොරොත්තුවක් තිබුනා.. ඒත් ඒ හැම දෙයක්ම වෙනස් වෙන්න ගත් වුනේ පුංචිම කාලයක් කියලා දැනෙද්දී හිතට දැනෙන්නේ දරා ගන්න බැරි දුකක්.. ඒත් හැම දෙයක්ම වෙනස් වෙයි කියලා හිතේ තැනක ලොකු විශ්වාසයක් දැනෙනවා.. ඒ දේ හරියාවි කියලා හිතට දැනෙනවා..

" එහෙනම් උඹ තාම මං කියන දේ අහලා නෑ.."

***


ඒ හඬ එදා වගේම තාමත් මතකයට නැගෙද්දී තිගැස්සුන ඇය මොහොතක් වටපිට බැළුවේ ඇය සොයාගෙන ඈතින් බණ්ඩාරවත් පැමිනේදැයි ඇගේ හිතේ තිබුන සැකය නිසාවෙන්ය.. එහෙත් ඈ බලාපොරොත්තු වූ පරිද්දෙන් ඔහු තවමත් හාන්සි පුටුව මත ඇතැයි ඈ සිතුවාය.. එය ඇයට මහත් අස්වැසිල්ලක් විය.. හැට්ටය තුල රදවාගෙන තිබූ ලියුම ඈ අතට ගත්තේ ඉමහත් වූ සතුටකිනි.. කවරයේ වූ ඇදව ගිය අකුරු දෙස ඈ සෙනෙහසින් බලා හිදියේ ගෙවී ගිය මතකයන්ට යලි යලිත් පණ දෙමිනි.. වලවුවේ සිට ලිද ලගට වැටී තිබු මග දෙස විපරමෙන් බලමින් ලිපිය අතට ගත් ඈ එය කියවන්නට දිගහැරියේ උදෑසන සිටම හිතේ තිබු කුතුහලය සංසිදවමිනි..

සුපුරුදු ලෙංගතු සුවද වචන කිහිපයකට විතරක් එකතු වෙලා තියෙන හැටි දැක්කම ඇගේ නෙතට කඳුළක් ආවේ බලාපොරොත්තු නොවුන විදිහට.. ඒ ඇය උදේ ඉදන්ම හීන බලාගෙන හිටියේ කාලෙකට පස්සේ දැනුන ආදරේ සුවද හිත පුරාවට හුඟක් වෙලා විදින්න පුළුවන් වේවියි කියන බලාපොරොත්තුවෙන් නිසා.. ඒත්, වචන කීපයකට පමණක් ඒ හැම දෙයක්ම ඉතිරි කරපු පුංචි ලියුම් කඩදහිය දිහා ඇය අවසානයේ බලාගෙන හිටියේ මුළු ලෝකයම ඇගේ හිස මත කඩා වැටුනා වගේ හැඟීමකින්..

ඔයාටයි පුතාටයි ආදරෙන්...

මුහුණේ මැවුන ප්‍රශ්ණාර්ථයද සමඟින් ඈ ලියුම හා තිබූ අනෙක් පිටු දෙක තුන කලබලයෙන් පෙරලා බැලීය.. ඒ තරම් දුරකට අධ්‍යාපනයක් ඈ නොලබා සිටියත් එය අවසන් කැමති පත්‍රයක් බව තේරුම් ගන්නට ඇයට වැඩි වෙලාවක් ගත නොවින.. ඇගේ දෑස් අගට සෙමින් උනා තිබු කඳුළු කැට වේගයෙන් කඩා හැලෙන්නට වූයේ තව දුරටත් ඒවා ඒවා තද කරන් ඉන්නට තරම් පුළුවන් කමක් ඈ සතු නොවුන නිසාවෙනි..

***


" ඔයා යන්න ගියොත් මට මේක තවත් හංහගෙන ඉන්න බැරි වෙයි සපුමල්.."

ඒ උරහිසට පුළුවන් තරම් තදින් හේත්තු වෙලා අමාරුවෙන් වචන අමුන ගත්තේ කතා කරන්න ඉතුරු වෙලා තිබුන එකම එක දේ ඒක විතරක්ම වුන හන්දා.. ඒ ඇස් වල පේන්න තිබුනේ මහා පරාජික බවක්.. කතා කරන්න මහ හුඟක් දේවල් තිබුනත් මුනිවත රකිනවා වගේ නිහඬ බවක් විතරක් ඒ ඇස් වල ඉතුරු වෙලා තිබුනා.. වෙනදට කොච්චර ආස කලත් අද ඒ ඇස් වලට එබෙන්න මට ඕන කමක් තිබුනේ නෑ..

" කමක් නැහැ, ඔයා යන්න.."

අවසානයේ ඒ වචන ටික පිට වුනේ කොහොමද කියලවත් හිතට හැඟීමක් නැති තරම්.. අමාරුවෙන් උනත් වචන ගලප ගත්තේ ඊට වඩා කියන්න දෙයක් මට ඉතුරු වෙලා තිබුනේ නැති නිසා.. මුහුණේ තාමත් ඉතුරු වෙලා තිබුනේ කලින් වෙදනාව පිරුණ හැගීමම විතරයි.. මම උරහිසේ උණුහුමින් ඈත් වුනේ තව දුරටත් උණුහුම මට විදගන්න තරම් අයිතියක් ඉතුරු වෙලා නොතිබුන නිසා.. හුගක් වෙලාවකට පස්සේ ඇස් මන් දිහාවට හැරිලා බැළුවා.. මන් ඉක්මනට මගේ ඇස් ඇස් වලින් අහකට අර ගත්තේ බැල්මම හැමදෙයක්ම මට අමතක කරලා ආයේ උණුසුමට ගුලිවෙන්න තරම් මාව වෙනස් කරන්න පුළුවන් නිසා..

 " අපිට මෙහෙම වෙන්න ඕන නෑ. "

වචන ටිකේ හැංගිලා තිබුනේ පරාජික බවක් මිස වෙන කිසිම දෙයක් නෙමෙයි.. මම ඔහුගෙන් ඈත් වෙලා ටික දුරක් ඇවිදන් ආවේ නිහඩවම.. ඒත් මගේ නිහඩ උත්තරය ඔහුට තේරෙන්න ඇති කියලා මට හොදටම විශ්වාසයි.. අමාරුවෙන් උනත් ඔහු දිහා හැරිලවත් නොබලම ආවේ හිත වගේම කදුළුත් තද කරගෙන..

***


 " මැණිකේ උබට කන්න උයන්න ඕන කියලා අද මතක් උනේ නැද්ද?"

කල්පනාවෙන් තිගැස්සුනේ බණ්ඩාරගේ කටහඩට.. වෙලාව ගැනවත් හිතන්න තරම් ඕන කමක නොසිටිය ඈට රෑ බෝ වෙලා කියලා මතක් උනෙත් බණ්ඩාරගේ කෑ ගැහිල්ලත් එක්ක.. ඉදිරිපස වූ කන්ණාඩි මේසයෙන් ඈටම පෙනෙමින් තිබුන ඇගේ වියපත් මෙන්ම මැලව ගිය මුහුණ දෙසම බලාගෙන ඇදෙන් නැගිට්ට ඇය නතර වුනේ කන්ණාඩි මෙසය ඉස්සරහ.. බී මතින් ඔහේ කෑගහන බණ්ඩාර නොවන්නට දිහා බොහෝ වෙලාවක් බලාගෙන ඉන්නට ඉඩ තිබුනාය.. තවමත් හැට්ටය අස්සේ රදවාගෙන තිබූ ලියුම තව එක් වරක් අතට ගෙන ආදරනීය අකුරු දෙස මොහොතක් බලාගෙන සිටියාය..

ඔයාටයි පුතාටයි ආදරෙන්..

දෑස කදුළින් තෙත් වෙලා යන තරමටම හිත ඇතුලටම කා වැදුන අකුරු පේලිය විදගත්තේ අපහසුවෙන්.. සෝදා විනාශ කල පවට පාළු වෙලා ගිය ඇගේ කුසට අත තියාගත් ඇය තව වරක් අපහසුවෙන් වුව අකුරු පේලිය කියවා දැමීය.. කෑගසා හඩන්නට තරම් වේදනාවක් හිත ඇතුලේ ඉතිරි උවත් අමාරුවෙන් නතර කර ගත් කදුළු අතරින් පිට කලේ එකම එක දිගු හුස්මක් පමණක්ම විය.




නිමි...




68 comments:

  1. ඇත්තෙන්ම වර්ණයට පාට අතර ඇති වටිනාම පාට තැවරිය යුතු බව මට සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හා හා, තැන්කිවු තැන්කිවු..

      Delete
  2. අගෙයි දිනේෂ්............. සුපිරිම සුපිරියි..............

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ..

      Delete
  3. හරිම අපුරුයි. අන්තිම වෙනකම්ම කුතුහලයත් දැනෙන විදිහට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. අන්තිමට බලාපොරොත්තු නොවුන දෙයක් අවසානයට එකතු කරන්නයි ඕන වුනේ.. ගොඩක් ස්තූතියි බින්දි අක්කේ..

      Delete
    2. දිනේශ් කොහොමත් හැම කතාවකම වගේ හිතපු නැති අවසානයන්නේ දෙන්නේ.

      Delete
    3. හෙහ්, ඒක ඉතින් මම කතාවක් අවසාන කරන්න කැමති එක විදිහක්නේ..

      Delete
  4. සුපිරියට ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මලයා..

      Delete
  5. පට්ට පට පට......... ටික ටික ඔපිසියේ වැඩ කරන ගමන් කියවන එවුන්ට අබ සරණයි............

    ReplyDelete
    Replies
    1. හෑ, අර මොකෝ? මේක ඒ තරම් දිග නැහැනේ බං..

      Delete
  6. අපුරුයි දිනේෂ්, හැබැයි මට මේ කතාව දිනේෂ් ලිව්වා කියලා දන්නා නිසා නුහුරු ගතුයක් දැනුනා , මොකද දිනේෂ් ගේ අපි දැකලා තියෙන සුපුරුදු බටහිර ආරෙන් වෙනස් වෙච්ච කතාවක් නිසා .

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඇත්ත ඉවාන්.. පහුගිය කාලෙම ඉතින් බටහිර ආරට යන ඒවනේ ලිවුවේ.. ඉතින් ඒ හන්දම එකම දේට කොටු නොවී ඉන්න ඕන කියලා හිතුන හන්දයි මේක ලිවුවෙත්.. ඇත්තටම මම මේක 2013 බාගෙට ලියලා නවත්තපු කතාවක් මේ සම්පූර්ණ කරලා අද දැම්මෙත්..

      Delete
    2. කොයි ආරක කතාවක් උනත් සාර්තකව ගලපන්න පුලුවන් කියලා මේකෙන් හොදටම පේනවා වගේ මටනම්.

      Delete
    3. තැන්කිවු..

      Delete
  7. වෙනස් විදිහේ කතාවක්... මරු

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ලංකාවේ වටපිටාව එක්ක කතාවක් ලියන්න හිතුනා නාඬියෝ.. තව හේතු දෙක තුනකුත් තියෙනවා මේ කතා ආර එකපාරම වෙනස් කරන්නත්..

      Delete
  8. අඩෝ..කියන්න වදන් නෑ.එල ද බ්‍රා.
    එක හුස්මයි..
    ආපහු පාරක් කියවන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. එච්චරටම හිතට අල්ලලා ගියානම් ඇත්තටම සතුටුයි..

      එහෙනම් චියර්ස් වේවා!!

      Delete
  9. කාලෙකින් දිනේශ්ගෙ කථාවක් කියෙව්වෙ :) ඇත්තටම ලස්සනයි... ළඟදි රහස් පරීක්ශක කථා ලිව්වෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එරිකෝ එකක් දෙකක් මම ලියලා තියෙන්නේ.. හේතුවක් හන්දා මම ඒක බ්ලොග් ගත කරන්නේ නෑ කියන තීර්ණේ ඉන්න හන්දා දැම්මේ නෑ.. බලමුකෝ ඉස්සරහට මොනා හරි වෙනසක් එහෙම උනොත්..

      Delete
  10. කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. පුරුදු සුන්දරත්වයම කතාවේ හැම තැනකම වගේ කිසිම අඩුවක් නැතුව තියෙනවා. අවසානය කොහෙත්තම හිතුවේ නැති එකක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..

      Delete
  11. හිතාගන්න බැරි අවසානයක් ඒ විදිහේ ලියන කතා වලට මම ආසයි .දිනේෂ් අයගේ ලියවිල්ල හැමදාම වගේම ඉස්තරම් කතාව කියවද්දී මුල ඉඳන් අගටම කතාව හිතේ මැවෙනව. හැම කතාවක්ම එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කතාව මැදදි හිතාගෙන එන දේ අවසානේ එක පාරම වෙනස් වෙන්න ලියන්නයි ඕන වුනේ.. ඒක ඉතින් මම හැමදාම බලාපොරොත්තු වෙන දේනේ..

      Delete
  12. නියමයි මල්ලි. කාලෙකින් මේ වගේ කතාවක් කියවන්න හම්බුනේ.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් තමයි අයියේ ලංකාවේ පරිසරයට කතාවක් ලිවුවේ මමත්...

      Delete
  13. කතාව වෙනද වගේම හොදයි. ආයෙ ආයේ ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒත් මට දැනුන අඩුපාඩු ටිකක් කියන්නම්

    1. මේ කලින් ආදර කතාවේ සපුමල් මැණිකා වෙන් වෙන්නේ කොහොමද ඒ ඇයි කියන එක ගැනත් පොඩ්ඩක් කියවුනානම් හොදයි නේද?

    2. සපුමල් කාලෙකට උඩදි දුන්න හවඩිය ආයෙම එයා ලගට යන්නෙ කොහොමද?

    කතාව හිතට දැනුන හන්දමයි මේවා ගැන අහන්න හිතුනේ.

    ReplyDelete
    Replies
    1. මටත් මේවා හිතුන නිසාම කතාව කීප සැරයක් කියෙවුවා..එහිදී මට තේරිච්ච දේ නම් මේක කෙටි කතාවක් නිසා සියළුම සිද්දීන් නොලියා පාඨකයට කතාව ගලපගන්න ඉඩ ඇරලා වගේ දැනුනේ... නියමයි දිනේෂ්..

      Delete
    2. ඇනෝ, බොහොම හොද ප්‍රශ්ණ දෙකක්.. පළවෙනි එකට නම් කියන්න තියෙන්නේ ඒ ගැන මම විස්තර කරන්න ගියානම් තව කතාව ඕනවට වැඩිය දික් වෙන හන්දා ඕන කමින් මයි ඒ ටික මග ඇරියේ.. මම හිතන්නේ ඒකෙන් ලොකු ප්‍රශ්ණයක් නැහැයි කියලා..

      දෙවනි එක, එයාලට අවසානයේ එකතු වුන වෙලාවේ ඒක සපුමල් ලගට ආයෙම ගියා කියන උපකල්පනයේ ඉදන් තමයි ඒකනම් මම එහෙම කලේ.. මම හිතුවා අවසානයේ කියවෙන සිද්දීන් ඒක්ක ඒක තේරෙන්න ඇති කියලා..

      Delete
    3. ඔමායා, ඔවු ඒක ඇත්ත.. හැමදේම විස්තර කරන එක ඉතින් කතාව අපි අකමැති විදිහට දික් ගැස්සෙන එකනේ වෙන්නේ.. ඒකයි ඒවා ගැන ලියන්න නොගියේ.. අනික ඒ ඒ තැන් වලට තමන් කැමති දෙයක් උපකල්පනය කර ගත්තම කියවන කෙනාටත් වෙනමම කතාවක් හිතේ මවාගන්න පුළුවන්ය කියන දේ මම විශ්වාස කරනවා.. අපිට ඕන කතාව සම්පූර්ණම ඔබනවට වැඩිය..

      Delete
    4. yes /// එයාලට අවසානයේ එකතු වුන වෙලාවේ ඒක සපුමල් ලගට ආයෙම ගියා කියන උපකල්පනයේ ඉදන් තමයි ඒකනම් මම එහෙම කලේ../// මගේ උපකල්පනය හරි එහෙනම්,, පළවෙනි වතාවට හිතපු එකක් හරි ගියේ කතාවක හි හි

      Delete
    5. හප්පේ.. හා හා මම හිතන්නේ මගේ කතාවක් හරියට උපකල්පනය කරෙත් උඹම විතරද කොහෙද මේ වෙනකන්..

      Delete
    6. අහ් එහෙම සීන් එකක්ද වෙන්නේ. හරි හරි දැන් තේරුනා.

      Delete
    7. ප්‍රශ්ණ අහපු එහ ගැන සතුටුයි..

      Delete
    8. මැණිකාට එහෙම ප්‍රශ්ණයක් තියෙද්දිත් වලවු පැලැන්තියේ උදවිය ඒ සම්බන්දේ කටු ගෑවේ ඈයි කියන එකයි මට තියෙන ප්‍රශ්ණේ.

      Delete
    9. ඒක ඉතින් මීට අවුරුදු ගානකට කලින් නම් ඉතින් ඇත්තටම ප්‍රශ්ණයක් තමයි.. ඒත් දැන් හුඟක් දේවල් වෙනස් වෙලා හන්දා ඒකත් එහෙම උනා කියලා අපි මෙතනදි හිතමු..

      Delete
  14. Patta !! Jaya wewa ! Digatama Liyanna :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  15. //සෝදා විනාශ කල පවට පාළු වෙලා ගිය........කෑගසා හඩන්නට තරම් වේදනාවක් හිත ඇතුලේ ඉතිරි උවත්//
    මෙතනට එනකන් සේරම ඒහේ මෙහේ පාවෙලා අන්තිමේ මෙතනදි කලුකුහරෙකට වගේ ඇදගන්නවා. ඇත්තටම සුපිරියි! (මං කියන්න හිටපුවා ඔක්කොම අනික් අය කියලා...)

    ReplyDelete
    Replies
    1. කොහොමත් කතාවේ කියන්න ඕනම ටික තියෙන්නේ එතන තමයි.. මුලින් මට ඔළුවට ආව අවසානේ ඕක නෙමෙයි.. ඒක හිතට මට සෙට් නොවුන හන්දයි කාලෙකට පස්සේ මේක මෙහෙම අවසන් කරලා දැම්මේ..

      Delete
  16. මම දිනේශ්ගේ කියවලා තිබුනු කතා හැම එකක්ම බටහිර ආරේ ඒවා. ඒ නිසා විශේෂයක් දැනුනා.. සුපිරියි....

    ReplyDelete
    Replies
    1. දැන් ආයෙම ටිකක් හිතාගෙන ඉන්නේ දෙපැත්තම සමබරව ලියන්න කියලා.. ඒකෙන් හැමෝගෙම කැමැත්ත ඉශ්ට වෙනවනේ..

      Delete
  17. හෑ... මල්ලි වෙනස් වෙලා... මම කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් අයියලා සෑහෙන්න බිසී නේ.. ඔන්න කාලෙක ඉදන් මධු අයියා කරපු ඉල්ලීමක් දුන්නා.. ;-)

      Delete
  18. වෙනස් ආරෙකට ලියවිලා. හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ..

      Delete
  19. හ්ම් දුක කතාවක්.
    ළමයා සපුමල්ගේවත්ද ?

    ReplyDelete
    Replies
    1. උඹ හරියට කතාව කියවලා නෑ..

      Delete
    2. අඩේ ,එකත් එහෙමද?මට මොකක්ද එතකොට මේකේ මීටර් වුණේ නැත්තේ?

      Delete
    3. හෙහ්, ඒකනේ බං මම ආයේම හරියට කියවන්න කිවුවේ.. එහෙම තමයි කලබලේට අපිටත් මිස් වෙන දේවල් තියෙනවා..

      Delete
  20. නියමයි දිනේෂ්.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මචෝ..

      Delete
  21. බටහිර ආරයෙන් නික්මිලා මෙහෙම දේවල් ලියවුනාම ලොකු වෙනසක් දැනෙනවා..අන්න ඒ වෙනසට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් මටත් තේරුණා අයියේ.. මීට පස්සේ හිතන් ඉන්නේ දෙපැත්තම සමබරව ලියාගෙන යන්න..

      Delete
    2. අපිත් වැඩිය කැමති බටහිර ආරට ලියවෙන ඒවට. දිනේශ්ගේ ට්‍රේඩ්මාර්ක් එකත් එකනේ.

      Delete
    3. හෙහ්, ට්‍රේඩ්මාර්ක්???

      හා හා තැන්කිවු...

      Delete
  22. මේකනම් සුපිරියි දිනේෂ් අයියේ!!

    ReplyDelete
    Replies
    1. එච්චරද?

      හා හා තැන්කිවු..

      Delete
  23. //සෝදා විනාශ කල පවට පාළු වෙලා ගිය........කෑගසා හඩන්නට තරම් වේදනාවක් හිත ඇතුලේ ඉතිරි උවත්// මෙන්න මෙතැනයි මට දැඩිව දැනුන කතාවේ අරටුව.. අනික මෙතනදී දිය සුලියකට අහු වුණා වගේ එකපාරටම ගැඹුරකට ඇදෙනවා.මේ අවසානය දීපු විදිහට කියවන එකා කම්පනය වෙනවා. ආයේ කියන්න දෙයක් නෑ දිනේෂ් අයියේ.. කතාව අති සාර්ථකයි..ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. මුල හරියේ කතාව කොහේ කොහේ ගියත් කියන්න ඕන උනේ මට ඔය ටික තමයි.. කෙනෙක්ගේ ජීවිතයකට මේ වගේ දෙයක් බලපාන විදිහ අපිට ඇත්තටම තාම හිතා ගන්න අමාරුයි.. මොක්ද ඒක විදවන කෙනා තමයි ඒ දුක දන්නේ..

      Delete
    2. සහතික ඇත්ත. අතීතයක් මකලා දාන්න මෙහෙම දෙයක් කරන් මුළු ජීවිත කාලෙටම විදවන්න වෙන දෙයක් විතරක් ඉතුරු උනාම ඒකේ දැනෙන වේදනාව වැඩියි.

      Delete
    3. ඇත්ත.. මොන දේ කලත් මතකයන් මකලා දාන්න බෑ..

      Delete
  24. මම මේ පෝස්ට් එක දැක්කේ නැත්තේ කොහොමද?

    දිනේශ්ගෙන් වෙනම විදියේ කතාවක්. කතාව ලස්සනයි. ඒත් මම කැමති දිනේශ් ලියන බටහිර විදියේ කතාවලට. ඒවාවල ඔයා ජීවත් වෙනවා වැඩීද කියලා හිතෙනවා.:)

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්, වෙනදා ඉස්සෙල්ලම කියවන එක්කෙනා..

      බටහිර විදිහට ලියන්න තමයි මාත් වැඩියෙන් කැමති.. ඒත් මෙහෙම එකක් හදිස්සියේ ලියපු හේතුව නම් පොඩ්ඩි අක්කේ ඔයා දන්නවනේ ඉතින්.. ^_^

      Delete
  25. හිතට දැනෙනෙ හුගක් හොද කතාවක්. අපි සමහරකගේ ජීවිත වල කතා නොවෙන පැත්තක් සියුම්ව අකුරු කරලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්