Wednesday, 25 February 2015

වේගවත්ය යහන්තල





සිහින රැයක නිමේෂයක
ලං උන දෙසිත් යහනක
මුසුකර සුසුමක් වාතලයට
සිහින් කෙදිරියක් රැදුනි යහන් තල..

සුමුදුවට පිරිමැද නිතඹ
දෑතෙහි දග කර තිසර යුග
රසය මුසු කර යටි තොලක
ඇරඹුමක් ලග සතුටක් සොයා යන..

දඟකර නුඹේ දෑගිලි ගත මත
සුරතල්ව නුඹෙ දෙතොල් අතරම
ඇඟ හිරිවට්ටන හැඟුමකට
විරාමයක් දුනි මොහොතකට..

සැතපුන ගත යහන් තල
හොයාගෙන ඇතුලත පහසක
හීන් කෙදිරිය ඇරඹුමෙහි නැගුන
නුඹෙ මිහිරට මා අරගෙන..

නැගුන දා බිදු සිරුරු අතරට
ගෙනා රස සුව තව වැඩි කල
දැනෙද්දි ඇඟිලි තුඩු වේදනා මතුකර
නුඹ මට ලංව මගේ පපුතුර..

අවුල්ව ගිය ඇතිරිල්ලක
ගුලිකර දෑත මිහිරට
නිමාවක් ලග පහසක
වේගවත්ය යහන්තල..




විශේෂයි, "වර්ණ" මුලින් පටන් ගත්තේ මගේ අතින් එහෙ මෙහේ ලියවෙන කවි කෑලි එකතු කරලා කියලා මේකට එන යන ආදීවාසින්ට මතක ඇතිනේ.. වැඩේ කියන්නේ ඉතින් එහෙම පටන් ගත්ත එකට මම අවුරුදුම දෙකහාමාරකින් කවියක් දාලා නෑ.. මේ දවස් වල වෛරස් උණ හැදිලා වෙනද වගේ පෝස්ට් එකක් ලියන්න කම්මැලිකමේ ඉන්න හන්දා ඔන්න ඔහේ මේ සතියට පොඩි කවියක්ම දැම්මා.. (පොඩි එවුන් නරක් වුනායැයි නොකියන්න.. දැන් ඉන්න එකාලා අපිට වැඩිය හැදිලාය..) 


60 comments:

  1. නියමයි...චුට්ටක් වල්

    ReplyDelete
    Replies
    1. චුට්ටයිනේ වල්, ඒ හන්දා කමක් නෑ ඉතින්..

      Delete
  2. ශෘංගාරය උතුරා යනවා. උණ කියන්නෙ සහලෝලා උණ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අන්න තේරුණා..

      Delete
    2. Dan wath una hodada danne na

      Delete
    3. දැන් හොදයි..

      Delete
  3. නියමයි...චුට්ටක් වල් x 2

    ReplyDelete
    Replies
    1. අනේ උඹ බබානේ..

      Delete
  4. ටිකක් විතර වල් ඒවුණත් අවුලක් නෑ.. පොඩි රොමැන්ටික් ගතියකුත් තියේ හිහි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. රොමෑන්ටික් ගතියක් නැති වල් කමේ ගතියක් නෑනේ මචෝ..

      Delete
    2. //
      Dinesh26 February 2015 at 09:07
      රොමෑන්ටික් ගතියක් නැති වල් කමේ ගතියක් නෑනේ මචෝ..//

      Eka nam sahathika aththa ban.

      Delete
    3. ඒකනේ ඒකනේ..

      Delete
  5. බොටත් අර කුෂ්වන්ත් සිං වගේ සුංගාරය නැතිවම බෑ නේද?? හැක්

    ReplyDelete
    Replies
    1. කවුද අර කුෂ්වන්ත් සිං කියන්නේ.. දේශකයා වගේ බුවෙක්ද??

      Delete
    2. දේශකයා ගේ හැඳුනුම්පතේ "වෙනත් නම්" කියන තීරයේ තියෙන්නෙ ඔය නමලු.(කුෂ්වන්ත් සිං)

      Delete
    3. හෙහ්, ඒකත් එහෙමද.. ඇත්ත වෙන්න පුළුවන් මනුස්සයගේ වැඩ බැළුවම..

      Delete
  6. කවිය ලියුවාට තුති..... අපි ඉතින් කවියෙන්ම තමයි රන්වෙන්නේ............. ඉතින් උඹත් කවි ලියනවාට අපි මාර කැමතියි... දිගට ම කවිත් ලියමු...........

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකත් ඉතින් ඒ දවස් වල ගී පවුර වගේම තමා තිබුනෙ.. උදේ හවස කවි වැටුන කාලයක් තිබුනා.. පස්සේ ඉතින් ඒක වෙනස් වුනා..

      Delete
    2. Ayema ithin puluwan welawata kawi dammanam thamai hoda

      Delete
    3. බලමු බලමු, පුළුවන් වෙලාවක..

      Delete
  7. අර සනිලියොන් බොලිවුඩ් පුරේට හඳුන්වල දුන්න පළවෙනි ෆිල්ම් එකේ ඔන්න ඕම දර්ශනයක් තියෙනවා. ක්ලබ් එකේදී දැකලා ඒමමම පස්සෙන් පස්සට ඇග පත ලොකු එකාගේ කාමරේට දෙන්නා යනවා.ඊට පස්සේ ඔයා ඔය කවියේ කියපු එවුවා ටික මං නම් බැලුවේ නෑ සද්ද අනුව හිතාගත්තා ඉතරයි. :D . ඒක මතක් වුණා මේක කියවද්දී.. උදේ නැගිට්ටම "හායි අයිම් %#* whats යුවර් නේම් කියලා අහනව "
    කවිය නියමයි

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපං ඉතින්, උඹ අර හොම්මන් ගෙට වෙලා කරන්නේ ඕවා තමා.. අපි හිතන් හිටියේ ඔමායා හරි හොද ළමයා කියලනේ..

      // "හායි අයිම් %#* whats යුවර් නේම් // අන්න බලන්න කොච්චර පොසිටිවු කස්ටියද..

      Delete
    2. දැන් කාලේ එහෙම තමයි. වැඩේ ඉවර වෙලයි කට්ටිය දැන අදුන ගන්නේ. තව සමහරු නම් එහෙමත් නැහැනේ.

      Delete
    3. නැගිටිද්දී මලක් තියලා ලියුමක් එක්ක මාරු වෙන අයනේ ඉන්නේ..

      Delete
  8. ඉදලා ඉදලා ඔය ලියලා තියෙන්නේ හොදවයින් එකක්.

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව බෑනේ ඉතින්..

      Delete
    2. කෝම උනත් හොදයි. ඉදලා හිටලා ලියමු.

      Delete
  9. තේරුනේ නෑ බන් මේ මොකක් ගැනද ලියලා තියෙන්නේ ???

    ReplyDelete
    Replies
    1. අනේ සූටි එකා... ^_^

      Delete
  10. Replies
    1. කවුද, මැලේ මල්ලිද? හෙහ් හෙහ්..

      Delete
  11. නියමයි...චුට්ටක්...නෑ ලොකු අව්ලකුත් නෑ

    ReplyDelete
    Replies
    1. හෙහ්, මට නම් කොහෙත්තම අවුලක් නෑ..

      Delete
    2. අපිටත් ඒ හැටිම ගානක් නෑ.

      Delete
  12. සීන් එක මොනව උනත් ඉදිරිපත් කරල තියන විදිහ පට්ට...

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයියගේ ජිවන අත්දැකීමක් කියල කියනවනේ ඒකයි ඔයහැටි පට්ට .

      Delete
    2. ඉන්ද්‍රජිත්, සීන් එක ගැන වැඩිය හිතන්න එපා..

      Delete
    3. දිළිනි, කවුද බොල එහෙම කතාවක් කිවුවේ??

      Delete
  13. අවුරුදු දෙක හමාරක්!
    වෙලාව යන ඉක්මන, මට නම් අප්සෙට් කවි අද ඊයෙ කියෙව්ව වගේ මතක

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අප්සට් කවි ඇරුනම මෙහෙම කවියක් ලියලා දැම්මේ එච්චර කාලකෙට පස්සේ.. මොකද මම බ්ලොග් එක පටන් ගත්තේ මේ වගේ කවි දාලනේ..

      Delete
  14. කොල්ලො බේත් අරන්දීපන්.. උනගැනිල හොඳටම. ඒකයි ඔය කෙඳිරිගාන්න්නේ....

    ReplyDelete
    Replies
    1. දැන් නම් සහලෝන උන...

      Delete
  15. වේගය 'මරු මරු අදහස්' කැඳවයි..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට වේගය හැමදේටම ගැලපෙන්නේ නෑ..

      Delete
    2. වැඩි වේගෙට හුගක් අය අකමැතියි.

      Delete
    3. හෙහ්, මුකුත් නොකියමි..

      Delete
  16. එළ,එළ උණ හැදුණාම මෙහෙම නම්....:D

    ReplyDelete
    Replies
    1. අපි නම් දන්නේ නෑ..

      Delete
  17. කවිය නම් නියමයි මම මේ වර්ණ අයගේ කියෙව්වා පලවෙනි කවියද මන්ද .. ආයේ ඉඳහිට කවිත් දන්නෝ ... :D

    ReplyDelete
    Replies
    1. මගේ ඉතින් මුල්ම පෝස්ට් බලනවනම් තියෙන්නේ කවිම විතරයි.. බලමු බලමු.. දැන් කවි ලියන්න කම්මැලි..

      Delete
  18. දිනේශ් නෝටිවෙලා... :P

    හැබැයි අර පසුබීමේ වෙනස නම් හරිම ලස්සණයි. :D

    ReplyDelete
    Replies
    1. මම තාම හොද ළමයා... ^_^

      Delete
  19. Replies
    1. මම ඉතින් කියන්නේ නෑ..

      Delete
  20. Idala idala oya liyala thiyenne hodawain ekak

    ReplyDelete
  21. මොකක් ගැනද බං මේ කිව්වෙ...සීතල වැඩි නිසා තුරුල් වෙලා නිදාගත්ත ජෝඩුවක් ගැනද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සිරා අයියේ, අහවල් රාජකාරිය ගැන..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්