Thursday, 19 February 2015

හොල්මන් ෆිල්ම් බැලිල්ල



අපි ගාල්ලෙන් කොළඹට එද්දී මට අවුරුදු 6ක් විතර ඇති.. සංක්‍රමණය වුන හැටි  ගැන කතාව මම කාලෙකට උඩදී ලියලා තිබුනනේ.. මං හිතනවා ඒක කට්ටියට මතක ඇති කියලා.. අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගත්තේ කොළඹ ආවට පස්සේ.. කොටින්ම කියනවනම් අපේ ගෙදරට රූප පෙට්ටියක් එහෙමත් නැත්නම් ටෙලිවිශන් එකක් ගත්තෙත් ඔය කාලෙදි තමයි.. ඒකත් ඉතින් අපේ තාත්තා ඉතාලි ආව එකට පින් සිද්ද වෙන්න.. එහෙම නැති උනානම් ඉතින් අපේ ගෙදරට ටෙලිවිශන් එකක් ගන්න එක තව අවුරුදු ගානකින් පස්සට යන්න තිබුනා..

කෝම හරි ඉතින් මම පොඩි එකා සන්දියේ ඕක මට හරියට මැජික් එකක් වගේ.. එතකොට නම් දැන් තරම් චැනල් තිබුනෙත් නෑ.. රූපවාහිනි ITN ඇරුනම තව චැනල් දෙකක් තුනක් තිබුනා වගේ යන්තමට වගේ මතකයි.. සමහරක් දවස් වලට හින්දි ෆිල්ම් එහෙම යද්දී ගෙදර හිටියොත් අනිවාර්‍යෙන්ම ඕක බලන්න අමතක කරන්නේ නෑ.. ඒ කාලේ මට තිබුන ලොකුම ප්‍රශේණ් තමයි කලින් දවසේ බලපු ෆිල්ම් එකේ අන්තිමේ මැරුණ කෙනා ඊලග දවසෙත් ඉන්නේ කොහොමද කියලා.. ෆිල්ම් එක බලන අතරේ එක දිගට මාස ගානක් විතර මම ඔය ප්‍රශ්ණේ අහන්න ඇති..

කොහොමින් කොහොම හරි ඔය කාලේ රෑට මොකක් හරි චැනල් එකක හොල්මන් ෆිල්ම් එකක් පෙන්නන්න පටන් ගත්තා.. දවස සදුදා කියලා තාම මතකයි.. වෙලාවත් රෑ 10වගේ තමයි මතක.. පුංචි එකා සන්දියේ ඉතින් හොල්මන් ෆිල්ම් තියා රෑට තනියම කළුවරේ කාමරේ නිදාගන්නත් බය මනුස්සයෙක් තමයි මම.. වැඩි දෙයක් ඕන නෑ ඔය කාලෙදි මම නිදා ගත්තෙත් අම්ම එක්කම තමයි.. ඉතින් අම්මා නිදා ගන්න එනකන් මාත් වැඩිහරියක් ඇහැරිලා තමයි ඉන්නේ..

අපේ අයට ඉතින් මේ හින්දි ෆිල්ම් බලන අස්සේ හැදුනා මහ රෑට යන හොල්මන් ෆිල්ම් එකත් බලන පිස්සුවක්.. " ඔන්න ඔහේ ඕකත් බලලම නිදාගමු.." වගේ තත්වයක් තමයි ගෙදර තිබුනේ.. ඉතින් මංතුමාට මූණ දෙන්න වුන තත්වය ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැනේ.. නිකන් වෙලාවටත් තනියම කාමරේ නිදාගන්න බය මම ගෙදර අය සද්දේ දාගෙන හොල්මන් ෆිල්ම් බලද්දී  කොහොමද ඉතින් නිදාගන්නේ..

කොහොමහරි රෑ 10 වෙනකන් ගියේ මාත් මොකක් හරි ආසාවෙන් බලපු වැඩසටහනක්.. ඉතින් මම ඕක වෙනකන් කිසිම අවුලක් නැතුව බලාගෙන ඉන්නවා.. ඊට පස්සේ ඉතින් දැන් ඔය සති අන්ත වැඩසටහන් පටන් ගනිද්දී දානවා වගේ පොඩි තේමා වාදනයක් යනවා හොල්මන් ෆිල්ම් එක පටන් ගන්න කලින්.. ඔන්න ඉතින් මම ඔය වෙලාවට වාඩි වෙලා ඉන්න පුටුවෙන් හෙමීට බිමට බහිනවා.. බැහැලා බලාගෙන ඉන්නවා.. ඕනම ෆිල්ම් එහෙක ඉතින් මුල විනාඩි 10වගේ ඒ තරම් ගත යුත්තක් නැහැනේ.. ඉතින් මාත් කිසිම අවුලක් නැතුව ඒ ටික වෙලාව ඉන්න්වා..

ඊට පස්සේ ටික ටික හොල්මන් සිද්දී ටික එන්න ගන්නවා.. හොල්මන්
කරන්නේ කවුද, හොල්මන මොන වගේද කියන එක හරියටම නොපෙන්නුවට එක්කෙනා දෙන්නා හොල්මනට බය වෙන පොඩි පොඩි සීන් වෙද්දී මම ඉන්නේ බිම හාන්සි වෙලා.. බිම හාන්සි උනාම ඉස්සරහා තියෙන ස්ටූල් එක හන්දා ටීවී එක සම්පූර්ණම පේන්නේ නෑ.. ඉතින් මම ෆිල්ම් එකේ ඒ හරිය වෙද්දී ෆිල්ම් එක බලන් ඉන්නේ එහෙම.. ඇඩ් එකක් යද්දී විතරක් පොඩ්ඩක් ඔළුව උස්සලා බලනවා..

එතනින් එහාට ඉතින් හොල්මන් ෆිල්ම් එකක් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. එක්කෝ කට්ටිය හොල්මන අල්ලන්න හරි ඒ හොල්මන නැති කරලා දාන්න හරි සෙට් වෙනවා.. එතකොට තමයි ඉතින් හොල්මනටත් වැඩියෙන් අනික් මිනිස්සු පස්සේ පන්නන්න පටන් ගන්නේ.. එක්කෝ විරූපී මූණක් එක්ක මිනිස්සු ඉස්සරහට ඒවි.. එහෙම නැත්නම් ඉතින් තමන්ගේ බලය පාවිච්චි කරලා මොනවා හරි කරන්න බලාවි.. ඔන්න ඔය වෙද්දී මම ඉන්නේ අර කලින් හිටිය ස්ටූල් එකයි ඒ ගාවම තියෙන පුටුවයි අතරේ හිර වෙලා..

ස්ටූල් එක අස්සේ ඉදන් ෆිල්ම් එක නොබලා හරි හිටියා කියමුකෝ.. ඒත් ඉවසන්නම බැරි දේ තමයි සද්දේ.. ඇයි දෙයියනේ  ඇත්තටම බය වෙන්න දෙයක් නැති උනත් මේ යක්කු දාන සද්ද වලින් අර පුටුව අස්සේ හැංගිලාවත් බේරෙන්න විදිහක් නැති එක තමයි මට තිබුන එකම ප්‍රශ්ණය.. හෙමීට කන් දෙකත් වහගෙන ඇස් දෙකත් සැරින් සැරේ පියා ගත්තට මොකද ෆිල්ම් එකේ කෑලිත් එහෙන් මෙහෙන් මම අනිවාර්‍යෙන්ම බලනවා..

" මොකද පුතේ ඔය කරන්නේ.. බය නම් එක්කෝ ගිහින් නිදා ගන්න.."

සමහර වෙලාවට අම්මා කියනවා.. එහෙම කිවුවට ඉතින් එයාටත් අනේ මේකා පවුනේ කියලා ඇදට ගිහින් දාලා නිදි කරවන්න ඕන කමක් නෑ.. ඇයි ඉතින් ඉන්නේ ෆිල්ම් එකේ සිහියෙන්නේ.. මොකද ඉතින් මමය කියලා තනියම යන්නද.. ඉතින් අම්මා මොනා කිවුවත් නෑහුනා වගේ ඉදගෙන මාත් ෆිල්ම් එක බලනවා.. වැඩේ කියන්නේ කොහොමටවත් මට බිම හාන්සි වෙලා හිටියා කියලා නින්ද යන්නෙත් නැති එක.. කොහොම හරි අන්තිමට ෆිල්ම් එක ඉවර වෙද්දී එක්කෝ මම ඉන්නේ පුටුවයි ස්ටූල් එකයි අස්සේ හිර වෙලා හරි එහෙම නැත්නම් ඔය දෙක යටට වෙලා හරි..

එදා රෑ ඉතින් ෆිල්ම් එක බලලා ඉවර වුනා කියමු.. අමාරුම දේ තමයි ෆිල්ම් එකේ තිබුන බය හිතෙනම කෑලි පහුවදාට මතක් වෙන එක.. ඒ වෙලාවට නම් මහ දවල්ටත් තනියම නම් කාමරේක  ඉන්න බයයි.. වැරදිලාවත් හිටියත් සෑහෙන්න වතාවක් පිටිපස්ස හැරි හැරි වටපිට හෝදිසි කරන එක තමයි මගේ පුරුද්ද.. ඒ මොකද ඉතින් හිතේ සැකේට..

ඔය කිවුවේ ඉතින් පුංචිම එකා සංදියෙනේ.. කොච්චර අකමැති උනත් කොච්චර බය වුනත් ඉතින් ෆිල්ම් බැලිල්ලනම් කාලයත් එක්ක තව වැඩි උනා මිසක අඩුවක් නම් වුනේ නෑ.. සිද්දවුන එකම දේ තමයි අර බලන ක්‍රමේ වෙනස් වෙච්ච එක.. පස්සේ කාලේ පුරුදු වුනේ සීඩී ගෙනල්ලා බලන්න.. ඒකත් ඉතින් කාගෙහරි යාළුවෙක්ගේ ගෙදර සෙට් වෙලා තමයි වැඩිහරියක්ම කෙරුනේ.. ඒ කිවුවේ ඉස්කෝලේ 7-8 පන්ති වල කාලේ.. එතකොට නම් ඉතින් ෆිල්ම් එකට කොච්චර බය හිතුනත් අර පරණ සිස්ටම් එකට බලන්න බැරි කමටම ඉවසා වදාරගෙන බලන්න සිද්ද වුනා.. අනික ඉතින් බය වැඩිමයි වගේනම් යාළුවෝ එක්ක වෙන මොකක් හරි කතා කරලා අවදානය පොඩ්ඩක් ඒකෙන් ඈත් කර ගන්න පුළුවන් කමත් තිබුන හන්දා ටිකක් ශේප් එකේ බැළුවා..

කාලය කොහොම ගෙවිලා ගියත් හොල්මන් ෆිල්ම් බැලිල්ල නම් නතර වුනේ නෑ.. මේ ලගදිත් ගියා ෆිල්ම් හෝල් එකකට 3D හොල්මන් එකක්ම බලන්න.. සංතෝසේ කියලා නිම කරන්න බෑ.. එක එකා මරාගනිද්දී ලේ පාරවල් මූණටම එනවා වගේ දැනෙද්දීයි හොල්මන් පනින්නේ ෆිල්ම් එකේ නෙමෙයි අපේ ඇගටමයි කියලා දැනෙද්දී ඉතින් හිතුනේ ආයේ අර පරණ පුරුද්දට පුටුව අස්සට රිංගන්න.. කන්ණාඩි දාගෙන බලපු හන්දා ශේප් එකේ හෙමීට ඇස් පියා ගත්ත තැන් ඉතින් නොතිබුනාම නෙමෙයි.. හැබැයි ඉතින් ඇව්ත් හිටිය එවුනුත් මං වගේම බයයි කියලා දැනුනේ හෝල් එකේ තිබුන කෑ ගැහිල්ලට.. ඒ හන්දා ඉතින් අවුලක් නෑ..

එකම දේ තමයි දැන් නම් අර ෆිල්ම් එකකට පස්සේ කලින් දැනුන පශ්චාත් බය නැති වෙලා ගිහින් තියෙන එක.. නැත්නම් ඉතින් දැන් මෙහෙට වෙලා මම තනියම ඉන්න හැටියට හොල්මන් ෆිල්ම් එකක් තියා හොල්මන් නමක් වත් ගෑවිලා තියෙන එකක් වත් බලන්න වෙන්නේ නෑ.. තාමත් ඉතින් ඉදලා හිටලා හොල්මන් එකක් බලනවා.. බොරු කියන්න ඕන නැහැනේ.. තාමත් ඉතින් බය හිතෙන වෙලාවල් නැතුවම නෙමෙයි.. එහෙම නොවුනනම් ඉතින් ඒ ෆිල්ම් එකෙන් ඇති වැඩකුත් නැහැනේ..

හැබැයි හොල්මන් ෆිල්ම් මම කොහොම බැළුවත් ඔය සමහර මිනිස්සුම තවත් මිනිස්සු හිර කරන් තියාගෙන වද දෙන ෆිල්ම් නම් බලන්න මම කොහෙත්තම කැමති නෑ.. ඒ කිවුවේ ඔය SAW ෆිල්ම් සීරීස් එක වගේ ඒවා.. ඒ මොකද හොල්මන් ගැන විශ්වාසය කොහොම උනත් මිනිස්සුන්ට වද දෙන්න පුළුවන් මානසික අසහනකාරයෝ අපි අතර ඉන්න පුළුවන් හන්දා..








79 comments:

  1. Replies
    1. ඒවා ආවේ ඉතින් පස්සේ කාලේ..

      Delete
  2. හොල්මන් ෆිල්ම් එකක් බැලුවෙ නෑ කාලේකින්.... බලන්න ඕන .....

    ReplyDelete
    Replies
    1. බලපං බලපං.. පාඩු නෑ බැළුවට..

      Delete
  3. අන්තිමට රොරර් කියල බැලුවෙ බිපාෂගෙ ක්‍රීචර්
    මෙලෝ රහක් නෑ....
    දිනේෂ් අය්ය හම්බුනොත් අග්‍යාත් බලන්න...
    ටිකක් ගති... ඉංගිරිස් හොල්මං බලද්දි ටිකක් වත් බය හිතෙන්නෑ බං... කපන කොටන ඒව දැක්කම එපා වෙනව...
    රෝන්ග් ටර්න් සෝ වගේ කුප්ප ්‍ෆිල්ම් වගේ කයල මයි එතකොට හිතෙන්නෙ...
    පට්ට රෑ 12 ටත් හොල්මං පිලුම් බල බල ඉන්න වෙලා තියේ ඕයි...
    මාර ආතල් ඈ
    හිහි

    ReplyDelete
    Replies
    1. හෙහ් ඒක ඇත්ත බං.. ඒකනේ මාත් කිවුවේ දැන් හොල්මන් බැළුවට අරවා බලන්න හිතෙන්නේ නෑ කියලා.. එපා වෙනවා බලාගෙන ඉද්දී..

      ඔය කිවුව ෆිල්ම් එක බලලා නෑ.. නමේ හැටියට හින්දි වෙන්න ඕන නේ.. වෙලාවක ඩවුන්ලෝඩ් පාරක් දාලා බලන්නම්..

      Delete
  4. Ithin apata paanda?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ කියන්න..

      Delete
  5. සමහර ෆිල්ම්වල හොල්මන් වලට හිනා යනවානේ

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒකනම් සහතික ඇත්ත බං..

      Delete
  6. මට ඉඳල හිටලා එනවා ඔය හොරර් මුඩ් එක. ගොඩක් වෙලාවට බලන්නේ තනියෙන්. තාම නම් big screen/3D බලලා නැහැ. මේන් මම ලඟදි ඔහොම එකක් බලන්න කියල හැදුව. කතා කරලා වැඩක් නැත.

    ReplyDelete
    Replies
    1. හැක්, තනියම බලනවනම් හොදයිනේ කියලා හිතිලා දාලා තියෙන ලින්ක් එකට ගිහින් බැළුවේ.. හයියෝ සල්ලි.. මුකුත්ම නොකියමි.. ලංකාවෙනම් ඉතින් වැඩිය 3D නැති හන්දා බලන්න වෙන එකක් නෑ.. හැබැයි සෙට් උනොත් ඔය වගේම තනියමම බලන එක තමයි වටින්නේ..

      Delete
    2. ඒක තමයි කිව්වේ කතා කරලා වැඩක් නැත කියල! මදැයි බයවෙන්න පෙරුම් පිරුවා. අතාරින්නෙ නැහැ, ආයෙමත් උත්සහ කරනවා.

      Delete
    3. අනේද කියන්නේ.. ආයෙම ට්‍රයි කරලා බලන්න බැරි වෙන එකක් නෑ..

      Delete
  7. මටනං ඔය වගේ බය හිතෙන හොල්මන් ෆිල්ම් එකක් තාම හමබවෙලා නෑ. හොල්මන් වගේම අර ෆයිනල් ඩෙස්ටිනේෂන් වගේ ඒව බලනකොටත් කට්ටිය ඔහොම බය වෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔවු.. ෆයිනල් ඩෙස්ටිනේෂන් 3 වෙනකන්ද කොහෙද මාත් බැළුවා.. ඒකත් පළවෙනි එක අහම්බෙන් වගේ ටීවී එකේම තමයි බැළුවේ.. අනික් දෙක හොයාගෙන බැළුවා.. ඒ දවස් වල පාරේ ගියෙත් හරි බයෙන්.. හෙහ්..

      Delete
  8. ලඟකදි බය හිතෙන ෆිල්ම් එකක් බලන්න බැරි වුනා ... මට නම් ෆිල්ම් එක බලද්දි බය හිතෙනවට වඩා පස්සේ එක මතක් වෙද්දි තමයි බය හිතෙන්නේ.. හි..හි..

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒ වෙලාවට කී පාරක් හැරිලා වට පිට බලනවද කියලා නිකමට වගේ ගනන් කරලා එහෙම තියෙනවද?

      Delete
    2. ( රහසින් - මේ .....එච්චර ගානක් ගනන් කරන්නේ කොහෙද අනේ... )

      Delete
    3. හික්ස්,, ඒ ගනන් කිරිල්ලට අනිවා බය නැති වෙනවා එහෙනම්..

      Delete
  9. හප්පේ අදිසි මතක් උනා..

    ReplyDelete
    Replies
    1. අදිසි නම් මට එච්චරම බලන්න සෙට් වෙලා නෑ..

      Delete
  10. හොල්මන් කතා කියෙව්වට එච්චර ෆිල්ම් බලල නෑ....කතාවක් කියෙව්වම ‍ටික දවසක් යනකන් පට්ට බයෙන් ඉන්නෙ පොඩි කාලෙ....

    ReplyDelete
    Replies
    1. කතාවක් කියවන එක ඉතින් ලේසියි.. මොකද ඒකේ චිත්ත රූප අපිට ඕන හැටියට මවා ගත්තම කියවන් යන්න අමාරුවක් නෑ.. ෆිලුම් එහෙමයැ ඉතින්..

      Delete
  11. පොඩිකාලෙ ඉඳන්ම පුදුම ආසාවකින් බලන්නෙ ඔව්වා. මමනම් හිතන්නේ හින්දි ඒවාට වඩා ඉංග්‍රීසි එව්වයෙ ගතියක් තියෙනවා. අවසානය තෙක් හොල්මන නොපෙන්නා සංකේතාත්මකව පෙන්නන එක තමා බලන්න ලස්සන.

    ReplyDelete
    Replies
    1. හින්දි ඒවා මාත් වැඩිය බලලා නෑ.. හිතට සෙට් උනේ රාස් ෆිල්ම් එක විතරයි මතක හැටියට.. හැබැයි හොද ඒවත් නැතුවම නෙමෙයි..

      Delete
  12. අාසයි බයයි! :D

    මුදල් එකතු කිරීමේ කටයුත්තකට paranormal activity 3 පෙන්නන ලදී

    බලන ගමං අවුලක් නැත
    ගෙදර යන ගමනුත් අවුලක් නැත
    රෑ නිදාගත්තත් අවුලක් නැත.

    රෑ තුනට විතර පූසා වහලෙන් අල්මාරියට පැන්නේය.

    Duggzzz!

    වහලෙ කඩාගෙන උඩ විසිවෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. අලියෙක් උඩ විසිවෙනවා කියන්නේ වහලයක් ගැන කවර කතාද?

      Delete
    2. අලියා, paranormal activity නම් තියෙන්නේ ඇත්තම සිද්දි හන්දා ඒකනම් නැගලා ගියානේ පහුගිය කාලේ..

      හෙහ් ඇත්ත ඇත්ත. අවුල එන්නේ බලලා ටික දවසක් ගියාට පස්සේ තමයි..

      Delete
    3. උපේක්ෂා, අලියෙක් උඩ විසිවෙනවා කියන එකම ලේසි පහසු දෙයක්ද මං අහන්නේ..

      Delete
    4. http://www.answers.com/Q/Is_the_movie_%27Paranormal_Activity%27_based_on_a_true_story

      හැබැයි ඉතිං පූස පනිනව අැහුනම පොඩ්ඩක් හෝස් ගාල යනව!

      Delete
    5. ඔන්න බලපං ඉතින්.. මම හිතාගෙන හිට්යේ ඇත්තම සීන් එකක් කියලනේ ඒක..

      Delete
  13. ආසයි බයයි සිද්දියක්නේ.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු එහෙම එකක් තමයි..

      Delete
  14. ජාතික රූපවාහිනියේ ඒ කාලේ සුපිරි ඉන්ග්ලිශ් කතා සෙට් එකක් ගියා. රෑ දහයට ගිය කතා තමයි V , The A Team වගෙ ඒවා.. බොහොමයක්ම වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි ලේබලය යටතේ ගියෙ.. V තමයි බයවෙන කතා සීරිස් එක.. ඔබ කියන කාල වකවාණුව අසූවේ මැද බාගය වගේ නම් එය V වෙන්න පුලුවන්. මමත් ඉස්සර හොරෙන් බලනවා බය වෙන්න නොවේ වැඩිහිටියෙක් වෙන්න හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. අසූවේ මැද වෙද්දී මංතුමා ඉපදිලත් නෑනේ.. මේ කියන්නේ අනූවේ මැද හරිය ගැන..

      හෙහ්, අපිත් හැබැයි ඉස්කෝලේ යන කාලේ හොම්මන් බැළුවෙ නම් ඒකටම තමයි.. මොකෝ ඒ කාලේ අපිට වැඩිය අනික්වා හම්බුවෙන්නේ නැහැනේ.. හෙහ්..

      Delete
  15. උඔ පොඩි කාලේ බයයි මම තවමත් බයයි හොල්මන් ෆිල්ම් වලට.
    ෆිටෝන් වලට එන නංගි තෝං එක ඇදගෙන ඉන්නවා බලන් ඉන්න පුලුවන් හෝල්මන් ෆිල්ම් බෑ

    ReplyDelete
    Replies
    1. හපොයි, මේවට ඉතින් මොනවා කියන්නද..

      චියර්ස් තමයි ඉතින්..

      Delete
  16. අපෝ හොල්මන් ෆිල්ම් බලනවට වඩා හොඳයි ටොම් ඇන්ඩ් ජෙරී බලන එක . මම නම් බලන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹ බයයි කියන එකනේ.. හරි හරි අවුලක් නෑ..

      Delete
  17. //වැරදිලාවත් හිටියත් සෑහෙන්න වතාවක් පිටිපස්ස හැරි හැරි වටපිට හෝදිසි කරන එක තමයි මගේ පුරුද්ද..// ඕක නම් මටත් හුරුපුරුදුයි හොඳට..

    මම හිතන්නේ මං බලපු හොඳම හොල්මන් ෆිල්ම් එක Insidious. අන්තිමට තියෙන මීම් එක දැක්කම මතක් වුණේ, Shadow People කියල තියෙනව ෆිල්ම් එකක්, ඒකෙ ඩිරෙක්ටර් කියන්නෙ ඒව බොරු නෙමෙයි එයත් එහෙම දේවල්වලට මුහුණ දීල තියෙනව කියල. ෆිල්ම් එකේ මැද තැනින් තැන ඇත්තටම හෙවණැලි මිනිස්සු හම්බ වුණයි කියන අයගෙ ඉන්ටර්වීව්ස් එහෙමත් පෙන්නනවා. :D

    ReplyDelete
    Replies
    1. මම නම් බාගත්ත ෆිල්ම් දෙක තුනක්ම " බේස්ඩ් ඔන් ටෲ ඉවෙන්ට්ස් " කියලා මුලින්ම දාද්දිම බාගෙට බලලා නවත්තලා තියෙනවා.. හෙහ්.. මොකටද නේද ඉතින් බෙල්ලේ පොට යවා ගන්නේ ඇත්ත ඒවා කියලා දැන දැන බලලා..

      Delete
  18. ෆිල්ම් බලනවට වඩා බය හිතෙනවා මට සමහර පොත් කියවපුවාම. මයිල් කෙලින් වෙලා එනකොට පුදුම හැගීමක් එන්නේ.
    අපි නම් හොල්මන් ෆිල්ම් බලන්නේ මේම,මේම ඇඟිලි කරු අස්සෙන්.එතකොට බය හිතෙන්නේ නැහැ.මම බොරු නම් කියන්නේ උඹ කරලා බලපන් එහෙම නෙමේද කියලා.:D

    ReplyDelete
    Replies
    1. හෙහ්, අනේ බං උඹත්.. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. අපිත් ඉතින් එහෙම තමයි..

      පොත් නම් ඉතින් මම වැඩිය කියවලා නැහැ.. මොකද හොද ඒවා මට නම් සෙට් වෙලා නෑ.. හැබැයි මම එකක් ලියන්නම් හිතාගෙන ඉන්නවා.. ;-)

      Delete
  19. හොල්මන් නං මතක් කරන්න එපා පොඩි කාලේ... චූ කලෙත් උළුවස්සේ එල්ලිලා ඕව බලපු දවස් වල.

    ReplyDelete
    Replies
    1. හික්ස්, අන්න මං වගේම පොරක්.. දාන්ඩ පහක් කියන්න තමා වෙන්නේ ඉතින්..

      Delete
  20. අන්තිමට Horror movie එහෙකට බැලුවෙ Mama කියල එකක්ද කොහෙද..
    හොල්මන් ෆිල්ම් එකක් බලනවනං බලන්න ඕනෙ රෑට කාත් කවුරුත් නැතිව..නැත්තං කිසි ලල් එකක් නෑහ්.. :D :D

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ඉතින් ලල් එක ගැන ඉතින් කවර කතාද? සිරාවටම බය උනොත් ලල් එකට නූල් දාන්න තමයි වෙන්නේ..

      Delete
  21. කොච්චර බය හිතුනත් හොල්මන් චිත්‍රපටි නම් එපා වෙන්නෙ නෑ.
    අමුතු ගතියක් එනවා බලලා ඉවර වෙනකොට. ඒ වුනාට දැන් නම් නිතරම තියෙන්නෙ එකම ස්ටෝරිය යන චිත්‍රපට.

    ReplyDelete
    Replies
    1. හප්පේ අයියව දැක්ක කල්.. ඉතින් කෝමැයි..

      ඒකනේ ඒකනේ පොඩි කාලේ ඉදන්ම පුටුව අස්සේ හැංගි හැංගි හරි බලාගෙන ආවේ.. දැන් නම් ඉතින් කෝම හරි ඉවසා වදාරගෙන බලනවා.. ඒක ඇත්ත දැන් එන්නේ එකම නම දාලා ඒකේ කොටස් එන ෆිල්ම් නේ.. ඒවා ඉතින් මුල එක තරම්ම ගතියක් නෑ කෝමත්.. paranormal activity එකත් එහෙමම තමයි.. මට නම් මුල් දෙක තරම් අනික ගතියක් නෑ..

      Delete
    2. අන්න මරු ෆිල්ම් එක. මට නම් පලවෙනි එක විතරයි බලන්න හම්බුනෙ.

      Delete
    3. ඒකත් ඉතින් ඇත්තම සිද්දී ටිකක්නේ යන්නේ.. මුල් එක නම් පට්ට.. ඊ ගාවට ආව ඒවා ටික ටික කොලිටි අඩු වුනා..

      Delete

  22. අපි කට්ටියක් මහ දවල් සෙට් වෙලා ජනේල වලට රෙදි එහෙම දාගෙන, කාමරේ කළුවර කරගෙන, මහ සද්දටෙ හොල්මන් ෆිල්ම් එකක් බලනවා (රාස් 2 කද කොහෙද මතක විදිහට)
    පරක්කු වෙලා ආපු එකෙක් හොරෙන්ම ඇවිත් කාමරේ දොර ළග හිටපු එකෙක්ගෙ බෙල්ල මිරිකනවා.
    මිනිහ කෑ ගහනවා බුදු අම්මෝ කියලා...
    ඒ වෙලාවේ බෝතලේ අතේ තිබ්බ එකා බය වෙච්ච පාරට බෝතලේ..........

    අයියෝ සල්ලි....

    ReplyDelete
    Replies
    1. ශැක් අපරාදේ නේන්නම් බෝතලේ.. හොම්මන් වගේද ඉතින් බෝතලේ.. අර බුවාට ඉතින් නූලක් එහෙම මතුරන්න උනේ නැත්නම් හොදයි ඉතින්..

      Delete
  23. ඒ කාලෙ.. හොල්මං කියලා සිංහලෙන් බය හිතෙන එකට ගියේ ගිජු කියලා නාට්‍යයක්. හැබැයි බං අපි දඩුබස්නාමානයටත් බය වෙච්ච වීරයෝ...

    උබට හොල්මන බැදගත්තම ගෙදර තියාගෙනම බලන්න පුලුවන් හොම්මං.

    ReplyDelete
    Replies
    1. ගිජු මතක නෑ බං.. මං නම් ආසාවෙන් බැළුවේ මනෝකාය කියන කතාව.. අන්න ඒකනම් පට්ට.. මගේ හිතේ උඹටත් මතක ඇති ඒක..

      ඈ බොල, දඬුබස්නාමායනයේ අහවල් එකකට උඹ බය වුනේ?

      Delete
  24. හොල්මන් පිල්මි එකක් බලන්න ආසාවක් මටත් ඇති වුනා දිනේෂ්

    ReplyDelete
    Replies
    1. ආසාවක් ආවනම් ඉතින් නොබලා ඉන්න එක හොදම නෑ.. බලන්න බලන්න..

      Delete
  25. බුවහාහාහා.. හොල්මන් ෆිල්ම්ස්... මතක් කරන්න එපා.

    2 වසරදි හොල්මන් කතාවක් (පිටරටක සිඳුවුන සත්‍ය සිදුවීමක්) ගැන ඉරිදා පත්තරයක පලවෙලා තිබිලා මාමාට දීලා කියවගත්තෙ. මාමත් අනේ අපි පව්නෙ කියලා බර බර වචන ලෙහලා කියලා දුන්නා. පහුවදා හොඳටම උණ බයට. එදායින් පස්සෙ හොල්මන්වලට බය වුණේ නැහැ. හැබැයි හොල්මන් අල්ලන්න සහ හැබැහින් ඇස්වලින් දකින්න අැහැරන් ඉදලා ගුටි කාලා තියෙනවා ගෙදරින් :D (ඒකාලෙ ළමයි අතර තිබුණා හොල්මන් දකින්න විදිහක් රෑ 12ට දැන් මතක නෑ)

    ෆිල්ම්ස් බැලිල්ලනම් ගොඩක් අඩුවෙන්. ළඟදි බැලුව අන්තිම ෆිල්ම් එක හොල්මන් ගැන Ouija.

    ඉස්සර ආසාවෙන් බැලුවා මනෝකාය. :)

    //ඇත්තටම බය වෙන්න දෙයක් නැති උනත් මේ යක්කු දාන සද්ද //
    මේ ගැනනම් මොනවා කතාකරන්නද ඉතින්.. :D :D :D

    -ගෙම්බි-

    ReplyDelete
    Replies
    1. හෙහ්, හොද වැඩේ.. මට නිකන් මැවිලා පේනවා හරි මහ ලොකු දෙයක් වගේ බය හිතෙන කතාවක් කට ඇරන් අහන් ඉන්න හැටි මේකා.. දැනුත් පුළුවන් හොල්මන් දකින්න.. ගිහින් කන්ණාඩියෙන් මූණ බලපං එතකොට හරි..

      උඹ Ouija බැළුවා?? බොරු නොකියා ඉදින්..

      Delete
  26. සුට්ටන් බට්ටිත්ත කාලේ නම් කොෆි කඩේ ටු...ණු ටුනු ටුනු .....ටොක්... ටොක්... ටොක්ටොක් ...සද්දෙටත් බයයිනෙ .

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි කිවුවලු.. මේවට ඉතින් කියන්න වදන් නැත..

      Delete
  27. පොඩි කාලෙ බයේ මැරීගෙන බැලුවට හොල්මන් ෆිල්ම් වල කික් එකක් නෑ අෆ්ෆ දැන්..

    ඒ වගේද SAW .,අෆ්ෆා මන්නම් හතම බැලුවා...,එකනම් මරු

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒකනම් ඇත්ත.. ඉස්සර බලපුවා අහම්බෙන් හරි දැන් බලද්දි හිතෙනවා අයියෝ මේවටද බයේ හිටියේ කියලා..

      SAW මරු.. ඒත් කතා ටික නිකන් ඒකාකාරී වගේ මට නම්..

      Delete
  28. මමනම් හොල්මන් කතා ලියන්න කියවන්න කැමති උනාට බලන්න කැමති නෑ අෆ්ෆා :p

    ReplyDelete
    Replies
    1. උඹ ලියන ඒවත් ඉතින් අපි කියවන්න පට්ට ආසයිනේ..

      Delete
  29. මම නම් ෆිල්ම් බලන්න ආසම නෑ...වැරදිලාවත් බලන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. බයකට එහෙම නෙමෙයි නේ? ;)

      Delete
  30. හොල්මන් ඒවාබලන්න ඒ කාලේ ඉඳන්ම එච්චර කැමත්තක් තිබුනේ නෑ.හැබැයි ෆයිනල් ඩෙස්ටිනේශන්නම් බැළුවා ඔක්කොම.ඒ කාලේ තිබුන ප්‍රශ්නේ ඔයකතා ලියන එකා ඕවා කොහොමලියනවද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත තමයි හැබැයි.. නිකන් ලවු ස්ටෝරියක් දාලා ෆිල්ම් එක්ක ගහනවා වගේ එකක්යැ ඉතින් හොල්මන් ෆිල්ම් එකක් කිවුවම..

      Delete
  31. RING තරම් බය හිතිලා නැහැ කිසිම ෆිල්ම් එකකට. ආයේ නම් ඕක බලන්නෙම නැහැ කියලා ඉන්නකොට මෙන්න දවසක් මෙහෙ චැනල් එකක RING BIRTHDAY කියල සමරා හැදුනු හැටි කියන ෆිල්ම් එක පෙන්නනවා. ඔන්න ඔහේ කියල බැලුවා ඉතින්. එච්චරම අවුලක් නැහැ. අර කිව්වා වගේ හොල්මන් තව කමක් නැහැ. වයලන්ට් මුවිස් නම් මාත් ආස නැහැ.
    THRILL කියලා චැනල් එකක්ම තියෙනවා අපිට හොල්මන් ෆිල්ම් පෙන්නන.

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔහේ චැනල් එකක්ම තියෙනවද.. හොදයිනේ එහෙනම් බලාගෙන යද්දී.. RING නම් බැළුවා වගේ මතකයක් නෑ.. මතකය අවුස්සලා බලන්නත් හිතෙන්නෙත් නෑ ඉතින් මේ වගේ දේවල් වලටනම් අක්කෝ..

      Delete
  32. තනි කාමරේක නිදාගන්න මට ටිකක් ලොකු වෙනකම් අමාරු වුනා. පස්සෙ බය ටික ටික හුරුවුනා.ඕනම කනත්තක රැයක් ගතකරන මට්ටමට ආවෙ හේතුවාදියෙක් වුනාට පස්සෙ. හැබැයි දැන් නම් හේතුවාදයෙනුත් බැහැර වෙලා

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ මොකටද, මට නම් කනත්තක රැයක් ඉන්න බෑ.. තනියම තියා තව දෙතුන් දෙනෙක් එක්ක වුනත්..

      හේතුවාදයෙන් බැහැරයි කියන්නේ එහෙනම් දැන් ආයෙම ටිකක් විතර බය ඇති..

      Delete
  33. ඔය දැන් තියෙන හොල්මන් කතා වගේ සුපිරි කතා නොවුණට ඒ කාලේ අපි පට්ට විදියට බය වුණා .ඒකෙ මාර ෆිලින් එකක් තියෙන්නේ නේද දිනේෂ්,, දැන් පොඩි වුන් උණත් එහෙම බය නෑ එයාලා දන්නවා ඔය හදපු සත්තු,, ඕක ෆිල්ම් එකක් මේකප් දාලා අනම් මනම් ,ඒත් ඔය ඔයා කියපු සීන් මටත් මතකයි,, බාගෙට බලලා නිදියන්නත් බයයි,, හිතේ කුතුහලේ මොකාද මේ කලේ කියලා දැක්කේ නැති නිසා,, මුනවල් පෙන්නද්දී අම්මෝ බය වෙච්ච හැටි තාම මතකයි,, ඔයා ලියලා තියෙන දේවල් එක්ක මට මගේ අතීතේ මතක් වුණා, මන් රෑට බලන්න බයට නිදාගෙන ඉන්න මල්ලිව ඇදෙන් උස්සන් ඇවිත් සාලෙන් තියාගෙන කොල්ලගේ අතකිනුත් අල්ලන් බලන්නේ,

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න පොඩි එවුන් බය ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.. ඒකලා මෙලෝ රහක් නැතුව බලාගෙන ඉන්න එකනේ කරන්නේ.. ඊට වඩා කොච්චර කික් ද එහෙන් මෙහෙන් හැංගි හැංගි බලද්දී..

      Delete
  34. මම නම් තාම බයයි. ඇස්වහගෙන, ෆිල්ම්ස් බලනවා. හොල්මන්වලට වඩා ඊට කලින් ඇහෙන සද්දවලට තමා ගොඩක්ම බය. දිනේශ් බලලා තියෙනවද ' The Sixth Sense '? කතාවේ අන්තිමට තමා හොඳටම බය හිතෙන්නේ. අමුතුම විදියේ කතාවක්.

    ReplyDelete
    Replies
    1. අලේ ඔයා හොල්මන් ෆිල්ම් ගැන ඇරෙන්න වෙන ඕනම ෆිල්ම් එකක් ගැන මගෙන් අහන්න මම දෙන්නම් නියම විස්තරයක්.. හොම්මන් ඒවා මම බලන්නේ තෝරා බේරා ගෙන තමයි.. දන්නේ නැද්ද ඉතින්..

      Delete
  35. හම්මේ... අයි ලව් හොල්මන් ෆිල්ම්ස්.... මාසෙකට සැරයක් වත් හොල්මනක් දැක්කේ නැත්තම් නිකන් කෑවේ නෑ වගේ මට නම්.... හැබැයි එච්චරටම බය හිතෙන ඒවා බලන්න නම් බෑ වගේ... චුට්ට චුට්ට බලන්නේ දවස් ගානක් තිස්සේ.. ඉතිපිසෝ ගාථාවේ පිහිට තමා ඉතින් රෑට....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්