Thursday, 12 February 2015

හැටඑක් වසරක සොඳුරු හුදෙකලාව



මම ඔහුව මුළින්ම දැක්කේ මීට අවුරුදු පහකට විතර කලින්.. වියපත් වුනත් ඒ බව නොපෙනෙන තරම් වුන ප්‍රියමනාප මුහුණින් ඔහු නිතරම හිනාවුනා.. එතරම්ම ලොකු ශරීරයකට හිමිකම් නොකිවුව ඔහු ඇත්තෙන්ම තරමක් පොඩි මිනිසෙක්.. මුහුණ පුරාවට තැනින් තැන වැවුන රැවුල වගේම උපැස් යුවලට අතරින් වට පිටාව ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්න ඔහු මාවතේ ඇවිද යන්න වුන්ට ඒ තරම්ම අරුමයක් නම් නෙමෙයි.. ඔහුගේ කුළුපග හිනාවට ප්‍රති හිනාවක් නොදැක්වපු කෙනෙක් නැති තරම්.. මමත් ඒ වගේ කෙනෙක්..

අපි අතර  හරි හැට් කතාබහක් ගෙවුන අවුරුදු පහටම නොතිබුන තරම්.. ඒ
වුනත් සුපුරුදු සිනහවෙන් කිසිම වෙලාවක අඩුවක් වුනේ නැහැ.. ඔහු කුඩා ප්‍රමාණයේ එළවළු වෙලෙන්දෙක්.. ඔහුගේ අළෙවිසල දවසකට කිහිපවතාවක්ම පහු කරගෙන ගියත්, එයට පහුගිය වසර කීපයටම ගොඩ වෙන්නට තරම් ඕන කමක් මට තිබුනේ නැහැ.. ඒ, මා හුරු පුරුදු වී සිටියේ වෙනත් තැනකට වූ නිසාවෙනි.. ඔහුගේ අළෙවිසලට ගොඩ වුනත් නැතත් ඔහු නිරන්තරයෙන්ම මා සමග සිනාසුනා.. ඇතැම් වෙලාවට පාරේ අනික්පස හිද සුබ දවසක් හෝ සුබ සන්ද්‍යාවක් යැයි නිරන්තරයෙන්ම පැවසුවා.. ඒත් මා ඒ අළවෙසැලට කිසි දවසක ගියේ නැහැ..

ඒ, මීට මාස තුන හතරකට පෙර දවසකි.. මා බොහෝ සෙයින් අසනීප වූ නිසාම දුර ගමන් බොහෝ සේ සීමා කලෙමි.. අත්‍යාවශ්‍යම ගමනක් ඇරෙන්නට යතුරු පැදියට ගොඩ නොවුනෙමි.. තනිව හිටි මට ඔහුගේ අළෙවිසැලට ගොඩ වෙනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නොවින.. හවස මා වැඩ නිමවී ගෙදර එන අතර වාරයේ ඔහු අළෙවිසැල ඉදිරිපසට වී සිටින ඔහුව ම දුටිමි.. වසර ගණනක්ම පසු කරන් ගිය වෙළදසලට ගොඩ වන්නට මා කල් තියාම අදිටන් කර ගතිමි..

ඔහුගේ සුපුරුදු හිනාවට ප්‍රතිචාර දක්වමින්ම මම ඔහුගේ අළෙවිසැලට ගොඩ වීමි.. මා හැරෙන්නට එහි වෙන කිසිවෙකුත් හිටියේ නොසිටීම මට දැනුනේ පහසුවක් විදිහට..

" මම එන්සෝ.." ඔහු මට අතට අත දෙමින් ඔහුව හදුන්වා දුන්නා..

" මම දිනේෂ්.."

" මම උඹ ගැන දන්නවා.. නම විතරයි මේ වෙනකන් හරියට දැනන් හිටියේ නැත්තේ.."

මම මා ගැන හදුන්වා දෙන්නටත් කලින් මා රැකියා කරන ස්ථානය ගැන වගේම එහි හිමිකරුවන් ගැන ඔහු කතා කරන්න වුනා.. ඔහුගේ කතාවට ඇහුම් කන් දීගෙන හිටියේ මට අමුතුවෙන් ඒ කතාවට එකතු කරන්න තරම් දෙයක් නොතිබුන හන්දා.. මා ඔහුව දැනන් හිටියේ මේ අළවෙසැලේ ඉන්නා කෙනා කියා පමණක් වුවත් ඔහු මා ගැන ඊට වඩා යමක් කියන්නට දැනන් හිදීම ගැන ඇත්තෙන්ම මගේ හිතේ ඇති කලේ පුදුමයක්..

නොනවත්වාම කතා කරන්නට ඔහුට බොහොමයක් දේවල් තිබුනා.. ඉන් සමහරක් ඔහුගේ කතා විලාශය නිසාම තේරුම් ගන්නට මට තරමක් අපහසු වුනා වගේම සමහරක් දේවල් වලට පිළිතුරු ඔහුගේ කතාවේම තිබුන නිසා මට ඔහු නිවැරදියි යන්න පවසනවා ඇරෙන්න වෙන කියන්න තරම් දෙයක් නොතිබුන තරම්.. මා එදා එහි රැදුනේ විනාඩි පහකටත් වඩා අඩු කාලයකි.. මට වුවමනා දේ මටම තෝර ගන්නට ඉඩ හල ඔහු දිගටම හිටියේ ඔහුගේ කතාවක..

දවස් කිහිපයක් මේ විදිහටම ගෙව්ලා ගියා.. හැමදාකම වගේ ඔහු බොහොම කුළුපගව මා හා කතා කරන්න පෙළඹුනා.. මමත් ඔහුගේ වෙළදසලට යන්න ප්‍රිය කලා.. ඒ වැඩියෙන්ම මට තිබුන පහසුව නිසා.. කාලයත් එක්ක අපි අතර තිබුන කතාබහ ටිකෙන් ටික වැඩි වුනා.. ඒකට එකම හේතුව වුනේ නිමාවක් නැති ඔහුගේම කතාවයි.. ඔහුගේ ඇතැම් ප්‍රශ්ණ වලට පෞද්ගලිකත්වයේ සීමාවේ ඉදගෙන පිළිතුරු දෙන්න මම උත්සාහ කලත් ඔහුට එවැනි ඕන කමක් කොහෙත්තම තිබුනේ නෑ..

දිනක් ඔහු වෙළදසලේ හිටියේ තරමක අසනීපයෙන්.. එය සඟවමින් ඉන්නට නොයෙක් උත්සාහ ගත්තත් ඔහු ඒකට සාර්ථක වුනේ නෑ.. අවසානයේ මම ඒ ගැන විමසුවා.. ඔහුටත් ඒ ගැන මට නොකියාම ඉන්න බැරි උනා.. එය එතරම්ම ලොකු අසනීපයක් නොවුන නිසා අපේ කතාබහ ඒ ගැන ඒ තරම්ම දුරට ඇදිලා ගියේ නෑ..

" ඉතින් උඹ කඩේට ආවේ අද ළමයෙක්ව හරි එවන්න තිබුනනේ.. නැත්නම් වහලාදාන්න තිබුනනේ.." මම ඔහුගෙන් විමසුවා..

" කොහේ ඉන්න ළමයිද?" ඔහු එතරම් බරපතලක් නැතුව මට පිළිතුරු දෙන්න වුනා..

" ඇයි?"

" ළමයි ඉන්න මම බඳින්න එපැයි.."

මොහොතකට මම ඔහුගේ කතාව විශ්වාස නොකරන බැල්මකින් ඔහු දිහා බලාගෙන හිටියා.. මගේ සැකය ඔහුට දැනුන නිසාම ටික වෙලාවකින් ඔහු සිනාසෙන්න වුනා..

" උඹට ශුවර් නැද්ද? බලපං මගේ අතේ මුද්දක් නැහැ.."

" මුද්ද ගලවලා තියන්න වුනත් පුළුවන්නේ.."  ඔහුව විශ්වාස නැති බව මම ඔහුට ඇඟෙවුවා..

" නෑ බං.. මට දැන් අවුරුදු 61ක්.. තාම මම බැඳලා නැහැ.."

ඒ වතාවේ ඔහුගේ කතාව පිළිනොගෙන ඉන්න තරම් මට පුළුවන් කමක් තිබුනේ නෑ.. ඒ හන්දම එතනින් එහාට තර්ක කරන්න ඕනකමක් මට තිබුනේ නෑ.. මම හිටියේ ඔහුගේ කතාව අහගෙන..

" මම මුලින්ම ආදරේ කලේ මට අවුරුදු 17දී.. එයාගේ නම කොන්චෙත්තා.. මට මතක හැටියට අපි අවුරුදු 4ක් විතර හොදට ආදරේ කලා.. ඒ කාලේ දැන් වගේ නෙමෙයි.. ඒත් අපිට ඒ තරම් ඒ ගැන ප්‍රශ්ණයක් තිබුනේ නෑ.. කොන්චෙත්තා යුනිවර්සිටි ගිහින් එයාගේ උපාධිය ඉවර කලා.. මට නම් ඒ තරම් දුර ඉගෙන ගන්න පුළුවන් වුනේ නෑ.. මම කලේ තාත්තගේ මේ කඩේ වැඩ බාර අරගෙන ඒක කරගෙන ගිය එක.. මගේ සහෝදරයෙක් තමයි මීට ටිකක් ඉස්සරහින් තියෙන කඩයක් කරන්නේ.. අපි දැන් අවුරුදු 40කට කිට්ටු වෙන්න මේ කඩ කරගෙන එනවා.."

" එතකොට කොන්චෙත්තා?" ඔහුගේ ව්‍යාපාර අතීතයට වැඩිය මට උනන්දුව තිබුනේ ඔහුගේම කතාවට වුන නිසා මම ඔහුට බාද කලා..

" අහ් ඔවු.. කොන්චෙත්තා උපාධිය ඉවර වෙලා මිලානෝ ගියා.. හොද රස්ස්සවකට.. ඒ කාලේ සිසිලිය කියන්නේ දැන් වගේ දියුණු තැනක් නෙමෙයි.. ඉතින් එයාට යන්න වුනා.."

" ඊට පස්සේ?"

" අවුරුදු දෙක තුනක් ඔහොම ගෙවිලා ගියා.. කොන්චෙත්තා කිවුවා අපි බඳිමු කියලා.. ඒත් ඒ වෙලාවේ ඒ තීරණේ ගන්න තරම් පුළුවන් කමක නෙමෙයි මම හිටියේ.. මේ කඩේ ඒ වෙද්දී වැටිලා තිබුනේ.. ඉතින් මං ටික කාලයක් ඉල්ලුවා.. එයා ඒකට හා කිවුවෙවත් බෑ කිවුවෙවත් නෑ.. නිවාඩුව ඉවර වෙලා ආපහු මිලානෝ ගියා.. මම උත්සාහ කරේ කොහොම හරි කඩේ වැටිලා තිබුන තැනින් ගොඩ අරගෙන නත්තලට කොන්චෙත්තා ආවම එයාව බඳින්න.. ඒත්, ආයේ මිලානෝ ගියාට පස්සේ එයාගෙන් ලියුමක් ආවේ නැහැ.. මම කීපයක්ම යැවුවා.. ඒත්, ඒ එකකටවත් උත්තර ආවේ නෑ.."

" ඉතින් උඹ මිලානෝ ගිහින් බැළුවේ නැද්ද?"

" ඔවු, මගේ ලියුම් 5කට උත්තර නැති උනාට පස්සේ මම මිලානෝ ගියා.. ඒත් ඒ වෙද්දි මම පරක්කු වැඩියි.. එයා වෙන ආදරවන්තයෙක් හොයාගෙන.."

කතාව නතර කරපු ඔහු තරමක් දිගු සුසුමක් හෙළුවා.. උපැස් යුවලට එපිටින් වූ දෑස් වල තෙතමනය විදුළි එළි අතරින් දිළිසෙනාවා මම දැක්කා.. ඒත් වැරදීමකින් වත් ඒ ඇස් වලින් කඳුලක් නම් වැටුනේ නැහැ.. අහන්න ඕන තරම් ප්‍රශ්ණ මගේ හිතේ තිබුනා වුනත් ඒවා අහනවද නැද්ද කියන දෙගිඬියාවක මගේ හිත නතර වෙලා තිබුනා..

" ඉතින් මම ආයෙම එන්න ආවා.." ඔහු ඔහුගේ කතාව පටන් ගත්තා.. " ඊට පස්සේ මේ කඩේම මගේ ජීවිතේ උනා.."

" ඉතින් ඇයි උඹ වෙන කෙනෙක්ට ආදරේ නොකලේ?"

" ඕන කමක් තිබුනේ නෑ.. මට කොන්චෙත්තාව තේරුම් ගන්න බැරි උනා.. කොටින්ම මට මාවම තේරුම් ගන්න බැරි උනා.. ඔය හැම දෙයක්ම අතරේ කාලය හරි ඉක්මනට ගෙවිලා ගියා.."

" ඉතින් උඹට පහුවෙලා හරි බඳින්න තිබුනනේ.. මොකෝ මෙහේ වයසට ගියා කියලා මිනිස්සු නොබැඳ ඉන්නවද?"

" ඔවු ඒක ඇත්ත.. ඒත් ඊට පස්සේ තාත්තා අසනීප වුනා.. ඉතින් තාත්තා නැති වෙනකන්ම බලාගන්න උනේ මට.."

මට ඔහුගෙන් ඇසීමට තරම් තවත් ප්‍රශ්ණයක් නොවිනි.. අපට ඒ ගැන තවත් කතා කරන්න තරම් දෙයක්ද නොවිනි.. මට වුවමනා කල භාණ්ඬ තෝරා ගැනීමට මා වෙහෙසෙද්දී ඔහු පුරුදු පරිදිම මට එයට ඉඩ ලබා දී පසකින් හිද ඔහුට සුපුරුදු සිනාවෙන් බලා සිටින්නට වුනේ අපි අතර එවන් කතාවක් සිදු නොවුන ගානට.. තවත් විනාඩි කීපයක් ගත කල මා මුදල් ගෙවා ආපසු එන්නට පෙර තව එක් අවසාන ප්‍රශ්ණයක් ඔහුගෙන් ඇසීමි..

" එහෙනම් උඹ තනියම ඉන්න වුන එක ගැන හිතින් සතුටු ඇති.. මොකද හුඟක් බැන්ඳ අය නිදහස නැති වුනා කියලා නිතරම කියනවනේ.."

මගේ ප්‍රශ්ණයට ඔහු සිනාසුනේ උපහාසාත්මකව..

" නෑ, ඇත්තටම මට දැන් හිතෙනවා මම මෙහෙම හිටිය එක අපරාදේ කියලා.. තාත්තත් නැති උනාට පස්සේ මගේ සහෝදරයගේ ගෙදරින් කන්න බොන්න සිද්ද වෙච්ච එක ගැන මගේ ඒ හැටි කැමැත්තක් නෑ.. ජීවිතේ මීට වැඩිය වෙනස් කර ගන්න තිබුන අවස්ථාව මට නැති උනා.. දැන් ඒ ගැන දුක් වෙලා වැඩක් නෑ.. මටත් තව අවුරුදු කීයක් ඉතුරුද කියන්න මම දන්නේ නැහැ.. ඒ ටිකත් ඔහේ ගෙවිලා ගිය දෙන්.."

අන්තිමේ ඔහුගෙන් ලැබුන පිළිතුර මම කොහෙත්ම බලාපොරොත්තු නොවූ එකක්.. ඔහු නිවැරදියැයි මා තේරුම් ගත්තත් දැන් වෙනසක් වන්නට තරම් කාලයක් ඉතිරිවී නැත.. ඔහුට සුබ රාත්‍රියක් පතමින් මම ඉන් නික්මුනේ ඊට වඩා දෙයක් කියන්නට තරම් අදහසක් මා සතු නොවූ බැවිනි.. අතර මගදී මගේ සිතට නැගි එකම කාරණය වූයේ මා ඔහු හා මිතුරු වන්නට මෙතරම් කාලයක් ගත්තේ ඇයිද යන්න පමණකි.. එයට පිළිතුරක් තවමත් මා නොදනිමි..



 

69 comments:

  1. //අතර මගදී මගේ සිතට නැගි එකම කාරණය වූයේ මා ඔහු හා මිතුරු වන්නට මෙතරම් කාලයක් ගත්තේ ඇයිද යන්න පමණකි.. එයට පිළිතුරක් තවමත් මා නොදනිමි..//

    කොහොම හරි මිතුරු වුනානේ දිනේෂ්...ආදරය කියන එක දුරස් වුනාම නැතිවෙන දෙයක් ගොඩක් වෙලාවට.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පොඩ්ඩි අක්කේ.. කොච්චර තදින් ආදරේ කලා වුනත් ලග නැති උනාම ඒක හැමදේකටම වැඩියෙන් දැනෙනවා.. ඕනම කෙනෙක් කැමති ආදරයක් ලගින් තියා ගන්න මිසක දුරක තියා ගන්න නෙමෙයි..

      Delete
    2. දුරින් ඉදන් ආදරේ කරන්න පුලුවන් කියන ඒවා තියෙන්නේ සින්දු වල එහෙම නැත්නම් කතාවල විතරයි. එක හැබෑ ලෝකෙදි සාර්ථක කර ගන්න හරි අමාරුයි.

      Delete
    3. ඒ කතාවනම් හැබැයි ටිකක් ඇත්ත.. ලග නැති එක මොනවා උනත් හිතට වද දෙනවා..

      Delete
  2. මට මේකෙ ටයිටල් එක දකිද්දිම මතක් වුනේ
    කොලරා කාලේ ආලේ.... ඒත් ඒකෙ අවසානය සුඛාන්තයක් කියන්ට පුලුවන්... ඒත් මේක නං තනිකරම ට්‍රැජඩියක්...
    ඕකනෙ කියන්නෙ අපියට ගියත් වේලාසන පල කියල

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං " කොලරා කාලේ ආලේ." කියන්නේ? මම කියවලා නැහැනේ එහෙම එකක්..

      අපි හිතනවට වැඩිය ට්‍රැජඩි වලට ජීවිතේ මුණ දෙන්න වෙනවා බං.. මං නම් කියන්නේ ඩෝන්ට් මිස් ද බෙස්ට් ඔපචුනටි කියලා තමයි..

      Delete
    2. ඒක ඇත්ත. සමහර වෙලාවට දෙයක් මග ඇරෙන්නේ හොද දෙයක් ලැබෙන්න.

      Delete
    3. ඔවු අපි එහෙම හිතමු..

      Delete
  3. ඇස් වල කඳුළු තියාගෙන තනිකමට හුරු උනාට ජීවිතේ හැමදාම තනියෙන් ඉන්න එක
    හිතන තරම් ලේසි නෑ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. තනිකම කියන එක අපිට වද දෙන්න පටන් ගන්නේ කොයි වෙලාවෙද කියන එක අපිවත් දන්නේ නෑ.. එක්කෝ අපි එකට මූණ දෙන්න තරම් ශක්තිමත්ව ඉන්න ඕන.. නැත්නම් ඉතින් තනිකම ඈත් කරලම දාන්න ඕන..

      Delete
  4. මේ මාසේ බුට් මාසයක්ද?
    දිනේෂ් කොලුවෝ උඔටත් දැන් බදින්න වයස.

    ReplyDelete
    Replies
    1. නෑ, මේ මාසේ වැලන්ටයින් මාසේ.. හෙහ්..

      පිස්සු කතා කරන්න එපා අප්පා.. තව කල් තියෙනවා..

      Delete
  5. පරම පිවිතුරු ආදරය කෙසේ වෙතත්, එකම ගැණීට ලව් කරලා මැරෙන කං පාලුවේ ඉන්න එක නං මෝඩ වැඩක්! අර කවියකුත් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පරම පිවිතුරු ආදරේටත් සාධාරණයක් ඉටු වෙලා නැත්නම් ඉතින් ඇත්තටම තනියම ඉන්න එක මහම මෝඩ වැඩක්..

      Delete
  6. ප්‍රමාද වෙලා ආපු මිතුරෙක්

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. නැත්නම් ඉතින් මේ කතාව මීට අවුරුදු දෙක තුනකට කලින්ම ලියන්න තිබුන එකක් නේ..

      Delete
    2. මේ කතාව කලින් ලියන්න බැරි වෙච්චි ගැනයි උඹට මේ කණගාටුව.

      Delete
    3. හෙහ්, කතාවනම් ඉතින් මට කවදත් ලියන්න ලැබෙන එකනේ බං..

      Delete
  7. බොහොම හොද හිතක් ඇති කෙනෙක් වෙන්න ඕන.ඕනවට වඩා හොද උනාමත් මෙහෙම දේවල් වෙනවා.ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. // ඕනවට වඩා හොද උනාමත් මෙහෙම දේවල් වෙනවා//

      ඒකනම් සහතික ඇත්ත ගිම් අක්කේ.. ඒ මනුස්සයා නම් ඇත්තටම හොදයි.. දැන් නම් මම හැමදාම විනාඩියක් දෙකක් නැවතිලා කතා කරලමයි එන්නේ..

      Delete
    2. හොද මිනිස්සුන්ව ඉක්මනට රවට්ටන්න පුලුවන්. මොකද අනික් කෙනාව විශ්වාස කරන නිසා.

      Delete
    3. ඇත්ත ඇත්ත.. ඒ විශ්වාසයම දවසක දුකක් ගේනවා..

      Delete
  8. හුදකලාවේ සොඳුරු බව විඳින සොඳුරු මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. මන්දා.. ඒ මනුස්සයට කරපු දේ ගැන හිතේ පොඩි පසුතැවිල්ලකුත් නැතුවම නෙමෙයි.. ඒත් දැන් ඒකට පුරුදු වෙලා..

      Delete
    2. පසුතැවිල්ලක් එක එක පුදුම වෙන්න දෙයකුත් නෙමෙයි. ඒ මනුස්සයා එහෙම හිටියා කියලා අන්තිමෙ ලැබිලා තියෙන දෙයක් නැහැනේ.

      Delete
    3. ඒක ඇත්ත.. මොනවා කරන්නද ඉතින් දැන් වෙනස් වෙන්න තරම් කාලයක් නැහැනේ..

      Delete
    4. මන් නම් හිතන්නේ වයස කියන දේ ඒ තරම්ම ප්‍රශ්නයක් නෙමෙයි.

      Delete
    5. ඔවු ඉතින් මෙහේ නම් එහෙම තමයි.. ඒත් ඒක ඒ මනුස්සයගේ කැමැත්ත..

      Delete
  9. කලින් එකීගෙන් බූට් එක කෑවම අනේ මාත්හිතන් හිටිය තනියෙන් ඉන්නවා ඔන්නොහෙ කියල. එන්සෝට තරම් සංවේදී , එක හිතක් මට නැති නිසා වෙන්නැති දැන් මගේ එකීව කසාද බැන්දේ. අනේ වාසනාවන් මගේ එකී, අර කලින් මට පොල්ල තියපු මල යක්ෂනී මයේ එකීගෙ මයිලක් වටිනවද. එන්සෝල කොහොමත් පොරවල් වෙන්නැති. පේන්නැද්ද එන්සෝ ෆෙරාරි.

    ReplyDelete
    Replies
    1. හෙහ්, කවුරුත් බූට් කාපු මුල් කාලේ හිතන්නේ ඔහොම තමයි සජ්ජා.. ඒත් ඉතින් කාලයත් එක්ක ඒ තීරණ වෙනස් වෙනවා.. එහෙම නොවෙන අය ඉන්නවනම් ඉතින් ඒ මේ එන්සෝ වගේ කීප දෙනෙක් විතරයි.. සමහරවිට දෙයක් අහිමි වෙන්නේ හොදම දේ ලැබෙන්න කියන එක හිතේ තියන් හිටියනම් වැඩේ ශේප්..

      Delete
  10. හ්ම් සංවේදී ලියමනක්.. පමාවෙලා නමුත් ඔහු හා මිතුරු වීම හුගක් අගයනවා දිනේෂ් අයියේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. මාත් දැන් ඒක ගැන හුඟක් සතුටු වෙනවා..

      Delete
  11. ආදරයකට කොච්චරනම් ප්‍රභේද තියෙන්න පුලුවන්ද.

    ReplyDelete
    Replies
    1. ගොඩක් තියෙන්න පුළුවන්..

      Delete
    2. ඒත් ඒක තෙරුම් ගන්න පුලුවන් අය ඉන්නෙ අඩුවෙන්.

      Delete
    3. ඇත්තටම ඔවු..

      Delete
  12. " එහෙනම් උඹ තනියම ඉන්න වුන එක ගැන හිතින් සතුටු ඇති.. මොකද හුඟක් බැන්ඳ අය නිදහස නැති වුනා කියලා නිතරම කියනවනේ.."

    මගේ ප්‍රශ්ණයට ඔහු සිනාසුනේ උපහාසාත්මකව..

    " නෑ, ඇත්තටම මට දැන් හිතෙනවා මම මෙහෙම හිටිය එක අපරාදේ කියලා.. // ජීවිතේ මීට වැඩිය වෙනස් කර ගන්න තිබුන අවස්ථාව මට නැති උනා.. //

    ඔන්න ඔය ටික තේරුම් ගන්න ඔය බූට් නිසා තනිකම හොදැයි කියලා හිතන අයට ඥානය පහල වේවා..!!!!

    කව්දෝ කිව්වා වගේ ලෙඩ වෙන්නෙත් අපිට හිතන්න සහ අපේ ජීවිත වල වෙනසක් සිද්ද වෙන්න අවස්ථාවක් දෙන්නලු.. ඇත්ත නේහ්..!
    -ගෙම්බි-

    ReplyDelete
    Replies
    1. // කව්දෝ කිව්වා වගේ ලෙඩ වෙන්නෙත් අපිට හිතන්න සහ අපේ ජීවිත වල වෙනසක් සිද්ද වෙන්න අවස්ථාවක් දෙන්නලු..//

      ඇත්තදත් අහනවා අමූලික ඇත්ත බං.. වෙන මොනවා කියලා කියන්නද..

      කවුරුත් මුල් කාලේ හිතන්නේ තනිකම හොදයි කියලා තමයි බං.. ඒත් ඒක ටික කාලයයි.. බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා..

      Delete
  13. කතාවේ අන්තිම ටික කියද්දී මට මතක් වුනා සුනිල් එදිරිසිංහගේ මේ තරම් සියුමැලිද කළුගල් සිංදුව. ජීවිතවල පිටින් පෙන දේට වඩා විශාල දෙයක් ඇතුලේ හැංගිලා තියෙනවා. එත් තමුන්ව අමතක කරපු කෙනෙක් ගැන තැවෙන එක නම් මෝඩ වැඩක් .

    ReplyDelete
    Replies
    1. කළුගල් සියුමැලි වුනත් හිත් එහෙම නැහැනේ ඉවානයෝ.. ඒ වුනාට ඉතින් අපි හිතන්නේ එහෙමයි කියලා තමයි..

      එන්සෝ ගැන දුකයි.. ඒ මනුස්සයා කොන්චෙත්තා ආයෙම ඒවි කියලා බලාගෙන ඉදලත් නෑ.. ඒ වුනට වෙන දෙයක් ගැන හිතලත් නැහැ.. ඒකනේ අවුල..

      Delete
  14. අපේ බූට් මාසෙට ගැලපෙන කඳිම ලියවිල්ලක්....අවුරුදු 61 මිනිසෙකුට බලාපොරොත්තු නැති ජීවිතය මොන තරම් නීරස ඇතිද...මට එහෙමයි හිතුනෙ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.. සහෝදරයා ඇරෙන්න වෙන කවුරුවත් ඇත්තෙත් නෑ.. ඒ මනුස්සයට හිතුනම කඩේට එනවා හිතුනම වහනවා.. ඔහොම තමයි ඉතින්..

      Delete
  15. // " එහෙනම් උඹ තනියම ඉන්න වුන එක ගැන හිතින් සතුටු ඇති.. මොකද හුඟක් බැන්ඳ අය නිදහස නැති වුනා කියලා නිතරම කියනවනේ.."// තනි වෙලා ඉන්න එක කොයි තරම් අමාරුද කියන එක දන්නේ තනිවුනු කෙනෙක් විතරයි. මොනදේ තිබුනත් තමන් තනි වෙලා කියන එක දැනෙනකොට ඒක දරා ගන්න අමාරුයි.

    දිනේෂ්ටත් හම්බ වෙන්නේ හරිම අපූරු චරිත නේද ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. කොච්චර හිනා වෙලා ඉන්න උත්සාහ කලත් ඒක කරන්න අමාරුයි.. මාත් කාලයක් තනියම ඉන්න ඉතින් උත්සාහ කරපු මනුස්සයනේ..

      මට කොහොමත් ඉතින් ඉදලා හිටලා මේ වගේ අය හම්බ වෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා..

      Delete
  16. දුකයි. :(
    බොසාගෙ අම්මගෙ ලව් එක කොහොමද? එයාගෙ යාලුවෙක්කත් නැද්ද මේ අංකල්ට සැට් කොරන්න?

    ReplyDelete
    Replies
    1. හෙහ්, උඹත් කියන්නේ මාර කතා තමයි.. මෙහේ එහෙම කපු කම් කරන්න බෑ.. දෙන්නටම හිතිලා සෙට් වෙලා ලවු කලොත් මිසක.. අහම්බෙන් තමයි ඉතින් එහෙම දෙයක් උනොත් නම්.. ලොක්කගේ අම්මගේ යාළුවෝ එන්සෝට වැඩිය සෑහෙන්න වයසයි බං..

      Delete
  17. මිනිස්සු ආදරෙ වෙනුවෙන් කැපකිරීම් කරනවා තමයි. ඒත් මේ වගේ කැපකිරීමක් මෙතනදි කරපු එක මෝඩ කමක් කියලයි මට හිතෙන්නේ. ඒ මොකද තමන් වෙනුවෙන් බලාගෙන ඉන්න බැරි කෙනෙක් වෙනුවෙන් ජීවිත කාලයක් බලාගෙන ඉන්නවා කියන එක මෝඩ තීරනයක්.

    ReplyDelete
    Replies
    1. ඔවු එකගයි.. ඒක ඉතින් එන්සෝ ගත්ත තීරණය.. හැබැයි ඉතින් ඒ මනුස්සයත් ඒ ගැන දැන් ඉන්නේ අසතුටින්.. ඒත් දැන් පරක්කු වැඩියි..

      Delete
  18. නොහිතන නොපතන දේවල් මේ ජිවිතේ සිද්ද වෙනවා..... බුට් මාසයේ හොදම බූට් කතාව තේරුවොත් නරකද ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං.. කවමදාවත් අපි හිතන දේ නම් සිද්ද වෙන්නෙම නෑ.. අන්න ඒකයි ඇත්ත..

      Delete
  19. දිනේෂ් මලයා පමාවෙලා හරි අහම්බෙන් හරි උඹ එතැනට යැවුණු ඒ මොහොත හොඳ එකක් වෙන්නැති..ඔය වගේ තනිවුණු මිනිස්සු හුඟක් ඉන්නවා මචං..සමහරුන්ට කාත්කවුරුවත් නැහැ ලෙඩ වුණොත් වතුර උගුරක් දෙන්නවත්..උඹට දැනුනත් නොදැනුනත් හිතුවත් නොහිතුවත් උඹ ඇතුලේ සංවේදී මිනිහෙක් ඉන්නවා කියන එක ගැන ආඩම්බර වෙයන්..ඇහුම්කන් දීමෙන් හරි ඒ වගේ මිනිස්සුන්ට සතුටක් ගේන්න උඹට ඉවසීමක් තියෙන නිසා..

    ReplyDelete
    Replies
    1. මටත් දැන් හිතෙනවා අහම්බෙන් හරි මම එතනට ගිය එක වටිනවා කියලා.. දැන් නම් ඉතින් හැමදාම බඩු ගත්තත් නැතත් ගිහින් කතා කරලයි එන්නේ.. විනාඩියක් දෙකක් හරි..

      අනේ මන්දා.. හුඟ වෙලාවට මට කතා කරන්න ඕන වුනාට මට ඇහුන් කන් දෙන්න කෙනෙක් හොයා ගන්න හරි අමාරුයි.. ඒත් අනිත් හැමෝටම කතා කරන්න ඕන වුනාම එන්නේ මගේ ලගට.. ඒකෙත් හැටි..

      Delete
    2. තමන්ට ඇහුන්කන් දෙ න කෙනෙක් නැතත් අනික් අයට කිසිම විරුද්දතාවක් පෙන්නන්නේ නැතුව අහන් ඉන්න පුලුවන් කියන්නේ එක උතුම් දෙයක්.

      Delete
    3. කාලයක් තිස්සේ මට නම් දැන් ඒක පුරුදුම වෙලා..

      Delete
  20. හරිම සංවේදී සටහනක් දිනේෂ් විශාල රසික පිරිසකුත් මේ වටා ඉන්න වා. ඉවාන් පවුලූෂාට සිහිවුන සුනිල් එදිරිසංහයන්ගේ ගීය මේ ලිිපිය කියවද්දී මටත් සිහිවුනා.

    ReplyDelete
    Replies
    1. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  21. දිනේෂ්............ දුක හිතෙන කතාවක් විස්තර කරලා... ඔහුව මතක් කලා කියන්න.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කියන්නම්..

      Delete
  22. අපි ගොඩක් දෙනෙක් ඔය වගේ තීරන ගන්නවා. ඒත් එවා කොච්චර දුරට සාර්තකද නැද්ද කියන්න මේක හොද කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ තීර්ණ වල හොද නරක කාලයාම තීරණය කරනවා.. එකම දේ ඉතින් ඒක වැටහෙන්න හුඟක් කල් යන්නේ නැතුව තියෙනවනම් හොදයි කියන එක තමයි..

      Delete
  23. සෑහෙන කාලෙකින් තමයි මේ පැත්තේ ගොඩවෙන්න අවස්ථාවක් ලැබුණේ. හරිම ලස්සනයි කථාව

    ReplyDelete
    Replies
    1. ඒකට මොකෝ බං.. ඉඩ තියෙන වෙලාවක ඇවිත් ගියාම මදැ..

      Delete
  24. හ්ම්ම්ම්.. 'බඹා කෙටූ හැටි'ද මංදා.. මොකා උනත් බඹා සමහරුන්ට හරිම අසාධාරණයි.. සැපවත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා එන්සෝ ට.. සමහරවිට දැනටත් පරක්කු නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං.. හුඟක් දේවල් නම් අපි හිතන තරම්ම සර්ව සාධාරණ නෑ.. ඒක තමයි ඉතින් ලෝක සොභාවය..

      මන්දා ඒක ඉතින් එන්සෝගේ තීරණය.. ඒක කොහොම වෙයිද කියලයි මම බලාගෙන ඉන්නෙත්..

      Delete
  25. කතාව කියවලා කොච්චර දවස්ද ?කමෙන්ට් එකක් දාන්ට බැරි වුණානේ.

    බලපන් ජිවිතේ හැටි.උඹලා බොස්ගේ අම්මාට අලුත් ලව් එකක් සෙට් වෙනවා.ඒ වයසේම ඉන්න එන්සෝ තනිකඩව ජිවිතේ දිහා බලාගෙන ඉන්නවා.එන්සෝට තිබ්බා තව කෙල්ලෙක් හොයා ගන්න.එහෙනම් ඔය පසුතැවිල්ල අද නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං.. ඇත්තටම ආදරේ කරපු මිනිස්සු එක අතකට තනියම දුක් විදිනවා නේද කියලා හිතෙනවා මේ සමහර දේවල් අහද්දී නම්.. මොනවා කරන්නද ඉතින්..

      Delete
  26. වීතේ ඒ ඒ කාලෙට එන්න ඕනෙ දේවල් කල් දැම්මහම වෙන්නෙ ඕක තමා. ඉතින් මල්ලි කසාදයක් කරගෙන පිලිවෙලක් එහෙම උනොත් නරකද?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්