Thursday, 5 February 2015

ආදර බෝනික්කා



ඒ නිසොල්මන් ඇස් දිහා බලාගෙන ඉන්න මම හුඟක් ආසයි.. ඒවායේ කතා කරන්න තරම් හැඟීමකින් පිරිලා ඉතිරිලා ගිහින් නැති උනත් මම ඒ දිහා බලාගෙන ඉන්න ආසයි.. නිදි යහනේ ඇයට වෙන් වුන ඉඩකඩ මම ඇයට ඉතුරු කරලා අනික් කෙලවරේ ඉදන් ඇය දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.. මම හැමදාමත් එහෙමයි.. ඇයට ලං වෙන්න කලින් හුඟක් වෙලාවක් ඒ දිහාම බලාගෙන ඉන්න එක මගේ පුරුද්දක්.. මට ඕන  ඒ රුව දිහා බලාගෙන මට එන්න ඕන කරන හැඟීම් වල මුදුනටම එන්න.. මම ආස ඒ දේට..

ටික වෙලාවකට පස්සේ මම ඇයට ලං වුනා.. නිසොල්මන් ඇය හිටියේ මං දිහා බලාගෙන.. මං වෙනුවෙන් හැඟීමක් ඈ තුල නෑ කියන්න මම හොදටම දන්නවා වුනත් ඒ කිසිම දෙයක් ගැන නොහිතම මම ඇයට ලං වුනා.. ඒ පහස ඒ තරම්ම සෞම්‍ය එකක් නෙමෙයි.. ඒත් ඇගේ උරහිස දිගේ ඇගේ සිහින් දෑතේ පහස විදගෙන ආවේ ඒ හැඟීමට මම තවත් හොදින් නතු වෙන්න ඕන කරපු හන්දා.. හැමදේකම ඕන කම තිබුනේ මට විතරයි.. කොහේදෝ ලෝකයක අතරමං වුනා වගේ ඇය ඔහේ හිටියා..

මම ඈ මතට ආවේ මගේ ඕනකමට.. මම යාන්තමින් ඒ දෙතොල්
සිපගත්තා.. එය සියුමැළි වුනේවත් තෙතමනයකින් දැනුනෙවත් නැහැ.. ඒත් මම ඇයව සිපගත්තා.. විනාඩියක් දෙකක් තරම් දුරට ඒ හාදුව දිගු වෙන්න ඇති.. මම ඕනෑකමින් ඒ දෙතොල් වල රස විදගන්න උත්සාහ කලා.. ඇගේ නිරුවත් සිරුර දිගේ මගේ ඇඟිළි තුඩු හෙමිහිට දුවන්න පටන් ගත්තා.. ඇත්තෙන්ම මුළු සිරුර දිගේම..

කොයිතරම් වෙලාවක් ගතවුනාද කියන්න මම දන්නේ නෑ.. නළලත පුරාවට ගලාගෙන ආපු සිහින් දහදිය බිඳුවක් හෙමිහිට ඈ මතට පතිත වුනා.. ඈට ඒ ගැන ප්‍රශ්ණයක් තිබුනේ නෑ.. සංවේදි හැම ඉරියවුවක්ම මියැදුනා වගේ දෑස් අයාගෙන හිටිය ඈට දහඬිය බිඳුවත් මමවත් මහාලොකු ප්‍රශ්ණයක් නෙමෙයි.. අවසානයේ දිගු සුසුම් කීපයකට පස්සේ  හැඟීම් වලට ගලාගෙන යන්න ඉඩ දුන්න මම ඇගෙන් ඈත් වුනේ ඒ නිරුත්තර දෑස දිහා එක එල්ලේම බලාගෙන..

මම ආයෙම ඇදේ කෙළවරට යද්දී ඇය ඇයට හුරු කෙළවරේ තනිවෙලා හිටියා.. මගේ දහඬිය මුහු වුන ඇගේ නිරුවත් සිරුර විදුළි එළි අතර යන්තමට දිළිසෙන දිහා මම විනාඩියක් දෙකක් බලාගෙන හිටියා.. නිහැඬියාවත් එක්ක මගේ හිත කොහේදෝ තැනක අතරමං වෙලා කියල මට දැනුන උනත් මට එතනින් මිදෙන්න ඕන කමක් තිබුනේ නෑ.. ඒ ඇස් දිහා බලාගෙන ඉද්දී මට හිතුනේ ඒ ඇස් වලට පණ දෙන්න.. එතකොට සමහරවිට ඒ ඇස් මං හිතන තරම්ම සුන්දර ලෙංගතු හැඟීමක් මං දිහා බලාවි කියලා අතරමං වුන සිතුවිළි අතරේ මට හිතුනා..

ඈ කෙළවරේ ඔහේ වැතිරිලා හිටියා.. හදවතක් නොහැගෙන ඒ පිරිපුන් ළමැද දිහා මම බලාගෙන හිටියා.. හිතින් ඒ ළමැද උස් පහත් වෙන හැටි මවා ගන්න මම උත්සාහ කලා.. කාලයත් එක්ක අදටත් නොසංසිදුන ඒ හැඟීම මගේ හිතේ තැනක මටම වදයක් වගේ දැනුනා.. ඒත්, මට ඒකට කරන්න පුළුවන් දෙයක් තිබුනේ නෑ.. මම ඔහේ බලාගෙන හිටියා.. මගේ ආදර බෝනික්කා දිහා..


****

ගෙදර තිබුනේ තරමක කළබල කාරී බවක්.. හුදෙකලා ජීවිතටට ඉදලා හිටලා ලැබෙන සමාජ ඇසුර එක පැත්තකින් සැනසීමක් වගේම එක වෙලාවකට මහා කරදරයක්.. අද කවමදාවත් නැතුව මට ඒ හැඟීම් දෙකම එක සමානවම මුහු වෙලා දැනෙනවා.. අතොරක් නැති කතා බහ වගේම එකින් එක හිස් වෙන මදුවිත වීදුරු වලින් ආලින්දය වගේම ඉන් පිටත් පිරිලා ගිහින්.. ඒ හැම දෙයක්ම අතරේ මහා හිසරදයක්ව දැනුනේ එහේ මෙහෙ දුවන පොඩි එවුන්  රැල..

" ස්ටෙෆාන්, අපේ කට්ටියගෙන් දැන් තාම තනිකඬයා උඹ විතරයි.."

" ඔවු ඔවු, උඹත් දැන් අපේ ක්ලබ් එකට එන්නම ඕන.."

" උඹ මිශෙල් ගැන මොකද හිතන්නේ.. මං නම් හිතන්නේ උඹට මැච් වෙන්නෙම මිශෙල් තමයි.."

හැමෝගෙම කතා අතර මම නිහඬව අහගෙන හිටියා ඇරෙන්න ඒවට උත්තර දෙන්න තරම් ඕන කමක් මට තිබුනේ නෑ.. ඇත්තටම මම හිටියේ ඒ සංවාදයම අත ඇරලා පැනලා යන්න පුළුවන් තරම් මානසිකත්වයක.. බැඳිමක හිත නතර කරන්න තරම් ඕන කමක් මට පහුගිය කාලෙටම ඇවිත් නැහැ.. ආදරවන්තියන් හමු වු කාලය මීට වඩා බොහෝ ඈත අතීතයක් වුවද එදා මෙදා තුර ජීවිතය මාව ඔවුනගෙන් බොහෝ දුරකට ඈත් කරන්න තරම් සමත් වෙලා තිබුනා.. මම ආස කලේ හුදකලාවට මිසක බැඳිම් පිරුණ ජීවිතයට නෙමෙයි යන්න මං ඇරුනම කාටවත් තේරුම් ගන්න පුළුවන් වෙලා තිබුනේ නෑ..

" අපි තව බෝතලයක් ගමු.."

මගේ නිහැඬියාව පුරුදු විදිහටම අනිත් අයගේ කතාබහටත් ඉබේටම වගේ නැවතීමේ තිත තියලා සාදය අඳුරු වී ගෙන යන්න කලින් මම කතාව වෙන පැත්තකට අරගෙන ආවා.. හැමෝම වගේ ඒකට එකග වුනා මිසක නැවතුන කතාබහ ඉස්සරහට අරගෙන යන්න මහන්සියක් අර ගත්තේ නෑ..

සන්ද්‍යාව බොහොම හෙමින් ගෙවිගෙන යමින් තිබුනා.. කලබලකාරීත්වය අතරින් මම රැය ගැන හිතුවා.. විශේෂයෙන්ම ඈ ගැන.. නිතර නිතර ඔරලෝසුව දිහා බැළුනේ සාදය ඉක්මනට ඉවර වේවිද කියලා හිතන අතරෙම.. වෙනදට වැඩිය ගැනුන මදුවිත හන්දම පමනට වැඩිය දැනුන මත් බව වෙලාවකට මාව පාලනයෙන් එහාට අරන් යන්න වුනා.. අතොරක් නැති කතාබහ වලට ඇහුන් කන් දෙන්න මගේ ඕන කමක් තිබුනේ නෑ.. ඒ හන්දම මම ටික වෙලාවකට හිටියේ ආලින්දයෙන් පිටත..

හුදෙකලාවට මම ආස කලා වගේම හිත ඇතුලේ සිතුවිළි අතර නිතරම නැවතුනේ ඇය.. මත් බවත් එක්ක හැඟීම් වෙනදටත් වැඩියෙන් දැනෙනවා වගේම ඕනෑකමත් අනිත් හැම රැයකටම වැඩිය වැඩියි කියන එක මට හැම මොහොතකම දැනුනා.. ඒත් මේ ඒකට වෙලාව නෙමෙයි හන්දම මම ඒ හැඟීම ආයාසයෙන් පාලනය කර ගත්තා.. එළිමහන මගේ හිතට ගෙනාවේ සැහැල්ලුවක්.. සාදයේ හිමිකරු මම වුනත් මම නැතිවම සාදයේ සතුටින් ආලින්දය පිරිලා ගිහින් තියෙන හැටි මම ඈතක ඉදන් බලාගෙන හිටියා..

මම කොච්චර වෙලාවක් කල්පනාවේ හිටියද කියලා මම දන්නේ නෑ.. ඒත් ඒ කල්පනාව මිදුනේ පොඩි එකෙක්ගේ ඇඬිල්ලේ සද්දෙට.. නිමාවක් නැතිව තිබුන කෙළිලොල් කම් හන්දම අනතුරක් වුනාදැයි බයෙන් මමත් වේගයෙන් ආලින්දය දිහාවට එද්දිත් ඒ ඇඬිල්ල තව තවත් වැඩි වෙමින් තිබුනා..

"  ඇයි දුව අඬන්නේ?" 

මයිකල් ඇගේ දියණියගෙන් විමසුවා.. ඒත් ඒකට හරි පිළිතුරක් ලැබෙනවා වෙනුවට ඇය තවත් අඬන්න පටන් ගත්තා..

" කියන්න.. දුවට කවුරු හරි බැන්නද?"

" නැහැ.. ජෝර්ජ් මම සෙල්ලම් කර කර හිටිය බෝනික්කා මගෙන් උදුරලා අර ගත්තා.." අන්තිමේ ඇය පිළිතුරු දුන්නා..

" බෝනික්කා? අපි එද්දී බෝනික්කෙක් අරන් ආවේ නැහැනේ දුව.."

" නැහැ.. ස්ටෙෆාන් අංකල්ගේ බෝනික්කා.."

" ස්ටෙෆාන් අංකල්ට කොහෙන්ද දුව බෝනික්කෝ.."

ආලින්දය පුරාවට රැදුන සිනහව නතර වුනේ විනාඩියකටත් අඩු වෙලාවකදි.. ඒ ජෝර්ජ් අතේ තියන් හිටිය බෝනික්කා ආලින්දයේ හිටිය හැමෝම දැක්කම.. මට දැනුනේ හැම දෙයක්ම  එක මොහොතකට නතර වුනා වගේ.. ආලින්දයේ හැමෝගෙම දෑස් මං දිහාවට යොමු වෙද්දී මුවගට වචන වගේම සිනහවකුත් හොයාගන්න මම බොහොම අමාරු වෙහෙසක් අරගත්තා..





70 comments:

  1. ඔහ්! වෝව්! මේ වගේ පොඩි කොනක් අල්ලගෙන ලොකුම ලොකු කතාවක් ගොතන්න පුලුවන් හැකියාව තියෙන්නෙ උඹටම තමයි! අපේ රටට නුහුරු මාතෘකාවක් උනත් සුපිරියි!!

    ReplyDelete
    Replies
    1. හෙහ්, දන්නේ නැද්ද ඉතින් ඔළුවට එහෙන් මෙහෙන් වැටෙන අයිඩියාස් වලින් එකක් තමයි ඉතින් මේකත්..

      Delete
  2. කිසි කරදරයක් නැති ආදරවන්තියෙක් නේ? හැමෝම මෙහෙම බෝනික්කෝ හොයාගත්තානම් හරි...:P

    අමුතුම විදියේ කතාවක් දිනේශ්...හරිම ලස්සනට ගොතලා. පහලට ගිහින් ආපහු උඩට ගිහින් බැලුවා...:)

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කතාවනම් සහතික ඇත්ත.. කිසිම කරදරයක් නෑ.. ඉල්ලීම් නෑ, හිත් රිදීම් නෑ..

      අර මොකෝ අග මුල දෙපැත්තටම බැළුවේ..

      Delete
    2. " කිසිම කරදරයක් නෑ.. ඉල්ලීම් නෑ, හිත් රිදීම් නෑ.."

      අන්න ඒ කතාවනම් දිනේශ් පට්ටම ඇත්ත.

      Delete
    3. හෙහ්, ඒහෙම අය ඉතින් හැබෑවට ලැබෙන්නේ නැහැනේ..

      Delete
    4. සහතික ඇත්ත මචන්

      Delete
    5. බලාගෙන යද්දී හැමෝම හොයන්නේ එහෙම ඒවද කොහේද..

      Delete
  3. මම ටියුබ් ලයිට් බං..
    හිටු ආය පාරක් කියවලා එන්නම්.

    ReplyDelete
    Replies
    1. අම්මපා මේක එච්චර අමාරුයෑ. අද ගල් එක්ක මොනාද ගැහුවේ. ටිකක් හොදට බලන්නෝ.

      Delete
    2. මෙන්ඩා, උඹ බ්‍රා කේස් එක පරම්පරාවට දාගන්නව නෙමෙයි හොඳේ?

      Delete
    3. මට පේන්නේ දැනටම ඒක වැටුන කේස් එකක් වගේ තියෙන්නේ.. හෙහ්..

      Delete
  4. දිනේෂ් ස්ටයිල් ....

    පුංචි හේතුවකින් පුංචි කතාවක්.... හැබැයි සාර්ථක අවසානයක් එක්කම... මමත් කැමති හිතන්න යමක් ඉතුරු කරන කතාවලට. කවදා හරි දවසක ලංකාවේ කෙනෙක් උමන්=බේ කතා සිංහලට අනුවර්තනය කරලා පොතක් ගහයි :D

    ReplyDelete
    Replies
    1. අපිට හුඟක් කතා වල මග හැරෙන ප්ලොට් වලට සෑහෙන්න වටිනකමක් දෙන්න පුළුවන් කියලා මම හිතනවා ඉවාන්.. මගේ ඔළුවේ අයිඩියා නැති වෙලාවට මම හුඟක් කියවන්නේ අන්න ඒක හන්දමයි..

      Delete
  5. අම්මප ලංකාවෙ අසහන කාරයින්ටත් මෙයින් දුසිමක් විතර එව්වනම් හරි කැමති වයසකින් කැමති විදියකට තෝරගන්න.

    උඹේ කතා පරාසයට මං පට්ට කැමතියි මචෝ..

    ReplyDelete
    Replies
    1. දුසිමක්?? පිස්සුද බං.. ඊට වඩා එවන්න ගැසට් එකක් ගහන්න වෙයි.. එතකොට වත් ඔය බාල අපරාද එහෙම අඩු වෙන්නේ නැතැයි..

      Delete
    2. මොන විකාරද. අපේ ඉන්නෙ කොන්ඩම් එකක් ගන්න ෆාමසියට යන්න ලැජ්ජ එවුන්. ඉතින් ඕවා ගන්න යාවිද.

      Delete
    3. ඒ කතවත් ඇත්ත තමයි.. මොන දේටත් ඉතින් හිත කියනවනේ..

      Delete
  6. වෙනස් තේමාවක්.ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.. ගිම් අක්කා මේ පැත්තේ දැක්කේ හුඟක් කාලෙකින්..

      Delete
  7. වෙනස් මාතෘකාවක්.. ඒ හින්දම කුතුහලයකින් කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පරිසරය එක්ක මේක වෙනස්ම මාතෘකාවක් වුනාට සමහර රට වලනම් මේක ඒ හැටි වටිනකමක් නැති දෙයක්.. සාමාන්‍ය දෙයක්..

      Delete
  8. අදනම් පිස්සුම තමයි.ඒ චූටි කොණ උඹ ලස්සනට දිග ඇරල.මම අහල තියන විදිහටනම් බටහිර රටවල වුනත් මේ මානසිකත්වයන් තියන පුද්ගලයන්ට පහත් විදිහටයි සලකන්නේ.විකෘතිකයෝ විදිහට.
    ජය වේවා වර්ණ.අද උඹ නියමයි.

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ.. ඒ ඒ කෙනාගේ ඉතින් පුද්ගල මානසිකත්වයන් වෙනස් නේ.. හැබැයි ඉතින් මම නෙට් එකේ එහෙම දැකලා තියෙනවා මෙහෙම බෝනික්කෝ කසාද බැදන් ගමන් බිමන් යන අය ගැන එහෙම විස්තර.. අන්න ඒකනම් ඉතින් මම හිතන්නේ මේ කතාවටත් වැඩිය එයාට ගිය විකෘතියක්..

      Delete
    2. ඒ කතාවනම් ඇත්ත. සමහර වෙලාවට පවුල් වෙලා වෙන් උන අය ප්‍රසිද්දියෙම මේවා පාවිච්චි කරනවා. සමහර විට ඇත්තම ගෑනු එපා වෙලා ඇති.

      Delete
    3. ඇත්ත ඇත්ත, මාත් ෆොටෝ දැකලා තියෙනවා නෙට් එකේ..

      Delete
  9. බොහොම ඉස්සර රූපවාහිනියේ Twilight Zone කතා මාලාවේ තිබ්බා ඩමීස් වලට ආදරය කරන තරුණයෙක් ගැන කතාවක්. සැනෙකින් මතක් වුණා. අපූරු මාතෘකාවක් වගේම හොඳ අවස්ථා විස්තරයක්. මේක අනන්‍යයයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් අර Twilight ෆිල්ම් ටික වගේ අප්සට් කතාවක්ද දන්නේ නෑ.. සමහර වෙලාවට මේ වගේ හිතින් ආදරේ කරන අය අපිට ඕන තරම් හම්බුවෙනවනේ.. මම හිතන්නේ HER ෆිල්ම් එකත් අන්න ඒ වගේ කතාවක්..

      Delete
  10. ඒකපාර්ශ්වික ආදරයක් වගේ..හොඳ මාතෘකාවක් මලයා..උඹ ලියපු විදියට මම කැමතියි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒක පාර්ශව්කයි වගේම සාමාන්‍යනෙ වෙනස් එකක්..

      ටැන්කිවු හොදේ.. ^_^

      Delete
    2. සමහර විට කෙනෙක් මේකෙන් අපි හිතනවට වැඩිය තෘප්තිමත් වෙන්න පුලුවන්.

      Delete
    3. ඒක ඒ ඒ කෙනාගේ කැමැත්ත හා ආසාව..

      Delete
  11. මේ හොඳ ලස්සන බෝනික්කා
    තනිවී හඬනා හැටි දැක්කා
    ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
    එක්කරගෙන ආවේ //

    කඳුළුවලින් කම්මුල් පෙඟිලා
    ලස්සන රතු සායම් මැකිලා
    බෝනික්කා අපි එක්කලා කිව්වා
    රහසක් ඉකිබිඳලා

    පුංචි බබා මං හිටි නිවසේ
    සෙල්ලමටයි හිත මුළු දවසේ
    පාඩම් වැරදීලා මේ පාරත්
    පංතියෙ අන්තිමයා

    ඔක්කෝටම මුල බෝනික්කා
    කියලා බනිනව ලොකු අක්කා
    ඒ හින්දා මං යනවා යන්නට
    එනවද මා එක්කා

    මේ හොඳ ලස්සන ...

    මකුළු දැලෙන් රුවලක් බැඳලා
    පුවක් කොලෙන් ඔරුවක් හදලා
    බෝනික්කා නලවන්නයි යන්නේ
    අපි ඔක්කොම නැගලා

    https://www.youtube.com/watch?v=Q8gE-G-Qxzk

    ReplyDelete
    Replies
    1. ඇයි " හිනැහේවෝ බෝනික්කා ඇස් නටවා බල බලා " සිංදුව..

      මැලේ අද සිංදු ඇනෝගේ වැඩ කටයුතු බාර අරන් වගේ...

      Delete
  12. මරු ඈ.. උඹගේ කාසියේ දෙපැත්ත මතක් කරගෙන කියෙව්වේ.. මරු..

    ReplyDelete
    Replies
    1. අඩේ කාසි කතාව තාම මතකද ඈ.. හරි ශෝක් නේ.. ^_^

      Delete
  13. උඹට කිව්වාම මොකෝ මිශෙල් ගැන මගේ හිතෙත් අදහසක් තිබ්බා බං ,ඇත්තමයි :)

    බෝනික්කාන්ට ආදරේ කරන්න පුළුවන්,එත් හැඟීම්,දැනීම් නැති ආදරයකින් වැඩක් නැහැ බං..:(

    ReplyDelete
    Replies
    1. යකඩෝ මේකේ මිශෙල්ගේ නමක් විතරයි කිවුවේ.. උඹ මේ කියන්නේ උඹ දන්න කියන වෙන මිශෙල් කෙනෙක් ගැන වෙන්න ඕන.. ;)

      හැබැයි ඉතින් සමහර වෙලාවට කෙල්ලොත් ඔහොම තමයි සමහර සමහර කාරණා වලදි..

      Delete
    2. සමහර කෙල්ලො ඉතින් ඉන්නේ ඒවා දැනිලත් නොදැනෙන ටයිප් එකෙන් නේ. ඉතින් එහෙම එවුන්ට වැඩිය නම් මෙවා හොදයි.

      Delete
    3. හැඟීම් ඉතින් බලෙන් ඇගට දෙන්න බැහැනේ..

      Delete
    4. ඒක ඇත්ත නොදැනෙන එක වෙනයි. දැනිලත් නොදැනුනා වගේ ඉන්න එක වෙනයි.

      Delete
    5. ඒක ඉතින් එක එක්කෙනාගේ හැටියට තමයි..

      Delete
  14. අඩේ මරු බං. කියල වැඩක් නෑ. අපේ රටේ නං තහනං මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු.. ලංකාවට ඕවා ගේන්න දුන්නොත් බැරිය ඉතින්.. අර සංවිධාන මේ සංවිධාන ඔක්කොම පාරේ බැහැලා ඉදීවි.. හැබැයි මම හිතන්නේ නෙට් එකෙන් ඕඩර් කරන්නනම් පුළුවන් ඇති..

      Delete
    2. කොහොමද යහ පාලනෙන් එහෙම දෙයක් කලොත් එහෙම.

      Delete
    3. හොද කතා ටිකක් අහන්න බලන්න තිබුනා..

      Delete
  15. :) ආදරය එක එක්කෙනා විඳින හැටි.. කොහොම වුනත් මේ ලියලා තියෙන විදිහ නම් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. තමන්ට ලැබෙන තමන් ලබන්න කැමති විදිහ අනුව තමයි ඉතින් එක එක්කෙනා තමන්ගේ ආදරේ තෝර ගන්නේ.. මේකත් අන්න එහෙම එකක් කිවුවට ඉතින් වැරැද්දකුත් නැහැ මම හිතන්නේ..

      Delete
  16. වෙනස් කතාවක්.....
    හැබැයි කිසිම කරදරයක් නැති ආදරයක්...

    ReplyDelete
    Replies
    1. කරදරයක් නෑ කියන එක නම් ඇත්ත.. ඒත් ඉතින් දවසක ඒකත් එපා වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි මම හිතන්නේ..

      Delete
    2. හැබැයි ඉතින් එපා වෙද්දි වෙන මොඩල් එකක් ගන්න පුලුවන් ඕනනම්.

      Delete
    3. හෙහ්, ඔවු ඒකත් ඇත්ත...

      Delete
  17. නියම කතාවක් මේක .

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  18. ලොල්ම කතාවක් මේකනම්. ඇත්තටම ඔහොම උනාම ඒ මිනිහා ඊට පස්සේ මොනවා කරයිද කියලා මම මේ හිතුවේ.

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතින් ගානක් නැත්නම් ඔහේ ශේප් එකේ ඉදිවි.. එහෙම් නොවුනොත් නම් ඉතින් අනේ මන්දා..

      Delete
    2. Samahara wita eka e minihata purudu athi. Anima me lankawa nemei ne

      Delete
    3. අපි එහෙම හිතමු..

      Delete
  19. හුටා!
    ඔය බෝනික්කො කන්ටේනර් එකක් එවලා කෝටිපතියො වෙන්න බැරිවෙයිද අපිට?

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔය කිවුවේ ඉතින් හැබෑටම.. ලංකාවට නෙමෙයි වෙනෙ කොහේට හරි පටවමු.. මොකෝ ලංකාවේ අයගේ හැටි ඉතින් කියන්න ඕන නැහැනේ..

      Delete
    2. කන්ටේනර් එකක් පිරෙන්න එවනවා කියන්නේ ඉතින් මුළු ලන්කාවටම ඇති වෙන්න එවන්න පුළුවන් කියන එක තමයි.

      Delete
    3. සෑහෙන්න කාලෙට වැලිකඩට වෙලා ඉන්නත් පුළුවන් ඒ කියන්නේ..

      Delete
  20. ඔහොම ‍බෝනික්කෙක් ගැන කොරියාවෙ ඉන්න කොල්ලෙකුත් කිව්වා...උගෙ කාමරෙත් ඉන්නවා කියලා..මට ඒකව මතක් උනේ මේක කියෙව්ව ගමන්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඔය චීන කොරියන් වගේ අය මේකට වැඩි කැමැත්තක් තියෙනවා කියලා මම නෙට් එකේ දැක්කා.. අනික ඉතින් මේවා හදන්නෙත් චීනෙම තමයි නේ..

      Delete
  21. මේ පාර කතාව අවසන නියමයි..! ලියැවිල්ලත් පුස් අල්ලන්න දෙන්න එපා. දිගටම ලිය.
    ජය වේවා.!
    -ගෙම්බි-

    ReplyDelete
    Replies
    1. ගොබ්බ පෝස්ට් ලියලා හරි පුස් අල්ලන්න නොදී තියාගන්න ඕන මීට පස්සේ.. හෙහ්..

      Delete
  22. කතාවෙ නමත් බෝනික්කා කියල නොතිබුණා නම් මුල හරියෙදි හිතෙන්නෙ මළ කඳක් බදාගෙනවත් ආදර ගණුදෙනු කරනවද කියල.. :-D

    පුරුදු රහ එක්ක කතාව ලස්සනයි මල්ලි.

    ReplyDelete
    Replies
    1. කෝකටත් කියලා මාතෘකාව එහෙමම දැම්මේ ඔන්න ඕහේ ලේසිවෙන්න කියලා.. නැත්නම් වෙන වෙන මානයන් වලට දුවන්න ලේසියිනේ..

      Delete
  23. වෙලාවකට හිතෙනවා මේ ලෝකේ මොන තරම් විවිදාකාරද කියලා. සමහරු ඇත්තටම ආදරෙ කරන අතරේ තවත් සමහරු මෙහෙම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අපි හිතනවට වැඩිය හුඟක් වෙනස් දේවල් අපේ වට පිටාවේ වෙනවා..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්