Thursday, 29 January 2015

එජාපයේ මුවග රැදි සින්දුව




එජාප මන්ත්‍රී කණ්ඩායමක් අරලියගහ මැදුරේ සංචාරයක -  පුවතක්..






සෝභාව දේ මෙපුර සිරි විසිතුරු

බලනු මිතුරු අරලිය මැදුරු

වැලි කොට්ට යෙදූ පලසකි

මේ හමුදා කඳුරු.. මාහා භාදක මැදුරු.

තාප්ප දෙපැත්තේ පුංචි මල් හිටවා

ගිණි අවුවේ වතුර දමන්නේ.

අහස උසකට නැගි බදු අරගෙන

බිල් හෙමින් ගෙවන්නේ, හිනා වීගෙන ඉන්නේ..//



පනහාක් බල්ලෝ සැනින් නොසිතු විලස බුරා පනින්නා

ලක්ෂ පහක පලතුරු ටික කුණු කූඩෙට විසිවි යන්නා.//

කෝපි බොන්න ගිහින් සැළුන් දොරක් විවර කරන්නේ

ආප්පයක් නොකෑවනම් මේවා නැහැ අප දැක ගන්නේ..



සෝභාව දේ...



වැසිකිළි පුරා ඇවිත් සිසිල් සුළං ගත සිප ගන්නා

සෝපාවට බර වීගෙන එසැන පුවත් මා දැන ගන්නා.//

වීදුරු පෙට්ටි අතර රණ් කඬුවක් දිළිසි ඇත්තේ

අනාවැකි කියපු එවුන් අද කොහෙදැයි සැඟවී ඉන්නේ..



සෝභාව දේ..




තාලේ අමතක කෙනෙක්ට බලන්නත් එක්ක ඔන්න ඔරිජිනල් එකත් දැම්මා.. එහෙනම් අපි ගියා..



60 comments:

  1. සෝබාව දේ... :D
    ඔන්න අද මම පලවෙනියාලු..

    ReplyDelete
    Replies
    1. සෝභාව පේනව ඉතින්..

      එක උනාට තෑගි දෙන්නේ නෑලු..

      Delete
    2. සොබාව උතුරනවා

      Delete
    3. අනේද කියන්නේ...

      Delete
  2. Replies
    1. මෙන්න මෙයා හිරූ අක්කගේ " හී හී " එක උස්සලා.. :P

      Delete
  3. Replies
    1. අද චියර්ස් නැද්ද??

      Delete
  4. Replies
    1. සුබා නල්ලාහ්.. :D

      Delete
  5. ඔය හැම එකාගෙම ගෙවල්වලටත් ගිහිල්ලා බලන්ඩ ආසයි බං.විමලයගේ ගෙදරත් ඔය වගේලුනේ.කෙහෙලියගෙ ගෙදරත් පට්ටයිලු.ඇස් බී ගේ එග ගැන චන්දිරිකා මැඩම්ගේ කාලේ කොච්චර වර්ණනා කොළා කියලද?

    ReplyDelete
    Replies
    1. මතකනේ ඇස් බී ගේ ගෙදර තිබුනයි කියන වීදුරු පොළව.. ඕක ගැන ඒ කාලේ කොච්චර කතා තිබුනද.. කෙහෙලිය දෙවනි තට්ටුවට යන්නෙත් විදුළි සෝපානයෙන් නේ..

      Delete
    2. කාගෙ කාගෙත් ගෙවල් වල කල එලිය පේන්න එයලගෙ බලය නැති වෙන්නම ඕන. නැත්නම් ඒවා හැමදාම රහස්.

      Delete
    3. ඒක ඇත්ත.. ඊට පස්සේ ඉතින් කියන්න සෑහෙන්න කතා තියෙනවනේ..

      Delete
  6. Replies
    1. මන්දිරේ නියමයි තමයි.. දැන් කවුරුත් පදිංචියට නොගියට..

      Delete
  7. දවස ගානේම දැන් විහිළු තමයි අහන්න වෙන්නේ ලංකාවේ නිවුස් වලින්. අනේ මන්දා?? කොහොමහරි රටට සෙතක් වෙනවනම් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අක්කේ.. අපිත් ඉතින් මේවා බලලා මෙහෙම දෙයක් වත් ලියාගෙන ඉන්න ඕන.. නැත්නම් වෙන මොනවා කරන්න්ද..

      Delete
    2. කට්ටිය මේවා කිය කිය දවස් 100 ගෙවයිද දන්නේ නෑ.

      Delete
    3. මට පේන්නෙත් ඒ වගේ තමයි..

      Delete
  8. කවි ටික සුපිරි බන්. සුපිරි කියන්නෙ පට්ට සුපිරි. ඇත්තටම එදා ඒ ආප්පෙ කෑවෙ නැත්නම් මේව කවද දකින්නද නේද

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. ආප්පයක් කල හදියක්.. මීට පස්සේ තනියම ආප්ප කනවා මිස එකතු වෙලා කන්න හොද නෑ.. හෙහ්..

      Delete
  9. නියමයි................ සියල්ල කැටි කොරලා දීලා.............

    ReplyDelete
    Replies
    1. තව ඉතින් ඔබන්න දේවලුත් නැතුව නෙමෙයි.. ;)

      Delete
  10. වෙලාවට කළු කෝපි එකක් නොබී ආප්ප කෑවේ
    පස්ට පස්ට :D

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පැත්තේ මනුස්සයනේ කියලා කළු කෝපි ඕන නෑ කියලා හිතන්න ඇති.. හෙහ්..

      Delete
  11. හැබැයි ඉතින් මෙහෙම දෙයකුත් තියෙනවා. රාජ්ය නායකයෙක්ගේ ගෙදර සැප පහසුවට තියෙන්න ඕන කියන එක නම් මන් පිළිගන්නවා.

    ReplyDelete
    Replies
    1. රජ්‍ය නායකයා විතරක් සැපට ඉඳලා රටේ අනෙක් උන්ට කෙල වුණා කමක් නැතිද ?

      Delete
    2. ඇනෝ, බල්ලෝ 50ක් ඉන්න එක සැපපහසුව නම් ඉතින් අනික්වා අමතක කරන්නම් අපි..

      Delete
    3. මනෝජ්, අපි කළගුණ සලකන්න එපැයි බං..

      Delete
  12. හැබැයි දැන් ඇති බං මන්දිරේ ගැන කතා කෙරුවා.මිට වඩා දේවල් තියෙනවා පෙන්වන්න,කතා කරන්න.

    ReplyDelete
    Replies
    1. උඹ මට කියන්නේ.. මම විතරද කතා කරන්නේ..

      ඒක ඇත්ත.. හැබැයි අර උඩින් ඇනෝ කියලා තියෙනවා වගේ දවස් 100ම මේක කියවයිද දන්නේ නෑ..

      Delete
  13. අඩේ සුපිරියි මචෝ... ඒත් සමහර ලංකාවෙම ඉන්න උදවියට තාමත් තේරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කට්ටිය ඉන්නේ අන්ධානුබාවයෙන් නේ.. අන්න ඒකයි සිද්දීය..

      Delete
  14. මමත් හැදුව ඩෝ මේවගේ ගෙයක්.............. එත් කව්රුත් එන්නෙත් නෑ ...... එන එවුන් බලලා මුකුත් කියන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. උඹ ලංකාවට ආවම අපිට එන්න කියලා පාටියක් දාපං.. එතකොට මොනා හරි කියන්නම්...

      Delete
  15. පිදිය යුත්තන් නොපිදීම ගැන මගේ විරෝධය.
    සුමනදාසගේ යුග මෙහෙවර කොහොම අමතක කරන්නද?
    ඔහුත් ආප්පවලට සමාන තැනක තියන්න ඕනැ උත්තමයෙක්

    ReplyDelete
    Replies
    1. සුමනෙට ආප්ප වලට වැඩිය තැනක් තියෙන්න ඕන.. උන්දෑ නැත්නම් ඉතින් මෛත්‍රී තාම ආප්ප කන්න හිතලවත් නැහැනේ..

      Delete
  16. සන්ධාන බයිලා ඉවර වෙනකොට දැන් යූ.ඇන්.පී. බයිලා.. හොඳයි හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම වෙන්න එපැයි ඉතින්.. හැමෝම එක වගේ කට්ටියනේ..

      Delete
  17. මේකනම් පට්ට සිරා ........ නියමයි............

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  18. ඔය ඔක්කොම දාලා දවසක පොළවට පස්වෙනවා කියලා එකෙක්ටවත් හිතෙන්නෙවත් නැති හැටි.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මොන කතාද.. ඒවා හිතන අය නෑ.. එකෙක් එලවලා අනිකා එතනට රිංගන එකනේ කරන්නේ..

      Delete
  19. මේක ඇන්ඩ් කොම්පැණි වගේ එකකට දුන්නා නං පට්ට. නියම සිංදුවක්

    ReplyDelete
    Replies
    1. ඇන්ඩ් කොම්පැනීත් දැන් නැහැනේ.. අර විරිදු බුවා ඡන්දේ ඉල්ලන්න ගියාට පස්සේ..

      Delete
  20. නිර්මාණශීලී පෙළගැස්මක්... අපූරුයි...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  21. ඇත්තටම ලස්සනයි. මේක කිසිම අවුලක් නැතිව කියන්න පුළුවන්. කිසිම මමඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. මඩක් නෑ කිවුවා.. හා හා එහෙනම් කමක් නෑ..

      Delete
  22. අපිත් බලා ඉන්නෙ මක්කෙයි වෙන්නෙ කියාලා...කඩු ෆයිට් එහෙම ඉස්සරහට තියේවි...

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම්.. බලාගෙන ඉමු අපි..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්