Friday, 23 January 2015

ලොක්කගේ අම්මගේ ලවු ස්ටෝරිය



දැන් ඉතින් මාතෘකාව දැක්ක ගමන් මේක කුණුහරපයක් කියලා එහෙම හිතන්න එපා.. දැන් මේ කියන්න යන්න අළුත්ම අළුත් ලවු ස්ටෝරියක් ගැන තමයි.. ලොක්කගේ අම්මා ගැන මට මතක හැටියට මම ඒ තරම්ම විස්තරයක් මේකේ ලියලා නෑ.. අපේ ලොක්කගේ ඕපදූපයක් කියන වෙලාවක ඒ අස්සේ මොනවා හරි ලිවුවනම් ඇරෙන්න විශේෂයෙන් යමක් ලිවුවේ නෑ කියලා තමයි මට නම් මතක.. හරි, ඒකෙන් කමක් නෑ.. ඒකටත් එක්ක අදම කියන්නම්කෝ..

ලොක්කගේ අම්මට දැන් අවුරුදු 81ක් වෙනවා.. වයස එච්චර උනාට තාම ඉන්නේ නිකන් කෙල්ල වගේ.. පොඩ්ඩක් ඉතින් ඔය සමහර දේවල් අමතක වෙන අවුල ඇරුනම් වෙන නම් කියන්න තරම් ලොකු අප්සට් එකක් නෑ.. තාමත් හවසට නිතරම වගේ ෆාමසියට ඇවිත් " අපිට කරදරයක් උනත් " එයාගේ මේසේ වාඩි වෙලා බෙහෙත් ගන්න යන එන අය දිහා බලාගෙන ඉන්න එකයි එයාගේ යාළුවෙක් ආවොත් ඕපදූප කියවන එකයි තමයි ඉතින් එයාට තියෙන එකම වැඩේ.. ලොක්කත් ඉස්සරම අම්මට ෆාමසියට එන්න දුන්නේ නැති උනාට අවුරුද්දක විතර ඉදන් ෆාමසියට ඇවිත් ඉන්න අවසර දීලා ඉන්නේ ගෙදරට වෙලා තනියම නිතරම ඉන්න ගියාම තවත් මෙමරිය අප්සට් වෙයි කියන බයට..

ලොක්කගේ තාත්තත් නැති වෙලා දැන් අවුරුදු 8ක් වගේ වෙන්න එනවා.. අපේ ලොක්කත් ඉතින් තනිකඩයා හන්දා ලොක්කගේ අම්මත් එයාගේ හස්බන්ඩගේ මරණෙන් පස්සේ ෆාමසියේ උඩ ගෙදරම ඇවිත් පුතා එක්ක නැවතුනා.. ඒ උනාට ඉතින් ලොක්කා වැඩි හරියක් ඉන්නේ කොහේ හරි රටක රස්තියාදුවක ගිහින් නිසා අන්තිමේ ඉතින් අම්මට එයාව බලාගන්න ඉන්න ගෑණු කෙනා එක්ක තනියම ඉන්න තමයි වෙලා තියෙන්නේ..

හරි දැන් පදුර වටේ තැළුවා මදැයි.. යමුකෝ අදාල කතාවට.. මේ සිද්දිය පටන් ගැනෙන්නේ මීට මාස දෙක තුනකට වගේ ඉස්සෙල්ලා ඉදන්.. ගොඩක් වෙලාවට ඉතින් ෆාමසියේ ඉද්දී ලොක්කගේ අම්මව හම්බුවෙන්න වයසක කට්ටිය එන යන එක සමාන්‍ය දෙයක්.. ඒ මොකද ෆාමසිය ලග තියෙන්න පල්ලියට හැමදාම හවසට මෙයා යන නිසා ඒකට එන ඔය අහල පහල ඔක්කොම වයසක සෙට් එක මෙයාව හම්බුවෙන්න නිතරම වගේ එනවා.. ඔය අතරේ ටික දවසක ඉදන් ආවා සීයා කෙනෙක්.. සීයා කෙනෙක් කිවුවට ඉතින් හොද හැඩිදැඩි මනුස්සයා.. කොටින්ම කියනවනම් මටත් වැඩිය උසයි.. ඒ වගේම මහතයි.. අවුරුදු 85ක් වගේ පෙනුම තියෙන ඒ සීයට ඇවිදිනකොට විතරක් ඇගේ දුර්වල කම පේනවා ඇරෙන්න ඒ පෙනුම දිහා බැළුවම නම් කිසිම ලෙඩක් නැති මනුස්සයෙක් වගේ පේන්නේ..

කොහොම හරි ඉතින් මේ සීයා ෆාමසියට එන්න යන්න පුරුදු වුනා..ඇවිත් ඉතින් ලොක්කගේ අම්ම එක්ක ටිකක් වෙලා කතාවක් දාගෙන ඉදලා ගන්න තියෙන බෙහෙතක් අරන් යන එක තමයි මුල් කාලේ සිද්ද වුනේ.. මෙහෙම ටික දවසක් යද්දී සීයා ෆාමසියට එන දවස් ගාන වැඩි උනා වගේම ලොක්කගේ අම්මා එක්ක කතා කර කර ඉන්න වෙලාවත් එන්න එන්නම වැඩි උනා.. අපිත් ඉතින් අපේ වැඩ අතරේ මේ ගැනත් පොඩ්ඩක් ඇහැ දාගෙන තමයි හිටියේ..

ටික දවසක් ඔහොම ගෙවිලා ගියා.. දවසක් ලොක්කත් ෆාමසියේ ඉන්න වෙලාවක සීයා පුරුදු විදිහටම ආවා.. ඇවිත් ටිකක් වෙලා කතාව දාගෙන හිටියා.. ලොක්කත් මොකද්ද වැඩකට ඔෆිස් එකෙන් එලියට ආව වෙලාවේ සීයා ඉක්මනට අපේ ලොක්කව නවත්තගෙන කතාවට වැටුනා..

" ෆ්‍රැන්චෙස්කෝ, මම අම්මව ටිකක් එලියේ ඇවිදින්න එක්කන් යන්නද?"

අපේ ලොක්කා නිකන් අන්ද මන්ද වෙලා බලාගෙන හිටියා මේ මනුස්සයා මොකක්ද මේ කියන්නේ කියලා.. ලොක්කටත් දෙන්න උත්තරයක් නැතුව කල්පනා කරද්දී නිකමට වගේ මිනිහා ඔරලෝසුව දිහා බැළුවා..

" දැන් වෙලාව 7.30නේ.. 8 වෙද්දී අපි ෆාමසිය වහනවා.. මේ ටික වෙලාවට කොහේ කියලා යන්නද, අනික ෆාමසිය වැහුවම කොහොමද එන්නේ?"

" මම අනිත් ගේට්ටුවෙන් ගෙදරටම ගෙනත් දාන්නම්.."

සීයත් වැඩේ අත අරින පාටක් නෑ.. ලොක්කටත් කර ගන්නම දෙයක් නැති හන්දා ඉතින් අම්මට සීයා එක්ක ඇවිදලා එන්න යන්න අවසර දුන්නා.. මේක දිහා බලාගෙන අහගෙන ඉද්දී මට හිතුන දේ තමයි කාලය මැවු වෙනසක අරුමේ කියලා.. අපි නම් කෙල්ල එක්ක එලියට යද්දී ගෙදරට කියලා යනවා.. මේක ඒකේ අනික් පැත්ත.. අම්මා පුතාගෙන් අවසර ඉල්ලනවා.. හරි ඉතින් ඒකත් කමක් නෑ කියමුකෝ..

ඉතින් කෝම හරි ලැබුන අවසරෙන් ටක් ගලා කුරුළු ජෝඩුව එළියට ගියා.. අපිත් ඉතින් වෙනද වගේම වැඩ ටික කර ගෙන ගියා.. ටිකකින් ලොක්කා මට කතා කලා..

" දිනේෂ්, අර මනුස්සයා කලිනුත් අම්මව ඇවිදින්න එක්කන් ගිහින් තියෙනවද?"

" නෑ.."

" ෆාමසියට ඇවිල්ලා නිතරම කතා කර කර ඉන්නවද?"

" ඒකනම් ඉතින් හරියට මතක නෑ.. මොකද අම්මව හම්බුවෙන්න දවසට කී දෙනෙක් එනවද.."

ලොක්කගේ ප්‍රශ්ණ ඇහීමේ පිළිවෙල ඒ තරම්ම හොද නැති හන්දා මම අන්තිමට අහපු එකට බොරුවක් කියලා දැම්මා.. ඒත් ඉතින් ලොක්කා දන්නවා මම කිවුවේ බොරුවක් කියලා.. මොකද ඉතින් ඒකා මගේ හැටි දන්නවනේ.. කෝම හරි ඉතින් අපිත් ෆාමසියත් වහලා එන්න ආවා.. ඒ වෙද්දී නම් ලොක්කගේ අම්මා ඇවිල්ල හිටියේ නෑ.. මම ගෙදර ඇවිත් උයලා කරලා අහවර වෙලා කන්න හදනකොටම වගේ ලොක්කගෙන් කෝල් එකක් ආවා..

" දිනේෂ්, බලපං වෙලාව.. අම්මා තාමත් නෑ.."

එතකොට වෙලාව රෑ 9.30යි.. මම හිතුවේ ඒ වෙද්දී ඇවිල්ලත් ඇති කියලා..

" දිනේෂ් උඹ පොඩ්ඩක් මෙහේ වරෙන් අපි ගිහින් බලමු මොකද නැත්තේ කියලා.."

" අපි කොහේ කියලා ගිහින් බලන්නද? යන තැනක් හරියට කිවුවෙත් නෑනේ.. මේ කතානියා අපි කොහේ කොහේ කියලා හොයන්නද? හරි අවුලක් නෑ මම විනාඩි 5න් ලෑස්ති වෙලා එන්නම්.."

ලොක්කට ඉතින් බෑ කියන්න බැරි හන්දම කන්න ගත්ත එකත් පැත්තක දාලා එලියට යන්න ලෑස්ති වෙද්දිම ලොක්කගෙන් මැසේජ් එකක් ආවා අම්මා ගෙදර ආවා උඹ එන්න එපා කියලා.. හොද වෙලාවට එහෙම වුනේ.. නැත්නම් ඉතින් මේ දෙන්නව හොයන්න කොහේ කියලා යන්නද..

එදා සිද්දියට ඒ හැටි ලොකු අවුලක් තිබුනේ නෑ.. ලොක්කත් ඒ ගැන වැඩිය කතා කලේ නෑ.. අනික් උන් නම් ඕවා ගැන කොහොමත් අහන්න යන්නේ නැහැනේ.. මමත් හැබැයි අහන්න කරන්න ගියේ නෑ පඩුවේ හිටියා.. ටික දවසක් ඔහොම ගෙවිලා ගියා.. ලොකු විශේෂත්වයක් තිබුනේ නෑ..හැබැයි ඉතින් ලොක්කගේ අම්මගේ මූණේ වෙනදට වැඩිය හොද හිනාවක් නම් තිබුනා.. මූණ එල්ලන් ඉන්න ගතිය තිබුනේ නෑ..වෙනදට මාසෙට එක පාරක් නාපු කෙනා හැම සතියෙම නාන්න, කොණ්ඩේ කපන්න පුරුදු උනා..

එදා ගමනින් ටික දවසකට පස්සේ සීයා පුරුදු විදිහටම ෆාමසියට ආවා.. වෙනද වගේම කතාබහ කලා.. ලොක්කගේ අම්මා වාඩි වෙලා ඉන්න මේසයක් තියෙනවා.. එයාට ඉතින් ඇති වැඩක් නැති උනාට ඔතන ඉදන් මුළු ෆාමසිය ගැනම ඕපේ දාගෙන තමයි ඉන්නේ.. සීයත් එතනටම පුටුවක් ඇදගෙන කතාවක් දාගෙන තමයි හිටියේ.. ටිකකින් මම දැක්කා අපේ ලොක්කත් එතනට වෙලා මොනවද කියව කියව ඉන්නවා.. මම හිතුවා අදත් දෙන්න ඇවිදින්න යන්න අහනවා ඇති කියලා..

මෙන්න ටිකකින් ලොක්කා කේක් වගයකුයි, චොක්ලට් ටිකකුයි කෝපි කෝප්ප දෙකකුයි අරන් පල්ලෙහට ආවා.. ඇවිල්ලා අම්මටයි සීයටයි දීලා ලොක්කා යන්න ගියා.. දැන් මේ දෙන්න කෝපි බොන අතරේ කේක් කකා වෙනදට වැඩිය වෙලාවක් කතාව දාගෙන හිටියා.. ෆාමසියට
බෙහෙත් ගන්න එන මිනිස්සුත් මේක දිහා නිකන් මැජික් වගේ බලාගෙන ඉන්නවා.. ඇයි ඉතින් දෙන්නා පිටිපස්සේ ටේබල් එකක ඉදන් කනවා බොනවනේ.. අපිටත් මොකෝ ඉතින් ලොක්කමනේ ගෙනත් දුන්නේ.. ඒකගේ ෆාමසිය ඒකට ඕන විදිහකට වැඩ කියලා අපිත් අපේ පාඩුවේ වැඩ කරගෙන  ගියා..

කාලෙත් එක්ක සීයගෙයි ලොක්කගේ අම්මගෙයි කනක්ෂන් එකත් වැඩි වෙලා ගියා.. ලොක්කගෙනුත් ඒකට ඒ තරම්ම අවුලක් පේන්න තිබුනේ නෑ.. හැබැයි ඊට පස්සෙනම් ආයේ දෙන්න එකට එළියේ ඇවිදින්න එහෙම නම් ගියේ නෑ..ඒත් නිතරම සීයා ෆාමසියට එනවා.. පුරුදු විදිහටම ලොක්කගේ අම්මත් එක්ක කතා කර කර ඉදලා යන්න යනවා.. ඔහොම තමයි ඉතින් තත්වේ.. මේ ලගදි තමයි තව හොදම වැඩේ උනේ..

පුරුදු විදිහට ෆාමසිය වහලා මම එන්න ලෑස්ති වෙද්දී ලොක්කගේ අම්මා මට කතා කරලා බෙහෙත් වගයක් අතට දුන්නා.. ඔය කලාතුරකින් දවසක මම ගෙදර එන අතරේ එයාගේ යාළුවෙක්ට හදිස්සියට බෙහෙතක් දීගෙන යන වැඩෙත් මට බාර වෙන හන්දා මාත් බෑ කියන්න යන්නේ නැතුව අර ගත්තා..

" කෝ මේකේ රිසිට් එක.. සල්ලි දීලද තියෙන්නේ, නැත්නම් අරන් එන්න ඕනද?" මම ඇහුවා..

" නෑ නෑ ඒවා හරි.."

" ඒත් ඉතින් රිසිට් එක ඕන නැද්ද?"

" උඹ මං දුන්නා කියලා දීපංකෝ.."

එහෙම කියලා මට ඇඩ්‍රස් එකත් එක්ක බෙහෙත් ටික දුන්නා.. මටත් ඉතින් මොකෝ කියලා මම ඒකත් අරන් එන්න ආවා.. මං ගෙදර එන පාරේ ලොක්කගේ අම්මට ඉන්නේ එකම එක යාළුවයි.. එහෙට කලිනුත් ගිහින් තියෙන හන්දා ඇඩ්‍රස් එක මට මතක උනාට මේක අළුත් නමක්.. ගේ හොයාගෙන ගිහින් බෙහෙත දෙන්න බලද්දී ඒ හිටියේ ෆාමසියට එන සීයා.. මම බෙහෙත දුන්නම ඒ මනුස්සයා මගෙන් රිසිට් එක ඉල්ලනවා..

" දොත්තොරෙස්සා ඕක දෙන්න කිවුවා.. ඒවා ඔක්කොම හරි.."

මම එහෙම කියලා සීයටත් ටටා කියලා එන්න ආවා.. ඒ එද්දී මට මතක් උනේ කාලෙකට උඩදී " ආටක නාටක " එකේ ගිය කතාවක්.. ඒකෙත් ජෝඩුව ලවු කලාට මොකද ප්‍රශ්ණ ආපු හන්දා අන්තිමේ බඳින්න සෙට් වෙන්නේ නාකි වෙලා.. අවුරුදු ගානකට පස්සේ මීට් වෙලා ඉස්සෙල්ලම යන්නේ ෆාමසියකට.. ගිහින් ඒකේ විසිටින් කාර්ඩ් ඉල්ලනවා ඉන්වයිට් කරන අයට කාඩ් එකත් එක්ක දෙන්න කියලා.. මොකද තෑගි වලට වැඩිය දැන් වටින්නේ බෙහෙත්ය කියලා.. මේකත් ඉතින් එහෙම සිද්දියක් වෙයිද දන්නේ නෑ.. අවුලක් නෑ ඉතින් ෆාමසිය එයාලගෙමනේ.. හැබැයි ඉතින් ලවු එක ඉලවු වෙන්නේ අම්මා බෙහෙත් තෑගි කරලා යවනවා කියලා පුතණ්ඬියට මාට්ටු වෙච්ච දවසට තමයි..

සිද්ද වෙන සමහර දේවල් එක පාරටම බලද්දී හිනා යන වැඩක් උනත් ආදරයට සීමාවල් නැහැයි කියන කාරණේ මට ආයෙම මතක් උනා මේ දෙන්නා දිහා බලාගෙන ඉද්දී.. මෙච්චර කාලෙකට ආච්චි කෙනෙක්ගේ ආදරේ නොලැබුන මට ඒ අඩුව මග ඇරුනේ ලොක්කගේ අම්මා නිසා.. ඒ නිසා මේ වැඩේට නම් මම ඉහලින්ම මනාපයි.. අනික ඉතින් තනියම ඉන්නවට වැඩිය එහෙම ඇවිත් හොයලා බලලා යන්න හරි කෙනෙක් ඉන්න එකත් කොච්චර දෙයක්ද.. දැන් මට පේන හැටියට අපිට ලොක්කගේ එකට කලින් අම්මගේ වෙඩිමට යන්න වෙයි වගේ..

ලයින් අක්කත් බැන්ඳට පස්සේ ෆාමසියේ ලවු ස්‍ටෝරියක් නැතුව තිබුන අඩුව දැන් ඒකෙන් මේකෙන් මඟ ඇරුනා..








64 comments:

  1. Replies
    1. නෑ නෑ ඒවා නෙමෙයි. ප්‍රෙශර් පෙති. :P

      Delete
    2. Aparade man hithuweth ewwa kiyala

      Delete
    3. වැරදියටමයිනේ හිතන්නේ ඉතින්..

      Delete
  2. සුභ මංගලම්!
    1. ලොක්කගේ අම්මට,
    2. ඊ ළඟට ලොක්කට
    3. ඊ ළඟට වර්ණට

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. 2,3 ගැනනම් ඉතින් කොහොම වෙයිද දන්නේ නෑ.. හැබැයි අපිත් බලාගෙන ඉන්නේ 1 වෙනකන් තමයි..

      Delete
  3. //දැන් මට පේන හැටියට අපිට ලොක්කගේ එකට කලින් අම්මගේ වෙඩිමට යන්න වෙයි වගේ..//
    එක මරු

    ReplyDelete
    Replies
    1. දැන්ම ශොපින් කරලා තියාගන්න ඕන..

      Delete
  4. ඔහොම දෙයක් අම්මටසිරි ලංකාවේ උනානම් ඉඳලා හමාරයි .නෙදකින් මුන්ගේ නාකි විසේ කියලා ඉන්න දෙන එකක් නැ ....මරු කතාව

    කොළොම්තොට නැත මහලු වී
    අවන්හල නැත පැරණි වී
    එදා හඳ ම යි අදත් යෞවනයේ
    එහෙත් අප දෙන්නා..

    බලන් කැඩපත සොඳුරියේ...

    කුඹ ගසක් උඩ නැවතිලා
    සිනා සලමින් සඳේ ඇයි සරදම්
    බලන් කැඩපත සොඳුරියේ
    පාට වත්සුනු දෙකොපුලෙන් පිස දා

    පෙරුම් පුරමින් හමු වෙලා
    උනුන් රහසින් බැන්ද ආදර පෙම්
    බලන් කැඩපත සොඳුරියේ
    කුමන අරුම ද නර කෙසක් නැඟිලා

    ගායනය - පණ්ඩිත් අමරදේව
    පද රචනය - ලූෂන් බුලත්සිංහල
    සංගීතය - විශාරද ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ

      " අම්මලට පිස්සුද?"
      " අපේ නම්බුවත් නැති කරන්නද හදන්නේ?"
      " මුණුපුරොත් බඳින වයසේ නේද ඉන්නේ?

      ඔහොම ලෝකේ නැති දේවල් අහ ගන්න තමයි වෙන්නේ..

      සිංදුවනම් මේකටම හරි යන එක.. මහළුකමත් ප්‍රශ්ණයක්ද ඉතින්..

      Delete
    2. සිරා කතව දිනෙශ්. ඔය තරම් වයසට නොගියත් බැරි වෙලාවත් දෙමවුපියෙක් දෙවනි කසාදයකට ලෑස්ති උනොත් මොන තරම් දේවල් අහ ගන්න වෙනවද.

      Delete
    3. ඒක තමයි ඉතින් ලංකාවේ වෙනස.. හරියට දෙමවුපියෝ බලාගන්නෙත් නෑ එහෙම දේකට ඉඩක් දෙන්නෙත් නෑ..

      Delete
  5. ලංකාවේ නෙවෙයි නේද?

    ලංකාවේ උනා නම් මේ වෙනකොට වයසක ජෝඩුව ඉවරයි. අන්න එහෙම ධර්මද්වීපයක් මේක!

    ReplyDelete
    Replies
    1. හා හා ඒ ඉස්සර.. අපි දැන් ඉන්නේ මෛත්‍රී යුගයක.. දැන් එහෙම වෙන්නේ නෑ.. හික්ස්..

      Delete
    2. හික්ස්. එහෙම වෙයිද කියලා බලමු.

      Delete
    3. අපි එහෙම හිතමු..

      Delete
  6. හරිම ආසා හිතුනා. පව් නේ ඒ දෙන්නා.

    ReplyDelete
    Replies
    1. මොන පවුද බං.. පවු වෙන්නේ ඒ දෙන්නට ඒකට ඉඩ නොලැබුනානම්.. දැන් ඔය ඉන්නේ හොදට සතුටින්..

      Delete
  7. Ado patta story eka.

    ReplyDelete
  8. මාර ලව් ඉට්ටෝරියක් නෙව...
    දෙන්න බදීද දන්නෑ මේම මේම ඉදල...
    හිහි

    කෝ අර සිහින කියන මනුස්සය කතාවක් ලිය ලිය ඉදල එක පාරටම අතුරු දං වුණ මනුස්සය

    ReplyDelete
    Replies
    1. බැන්දොත් නම් මරු.. ආච්චිලගේ වෙඩින් එකට යන්න හම්බුවෙන්නේ කියෙන් කීදෙනාටද මං අහන්නේ?

      Delete
  9. මරු නේ.. හැබෑට ඔය යුරෝපීය කාරයෝ නාන්නෙම නැහැ නේන්නං..

    ReplyDelete
    Replies
    1. නාන්නේ නැත්තේ වින්ටර් එකට විතරයි.. ඒකටත් එක්ක අල්ලලා සමර් එකේ මුහුදෙමයි..

      Delete
    2. මමත් අහන්න හිටියේ අම්මා,නාන නොනනා එක මේකා දන්නේ කොහොමද කියලා.:D

      Delete
    3. හෙහ්, ඕකත් මහ දෙයක්ද බං.. ලොක්කගේ අම්මගේ කොණ්ඩේ කපන්න කෙනෙක් ගෙදරටම එනවා.. එදාට තමයි නාන්නේ කියලා තමයි අපි දැනන් හිටියේ..

      Delete
  10. ලංකාවේ වගේ උනා නම් කොහොමට හිටීවිද ?

    ReplyDelete
    Replies
    1. කැලෑ පත්තරත් ගහාවි..

      Delete
    2. ලයිව් ඇට් 8 එකෙත් යාවි. නාකි විසේ කියලා.

      Delete
    3. ශෝට් ෆිල්ම් එකක් ගහලම..

      Delete
  11. අපි වයසට වඩා නාකි වෙනකොට උන් හිත් වලින් තරුණයි.. මගේ කලින් ප්‍රොජෙක්ට් එකේ PM හිටියේ ස්කොට් ජාතිකයෙක් අවුරුදු 70කට කිට්ටුයි. ඌ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න මාර ඉක්මන් කරා උගේ අලුත් වයිෆ් එක්ක ලෝකෙ වටෙ නැව් සවාරියක් යන්න. අලුත් වයිෆ් මූට වඩා අවුරුදු 2ක් වැඩිමල්ලු.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං මිනිස්සු.. ජීවිතේ විදින්න මිනිස්සු එහෙම දේවල් වලින් තමයි..

      Delete
  12. Replies
    1. හරිම ප්‍රේමණියයි.. :P

      Delete
  13. මිනිස්සු කියන ජාතිය ස්වභාවයෙන්ම තනියම ජීවත් වෙන්න අකමැතියි. කවුරු එක්ක හරි කිට්ටු බැඳීමක් අත්‍යාවශ්‍යයයි.දරුවො කොච්චර ආදරේ උනත් හොයල බැලුවත් ඒක වෙනයි.....අපූරුවට උඹ ලියල තියනව..මලේ...:)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රවී අයියේ.. තනිකම එක්ක ජීවත් වෙන මිනිස්සු හරි අඩුයි.. ඒ තනිකම දරාගන්න එක හුඟක් අමාරු දෙයක් නිසා වෙන්න ඇති.. හැබැයි මෙහෙම හරි දෙයක් ඇති වෙන එක හොදයි.. හිතේ තියෙන දෙයක් හරි නිදහසේ කතා කරන්න පුළුවන්න්නේ..

      Delete
  14. ඇත්තටම පව්..වයසට ගියහම ඇතිවෙන හුදෙකලාවත් එක්ක ආසියාතික දෙමව්පියෝ නම් දරුවෝ ගැන දුක්වෙනවා, අතීතය සිහි කරනවා, දරුවන්ගේ ආදර සැලකුම්වලින් සැනසෙනවා..ඒත් සමහර රටවල එහෙම නෑ නේ නේද?..එයාලට ඉතින් ඔහොම ආදර සතුටක් ලැබෙන එකත් ලොකු දෙයක් වෙන්න ඇති මලයෝ..

    ලොක්කගේ ෆාමසියෙන් ලොක්කගේ අම්මා වැලන්ටයින් ගිෆ්ට්ස් යවනවා නම් ඔන්නොහේ සපෝට් එකක් දීපන් බන්..ඒවා යුතුකම්! ;)

    ReplyDelete
    Replies
    1. ආසාසියාතික පැත්ත ගත්තම ඉතින් වයසට යද්දී සමහරු නම් පවුලේ කොන් වෙන ගතියකුත් තියෙනවනේ.. ජෙනරේශන් අවුල.. මේවයේ නම් ඉතින් එහෙම ප්‍රශ්ණ නෑ..

      හෙහ් හෙහ්.. මම කොහොමත් කවදත් ලවු වලට ෆුල් සපෝට් මිනිහනේ.. මේකටත් එහෙම තමයි..

      Delete
  15. එල එල.. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු...

    ReplyDelete
    Replies
    1. අපි මේ කේක් කෑල්ලක් කන්නමයි බලාගෙන ඉන්නේ..

      Delete
  16. ආදරේට වයස් බේදයක් නෑ කියන කතාව ඇත්තක් වෙලානේ.මොනව උනත් ඒ දෙන්නා ලන්කාවේ නොඉපදුනේ වාසනාවකට.

    ReplyDelete
    Replies
    1. ආදරේට කිසිම දේක බේදයක් නෑ.. ඒවා ඉතින් හදාගන්නේ ඒ දිහා බලන මිනිස්සුමනේ.. අපෝ ඔවු.. ලංකාවේ නොවුන එක ලොකුම දෙයක්..

      Delete
  17. //පොඩ්ඩක් ඉතින් ඔය සමහර දේවල් අමතක වෙන අවුල ඇරුනම් වෙන නම් කියන්න තරම් ලොකු අප්සට් එකක් නෑ…//

    //ඒ සීයට ඇවිදිනකොට විතරක් ඇගේ දුර්වල කම පේනවා ඇරෙන්න ඒ පෙනුම දිහා බැළුවම නම් කිසිම ලෙඩක් නැති මනුස්සයෙක් වගේ පේන්නේ…//

    මරු ජෝඩුව අප්පා...ආදරේට තවත් ආදරේ හිතෙනවා දිනේශ් මේ කතාව දැක්කාම. මම කියවපු ලස්සනම ආදර කතාවක්... :)

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි පොඩ්ඩි අක්කෝ.. සමහරු ගැලපෙන්නේ අපි ඉතින් නොහිතන විදිහටනේ.. සර්ව සම්පූර්ණ අය ලගත් ආදරේ හරි හැටි ආදරේ නැති කොට මේ පොඩි හරි ආදර කතා වල හිතට ගන්න හුඟක් දේවල් තියෙනවා.. නියම ආදරේ කියන්න අන්න ඒකට තමයි ඉතින්..

      Delete
  18. පව්... තනි වුනාම ආදරයක් ඕනේ කියලා හිතෙන්න ඇති.

    ආදර කතාව නම් අපූරුවට ලියලා තියෙනවා. :)

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුන එකෙත් වැරැද්දක් නම් මම දකින්නේ.. ආදරේ සෙනෙහස ඉතින් අපි කාටත් ඕනම කරන දෙයක් නේ..

      Delete
  19. ඒකනේ කියන්නේ මල්ලි ආදරේට සිමා මායිම් නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක තමා අයියේ මාත් මේ කිවුවේ... :P

      Delete
  20. ජීවිතේ සුන්දරද මෙතරම් ......!!! ලොක්කා වෙඩිම ගන්නෙත් නැති එකේ අම්මා ගන්න එක හොඳයි !

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් නම් හොදයි බං.. දෙන්නා ඉතින් ආදරේ කරාවි මුණ ගැහේවි ගමන් බිමන් යාවි.. ඒත් ඉතින් ඔය අපි හිතන වගේ වෙඩින් නම් ගන්න එකක් නැති වේවි..

      Delete
  21. ආදරය කියන හැගීම හරියට තේරුම් ගත්ත මිනිස්සු අඩුයි. ආදරය කියන්නෙ සතුටක් ආරක්ශාවක් කියන දේ මෙතනදි හොදටම පේනවා. ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ආදරේ කියන දේ අද හුඟක් දෙනෙක් දන්නේ නෑ..

      Delete
  22. එහෙනම් ළඟදීම මඟුලක් :D

    ReplyDelete
    Replies
    1. සමහර විට.. සමහර විට..

      Delete
  23. පළවෙනිම කමෙන්ට් එකේ තියෙන ඒවා නැද්ද කියලා අහන්නයි මම හැදුවෙ...කෝ ඒක එකෙක් අහලනෙ...ඇත්තටම ආදරයට වයස ගැටලුවක් නෑ බං..මමත් දැකලා තියෙනවා මෙහෙ ගොඩාක් ආදරයෙන් ලං වෙලා ඉන්න වයසක ජෝඩු...ඒ අය ගතින් වයසට ගියාට සිතින් තරුණයි..ආදරය කවදාවත් වයසට යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ.. ආදරේ හිත් වලින් හිත් වලට, හැඟීම් වලින් හැඟීම් වලට වෙනස් උනාට කවදාවත් වයසට යන දෙයක් නෙමෙයි.. ඒක තරුණයි.. කවදත්, හැමදාමත්..

      Delete
  24. හරිම වාසනාවන්ත කතාවක්

    ReplyDelete
    Replies
    1. අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා ඒ දිහා බලාගෙන ඉද්දී තිලකේ අයියේ..

      Delete
  25. මොනා කියන්නද කියලා හිතාගන්න බෑ :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ හිතෙන දෙයක් කියල දාන්න..

      Delete
  26. දැන් ඉතින් උඔත් පිලිවෙලක් වුනෙත් හොදයි කොලුවෝ..
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. මං තාම පොඩි එකා..

      චියර්ස්..

      Delete
  27. දැන් ඉන්න ඉස්කෝලේ යන කොල්ලො කෙල්ලො ආදරෙ කියලා දකින කරන දේවල් වලට වැඩිය මේ ආදර කතා කොච්චර ලස්සනද.

    ReplyDelete
    Replies
    1. ඒකට එකගයි.. දැන් ඉතින් ලිංගිකත්වය පස්සෙන් දුවන අයනේ ඉන්නේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්