Thursday, 6 March 2014

නුඹ නොමැති හද ගැස්ම



ඇත්තටම අපි හුඟක් දුරයි.. සමහර විට මම මේ කියන දේ පිළිගන්න ඔයා සූදානම් නැති වේවි.. ඒ ඔයා මට ආදරේ හන්දා.. ඔයා මගේ ලගම ඉන්න කැමති හන්දා.. ඒ වුනත් ගෙවිලා ගියපු කාලයත් එක්ක බලද්දී අපි දන්නෙම නැතුව අපෙන් හුඟක් දුරකට ඇදිලා ගිහිල්ලා.. ඇත්ත, හුඟක් දෙනෙක් කිවුවේ අපි තරම්ම ගැලපෙන කවුරුවත් නැහැයි කියලා.. ඔවු, ඒක ඇත්ත.. කාලයත් එක්ක හැමදෙයක්ම වෙනස් නොවෙන්න අපි තාමත් අපි ලගම ඉන්න තිබුනා.. හැමෝම බලාපොරොත්තු වුන විදිහට.. ඒ වුනත් කලය හුඟක් වෙනස් වෙලා..

මතකද අපි අපේ වුන මුල්ම දවස් වල.. එතකොට අපි හිටියේ හුඟක්ම ලගින්.. නිතරම වගේ අපිට අපිව දැනුනා.. ඒ හැඟීම කොයි වගේද කියන්න ඔයත් මාත් හොදටම දන්නවා.. අපි ඒකට ආස කලා.. හැම තැනකම වගේ අපි ගොඩක් නිදහසින් ඇවිදගෙන ගියා.. අපි දිහා බලපු හුඟක් අය ගොඩක් වෙලාම අපි දිහා බලාගෙන හිටියා.. අපි ඒක ගැන ඒ තරමටම නොහිතුවට ඔවුන් අපි ගැන කතා වුනා..

ඒත් දැන් කාලය ඒ තරම්ම සුන්දර නැහැ.. ඇත්ත අපි තාම එක ලගින් ඉන්නවා.. ඒ වුනත් අර ඉස්සර වගේම ලගින් ඉද්දී දැනුන සතුට අපේ හිත් වල තැනක ඉතුරු වෙලා තියෙනවද කියලා මට නිතරම හිතෙනවා.. මම තාමත් ආදරෙයි, මේ ලෝකේ අපි  දෙන්නවම දැක්කේ එක්කෙනෙක් විදිහට.. අපි ගැන ඔවුන් කතා කලේ එකට.. ඒත් අපි? මට හිතෙනවා අපි දැන් අපිට අයිති නෑ කියලා..

මම ඔයාට හුඟක් රිද්දනවා.. ඒක හැම වෙලාවකම හිතලා කරන දෙයක් නොවුනත්, මම දන්නවා මම හින්දා ඔයාට ගොඩක් රිදෙනවා.. මගේ ලගට ඔයා ආදරෙන් දුවන් එන හැම වෙලාවකම මම හිතන්නෙවත් නැතුව ඔයාව හුඟක් ඈතකට තල්ලු කරනවා.. එතකොට ඔයාට රිදෙනවා.. ඒත් ඒක ගැන හිතෙන්නෙවත් නැතුව ඔයා ආයෙම මං ලගට එන්න උත්සාහ කරද්දී එක වෙලාවකට මට අපි ගැනම පුදුම හිතෙනවා..

වෙලාවකට හිතෙනවා කෑ ගහලා කියන්න, මට ඔයාව එපා කියලා.. මට ඔයාව අයිති නැහැ කියලා.. ඒත් ඔයා ලගදි ඒ කිසිම දෙයක් මට වචන කර ගන්න බැහැ.. ඒ ආදරේ නිසා.. ඒත් මට හිතුනා වෙලාවකට ඔයාට මාව එපා වෙයි කියලා.. ඒත් ඔයාට එහෙම වුනේ නෑ.. නිතරම ඇවිත් නැවතුනේ මගේ ලගම.. ඒ වෙලාවට කියන්න ඕන දේවත් කියා ගන්න මේ හිතට පුළුවන් කමක් නෑ.. මටත් ඕන ඔයා ලගටම වෙලා ඉන්න..

මතකද මේ ගෙවිලා ගිය මාස දෙක..  ඒ වගේම අද.. අපි අපේ ලග හිටියත් අපි අපේම නොවුන මහා අවාසනවන්තම කාලයක්.. මූණට මූණ බලාගෙන ඔහේ ගෙවිලා ගිය දවස් තරම් කාලකණ්නි කාලයක් තවත් තිබුනද කියලා මට හිතා ගන්න බැරි තරම්.. ඔයා නිතරම හිටියෙ කළකිරිලා.. ඈතින් හිටියා වුනත් මට ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් වුනේ නෑ.. මට වෙලාවකට හිතුනා ඔයාගේ හුදෙකලාවට ඉඩ දිලා ආයෙම හැරිලා යන්න.. එතකොටවත් අඩු ගානේ ඔයා හිනාවෙයි කියලා මට හිතුනා..

මම දන්නවා, ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා.. ඒත් මං ගාවට එන හැම වෙලාවකම ඔයාගේ හිතට රිදෙනවා වෙනුවට ඒක ටිකක් හරි හොදයි කියලා මම හිතුවා.. ඔයාගෙන් ඈත් වෙලා ඉන්න මට හිත හදාගන්න අමාරුයි.. ඒත්, ඔයා වෙනුවෙන් එහෙම දෙයක් වුනත් කරන්න බැරි කමක් ඇත්තටම මට තිබුනේ නෑ.. ඒත්, ඔයාගේ ඔය හැඟීම නිතරම මාව ඔයා ලගටම ඇදලා ගන්නවා.. මට හිතා ගන්න බෑ..

සමහර විට මේ වේදනාවම අපිව ලඟින් තියාවි.. මට වෙලාවකට එහෙම හිතෙනවා.. මගේ ලගට එන ඔයාව රිද්දලා ආයෙම ඈතට එලවද්දී ඔයාට තරමටම මටත් හුඟක් රිදෙනවා.. ඒත් ඒක මේ දෑත් වල බරට, වේගයට කොහෙත්තම නොදැනේවි.. මේ අඳුරු සිතුවිළි අස්සේ හැංගිලා මම ඔයාගේ දිහා බලාගෙන ඉන්නවා.. සමහර විට ඔයාට ඒක නොපෙනෙනවා ඇති.. එත් මම ඔයාට ආදරෙයි.. ඇත්තටම මට ඔයාගෙන් ඈතට වෙලා ඉන්න තරම් හිතේ ශක්තියක් නෑ..

රිදුම් දුන්නත් මේ ආදරේ අපිට ඕන.. එහෙම නේද? මම හිතනවා ඔයත් ඒ විදිහටම හිතනවා ඇති කියලා.. නිහැඬියාව බිදෙන මොහොතක් වෙනකන් මම ඔයා දිහා බලාගෙන ඉන්නවා.. මට හිතෙන්නේ මට දැන් කරන්න පුළුවනුත් එච්චරයි කියලා..

............................

" ඒ උඹේ එක්සෑම් ඉවරද බං?"



" ඔවු මචං ඇයි?"



" එහෙනම් ඔය බැට් එකයි බෝලෙයි අරන් වරෙන්.. මාස දෙකකින් විතර සෙල්ලම් කරන්න බැරි වුනා.."

............................








Monday, 3 March 2014

යස ඉසුරු නොමැති තැනා



යස ඉසුරු නොමැති තැනා

ආස්චර්‍යා සිටින රටා.

දුරක ඇතේ ලගම නැතේ

අපි යන්නේ කොයි පාරේ. //



සාටකයේ පාලනයට කැන්දන් යමි මම

සහෝදරවරුන් කල

කෙලි සෙල්ලම් දැක දැක

ඉවසන් ඉදිමුද තව

ඇස් ඉදිරියෙ අප ලග.



යුද්ධයේ ඉස්ටෝරිය ඉදා ඉදන් අද

නිදි මර මර මුර කොට

ජෙනරල්ලා සිර කොට

අර ගත්තේ කතිරය

තව බොහෝ දුරකට..



යස ඉසුරු පිරුණු තැනා

ඇමතියලා සිටින තැනා

දියවන්නා ඔයම වසා

උන් යන්නේ අපිව තලා..//





මැතිවරු අගමැතිවරු  හැඩ මන්ත්‍රිනීවරු

කල  මගෝඩි දැක දැක

තව කතිර දියන් හෙට

උන් බලයේ ඉන්නට..



හිටි හැටියෙම අවදි වෙලා යකා නැටුවට

බටර් හොදටම ගෑවට

කුඩු කන්ටේනර් ඇත

කැසිනෝ රෝයල් මැද..



යස ඉසුරු පිරුණු තැනා

ආස්චර්‍යා හිදින තැනා

සිහිනයකී, සැබෑවක් නොවේ

සිහිනයකී, සැබෑවක් නොවේ

අපි ඉන්නේ සිහින ලොවේ..




අති විශේෂයි : මේවා ලියනවට වැඩිය අමාරුයිනේ පින්තූරයක් හොයලා දාන එක.. ඔන්න ඔහේ ජංජලෙන් අහුලන් මේ දෙක දැම්මා..