Thursday, 27 February 2014

ඔවු, මම වැරදියි



ඒක දිග කතාවක්.. කෙනෙක් අහන් ඉන්න සූදානම් නැති තරමේ දිග කතාවක්.. ඒත් මට මේ හැම දෙයක්ම කියලා හිත නිදහස් කර ගන්න ඕන.. මම දන්නවා, මං ගැන හිතන් හිටපු හැම දෙයක්ම මේ කතාවෙන් පස්සේ වෙනස් වෙයි කියලා.. ඒත්, මට හැම දෙයක්ම කියන්න ඕන.. එක තත්පරයකදී ජීවිතය කොයි තරම් වෙනස් පුළුවන්ද කියන එක කවුරුවත්ම දන්නේ නෑ.. ඇත්තටම කවුරුවත් ඒක දකින්න උත්සාහ කරන්නේ නෑ.. මං වුනත් එහෙමයි.. ඒත් කාලයත් එක්ක ඒ හැම දෙයක්ම වෙනස් වෙලා..

මේපල් කොල හැළුන පාර දිගේ ඇවිදන් ආව තවත් එක
රස්තියාදුකාරයෙක් විතරයි මම.. හෝදන්නේ නැතුව හැමදාම අදින ඩෙනිමයි දවස් දෙකක් එක දිගට ඇදන් ඉන්න නිල් පාට ටී ශර්ට් එකයි එක්ක තනියම පාරේ ඇවිදන් යන මං හැමෝටම පේන්නේ රස්තියාදුකාරයෙක් විදිහට.. ඒත්, ඒ රස්තියාදුව තමයි මම මගේ ජීවිතේ හුඟක්ම ආස කරන හුදෙකලාව.. ඔවු, ඒ හුදෙකලාටම මම හුඟක් ආසයි.. දකින අය මාව කොයි විදිහට නිර්වචනය කලත් හුදෙකලාව මගේ ජීවිතයෙම කොටසක් වෙලා ඉවරයි..

හවසට රංචු ගැහෙන්න හැමෝම නවතින පාර්ක් එක පහු කරන් මම පුරුද්දට වගේ එන්නේ අත ඇරලා දාපු පරණ බස් ස්ටෑන්ඩ් එකට.. ඒකට හේතු හුඟක් තිබුනා.. පාර්ක එකට වෙලා ඉන්න තරම් රංචුවක් මට හිටියේ නෑ.. මට කෙල්ලෙක් නැහැ.. මූණ පුරා වැවුන රැවුලයි  හරි හැටි පීරලාවත් නැති කොණ්ඩෙයි එක්ක කවුරු මං දිහා බලන්න්ද? බැළුවත් ඒ බැල්ම හරියට කවදාවත් නොදැක්ක අමුතු සතෙක් දිහා බලන ගානයි.. මට මේ හුදෙකලාව ලග ඒ හැමදේකටම වැඩිය සොදුරු මතකයක්, ජීවිතේ විදින්න පුළුවන් කමක් ඉතුරු වෙලා තිබුනා.. ඒ හන්දමයි මම නිතරම මෙතන තෝර ගත්තේ..

ටයර් පොලවටම දිරාපත් වුන පරණ බස් පෝලිම මගේ නිදහසට කියාපු තැනක්.. බස් අතරෙම කූඬු හදාගත්ත පරවියෝ ඇරෙන්න මෙතන මට බාදාවක් වෙන්න වෙන කිසිම දෙයක් නෑ.. මම විතරමයි. තනියම.. ටිකක් විතර පරණ වෙලා නොගිය බස් එකක් අතරේ හංගලා තිබුන ස්ප්‍රේ කෑන් ටික අතට ගත්තේ දවස් ගානක් තිස්සේ ඉවරයක් කරන්න බැරි වුන වැඩේ අදවත් ඉවරයක් කරන්න ඉඩක් ලැබෙයිද කියලා හිත හිත.. ඉතුරු පාට තුනයි.. ආයෙම ස්ප්‍රේ ගන්න තරම් සල්ලියක් ලග නෑ.. ඒ හන්දා කරන දෙයකට ඉතුරු වෙලා තිබුනේ මෙච්චරයි..

කුණු දූවිළි වලින් වැහිලා ගිය හැම තැනකටම වැඩිය භාගෙට පාට කරපු චිත්‍රේ තිබුන තැන තිබුනේ අමුතු එළියක්.. ඒ නිතරම මම එතන හිටපු නිසා වෙන්න ඇති.. මම දන්නේ නෑ මම කොච්චරනම්  දවසක් මෙතනම ගෙවලා දාන්න ඇද්ද කියලා.. ඒත් මම මෙතනට කැමතියි.. ඒ භාගෙට ඉවර වුන චිත්‍රේ දිහා බලාගෙන ඉන්න කැමතියි..

තවත් මට පාට කරන්න තරම් මහ ලොකු දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.. යන්තම් පාට ඉතුරු වෙලා තිබුන කලු ස්ප්‍රේ එකෙන් බිත්තිය පුරා මැවුන ඒ රූපේ අඩුපාඩු හදන්න මම උත්සාහ කලා.. ඇත්තටම එය අපහසුයි.. ඒත් අන්තිමේ මම මට ඕන දේ කලා.. මම චිත්‍රය සම්පූර්ණ කලා.. වටපිට තිබුන නිස්කලංක කම එක්ක ඒ චිත්‍රේ දිහා නිදහසේ බලන් ඉන්න පුළුවන් පසුබිම ඉබේම හැදිලා.. මම ටිකක් පස්සට ගියේ ඈතට වෙලා ඒක රසවිදින්න ඕන වුන හන්දා.. මම දන්නේ නෑ මම කොච්චර වෙලා බලාගෙන හිටියද කියලා.. හරි හැටි වැඩ නොකරන විදුළි පහන් හන්දා කළුවර ඉක්මනින්ම් එතනට එනකන් මම හුඟක් වෙලා බලාගෙන හිටියා.. හිතේ ආසාවට..

.........................

පහුවදා මට දැනුනේ මම වෙනස්ම මිනිහෙක් විදිහට.. ඒක හරි හැටි විස්තර කරන්න අමාරු තරමේ හැඟීමක්.. උදේම නැඟිටලා පුරුදු ඇදුමම ඇදගෙන පුරුදු රස්තියාදු ගමනින්ම ගියේ බස් ස්ටෑන්ඩ් එකට.. ඒ ඊයේ නැවතුන තැන ඉදන් ඒ චිත්‍රේ දිහා බලාගෙන ඉන්න මට ඕන වුනා.. මම දන්නේ නෑ ඇයි කියලා.. මම හිතන්නේ මම ඒකට වශී වෙලා..

හුළගත් එක්ක පරිසරයේ තිබුනේ අමුතු වෙනසක්.. ඒ හැඟීම වෙනදට වැඩිය ටිකක් අමුතුයි.. බස් ස්ටෑන්ට් එකේ පොළව වැහෙන තරමටම පිරිලා තිබුන මේපල් කොල තැන් තැන් වල අයින් වලට ගහගෙන ගිහින්.. හැමදේම වෙනස්.. චිත්‍රේ ගාවට ඇවිදන් යද්දී මගේ හිත එක මොහොතකට නතර වුනා.. ඔහු, ඔහු කවුද?

පරණ කිළුටු වෙලා ගිය වැහැරුණු ඇදුමක් අදගෙන මගේ චිත්‍රේ දිහා බලාගෙන හිටිය වයසක කෙනා ගැන මගේ හිත වෙන කිසිම දේකට වැඩිය උනන්දු වුනා.. මේ වෙනකන් කවමදාවත් මෙතනදි නොදැක්ක ඔහු හදිස්සියෙම ඇවිත් මේ චිත්‍රේ දිහා බලාගෙන ඉන්න තරම් තියෙන ඕනකම මොකද්ද..

" උඹ කවුද?"

හිතේ තිබුන කේන්තියත් එක්ක වචන පිටවුනේ ඒ විදිහට.. මම  දන්නවා ඒක වැරදියි කියලා.. ඒත් මට ඕන වුනේ තනියම වෙනදා වගේම ඒ දිහා බලාගෙන ඉන්න..

" පුතාට මාව කරදරයක් නම් සමාවෙන්න.."

ඔහු මගේ දිහා නොබලම කිවුවා.. තාමත් ඔහු ඉන්නේ චිත්‍රේ දිහාම බලාගෙන..

" මොකද ඔතන කරන්නේ? ඇයි ආවේ?"

හුඟක් කල් තනියම මෙතන ගෙවලා දාපු නිසාද කොහේද මට දැනුනේ මේ තැන මගේ වගේ.. ආගන්තුක ඔහුව මට පෙනුනේ මහා කරදරයක් විදිහට..

" මේ චිත්‍රය හුඟක් ලස්සනයි.. ඒ දිහා බලාගෙන ඉද්දී අතීතය මගේ මතකයත් එක්ක සෙල්ලම් කරනවා වගේ දැනෙන්නේ.."

ඔහු කවුරු වුනත් ටිකින් ටික මගේ කේන්තිය වැඩි කරනවා.. මම දකින්න ඕන කරපු මම විඳින්න ඕන කරපු හැඟීම් ඔහුගේ වචන වලින් එලියට එද්දී මට දැනෙන්නේ මහා නොරිස්සුම් ගතියක්..

" මම දක්කා පහුගිය ටිකේම ඔය ළමයා මෙතනට වෙලා මේක ඉවර කරන්න හුඟක් මහන්සි වෙනවා.. මට සතුටුයි ඒ ගැන.."

" ඔවු, මම ආසාවෙන් පටන් ගත්ත දේ මම ලස්සනට ඉවර කලා.."

චිත්‍රයෙන් ඇහැ ඉවතට ගත්ත ඔහු පළවෙනි වතාවට මගේ දිහා බැළුවා.. ඔහුගේ මුහුණ හරියට දැක්කේ ඒ වෙලාවේ මම.. කාලයත් එක්ක අවපැහැ ගැන්වුනා වුනත් ලා දුඹුරු පාට ඇස් වල මොකද්දෝ මන්දා අමුතු කතාවක් තිබුනා.. වියපත් වුනත් මං වගේම රස්තියාදුකාර පෙනුමෙන් හිටිය ඔහුගෙන් මම එක මොහොතකට මාවම දැක්කා..

" මොකද්ද මේ චිත්‍රයේ කතාව?"

ඔහු හදිසියේම වගේ මගෙන් ඇහුවා.. ඒ තියුණු ඇස් වලින් කෙලින්ම බලාගෙන හිටියේ මං දිහා.. ඇත්තටම මම එක මොහොතකට ගොළු වුනා..

" මුකුත් නෑ.. මට නිකන් හිතිලා ඇන්දා.."

" ඔබ ඇයව දැකලා තියෙනවද?"

ඔහු ආයෙම චිත්‍රය දිහා බලන ගමන් මගෙන් ඇහුවා.. ඔහු ඉන්නේ චිත්‍රයට ආසාවෙන්.. හරියටම මං වගේම.. ඒත් මේක මගේ..

" හැහැ, මගේ හිතේ ඇදුන දෙයක් විතරයි.."

" හිතේ ඇදුන රූපයක් මේ විදිහටම අදින්න පුළුවන් වෙන්නේ ඒ කෙනා ඇත්තටම දැකලනම් විතරයි.."

" ඔබට මනස්ගාත.."

" බලන්න ඒ ඇස් දිහා.."

ඔහුගේ මානය දිගේ මම ඒ ඇස් දිහා බලන්න උත්සාහ කලා..

" ඒවයේ වේදනාවක්.."

මගෙන් ඉබේම වගේ පිටවුනා.. ඔහු මගේ වචන වලට හිනා වුනා..

" නෑ, ඒ බලාපොරොත්තුවක්.. කවුරුහරි කෙනෙක් වෙනුවෙන් මඟබලාගෙන ඉදීමක්.. ඔබ, ඔබේ චිත්‍රය ගැන හරි දැනීමක් නෑ.."

ඔහුගේ වචන වල තිබුනේ අපහාසයක්.. ඔහු දිහා නොබලම මම චිත්‍රය දිහා බලාගෙන උත්සාහ කලා.. ඒත් ඔහු ගැන ඇති වුන හැඟීමත් එක්ක මට ඒක කර ගන්න බැරි වුනා..

" මම ඔබට කියන්නම් කතාවක්.."

චිත්‍රය ලගින් ඈත් වුන ඔහු ඒ බිත්තිය ලගම තිබුන බංකුවක කොළරොඬු අතින් පිහදාලා දාලා එතනින් වාඩි වුනේ ඔහුගේ වයසත් එක්ක තවත් වෙලා එකම විදිහට ඉන්න එක අපහසුවක් බව තේරුම් අරගෙන..

" මොකද්ද?"

මම ඔහුගේ ඉස්සරහින්ම බිත්තියට හේත්තු වෙන ගමන් ඇහුවා.. විනාඩියක විතර නිහැඬියාවට පස්සේ ඔහු ඔහුගේ කතාව පටන් ගත්තා..

" මේක හුඟක් කාලෙකට කලින් සිද්ද වුන දෙයක්.. මේ නගරය මේ
විදිහට වෙනස් වෙන්න කලින්.. එතකොට නගරයේ හැමෝම ආවේ ගියේ මෙතනට.. අද වගේ මෙතන පාළුවෙලා තිබුනේ නෑ.. ඔය ලමයා ඔය හේත්තු වෙලා ඉන්න තැන දිගටම තිබුනේ පොඩි ලෑලි කඩ.. කෑම බීම, පත්තර, හැම දෙයක්ම මෙතන තිබුනා.. මිනිස්සු නිතරම ආවා ගියා.. හැබැයි ඒත් එතකොට මේක පුංචි ගමක්.. දැන් තරම්ම ගොඩක් මිනිස්සු නොහිටියට ඉන්න හැම කෙනෙක්ම වගේ හැමෝම අඳුරනවා.. ඒ අතරින් විශේෂ කෙනෙක් හිටියා.. කැත්‍රීන්.. කැත්‍රීන් තමයි නගරයේ හිටපු ලස්සනම කෙල්ල.. හුඟක් දෙනෙක් එයාට ආදරේ කලා.. හුඟක් කොල්ලෝ නිතරම කැත්‍රීන් ගැන හීන දැක්කා.. ඈ හරියට කුමාරිකාවක් වගේ.. ඇයට පෙම්වතෙක් හිටියා.. නිතර අහන විදියේ පරිසර දෙකක ආදරයක් නෙමෙයි ඒක.. ඔවුන්ගෙ ආදර කතාව ගමේ හැමෝම වගේ දැනන් හිටියා.. හැමෝම බලාගෙන හිටියේ ඔවුන්ගේ විවාහය වෙනකන්.."

" කවුද ඒ ආදරවන්තයා?"

ඔහු කතාවට මද විවේකයක් දුන් සැනින් මම ඇහුවා..

" ලූකස්, ගමේ හිටිය ශක්තිවත්ම තරුණයා.. ලූකස් එක්ක හැමෝම සුහදයි.. මේ ගමේ ලූකස් නොදන්න අස්සක් මුල්ලක් නොතිබුන තරම්.. ලූකස්ට මේ ගම එයාගේ ජීවිතේ වගේ.."

" ඉතින් ඔවුන් බැන්ඳද?"

මට ඕන වුනේ කතාව උඩින් පල්ලෙන් අහගෙන ඔහුව ඉක්මනින්ම යවා ගන්න.. එතකොට මට නිදහසේ මෙතනට වෙලා ඉන්න පුළුවන් නිසා..

" ඒක මහා අවාසනාවන්ත කාලයක්.. හැමදෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්ත කාලය.. දියුණු නගර වල මිනිස්සු මෙහේ එන්න යන්න ගත්තා.. ඒකේ හොද වගේම නරකත් තිබුනා.. නරක දේ බලපෑවේ ලූකස්ට.."

" ඇයි?"

ඔහු ටිකක් අමාරුවෙන් වගේ වාඩිවෙලා හිටපු බංකුවෙන් නැගිටින්න උත්සාහ කලා.. ඒත් බැරි වුන තැන ටිකක් එහා මෙහා වෙලා ඔහු ආයෙම කතාවට වැටුනා..

" ලුකස්ට හමුදාවට යන්න ඕන වුනා.. ගමේ හැමෝම වගේ එකට විරුද්ධ වුනා.. විශේෂයෙන්ම කැත්‍රීන්..විවාහය ලග නිසා ඇයට ඕන වුනේ ඔහුව ලග තිය ගන්න.. ඒත් ලූකස් ඒ වෙලාවේ ටිකක් හිතුවක්කාර වුනා.. කැත්‍රීන්ගේ අකමැත්තෙන් වුනත් ලූකස් අන්තිමේ කැලිෆෝනියා වලට පිටත් වුනා.."

" ඊට පස්සෙ?"

අකමැත්තෙන් වුනත් අහන්න පටන් ගත්ත කතාව මේ වෙද්දී මටත් නොදැනිම හිතට වැදිලා.. ඔහුගේ වෙවුලන කටහඬින් කතාවේ අවසානය වෙනකන් බලාගෙන ඉන්න බැරි තැනටම හිත දැන් ඇවිල්ලා..

" මේ බස් ස්ටෑන්ඩ් එකේදී ලූකස් පිටත් වෙන්න කලින් කැත්‍රීන් එක්ක ආවා.. හුඟක් වෙලා ඔවුන් ආදරෙන් කතා කරන්න ඇති.. කියන්න දේවල් හුඟක් තිබුන නිසා.. ඔවුන්ගේ ඒ දිගු හාදුව දිහා හැමෝම වගේ බලාගෙන හිටියා.. හැබැයි ඒ වෙනදා වගේ නෙමෙයි.. දුකින්.. කාලය ඔහේ ගෙවිලා ගියා.. කැත්‍රීන්ගේ විවාහය කල් ගියා.. දෙවතාවක්ම.."

" ඇයි ලූකස් ආවේ නැද්ද?"

" නැහැ.."

" ඇයි?"

" සමහරක් කතාවල අපි නොදන්න, අපිට උත්තර දෙන්න බැරි තැන් ගොඩයි ළමයෝ.. මේකත් අන්න ඒ වගේ කතාවක්.."

" එතකොට කැත්‍රීන්?"

" ඕනම කෙනෙක්ට බලාගෙන ඉන්න, ඉවසන් ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා.. ඇයත් සමාන්‍ය කෙල්ලෙක් විතරයි.."

ඔහු මේ වතාවෙනම් වාඩි වෙලා හිටිය බංකුවෙන් කොහොම හරි අමාරුවෙන් නැගිට්ටා.. අතේ තිබුන දිරා ගිය ලී කෑල්ලට වාරු වෙමින් චිත්‍රය ලග ආයෙම මොහොතක් නැවතුන ඔහු ආයෙම මගේ දිහාට හැරුනා..

" ඔය ලමයා හොදට මේ චිත්‍රෙ ඉවර කරලා.."

ඔහු හෙමින් හෙමින් යන්න පිටත් වුනා.. වැහැරී ගිය ගතට පරණ වුන කඹාය තරමක් තුරුළු කර ගනිමින් අමාරුවෙන් ඔහු මං හිටිය තැනින් යන්න පිටත් වුනා..

" ඇයි ඔබ මට මේ කතාව කිවුවේ?"

ඔහු වැඩිය දුරකට යන්න කලින් මම ඇහුවා..

" ඒක ඔබේ චිත්‍රයට හොද පසුබිම් කතාවක් වේවි.."

ඒක ඇත්තටම මගේ ප්‍රශ්ණයට මම බලාපොරොත්තු වුන උත්තරේ නෙමෙයි.. මේක ඇත්තම කතාවක්ද? කැත්‍රීන්, ලූකස්, ඇත්තටම ජීවත් වුන අයද? එහෙම නැත්නම් මේක ඔහුගේ වයසත් එක්ක මනසේ මැවුන විකාරයක්ද?

" ඔබේ නම මොකද්ද?"

මම ඔහු තවත් ඈතට යන්න කලියෙන් ඇහුවා.. ඒත් ඔහු නිහඩයි.. ආයෙම වතාවක් හයියෙන් කෑ ගැහුවත් ඔහුගෙන් කිසිම පිළිතුරක් ලැබුනේ නෑ..

මට දැනුනේ මහා හිස් බවක්.. හැම දෙයක් අතරෙම අතරමං වුනා වගේ හැඟීමක්.. ඔහුගේ වචන වල තිබුනේ නිකන්ම නිකන් මනස්ගාතයක් විතරද? නැත්නම් මම කියපු බොරුව ඔහු දන්නවා වත්ද? ඇත්ත මේ චිත්‍රය මගේ නෙමෙයි.. මම කලේ කාලයත් එක්ක පරණ වෙලා ගිය ඒ චිත්‍රෙට ආයෙම වතවක් පණ දුන්න එක.. ඒක වැරදි නෑ.. මම දන්නවා.. ඒත් ඔහු ඒක ගැන දන්නවා වෙන්න පුළුවන්ද?

මගේ හිත මාත් එක්කම තර්ක කරන්න ගත්තා.. චිත්‍රේ දිහාත්, ඔහු කිවුව බලාපොරොත්තුවේ දෑස් දිහාත් බලාගෙන ඉන්න උත්සාහ කලත් මගේ හිත ඒකට ඉඩක් දුන්නේ නෑ.. මහා හිස්කමක් මගේ හිත වහගෙන.. ඔවු, මම වැරදියි.. ඒක ආත්මාර්ථකාමී හැඟීමක්.. මට ඕන වුනේ ඒ චිත්‍රේ මම විතරක්ම රස විඳින්න.. ඒත් ඔහුගේ වචන මගේ ඒ හැඟීම මගෙන්ම ඈතකට උදුරගෙන ගිහින්.. හිතේ ඉතුරු බලාපොරොත්තු කඩවුන හැඟීමක් විතරයි..

මම ආයෙම එන්න හැරුනා.. හිත දහ අතේ දුවන්න අරන්.. මොහොතකට වගේ මගේ ඇස් නතර වුනේ ඔහු වාඩි වෙලා හිටිය බංකුව දිහාවට.. බංකුව පුරා බැදුන දුඹුරු පාට දූවිලී අතරේ ඒ සුදූ පාට කඩ්දාසිය නොපෙනී තියෙන එක නතර කරන්න විදිහක් නෑ.. හැම දෙයක්ම අත ඇරලා හිත දුවන් ආවේ එතනට.. මේක අනිවාර්‍යෙන්ම ඔහුගේ.. අතට ගනිද්දිම ඒක ෆොටෝ එකක් කියලා හොදින්ම තේරුනා..

" මොනවා.."

මට ඉබේම කියවුනේ ඒ වචනේ විතරයි.. මම ආයෙම බිත්තියේ තිබුන චිත්‍රේ දිහා බැලූවා.. ඔවු, ඒ කැත්‍රීන්.. එතකොට ඔහු ලූකස්ද?



නිමි..


Monday, 24 February 2014

ආදරය ඔබයි මගේ


යාන්තමින් වැටෙන හිම වැස්ස අතරින් ඇවිදන් එන එක ගොඩක් වෙලාවට සුන්දර දෙයක්.. මම ඒක හුඟක් විදලා තියෙනවා.. විදින්න ආස කරනවා.. අතේ රැදුනත් හරි ඉක්මනින්ම දිය වෙලා යන හිම බිංදු එක දිගට ඇඟට වැටෙද්දී ඒකේ අමුතුම මිහිරක් තිබුනා.. හැමදාම වගේ.. ඒ හන්දමයි මම මේ හිම වැස්සට හුඟක් ආස කලේ.. කාලයත් එක්ක සමහරක් දේවල් වෙනස් වුනත් මමත් මේ හිම වැස්සත් අතර තිබුන බැඳිම කවමදාවත් වෙනස් වුනේ නෑ.. මම හැමදාම ආදරේ කලා.. ඒ වගේම මේ හිම වැස්සත් හැමදාම මම ආස කරපු හැඟීම මට නිතරම ගෙනත් දුන්නා..

ඒත් අද මට ඒ තරම්ම හොදට ඒ හැඟීම දැනෙන්නේ නෑ.. මම හුඟක්
වෙලා උත්සාහ කරා.. ඒත් මට පුරුදු මම ආසම කරපු හැඟීම මට ලං කරන්න අද මේ හිම වැස්සට බෑ.. අතරින් පතර තරු දිළිසුන කළුවර අහස දිහා මම බලාගෙන හිටියා.. ඒ, අහසේ ලස්සන දකින්න හිතාගෙන නෙමෙයි.. පුංචි හිම බිංදු මූණට වැටෙද්දී මම ආසකරපු ඒ හැඟීම විදගන්න.. ඒත් අද මොකක් හරි වෙනසක්.. හිම වැස්සද, එහෙමත් නැත්නම් මමද කියන්න දන්නේ නැති වුනත් අද මම ආස කරපු ඒ දේ මගෙන් ඈත් වෙලා.. හරියට ඔයා වගේ..

මේ සිසිරයට මම ආදරේ කරනවටත් වැඩිය ඔයා ලග ඉන්න ඔයාගේ පහසේ සැන සෙන්න මම හුඟක් ආදරේ කලා.. ඒ හැඟීම් හැම එකක්ම වචන වලට පෙරලන්න පුළුවන් කමක් නැති වුනත් ඔයා එක්ක ගෙවුන හැම මොහොතකටම මම හුඟක් ආදරේ කලා.. හරියටම ජීවිතේට ජීවත් වෙන්න හුස්ම ඕන වගේ.. මම ඒ තරමටම ඔයාට ලං වුනා.. හුඟක්.. මගේ ආත්මයෙන්ම මම ඔයාට ආදරේ කලා.. මොකද මගේ පළවෙනි ආදරේ ඔයා නිසා..

හැමදාම ආදරේ කරපු පහස නොලැබෙන හිම වැස්ස අතරින් මම හෙමීට ඇවිදන් ගියා.. ජීවිතේට දැන් දැනෙන පාළුව මේ අහසේ අඳුර තරම්ම ඇති කියලා ඒ දිහා බලාගෙන ඉද්දී හිතෙනවා.. අඳුරයි, සිසිරයයි හන්දා පාළු වෙලා ගිය පොකුණ අද්දර තිබුන වැට ලග පුරුදු විදිහටම මම හේත්තු වුනා.. අපි අපේ ජීවිතේ පටන් ගත්තේ එතනින්.. එදා මාත් තනිවෙලා, ඔයත් තනි වෙලා.. තනිවුන හිත් දෙකක් එකට හම්බුවෙන්න මේ තරම් ලස්සන තැනක් නැතුව ඇති කියලා අදත් මට ඒ දිහා බලන් ඉද්දී හිතෙනවා.. හැබැයි එදා සිසිරයක් නෙමෙයි.. ගිම්හානයක්.. අපේ ජීවිත වල සාරයම උරා ගත්ත ගිම්හානයක්..

අපි අපිට හුඟක් දුරින් ඉදන් මේ පොකුණ දිහා හුඟක් වෙලා බලාගෙන ඉන්න ඇති.. ඒ අපි දෙන්නටම මෙතන හුඟක් කල් ඉදන් ආගන්තුක නොවුන තැනක් හන්දා.. ඒත් අගන්තුක වුනේ අපි අපිටමයි.. සමහර විට හරියට දකින්න නැතුව ඇති.. එහෙම වුනානම් සමහර විට හුඟක් දේවල් මීට කලින් වෙනස් වෙන්න තිබුනා කියලා අපි මෙතන ඉදන්ම කී පාරක්නම් කතා කරන්න ඇත්ද..

ජීවිතේ හරි අරමූණක් නැතුව කාලේ ගෙවන්න විතරයි මම මෙතන්ට නිතරම ආවේ.. ඔයා මුණ ගැහෙන දවස වෙනකන්ම ජීවිතේ කියන දේ ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නෑ.. මට ඕන කලේ ඔහේ ජිවත් වෙන්න විතරයි..  ඒත් ඔයාගේ හිත දවසින් දෙකෙන් මාව වෙනස් කරපු තරම ගැන මම හිතන්නේ මම කවමදාවත් ඔයාට කියන්න නැතුව ඇති.. ඒත් මම ඒකට ආස කලා.. මගේ ජීවිතේම ඔයා වෙන එකට.. ජීවිතේ හැම දෙයක්ම ඔයා තනියම අයිති කර ගන්න එකට මම හැමදාම ආස වුනා..

" ඔයාට මං තරම් කවුරුවත් ආදරේ නෑ.. ඔයාට ආදරේ කරන්න පුළුවනුත් මට විතරයි.."

" ඇයි ඒ?"

" එහෙම තමයි.."

ඒ මතකය ඇත්තටම ලස්සනයි.. හෙමින් හෙමින් හීතල වැඩියෙන් දැනෙන්න ගත්තා.. ඒත් මට අපේ ජීවිත පටන් ගත්ත තැනින් ඈතට යන්න වුවමනාවක් නෑ.. ඔයා එක්ක ඉන්න වෙලාවට අරුනම මම වැඩියෙන්ම ඉන්න ආස කලේ මෙතන.. ඒ ඇයි කියන්න ඔයා හොදටම දන්නවා.. කාලෙකට ඉස්සර තනියම ශක්තිමත්ව මෙතන හිටිය මට ඔයා නැතුව ඉන්න එක ඒ තරම්ම ලේසි දෙයක් නෙමෙයි කියන එක මට අද හොදටම දැනෙනවා..

ඒ ලගම පේන මානයේ තිබුන බංකුවක යන්තමට වැටිලා තිබුන හිම ටික පිහිදලා දාලා මේ දිහාම බලාගෙන ටිකකට ඉද ගත්තේ ආයෙම මෙතනට ඕන වෙලාවක දුවන් එන්න හිතාගෙන.. දුරින් බලාගෙන ඉද්දී මේ හැම තැනකම මැවුන අපේ මතකය ඇත්තටම හුඟක් ලස්සනයි.. අපි ගෙවපු කාලය පුරාවටම මෙතනදී කතා කරපු දේවල්, ආදරේ කරපු රණ්ඩු කරපු හැටි හැම දෙයක්ම එකින් එක මතක් වෙද්දී ආයෙම මෙතනටම දුවලා ඇවිත් ඒ මතකේම රැදිලා ඉන්න හිතෙනවා.. ඒත් හිතට පුංචි බයක් දැනෙනවා.. හැමදාම අපි දිහා බලාගෙන හිටපු අය ආයෙම තනිවෙලා ඉන්න මම දැක්කම මට හිනාවෙයිද කියලා.. ඒ හන්දමයි මෙතන අත ඇරලා දාලා යන්න වුනත් බලාගෙන මම ඈතට ඇවිත් ඉද ගත්තේ.. ඒත් ඒක කරන්න අමාරු දෙයක් කියන එක මම හොදටම දන්නවා..

" නොලැබුන ආදරයක් හිතේ තියන් අවුරුදු ගානක් ජීවත් වුන කෙනෙක් මම.. ඉතින් හිතන්න ඔයා ලගින් හිටිය මතකය එක්ක මට මුළු ජීවිතේම වුනත් ඉන්න පුළුවන්.."

ඔවු, ඔයාගේ මතකය ඇත්තටම ඒ තරම්ම ශක්තිමත්.. අරමුණක් නැති ජීවිතයකට වුනත් ලස්සන මතකයක් එක්ක හුඟක් කල් ජීවත් වෙන්න පුළුවන් කියන එක මම ගොඩක් විශ්වාස කරනවා.. ඔයා නිසා මේ ජීවිතේට ලැබුන දේවල් කොච්චරද කියලා ඔයා හොදටම දන්නවා.. මගේ ආදරය, මගේ හුස්ම, මගේ වේදනාව, මගේ කඳුල මේ හැම දෙයක්ම ඔයාම විතරයි..

තද හුළගත් එක්ක සීතල හුඟක්ම තදින් දැනෙනවා.. මෙතනින් නැගිටලා ඈතට දුවලා යන්න හිතෙන තරමටම හීතල තදින්ම දැනෙනවා.. ඒත් මට එහෙම කරන්න හිතක් නෑ.. මං තාමත් අපේ මතකය දිහා බලාගෙන ඉන්නවා..

හේමන්තයේ ලස්සන එක්ක කණට ඇහුන ගී හඬට ඔයාගේ හිත පොඩ්ඩකට හරි ඇදෙයි කියලා මම කොහෙත්තම බලාපොරොත්තු වුනේ නෑ.. ඔයා මට ඒක නොකිවුවා වුනත් හැම මොහොතකම මට ඒක දැනුනා.. ඒත් මම අනිත් හැමදේකදිම වගේ ඔයාගෙ ඒක අහන්න ඉස්සර වුනේ නෑ.. මම මගේ ජීවිතේ පිටු අස්සේ හෙවුවේ මගෙන් ඈතට යන්න තරමටම ඔයාට තියෙන හේතුව මොකද්ද කියන එක විතරක්මයි.. ඔයාගේ ජීවිතේට ලැබුන ලස්සනම ආදරේ මං කියලා මම දන්නවා.. මගේ ආදරෙන් ඔයාට වැරැද්දක් නොතිබුනත් ඔයාට මගෙන් ඈත් වෙන්න තරම් සාධාරණ හේතුවක් තිබුනා.. ඉතින් මට තීරණයක් ගන්න බැරි වුනා.. මම සමුගන්නවද නැද්ද කියන එක ගැන..

ඔයාගේ ජීවිතේට මම මගේ ජීවිතේ බාර දිලා ඉවරයි කියලා මට දැනුනේ අද ඊයේ නෙමෙයි.. මම දන්නවා ඔයාගෙන් ඈත් වුනාම මට ජීවිතයක් නෑ කියන එක.. වුවමනාවෙන් මේ ජීවිතෙන් පැනලා යන්න උත්සාහ නොකලත් ඒ දේ කොහොම හරි වෙන බව මම දන්නවා.. ඔයාගෙන් ඈත් වුන ටික දවසටම මට ඒක දැනුනා.. ඉතුරු වෙලා තියෙන්නේ අන්තිම හුස්ම පොද විතරක්ද කියලා දැනෙන තරමටම ඒක මට දැනුනා.. ඔයා මට ලැබිලත් ජීවිතේ කොහේ හරි අදුරු තැනක් ඉතුරු වුනා කියන එක මට දැනෙද්දී හිතට දැනුනේ දරා ගන්න බැරි වේදනාවක්.. ලේ නහර හිර වෙලා යන තරම් වේදනාවක්.. ඒ මගේ ජීවිතේ ඔයා නිසා..

ඔයාගෙන් දුරස් වෙලා ඉන්න එක මේ ජීවිතේට හුරු නෑ.. මොකද මම හැමදාම ජීවත් වුනේ ඔයා වෙනුවෙන්.. ජීවිතේ හැම දෙයක්ම ඔයා.. අරමුණක් නැතිව තිබුන ජීවිතේ ජීවත් කරන්න ඕන කියලා හිතුනේ ඔයා නිසා.. ඔයා නැති කරන් ජීවිතෙන්ම ඈත් වෙලා යන්න මට බෑ කියන එක තේරුම් ගන්න මේ ටික දවසම ඇති.. ආසම කරපු හිම වැස්සේ පහස මගෙන් ඈත් වුනේ වැස්ස වෙන්ස් වෙලා නෙමෙයි.. මගේ ජීවිතේ අඳුරේ තනි වෙලා නිසා..

" මන්ද ඔබ තමයි 
දැන් ඔබ නිසයි
ජීවිතේ දැන් ඔබ තමයි
මේ සතුටත් මගේ වේදනාවත්
මගේ ආදරේ ඔබයි ප්‍රේමියේ.."

ඔවු, ජීවිතේ අන්තිම හුස්ම පොද වැටෙන්න කලින් හරි මම කැමති ඔයා ලඟට එන්න.. මම දන්නවා මං තරම් ඔයාට ආදරේ කරන්න කාටවත්ම බැරි බව.. ඔයාව බලාගන්න, ඔයා නලවන්න, ඔයාගේ නපුරුකම් ඉවසන්න මං තරම් වෙන කාටවත්ම බෑ කියලා මම දන්නවා.. වෙන හිතක් ලග ඔයාට කොහොමත් සැනසීමක් නෑ.. ඔයාව වෙනස් කරන්න පුළුවනුත් මට විතරයි.. මොකද ඔයාගේ ජීවිතෙත් මම බව මම දන්නවා..

ඈතින් පෙනුන පොකුණ දිහා බලන් නොයිද වාඩි වෙලා හිටපු බංකුවෙන් නැගිට්ටේ ආයෙම පුරුදු විදිහටම මෙතනදී ආදරෙන් ලං වෙන්න අපිට පුළුවන් බව මම හොදින්ම දන්න නිසා.. තිබුන තද හුළග අඩු වෙලා ගිහින් ආයෙම කලින් වගේ පුංචි හිම බිංදු වැටෙන්න පටන් අරන්.. අතර මගදී අහම්බෙන් වගේ එක හිම බිංඳුවක් ඇවිත් නතර වුනේ මගේ කම්මුලේ.. ඔවු, ඒ මම ආසම කරපු පහස.. ආයෙම මට ඒක දැනුනා.. මම ආයෙම අහස දිහා ඇස් දෙක පියාගෙන බැළුවේ ඒ පහස තව හොදට විද ගන්න.. කොච්චර වෙලා ගෙවුනද කියන්න දන්නේ නෑ.. මම ඇස් අරිද්දී කළුවර අහස ලස්සන වෙන්න හුඟක් තරු පායලා තිබුනා..




Hum tere bin ab reh nahin sakte
Tere bina kyaa vajood meraa

ජීවත් වෙන්නට බැහැ මට දැන් ඔබ නැතිව
ඔබෙන් තොරව මගේ ජීවිතයෙන් ඇති ඵලය කුමක් දෝ......



Tujh se judaa gar ho jaayenge
To khud se hi ho jaayenge judaa

වෙන්වූවොත් ඔබෙන් මා
එයම වේවි මා මගෙන් වෙන්වීමක්

Kyonki tum hi ho
Ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho

මන්ද ඒ ඔබ තමයි
දැන් ඒ ඔබ නිසයි
ජීවිතේ දැන් ඔබ තමයි
මේ සතුටත් මගේ වේදනාවත්
මගේ ආදරේ ඔබයි ප්‍රේමියේ

Teraa meraa rishtaa hai kaisaa
Ik pal door gawaaraa nahi
Tere liye har roz hain jeete
Tujh ko diyaa meraa waqt sabhi
Koi lamhaa meraa naa ho tere binaa
Har saans pe naam teraa


එක මොහොතකදී වත් දුරස්ව සිටින්නට කැමති නෑ මම
ඔබෙත් මාගේත් මේ සම්බන්ධයෙන්
හැමදාම ජීවත්වෙමී මා ඔබ වෙනුවෙන්
හැම මොහොතකම ඔබ වෙනුවෙන්
එකදු මොහොතක් නොවේ ඔබෙන් තොරවු
නාමයයි ඔබේ  මාගේ හැම සුසුමකම



Kyunki tum hi ho
Ab tum hi ho
Zindagi ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho



ගීතය : තුම් හි හෝ
චිත්‍රපටය : ආශිකී 2 (2013)
පද රචනය හා සංගීතය : මිතූන්
ගායනය : අරිජිත් සින්ග්
අධ්‍යක්ෂණය : මෝහිත් සූරි
නිශ්පාදනය : මහේෂ් භට්
රංගනය : ආදිත්‍ය රෝයි කපූර් හා ශ්‍රද්ධා කපූර්


විශේෂයි : සිංදුවේ සිංහල තේරුම ඉස්සුවේ පුරුදු විදිහටම දුලාන්ගේ හින්දි සිංදු බ්ලොග් එකෙන්..









Thursday, 20 February 2014

කුමර බඹසර අසපුවේ මා



මීදුම හාත්පසම වසාගෙන ගිහින්.. බොහොම අපහසුවෙන් එහා මෙහා පේන තරමටම මුළු පරිසරයම වැහිලා ගිහින්.. රාත්‍රියයි, සීතලයි එක්ක කවදාවත් නැතුව ගලාගෙන ඇවිත් මීදුමකුත් නතර වෙලා.. හරියට මේ ජීවිතේ එක පැතිකඩක් වගේ.. තාම මට හරියට නොපෙනෙන,
මොකද්දෝ හේතුවකට වැහිලා ගිය මීදුමක් වගේ වෙලා ජීවිතය.. මීදුමෙන් වැහිලා තියෙන මේ පරිසරයේ හුරුපුරුදු කමත් එක්ක ඇවිදන් යනවා වගේම මේ හිත එක්කත් ජීවත් වෙන්න පුරුදු වෙලා.. හැබැයි ඒ ඔයා මගේ ජීවිතේට ආව දවස වෙනකන් විතරයි..

මීදුම අතරින් හුඟක් පරිස්සමට ඇවිදන් ගියා වුනාට ඔයා මේ හිත අස්සේ දිවුවේ කිසිම පරිස්සමක් නැතුව.. හරියට ඔයාට හුරුපුරුදු තැනක ඉන්නවා වගේ.. ඇත්ත මේ තැන ඔයාගේ තමයි.. ඒ හන්දම පරිස්සම් වෙන්න කිසිම වුවමනාවක් නොතිබුන ගානයි.. ඇත්තටම  මටත් පරිස්සම් කරන්න ඕන කමක් තිබුනේ නෑ.. මොකද මම දන්නවා ඔයා පරිස්සම් මගේ ලග විතරයි කියලා.. ආදරය, ඇත්තටම සුන්දරයි.. මතකය, ඒ ආදරය තරමටම සුන්දරයි..

මීදුමට වහන් වුන මුණු අතරේ මම මගේ අරමුණ හෙවුවා.. තාමත් නැහැ.. තව ටිකක් දුර යා යුතුයි.. හිත ආපස්සට ඇදලා ගන්න තරමටම මේ ගමන ගැන හිතේ නිතරම ඉතුරු වුනේ චකිතයක්.. ඇත්තටම මේ දේ ඕනද? කාටවත් ඇහුණේ නැති වුනාට මගේ හිත මහා හයියෙන් කෑ ගහලා ඇහුවා..

" ඔවු, මේ දේ මට ඕන.. ආදරේ වෙනුවෙන්.."

හිත ඇතුලෙන් ආව උත්තරේ එක.. හරි වැරැද්ද, සම්මතය අසම්මතය ගැන හිතන්න තරම් කාලයක් තිබුනේ නෑ.. ඉතුරු වෙලා තිබුනේ දවස් කීපයක් විතරයි.. වීදි පහන් එළියත් හෙමිහිට අඩු වෙලා යන මීදුම අතරෙන් මම තව ටිකක් දුර ඇවිදන් ගියා.. මේ මාවත් එතරම්ම නුහුරු නොවුනත් මම වැඩිය ගැවසුන තැන් නෙමෙයි.. ඒ හන්දම වගේ මුණ ගැහෙන විවිධ මුහුණු වගේම අඳුරින් පිරුණ තැන් අනිත් හැම දේකටම වැඩිය වෙනස්.. ඒත් මම තව ටිකක් දුරට ඇවිදන් ගියා..

ඔවු, මේ මාවත ඔවුන්ගේ.. ඇරඹුමේ ඉදන්ම දැක්ක මුහුණු අතරේ මම මට ගැලපෙන කෙනෙක් හෙවුවා.. ඕනම කෙනෙක්ගේ හිතේ ෆැන්ටසියක් තියෙනවා.. මගෙත් එහෙමයි.. ඉතින් මම මගේ ෆැන්ටසිය හෙවුවා.. විවිධාකාර මුහුණු අතරේ මම තව ටිකක් දුර ඇවිදන් ගියා..

" ගාන කීයද?"

අන්තිමේ මම මගේ ෆැන්ටසිය ලග නතර වුනා.. තව ටිකක් දුර ඇවිදන් ගියානම් සමහරක් විට මට මීට වඩා හොද ෆැන්ටසියක් මුණ ගැහෙන්න තිබුනා.. ඒත්, මම මෙතන නතර වුනා..

" පවුම් 80යි.."

" පැයකටද?"

" ඔවු, හැබැයි මගේ තැනකට යනවනම් ගාන වෙනස් වේවි.."

" නැහැ, මගේ ෆ්ලැට් එක තියෙනවා.."

ඈ ලග තිබුනේ දුරකථනයක් විතරයි.. කතාබහ අතරෙම කාටහරි යැවුන පණිවිඩයට පස්සේ පියවර දෙක තුනක් ඈ ඉස්සහට ආවේ යන්න සූදානම් බව නොකියා කියමින්.. මමත් ඈ පසුපසින්ම ආවා.. පුංචි දුර වුනත් මීදුම අතරින් තනියම ආවත් ඇයත් එක්ක පයින්ම යන්න පුළුවන් කමක් මට තිබුනේ නෑ.. මම පාර දිහා බැළුවේ ටැක්සියකට.. ඇයත් මගේ ලගින්ම නැවතුනා..

ලන්ඩනය පුරා නිතරම දුවන ටැක්සි අතරින් එකක් නවත්ත ගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් වුනේ නෑ.. ඇයත් මමත් නතර වුනේ පිටුපස අසුනේ.. මගේ ලඟින්ම ඇයට හොදට දැනුනා.. ඒක මහ අමුතු හැඟීමක්.. මගේ ලගින් ඒ පහස දැනෙන තරමට ඕන තරම් කෙල්ලෝ ඉදලා ඇති.. මම ආදරේ කරන කෙනත් ඉදලා ඇති.. ඒත් මේ හැඟීම ඒ හැම එකකටම වැඩිය හුඟක් වෙනස්..

හුස්ම අතරින් ඉහල පහල යන ඇගේ ළමැද දිහා නොබලා ඉන්න එක කොච්චර උත්සාහ කරත් කරන්න පුළුවන් වුනේ නෑ.. ඇදුමෙන් යාන්තම් වැසුන ඒ පිරුණ ළමැද දිහා නිතරම එබිකම් කලේ මම විතරක්ම නෙමෙයි.. ඔහුගේ ඇසුත්, කණ්නාඩිය අතරින් නිතරම නැවතුනේ ඒ ළමැද ලග.. ඒක ඒ වෙලාවේ මට ඒ තරම්ම නුරුස්සන දෙයක් වුනේ ඇයි කියන්න මම දන්නේ නෑ.. ඒත් ඇය හැමෝටම අයිතියි.. ඉතින් ඔහුත් ඒ රස මොහොතකට වින්දදෙන්..

විනාඩි දහයක කෙටි ගමනක කෙලවර වුනේ මගේ ෆ්ලැට් එක ලගින්.. ටැක්සියේ ගාන ගෙවලා එලියට ඇවිත් මම ෆ්ලැට් එක දිහා බැලූවේ තාමත් දැල් වෙන විදුලි පහන් ගාන දැන ගන්න.. රෑ එකොලහා පහු වෙලා.. දන්න කෙනෙක් දකීවිද කියලා සැකේට දෙතුන් වතාවක්ම වට පිට බැළුවා.. ඇයත් එක්කම ගේ ඉස්සරහට එද්දී  ඇගේ ඉන අඟට මගේ අත ගියේ නොදැනීම වගේ.. ඒක ඇයටත් ප්‍රශ්ණයක් නෙමෙයි..

ගේ ඇතුලේ දැල්වුන විදුලි පහන් අතරින් ඈ හැම දෙයක් දිහාම විපරමින් බැළුවෙ හිතේ සැකයක් නැති කර ගන්න වගේ.. මමත් ඒකට ඉඩ දීලා බලාගෙන හිටියා.. යාන්තමින් නිතඹ වැහුන කෙටි සාය අගට දෑස් යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.. මගේ ෆැන්ටසිය.. මගේ හිතට ආවේ එච්චරයි..

" නම මොකද්ද?"

අහම්බෙන් වගේ මගෙන් පිටවුනේ ඒ වචන ටික.. ඈ මගේ දිහා හැරිලා බැළුවේ සිනහවක් එක්ක..

" පළවෙනි වතාවද?"

ඈ මගේ හිත කියෙවුවා.. මේ මගේ ජීවිතේම පළවෙනි අත්දැකීම.. මම කෙලින්ම නොකිවුවා වුනත් ඒක වැඩි වෙලා යන්න කලින් ඇයටම තේරෙවි..

ඊට වැඩිය කිසිදෙයක් කතා නොකරම මගේ ලගට ආපු ඇය කරේ මගේ තොල් සිපගත්ත එක.. ඇගේ වුවමනාවට.. මගේ කැමැත්තකින් තොරව.. ඒ හාදුව අතරින් මගේ හිත රහසින්ම ඇදිලා ගියේ මගේ ආදරය ලගට.. අපේ පළවෙනි හාදුව මීට වඩා කොච්චර රසවත්ද? ආගන්තුක හැඟීමක් දැනුනා වුනත් මීට වඩා වෙනස් හැඟීමක් ඒ හාදුවේ තිබුනා.. මගේ හිත ආදරය ලග නොරැදෙන්න මේ හාදුවේ හැඟීම මීට වඩා දැනෙන්න ඉඩ තිබුනා.. මම තවමත් ඇයට ඉඩ දීලා..

" කොල්ලෙක්ට කන්‍යාවියක් හොයාගන්න එක ලේසියි.. ඒත්, කෙල්ලෙක්ට කවදාවත්ම කාත් එක්කවත් නොඉදපු කොල්ලෙක් හම්බුවෙන්නේ හුඟක් කලාතුරකින්.."

ඇගේ ඒ වචන ටික පපුව සිදුරු කරන තියුණු පිහි තුඬක් වගේ.. එතකොට මම මේ මගේ ආදරයට කරන්නේ වරදක්ද? ඇයට ලැබෙන්න තිබුන හැම දෙයක්ම මේ විදිහට තවත් කෙනෙක් ලග තියලා යන එක ගැන හිතට එක පාරම දැනුනේ දුකක්.. ඒක ආපහු හැරෙන්න හිතෙන තරමේ හැඟීමක්.. ඒත් ආදරයටත් ඕන වුනේ ඒක.. අත්දැකීමක්.. අඩුම ගානේ එක අත්දැකීමක්..

අප්‍රාණික හැඟීම් එක්ක මම හිටියේ අරගලයක.. ඇයට ඒ බවක් නොදැනෙන ගානයි.. මගේ ඉස්සරහම පහත් වෙලා මගේ හැඟීම් ප්‍රාණවත් කරන්න ඇයට ඒ තරම්ම වෙලාවක් යන්න නැතුව ඇති.. ඇය පුරුදුකාරියක්.. මම කෝඬුකාරයෙක්.. හැඟීම් වලදි නිතරම පරදින්නේ කෝඬුකාරයෝ මිසක පුරුදුකාරයෝ නෙමෙයි.. ඉතින් මම ඇයට පැරදුනා.. විනාඩියක් යන්නත් කලින් හිතේ ආදරය අහිමි වෙන තරමට මම ඇයට වශී වෙලා ඉවරයි..

මම ආසම කරපු ෆැන්ටසිය මගේ ලග.. හිත ඇතුලෙන් නිතරම දැනුනේ ඒ හැඟීම.. නිරුවත් කරන්න තරම් දෙයක් ඉතුරු වෙලා නොතිබුනත් බලන්න ඕනම කරපු තැන් කීපයත් ඇයම පෙන්නද්දී හැඟීම් හොදටම ප්‍රාණවත් වෙලා.. හිත ඉල්ලුවේ ඇයව.. අනිත් හැමදෙයක්ම හිතින් ඈතකට දුවපු ගානයි.. පුංචි නිහැඬියාව අතරින් ඇහුනේ ඔරලෝසුවේ සද්දේ.. මට උරුම වුන හෝරාවෙන් දැන් තරමක් වෙලා ගෙවිලත් ඇති..

මගේ පරක්කුව නිසාම ඇයම මට ලං වුනා.. කාමරේ කලවරක තිබුන තනි
යහන අපිට පුළුවන් තරම් පහසුවක් ගෙනවා.. ඒ ළමැදේ, ඒ සිරුරේ පහස දිගේ හිත හුඟාක් දුර ඇදිලා ගියා.. මගේ ජීවිතේ මීදුමෙන් වැහුන පැතිකඩත් හෙමින් හෙමින් පේන්න ගත්තා.. ඇය තරමක් සතුටින්.. ඊටත් වඩා මම..

" අද මගේ තිබුන එක ෆැන්ටසියක් හරි ගියා.."

පවුම් 80ව අතට ගන්න අතරේ ඇය කිවුව දේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඒ තරම්ම අමාරු නෑ.. ඇයට ඇගේ ෆැන්ටසිය ලැබිලා.. ඒ වගේම මටත්.. මම මාවත දිගේ ඇවිදන් යන ඈ දිහා බලාගෙන හිටියා.. ඈ ගැන, ඇගේ ජීවිතය ගැන මට හිතන්න අයිතියක් නැතත් එක්තරා විදිහක මතකයක් වෙලා ඇය.. හැබැයි ඒක මතකයක්ද, කැළලක්ද කියන්න මට තේරෙන්නේ නෑ.. තාමත් යාන්තමින් තිබුන මීදුම අතරි ඈ වැසිලා ගියා.. ඈ යලි නොදකීවි.. මටත් ඕන කරන්න් ඒකමයි..

" මගේ ප්‍රශ්ණයක් නෑ ඔයා අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට මං ලගට එනවට.. මාත් ආස ඒකට.."

යාන්තමින් මතකය දිගේ දුවන් ගිය ආදරයේ ඒ වචන ටික තාමත් හිතේ තැනක වේදනා දෙන ගානයි.. ඒත් දැන් ඒ ගැන  හිතන්න තරම් කාලයක් නෙමෙයි.. මගේ ලඟ මොහොතකට කලින් නතර වුනේ ඇය.. ඇය මගේ ආදරය නොවුනත් මගේ ජීවිතේ පළවෙනි අත්දැකීම.. ඔයාට ඕන වුනේ ඒක.. දැන් ඒකත් හරි.. ඒත් ඊට පස්සේ..