Wednesday, 19 November 2014

මහින්ද මාමගේ අළුත්ම සින්දුව





එහෙන් මෙහෙන් සද්ද ඇහෙනවා ජනාධිපතිවරනේ ලග එනවා කියලා.. බුකියෙයි බ්ලොග් වලයි හැම තැනම වගේ කතාවත් මේක ගැනනේ.. දේශපාලනේ ගැන ඒ හැටි ඉන්ටරස්ට් එකක් නැති මට ඕකෙන් ඒ හැටි වැඩක් නෑ.. මහින්ද මාමටත් මේ ගමන ආයෙම ඉල්ලන්න පුළුවන් කියලා තීන්දුවත් ලැබුනනේ.. තුරුම්පූ ඒ පැත්තේ තියන් ඔහොම කාඩ් සෙල්ලම් කලාම ඉතින් ඔහොම තීන්දු නොලැබී තීයේවිද.. හැබැයි ඉතින් මහින්ද මාමත් එක්ක තරගෙට එන්නේ කවුද කියන එක තමයි තාම දන්නේ නැත්තේ.. කට්ටිය එක එක නම් කියනවනේ.. පොදු අපේක්ශකයා කවුරු වේවිද? ඒක ඉතින් නාමයෝජනා දුන්නම බලා ගන්න බැරිය..

හැබැයි ඉතින් අපි ඒක එහෙමයි කියලා පැත්තක දාලා ඉන්න හැදුවට මහින්ද මාමටනම් එහෙම බැරුව ඇති.. මොනා උනත් ඉතින් කවුද අකමැති තමන් එක්ක ෆයිට් එකට එන්නේ කවුද කියලා ටිකක් වේලස්සන දැන ගන්න.. ඉතින් මහින්ද මාමටත් මේ දවස් වල ඔය ප්‍රශ්ණේම ඇති.. ඒ වුනාට ඉතින් එයා ප්‍රශ්ණ තිබ්බා කියලා ලෝකෙට පෙන්නන කෙනෙක්යැ.. ඒ හන්දම ඊ‍යේ උපන්දිනේ දවසේ මාමා ලොකු පාටියක් දැම්මා.. මාමගේ දෑත ශක්තිමත් කරන ඔක්කොම වගේ පාටියට ඇවිල්ලත් තිබුනා..

කාලා බීලා කට්ටිය හොද ෆන් එකක් අරගෙන සින්දු එහෙමත් කියලා තියෙනවා.. සින්දු කියන්න ඉතින් අමුතුවෙන් කට්ටිය ගෙන්නන්න ඕනයැ.. කලාකාරයෝ ඔක්කොම ඉන්නේ මාමා ලගනේ.. ඉතින් කෝම කෝම හරි පාටිය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ලොක්කත් ඇවිත් සින්දුවක් කියන්න කියලා මර්වින් ආරාධනාවක් කරලා තියෙනවා.. මාමත් ඉතින් අභියෝග පස්සට දාන කෙනෙක්යැ.. රඟපාපු එකේ සින්දු මොන කජ්ජක්ද කියලා සුපුරුදු මයික් එකත් අතට අරගෙන සින්දුවක් කියලා තියෙනවා.. නිකන්මත් නෙමෙයි සරමත් උස්සගෙන ලුන්ගි ඩාන්ස් එකට නටන ගමන්.. මොකද්ද දන්නවද ඉතින් කිවුවේ.. අපි හොදට දන්න කියන සිදුවක්ම තමයි.. හැබැයි පොඩ්ඩක් වෙනස් විදිහකට.. මෙන්න මේකයි සින්දුව..



දිළි දිළි දිළිසේවි විධායකය මාදෑසේ //
කවුදෝ මාන බලන්නේ ඔබ ලග මා ඉන්නේ..//
පොදු හිතවත කෙලෙසින්දෝ ජයගන්නේ//
කොටියව මා පැරදවුයේ
ඒ බව ලොව දැනගත්තේ.. //

පිල් මාරුවක් ඇවිත් වෙනදා වාගේ
මොහොතින් බිදී යාවි දුටු සෑම දේ..
පොඩි උන්ගේ උරහිසින් ඉස්සී
දෝලාව යයි මගේ ඉබේ පාවී
කතීර ලැබී, ජයගනී, මායලී, විධායකේ..

දිළි දිළි දිළිසේවි විධායකය මාදෑසේ //
කවුදෝ මාන බලන්නේ ඔබ ලග මා ඉන්නේ..

රනිලා මවා පාන මායාවකි
ඔබගේ ලඟින් ඉන්නේ මගේ උන්මනේ..
මාගේ දෑත ඔබ සොයා එන්නේ
එහි  ඇති සවිය නුඹ තවත් නැහැ දන්නේ
ලන්සුවදී, මගෙමවී, පැරදියන්, හොද මලේ..

දිළි දිළි දිළිසේවි විධායකය මාදෑසේ //
කවුදෝ මාන බලන්නේ ඔබ ලග මා ඉන්නේ.. 
පොදු හිතවත කෙලෙසින්දෝ ජයගන්නේ 
කොටියව මා පැරදවුයේ 
ඒ බව ලොව දැනගත්තේ.. 



ඔන්න ඔහේ ඕන එකක් කියලා කැමති කෙනෙක්ට බලන්න ජෝතිපාල මහත්තයගේ ඔරිජිනල් එකත් දැම්මා.. එහෙනම් අපි හැංගුනා.. යහතින් හිටියොත් ලබන සතියේ පෝස්ට් එකක් දාන්නම්.. :P




97 comments:

  1. මීට වඩා සරළ ගීයක් තෝරා ගත්තා නම් හොඳයි..

    ReplyDelete
    Replies
    1. සින්දුව නම් ඉතින් සරළයි වගේ.. කට්ටියට වැඩිය දැන් මේවා ඇහෙන්නේ නැති හන්දා එහෙම දැනෙනවද මන්දා..

      Delete
    2. ඉතාලියේ ඉන්න බොලාට ඕක කොහොම වුනත් මොකෝ.. :D

      Delete
    3. ඒකනේ ඒකනේ අයියේ..

      Delete
    4. Ekane sinduwa moka unama moko kiyawenne ona de nam

      Delete
    5. අනේ මන්දා ඉතින්..

      Delete
  2. දිළි දිළි දිළිසේවි විධායකය මාදෑසේ //
    කවුදෝ මාන බලන්නේ බයවී මා ඉන්නේ..
    පොදු පොර මාත් එක්ක කෙලේසින්ද ජයගන්නේ
    කොටියට මා නොවැ නෙලුවේ
    ඒ බව ලොව දන්නේ

    ReplyDelete
    Replies
    1. සුපිරියි මාධවී..

      Delete
    2. මාධවී, ඔය තියෙන්නේ ඉතින්.. කවි කාරයෝම ඉන්න එපැයි අඩුපාඩු හදන්න...

      Delete
    3. කල්‍යාණ මිත්‍ර, උඹ සංජීවගේ ඒජන්ට් කෙනෙක්ද??

      Delete
    4. මනෝෂ්, ඒ පේලි ටිකට අපිත් ඉහලම ළකුණු දෙනවා..

      Delete
  3. ටිකක් හොදයි.. හැක්.

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් ටිකක් හරි හොදයි කිවුවා..

      Delete
  4. Replies
    1. එහෙනම් අපිත් එල ද බ්‍රා තමයි..

      Delete
  5. අප්පටසිරි.. දිනයි ද? :O

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ ඉතින්.. ඒවා එදාටම බලාගමු..

      Delete
    2. Kawru dinaida kiyala danma sure na

      Delete
    3. ඡන්දේ ඉවර උනාම බලන්න බැරිය..

      Delete
  6. //පොදු හිතවත//

    පට්ට අැමතීම............. මේක මේ දවස් වල අපේ කට්ටිගේ කණට වැටුණානම් ලොකු වැඩක් ගනිවී...................... නියමයි............

    ReplyDelete
    Replies
    1. හෙහ්, ලොකු වැඩක් ගනීවිද, මට වැඩක් සෙට් කරාවිද දන්නේ නෑ..

      Delete
    2. Ubata gemak set karavi

      Delete
  7. වෙනසනම් මරු දිනේෂයෝ..මට මැවිල පේනවා ඕයි!!

    ReplyDelete
    Replies
    1. මොකද්ද මාමගේ ලුන්ගි ඩාන්ස් එකද? හෙහ්..

      Delete
    2. අම්මප බොල ඒකම තමයි මැවිල පෙනුනේ.

      Delete
    3. හෙහ්. එහෙනම් මට හිතුනා හරිනේ. ලොක්කා නටද්දි මරුවට තියෙයි.

      Delete
    4. Ohoma kiyaddi mathak wenne ara fb eke thibba foto ekak

      Delete
  8. මුන්ගෙ බාලගිරි දෝසෙ හින්දම ලොක්ක මේ පාරත් කප් එක ගහනව දිනේෂ් අයියේ.

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත බං.. ඊට පස්සේ ඉතින් මොනා වෙයිද කියලා දෙයියෝ තමා දන්නේ..

      Delete
  9. නියමයි.

    // එහෙනම් අපි හැංගුනා.. යහතින් හිටියොත් ලබන සතියේ පෝස්ට් එකක් දාන්නම්.. :P //
    // Current location: Catania, Italy//

    දැන් සුදු වෑන් මදිවට සුදු ප්ලේන් එහෙමත් එනවද? :(

    ReplyDelete
    Replies
    1. කියන්න බෑනේ.. මෙහේ ඒජන්ට්ලා ඉන්න පුළුවන්නේ.. මතකනේ එක්කෙනෙක් ඇවිත් පෙළපාලියක් එහෙම තියලත් ගියේ..

      Delete
  10. දුපිය පැත්තකට වෙලා +සර්පිලාව+ ගහපිය..

    ReplyDelete
    Replies
    1. මටද කිවුවේ?? හා හා, ඒක කොහොමත් ඉස්කෝලේ යන කාලේ ඉදලා පුරුදු එකනේ.. හෙහ්..

      Delete
  11. හරි හරි බලමු අපිත් කවුද මේ පොදු හිතවතා කියලා ;)

    ReplyDelete
    Replies
    1. පොදු හිතවතා අපිට හිතවත් වේවිද මාමට හිතවත් වෙයිද කියන එකයි ප්‍රශ්ණේ.

      Delete
  12. බොහෝ ඉල්ලීම් තිබ්බත් පොදු අපේක්ෂකයාට පත්වෙන්න කියලා ඒ ඉල්ලීම මන් ප්‍රතික්ෂේප කළා .. සිංදුව මරු

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ඉල්ලන්න තිබ්බේ. අපිවත් ඡන්දේ දෙනවා එහෙනම්.

      Delete
  13. Replies
    1. තෑන්ක්ස් බං..

      Delete
  14. මහින්ද මාමා සින්දු කියනවාට වඩා වැඩියෙන් කියන්නේ බයිලා නේ බං.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. අපිත් ඉතින් ඒ බයිලා ඕන හැටිය අහගෙන ඉන්නවනේ ඉතින්..

      Delete
    2. එ බයිලා වලට අපේ බයියලත් අහු වෙන එකනේ වැඩේ කියන්නේ.

      Delete
    3. ඒක බයිලා කාරයගේ දක්ශකම..

      Delete
  15. Replies
    1. චැහ්... මනරම් නෙමෙයිද.. අපරදේ.. හෙහ්...

      Delete
  16. ලොක්කගේ ලුන්ගි ඩාන්ස් එක. පට්ට ඉමෑජිනේශන් එක.

    ReplyDelete
    Replies
    1. මරුවට තියෙයි නේ..

      Delete
  17. පට්ට සින්දුව...

    මාත් ඔය දේසපාලනේ ගැන නම් උනන්දුවක් නෑ බං. යාන්තමට තේරෙනවා යන්නෙ පොල් පැලේටද දෙල් පැලේටද කියල නම්. එච්චර තමා. හ්ම්ම් බලමුකො. :)

    ReplyDelete
    Replies
    1. වාසි පැත්තට හෝයියා තමයි ඉතින්.. අපිත් එහෙට මෙහෙට පැනිලි ටික බලාගෙන ඉන්නවා..

      Delete
    2. අපි මෙහෙ මරාගන්නවා. උන් එහෙ ඉදන් හොදට එකතු වෙලා ජෝගි දානවා.

      Delete
    3. ඒක ඇත්ත.. අපිට ඉතින් ඕවා තේරෙන්නේ පහු වෙලානේ..

      Delete
  18. මහ රජා රගපාන්නත් යන එකේ ඉදල හිටල පොඩි සිංදුවක් දෙකක් කිව්වට මොකද වෙන්නෙ නේද බං..?

    ReplyDelete
    Replies
    1. ඉස්සරනම් ඉදලා හිටලා රඟපෑවේ දැන්නම් හැමදාම වගේ රඟපානවනේ..

      Delete
    2. රගපෑවේ නැත්නම් ඉතින් එයා දිනන්නේ කොහොමද??

      Delete
    3. හැමෝම කරන්නේ එක්තරා විදිහක රඟපෑමක් තමයි..

      Delete
  19. හි..හි.. බලමුකෝ හෙට අනිද්දම මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. දැන්නම් හොදම කරණම් වෙලා ඉවරයි..

      Delete
  20. අඩෝ ඉතාලියටත් සුදු වෑන් එවාවි..නැත්නම් එහේ තියන වෑන් එකකට ඕඩර් එක දේවි හරිද මචං..කොහොම උනත් සිංදුව මරු..

    ReplyDelete
    Replies
    1. ඒවනම් ශුවර් නෑ ඉතින්.. කට්ටිය ඒ වගේ වැඩ වලට හරි දස්සයිනේ..

      Delete
  21. මේ දවස්වල සින්දු තියනව එකසිය ගානට. මේ සින්දු කවි එක තැනකට ගන්න පුළුවන් නං හොඳයි බං.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත රාජ් අයියේ.. මාත් දැක්කා සින්දු සෑහෙන්න...

      Delete
  22. විධායක ජනපති බලතල තියෙන චරිතයක්...තුන්වෙනි වතාවට සුදුසු නෑ කියලා විනිසුරෝ තීන්දු කරන්නෙ කෝමද බං...

    ReplyDelete
    Replies
    1. ආස්චර්යේ කියන්නේ ඒකනේ ඉතින් සිරා අයියේ..

      Delete
    2. ණඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ

      Delete
    3. අනේද කියන්නේ..

      Delete
  23. හහ්ක් හහ්ක්.....ඉතින් අපිට ගානක්වත් නෑනේ.....!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අපිත් ගානක් නෑ වගේ ඉන්නම්..

      Delete
    2. ගොඩක් දෙනෙක්ට ගානක් නැති එක තමයි ලොකුම ප්‍රශ්ණේ.

      Delete
    3. අද හුඟක් මිනිස්සු හිතන්නේ හෙට කන්නේ කොහොමද කියන එක.. ඉතින් දේශපාලනේ ගැන ගානක් නැති එක පුදුමයක් නෙමෙයි..

      Delete
  24. hikz.... කවුද ඔය සින්දුව ලිවුවේ වර්ණ.....

    ReplyDelete
    Replies
    1. මේ දාලා තියෙන එකනම් ලිවුවේ මම බං..

      Delete
  25. පොදු අපේක්ෂකයා කවුද කියල දැන ගත්තට පස්සේ තමයි මේ කමෙන්ටුව කොටන්නෙ ...දිනේෂ් අය්යේ දැන් නම් තව සින්දුවක් ලියන්න වෙයි වගේ :D ..

    ReplyDelete
    Replies
    1. ඉවසලා ඉන්ට.. තව දවස් තියෙනවනේ.. එතකොට තව හොද හොද ඒවා වේවි..

      Delete
    2. එක සින්දුවක් නෙමෙයි. සින්දු සෙට් එකක්ම ලියන්න බැරිය.

      Delete
    3. ඉස්සරහට ලියවේවි..

      Delete
  26. Replies
    1. මොකෝ අයියේ ටෙස්ට් මැච්??

      Delete
  27. මහින්ද මාමා බයිලා කියනවා. නලාකාරයෝ සෙට් එක නටනවා. අපි බලන් ඉන්නවා. දැන් නම් ඒ බයිලාත් ඇති, නලාකාරයින්ගේ රිලා නැටුමුත් ඇති, අපි බලන් හිටියත් ඇති කියලා තමයි බං කියන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි බලංහිටියා ඇති කියලා නම් මටත් හිතිලයි තියෙන්නේ.. බලමුකෝ මෙදා පාරවත් වෙනසක් වේවිද කියලා..

      Delete
    2. අපේ මිනිස්සු ගැන විශ්වාස තියන්න අමාරුයි. අන්න එකයි අවුල.

      Delete
    3. අන්න ඒ කතාව සහතික ඇත්ත..ඡන්දේ දවසේ උදේට ඔය කියන කරන දේවල් අමතක වෙන අයත් ඉන්නවනේ..

      Delete
  28. මොකද කොල්ලා පේන්න නැත්තේ. උස්සලද??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ යහතින් ඉන්නවා..

      Delete
  29. අනේ මන්දා.. මං නම් දැන් ඕව ගැන කතා කොරන්නැ කියලමයි හිතන් ඉන්නෙ‍

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා අක්කේ.. රටේ වෙන දේවල්නේ ඉතින් මේ..

      Delete
  30. මොකක්ද් මේ යහතින් ඉන්න කතාව මල්ලි? ගොඩක් කාලෙකින් බ්ලොග් කියවන්න එන්න බැර් වුනා. කෙටියෙන්වත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න බැරිද

    ReplyDelete
  31. දැන් ඉතින් අප්පච්චි කියල සින්දුවක් යන්නේ නාලිකා වල එහෙම. ;)

    ReplyDelete
  32. දැන් ඉතින් අප්පච්චි කියල සින්දුවක් යන්නේ නාලිකා වල එහෙම. ;)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්