Wednesday, 12 November 2014

ෆයින්ඩින්ග් මිසින් ඩෝග්



මාස කීපයකට කලින් ලෙයෝ පූසා ගැන ලියපු කතාව මතක ඇතිනේ.. දැන් ලෙයෝ නැති වෙලත් සෑහෙන කාලයක් වෙනවා.. ඉතින් අපේ ඔය පල්ලෙහ ගෙදර ආච්චී ලෙයෝ නැති පාළුවට මාරම අප්සට් එකේ හිටියේ.. මාත් එක්ක ඔය කයියක් ගහන් ඉන්න වෙලාවට මම කීප සැරයක්ම කිවුවත් ආයෙම සතෙක් ඕනම  නෑ කියලයි ආච්චි පහුගිය කාලේ කිය කිය හිටියේ.. මොනා උනත් ඉතින් ලෙයෝට වෙච්ච දේ එක්ක ආයෙම සතෙක් ඇති කරන්න දුක ඇති කියලා හිතුන හන්දා මාත් ආයෙම ඒ ගැන කතා කරන්න ගියේ නෑ..

සතියක් දෙකක් විතර ගෙවුනා.. දවසක් වැඩට ගිහින් එද්දී ආච්චිගේ ගේ ලග ඉදලා තඩි බල්ලෙක් මගේ ඇගට කඩන් පැන්නා.. ඌ ඇවිල්ලා එසේ මෙසේ එකෙක් නෙමෙයි.. සයිස් එක දැක්කම මාත් බය වෙලා හිටියා.. හොද වෙලාවටම වගේ ආච්චි ලග පාත හිටියයින් ශේප් උනා..

" මේකා කොහෙන්ද?"  මම ආච්චිගෙන් ඇහුවා..

" මේ මායා.. හදා ගන්න අරන් ආවා.."

" හදාගන්න මෙච්චර ලොකු එකෙක්.. අනික ආයෙම සත්තු ඇති කරන්නේ නෑ කිවුව නේද?"

" එහෙම කිවුව නම් තමයි.. මේ මගේ නංගිලගේ ගෙදර හිටිය බල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක්.. පාළුව යන්නත් එක්ක මම අරන් ආවා.."



ආච්චි ඉතින් බල්ලගෙ ඉතිහාසෙයි ජාතකෙයි ඉදලා හැම දේම කිවුවා.. මාත් ඉතින් අහගෙන හිටියා.. එක අතකට මේකා ඉතින් ලෙයෝ වගේ කාමරෙන් පැනලා පාරේ රස්තියාදුවේ යන්නේ නැති හන්දා පරිස්සමට ඉදියි කියලා මට හිතුනා.. සතියක් විතර යනකන් මම කෝකටත් කියලා පරිස්සමෙන් තමයි හිටියේ.. මොකද අරූ බුරාගෙන ආවත් ඇති උගේ සයිස් එකේ හැටියට බය වෙන්න.. හැබැයි ඉතින් ඊට පස්සෙ  නම් ලෙයෝ වගේම තමයි මේකත් මගේ කටහඬ ඇහෙද්දිම දුවගෙන එනවා..

කෝමින් කෝම හරි ඉතින් මේ කියන්න යන කතාව සිද්ද උනේ මම අසනීප වෙලා ගෙදර හිටිය ටිකේ.. ඉන්ටර්නෙට් වලට ටටා බායි කියලා පොතක් පතක් බලාගෙන දෙයියනේ කියලා හිටිය එක දවසක ගෙදර බෙල් එක එකදිගටම කීප පාරක් වැදුනා.. ඉස්සර අපි රෑට පාරේ යද්දී වටේ පිටේ ගෙවල් වල බෙල් ඔබාගෙන යනවා වගේ මෙහේ කොල්ලොත් ඉදලා හිටලා එහෙම වැඩ කරන හන්දා ගනන් ගන්නෙ නැතුවත් ඉන්න හදලා ආයේ කෝකටත් කියලා බැළුවා.. බැලින්නම් ආච්චී..

" අනේ දරුවෝ මායා ගෙදර නෑ.."

" ඇයි මොකද උනේ?"

" අද මගේ මුණුපුරාලා දෙන්න ආවනේ.. පොඩි එවුන් දෙන්නා බල්ලන්ට බය හන්දා මම පිටිපස්සේ දාලා හිටියේ.. මට අමතක වෙලාද කොහේද ගරාජ් එක පැත්තෙන් එලියට යන ගේට්ටුව බාගෙට වහලා තියෙන්නේ.. දැන් මායා නෑ.. අනේ දරුවෝ අපි පාරේ පොඩ්ඩක් හොයමුද.."

දැන් ඉතින් බෑ කියන්නයැ.. මම අසනීප වෙලා හොස්පිටල් ඉද්දීත් බලන්න හැමදාම ආව මනුස්සයා වෙච්ච එකේ මෙහෙම වෙලාවක බෑ කියලා කෝමද.. මාත් අසනීප පැත්තක දාලා ආච්චි එක්ක එළියට බැස්සා මේකව හොයන්න කියලා.. පාරේ නම් බල්ලෙක් තියා මිනිහෙක්වත් නෑ.. අනික ඉතින් මේකව ඈත තියා දැක්කම පාරේ ඉන්න මිනිස්සුත් නිකන්ම බය වෙනවා.. එහෙමයි කියලත් බැහැනේ හොයන්නත් එපැයි.. ගෙවල් ලග පාරවල් ට්කේ ටිකක් ඇවිද්දා මේකව හොයන්න..

පැය බාගයක් විතර වගේ ගියා පාරේ කොච්චර හෙවුවත් මායා හිටියේ නෑ.. ආච්චිත් වෙන පැත්තක හොයන්න ගිහින්.. මම ඇවිදන් ගිය පාර දිගේ ආයෙම ඇවිදන් එන ගමන් අහල පහල ගෙවල් වල තිබුන ගාර්ඩ්න් වලටත් ඔළුව දාගෙන ආවා.. ටිකක් දුර එද්දී මායා ඉන්නවා ගාඩ්න් එකකට වෙලා ආතල් එකේ.. මම පොඩ්ඩක් ඔළුව දාලා බැළුවා මේකමද කියලා ශුවර් කර ගන්න.. කතා කරාම වල්ගේ වනාගෙන ලගට ආවා.. දැන් ප්‍රශ්ණේ ඒක නෙමෙයි මේකව එළියට ගන්න එක..

කරන්න තියෙන එකම දේ ඉතින් ගෙදර අයිතිකාරයන්ට කතා කරන එකනේ.. ඒක ඇවිත් තට්ටු 5ක ගෙවල් 10ක ෆ්ලැට් එකක්.. මම ඉතින් එකින් එක බෙල් ගහගෙන ගියා.. දවල් වෙලාව හන්දා වැඩි හරියක් ගෙවල් වල මොකෙක් වත් නෑ.. යන්තම් එකකට ආන්සර් කලා.. ඒකත් නාකි මනුස්සයෙක්..  ඒ මනුස්සයා කියන එක මට තේරෙන්නේ නෑ, මම කියන එක ඒ මනුස්සයට තේරෙන්නේ නෑ..

ඔහොම බෙල් ගහන් යද්දී පාරේ ඇවිදන් ආව කෙල්ලෙක් ගේට්ටුව ඇරන් ඇතුල් වෙන්න හැදුවා..

" උඹ මේ ෆ්ලැට් එකේද?" මම ඇහුවා..

" ඔවු.."

" මගේ බල්ලා ගේට්ටුව ඇරලා තිබුන වෙලාවේ මෙහේ වත්තට ඇවිත්.. මට ඌව ගන්න මම මේ ගොඩක් වෙලා ඉදන් බෙල් ගහනවා.."  මම ඉතින් සිද්දීය මුල ඉදන්ම කියලා දැම්මා..

" කෝ දැන් බල්ලා.."

කෙල්ල මගෙන් අහනවා.. මෙච්චර වෙලා එතන හිටිය එකා ඒ ගමන නැහැ.. කොහාට ගියාද කියලා දැක්කෙත් නෑ.. බැලුවට හොයා ගන්නත් නෑ.. දැන් නම් කෙල්ලගේ මූණේ තියෙන්නේ මං කියපු කිසි දෙයක්ම විශ්වාස නොකරන මූඩ් එකක්.. මම කොච්චර කිවුවත් පිළිගන්නේ නෑ..

" උඹ එහෙම කිවුවට කොහොමද පිළිගන්නේ.. බල්ලෙක් පේන්නවත් නැහැනේ.."

එහෙම කියලා මේකි ගේට්ටුවත් වහගෙන යන්න ලෑස්ති උනා.. එතකොටම වගේ මම දැක්කා මායා ෆ්ලැට් එකේ කොරිඩෝව අස්සෙන් ඔළුව දානවා.. මූටත් එක තැනක ඉන්න බෑ.. මම කේන්තියටත් එක්කම ඌට කෑ ගැහුවා..

" මායා, මෙහෙ වරෙන්.."

කෙල්ල යන්න ගිය ගමන නවත්තලා මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා..

" උඹ කොහොමද මට එහෙම කතාකරන්නේ.."

මේකි එක පාරම අහපි.. මට එක පාරම වැඩේ මීටර් උනේ නෑ.. පස්සේ තමයි ටියුබ් ලයිට් එක පත්තු වෙලා සීන් එක ඔළුවට ආවේ.. මම ඉතින් බොහොම අමාරුවෙන් හිනාව නවත්ත ගෙන මුකුත් නොතේරුන ගානටම කතා කලා..

" සමාවෙයන් මම කතාකලේ මගේ බල්ලට ඇයි උඹ එහෙම ඇහුවේ?"

" නෑ උඹ මම ගේට්ටුව වැහුවට ඕනකමින්මයි මට එහෙම කතා කලේ.."

" මම උඹට කියපු දෙයක් නෑ මම කතාකලේ බල්ලට.. බොරුනම් බලපං ඌ ඉන්නවා අතන කොරිඩෝව ලග.."

මම ඒ පැත්ත පෙන්නද්දීම වගේ හොද වෙලාවට මායාත් වල්ගෙත් වනාගෙන කොරිඩෝවෙන් එලියට ආවා.. කෙල්ලගේ ඒ ගමනනම් කට වැහුනා.. උඹට හොද වැඩක් දෙන්නම් කියලා මාත් මායා ලගට එද්දීම ඌට කතා කලා..

" මායා පැටියෝ, මෙහේ එන්න.. කොහේද ඔයා තරහා වෙලා මාව දාලා ගියේ.. එන්න අපි ගෙදර යමු.."

කෙල්ලගේ මූණේ ලුක් එක කියලා විස්තර කරන්න වචන මදි.. අබ ටිකක් මූණට ඉස්සනම් ඒක පුපුරන ගානට රත් වෙලා.. බල්ලට එලියට එන්න ගේට්ටුව ඇරලා කෙල්ල ගියා ආවටත් වැඩිය ඉක්මනට.. මාත් මේකවත් අරගෙන ගෙදර එද්දී ආච්චි ඉන්නවා දොර ලගට වෙලා බලාගෙන.. මායාව දැක්ක ගමන් ආච්චිත් තිබුන අප්සට් ඔක්කොම අමතක වෙලා ඒකව බදාගෙන ඇඬුවේ නැති ටික විතරයි.. මාත් ඉතින් ආච්චි හදලා දුන්න ග්‍රීන් ටී එකක් බොන ගමන් වෙච්ච සිද්දියත් කියලයි ගෙදර ආවේ..

හොදම වැඩේ කියන්නේ ඉතින් ඉදලා හිටලා මේ කෙල්ල පාරෙදි සෙට් වෙන එක.. ආයේ ඉතින් වැරදිලාවත් මගේ දිහානම් බලන්නෙවත් නෑ.. දවස් දෙකක්ම මම ගෙදරින් එලියට බහිද්දිම සෙට් උනා.. ගොඩක් වෙලාවට මායා මම යන වෙලාවට බැල්කනියට වෙලා වල්ගේ වන වන ඉන්නවා.. එහෙම වෙලාවට මම කෙල්ලට ඇහෙන්නත් එක්ක " චාව්, මායා " කිවුවම ඉතින් ඉතුරු හරිය ආයේ කියන්න ඕන නෑනේ..





100 comments:

  1. පවු බන් අර කෙල්ල...

    ---------------

    චාව් මායා..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්,, ඉදලා හිටලා මටත් හිතෙනවා පවු කියලනම්.. ඒත් ඉතින් ආතල් එක කඩාගන්නේ මොකටද..

      Delete
    2. Athal depitin yana wada unoth thamai maru

      Delete
    3. හෙහ්, ඒවා එතකොට බැරිය..

      Delete
  2. ඉතාලියෙත් ඉන්නවද මායලා? හපොයි!!!

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ.. කෙල්ලෝ විතරක් නෙමෛ බල්ලොත් ඉන්නවා..

      Delete
  3. ආච්චිගෙ පූසා ආච්චිට කලින් මැරුණ එකයි බං මට දුක..

    උඹට ඒ පැත්තෙ ගිහිල්ලත් වැඩක් නැහැ නේද දැන්?

    ReplyDelete
    Replies
    1. අම්මපා උඹ වගේ එකෙක්.. කිවුවොත් ඉතින් ඔහොම කතාවක්ම තමයි..

      Delete
  4. හැක්.. බොට කියන්නේ අපේ අල්ලපු ගෙදර එකත් මං එන්න කලින් බල්ලෙක් හැදුවේ. උෟට දාල තිබුන නම දේශකයා. යකෝ මම ගිහින් පැය බාගයක් “දේශකයා.. දේශා“ කිය කිය අර ගෙදර උන් කෑගහනවා. විලි ලැජ්ජාවේ බෑ. මේ ආපු ගමන් කෝමද මගේ නම දන්නේ කියලා. වැඩේ බලන කොට.. බල්ලගේ නම දේශකයා.. මොනා කරන්නද ටික දවසක් හිටියා. මොන වෙලේ බැලුවත් මගේ නම කියනවා.. පල දේශකයා.. මෙහෙ වර දේශකයා. කාපිය දේශකයා.. දුප් පර දේශකයා.. ඔන්න ඔහොමයි..

    ටික කාලයක් යද්දි උන් දැනගත්තා මගේ නමත් දේශකයා කියලා. අනේ එ් අය කොච්චර හොදද කියනව නං වෙන නමක් දාන්න හදල තියෙනවා. කොහේද අහල පහල උන් කතා කරන්නෙම අර යකාට දේශකයා කියල නෙව. ඉතිං වැඩේ හරි ගියේ නෑ.

    ටික දවසකින් බලද්දි මගේ නම කතා කරන එක නැති වෙලා ගියා. මාත් හෙමින් සීරුවේ හොයල බැලුවා.. මහත්තයෙකුට තියෙන නමක් බල්ලට දැම්මම ප්‍රශ්න නිසා බල්ලව වෙන තැනකට දුන්නලු..

    අපේ දේශිකා නං කිව්වේ බල්ලට දාලා තියෙන්නේ නියම නමක් කියලා.. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹේ නම දාල තියෙන්නෙ කියල දැනගත්තට පස්සෙ බල්ල සියදිවි හානිකරගන්න ගියාය කියල ආරංචි උනේ නැද්ද?

      Delete
    2. දෙශකයා, හයියෝ සල්ලි කිවුවලු.. හොදටම ශුවර් නේ පරණ තරහා කාරයෙක් එහෙම නෙමෙයි කියලා.. එහෙම උනානම් ඉතින් තව හිත හදා ගන්න හරි තිබුනා..

      හෙහ්, බැන්දට පස්සේ එහෙම වෙන හන්දද දන්නේ නෑ දේශිකා අරහෙම කතාවක් කිවුවේ..

      Delete
    3. කියන්න බෑ ප්‍රසන්න අයියේ.. ටික දවසක් ඉද්දී බල්ලට කල කිරුනද දන්නේ නැහැනේ... හෙහ්...

      Delete
    4. හෝමාගම හිටිය හොඳ යූඇන්පී කාරයෙක්. මෑන් බන්දුල ගුණවර්ධන එක්ක මල පැනපු එකෙක්. මෑන් බල්ලෙක් ගෙනල්ල නම දැම්ම බන්දුල කියල. බල්ලත් හරියටම බන්දුල ඇමතිතුමා වගේ කටත් කළුයි(බන්දුලගෙත් කට කලුයි නෙව). බන්දුල ඉජු: කිව් ගමන් එනව.

      Delete
    5. දේශිකා එ් බල්ලට කොස්සෙන් ගැහුවෙ නැද්ද ?

      Delete
    6. රාජ් අයියේ, හෙහ් බන්දුල දැන් කරන වැඩත් එක්කනම් ඒ කරපු වැඩේ හොදයි කියලා කියන්න පුළුවන්..

      Delete
    7. සිරා අයියේ, දේශිකා ගෙදර ඉන්න එක්කෙනාට ගහනවලුනේ..

      Delete
  5. මස්ටිෆ් ඩෑල් එකක් නේද දිනේෂ් අය්ය...
    මරු ඩොගිය...
    ඒත් මට නං බල්ලො අරහං.... සැක් ඉතරක් අරකෙල්ලගෙ මූණත් තහඩුව බලාගන්න විදියක් නෑ නෙව

    ReplyDelete
    Replies
    1. අම්මප මේකා බල්ලගෙ පොටෝ දෙකක්ම දාල තියේ අර කෙල්ලගෙ පොටෝ එකක් දාල නැති හැටි..

      Delete
    2. බුල් මැස්ටිෆ්?? සාමාන්ය කලර් එකට ( කලු මූණ හා ක්‍රීම්කලර් ඇඟ ) වඩා ටිකක් වෙනස්නේ? Neapolitan mastiff ගෙ කලර් එකත් නෙමෙයි. කොහොමවෙතත් ආසම මූණක්. මං ආසම එකා ඉන්ග්ලිශ් බුල්ඩෝග් ඒත් ගාණ සැරයි. ඒනිසා බොක්සර් කෙනෙක් ගත්ත. කෙල හලනවා (drooling) ලීටර් ගණනින් :- D.

      Delete
    3. මහේෂ්, ජාතිය ගැනනම් හරියට දන්නේ නෑ. හැබැයි මොනා උනත් සිරා බල්ලා. කෙල්ලගෙ මූණ නම් ඉතින් කියලා වැඩක් නෑ

      Delete
    4. සංචාරකයා, කෙල්ලගේ පොටෝ?? උඹ මාව ආයෙම ඉස්පිරිතාලේ යවන්නද හදන්නේ...

      Delete
    5. ප්‍රා, මේකත් අපරාදේ කියන්න බෑ කෙල හලනවා හොද එකෙන්.. මොකද්ද මංදා ජාතියක් ගැනනම් කිවුවා.. මට නම් තේරුනෙත් නෑ.. සමහර වෙලාවට මේකා ඉද්දී මට මුණ පේන්නේ හරියට ඔරන්හොටන් කෙනෙක් වගේ.. සිරාවටම..

      Delete
    6. Dogue de Bordeaux (French Mastiff) ??

      Delete
    7. "අම්මප මේකා බල්ලගෙ පොටෝ දෙකක්ම දාල තියේ අර කෙල්ලගෙ පොටෝ එකක් දාල නැති හැටි.." මටත් ඕකම හිතුනා සංචෝ

      Delete
    8. ප්‍රා, ඔවු ඔවු මේ ඒ වර්ගේ එකෙක් තමයි...

      Delete
    9. දිලිණි, මම යහතින් ඉන්නවට උඹලා ආස නැද්ද කියපං බලන්න..

      Delete
    10. Passe kaleka hari foto ekak aran dapan

      Delete
    11. බලමු බලමු..

      Delete
  6. බොට තිබුණෙ බල්ලගෙ මූන දාන්න නෙමෙයි කෙල්ලගෙ මූනෙ ෆොටෝ එකක් ගහල මේකට දාන්න.

    වාව් මායා...

    ReplyDelete
    Replies
    1. මගේ මූණවත් බලන්නේ නැති එකේ මම කොහේ ෆොටෝ ගන්නද..

      Delete
  7. පුදුමයි ගුටිකන්න උනේ නැති එක. වාව් මායා...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වගේ නෙමෙයි හන්දා බේරුනා.. නැත්නම් ඉතින් සොරිම තමයි..

      Delete
    2. Wariyapola nangi ohe ewannada

      Delete
    3. පිස්සු කෙලින්න එපා..

      Delete
  8. වාව් මායා... හැක් හැක්..
    අර කෙල්ල නමත් වෙනස් කරගනීද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, එවුවා කියන්න බෑ.. හැබැයි ඉතින් මාත් බයිට් එකනම් අත අරින්නේ නෑ..

      Delete
  9. දිනේෂ්...................

    පට්ට කතාව... නියම සිද්ධිය..... ආයේ ඒ ගැණු ළමයා එන එන පාරට මායාට අඩගහපන්..... ටික දවසක් යද්දි උඹලාගේ ගෙදර මායලා දෙන්නෙක් වත් ඉදීද දන්නෑ.................

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම වෙනවනම් ඉතින් මොනවා කරන්න බැරිද බං.. එහෙම නොවෙන එකනේ ප්‍රශ්ණේ... හෙහ්..

      Delete
    2. Ohoma yaddi komath ehema wei. Oka ithin italy ne

      Delete
    3. හෙහ්.. හිතන තරම් යකා කළු නෑ කියලා තමයි වෙන්නේ..

      Delete
  10. අනේ මායා, මං කිවුවෙ බව් මායා හරිම ලස්සනයි.

    කෝ යකූ "පිස්සු කතාව"?

    ReplyDelete
    Replies
    1. අනික් මායත් හරි ලස්සනයි හැබැයි..

      ඒක ලියන්න කම්මැලි බං..

      Delete
  11. හොඳ වෙලාවට මායා හිටිය තැනින් එලියට ආවෙ. ඌත් ජොලියට වගේ හැංගිලා හිටියනම් අද පෝස්ට් එක වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත හැබැයි.. මොනා උනත් මායා මට කීකරුයිනේ.. මං කිවුවේ බල්ලා ගැන හොදේ..

      Delete
    2. හරි හරි ඉතින්... ඔන්න අපි නම් මුකුත් හිතුවෙ නෑ ;)

      Delete
    3. අන්න හොද ළමයි...

      Delete
  12. මම නම් බල්ලන්ට වැඩිය ආස නෑ... ගේ ගාවට ආවොත් පවු සතෙක්නේ කියලා හිතලා කන්න ටිකක් නං දෙනවා. ඒ ඇරෙන්න හුරතල් කිරිල්ලක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම නම් මාර ආදරෙයි. මට පොඩි බව්වෙක් ඉන්නවා...:D

      Delete
    2. මධු අයියේ.. ගෙදර එකෙක් හදනවට වැඩිය ඔය කරන දේ සෑහෙන්න වටිනවා හැබැයි..

      Delete
    3. මාත් එකෙක් ගන්න තමයි හිතන් ඉන්නේ පොඩ්ඩි අක්කේ.. පාළුව යන්නත් එක්ක..

      Delete
  13. මාර වැඩක්නේ. එයාගේ නමත් මායාද?

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු පොඩ්ඩි අක්කේ. කෙල්ලගේ නමත් මායා තමයි. ඒකනේ අප්පා අප්සට් එකට හිටියේ. කවුද දන්නේ ඉතින්.

      Delete
    2. දේශකයට හදිස්සියෙම මොකෝ චාපා කෙනෙක් මතක් වෙලා??

      Delete
    3. මට මතකයි රුසියන් කතාවක කොල්ලෙක් බල්ලෙක් හොයන්න ගිහින් අලකලංචි ගොඩක් වෙනවා. ඒකෙනම් කෙල්ලෙක් නෑ එකවගේ බල්ලො හතරදෙනෙක් ඉන්නෙ. ඒ බව්වා චාපා. දේශකට ඒකද දන්නෑ චාපා මතක් උනේ.

      Delete
    4. උඹත් එහෙනම් පොත පත ටිකක් කියවලා තියෙනවනේ... ;)

      Delete
  14. අර දෙවෙනි ෆොටෝ එකේ මායාගෙ හරි කළකිරිච්ච ලුක් එකක් තියෙන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. මම ඉතින් කියන්නේ නෑ..

      Delete
    2. සිරා කතාව. හරිම කළකිරීමකින් මූ දිහා බලන් ඉන්නෙ. මට මේ කමෙන්ට් එක දැකලා ආයෙ ඒ ෆොටෝ එක දැක්කම බකස් ගාලා හිනා ගියා.

      Delete
    3. ගුටි නොකා හිටපිය මගෙන්..

      Delete
  15. අපොයි මැදැයි මලයා ගුටි නොකා බේරුනා.... ආච්චිත් හොද නම්නේ දාන්නේ බල්ලන්ට

    ReplyDelete
    Replies
    1. ආච්චිගේ නංගී දාපු නමනේ ඉතින්.. මේ එහේ හිටිය එකානේ උස්සන් ආවේ.. එහේ ඔය නම තියෙන කෙල්ලෙක් ඉන්න නැතුව ඇති ශුවර් එකටම.. හෙහ්..

      Delete
  16. ඔහේ උඹල නොදන්න උන් එක්කත් උඹ බං බොලන් කියලද බං කතාකරන්නෙ?

    අනේ මන්ද බං, මට නිකන් මායයි උඹයි නිවුන්නු වගේ!!! (විහිලුවක් හොඳේ)

    ReplyDelete
    Replies
    1. මෙහේ ඉතින් ඒක එච්චර ගානක් නෑ බං.. වයසක කෙනෙක් නම් ඉතින් ටිකක් ගරු සරු ඇතිව කතා කරනවා.. එහෙම නැත්නම් ඉතින් ඔය විදිහ තමයි.. ඒක උංට ප්‍රශ්ණේකුත් නෑ..

      කියන්න බෑ ඉතින් කලින් ආත්මක සහෝදරයොද දන්නේ නෑනේ.. :P

      Delete
  17. හෙහ් හෙහ් මරු නම අෆ්ෆා මායා එලකිරි නමක්නෙ බල්ලට දාලා තියෙන්නේ හැබැයි කෙල්ලනම් ටිකක් පව් තමා

    ReplyDelete
    Replies
    1. කෙල්ල මොන පවුද බං... අද උදෙත් මාව දැකලා රවාගෙන ගියා.. හෙහ්..

      Delete
    2. Oya ravaagena yam tika dawasakin nathi wela wena wena look davi

      Delete
    3. එහෙම නොවෙන තරමට හොදයි..

      Delete
  18. දිනේශ්.....ඉස්සර අපේ ගෙවල් පැත්තේ බලු පැටියෙක්ව ගන්න එන්නම් කියලා එක මිනිහෙක් පොරොන්දුවෙලා ගන්න ආවේ නැහැ. අර බලු පැටියා ඉන්න ගෙදර එවුන් ඌට සුමනේ කියලා නම දැම්මා. අර මිනිහාගේ නම සුමනේ. අර මිනිහා පාරේ යනකොට මුන් බල්ලා සුමනෙට බනිනවා.

    ඔය ජාතියේම වසවර්තියො දෙන්නෙක් එකම වගේ ගේකින් පැනලා ඇවිත් අපේ දොර ඉස්සරහට වෙලා ඉන්නවා. බයේ බැහැ බන්, මුන් යන්නෙත් නැහැ. එදා අපිට කෝච්චිය අල්ලගන්න යන්නත් ඕන. ඕන මගුලක් කියලා එලියට බැස්සා. මුන් දෙන්නා නැට්ට වන වන ගොරවනවා. දැන් අපේ වයිෆුයි, දුවයි ඒ බයට එලියට එන්නේ නැහැ. කෝච්චියටත් වෙලාව සෙට් වේගෙන එන්නේ. පස්සේ dog wardens කියලා ඉන්නවා ඒ ඒ ඒරියා එකට. අල්ලපු ගෙද්‍ර ගෑනී එහෙම කතාකරලා යාන්තම මුන් දෙන්නාව ශේප් එකේ එහාට මෙහාට කරගත්තා.

    ReplyDelete
    Replies
    1. හෙහ්, සුමනේ.. මරු නම අප්පා බල්ලට.. ඉස්සර අපේ අයියගේ යාළුවෙක්ගේ ගෙදර බල්ලෙක් හිට්ය කොමළි කියලා..

      මුං සැර කෝම උනත් මුණ දැක්කම බය හිතෙනව අරූ අයියේ.. මාත් මුල් ටිකේ එහෙමයි.. ඔළුව අත ගෑවෙත් හෙන පරිස්සමට.. දැන් නම් ඉතින් ඒකටත් එක්ක.. කියලා වැඩක් නෑ..

      Delete
  19. හරි හරි රෝලට වැටිලා.රෝලෙන් තමයි දැන් ආවෙත්.
    මමත් සත්තුන්ට කැමතියි.ඒත් සත්තු හදන එක නම් මහ වදයක්
    කොහොමටත් මායා කියල දාපු එකනම් අපූරුයි.මට මැවිල පෙනුන කෙල්ල හැසිරුන හැටි එතන හෙහ් හෙහෙ

    ReplyDelete
    Replies
    1. මම එදා ඒ පැත්තේ ඔළුව දැම්මම දැක්කා රෝලේ එල්ලිලා තියෙනවා..

      හැබැයි එක අතකට තනියම ඉද්දී නම් සතෙක් හරි ලග ඉන්න එක වදයක් නෙමෙයි.. මාත් මේ එකෙක් ගන්නවද මායාවම රැක බලාගෙන ඉන්නවද කියලා කල්පනා කලේ.. හෙහ්..
      කෙල්ලගේ මූණ මාර ලස්සනයි අෆ්ෆා ඒ වෙලාවේ..

      Delete
  20. හිනා වෙලා පණ ගියා..... අපේ ඉප්පිරිතාලෙට ගේන බල්ලොන්ගේ නම් වල හැටියට ඔව්වා මොනවද....... :D

    ReplyDelete
    Replies
    1. මාත් ඕන තරම් ඔය වගේ නම් අහල නම් තියෙනවා.. ඒත් අප්සට් එක කියන්නේ කෙල්ලගේ නමත් ඒකම වෙච්ච එක..

      Delete
  21. උඹ ඔහොම ගිහින් ඒ මායාවත් සෙට් කර ගනිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. දැනට නම් එහෙම නෑ..

      Delete
  22. මෙච්චර තඩි කැත බල්ලෙක්ට මායා කියල ලස්සන නමක් දැම්මද ..අපි වගේ ටැපලෙන්නැති නම් දාන්න එපැයි.අපේ එක බව්වෙක් ටිමී අනෙකා ටොමී අපිට නම් පැටලෙන්නේ නෑ හැබැයි බල්ලෝ දෙන්නට නම් උන් දෙන්නගේ නම් පැටලිලා එකෙක්ට කතා කරද්දී අනෙක් එකත් දුවන් එනව :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න නිකන් කේන්ති යන කතා කියන්න එපා හරිද.. මේකා ලස්සනයි..

      පවු අෆ්ෆා අහිංසක බල්ලෝ දෙන්නා.. අනිකා තනියම එවන්න බැරි හන්දා පස්සෙන් එනවද දන්නේ නෑ.. හෙහ්..

      Delete
  23. සෑහෙන්න බයානක පෙනුමක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අර වෙලාවෙනම් කෙල්ලගෙත් තිබුනේ එහෙම පෙනුමක් තමයි...

      Delete
  24. උඹට ආයෙම රෝහල්ගත වෙන්නෙ වෙන වැඩක් තව පොඩ්ඩෙන්.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ඉතින්.. තව පොඩ්ඩක් එහා මෙහා වෙලා ගියානම් ආයේ ටික දවසක් ගිහින් නවතින්න තිබුනා..

      Delete
  25. බල්ලො හරි හිතවත් සත්තු. හැබයි ඔය බටර් පාන් මූණු තියන උන්ට නම් ආස නෑ. අර කෙල්ල බල්ලෙක් ගෙනල්ල දිනේෂ් ට එහෙ කියන නම දැම්මොත් තමයි වැඩේ. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් අවුලක් නෑ චන්දන.. මුංට මගේ නම කෝමත් හරියට කියාගන්න බැරි එකේ බල්ලටත් වැරදි නමක් දාවි.. ඒ හන්දා ප්‍රශ්ණයක් නෑ..

      Delete
  26. බල්ලා නම් නොදැක්කත් කමක් නෑ...අර සුදු කෙල්ලගෙ ෆොටෝ එකක් ඇල්ලුවෙ නැත්තෙ බොලාගෙ අත වෙව්ලුවද එවලේ....

    ReplyDelete
    Replies
    1. ෆොටෝ අල්ලනවට වඩා වෙන වැඩ නැද්ද. නේද ඉඳිකට්ටෝ?

      Delete
    2. සිරා අයියේ, එවෙලේ කෙල්ලගේ ෆොටෝ ගන්න ගියානම් කෙල්ලගේ අත එහෙ මෙහේ වෙන්න තිබුනා.. හෙහ්..

      Delete
    3. බස්සී, උඹ ප්‍රයිවට් එකේ මැසේජ් කරපං.. මං කියන්නම්..

      Delete
  27. He he... matath Italy enna hitheno...

    ReplyDelete
    Replies
    1. කොයි මායා බලන්නද??

      Delete
  28. Aththa kiyapan kella dan uba ekka set neda?

    ReplyDelete
    Replies
    1. තාම නෑ.. උනොත් කියන්නම්..

      Delete
  29. මායා,හරි චාපා හරි බල්ලෝ නම් එපා බං මම නම් ආස නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා බොල..

      Delete
  30. මුට බෙහෙත් විදල නේද බං ..?

    ReplyDelete
    Replies
    1. යකඩෝ, උඹට හිතුනේ ඒක විතරමද?? ඔවු ඔවු විදලා..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්