Wednesday, 5 November 2014

මරණයේ සිහිනය




එය මා සිහිනයෙන් මගේ මරණය දුටු සිවුවන වතාව විය.. කිසිම දෙයක් අමුත්තක් නොවුන නිසාම මම සිහිනයෙන් අවදි වන්නට උත්සාහ නොකලෙමි.. සියල්ලක්ම කලින් වතාවල මෙන් සිදුවිය.. මොහොතක් වත් වෙනස් නොවී ඒකාකාරීව මා සිහිනයන් දෙකක් දැක ඇත්තෙමි.. එකක් කුඩා කල සිට තවමත් ඉදහිට දකින විශාල සර්පයකුගේ සිහිනයය.. අනෙක වසර දෙක තුනක මෑත අතීතයේ සිට දකින මගේ මරණයේ සිහිනයය.. එහි අරුත ගැන මා නොදනිමි.. මා ඒ ගැන සිතන්නට උත්සාහ කල අවස්ථාද බොහෝ වුවත් එහි අවසානයේ මා ලද පිළිතුරක් නොවීය.. අවසානයේ සිතන්නට ගත් උත්සාහය පමණක් මා අත්හලෙමි.. සිහිනය චක්‍රයක් මෙන් මා නිදි දෑස් අතරට තවමත් ඉදහිට ලංවෙමින් පවතී..

සියල්ලක්ම නිස්කලංකය.. රැස්ව සිටි මිනිසුන් අතරින් මම හෙමින් ඇවිදන් ගියෙමි.. ඔවුන් සිහින් හඬින් කරන කතා මට නෑසෙන තරම්ය.. එහෙමත් නැතිනම් මට වුවමනාවක් නැති නිසාම නොනෑසෙන තරම්ය.. සුදු හා කළු හැදගත් කිහිපදෙනෙක් අසළ මා නැවතීමි.. ඒ සමහරක් මුහුණු මට ආගන්තුකය.. අනික්වා මට බොහෝම හිතවත් මුහුණුය.. මා මෙන්ම ඔවුන්ද පෙරලා එක එල්ලයේ අප, අප දෙසම බලාසිටි කාලය බොහෝ දිගු එකක් වුවද වචනයකදු අප අතර හුවමාරු නොවින.. නැත්නම් කතා කිරීමට තරම් ඕනෑ කමක් අප කිසිවෙකුත් අතර නොතිබින..

ඒ මුහුණු වල හැඟීම් තේරුම් ගන්නට මා උත්සාහ කලෙමි.. කාලයක් පුරා මා දන්නා නමුදු ආගන්තුක වුන ඒ බැල්ම මගේ සිතුවිළි වලට වැට බඳින්නාක්මෙන් විය.. මා එදෙස ඕනෑකමින් බැලිමි.. ඔවුන් ඔවුන්ගේ කතාබහ අතර කොහේදෝ තැනක නතර වී සිටියා මිසක මා ගැන උනන්දු වන්නට තරම්වත් වේලාවක් කාහටවත් නොතිබුනි.. මා ඔවුන් මඟ හැර ඉදිරියට ඇවිද ගියෙමි..

අඳුරු පැහැ වුන මුහුණුත් නිහඬ මළාණික සෙල් රූ වැන්නවුනුත් අතර එකම දිශාවකට බලා සිටි කිහිප දෙනෙකු විය.. මා ඔවුන් නොහදුනනමි.. නමුත් ඒ ඇස් වල මානය දෙස මා උනන්දු වීමි.. සිහින්ව එක් අන්තයකින් නැඟ ආ දුමාරය සුළගත් සමඟ කාමරයේ හිස් තැන් පුරා ඇදෙමින් තිබුනේය.. නමුත් එහි කිසිම සුවඳක් හෝ දුඟදක් මට නොදැනුනි.. මා ඒ දෙස බලාසිටියා මිසක එහි මිහිරියාවක් මා තුලට ඇද ගන්නට තරම් වුවමනාවක් මා තුල නොවින..

ඉබාගාතයේ දුවන කාලය ගැන කිසිවකුට හෝ හිතන්නට තරම් වුවමනාවක් නොවීය.. මාද එලෙසමය.. නමුත් හැම දෙයක්ම අතර ආගන්තුක හැඟීමක් මගේ හිත වටා හොල්මන් කරන්නට විය.. හැමදෙයක්ම මද්‍යයේ වූ තද රත් පැහැ ලී අසුරණය මගේ හිතේ සැහැල්ලුව උදුරාගන්නාක් මෙන් මට දැනෙන්නට විය..

" ඒ මොකද්ද? ඇයි හැමෝම ඒ දිහාම බලාගෙන ඉන්නේ?"

හිතේ රැදි කුතුහලය තව දුරටත් මා රදවා තබන්නට තරම් ශක්තිමත් නොවීය.. මා පියවර කිහිපයක් ඒ දෙසට ගමන් ගතිමි.. සියල්ලක්ම තවමත් පෙර මෙන් නිසළය.. අවට වූ කිසිවකුටවත් මාගෙන් හෝ මගේ ගමනෙන් කිසිදු ප්‍රශ්ණයක් නොවීය.. ඔවුන් සියල්ලම පෙර මෙන්ම ඔවුන්ගේ සිතුවිළි අතර සිර වී සිටී.. මාද එලෙසමය.. නමුත් මා තුල වූ එකම වෙනස නම් ඔවුන්ට වඩා මා නිදහස් වීමයි.. ඔවුන්ට මෙන් මා වටා හෝ මා අභිමුව කිසිවකුත් නොවීය..

හුදෙකලා සිතුවිළි මා නිරායාසයෙන්ම මගේ අරමුණ වෙතට ගෙනවිත් තිබුනි.. මලින් සැරසූ ඇතිරිල්ල මත යමෙකු වැතිර සිටී.. එක් මොහොතකට ඒ රුව මට අපැහැදිළිය.. රිදී පැහැයෙන් නිම කල මනා ඇදුමකින් සැරසී හිදි නිසොල්මන් රුව දෙස මම ඕනෑකමින් බැලිමි.. මා මොහු හඳුනන්නේද? මගේ යටි හිත මගෙන් කිහිපවරක්ම අසන්නට විය.. අසළ වූ යමෙකු දෑස් වල කඳුළු පිසදමමින් ඒ රුව දෙසම බලා හිටියත් මගේ දෑසෙහි කිසිදූ වේදනාවක් නොවින.. එය බොහෝ කාලයක් සිටම වියළි ගියාක් මෙනි..

මා හැඟීම් වලින් තොරව ඒ රුව දෙස බැලිමි.. තවමත් සමහරක් දේ අපහැදිළිය.. කිහිප වතාවක්ම මෙලෙස අවුත් ඒ රුව නොදැක හැරී ගියාක් මෙන් හැඟීමක් මගේ හිතේ හොල්මන් කරන්නට විය.. බොහෝ වේලාවක් කිසිදු හැඟීමකින් තොරව සිටි මා ගැහෙන්නක් මෙන් දැනෙන්නට විය.. ඔවු, ඒ සිටින්නේ මාය.. මම, මා දෙසටම එබී බැලිමි.. අප අතර වූ පරතරය ඉතා සීමිතය.. නමුත් මට වැතිර හිදි මාගේ හුස්මවත්, ඒ මුහුණට වැදී යලි එන මාගේ හුස්මවත් මට දැනුනේ නැත.. එසේ විය හැකිද? මා කල්පනා කලෙමි.. අප අතර වූ එකම වෙනස නම් වැතිර සිටි මා දෑස් පියාගෙන සිටීම පමණි.. හැද සිටි ඇදුමේ සිට අනෙක් සියල්ලම සමාන විය..

මෙපමණ වෙලාවකට පසු මට යමක් දැනෙන්නට විය.. ඇඟිළි තුඩු අතරට දැනුන මද සිසිළසක් මගේ හැඟීම් මා තුලින්ම පිටතට ගන්නට සමත් විය.. තවමත් හැම දෙයක්ම නිසංසළ වුවත් මද සුළඟක් මගේ ඇඟිළි තුඩු වටා විත් මුහුණ පුරා වෙලිනි.. මා මොහොතකට සියල්ල අමතක කර එය විදගතිමි.. හැම දෙයකටම වඩා හිතට කා වැදුන එකම හැඟීම එයම විය.. පියව ගිය දෑස් විවර කර මා වැතිර සිටි මා දෙස බැලිමි.. මෙය මියෙන්නට කාලය නොවන බව මා හොදින්ම දනිමි..

" ජීවත්වෙන්න.."

මම වැතිර සිටි මා දෙසට නැඹුරු වි කෙදිරුවෙමි.. මොහොතකට ඒ වදන් යලිත් විත් මගේ හිස පුරා රැදෙන්නාක් මෙන් හැඟීමක් මට දැනුනි.. එය ජීවිතය යලි නැගිටවීමේ ආමන්ත්‍රණය බැවු මා දනිමි.. මියෙන්ට තව බොහෝ කල් ඇත.. එය හැකිතාත් පසුපසටම තල්ලු කර දැමිය යුතුය.. මේ මරණයේ නපුරු සිහිනයෙන් නැඟිටීමේ කාලයයි..








අති විශේෂයි, කොච්චර විවේකිව ඉන්න කියලා කිවුවත් මීට වැඩිය ඉතින් විවේකයක් මට වෙන තියෙනවද? අනික ඉතින් ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවනේ.. මේ ලිවිල්ලත් අන්න එහෙම ජාතියේ පුරුද්දක් තමයි.. ඕන එකක් වෙන්න කියලා ආයේ මම ලියනවා.. මොකද, මේ මියෙන්න කාලය නෙමෙයි..

අර පිස්සු කතාව අමතක අය පොඩ්ඩක් ඔන්න ඒකට ඔළුව දාලා බලාගෙනම එන්න.. ලබන සතියේ ඒකේ අනික් කොටස දානවා..

පිස්සුලන්තයට ඇද වැටීම      පිස්සන්ගේ නාට්‍ය

104 comments:

  1. //මේ මරණයේ නපුරු සිහිනයෙන් නැඟිටීමේ කාලයයි..//

    ඇති යන්තම්. දැන් ආපහු පිස්සු හැදෙන කාලයයි. :P

    ලිවිල්ල වෙනදා වගේමයි. හරිම රසවත්.

    ReplyDelete
    Replies
    1. හෙහ්, නැතුව නැතුව පොඩ්ඩි අක්කේ.. මම පිස්සු නටන්නේ නැතුව කෝමද ඉතින්.. නිවාඩු ගත්ත ටිකේ ඔළුවට ආව සෑහෙන විකාර වගයක් තියෙනවා ලියලා දාන්න...

      Delete
    2. Ewa liyawenakan api balan innawa

      Delete
    3. හෙමිට ලියමු.. විවේකයක් ඕනමයි දැන්..

      Delete
  2. සමුගැනිමක් ගැන ලියපු ලිපිය නිසා පොඩ්ඩක් හෙලවිලා හිටියේ..
    ලියමු දිගටම අපි උඔ එක්ක

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිතුවෙ නම් සමුඅරන් විවේකයෙන් ඉන්න කියලා.. ඒත් ඉතින් එහෙම ඉන්න බැරි එකනේ ප්‍රශ්ණේ.. වෙනදා වගේ නැතත් හෙමීට ලියන්න ඕන ආයෙම..

      Delete
    2. සමුගන්න :( මේ මේ ඔව්වට එන්න එපා හරිය...හප්පොච්චියේ ඇති යන්තම්...වෙල්කම් බැක් හොඳේ.අම්මෝ මමත් හෙන අශ්පට් එකේ හිටියේ වර්ණ
      නැතුව.මට නම් හිතුනා ආයෙම එයි කියලා.

      Delete
    3. සමහර පුරුදු අත අරින්න බෑ කියන්නේ අන්න ඒක තමයි.. නැත්නම් නොඑන්නම තමයි හිතාගෙන නම් හිටියේ.. ඒත් ඉතින් එහෙම කර ගන්න බැරි උනා..

      Delete
    4. වෙලාවකට සමුගැන්ම තාවකාලිකයි

      Delete
    5. එහෙම වෙන තරමටම හොදයි..

      Delete
  3. වුණේ මොකක්ද කියලා දන්නේ නැති වුණත් කාලෙකින් බ්ලොග් එක ලියවුණේ නැහැ කියල දැනගෙනයි හිටියේ.. ජය වේවා! ආපහු දිගටම ලියමු... \,,/

    ReplyDelete
    Replies
    1. එ ටික කාලෙට කොච්චර නම් දේවල් සිද්ද වුනාද මචෝ. දැන් ඉතින් ඒවා ගැන හිතලා වැඩක් නෑ. ආයෙම ලියන්න තමයි තියෙන්නේ.

      Delete
  4. පට්ට හරි අපූරුවට ගෙත්තම් කරල තියෙනව...
    දිනේෂ් අය්යගෙ කතාවක් ආයෙත් කියවන්න පුලුව්න වුණ රඑක ගැන සතුටුයි...
    ලියමු දිගටම
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ගෙත්තමක් කියලා කිවුවට ඉතින් මේක මම ඇත්තටම හීනෙන් දැක්ක දෙයක්.

      ලියමු ලියමු. ලියන්න තියෙනවා සෑහෙන දේවල් ටිකක්.

      Delete
    2. Hinath eka welawakata pissuwak wage

      Delete
    3. ඒකනම් සහතික ඇත්ත..

      Delete
  5. \\අති විශේෂයි, කොච්චර විවේකිව ඉන්න කියලා කිවුවත් මීට වැඩිය ඉතින් විවේකයක් මට වෙන තියෙනවද//

    ඔන්න ඔය ටික තේරුම්ගත්තනම් උඹ ඒක ලොකු දෙයක්. පහුගිය ටිකේ උඹ නැති අඩුව ගොඩක්ම දැණුනා. අද උදේ වැඩට එනගමනුත් මං කල්පනා කලා උඹට මොක්ද උනේ කියලා. සිරාවටම. කමෙන්ට් එකකින්වත් උඹ පේන්න නැති නිසා උඹ ගැන දන්න කෙනෙක්ගෙන් හරි තොරතුරක් දැනගන්න උඹ ගැන පෝස්ට් එකක් හරි දාන්න ඕනි කියල හිතුන මට.

    වෙල්කම් බැක්!

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච දේවල් ලියන්න ගියොත් ඉතින් එපා වෙනවා මචෝ. එ හන්දා ඔන්න ඔහේ එක අත ඇරලා දාමු. මාව ඉතින් එහෙම හරි මතක් උනාට තෑන්ක්ස්.

      අහ්, සම්මානයක් ලැබුනා කියලා ආරන්චි උනා. සුබ පැතුම් මචෝ.

      Delete
  6. මරණයේ දොරකඩට ගොස් ආපසු පැමිණෙන්නට ලැබීම තරම් හොඳ අත්දැකීමක් තවත් මෙලොව නැත.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත අයියේ. එක අතකට ජිවිතෙ එහෙම අත්දැකීම් එන එකත් හොදයි.

      ආයෙම කතන්දර බ්ලොග් ලියන්න ගත්ත එක ගැන ඇත්තටම සතුටුයි. විවේකීව එන්නම් ඒ පැත්තෙත්.

      Delete
    2. දැන් එහෙනම් මරෙන්න බය නැතුව ඇති

      Delete
    3. අපි කවුරුත් කෝමත් මැරෙන්න බයයි..

      Delete
  7. රයිට් විතව්ට් මෑඩ් ඩාන්ස් .. කැරිඔන්...

    හහ් හහ්...

    ආාපු එක කොච්චර හොදද.. දිගටම ලියම1ු..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆටසිටි, මම නැති ටිකට මේක "විදානපතිරණ" වෙලත් එක්ක.. හා හා ඒකත් හොදයි එක අතකට..

      මෑඩ් ඩාන්ස් තව ඉස්සරහට කිවුවලු..

      Delete
  8. එල ඈ... හැබැයි මහ රෑ බ්ලොග් කියවිල්ල අඩු කරලා ශේප් එකේ රෙස්ට් එකේ ඉඳපන්. හදිසි නැතුව රිලැක්ස් පිට ලියපන්. පිස්සු කතාව ලියන්නනම් උඹට කොහෙත්ම ඔලුව මහන්සි කරන්න ඕන නෑනෙ කොහොමත් පිස්සු නිසා!

    ReplyDelete
    Replies
    1. මම ඉතින් උඹට කියන්නේ නෑ.. උඹලා වගේ පිස්සු සැලළිහිණියෝ ආශ්‍රේ කරද්දී එහෙම නොවී තියෙයිද..

      Delete
    2. බස්සියෝ සැලළිහිණියෝ වෙලාද?

      Delete
    3. ඒක ප්‍රයිවට් ආමන්ත්‍රණයක්..

      Delete
  9. වෙල් කම් මචන්.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  10. දිනේෂ්................

    මං කිව්වනේ කලින් කතාව බොරුවක් කියලා... හහ් හහ් හා................ කොහොම වුණත් දැන් තමයි හිතට සතුටු දිනේෂ් උඹ ගැන.. අපි ඔබ සමගයි... ලියමු පුරුදු විදිහට ම ........

    ReplyDelete
    Replies
    1. කලින් කතාව බොරුවක්ම නෙමෙයි.. ඇත්තටම හිතාගෙන හිටියේ ලිවීමෙන් ඈත් වෙන්නමයි.. නැත්නම් ඉතින් පොඩි විවේකයක් ගන්නවා කියලනේ ඒක දාන්නේ.. ඒත් එකම නිදහස මේක කියලා හිතුන හන්දා ආයෙම ඔන්න ඔහේ ආවා වෙන දෙයක් වුන දෙන් කියලා..

      Delete
    2. Jiwithe samahara dewal api hithana widihata wenne na wagema api hithana widihata kara ganna wenneth na.

      Delete
    3. සහතික ඇත්ත.. ඒකනේ ඉතින් මේකට ජීවිතේ කියන්නේ..

      Delete
  11. වෙල්කම් බැක් සහෝ...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සහෝ..

      Delete
  12. මොකක් නිසා ද මන්දා මට මේක කියවනකොට "නීකිතාගේ ළමා කාලය" පොත මතක් වුණා. මම නෑවිත් හිටිය ටිකට එරිකෝ හන්ටර් සෑහෙන වැඩ කරන්න ඇති නේද? නිවාඩු පාඩුවේ ඇවිල්ලා කියන්නං :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එරිකෝ සෑහෙන්න වැඩ නම් කලා.. හැබැයි මගේ හිතේ.. තාම මේකට දානවද නැද්ද කියලා තමයි හිතලා නැත්තේ..

      Delete
    2. එරිකෝ ලියනවනම් අපි කැමතියි

      Delete
    3. බලමු බලමු..

      Delete
  13. මැරිචිචි එකා ඇවිත්.

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ මනුස්සයා මම මැරෙනකන්මනේ බලාගෙන ඉන්නේ...

      Delete
  14. මල්ලිත් කාලයක් නොලිය හිටිය ද ?
    ලියවිල්ල නම් වෙනදා වගේම ලස්සනයි. මට නං දැන්ම මරණ සිහින බලන්ඩ ඕන නෑ... හෙහ් :)

    ReplyDelete
    Replies
    1. ලෙඩ නිවාඩු හන්දා නොලියා හිටියා.. දැන් ඉතින් ආයෙම පටන් ගන්න තමයි තියෙන්නේ..

      හෙහ් හෙහ්.. අයියලා දැන්ම මරණ සිහින බලන්න ඕන නෑ.. මල් මල් ඒවා තියෙනවා බලන්න..

      Delete
  15. මිනිස්සු හීන දකින්න ආස උනාට මරණයේ සිහිනය නම් දකින්න ආස නැතුව ඇති. ඒත් ඉතින් ඉදලා හිටලා හරි ඒකත් දැකලා තියෙන එක හොදයි. කෝම උනත් ලිවිල්ලනම් සිරා මචං.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් ඇත්ත.. මිනිස්සු හුඟක් දකින්න කැමති සුබ දෙයක් මිස මෙහෙම දෙයක් නෙමෙයිනේ..

      Delete
  16. Cry wolf මතකද?
    කලින් පෝස්ට් එකට මගේ බලවත් විරෝධය!

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි..

      කලින් පෝස්ට් එකනම් මාත් කැමැත්තෙන් දැම්ම එකක් නෙමෙයි.. ඒත් ඒ වෙලාවේ හැටියට නොදා බැරි උනා..

      Delete
    2. Ehema ekak noda hitiyanam liyanne nathi weddi apita thawa prasnayak

      Delete
    3. ඒකත් ඇත්ත..

      Delete
  17. Nice to see you back

    ReplyDelete
  18. මරණෙට පොඩි විහිළුවක් කරගෙන ඉඳපන් බං ;D

    ReplyDelete
    Replies
    1. හෙහ්, මාරයට තද වෙයිද දන්නේ නෑ... ;-)

      Delete
  19. මරණය ගැන හිතනවාට වඩා හොඳයි, ර්‍රලඟ ආත්මය ගැන හිතන එක...ඔය දැක්කේ පළවෙනි මරණයද....මම සෑහෙන්න මර දුතීකාවෝ දැකලා තියෙනවා දිනේෂ්....මරඟනන් කොට්ටේ යට තියාගන්න. එතකොට උන් බයවෙනවා.

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ.. මේ මම එකම හීනේ දැක්ක හතරවෙනි වතාව.. ආයෙ පෙනෙයිද කියලා දන්නෙත් නෑ..

      හෙහ්, මාර දූතිකාවොනම් ඉතින් ලයිව් හරි බලාගන්න බැරිය අයියේ අපිට මෙහේ..

      Delete
    2. Mara duthikawo gana kawara kathada ithin

      Delete
  20. මේ ඇවිත් ඉන්නේ කාලේකින්... මොකක් වුනාද කියලා හිතා ගන්න බැරුව හිටියේ.

    ReplyDelete
    Replies
    1. සිද්ද වෙච්ච දේවල් නම් ගොඩයි.. ඒත් ඉතින් දැන් පරණ ඒවා මොකටද.. ඔන්න ඔහේ අපි වෙන්දා වගේ ලියාගෙන ඉමු..

      Delete
  21. හෙක් හෙක් එහෙනම් බොලා මරණෙන් උට්ටාන වෙලා ඈ, හොඳා හොඳා, කවද්ද උටාන උනේ? අර බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවොත් මනෝකාය පිටට යවලා තමන්ගේ සරීරෙ දිහා බලන් උන්නලුනේ, හොඳයි එහෙනම් දැන් පය 10 ක් වත් දවසට නිදාගෙන ඉඳලා ලියහන්. :D

    බොලා මරනෙන් නැගිටිද්දී අපිලා මැරෙන්න තමා සූජානම, :(, බලමු නැගිටින්න ඇහැක් වෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. යෙස් යෙස්,, දැන් සතියක් විතර ඇති උට්ටාන වෙලා.. උඹලා කිවුවට ඔය පැය ගාන නිදා ගන්න එක තමයි මට තියෙන ලොකුම අවුල..

      ඇයි උඹට මොකද ඒ ගමන වුනේ?? කොහෙද යන්නේ??

      Delete
    2. අඩුම ගානේ පැය 8ක් වත් නිදාගනින්

      Delete
    3. කරන්නම බැරි ඒකනේ..

      Delete
  22. සතුටුයි ආයෙ ආපු එක ගැන. දිනේශ් ගෙ කතා දිනේශ් ගෙන්ම විතරයි.

    ReplyDelete
    Replies
    1. මැසේජ් එකක් එහෙම දාලා හොයලා බැළුවට ස්තූතියි චන්දන.. ආයෙනම් පොඩි බ්‍රේක් ගත්තත් මේක නවත්තලමනම් දාන්න හිතන්නෙවත් නෑ..

      Delete
  23. නියමයි!!! ආයෙත් ඇවිත්.මේ ලිපිය කියවද්දී හිතුනෙ වර්ණ කියන පුද්ගලයා කොච්චර අනන්‍යතාවයක් තමන්ගේ අකුරුවලට වචනවලට දීල තියනවද කියල.ඇත්තමයි කියන්නේ මේ බ්ලොග් එක කියවන්න මං ආස මේ ලිපි හැම එකක්ම නවත්තන්නේ නැතිව එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.ලියන විදිහ හරිම ලස්සනයි .ආයේ කතාවේ ඇතුලටම කියවන එක්කෙනාව තල්ලුකරලා තමයි ලියන්නේ ඒ කියන්නේ කියවන අපි හැමෝවම කතාව පුරාම කතාව ඇතුලේ ජීවත් කරවනව.මාස ගානක් ගෙවිල හරි ආයේ ලියන්න හිතුන එක නම් ලොකුම දෙයක් ඇත්තටම අය්යේ මොකද උනේ? ඔන්න ආයේ නවත්තනන නම් එපා දිගටම ලියන්න ....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.. සිද්ද උන දේවල් ගැන ඉතින් දැන් කතා කරලා කිම.. ඒ හන්දා ඔන්න ඔහේ ඒවා අමතක කරලා දාලා වෙන්දා වගේම ලියමු, කියවමු..

      Delete
    2. හංසිගේ අදහසත් එක්ක මාත් එකගයි

      Delete
  24. Welawakata jiwath wenawata and adiya marena eka lesi. Hoda naraka koma unath hine liwwa widiya patta.

    ReplyDelete
    Replies
    1. ජිවත් වෙන එකයි මැරෙන එකයි දෙකම හරි අමාරුයි බං..

      Delete
  25. අඳුර තුල තව අඳුරු සේයා
    මැවෙන මරණය නම් සිහිනෙන්
    අවදිවන්නට අමතන
    කෙඳිරිල්ලකි ජීවය

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත.. හැබැයි ඔය කෙඳිරිල්ල ඇහෙන්න පොඩ්ඩක් පරක්කු උනා.. අන්න ඒකයි අප්සට් එක..

      Delete
  26. ලියවිල්ල ගොඩක් හොඳයි මචං...
    මමනම් උඹ ඔය කියල තියෙන හීන වර්ග දෙකම ඇත්තටම කීප වතාවක්ම දැකල තියෙනවා
    පත සර්පයෝ මාව එළවගෙන එන එක සහ මම මැරෙන එක....
    ඇත්තමට මැරෙන හීනේ මාරයි මචං....
    සර්පයෝ එළවන කෙස් එකනම් එපා වෙනවා, අපි කොච්චර දිව්වත් එක තැනමයි, එහෙම නැත්නම් ගෙට ගිහින් දොර වහගන්න බැලුවම දොර කැඩිලා, එහෙම නැත්නම් උළුවස්සට වඩා දොර පොඩි නිසා ඌට එන්න ඉඩ තියෙනවා...
    ඔන්න ඔහොමයි වෙන්නේ.... හැක්.

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි ලොකු අයියා.. සර්ප හීනෙනම් මම දකින එකම වගේමයි.. මටත් ඕකම තමයි පේන්නේ.. වැඩේ කියන්නේ උන් මට වැඩිය ෆාස්ට් මට වැඩිය පත සයිස්.. හැබැයි උන් මාව කන්න කලින් මාව ඇහැරෙනවා..

      Delete
    2. Mata nam penawa makuluwange hinayak oya wage

      Delete
    3. මරුනේ.. මේ කමන්ට් එක කෙල්ලෙක්ගෙනම් ඉතින් ඒ හීනේ තවත් මරු.. හෙහ්..

      Delete
  27. නොමැරෙන උන් කොහේද බං ඉන්නේ ?එත් දැන්ම එකට වේලාව නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං මාත් ඒ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් කල් දැම්මේ.. දැනට ජීවත් වෙමු..

      Delete
  28. අනිත් ඒවට වඩා වෙනස්. ඒ වගේම හුගක් රසවත් ආයෙත් එන්නම් ..........ජය :)

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.. ඕන වෙලාවක වර්ණයේ දොර ආයෙම ඇරලා තියෙන්නේ..

      Delete
  29. අන්තිම පොස්ට් එක බැලුවේ නැති එක හොඳා. දැන් එහෙනම් දිගටම දෙමු ගේම.

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට එහෙනම් ඒක බැළුවේ නැත්තේ.. මාත් ලියලා දාලා ගියාට දැන් නම් ඒක ලිවුවේ අපරාදේ කියලා හිතෙනවා..

      Delete
  30. මැරෙන්න ඉතින් කවද බැරිද.. ඔන්න ඔහේ ජිවත් වෙලා බලමු

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි බං මාත් මේ කල්පනා කලේ.. ඒක වෙන දවසක ඔන්න ඔහේ වෙන්න නැතෑ..

      Delete
  31. බොට මොකද බොල උනේ...අසනීප උනාද ? මම නම් හීනෙන් දැක්කා ගමේ බඩලක් අවසන් ගමන් යන අන්දම...දෙන්නම ටික කාලයක් ඇතුලත ඒ ගමන ගියා...මටත් පුදුමයි...උඹලව ඒ විදියට මට හීනෙන් නොපෙනේවා කියලා ප්‍රාර්ථනා කොරහල්ලා.

    ReplyDelete
    Replies
    1. හෆොයි දෙයියනේ.. මාවනම් එහෙම දකින්න එපා.. තව ටික කාලයක් ඉන්න ඕන..

      Delete
  32. ඔයාගේ blog එක මම සෑහෙන්න කාලයක් ඉඳන් කියවනවා...මුලින්ම blog එක දැක්ක ගමන් පරණ ලිපි ඔක්කොම කියෙව්වා...comments නම් දැම්මේ නෑ....
    ඒත් එකක් කියන්න ඕන වැරදියට හිතන්න එපා...ඔයාගේ posts මුල් කාලේ සෑහෙන්න හොඳයි.. දැන් ඒවත් නරකයි නෙවෙයි....ඒත් කලින් (අවුරුදු 2කට ආසන්නව කලින් ) ලියපු ඒවා මාරම ලස්සනයි....විශේෂයෙන්ම ජීවිතේට සිංහල කවි නිසදෙස් කියවන්නේ නැති මම ඒවා කියෙව්වේ ඔයාගේ blog එකෙන්....
    මට දැනෙන විදියට කිව්වේ වැරදියට හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. කවි නම් දැන් ලියන එක අත ඇරලම දැම්මා.. කාටවත් බෝරින්ග් වෙන කවි ලියන්න මගේ හිත දැන් කැමති නැති හන්දා.. වෙන්න පුළුවන්.. කාලෙකට උඩදි තිබුන අදහස් වල නිදහස දැන් නම් ටිකක් ඇහිරිලා ගිහින්.. ඒකට හේතුව කාලය මදි කම.. බලමු ඉස්සරහට ඒක මග ඇර ගන්න..

      Delete
    2. Kaviyak hithata danena widha wenas wenna puluwan eth borin kiyanawanam eka e kenage prasnayak

      Delete
    3. මන්දා ඒකනම්.. මම කිවුවේ මට ලැබුන ප්‍රතිචාරයක් ගැන..

      Delete
  33. ඔයාගෙ පෝස්ට්වල අමුතුම ගූඩ සුන්දරත්වයක් තියනව.රෝලට දාගන්න හදපු හැම වෙලාවෙම අවුලක්

    ReplyDelete
    Replies
    1. බොලේ මේ යකා නේද?? මම නැති ටිකේ නමත් වෙනස් කරලා මම බැළුවා එක පාරම කවුද කියලා..

      ඒ මොක්ද රෝලට ගන්නේ නැත්තේ?? වෙන පැමිණිලි නම් එහෙම ලැබිලා නෑ..

      Delete
  34. lassana adahasak.matath kawada hari mehema danei kiyala hithuna.

    ReplyDelete
    Replies
    1. හැඟීම් අපි කාටත් පොදුයි.. හැබැයි අපිට ඒක දැනෙන්නේ ටිකක් වෙනස් විදිහට..

      Delete
  35. සන්තෝසයි සන්තෝසයි...පුනරාගමනය ගැන... :)

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් විවේකීව ලියන්න තමයි තියෙන්නේ ලොකූ.. ;)

      Delete
  36. ෂා කවි ටිකනම් මරු.........

    ReplyDelete
    Replies
    1. ආ බොල, කවි කොහේද මේකේ?

      Delete
  37. Ammo athi yantham kalekin.. math me paththata awe kalekinne.. kohoma unath aiya aye liyana eka gena sathutui..

    Me kathawa kiyewwama tikak baya hithuna.. ewunata aiya wenada wagema lassanata liyala..

    Thawath hodata liyanna shakthiya dhaira labewa..

    Paatakayo pinawana pinenma deerghayusha labewa aiye

    ReplyDelete
    Replies
    1. නෑවිදින් කොහොමද.. ජීවිතේ කොටසක්නේ මේක.. පුළුවන් තරම් කාලයක් ලියමුකෝ ඔන්න ඔහේ..

      Delete
  38. Nomarena minisun kohewath na. Ekata baya nowi inna ekai wadagath

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අපි උපදිනකොට අරන් එක එකම දේ ඒකනේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්