Monday, 8 September 2014

මාත් කෑවා අමුමිරිස්


අමුමිරිස් කන එක හැබෑටම අමාරු වැඩක්ද නැත්නම් ලේසි වැඩක්ද? ඒක ඉතින් නොකා ඒ දිහා බලන් ඉන්න අයටනම් කියන්න බැරි වෙයි.. කියන්න තියෙන්නේ කාලම බලන්න කියලා තමයි.. හම්බුවෙන අමුමිරිස් කරලේ හැටියට ලක් එක තීරණය වේවි.. මම කිවුවේ මේ සැර ගැන.. හරි ඒවයින් වැඩක් නෑ.. අදාල කාරණේට එමුකෝ..




අමුමිරිස් චැලේන්ජ් එක ගැන හැමෝම දන්නවනේ.. ආයේ ආයේ අමුතුවෙන් ඒ ගැන බොහෝමයක් විස්තර කියන්න ඕන නෑ කියලා මම හිතනවා.. ඒ කෝම වුනත් කෙටියෙන් පොඩ්ඩක් ඒ ගැන කියන්නම් බැරි වෙලාවත් ෆේස්බුක් එකේ සැරි සරන්නේ නැති මේ ගැන නොදන්න කෙනෙක් මේ සටහන කියවයිද නොදන්න නිසා..



අපි හැමෝම දන්නවා කාලයක් තිස්සේ ඉදන් රජරට ඉන්න අපේම මිනිස්සු පහුගිය කාලය පුරාවටම වකුගඩු රෝගයෙන් පීඩා විදිනවා කියලා.. ඉතින් මෙන්න මේ වකුගඩු රෝගෙන් පිඩා විඳින මිනිස්සු වෙනුවෙන් උපකාරයක් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි ශ්‍රී ලංකා අමුමිරිස් චැලේන්ජ් එක පටන් ගන්නේ.. මේකේ අදහස අපේ සහෝදර බ්ලොග් කරුවෙක් වෙන රසික නානායක්කාර සහෝදරයගේ.. ඉතින් අපි මොනවද මේකෙදි කරන්න ඕන.. කරන්න තියෙන්නේ මෙච්චරයි, අමුමිරිස් කරල් 3ක් කාලා තමන් කැමති තවත් කීප දෙනෙක්ට ඒ අභීයෝගය බාර දෙන එක.. ඉතින් ඒ කෙනා අභියෝගය බාර ගන්නවනම් මේ අරමුදල වෙනුවෙන් රු.100ක් මුදලකුත් අභියෝගය බාර ගන්නේ නැත්නම් අමුමිරිස් කන්න අකමැති නම් රු.1000ක මුදලකුත් මේ අරමුදල වෙනුවෙන් බැර කරන්න පුළුවන්..



දැන් ඉතින් එක පාරම කට්ටිය හිතෙන්නේ අයියෝ මේක මේ අරකේ කොපියක්නේ කියලා.. ඔවු, මේකත් එහෙම එකක් තමයි.. ඒත් මගේ පෞද්ගලික අදහස යහපත් දෙයක් වෙනුවෙන් මොනයම් හරි සංකල්පයක් අපිට ආවේණික විදිහට වෙනස් කරන් කලාට කමක් නෑ කියන එක.. ඔවු ඉතින් අපේ අයට අයිස් වතුර නාන එක හරි සිම්පල් වැඩක් උනාට අමුමිරිස් කන එක නම් සෑහෙන අමාරුවක් වේවි.. මොකද ඉතින් වැඩි හරියක් අපේ රටේ දැන් ඉන්නේ කළු සුද්දෝනේ.. අනිත් කාරණේ තමයි ඉතින් අයිස් වතුර නෑවා කියලා අපේ ගමේ මනුස්සයක්ට  ඒ  අසනීපේ හැදුනා කියලා ඇමරිකාවෙන් එන්නේ නෑ ඒ කෙනාට බෙහෙත් කරන්න.. අන්න ඒක ඔය ෆේස්බුක් එකේ තරඟෙට නාපු අපේ එවුන් දන්නවද කියලවත් මම නම් දන්නේ නෑ.. කොටින්ම ඔය රස්සාවක්වත් නැති පොඩි එවුන් වතුර නෑවේ ඩොලර් 10ක් දීලද කියලත් මට වෙලාවකට හිතෙනව..



හරි ඒවයින් වැඩක් නෑ.. මේක අපේ වැඩක්.. අපේ ලංකාවේ ඉන්න අපේ මිනිස්සු වෙනුවෙන් කෙරෙන වැඩක්.. මේ ගැන විවිධ මතිමතාන්තර තියෙන්න පුළුවන්.. නමුත් අපිට පුළුවන් විදිහකට මේ දේ වෙනුවෙන් දායක වෙන එක තමයි අපෙන් වෙන්න ඕන යුතුකම කියලා මම හිතනවා.. සමහර විට ඔබට අමුමිරිස් 3ක් එක පාර කන්න අමාරු වෙයි.. එහෙම නැත්නම් ඉතින් දැන් මේ අමුමිරිස් ගනන් කාලේ ඔහොම කාලා පුළුවන්ද කියලත් හිතෙයි..ඉතින්  ඒකටත් හොද විකල්පයක් විදිහට අපේ වැප් නිශාන්ත සහෝදරයා හදුන්වලා දුන්න ක්‍රියා මාර්ගය ගන්නත් ඔබට පුළුවන්..



ආයේ ආයෙත් මතක් කරන්නේ මේ අපේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන් කරන දෙයක්.. ඒ හන්දා මේ දේ වෙනුවෙන් ඔබට පුළුවන් සහය දෙන්න.. මේ අවස්ථාව මඟ අරින්න එපා..



හරි, සිරියස් කතා අවසානයි.. දැන් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ මට අමුමිරිස් කන්න කියලා අභියෝග කලේ කවුද කියලා.. ඔවු ඔවු පොඩ්ඩී අක්ක තමයි.. හැබැයි ඉතින් වැඩේ හරි අසාධාරණයි.. මම හිතන් හිටියේ පොඩ්ඩි අක්කා අමුමිරිස් කාලා වීඩීයෝ එකක් එහෙම දායි කියලා.. එතකොට ඉතින් එහෙම හරි කමක් නෑ අපිට පොඩ්ඩි අක්කව බලාගන්න පුළුවන්නේ කියලා.. කොහේද ඉතින් එහෙම උනේ නෑනේ.. හරි දුකයි ඉතින් ඒගැන..



ඒ කෝම වුනත් පොඩ්ඩි අක්කගේ අභියෝගේ පැත්තක දාන්න බෑනේ.. ලොක්කා වගේ හා කිවුවට මොකද ෆ්‍රිජ් එකේ තිබ අමුමිරිස් දැක්කමයි අහෝ දෙවියනේ කියලා හිතුනේ.. බොරුනම් ඔන්න බලන්නකෝ..




දැන් බලන්න ඉතින් ඉතාලියට එන අමුමිරිස් වල සයිස් එක.. මේවා මේ පතෝල කියලා හිතලා හදන ඒවද මන්දා.. සමාන්‍ය කරල් දෙකක විතර සයිස් එක කරලක්.. මේයින් තුනක් කෑවොත් ඉතින් අනිවා අඹ සරණය.. ඉතින් පොඩ්ඩි අක්කට කියලා විඩියෝ එක සුට්ටක් පරක්කු වෙයි කියලා මම ගියා සමන්‍ය සයිස් අමුමුරිස් හොයන්න.. මගේ වෙලාව හොද කමට හම්බුනා.. ඉතින් මාත් ඔන්න කෑවා.. මේ තියෙන්නේ ඉතින් වීඩියෝව..



විඩියෝ එකේ තියෙනවනේ ඉතින් අභියෝගය කාටද කියලා.. කිඹුල් ශානුවට නොදී ඉතින් මම කෝමද.. ෆේස්බුක් එකේ මට දාපු රෝන්ග් ටෝක් එකක් හන්දමයි මම කිඹුලිගේ නම දැම්මේ.. ආයේ මොකටද ඉතින් බොරු කියන්නේ.. මම ඒම තමා.. බස්සිත් බස්සව අල්ලගෙන කන්නේ නැතෑ ඉතින් ජෝඩු දාලම.. අපිට වීඩියෝ බලන්න බැරිය..



කවුරුවත් අමුමිරිස් කෑවා කියලා මහ ලොකු වීරයෝ වෙන්නේ නෑ.. අකමැති අයට ඒක ප්‍රතික්ශේප කරන්න පුළුවන්.. ඒ හන්දා කාලා ඉවර වෙලා නොකාපු අයට ලොකුකම් කියන්න යන්නේ නැතුව හැමෝවම එකතු කරන් මේ වැඩසටහන සාර්ථක කර ගන්න මහන්සි වෙමු.. අනික හොදට මතක තියා ගන්න ප්‍රසිද්දීයේ අභියෝග කරන්න කලින් ඒ කෙනාගෙන් අහලා ඉන්න ඒක බාර ගන්න කැමතිද කියලා.. මොකද ඒක මේකේ නීතියක්.. කොයි දේ කරන්නත් කලින් හැමදේම ගැන දැනුවත් වෙලා ඉන්න.. එතකොට පස්සේ ප්‍රශ්ණ අඩුයි..




62 comments:

  1. අමු නම් එකක් රතු ඇයි?

    ReplyDelete
    Replies
    1. අහ්, ඒ පහල තියෙන සයිස් එකේ ඒවා නෙමෙයි කෑවේ.. අපේ අයියලගේ දිහා ගිහින් පොඩි ඒවා හොයන් ආවා.. හම්මේ ෆොටෝ එකේ තීන ඒවා කෑවනම් හොද ගනන්..

      Delete
  2. පව් අප්පා කන හැටි දැක්කාම ඉතින් දුක හිතුණා... :D

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක ඔෆ් උනාට පස්සේ දැක්කනම් ඔයිට වැඩිය දුක් වෙනවා.. ;-)

      Delete
  3. දේශකයා කීවේ මනෝජ් විතරයි අභියෝග කරපු අයගෙන් මිරිස් කන්නේ කියලනේ. දිනේශ් කාලා ඉවරයි. ඔන්න අනිත් අයත් හෝ ගාලා වීඩියෝ හදනවලු. ( ඉවාන් ඇර ) :P

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මම දැක්ක ඔය කමන්ට් එක.. දේශා ඉතින් අපි ගැන හිතන් ඉන්නේ එහෙමයිලු.. බලමුකෝ දැන් මොකො කියන්නේ කියලා.. මාත් මේ බලන් ඉන්නේ බීට්ල්ගේ වීඩියෝ එක එනකන්..

      Delete
  4. කොහොම හරි අභියෝගය බාරගත්තා නෙ...දුක හිතුනා මටත් කන හැටි දැක්කාම. :)

    ReplyDelete
    Replies
    1. ඒම තමා ඉතින්.. කෝම හරි කාලා දැම්මා... ;-)

      Delete
  5. ඉතින් රුපියල් සීය දැම්මද අකවුන්ට් එකට... ඔහෙ ඉඳන් රුපියල් සීයක් දාන්න රුපියල් කීයක් වියදම් කරන්න ඕනද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඊට වැඩි ගානක් දාන්නේ ඉතින්.. අපේ අයගේ වැඩක් නේ..

      Delete
    2. මටත් මුලිම්ම ආපු ප්‍රෂ්නේ ඕක තමා

      Delete
    3. අපි ඉතින් ඊට වැඩි සහයක් දෙන්න එපැයි ලොකූ..

      Delete
  6. නොදකින් මන්ද බුද්ධිකය

    ReplyDelete
  7. දිනේඅෂ් ලියන කතාවල හැටියට නම් බොහොම අත්දැකීම් තිබෙන කෙනෙක් බව පෙනුනත් මෙතැනදී නම් නිෂ්පල ප්‍රචාරණ ජලෙකට අහුවෙලා වගෙයි. මෙඅවුරුද්දේ උපකරණ මිලදීගැනීමට වෙන්කල මුදල් වලින් ලොකු කොටසක් වියදම් නොකර ඉතුරු කරතබගැනීම ගැන
    සෞඛ්‍ය ඇමතිතුමා අමත්යංශයේ මිලදීගැනීමේ අංශවල ඉන්න වෛද්‍යවරුන්ට පහුගිය දවසේ බොහෝ දොස් කිව්වා මතක ඇති. ඒ අනුව මේ යන්ත්‍ර මිලදීගැනීමට ඇති බාධාව මුදල් නැතික නොවෙයි.අවුරුද්දේ අන්තිම මොහොත වෙනකල් ඉදල වගවිභ්ගයකින් තොරව කඩිමුඩියේ බඩු ඇනවුම් කරලා, ඒ අස්සේ ලොකු කොමිස් කුට්ටියක් ගිලින්න බලාගෙන ඉන්න සමහර වෛද්‍ය මාෆියා කණ්ඩායම් වල අනිසි ආධිපත්‍ය නිසා. ඉතින් දිනේෂ් රෝගීන්ට අවශ්‍ය අවුෂධ සහ උපකරණ මිලදීගන්න මුදල් දෙපාරක් එකතුකරන්න ඕනේ නැහැ. අනුදුවෙන් එකතුකරපු ඒ මුදල් ඉක්මනින් හරියාකාරව ඒවාට යොදාගන්න කියල හඩක් නගන්න පුළුවන් නම් එයයි රෝගීන්ගේ යහපත වෙනුවෙන් අමුමිරිස් වලට වැඩිය වඩාත් සාධනීය බලපෑමක් ඇතිකරන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. මම කලින්ම කිවුවා වගේ මේ ගැන විවිධ මතිමතාන්තර තියෙන්න පුළුවන්.. ඔය කියන කාරණේ කතා වෙනවා මම තැන් කීපයකම දැක්කා.. මේ වගේ දේකට කට්ටිය කොහොම හරි එකතු වුනත් ඔය කියන විදිහේ හඬක් නඟන්න කට්ටිය එකතු වෙයිද?

      Delete
    2. //මේ වගේ දේකට කට්ටිය කොහොම හරි එකතු වුනත් ඔය කියන විදිහේ හඬක් නඟන්න කට්ටිය එකතු වෙයිද?//
      ++++++++++++++++++++++++++++++

      Delete
    3. මෙහෙමයි, ඔය අමුමිරිස් වැඩේට මුලපුරපු මහත්මයාගේ දේශපාලන වටපිටාව බැලුවොත් එතුමා, ඔය කියන විදිහේ හඬක් නඟන්න කට්ටිය එකතු කරන්න හිතන කෙනෙක් කියල පුද්ගලිකව මන් හිතන්නේ නැ. අමුඩ ගැහුවට අතීසාරේ නවතින්නේ නැනේ දිනේෂ් ? ලෙඩේ හොදවෙන්න බොන්න ඕනේ තිත්ත බේත්. ඒක මගහැරලා තැන තැන අමුඩ ගැහුවට වැඩේ විසදෙන්නේ නෑ. මේ සම්බන්දව බොහෝ දේවල් කියන්න තිබෙනවා. එත් බ්ලොග් එක ඔබ තුමාගේ නිසා කෙටියෙන් මෙහෙම දාන්නම්. මන් හිතන්නේ ලංකාවේ තිබෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවයකට වඩා, පෙර ගෙවුම් සෞඛ්‍ය පහසුකම් පැකේජයක්. එනිසා ස්කංපූර්න පැකේජය ලබගේනීමට කාටත් අයිතියක් තිබෙනවා. එය ලබාදීම පාට පක්ෂ බේධයකින් තොරව සියලු පාලකයන්ගේ වගකීමක්.

      Delete
    4. බ්ලොග් එක මගේ උනාට කිසිම විදිහක අදහසකට වාරණයක් නෑ.. කුණුහරප ඇරෙන්න.. ඒ හන්දා ඕනම අදහසක් බෙදා ගන්න ඉඩ තියෙනවා..

      සම්පූර්ණ සෞඛ්‍ය සේවයක් ලබා ගන්න එක තමයි අද තියෙන ප්‍රශේණ්.. කොටින්ම ඉස්පිරිතාල වල නිකන් දෙන බෙහෙත් ටිකත් හරියකට නොලැබෙන කොට.. අදහස් විවිධයි.. අපි අපිට පුළුවන් දේ කලා.. අපි බලමු එහෙම කරන්න කියලා ඉල්ලපු අය ඊලගට ගන්න ක්‍රියාමාර්ගය ගැනත්.. අපිට මැදිහත් වෙන්න පුළුවන් සීමාවේ ඉදන් අපි ඒ දේවල් වලට උදවු කරමු.. මොකද අද ඉන්න පාලකයෝ හැමදේම කරන්නේ ඡන්ද වාසියට විතරක්ම හන්දා..

      Delete
    5. සෞඛ්‍යට ආණ්ඩුවෙන් වෙන්කරන මුදල් ප්‍රමාණය වැඩි කරගන්න එක අමාරු වැඩක් බවට මාත් ඔබේ ඉන්න මතයේම තමයි ඉන්නේ. ෆන්ඩ් රෙසින්ග් කරන්න ඕනේ සල්ලි නැති නම් නේ. ALS වලට ඔය අභියෝගේ ආවෙ එහෙම. එත් මෙතැන දී සල්ලි ලොකු ප්‍රමාණයක් වෙන් කරලා නේ තියෙන්නේ. ඉතින් දෙය්යනේ, ආණ්ඩුවෙන් සෞඛ්‍ය අමාත්යංශයට මිලදීගැනීම් සදහාම වෙන්කරපු මුදල් වලින් බාගයක්වත් මාස 9ක් යනතුරුම වියදම් නොකර මඩි ගහගෙන ඉන්න වෛද්‍ය මිලදීගැනීම් සම්බන්ද හොර මාෆියා කණ්ඩායම් වලට සුළු බලපෑමක් කරලා රුධිර කන්දුකරණ හෝ වෙනත් උපකරණ මිලදීගැනීම් වලට යොදවන එක කරන්න බැරි අමරු වැඩක් නොවෙයි නේද ? ඒ වෙන්කරපු මුදලුත් මදී නම් ඊලග පියවර නේද ආධාර එකතුකිරීම බවට පත් වෙන්න ඕනේ ? පත්තු බැදලා වැඩේ ටිකක් ගොඩ ගියාමයි තෙල් ගන්නේ. කැඩිච්ච අස්ථියක් හාවෙන්න වගේ ලොකු වැඩකට පත්තු නොබැද තෙල් ගාල විතරක් මදී නේද? බොරු නම් මහවෙදනාගෙන් අහල බලන්න.

      Delete
    6. මෙහෙමයි, මට ඔබේ අදහස් එක්ක ප්‍රශ්ණයක් නෑ.. ඒත් මට හිතෙන්නේ මේ ප්‍රශ්ණ වලට අපේ සංවිධායක මණ්ඩලය උත්තර දුන්නනම් හොදයි කියලයි හිතෙන්නේ.. මොකද මම කලේ ඒ දේට සහව දීමක් විතරනේ..

      Delete
  8. කාල දැන් දැවිල්ල ඇති නේද? කන කොට තනි ඇහැට ඇඳුනු හැටි දැක්කා කාවට පස්සේ වීඩියෝ එකේ වොලුමේ එක වෙනස් වෙලා අඩු වෙනකොට :D

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් එහෙම තමයි බං.. උඹත් කාලා බලපං එතකොට තේරෙයි..

      Delete
  9. කට දැවිල්ලට..බඩ දැවිල්ලට සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා..

      Delete
  10. අෆ්ෆා සුලැගිල්ල තරම් මිරිස් කරල් 3ක් කෑ සේක කිව්වලු ඔව් ඔව් මල්ලි මිරිස් කෑව නම් අක්කා මිරිස් නොකා කොහොමද නේහේ ... :D

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නේ.. කාපං කාපං.. අපිටත් බලන්න බැරිය..

      Delete
  11. මටත් කන්න වෙන සීන් එකක් තියෙන්නෙ . දන්න කියන දෙතුන් දෙනක්ටම බඩු හම්බවෙලා . මමත් ඔය ගැන ලිව්ව මෙ
    http://dreamersmirror.blogspot.com/2014/09/slamumirischallenge.html

    ReplyDelete
    Replies
    1. අහ්, එහෙනම් කන්න.. අපරාදේ නොකා ඉන්නේ..

      Delete
  12. Replies
    1. අපරාදේ උඹවත් මේකට මාට්ටු කලේ නැද්ද කවුරුවත්..

      Delete
  13. වාසනාවන්.....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ඉතින්..

      Delete
  14. කොහොමහරි අමුමිරිස් ටික කෑවට සුභ පැතුම් . මාත් මග එනවා හොඳේ :)

    ReplyDelete
    Replies
    1. අහ්, ඔවු නේන්නම්.. හැබැයි පොඩ්ඩි අක්කා කලා වගේ හොර වැඩ කිරීම සපුරා තහනම් හරිද..

      Delete
  15. දුක හිතුනා සත්තලනේ...
    ‍්හැබැයි ආඩම්බරයි ඈ...
    අමුමිරිස් කරල් තුනක්ම මදි නොකියන්න කැව නෙව...
    හිහික්

    ReplyDelete
    Replies
    1. උඹත් ඔන්න ඔහේ කාපං සත්තලනේ.. එතකොට හරි...

      Delete
  16. අම්මෝ මූනෙ තියන සිරියාව. සුට්ටක් මහත් වෙලාද මන්දා...අන්තිම හරිය දකිද්දීනම් දුක හිතුනා :)

    ReplyDelete
    Replies
    1. හෙහ්, හැමෝම වගේ කියනවා දැන් මහත් වෙලාලු.. අනේ මන්ද ඉතින් මට නම් කිසි වෙනසක් නෑ..

      Delete
  17. අමු මිරිස් නම් කන්නේ නැහැ. රැල්ලට යන වැඩ නැතිව කෙලින්ම වැඩේට ආධාර එකතු කලානම් අනිවාර්යෙන්ම දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕනම කෙනෙක්ට ඕනම අදහසක් දරන්න පුළුවන්..

      Delete
  18. ඒ උඹ කෑවයි අපි දැක්කේ නැහැනේ...:D

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ ලින්ක් එක.. දැන් උඹලට කාලා වීඩියෝ දාන්න තමයි තියෙන්නේ..

      Delete
  19. ඇත්තටම කට දැවිල්ලට මොකද බං කොරේ...?

    ReplyDelete
    Replies
    1. යූ හෑව් නෝ අයිඩියා... හික්ස්..

      Delete
  20. උඹ වැඩේ ගොඩදාල එහෙනම්.. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ කාලා දැම්ම ඔන එකක් වෙච්ච දෙන් කියලා..

      Delete
  21. අනේ උඹ මේ අහිංසක මටත් චැලේන්ජ් කලා නේද එහෙනම්. හරි හරි බලමූ...

    මේ ඒක නෙමෙයි. චැලෙන්ජ් එක බාර ගන්න කැමැත්තෙන් ඉන්න, තවම චැලේන්ජ් එකක් ලැබුනෙ නැති අය ඉන්නවදෝ.....

    ReplyDelete
    Replies
    1. උඹ අහිංසක නිදා ගත්තම වෙන්න ඇති.. කාපං කාපං දෙන්නම එකතු වෙලා..

      මෙහෙම ඇහුවට මේන් කියලා කියාවි.. පොඩ්ඩක් ප්‍රයිවට් එකේ හොයලා බලපං.

      Delete
  22. අභියෝගය බාරගත්ත එක වටිනවා. කිඔුලි භාර ගත්තද?
    කෝ පිස්සුලන්තයට ඇදවැටිම ඉතුරැ ටික?

    ReplyDelete
    Replies
    1. කිඹුලියා බාර ගත්තා හැබැයි තාම වීඩියෝ නම් නෑ...

      අහ් පිස්සු කතාව නේ.. ඒක හෙට අනිදා දාන්නම්...

      Delete
  23. හප්පේ... කොහොමහරි මිරිස් ටික කෑවා නේද... සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. කෑවා කෑවා නොකා කෝමද ඉතින්..

      Delete
  24. ප්‍රචාරක උපක්‍රමයක් විදිහට මේ මිරිස් කෑම සාර්ථකයි , අවසානයේ සිදු වෙන්න ඕන දිනේෂ් කිව්වා වගේ හැකියාවක් තියෙන හැමෝම මේ මිනිසුන් වෙනුවෙන් යම් කිසි අයුරකින් කැපවීම . තමන්ට හැකි අයුරකින් .

    ReplyDelete
    Replies
    1. එවුවා පැත්තකට දාමු.. කෝ බොල උඹ කෑවේ නැද්ද??

      Delete
  25. Replies
    1. එහෙමත් එකක් තමයි..

      Delete
  26. අප්පේ මං දැක්කා මෙයා මිරිස් කන විඩියෝව.. කොහොම වුනත් සතුටුයි මල්ලි.

    ReplyDelete
  27. මිරිස් කන්නත් පටන් අරගෙනද දැන්? හික් හික් යසට හිටී... :P

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්