Thursday, 4 September 2014

පිස්සුලන්තයට ඇද වැටීම



උසාවිය ඇතුලේ හැමෝම මං දිහා බලාගෙන හිටියේ හරියට පිස්සෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ.. ඇත්තටම මට පිස්සු නෑ.. ඒත් මෙතන ඉන්න හැමෝම හිතන්නේ ඒ විදිහට.. කොටින්ම තීන්දුව ලියන්න බලාගෙන ඉන්න කෙනත්.. ඒත් මම පිස්සෙක් නෙමෙයි.. මගේ හිත දන්නවා මම පිස්සෙක් නොවෙන බව.. ඒත් මගේ හිතට වැඩිය නීති තර්ක වෛද්‍ය වාර්ථා හැම එකක්ම ඉස්සර වෙලා.. මං ගැන කියන්න උත්සාහ කරලම මට දැන් ඇති වෙලා.. අන්තිමේ මම නිහඬ වුනා..

" ලැබිලා තියෙන සාක්ෂි, වෛද්‍ය වාර්ථා සලකා බැළුවම හොදින්ම පේනවා මොහු මානසික ආභාදයකින් පෙලෙන්නෙක් බව.. නීතියෙන් එවැන්නෙකුට දඬුවම් කිරීමේ හැකියාවක් නැති බැවින් මොහුට වැඩි දුර ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝග කරනවා.."

තීන්දුව ලියවුනේ ඒ විදිහට.. කීප දෙනෙක් ඇරුනම මෙතන හිටිය හුඟක් දෙනෙක් ඒ තීරණේට කැමති කියලා මම දන්නවා.. ඒත්, ඒ අකමැති කීප දෙනා අතර මමත් තවත් එක්කෙනෙක් විතරයි.. අත් දෙකට දාපු මාංචු කූට්ටමත් එක්ක මාව බාර වුනේ මානසික රෝහලින් ඇවිත් තිබුන සේවකයන්ට.. රෝහලේ වෑන් එක ලගට යනකන්ම හැම දෙයක්ම ඒ වගේමයි.. මගේ හිත, තාම මට කියන්නේ මම පිස්සෙක් නෙමෙයි කියල..

****

" ඒ පූරෝහිත, නැගිටපං.. රාජ සභාව රැස් වෙන වෙලාව.."

" උඹලා මටත් කලින් පටන් ගත්තද? පොඩ්ඩක් හිටපං.."

" හූ හූ, පුරෝහිත විතරක් නෙමෙයි ඇහැරිලා ඉන්නේ.."

" අනේ පලයන්.."

මැද මිදුලේ රාජ සභාව රැස් වෙන්න හැමදෙයක්ම ලෑස්තියි.. පරක්කු මම විතරයි.. ඉක්මනට රාජකීය ඇදුමත් ඇදගෙන දුවලා ඇවිත් සිංහාසනයට පිටි පස්සෙන් හිට ගත්තා.. හොද වෙලාවට රජතුමා නෑ.. දැක්කනම් එහෙම අදත් වෙනදා වගේම බැනුම් අහන්න වෙන්නේ..


" පප්පරම් පම් පා... රජුන්ගෙත් රජු වූද, මුළු යූරෝපේම පාලකයා වූද අපිට නිතරම ආදරේ කරන්නා වූද මහා සෙන්පති දහ අට වන ජෝර්ජ් රජූ රාජ සභාවට පැමිණේන වගායි.."

හොද වෙලාවට මම ඉක්මනට ආවේ.. තව පොඩ්ඩක් පරක්කු උනානම් එහෙම අදත් විනාසයි.. රජතුමයි, දූ කුමරියයි.. කුමාරියගේ ලස්සන.. රජ වාසලට ආව දවසේ ඉදන්ම මෙතන ආස වුන දෙයක්  තිබුනනම් ඒ සිල්වියා.. සිල්වියාට තිබුනේ හරි ලස්සන ඇස් දෙකක්.. ඒ එක්කම හරි අපූරු හිනාවක්.. හැමදාම වගේ මං ලගට එද්දී සිල්වියා ලැජ්ජාවෙන් මං දිහා බලලා හිනා වෙලා බිම බලගන්නේ ඇයිද මන්දා.. මට හැමදාම ඒක ප්‍රශ්ණයක්..

සිල්වියා දිහා බලාගෙන ඉද්දී රජතුමා කවදාවත් නැතුව මං දිහා බලාගෙන හිටියේ කන්න වගේ කේන්තියකින්.. මම ඉක්මනට බිම බලා ගත්තා.. සිල්වියා දිහා බලාගෙන ඉන්නවා කියලා දැන ගත්තොත් දඬුවම් විදින්න වෙන්නේ.. එක පාරක් වැරදිමකින් සිල්වියාගේ අත ඉබපු එකෙක්ට අර එහා පැත්තේ තිබුන කොහොඹ ගහේ අත්තකම කොල කන්න වුනා.. අහු වුනොත් ඉතින් මටත් එහෙමම තමයි.. බිම බලන් හිටියට මොකද රජතුමා කෙලින්ම ඇවිත් නැවතුනේ මං ලග..

" අයිසේ, තමුසේ බිම බලන් හිටියට අනිත් ඒවා උඩ බලන් ඉන්න්නේ.. අනිත් දවසේ උඩ බලන් ඉන්නවා අහු වුනොත් දිමි ගොට්ට්ක් බඳිනවා මම.."

කරන්න කිසිම දෙයක් නෑ.. අතේ තිබුන පලිහෙන් මම හෙමීට ලැජ්ජාව වහ ගෙන සිංහාසනේ පිටි පස්සට වෙලා හිටියා.. එතකොට කාටවත් මාව නෝට් වෙන්නේ නෑනේ.. රජතුමාගේ ඉවරයක් නැති කතාව පටන් ගත්තා.. සංවර්ධනේ ගැන කිවුවට ඉතින් ඒවා කටින් කියන ඒවා විතරයි.. කිසිම වැඩක් නෑ.. කොටින්ම අර හිට්ලර්ගේ සේනාවට හෙන බයයි.. අපිට ලොකූ ටෝක් දුන්නට හිට්ලර් ලග මීයා වගේ.. ඒත් ඉතින් අපිත් සද්ද නැතුව අහන් ඉන්නවා.. අර ඉස්සරහා ඉන්න මෝඩයෝ නම් විසිල් ගහනවා අත්පුඩි ගහනවා ඉවරයක් නෑ.. උන් කෑ ගහන්නේ කියන දේ තේරිලාදවත් මන්දා..

සිංහාසනේ පිටි පස්සට වෙලා පලිහෙන් වහන් හිටියට කිසිම වැඩක් වෙලා නෑ.. සිංහාසනේ ගාවම හිටගෙන හිට්ය සිල්වියා මං දිහා බලන බැලිල්ලට මට බිම බලන් ඉන්න පුළුවන් වුනත් අනිත් අයට එහෙම බෑ.. රජතුමාත් කතාවේ හිටිය හන්දා බලාගෙන ඉන්න බැරිම තැන මම සිල්වියාගේ අතින් අල්ලලා සිංහානේ පිටි පස්සට ඇදලා ඇරන් සිල්වියාව ඉම්බා.. හුඟක් දවස් ඉදන් බලාගෙන හිටියේ මේකට.. මීට වඩා වෙලාවක් කොහෙන්ද? සිල්වියාගෙත් අකමැත්තක් නෑ වගේ.. මට කිස් එක නවත්තන්න ඕන වුනත් සිල්වියා තාම එල්ලිලා ඉන්නවා.. බැරිම තැන මම ම නවත්තලා පැත්තකට වුනා..

එතකොටම වගේ රජතුමාගේ කතාවත් ඉවරයි.. හොද වෙලාවට නැගිට්ටේ.. නැත්නම් මට දිමිගොට්ටක් එල්ලන් තමයි ඉන්න වෙන්නේ..

" පුරෝහිත.."

" රජතුමනි.."

" මොනාද අයිසේ තමුසේ හරකා වගේ තියාගෙන හපන්නේ.."

මලා.. එතකොටයි මතක් වුනේ.. මේ සිල්වියා කකා හිටපු ටොපිය නේද? දැන් ඉතින් මොකද කරන්නේ?

" කෙනෙක් ආදරෙන් දෙයක් දුන්නම එපා කියන්න බෑනේ රජතුමනි.."

" හා හා, ඒක මිසක්.. ඒක නෙමෙයි, බලනවා දේවිය කොහේද කියලා.. මගේ කෝල් වලට ආන්සර් කරන්නේ නෑ.."

" අඬබෙරයක් ගහලා ඊමේල් කරන්නද?"

" පිස්සුද අයිසේ, තමුසේ සද්ද නැතුව ගිහින් බලලා එනවා.."

රජතුමා රාජ සබාවෙන් බැහැලා ගියා.. ඒ පිටිපස්සෙන්ම වගේ සිල්වියත්.. මට හිතුනෙම නතර කර ගන්න.. යන ගමන් මට ඇහැක් ගහලා අතේ තිබුන ලේන්සුව බිම දාලා ගියා.. මාත් පැන්න ගමන් රජාට පේන්න කලින් ඒක අර ගත්තා.. දැන් ඉතින් හවස් වෙලා නිදහසේ යන්න බැරිය අඹ ගහ පැත්තට ඉල්ලලා අඹ ගන්න..

****

මේ දේවියව හොයන එක එපාම කරන වැඩක්.. කොයි වෙලාවකවත් එක තැනක නෑ.. උයන පැත්තෙයි, කුස්සිය පැත්තෙයි හැම පැත්තකම හෙවුවත් කොහේවත් නෑ.. ශුවර් එකටම අර නැටුම් ගුරා එක්ක පිටිපස්සේ මල් පාත්තිය පැත්තේ ඇති.. ඇත්තටම මේ රජාටත් මං සිල්වියට ලයින් දාද්දී අහු උනාට මේක අහු වෙන්නේ නැති හැටි..

කෝකටත් කියලා පිටිපස්සේ මල් පාත්ති පැත්තට ගියා.. ඒ පැත්තේ හැම තැනකම වගේ හිට්ලර්ගේ මිනිස්සු.. රජා මේ පැත්තට කීයටවත් එන්නේ නැති බව දන්න හන්දම තමයි දේවියත් මේ පැත්තටම පනින්නේ..

" ඒයි  කොහේද යන්නේ?"

" මේ අපේ දේවියව හොයන්න.."

" දේවිය, හා හා.. මේ වගේ පිස්සෝ එක්ක ඉන්නවට අපිට ගානක් දෙන්න ඕන.."


පිස්සු ඉතින් මේ හිට්‍ලර්ගේ මිනිස්සුන්ට තමයි.. ඒත් ඉතින් ඔවුවා කියන්න ගිහින් රජා නැති වෙලේ බැටන් පොලු පාරවල් කන්න ඕනද? අනික මම රජාගේ පුරෝහිත උනාට  උනාට මුන් ඒක සත පහකට ගනන් ගන්නවා කියලයි.. ඒ හන්දම මම උන් හිනා වෙන එක ගැනවත් නොහිතා පිටිපස්සේ තිබුන මල් පාත්ති පැත්තට ගියා.. මම හිතුවා හරි, මේ ඉන්නේ ඩබල මුකුළු කර කර..

" දේවිය.."

ලවු වලට බාල්දී දාන්න හොද නැති වුනාට මම ආව වැඩේ කරන්නත් ඕනනේ.. නැටුම් ගුරා මල් පත්තිය ලග ගස් හිට පොඩි කරලා.. අනේ මන්දා මෙහෙමත් ලවු..

" අහ්, කොල්ලෝ.. මොකද මේ?"

" රජතුමා දේවියව හොයනවා.. ඒ පණිවිඩේ කියන්නයි මේ ආවේ.."

" උඹ කිවුවද මම මෙහේ කියලා.."

" පිස්සුද, මම එහෙමත් කියනවද?"

" මගේ හොද කොල්ලා.."

එහෙම කියලා දේවිය මගේ මුණ අත ගානවා.. ලාවට වගේ මම දැක්කා නැටුම් ගුරාටනම් ඒකට ටිකක් මල පැනලා වගේ.. ඒත් ඉතින් මම මොනවා කරන්නද? තාම එච්චරම වයසකුත් නැති හන්දා දේවියගේ අත මාරම සිනිදුයි.. හොද වෙලාවට මතක් වුනේ.. සිල්වියා බලාගෙන් ඇති මම එනකන්..  දේවියටයි නැටුම් ගුරාටයි ඕන එකක් කර ගන්න කියලා  මම ගියා සිල්වියා බලන්න..

රජතුමා නැති වෙලාවට සිල්වියා නිතරම තනියම ඉන්න යන්නේ අඹ ගස් පැත්තට.. ඒක ඉතින් මම හොදටම දන්නේ මම හැමදාම වගේ සිල්වියා දිහා හොරාට බලාගෙන ඉන්න හන්දා.. ඒක ඉතින් එයා දන්නේ නෑ.. රජතුමා මාව පුරෝහිත කර ගත්ත දවසේ ඉදන්ම මම සිල්වියාට බැල්ම දැම්මා කියලා කවුරුත් දන්නවනම් එහෙම මෙලහටත් රජා දිමිගොටු බැදලා මට..

මම යද්දිත් එයා ඉන්නවා අඹ ගහ ලගට වෙලා.. සුදුපාට ගවුමට එයාගේ ලස්සන තවත් වැඩියි.. වෙනදා පුරුද්දටම බලාගෙන හිටිය තැන වාඩි වුනාම මතක් වුනේ අද නම් ලගටම ගිහින් කතා කරන්න පුළුවන් නේද කියලා.. සාක්කුවේ එච්චර වෙලා හංගගෙන හිටිය ලේන්සුවත් අතට අරගෙන මම හෙමීට එයාට ලං වුනා.. අඹ ගහ ලග තිබුන පොඩි බංකුවක නැගලා පල්ලෙහම අත්තක තිබුන අඹ ගෙඩියක් කඩන්න ට්‍රයි එක මෙයාගේ..

" සිල්වියා.."

එකපාරම මම කතා කරයි කියලා සිලිවියා හිතුවේ නැද්ද කොහේද? අනික මගේ වොයිස් එකත් ටිකක් අප්සට් වෙලා තිබුනේ.. ඒ හන්දමද කොහෙද බය වෙච්ච පාර ඇගලා හිටිය බංකුවෙන් එක පාරම වැටෙන්න ගියේ.. හොද වෙලාවට වැටුනේ මගේ ඇගටම.. මම ටක් ගලා අල්ල ගත්තා.. සිල්වියාව මෙච්චරම ලගින් හොදට ඇල්ලුවමද කොහේද.. දැන් නම් නිකන් කුචු කුචු හෝතා හේ වගේ.. ඇස් දෙක ලොකු කරන් සිල්වියා මගේ දිහා බලාගෙන ඉන්නවා..

" මම මේ ඔයාගේ ලේන්සුව දීලා යන්න ආවේ.."

" හා දෙන්න, හැබැයි මට අතට ගන්න විදිහක් නෑ.."

ඇත්තනේ මෙයා මගේ කරේ එල්ලිලානේ.. බය වෙච්චපාරට තාම මගේ ඇඟේ එල්ලිලා..

" එහෙනම් මොකද කරන්නේ.."

"  ඔයා ඕක මම හැමදාම ලේන්සුව තියන් ඉන්න තැනින්ම තියන්න.."

හැමදාම තියන් ඉන්න තැනින්.. අහ්, හරි.. ඒත් ඉතින් මෙයා ඕක හැමදාම තියන් ඉන්නේ පපුව ගාවට වෙන්නනේ.. මම කොහොමද ඕක ඔතනින් තියන්න යන්නේ..

" මොකද බලන් ඉන්නේ මෝඩයා වගේ.. කෝ ඕක තියන්න ඉතින්.."

එයා කියනවනම් ඕන දෙයක්.. මමත් හෙමිට ලේන්සුව අරන් දෙකට නවලා දාරෙට ගාන්ට තියලා අතින් හැදුවා.. හෆ්ෆා හොද වෙලාවට කවුරුවත් හිටියේ නෑ ලග පාත මේක දකින්න.. නැත්නම් රජාට කේලම ගිහින් කියයි මම කුමාරිගේ පපුව අත ගෑව කියලා..

" දැන් ඉතින් මාව බිමින් තියන්නකෝ.."

ඇයි මල වදේ.. මගේ ඇඟේ කූඩැල්ලා වගේ එල්ලිලා ඉදන් දැන් කියනවා බිමින් තියන්නලු.. අම්මපා මෙහෙමත් කෙල්ලෝ..  

" මේ මම ඔයාගෙන් අහන්නමයි හිටියේ?"

" මොකද්ද?"

" ඔයා අපේ රාජධානියට එන්න කලින් කොහේද හිටියේ?"

" මීට වැඩිය හුඟක් ලස්සන තැනක.."

" එහෙනම් මෙහෙට ආවේ?"

" එන්න සිද්ද වුනා.."

" ආයෙම යනවද?"

ඒ අහපු ප්‍රශ්ණේට දෙන්න උත්තරයක් මගේ ලගත් නෑ.. යන්න පුළුවන් කමක් තියෙනවනම් මාත් ගිහින් හුඟක් කල්..

" ඔයාට යන්න පුළුවන් උනොත් මාවත් එක්කන් යනවද? මට දැන් මේ රාජධානියේ ඉදලා එපා වෙලා.. හිට්ලර්ගේ අය එක්ක ඉන්න බෑ මෙතන.."

ඒ ඇස් වලට ඉබේම වගේ කඳුළු ගලාගෙන ආවේ හිතුවෙවත් නැති විදිහකට.. හැමදාම හිනා වෙලා දගලන් හිටිය සිල්වියා අඬනවා දැක්ක පළවෙනි වතාව මේක මම.. ඇත්තටම ඒක හිතට හුඟක් තදේට දැනුනා.. කඳුළු පිහින්න කියලා හිතලා මම ටිකක් ලං වුනා..

" හා හා හොරේ දැනුනා දැනුනා.."

ශික් විතරක්.. ජෝසප් කාරයා.. මූත් ඕන නැති වෙලාවටමයි කඩා පාත් වෙන්නේ.. කෙල්ලගේ හිත දිනා ගන්න තිබුන හොදම චාන්ස් එක..

" ඒයි, කෑ නොගහා පලයන් යන්න මෝඩයා.."

සිල්වියා බැන්නම ජෝසප් කාරයා මූණත් ඇද කරන් යන්න ගියා.. තව වෙලා මෙතන ඉන්න එක එච්චර හොද නැති හන්දා මාත් සිල්වියත් එක්කම අඹ ගහ ගාවින් එන්න ආවා.. දැන් නම් හොදටම බඬගිණි එක්ක.. රජතුමාගේ කෑම වෙලාවත් හරි.. ඒ කියන්නේ දැන් කුස්සිය පැත්තට යන එකම තමයි හොද..

කුස්සියට යද්දී රජතුමා කන්නත් පටන් අරගෙන.. බෙලෙක් පිඟානයි කෝප්පෙයි ලග තියාගෙන මෙලෝ සිහියක් නැතුව කනවා.. වෙලාවකට පුදුමත් හිතෙනවා.. නිතරම එහේ මෙහේ බල බල හිට්ලර්ගේ මිනිස්සුන්ට හොරෙන් කන විදිහ දැක්කම.. මම සිල්වියා එක්ක රජතුමාට පේන්නේ නැති වෙන තැනක වාඩි වුනා.. කොටින්ම කිවුවොත් රජතුමාට පිටි පස්සේ..

මේක ඉතින් අපේ පළවෙනි ඩේට් එකනේ.. ඒ හන්දා මෙනු එකේ මොනාද දන්නේ නෑ තියෙන්නේ.. වැඩිය හිතන්න දේකුත් නෑ.. දැන් දවල්නේ.. පාස්තා ටිකකුයි, මස් පෙත්තකුයි, සලාදෙකුයි ඇති.. ෆස්ට් ඩේට් එකකට කියාපු කෑම..

" ඒ, මම ඔයාට කවන්නද?"

" මේ කවුරුහරි දැක්කොත් හරි නෑනේ.. අනික තාත්තත් පිටිපස්සේ ඉද්දී.."

" එයාට මේ වෙලාවට ඕව මතක නෑ.. ඔන්න ඔයා ඕක අරින්න අනේ.."

" මොකද්ද?"

" කට.."

මස් පෙත්තෙන් ලොකු කෑල්ලක් එහෙමම මගේ කටේ එඹුවා.. මාත් ඉතින් අමාරුවෙන් වගේ කාගෙන ගියා.. වෙන මොනා කරන්නද ඉතින්..

****

හවස හැමදාම වගේ කම්මැලි.. රජතුමත් සැතපෙන වෙලාව.. කරන්නෙයි කියලා ඒ තරම්ම දේකුත් නෑ.. සිල්වියා කොහේද කියලා බැළුවත් එයත් පේන්න නෑ.. යහනට වෙලා හොදටම හීන දකිනවා ඇති.. කරන්න දෙයක් නැති එකේ මාත් යන්න ඕන යහනට කියලා හිතා ගත්තා.. මැද මිදුල දිහාවි තිබුන අඩි පාර දිගේ ඇවිදන් එද්දී මගේ ඉස්සරහට ආවේ හිට්ලර්ගේ මිනිහෙක්.. ඌ එකපාරම මගේ පාර හරස් කර ගත්තා..

" කොහේද යන්නේ?"

" මගේ කුටියට.."

" කුටියට කොහේ යන්නද? මෙන්න මෙහේ එනවා ලොකු මහත්තයා එන්න කිවුවා.."

බලෙන්ම වගේ මාව ඇදගෙන ගියේ හිට්ලර්ගේ මාලිඟාව පැත්තට.. එහේට යන එකම එපා කරන දෙයක්.. ඒත් බලෙන්ම ඇදගෙන යද්දී ගැලවෙන්න කියලා වෙන කරන්න දෙයකුත් නෑ.. හිට්ලර්ගේ මාලිඟාවේ හිට්ලර් ඇරුනම තවත් කෙනෙක් හිටියා.. යුදෙවුවෙක් වෙන්න ඇති.. කවුරු උනාම මට මොකද.. මම මේ රාජ්ජයේ පුරෝහිත.. එහෙම හිතලා පපුවත් ඉස්සරහට දාගෙන වෙන දෙයක් වුනා දෙන් කියල හිටියා..

" ස්ටීව්, ඔයාගේ වෛද්‍ය වාර්ථා හැම එකක්ම සමාන්‍යයි.. අපිට තවත් හිතෙන්නේ නෑ ඔයාට මානසික ආබාදයක් තියෙනවා කියලා.."

" ස්ටීව්, කවුද ස්ටීව්? මම මේ රාජ්ජයේ පුරෝහිත.."

" ස්ටීව්, මේක සෙල්ලමකට ගන්න එපා.. දන්නවනේ අන්තිමේ මොකද වෙන්නේ කියලා.."

" මොනවා වෙන්නද? මාව මැරුවත් මේ රාජ්ජය අල්ල ගන්න එක ලේසි වෙයි කියලා හිතන්න එපා.. අපේ රජතුමා බලවත්.."

" ස්ටීවි, තමුසේ පිස්සෙක් නෙමෙයි කියලා අපි දන්නවා.. දැන් වත් ඕක නවත්තනවා.."

" එහෙනම් ඒක ඔප්පු කරලා පෙන්නනවා.. මටත් ඕන කරලා තියෙන්නේ ඒකමයි.."

අවුරුදු හතරකට කලින් මම පිස්සෙක් නෙමෙයි කියලා කොච්චරනම් කෑ ගහලා කියන්න ඇත්ද.. ඒත් ඒ වචන වලට හරි ඉඩක් තිබුනේ නෑ.. ඒත් මට ඇරුනම අනිත් හැමෝටම පිස්සු කියන එක මට හොදටම විශ්වාසයි.. ඔවු, මම පිස්සෙක් නෙමෙයි.. ඒත් ඒක ඔප්පු කරන්න ගිහින්ම උඹලා පිස්සෝ වෙයි.. මේ තාප්ප අතරේ ජීවිතේ කොහේට යාවිද කියලා අපි බලමු.. මටත් ඕන කරන්නේ ඒකමයි..


ලබන සතියට.........





80 comments:

  1. නැවත ඇවිත් කියවන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. එන්න එන්න, නිදහසේ බලන්න.. එහෙම නොවුනොත් නම් මේක පැටලෙන්න රැවටෙන්න බැරි නෑ.. :D

      Delete
  2. ම්ම්ම්ම්ම්...........????????????
    ලබන සතියෙවත් තේ.............

    ReplyDelete
    Replies
    1. තේ??? අර මොකටද තේ....

      Delete
  3. හ්ම්ම් බලමු බලමු ලබන සතියෙත්..

    ReplyDelete
    Replies
    1. පිස්සු හදා නොගෙන ඉන්න එහෙනම්..

      Delete
  4. \\" දේවිය, හා හා.. මේ වගේ පිස්සෝ එක්ක ඉන්නවට අපිට ගානක් දෙන්න ඕන.."//

    මෙන්න මෙතනින් තමයි කතාවෙ අගමුල ගැලපුනේ. නියමයි මචෝ.. ඊළඟ කොටස ඉක්මනින්ම දාන්න.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් ඒ වුනාට ඕව වරදින්න ගැලපෙන්නේ නැති වෙන්න බැරි නෑ හොදේ.. ඒ හන්දා ක්ල්පනාවෙන්..

      Delete
    2. කොමත් උබ ලියන ඒව ගැන වැඩිය ශුවර් තියන්න හොද නෑ

      Delete
  5. ඔක්කෝම කියවල තමා මං මක්ක උනත් කියන්නේ.. ඒ තරං මට උඹව විස්වාසයි.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා මේක කියවලා හිටින්කෝ ....

      Delete
    2. දේශා, අන්න අන්න ඉතින් මාව ශුරව් නෑ කියනවනේ.. ඒක හරි වැරදියි අෆ්ෆා.. සෑහෙන හිත රිදෙන කතාවක්.. :(

      Delete
    3. ඉවාන්, අනේද කියන්නේ.. ඊට පස්සේ කියයි මට මේකත් මිස් උනා කියලා..

      Delete
  6. ලබන සතිය වෙනකම්, දැන් මට පිස්සු වගේ!! :D :D

    ඒකත් බලලම ඉමුකො! :)

    ReplyDelete
    Replies
    1. පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා..

      Delete
  7. පිස්සු පිකුදු එක්ක එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. මලා, දැන් ඒවත් එක්කත් බ්‍රා හදනවද??

      Delete
  8. පිස්සුලන්තයක්ම තමයි මේකනම් , මටනම් මේ ෆොටෝ වල ඉන්න එකාගේ මූණ පෙන්නන්න බෑ.. දෙන්න හිතෙනවා හොම්බට හැටක් .:P

    ReplyDelete
    Replies
    1. උඹේ යාලුව ඇවිත් දෙයි...... හෙක්....හෙක්.....

      Delete
    2. ඉවාන්, ඇයි ඇයි උඹ මොකෝ වලිද??? අම්මපා උඹේ ෆොටෝ එකක් තිබුනනම් මම උඹව හිට්ලර් කරන එක කරනවමයි..

      Delete
    3. කෙන්ජි අයියේ, එතකොට ඉවානයා දුවනවා..

      Delete
    4. ඉවානයා පිංතුරේ ඉන්නේ කවුද පත්තර මල්ලිද?

      Delete
    5. ඉවානයගේ සෑහෙන තරහා කාරයෙක් කියන්නේ..

      Delete
  9. මම බැලුව මොකද්ද යකෝ මේ කතාව කියල.. හා හා බලමුකෝ පිස්සු නෑ කියල ඔප්පු කරන විදිය..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. පුළුවන් වෙයිද කියලා..

      Delete
  10. හිතවත් ප්‍රදීප් ගුණරත්න මහතා වෙතටයි,
    මෙන්න මේකා අල්ලං ගොස් බැඳ දමන්න!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++

      Delete
    2. නාඬියා, ප්‍රදීප් අයියනම් මට පිස්සු කියලා දැන් සෑගෙන්න කල් ඉදන් දන්නේ මගේ හිතේ.. ඒකනේ මම මෙහේ හැංගිලා ඉන්නේ..

      Delete
    3. බඳින්න කිවුවම කටු කම්බි පොටවල් එවන්න ඔට්ටු නෑ හරිද..

      Delete
  11. හෑ මට නිකන් පිච්චු වගේ බං ඔව් මාත් එනවා පිස්සුලන්තෙට,හැබැයි උඹේ මාරයා වෙලා හු....

    ReplyDelete
    Replies
    1. හැක්, හිතේ ඇති... අපිට මේකේ ඉන්න මාරයා ඇති.. උඹ හිටහන් පාඩුවේ පැත්තකට වෙලා..

      Delete
  12. Replies
    1. කාවහරි දැක්කම එහෙම නෙමෙයිනේ??

      Delete
    2. කාව හරි දැක්කම පිස්සු ඩබල්

      Delete
    3. ඩබල් ට්‍රිබල් වෙන වෙලාවලුත් තියෙනවනේ..

      Delete
  13. යකෝ මේකේ දිග ..... කියවන්න වෙලාවක් නෑ ඒ මදිවට තව කොටසකුත් තියෙනවලු ..... කියවන්නේ නැතිව කොමෙන්ට් කරන එක හොඳ නැති නිසා ඔන්න ඔහේ මම ගියාවේ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය වගේ ආතල් එකේ ඉන්න පුලුවන් රස්සාවක් මාත් හොයනවා. විෂය බාහිර ක්‍රියාරකමුත් එක්කම.

      Delete
    2. මැළේ, අම්මපා මුංගේ කම්මැලි කම..

      ඇයි වෙනදට දාන්නේ කියවන්නේ නැතුව කමෙන්ට් කලා කියලම..

      Delete
    3. හෙන්රි අයියේ, ඔක්කොමත් හරි විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන තමයි ශුවර් කරන්න බැරි හැබැයි..

      Delete
  14. හි..හි.. ටිකක් කියවනකොටයි වැඩේ තේරුනේ..

    ReplyDelete
    Replies
    1. දැන් මොකද්ද හැබෑටම තේරුණේ කියමු බලන්න..

      Delete
  15. හි හී ... පිස්සු හැදෙන කතාවක්නෙ :D

    ReplyDelete
    Replies
    1. පිස්සු බෝ වෙනවා හොදේ...

      Delete
  16. පිස්සුම තමා. මටත් පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. මලයට පිස්සු නම් ඉතින් ලොකු අක්කට නොහැදී තියෙන්න විදිහක් නැහැනේ.. හා නැද්ද මං අහන්නේ??

      Delete
  17. අඩේ බොලා ඔක්කොටම පිස්සු මට විතරයි පිස්සු නැත්තෙ.. :D
    කෝ රජතුමා පච ටික දොඩෝල ජහමනයෙක්ගෙ ළමයෙක් වඩාගත්තෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. වඩාගන්න පොඩි එවුන් හිටියේ නෑලු.. ලොකු අයට උම්මා දෙන්න යන්න හොද නැති හන්දා එහෙම කලේ නැහැලු..

      Delete
    2. හැබැයි අපරාදේ එහෙම කරන්නයි තිබුනේ

      Delete
    3. සිරිලංකාවේ එහෙම උනත් මෙහේ එහෙම වෙන්නේ නෑ..

      Delete
  18. පිස්සුලන්තේ ඉඳන් ලියලා වගේ. කියවනකොට කියවන කෙනාටත් පිස්සු හැදෙනවලු.:)

    මට හිනාම ගියේ අඬ බෙර ගහලා ඊමේල් යවන එකට. දැන් ඉතින් ඊමේල් එකක් ඇරියට පස්සේ අඬ බෙර ගැහැව්වා වගේනේ...:P

    ReplyDelete
    Replies
    1. පිස්සු බෝ වෙනවලු හොදේ පොඩ්ඩි අක්කේ.. ඔන්න මම නම් දන්නේ නෑ..

      දැන් ඉතින් අපි මේල් එකක් දාලා කියන්න එපැයි ' මචං මම මේල් එකක් දැම්මා, බලපං ' කියලා..

      Delete
  19. දිනේෂ් වීක් එන්ඩ් එකේ අනිවාර්යෙන්ම බලන්න ඕන කතාවක් බං..දැන් පරක්කු වෙලා...බලලම කමෙන්ටුව දෙන්නම්...:)

    ReplyDelete
    Replies
    1. හා හා නිදහසේ ඔළුව හොදින් තියං බලන්න.. නැත්නම් තියෙන පිස්සුව වැඩි උනොත් මම දන්නේ නෑ ඔන්න..

      Delete
    2. බැලුවා...ආයෙත් කියෝනවා...කොහොම වුණත් මට පේන්නේ ලබන සතියෙම උත්තර දීම ඇඟට ගුණ බවයි...මොකෝ උඹත් අර ලංකාවේ මෙගා ටෙලි වගේ පිටපත වෙනස්කලොත් ප්‍රේක්ෂකයාගේ පිනවීමටය කියලා..හික්ස්! :P

      Delete
    3. හැක්, ඒක හරි.. මම ඒවා අනන්තවත් කරලා තියෙනවා වගේම කරනවා.. ඒ හන්දා මාවත් ශුවර් තියන්න එපා කොහෙත්තම..

      Delete
    4. අපි දන්නවා ඒ ගැන

      Delete
    5. ඒ ගැන සතුටුයි..

      Delete
  20. මේක නම් පිස්සු ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ..

      Delete
  21. මෙන්න මේකට තමයි සැබෑ වෙනසක් කියන්නෙ. පට්ටයි දිනේශ් අයියා. උඹ නම් සිරාවටම දක්ෂයෙක්.

    ReplyDelete
    Replies
    1. වෙනස ඉතින් ඔළුව පොඩ්ඩක් බිත්තියේ වැදුනා..

      Delete
    2. බලන්න එහෙනං එතනින් මෝදු වෙලාද කියලා :D

      Delete
    3. ඇයි උඹ බෙහෙත් දෙන්නද අහන්නේ??

      Delete
  22. බොට පිස්සුද නැත්තන් නැත්තන් මේක කියවන අපිට පිස්සුද, පට්ට රහයි බන්, පික්ෂු පීකුදු වගේ, පිස්සන් කොටුවෙන් හරි සිලිවියෙක් සත උනාම දාල එන්න හිතෙනවද බන්ස්, මොක උනත් හෙන රියලිටි පට්ට ලිවිල්ලක්,
    //කුස්සියට යද්දී රජතුමා කන්නත් පටන් අරගෙන.. බෙලෙක් පිඟානයි කෝප්පෙයි ලග තියාගෙන මෙලෝ සිහියක් නැතුව කනවා.. වෙලාවකට පුදුමත් හිතෙනවා.//
    පට්ට.

    ReplyDelete
    Replies
    1. මට පිස්සු සහ මම ලියන ඒවා බලන්න එන්නෙත් ඒ වගේම අයනේ.. ඒකයි.. සමහර වෙලාවට ඉතින් සිරාවට ආදරේ කරන කෙල්ලෙක් කොතනදි කොහොම සෙට් වෙයිද කියලා කියන්න අමාරුයිනේ.. මේකත් ඉතින් අන්න එහෙම තමයි..

      Delete
  23. පට්ට පට පට කියන්නෙ මේ වගෙල් කතාවට...
    මුලින් මුලින් මොකුත් නොතේරුනාට පස්සෙ පස්සෙ තේරෙන්න ගත්ත...
    නියමයි ඈ...
    පට්ට කතාව...
    ලබන සතිය වෙනකං ඉන්න බැරියෝ....

    ReplyDelete
    Replies
    1. හා හා තේරුණානම් කමක් නෑ..

      ඉවසන් හිටපං.. නැත්නම් ශොක් ට්‍රීට්මන්ට් දෙනවා..

      Delete
  24. මිනිහෙක්ව පිස්සෙක් කරන්න හරිම ලේසියි තමා. වැඩිය ඕනා නෑ දෙන්නෙක් එකතු වෙලා එකෙකුට දහපාරක් කිව්වනම් උඹට පිස්සු කියලා ඌට පිස්සු හැදෙනවා.. ගැනු පිරිමි දෙගොල්ලොම එකටද ඉන්නෙ රජ වාසලේ ? මටත් සිල්වියා ගැනනම් දුකයි.. උදව්වක් කරන්න විදිහක් තියනවනම් කියහන්..

    කතාව එළය...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ.. මානසිකව වැටෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිහෙක්ම හරිම ලේසියෙන් පිස්සෙක් කරන්න පුළුවන් ලගම ඉන්න අයට..

      ඔවු ඔවු දවල් වෙලාවට ඉතින් එලිමහනේ එකට තමයි ඉන්නේ.. අපි එහෙම හිතමු නැත්නම් කතාවට අප්සට් නේ..

      Delete
  25. හ හා .....තවත් අලුත් කතාවක් ...... අලුත් රූප පෙලක් ......

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි

      Delete
  26. අනේ මන්දා බං,මේක කියවලා මටත් පිස්සු වගේ වුනා.වැඩේ කියන්නේ උඹට පිස්සු වුනත් කෙල්ලෙක්ට ලයින් එක දාන්නනම් අමතක වෙන්නේ නැහැනේ කොහොමින් හරි..:D

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද ඒ හරිය !? ඒ අංශෙන් එයා පළවෙනි :D

      Delete
    2. මනෝජ්, ඇයි උඹ මේකේ කොල්ල වෙන්න දඟලන්නේ නැද්ද.. සිල්වියත් හොදයි ඉතින්..

      Delete
    3. සෙන්නා අයියේ, එහෙම නැතුව බෑනේ ඉතින්.. කොල්ලා දක්ශයා ඒකටනේ..

      Delete
  27. සිරා බං මරු කතාව. දැන් ඉතින් ලබන සතිය වෙනකන් ඉදපංකෝ.

    ReplyDelete
    Replies
    1. ඉවසන්න ඉවසන්න

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්