Sunday, 21 September 2014

වේදනාත්මක සමුගැන්ම



ජීවිතය මගෙන් බොහෝ දේ උදුරාගෙන අවසන්ය.. කාලයෙන් කාලයට ජීවිතය පමණක්ම ඉතිරි කර මගෙන් බොහෝමයක් දේ ඈතට ගෙනගොස් අවසන්ය.. ඉතිරි වේදනාවක් විතරමය.. එය ඇගේ ලේ නහර දිගේ ඇදී හුස්මක් අතර නිතරම මා තුලට ලං වෙන වේදනාවක්ව අවසන්ය.. ඉතිරිය ගැන හුදෙක් ඇත්තේ හිස් ඡායාවක් පමණි.. එයද අඳුරු එකකි..

මා යලින් අසනීප වීමි.. ජීවිතේ අකුරු අතර ඔබ දත් බොහෝ දේට වඩා මා අද දුර්වලයෙක්ව ඇත.. වේදනාවෙන් වුවත් අවසානයේ බරා ගත යුතු සත්‍ය එය වී අවසන්ය.. ඔවු, මා දැන් දුර්වලයෙකි.. හිස පුරා ඇදි යන වේදනාවත් දශමයෙන් දශමය අමතකව යන මතකයත් අතර මා තනිවී සිටිමි.. පමණට වඩා වේගයෙන් ගැහෙන හදවත මගේ පාලනයෙන් තොරය.. බෙහෙත් මත ජීවිතය රදා තැබීමට තරම් මා අවසානයේ අවාසනාවන්ත වීමි.. එය කවදා කොයි තරම් නම් දුරකටදැයි මා නොදනිමි.. නමුත් එය ඉක්මනින්ම අවසන් වනු ඇතැයි මා විශ්වාස කරමි..

ජීවිතේ බැහැර කිරීමට අපහසු දේවල් අතර මේ අකුරු මගෙන් යලි පණක් ඉල්ලමින් කෑ ගහන හඩට සවන් දීමට තරම්වත් මා දැන් ශක්තිමත් නොවෙමි.. මා ජීවිතේ බොහෝ අපහසු තැන් පසු කලෙමි.. මෙයද තව එක් එවන් අවස්ථාවක් හෝ අවසන් අවස්ථාවද විය හැක.. එය කාලය පමණක් දැන හිදියි මා විශ්වාස කලෙමි.. ඇඟිලි තුඬු අතර තෙරපෙන රුධිරය හා ආත්මිය බැඳිමක් නිතරම මේ අකුරු හා මුසු විනි.. නමුත් සියල්ල අත හැර දැමීමට කාලය එළඹ ඇත..

ඉතින් මා සබඳ, නුඹ මා හා බොහෝ කල් පසු කර ජීවිතේ බොහෝ දුරක් මා සමඟ සිටියත් මේ හැර යන්නට කාලයයි.. එය මා විඳින වේඳනාවන් අතරේ තවත් එක වේදනාවක් පමණක්මැයි මා සිතමි.. ජීවිතය මා අවසාන මංසළකුණ කොතනකට ගෙනයාවිදැයි මා නොදනිමි.. මා ඒ ගැන සිතන්නටද වද නොවෙමි.. මේ ලොකය බොහෝ කුඩා තැනක්යැයි මා විශ්වාස කරමි.. එහෙයින් නුඹ මා යලි කොතැනක හෝ මේ අකුරු අතර හමුවීමට ඇත්නම් එය එලසින්ම සිදුවේවි..

ඉතින් අවසරයි සමුගෙන යන්න.. මේ මාගේ අවසන් සටහනයි.. ජීවිතය, වේදනාව, මරණය අතර තැනක ඔහේ අතර මං වුන මම ඔබේම ආදරණිය දිනේෂ් උමගිලිය.. " වර්ණ " මගේ ජිවිතට වර්ණවත් කලාට නුඹට මා ණය ගැතිය..

46 comments:

  1. මේ මොකද්ද බොලන් මේ කතාව

    ReplyDelete
  2. ඇයි ම‍චෝ???????????
    ‍මොකද්ද අවුල?????????

    ReplyDelete
  3. අඩේ උඹ යනවද........?
    ලොකු දෙයක් මචං

    ReplyDelete
  4. බ්ලොග් එකේ නමේ වෙනසක් කරන්න යනවද මන්දා... එහෙම නැතුව උඹ බ්ලොග් එක නවත්තන්න යනව කියල නම් හිතන්න මං කැමති නෑ.

    ReplyDelete
  5. අපොයි මොකද බොලේ මේ ?/?$ පිස්සු වගේ... මොකෝ දිනේෂ් අයියා මේ ?? :O

    ReplyDelete
    Replies
    1. ඉක්මන් සුවය ඔබට !! ;(

      Delete
  6. මේ මොකක්ද බන් මේ???????????????????????????????????? :o :o

    ReplyDelete
  7. මචන් උඹට ආයෙම අසනීපද??

    උඹට ඉක්මන් සුව පතනවා සහෝ. මට විස්වාසයි ඉක්මනට උඹට ආයෙ එන්න පුළුවන්.

    තෙරුවන් සරණයි!!!

    ReplyDelete
  8. අපි හැමෝම දිගු ගමනක යන අතරේ කෙටි ගමන් යනවා. දිනක හමුවෙමු.

    ReplyDelete
  9. O.o මේ මොකෝ බං මේ...

    ReplyDelete
  10. මොකක් ? මේ මොකක්ද ?

    ReplyDelete
  11. මේ බ්ලොග් කලාවේ මට ඉන්න හොදම යාළුවෙක් යනවා කියල කොහොම විශ්වාස කරන්නද?

    ReplyDelete
  12. අනේ.... මට හිතා ගන්න බැ...... මේ සටහන......ඔය කොයි තරම් දක්ෂයෙක්ද ....? දිනේෂ්.....

    ReplyDelete
  13. මොන මගුලක්ද මේ? උඹ අපිට විහිළු කරනවද නැතිනම් මේ තවත් රචනාවක්ද?

    ReplyDelete
  14. මොන හුත්තක්ද බං මේ... බෙහෙත් අරගෙන දෙවියන්ගේ පිහිටෙන් සනීප වෙලා වරෙන්..

    ReplyDelete
  15. හමුවෙමු පසුව.. ඕවා තාවකාලික මානසික කේස්.

    ReplyDelete
  16. සික් එකද??? හොද කරගෙන එන්නකෝ..

    ReplyDelete
  17. ලෙඩ හැදෙනව තමා දිනේෂ් අයය...
    ඒත් එහෙමයි කියල අපි පස්සට යන්න ^ඕන නෑ...
    අපි ඒවට විරුදුද වෙන්න වෙන්න තමා අපේ මුවහත ශක්තිමත් වෙන්නෙ...
    මම නං කැමති නෑ දිනේස් අයය ආයෙ මෙහෙ දකින්න නොලැබෙයි කියල හිතන්න වත්...
    ලෙඩ හොද කරන් එනකං අපි මග බලං

    ReplyDelete
  18. ඒ......?? මොන හිස්තැනක් ද බන් මේ...?

    ReplyDelete
  19. මම හිතන්නේ තාවකාලික සමු ගැනීමක්,, එසේ හිතන්නට කැමතියි , මෙය හුදෙක් එක සටහනක් පමණක්නම් තවත් සතුටුයි .

    නමුත් තවම වික්ෂිප්තව හිඳිමි ...

    ඇත්තටම මොකක්ද අවුල ???

    ReplyDelete
  20. මචං දිනේෂ්... පහුගිය සටහන් වල උඹ කිව්වෙ මේ ගැනද? සාහිත්‍ය මාසෙන් පසුව සමුගැන්මක් පිළිබඳව..?

    මංද මචන්, ගහෙන් ගෙඩි එන්න වගේ මොකද්ද මේ උනේ? මං හිතුවෙ එදා උඹ එහෙම කිව්වෙ බ්ලොග් ලිවිල්ලෙන් හතිවැටිල විරාමයක් තියන්න හදනවා කියලා. මෙච්චර කාලෙකට අපි හැමෝගෙන්ම වසන් කරගෙන ඉඳපු උඹේ ඔය අසනීපෙ මොකද්ද බං?

    ඒත් මට හොඳටම විස්වාසයි උඹට ඉක්මනින් සනීප වෙනවා. ඒ වගේම ඉක්මනින්ම උඹ මේ වගේම සටහනක් අරං අපිව හමුවෙනවා.

    උඹට සමන් දෙවියන්ගෙ පිහිට පතනවා. ඉකමනට සනීපව්ලේඅ වරෙන් මචෝ..

    ReplyDelete
    Replies
    1. තවත් සයිලන්ට් සහන් කෙනෙක් වෙන්න එපා බං දිනේෂ්...

      Delete
    2. මචං, මොනාහරි කියපංකො. උඹ හොඳින්ද?

      Delete
  21. බොලා කොහේ ගියත් පටන් ගත්ත වැඩේ ඉවරා කරලා යන්නෝ, අර පික්ෂු කතාව ඉවර කරන්නේ නැද්ද? මොකෑ උනේ? මම හිතන්නේ නම් බොලා ඉක්මනට සනීප වෙලා එයි කියලා, නැත්තන් මේක බෝලාගේ ටෙස්ටින් එකක්ද? නැත්තන් මෙච්චර කල් සිංගල් වෙලා හිටිය දිනේෂ් උමගිලිය ඩබල් වෙලා වර්නෙට එනවද?

    බොලා ඔය පාට පාට බෙහත් ටික බීල ඉක්මනට සනීප වෙලා වරෝ, බොලට එහෙම යන්න බැහැ, බෝලාගේ ෆැන්ටසි බොලාට විතරක් නෙවේ අයිති.

    (එත් බෝලාටත් ජීවිතයක් තියෙනවා, කොහේ ගියත් හොඳින් හිටහන්, ජයවේවා)

    ReplyDelete
  22. සටහනක් පමනක් නම් කැමති..
    ඡයවේවා..ආයමත් එන්න

    ReplyDelete
  23. තෙරුවන් සරණින් සුව වෙලා ආපහු වරෙන්. බ්ලොග් කියන්නෙ ජීවිතේ නෙමෙයිනෙ.

    ReplyDelete
  24. මොකද්ද මල්ලි ප්‍රශ්නෙ? විහිලුවක්ද මේක? කෝ මේ මදාරාවත් නැද්ද මේවට උත්තර දෙන්න?

    ReplyDelete
  25. මචං තමන් දුර්වලයෙක් කියලා හිතන්න තරම් දුර්වලයෙක් වෙන්න එපා බං.උඹ පුළුවන් විදියට මේක වර්ණවත් කරපන් උඹේ අකුරු වලින්.එක උඹට කරන්න පුළුවන්.උඹේ දුක ඇයි උඹේ හිත ඇතුලෙම තියන් විඳවන්නේ.අපිත් එක්ක බෙදා ගනින්.උඹට ඉක්මන් සුව පතනවා. ජිවිතේ වර්ණ කර ගන්න.

    ReplyDelete
  26. හිතාගන්න අමාරුයි.......
    ඒත් අසනීපය ඉක්මනට සනීප වෙන්න ප්‍රාර්ථනා කරනව. ආයෙත් ලියන්න.
    "වර්ණ" කියන්නෙ කවදාවත් නැතිවෙන දෙයක් නෙවෙයිනෙ.

    ReplyDelete
  27. අනේ බ්ලොග් එක දාලනම් යන්න එපා ..මං ආසාවෙන් කියෙව්ව බ්ලොග් එකක් මේක.මේ ලියල තියෙන්නෙ ඇත්තටම ද නැත්නම් විහිලුවට ලිව්වද කියලවත් දන්නේ නෑ හිතාගන්න බෑ .එත් කියෙව්වම ගොඩක් දුක හිතුන. වර්ණ අය්යෙ මොනම හරි ලෙඩක් තියනවනම් සනීපවෙනවා බයවෙන්න එපා ඔයාට ඉකමනින් සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරන ගොඩක් අය වගේම ඔයාගේ කතා කියවන්න බලන් ඉන්න ගොඩක් අය ඉන්නවා කියල අමතක කරන්න එපා.මෙහෙම දුක හිතෙන දේවල් ලියන්න එපා .ඉක්මනට සනීප වෙන්න .ආයෙත් ලියන්න .

    ReplyDelete
  28. උඹේ සටහන පලවෙලා දවස් කීපයකට පස්සෙ මම ආවෙ...බොට මොකද උනේ බං..මූණු පොතේවත් සටහනක් තියහං...

    ReplyDelete
  29. මොකද බන් මල්ලියේ මේ? බ්ලොග් එක නවත්තන්න තරම් අසනීපයක් පෙනුනේනම් නෑ මට. ඇයි අර මිරිස් කන වීඩියෝ එකේ හොඳට හිටියා නෙව. මොනවා උනත් ඉක්මනට සනීප ආපහු මේක ලියන්න එන්න මල්ලි.

    ReplyDelete
  30. කෝ මේ..මදාරා.
    ඇවිල්ලා තෝරල දියන්

    ReplyDelete
  31. කොයි යන්නද.. අසනීපෙ සනීපකරන්.. මේ පැත්තෙ ගොඩවෙලා යන්න...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  32. මචං මේ මොකක් ද ??? ඇයි මෙහෙම දෙයක් වුණේ... ඇයි මොකක් ද අවුල???

    උඹ අලුත් කතාවක් පටන්ගන්න මුල පුරන විදිහද මේ. මට නම් හිතෙන්නේ එහෙමයි..

    ReplyDelete
  33. Hunga dawasakata passe adai awe... ai aiye? Oya ayemath leda unaada? Ikmanatama sanipa wenna. Me wage keti satahanakin samu ganna epa. Madara akkawath apita pehedili karanawada mko une kiyala? Ikmanatama sanipa wenna aiye.. theruwan saranai..

    ReplyDelete
  34. මචං ඇත්තට ම මොකක්ද වුණේ........... අපි ට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොකක්ද? මේ මොනවා ගැනවත් නොකියා ඇයි සද්ද නැතුව ඉන්නේ???? මචං අපිට පොඩ්ඩක් පැහැදිලි කරපං

    ReplyDelete
  35. මොකද්ද අප්පා මේ හිස්තැන?? මදාරා අක්කත් හොයා ගන්න නෑ.. ඒ අස්සේ මේ මොකද්ද වෙන්න යන්නේ.. o.O

    ReplyDelete
  36. මචං..හොදින් ඉන්නවද කියලාවත් කියනවද?

    ReplyDelete
  37. දිනේශ් අයියෙ මොකෝ මේ?? දැන් හොද ද?? ඉක්මන්ට ආයෙ එන්න!!!

    ReplyDelete
  38. දිනේෂ් මල්ලි මොකද්ද මේ හරුපේ...උඹ සද්දයක් නැති නිසා කාලෙකින් බලන්න ආවේ...මොකද්ද මේ කියන්නේ...???? ඉක්මණින් සනීපවෙන්න මලයා! තුණුරුවන් සරණයි!

    ReplyDelete
  39. මොකක්ද බං දිනේෂ් මේකේ තේරුම? දැන් කෝ මේ මදාරා ඇවිත් මොනවහරි කියාපල්ලකෝ.

    ReplyDelete
  40. හ්ම්ම්ම්ම්ම්ම් ඔබ තවමත් නිහඬයි...නමුත් අපි බලාපොරොත්තු දල්වාගෙන සිටිමු.ඉක්මනින්
    සුව වෙලා නැවත වර්ණ වර්ණවත් කරමු..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්