Thursday, 11 September 2014

පිස්සන්ගේ නාට්‍ය



හැමදෙයක්ම තාම හීනයක් වගේ.. ගෙවිලා ගිය අවුරුදු හතර ආයෙම ජීවිතේට ඇදලා ගන්න බැරි වේවි.. විශේෂයෙන්ම මානසික ලෙඩෙක් විදිහට අවුරුදු හතරක් කරන රඟපෑම කාගෙවත් ජිවිතේට දරාගන්න පුළුවන් දෙයක් නොවේවි.. ඒත් අවාසනාවකට වගේ මට එහෙම කරන්න වෙලා.. ඒ මගේම කැමැත්තට නෙමෙයි.. ජීවිතේ බේර ගන්න..

" ස්ටීව්, ඇයි ඔයා මේ වගේ දෙයක් කලේ.."

" මාව විශ්වාස කරන්න ලවුරා.. මගේ අතින් මෙහෙම දෙයක් වුනේ නෑ.."

" ඒත් ස්ටීව්, හැමදෙයක්ම තියෙන්නේ ඔයාට විරුද්ධව.. ඔයා කොහොමද හරියටම එවෙලෙම එතනට ආවේ.. දැන් හැමෝම හිතන්නේ ඔයා මිණිමරුවා කියලා.."

" මං දන්නේ නෑ ලවුරා.. කවුරුහරි මාව මේකට පටලවනවා.. ඔයත් හිතන්නේ මම මිණිමරුවා කියලද?"

" නැහැ ස්ටීව්.. ඒත් මම හිතන දේ මෙතනදි වැදගත් වෙනවද? දැන් ඔයාට කාවද මේකට සැක?"

" මම දන්නේ නැහැ ලවුරා.. ඒත් ඒ හැම දෙයක්ම හොයා ගන්න ඕන.."

ඇත්තටම ඒක බලාපොරොත්තුවක් විතරයි.. හැම දෙයක්ම කාලයත් එක්ක එකම තැනක නතර වෙලා.. බලාපොරොත්තු නොවුන දේවල් එක්ක ජීවිතේ තැනක නතර කරන්න වෙලා.. මම පිස්සෙක් නෙමෙයි වුනත්, අද පිස්සෙක් ගානටම වැටිලා.. පෙනහළු වලින් ඇදෙන හුස්ම ටික විතරක් ඉතිරි වුනාට ජීවිතය කියන දේ අද කොහේදෝ මන්දා දුර ඈතකට මගෙන් පැනලා ගිහිල්ලා.. කොයි විදිහෙන් හරි මම මෙතනින් යන්න ඕනමයි..

***

" මම ඔයාව හැමතැනම හෙවුවා.. ඇයි රාජ සභාවේ හිටියේ නැත්තේ?"

අඹ ගහ යටට වෙලා කල්පනා කර කර ඉද්දී සිල්වියා ආවා.. මෙයාටත් දැන් මාව නැතුව ඉන්න බැරි ගානයි.. මම පොඩ්ඩක් වට පිට බැළුවේ කවුද ඉන්නේ කියලා බලන්න..

" මොකද හොරා වගේ වට පිට බලන්නේ?"

" නෑ මම බැළුවේ රජතුමා එහෙම ඉන්නවද කියලා.."

" එයා නෑ.. එයා රාජසභාවේ වැඩ.. ඔයා එන්නේ නැද්ද?"

" යමු, රජතුමාට කියන්න දේකුත් තියෙනවා.."

" මං ගැනවත්ද?"

මෙයාට ඉදන් විකාර.. ඕක කියන්න ගියොත් මට දිමිගොටු තමයි..

" ඔයා ගැන කියන්න කලින් තාත්තා ලග වීරයෙක් වෙන්න එපැයි.. මම මේ එකට ලෑස්ති වෙන්නේ.."

මම සිල්වියාවත් ඇදගෙන ආවා රාජසභාව පැත්තට.. මම එද්දී ලොක්කා කියවනවා හොදටම.. වචනයක් වචනයක් ගානේ අත්පුඩිය.. මම හෙමීට පිටිපස්සෙන් ඇවිත් සිංහාසනේ ගාවින් හිට ගත්තා..

" කොහේද අයිසේ හිටියේ? මේ යක්කු කියන කියන දේට අත්පුඩි ගහනවා.. මල වදේ, කතා කරන්නවත් නෑ.."

" හා හා, එහෙම කියන්න එපා රජතුමනි.. ඔවුන් ඔබට ආදරෙයි.."

" මඟුල තමයි.. උන්ට තේරෙන්නේ නෑ.. ඒකයි අත්පුඩි ගහන්නේ.."




උන් අත්පුඩි ගහන්නේ ගල් ගහන්නවත් හූ කියන්නවත් බැරි කමට කියලා ඉතින් මෙයා දන්න එකක්යැ.. මෙයාගේ හිතේ හරි ජනප්‍රියයි කියලා.. ඒත් ඉතින් ඕව කියන්න පුළුවන්ද.. ඔන්න ඔහේ කියවනකන් කියලා මාත් අහගෙන ඉදියා..

" තමුසේ කොහේද හිටියේ?"

" රජතුමනි කාරණාවක් තියෙනවා කියන්න.."

" කියනවා බලන්න.."

" රජතුමනි, මම හිට්ලර්ගේ මාලිගේ ගාවින් එද්දී මේක ඇහුනේ.. ඔවුන් හදන්නේ අර කළුවට කාමරේට දාලා ඔබව හිර කරලා රජ කම ගන්න.."

" උන්ට කොහෙන්ද එහෙම හයියක්.. කෝ මගේ සේනාව.. ඒන්න කියපිය.."

" ඔය ඉතින් කුල්ලපුවනේ.. මේ මස් කදක් නැති එවුන් හතර පස් දෙනක් අරන් ගිහින් ඕක කරන්න පුළුවන්ද.. අපි ගහමු මොළෙන්.."

" මොළේන්? මම එහෙම ආයුධයක් අහලා නෑනේ.."

" අහනන් ඉතින් එහෙම එකක් තියෙන්න එපැයි.."

" මොකද්ද උඹ කිවුවේ?"

" නෑ මුකුත් නෑ.. මම මේ කියන දේ අහන්නකෝ.."

මේකට දෙයක් තේරුම් කරනවට වැඩිය හොදයි අර එහා පැත්තේ තියෙන අඹ ගහ එක්ක කතා කරනවා.. ඒත් ඉතින් කෝම හරි මේක කරන්නත් එපැයි..

" එහෙම නෙමෙයි රජතුමනි.. අපි මෙහෙම කරමුකෝ.."

" කොහොමද?"

මම ඉතින් හෙමීට මගේ ප්ලෑන විස්තර කරන්න පටන් ගත්තා.. හැබැයි ඉතින් කොච්චර දුරට තේරෙයිද කියල තමයි ප්‍රශ්ණේ..

" අපි රඟපාමු නාට්‍යක්.. ලගදි ඔබ තුමාගේ ජන්ම දිනෙත් එනවනේ.. අපි ඒකේ පාටිය අල්ලලම කරමු මේ නාට්‍ය.. එතකොට අපිව කවුරුවත් සැක කරන එකක් නෑ.."

" නාට්‍යක්.."

රජාගේ මුඩ් එකේ තිබුනේ ඒ හැටි හොද ලුක් එකක් නම් නෙමෙයි.. ඒත් කැමති කර ගන්න පුළුවන් බවක් නම් පේන්න තිබුනා..

" ඔවු අපි මේකට හිට්ලර්ගෙත් හමුදාවෙත් උදවු ගමු.."

" බෑ බෑ.. එහෙනම් මේක කොහෙත්තම වෙන්නේ නෑ.."

" ඔය ඉතින් කළබල වෙනවනේ.. අපි සාමයෙන් ඉන්නව වගේ පෙන්නලා එයාලවත් කැමති කරන් මේක කරලා හෙමීට එයාලගේම ආයුධ ටික මංකොල්ල කමු.. එතකොට අපිට උන් රජතුමාව කළුවර කාමරේට දාලා රාජධානිය පැහැර ගන්න කලින් උන්ට ගේමක් දෙන්න පුළුවන්.."

" හ්ම්ම්.. දුව මොකද මේක ගැන කියන්නේ.. වැඩේ හරියයිද?"

" මෙයා එක්ක කරන ඕන වැඩක් හරි යනවා.. මම දන්නවනේ.."

කුමාරි හෙමීට මගේ ලගට එනවා.. රජතුමා ඉන්නවත් එක්ක.. තද වුනොත් එහෙම ඔක්කොම කරලා හමාරයි..

" හ්ම්ම් හ්ම්ම්, පැත්තකට.."

හොද වෙලාවට රජා වැඩිය කේන්ති නොගෙන කිවුවා.. එහෙම කියලා ඉවර වෙලා සිංහාසනේ වාඩි වෙලා ටිකක් වෙලා කල්පනා කලා.. මෑන්ස් දිහා බලාගෙන ඉන්න ජනතාව දිහාත් බැළුවා.. ජනතාව කට ඇරන් රජතුමා දිහා බලාගෙන ඉන්නවා..

" හරි එහෙනම් අපි මේක කරමු.. පුරෝහිත ඕන විදිහකට වැඩේ කරන්න.. හැබැයි එක දෙයක්.."

" ඒ මොකද්ද?"

රජතුමා සිංහාසනෙන් බැහැල ඇවිත් මගේ කරට අත දාගෙන හෙමිට මුමුණන්න ගත්තා..

" මටත් රඟපාන්න චාන්ස් එකක් දෙනවකෝ.. මාත් මාර ආසයි රඟපාන්න.."

" ඔබ තුමාට පිස්සුද? මේ මොනවා අහනවද මන්දා.. ඔබ තුමා නැතුව කොහොමදමේක කරන්නේ.."

" හා එහෙනම් කමක් නෑ..ඔක්කොම ලෑස්ති කරලා ඉවර වෙලා මට කියනවා.."

රජතුමා ආයෙම සිංහාසනේට ගිහින් වාඩි වුනා.. කුමාරිත් ඒ පිටිපස්සට වෙලා ඇඹරි ඇඹරි මගේ දිහා බලාගෙන ඉන්නවා.. මම කල්පනා කලේ මේකට ගන්නේ කවුද කියලා.. ඉන්න ඔක්කොමගෙම කඳයි බඩයි ඇරුනම වෙන මොකවත් නැහැනේ..

" මොකද ඩාලින් ඔයා කල්පනාව?"

මම දන්නෙම නෑ කුමාරි ඇවිත් අතින් අල්ලනකන්.. හොද වෙලාවට රජා වෙන සිහියක..

" නෑ මම මේ කල්පනා කලේ මේකට ගන්නේ කවුද කියලා.. ඔයාලගේ මහලොකු ජනතාවගේ කඳයි බඬයි ඇරුනම වෙන මුකුත් නැහැනේ.."

" වෙන ඒව ගැන හොයන්නේ.. මේකේ එහෙම ඒවත් තියෙනවද? ශෝක් ශෝක්... එහෙනම් ඔයයි මමයි හොදේ.."

" අනේ මේ විකාර නැතුව ඉන්න.."

සිල්වියට කොයි වෙලාවත් කිසිම දේක බරපතලක් නෑ.. මම මේ කල්පනා කරනවා නාට්‍ය ගැන.. මෙයා වෙන වෙන ඒවා ගැන.. මම බැළුවා රාජසභාවේ වාඩි වෙලා ඉන්න එවුන් දිහා.. කෝමත් ඉතින් මම කොල්ලා වෙලා කෙල්ලට සිල්වියා ගන්න බැරිය.. රජත් ඉන්න එකේ තව ටිකයි තෝර ගන්නත් තියෙන්නේ..

" අර උස මිනිහා කවුද?"

රාජ සභාවේ වාඩි නොවී ඈතට වෙලා හිටපු මිනිහෙක්ව පෙන්නලා මම සිල්වියගෙන් ඇහුවා..

" ඒ අපේ වදකයනේ.. පේන්නේ නැද්ද ඇඟේ සයිස් එක.. දැන් ඉතින් අපේ තාත්තා දඬුවම් දෙන්නේ අඩුවෙන්නේ.. ඒ හන්දා එයා මේ ටිකේ වැඩි හරියක් නිවාඩු.."

" ඒකත් එහෙමද?"

" ඇයි එයාවත් ගන්නද?"

" ඔවු මේකේ මංකොල්ල කන වැඩේට මිනිහා හොදයි.."

හවස් වෙනක්ම මම කල්පනා කලේ මේකට කාවද ගන්නේ කියලා.. දකින දකින හැම එකාම දිහා ඕන කමින් බැලුවා.. මෙච්චර කාලයක් වෙනවා ඇවිත් ඒත් සමහර එවුන්ව දකින්නෙත් අදමයි.. උන් හැංගිලා හිටියද එහෙම නැත්නම් මට උන්ව මඟ ඇරුනද කියලා ඉතින් දන්නේ දෙයියෝ තමයි..



" මොකද මනුස්සයෝ ඔච්චරම කල්පනා කරන්නේ?"

මහ හයියෙන් ගොරෝසු කටහඬ ඇහෙද්දී මාව ගල් වෙලා ගියා..

" අහ් රජතුමනි.. කෑ ගහන්න එපා අනේ ඔහොම.."

" තමුසේ කවුද අයිසේ මට උපදෙස් දෙන්න.. මම කතා කරන්නේ මෙහෙම තමයි.."

" හා එහෙනම් කෑ ගහලා මේ වැඩේ අල කරගෙන හිට්ලර්ට අහුවෙලා අර කරුවල කාමරේට වෙලා ඉන්න.. මගේ මොකද.."

" හරි හරි ඉතින්, ඕකට ඔච්චර කෑ ගහන්න ඕනයැ.."

" අන්න එහෙම එන්න.. නෑ, මම මේ කල්පනා කලේ මේකට ගන්න එවුන් ගැන.. අපේ වැඩේට හරි යන්නත් එපැයි.."

" ඇයි දැන් එහෙම එවුන් නැද්ද?"

" ඉන්නවා ඉන්නවා.. යන්තම් දහ දොළොස් දෙනෙක් හොයා ගත්තා.."

" හා එහෙනම් ඉතින් ප්‍රශ්ණයක් නැහැනේ?"

" ප්‍රශ්ණයක් තියෙනවනේ.. මුං ඇක්ටිං පාර හොදට දේවිද?"

" හරියට කලේ නැත්නම් අපි දිම්ගොටු බඳිනවා කියමු.."

" අන්න ඒක මරු අදහස.. එතකොට මුං ටික හරියට කරයි.."

" දැන් ඇත්තටම අපි මොකද්ද කරන්න තියෙන්නේ?"

" අහ් ඒ ගැන මම හෙට රාජ සභාවෙදි කියන්නම්.. මම තාම ස්ක්‍රිප්ට් එක ලියනවා.."

" ඕන ස්ක්‍රිප්ට් එකක්, හැබැයි මගේ කෑලි ටිකක් වැඩියෙන් ලියන්න ඕන හරිද.."

රජා එහෙම කියලා පිටට තට්ටුවක් දාලා යන්න ගියා.. ඕකනේ ඉතින් කරන්න බැරි.. එක එක්කෙනාට ඕන ඕන විදිහට ස්ක්‍රිප්ට් එක ලියන්න ඕන.. ටිකකට කලින් සෙන්පතියට කතාකලාම ඒකට රොමෑන්ස් ඕනලු.. මේ යුද්ධ අස්සේ මොන රොමෑන්ස්ද.. හරි ඉතින් ඕන තමයි.. ඒකටනේ මායි සිල්වියයි ඉන්නේ.. තව මොකටද..

මම එහෙමම යහන් ගබඩාව පැත්තට එන්න ආවා.. හවස් වීගෙන ඇවිත් හන්දා කට්ටියම යහනට වෙලාද කොහේද.. හැබැයි ඉතින් එකෙක් දෙන්නෙක් තාම එහෙ මෙහේ කට්ටි පනිනවා..

" ස්ස්ස්... ස්ස්ස්.."

කවුද මන්දා සූ සූ ගානවා.. ඇවිදන් එන අතරේ මම බැළුවා කවුද කියලා.. බැලින්නම් සිල්වියා..

" ඇයි මොකද?"

" මෙහේ එන්නකෝ ඩාලින්.."

" මේ ඔවට දැන් වෙලාවක් නෑ.."

" කිවුවම ආහලා එනවා ගුටි නොකා.."

" ඇයි ඉතින්?"

" අර බලන්න.."

මම සිල්වියා පෙන්නපු දිහා බැළුවා.. එතන හිටියේ හිට්ලර්ගේ ලගම ගෝලයෝ දෙන්නෙක්.. එයින් එකෙක් ලග තිබුනේ යතුරක්..

" ඔය යතුර තමයි ඔය සෙන්පතියා අපේ ප්‍රධාන ආරක්ශකයගෙන් පැහැර ගත්තේ.."

" අහ්, එහෙමද? හොද කෙල්ල මගේ.."

" හරි අපි යමු දැන්.. කළුවරේ අපි මෙතන ඉන්නවා රජතුමාට ආරංචි උනොත් හෙට නාට්‍ය නෙමෙයි මගේ හිස දං දීමයි බලන්න වෙන්නේ.."

" එහෙනම් උම්මා එක්ක දෙන්නකෝ.."

" හා හා එකයි හොදේ.."


***

රාත්‍රිය ගෙවෙන්නේ අනික් හැම දේකටම හෙමින්  වගේ කියලයි මට දැනෙන්නේ.. එක වෙලාවටක දවල්ට වගේ නිදහසේ රැයත් ගෙවලා දාන්න පුළුවන් නම් කියලා හිතෙනවා.. ඒත් මම මෙතනින් ඉක්මනට යන්න ඕන..

" ඒත් කොහොමද මෙතනින් යන්නේ?"

මම මගේ හිතත් එක්කම කතාකලා.. මගේ හිත ඇරෙන්න මට මෙතන වෙන කතා කරන්න පුළුවන් කෙනෙක්වත් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් වත් හොයා ගන්න බෑ.. ඒ හන්දා හැම දෙයක්ම කරන්න ඕන මමමයි..

" සිල්වියා පෙන්නපු යතුර.."

මගේ හිත මට මතක් කරලා දුන්නා.. මෙතනට ඇතුල් වෙන්නත් පිට වෙන්නත් තියෙන්නේ එකම එක දොරක් විතරයි.. සිල්වියා පෙන්නුවේ අන්න ඒ යතුර.. ඒත් මම ඒක ගන්නේ කොහොමද?? මම විශ්වාස කරන්න ඕන මං තරම්වත් සිහියක් නැති අයව.. මගේ විශ්වාසය වැරදුනොත් හැමෝම දැන ගන්නවා මගේ ඇත්ත තත්වය මොකද්ද කියලා.. ඒත් ඒ ඇරෙන්න වෙන විකල්පයක් මගේ ලගත් නැහැ..

මම මගේ කාමරේ පුරා එහේ මෙහේ ඇවිද්දා.. මම ඇරෙන්න අනිත් හැමෝම නින්දේ.. සමහරවිට ඒ කාටවත් මට හිතෙන දේවල් ගැන ගානක්වත් නැතුව ඇති.. ඒත් මම හිතින් මගේ සැලැස්ම ඇන්දා..




ලබන සතියට......

72 comments:

  1. ලවුරා ..මාර නමක්නේ බං ඒක, කොහෙන්ද උඹට ඔය නම් එන්නේ ....

    බලන් ගියාම කොයි ලන්තෙත් රජවරු ආසයි රඟපාන්න නේ , එත් උන් දන්නෙම නැතුව හැමදාම රඟපානවා කියලා අපිනම් දන්නවා .

    ඔක්කොමත් හරි මේ ෆොටෝ වල ඉන්න එකාගේ මූණ දැක්කම තමයි දෙන්න හිතෙන්නේ මූණ සම්බල් වෙන්න ,අම්මපා

    ReplyDelete
    Replies
    1. //ඔක්කොමත් හරි මේ ෆොටෝ වල ඉන්න එකාගේ මූණ දැක්කම තමයි දෙන්න හිතෙන්නේ මූණ සම්බල් වෙන්න// ++++++++++++++++

      බොට කිවුවට මොකද මටත් ඕකම හිතුනා! :D

      Delete
    2. ඉවාන්, ඕවා ඉතින් ඉතාලි නම් නේ බං.. මෙහේ නම් කෝමත් අමුතුයි තමයි..

      හැමෝම කරන්නේ රඟපෑමක්නේ බං අපි ඉස්සරහා.. අපි තමා මෝඩයෝ ඔක්කොටම විශිල් ගහ ගහ ඉන්න..

      Delete
    3. ප්‍රියා, යකඩෝ බලං යද්දී මුං ඔක්කොම බලන් ඉන්නේ මට හගන්නන්නේ..

      Delete
    4. සංචාරකයා, උඹත් දැන් වැට ගහන් එහෙම සෙට් වුනේ මොකදටද??

      Delete
  2. ඉතින් මේ මනුස්සයා ඇයි හොරෙන් පැනල යන්න හදන්නෙ. කලින් කොටසෙදි මේ මනුස්සයා නිදහස් කරනව කියල නේද කිව්වෙ. මටත් නිකං පිස්සු වගේ.

    ReplyDelete
    Replies
    1. මූට අර සිල්වියා එක්ක පැනලා යන්න හිතිලද දන්නෑ!! :D

      Delete
    2. මටත් එතන ගැටලුවක්ක් උනා

      Delete
    3. මනෝෂ්, හොදට බලන්න හොදට බලන්න.. ඒ නිදහස පිස්සන් කොටුවෙන් විතරයි.. මිණිමැරුවට ආයෙම කොහොමත් හිරේ..

      Delete
    4. ප්‍රියා, හෙහ් නරක් වෙලා තියෙයිද බං ඉතින්..

      Delete
    5. ම.ක.සි, කතා විදි දෙකක් එකක් අස්සේ යන හන්දා පැටලෙන්න පුළුවන්.. අනික මේක පිස්සුවක්නේ...

      Delete
    6. ආ..ඔව් දිනේෂ්, ඒ කතාව හරි, පිස්සු සනීපයි කියන්නෙ මෙයා ආයෙමත් හිරේ. හරි හරි දැන් හරි.

      Delete
    7. ඒකනේ බං ඉතින් මම කියන්නේ.. කල්පනාවෙන් කියවන්න, අතරමං වෙන්න පුළුවන් කියලා..

      Delete
  3. කතාව ගැන කිසි දෙයක් හිති ගන්න බෑ අය්යෝ නැත්තං ගොං අනාවැකියක් වත් කියල සතුටු වෙන්න තිබ්බ.. සැක් ඉතරක්

    ReplyDelete
    Replies
    1. හෙහ් ඔන්න ඔහේ හිතෙන ව්දිහට ඕන දෙයක් කියහං බං.. මේ කතාවත් ඉතින් එක්කරා විදිහටක් ගොං කතාවක් වෙච්ච එකේ අනාවැකි ඒහෙම උනා කියලා කිසි ප්‍රශ්ණයක් නෑ..

      Delete
  4. ලවුරා මරු නම බං!

    නාට්ටි නටන්න ගිහින් පිස්සො ටික මොන පිස්සුවක් නටයිද දන්නෑ!!

    ReplyDelete
    Replies
    1. මම දන්න කෙල්ලෙක් ඉන්නවා ඔය නම තියෙන.. ඒකමයි ඕක දැම්මේ..

      හෙහ් මොනවා වෙයිද කියන්න බෑ.. බලමුකෝ ලබන සතියේ..

      Delete
    2. මාත් දන්නව ඔය වගෙ නමක් තියන කෙනෙක්... පොල් රා :D

      Delete
  5. මේක මරු ඈ... තනිකර පිස්සු ලෝකයක්..

    ReplyDelete
    Replies
    1. අපි කෝමත් ඉන්නේ තනිකර පිස්සු ලෝකෙකනේ බං..

      Delete
  6. රායිට්...තව චරිත තියනවා ඉල්ලුම් කරන්න නැත්නම් නම් කරන්න.
    මටත් චරිතයක් ඔිනේ..කොහොමත් මට පිස්සුනේ.

    ReplyDelete
    Replies
    1. අනිවා දෙන්නම්.. මම මේ චරිතයක් කෝම වෙතත් නාට්‍යට ඕන කොස්ටියුම් ටික ඉල්ල ගන්න පුළුවන් වෙයිද කියලා කල්පනා කලේ... ;-)

      Delete
  7. හයියෝ මේක කියවල මටත් පිස්සු තද උනා වගේ :O

    ReplyDelete
    Replies
    1. හා හා, ඒ කියන්නේ කලින් ලාවට පොඩ්ඩක් පිස්සු තිබිලා තියෙනවා.. ඔය අහුවෙන්නේ මං වගේම කට්ටියව...

      Delete
  8. Replies
    1. දන්නේ නෑ ඉතින්.. අන්තිමට උඹලම තීරණය කරපංකෝ.. මේක මම ලියන්නේ එක හේතුවක් උඩ විතරයි..

      Delete
  9. Meke kalin kotas thiyanawada?

    Eka newei......me cartoonwala inna kena dekala purudui wage...hiks :D

    ReplyDelete
    Replies
    1. කලින් එක කොටසක් තියෙනවනේ.. ඒකත් බලලම ඉන්න..

      දැකල පුරුදුද?? එහෙනම් පිස්ස්න් කොටුවෙදිම වෙන්න ඕන.. මම නම් දන්නේ නෑ ඉතින්... ^_^

      Delete
  10. බලමු ඉස්සරහට! දැනට හිතාගන්න බෑ

    ReplyDelete
    Replies
    1. තව කොටස් දෙකයිනේ රාජ් අයියේ.. වැඩිය මහන්සි කරන්නේ නෑ..

      Delete
  11. උඹ නම් අපිව පිස්සු වට්ටනවා, නැත්තන් උඹේ පිස්සුව මෙහෙම කතාවලට ලියාවිය, මුල් කොටසේ දුන්නු අතල් එක දෙවෙනි කොටසේ සීරියස් කරපු විදිය පට්ට බන්, ඊට හපන් උඹ දාන නම් ගම්, ඒවා ඉතින් උඹට හොඳා, දිවත් උලුක් වෙනවා, :D මොකක් උනත් උඹ කතාව ඇතුලේ ඩබල් ගේමක් ගහනවා කියලනම් පේනවා :D, ඉස්සරහට බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. පිස්සු බෝ වෙනවා බං.. මම මේ බැළුවේ මගේ තනියට තව දෙතුන් දෙනෙක්ව ඇද ගන්න.. උඹ එනවනේ එහෙනම් ශුවර් එකටම..

      හෙහ්, එහෙම තමා ඉතින් ඩබල් ගේම් ගහද්දී ඒ ඒ තැන් වලදි ඒ ඒ විදිහට වෙනස් වෙන්න ඕන.. නැත්නම් අවුල්නේ..

      Delete
    2. ආයේ එකෙන්ම එන්නම්කෝ :D

      Delete
    3. අන්න සිරා කොල්ලෝ..

      Delete
  12. කතාවනම් පට්ටයි දිනේශ් අයියේ....! ඊගාව කොටස එනකම් මග බලා ඉමි.

    ඒක නෙමෙයි කවුද මේ ෆොටෝ එඩිටින් වැඩ්ඩා? පුරෝහිතද? සිල්වියා ද? ;)
    මොනා උනත් කතාවටම ගැලපෙන පට්ට පින්තූර ටික!

    ReplyDelete
    Replies
    1. සතියක් ඉවසන්න පිස්සු හදාගන්නේ නැතුව.. හරිද.... ;-)

      ඇයි බං මේක මේ ෆෝන් එකේ ඇප් එකක්නේ.. මම ඕකෙන් වැඩක් ගන්න ඕනමයි කියලා හිතාගෙනමයි හිටියේ.. මේක ඇරෙන්න ඉතින් වෙන චාන්ස් එකක් කොහෙන්ද..

      Delete
    2. moment cam neda?

      Delete
    3. ඔවු ඒක තමයි..

      Delete
  13. ඇයි බන් ගිය පාර දොස්තරයා බොට හොඳයි කියලා ගෙදර යවන්න හැදුවා නේද ? එතකොට එපා කියලා දැන් පැනලා යන්න ප්ලෑන් ගහනවා.. බොලා බොට පිස්සු නෑ කිව්වට මටනම් පේන්නෙ බොට හොඳටම පිස්සු.. ඔහොම්ම හිටහන් ඕක අස්සට වෙලා තව ටික කාලයක්..

    ReplyDelete
    Replies
    1. මේකනේ අයියේ කතාව.. පිස්සන් කොටුවේ එවුන් සනීපයි කියලා යවන්න හදන්නේ මිණිමැරුමට දඬුවම් කරන්න පුළුවන් හන්දා.. ඒත් නොකරපු වරදට දඬුවම් විදින්න ඕන නැති හන්දයි පිස්සා වගේ ඉන්න හදන්නේ.. පැනලා යන්න බලන්නේ නොකරපු වරදට අහු උනේ කොහොමද කියලා හොයන්න..

      ඔන්න ඉතින් කතාව කිවුවා..

      Delete
  14. ඇයි බන් ගිය පාර දොස්තරයා බොට හොඳයි කියලා ගෙදර යවන්න හැදුවා නේද ? එතකොට එපා කියලා දැන් පැනලා යන්න ප්ලෑන් ගහනවා.. බොලා බොට පිස්සු නෑ කිව්වට මටනම් පේන්නෙ බොට හොඳටම පිස්සු.. ඔහොම්ම හිටහන් ඕක අස්සට වෙලා තව ටික කාලයක්..

    ReplyDelete
  15. kotas dekama danui baluwe. maru kathawa. balamu mokada wenne kiyala

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. මොනාම හරි වෙන්නේ නැතැයි ඉතින් ඉස්සරහට..

      Delete
  16. ලව්රා... උම්මා...්
    ඊලග කොටසේදීත් හමුවෙමු.. කියවන්න හිතෙන විදියට ලියපු කථාවක්...

    ජ ය වේ වා!!1

    ReplyDelete
    Replies
    1. හහ්, විදානේ ලවුරා කෙනෙක්ට කලිනුත් උම්මා දිලා තියෙන පාටයි.. ඒක දුන්න ගැම්මෙන්ම කියන්න පුළුවන්...

      Delete
  17. දිනේෂ්.....................

    ඉතාලි නම්.. ඉතාලි පසුබිම් එක්ක ඔබ ලියන කතා අපිවත් ඉතාලියට ගෙනියනවා කියලයි මටනම් හිතෙන්නේ....................... අගෙයි දිනේෂ්...............

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.. දැන් ඉතින් මේ පරිසරය මට හුරු වෙලානේ.. ඒකයි වැඩිකරම...

      Delete
  18. //උන් අත්පුඩි ගහන්නේ ගල් ගහන්නවත් හූ කියන්නවත් බැරි කමට කියලා ඉතින් මෙයා දන්න එකක්යැ.. මෙයාගේ හිතේ හරි ජනප්‍රියයි කියලා.. ඒත් ඉතින් ඕව කියන්න පුළුවන්ද//

    මේකනම් සහලෝලා ඇත්ත බන්...

    ප්‍රැක්ටිකල් එග්සාම්ප්ල් ඕන තරම්..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. මාත් ඉතින් ඔය මෙහේ වෙන එවුවත් අස්සෙන් මුල්ලෙන් ඔබනවා.. කතාවට වැඩිය ආතල්නේ සැබෑ ලෝකේ ඒ කටිටිය අපිට දෙන්න්නේ..

      Delete
  19. දැන්නං මටත් පිස්සු වගේ ........

    ReplyDelete
    Replies
    1. කලින් කොටසෙදිම මම අනතුරු ඇගෙවුව්වා හරිද..

      Delete
  20. Ela ela ohoma liyan yamu

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා..

      Delete
  21. දැන් නාට්‍ය පෙන්නන්නේ කවද්ද ..අපිටත් එන්න ඕන ..අවොත් පොඩි කොටසක් රඟපාන්න ලැබෙයි නේද ;)

    ReplyDelete
    Replies
    1. ඔච්චරම ආසනම් ඉතින් පොඩි කොටසක් හරි දෙන්න බැරිය.. හැබැයි අනිවාර්‍යේන් පිස්සු පොඩ්ඩක් හරි තියෙන්න ඕන නැත්නම් බෑ..

      Delete
  22. මේක පිස්සු ලෝකයක් අනේ මට පිස්සු වගේ මේක කියවලා,මටඇද ෂුවර් එකටම දැනුනා උඹට වගේම මටත් පිස්සු කියලා, ඔව් හෑ මං මේ මොනාද ලියන්නේ දල්ලෙ ලෑ මට පිස්සු වගේ බං...මේක නම් එල පිස්සු කතාවක්

    ReplyDelete
    Replies
    1. බොට පිස්සු තද වෙලා.. අනේ පවු අර අහිංසකයා.. මේකව ඉස්පිරිතාලේ උස්සන් දුවන්න කියන්න ඕන.. නැත්නම් හරි යන්නේ නෑ..

      Delete
  23. කොච්චර පිස්සුද කීවොත් , මේ පිස්සු පෝස්ට් එක බලන්ටත් පරක්කු වුනානේ. :D

    ලස්සණයි දිනේශ්...

    හැබෑටම ඔයාගේ මොළේ කොහොම වැඩ කරනවා ඇද්ද? :P

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. මම ඒත් බැළුවා වෙනද ඉස්සෙල්ලම එන එක්කෙනා මොකද නැත්තේ කියලා..

      මගේ මොළේද?? අනේ මන්දා මම දන්නෙත් නෑ කෝම වැඩද කියලා.. ඔපරේශන් කලාට පස්සේ තමා මේ ඔක්කොම..

      Delete
  24. සිරාවට? ඒක එලනෙ. බාගන්න ඕනෙ වහාම

    ReplyDelete
    Replies
    1. මොකද බං ආත බූත කමෙන්ට් දාන්නේ.. බොට රෑ නිදි මරලා පිස්සුද??

      Delete
  25. මටත් නිකන් පිස්සු වගේ අයියෝ....
    මටත් මුලින්ම ක්ලික් වුනේ නම බන්...
    ලව්.....රා....
    ලව්...රෑ
    රෑ ලව්
    හැක හැක හැක හැක පට්ටයි ආ...

    ReplyDelete
    Replies
    1. අම්මපා මුං එක්ක කෙල්ලෙක්ට නමක්වත් දාන්න බැරි හැටි.. ඒක අල්ලගෙන දඟලනවා ඉතින්..

      Delete
  26. හි.. හි.. කතාව නම් නියමයි.. පින්තූර ටිකත් හොඳට මැච් වෙනවා..

    ReplyDelete
  27. මේකෙ තව කොටසක් කලින් පල උනාද කොලුවො...මම කථාව අගටම කියෙව්වා...අවස්ථා සම්බන්ධයේ අවුලක් තියෙන නිසා කමෙන්ට් එකකින් තමයි දැනගත්තෙ වෙලා තියෙන සංසිද්ධිය...ඉස්සර ලිව්ව ඉස්කෝලෙ ලව් කථාවක් කියවන්න ආසයි...ලියමුද එකක් වෙලාවක...

    ReplyDelete
  28. කොහෙන්ද අනේ මේ පින්තුර..කතාවටම යනව... රහට ලියනව. දැන් ඉතින් තව කොටසක් එනකම් ඉන්න එපැයි.

    මේ ඒක නෙමෙයි මල්ලි. මේ කතා ටික ඔක්කොම එකම තැනකට ගන්න අදහසක් නැද්ද...? පොතක් වගේ..

    ReplyDelete
  29. kawuda appa me chiththara andinne? maru ne

    ReplyDelete
  30. උඹ කතාවට යටින් තවත් කතාවක් කියන් යනවා නේද?මේක මේ පිස්සු කිව්වත් පිස්සුම නොවෙන කතාවක් නේ.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්