Monday, 1 September 2014

සිරකාරිය



මේ අඳුරු කාමරේට වී ගෙවෙන්නේ කී වෙනි දවසදැයි මා හරි හැටි නොදනිමි.. එය  හරියට ජීවිතෙන් වැඩිම කාලයක් ගෙවුනේ මේ කළුවර කාමරේ ඇතුලේ යැයි හැඟීමක් පමණක් නිරන්තරයෙන් මාතුල ඉතිරි කරන්නට සමත්ය.. නමුත් ඇත්තම නම්, වේදනාව කියන දේ හරියටම මා විදින්න පුරුදු වූ දවසේ සිටම මා මේ කළුවර කාමරේ සිරවී ඇති බවය.. දෑත බැද දා තිබුන විලංගු මගේ ආයිතමක් සේ දැනෙන තරමට එය මට දැන් හුරුවී ගිහින්ය.. ඒ වටා කාලයක් රත් පැහැවී තිබි දැන් දුර්වර්ණව කළුපැහැ ගැන්වුන පැල්ලම් තුලින් වේදනාව දැනෙන්නේද අඩුවෙනි.. සැබැවිනම් වේදනාව පෙර මෙන්මය.. නමුත් මා එයට හුරුවී ගිහින්ය..

ඝණ බිත්තියේ ඉහල හිඩස අතරින් වැටෙන සියුම් ආලොකය දැකිමට තරම් වත් මා වාසනාවන්ත වීම ගැන හිතින් මා සතුටු වෙමි.. නිරන්තරයෙන්ම මා ඒ දෙස බලා සිටිමි.. ඒ සමඟම එන සුළං පොද අවසන් හුස්ම මෙන් සිතා විදගන්නට උත්සාහ කරමි.. නමුත් අවාසනාවකට මෙන් එය මා විදින අවසාන හුස්ම පොද නොවන්නේය.. එසේ වුනි නම් මගේ වේදනා විදින ආත්මයටවත් නිදහසේ සැරිසරන්නට ඉඩක් ලැබෙනු ඇත.. එහෙත් සෑම දෙයක්ම මා පතනා ආකාරයට වඩා වෙන්ස්වී ගොසින්ය..

ශරීරයේ ඇට මිදුළු මතින් නැගෙන වේදනාවෙහි නිමක් නැතිය.. තුවාලව වියලී ගිය ලේ පැල්ලමක් නැති තැනක් සොයා ගැනීමටත් අපහසු තරම්ය.. අභ්‍යන්තරය මගේ කෙලෙස ගිණි ගත්තත් හදවත වෙනදා මෙන්ම ඒ සුපුරුදු ස්වරයෙන්ම ගැහෙන්නේය.. එය අවාසනාවකි.. ඇත්තෙන්ම එය අවාසනාවකි.. ඒ හඬ නවතින තෙක් මා බොහොම ඕනෑකමින් බලාගෙන හිදිමි..

ඈත අඟුළුලෑ දොරවල් විවර වන දෝංකාරය  නිරන්තරයෙන්ම හදවතේ ගැස්ම වැඩි කරන්නට සමත්ය.. එය නොනැසී තියෙන දිනක්, පැයක් නොමැති තරම්ය.. මා බලාපොරොත්තු වු පරිද්දෙන්ම මොහොතකින් ඔහු මා ඉදිරියට විත් සිට ගත්තේය.. මොහොතක් මා දෙස බලාගෙන සිටියේය.. විනාස වී ගිය සිරුර දෙස පිළිකුළක් ඇති වෙතැයි මා සිත කීය.. නමුත් මා වැරදිය.. ඒ මුවඟ රැදුන හිනාව තුල හැම දෙයක්ම රසවින්දනයක් බව සනාත විය..

ඔහුගේ බැල්ම වෙනදා මෙන්මය.. ලිහිල් වු කලිසම බිම වැටෙන්නට ඒ තරම් වෙලාවක් ගත නොවීය.. මා තුලට නැඹුරු වූ ඔහුගේ වියරු මුහුණ දෙස තවත් බලා සිටින්නට මට වුවමනාවක් නොවීය.. මා දෙපා හැකි තරම් ලං කර ගතිමි.. නමුත් එය තවත් එක් අසාර්ථක උත්සාහයක් පමණක්ම විය.. ඔහුගේ ශක්තිමත් දෑත් වලින් මට මිදිය නොහැක.. ඔහු ඔහුට වුවමනා ඉඩ සාදා ගත්තේ මා ගැන කිසිදු හැඟීමකින් තොරවය..

එය මට තවත් එක වේදනාවක්ම පමණක් වන එකාකාරි චලණයක් විය.. ඔහුට හරි රිද්මයක් නොවීය.. ඔහු සිටියේ නිරන්තර වෙනස් වන අසාර්ථක උත්සාහයකය.. ගෙවී ගිය කාලය පුරාවට බොහෝ වේදනාකාරී මතකයන් තුලින් මා ගමන් ගත් නිසාම ඔහු ගැන මට ඇති වුයේ සිනහවක්ය.. අවාසනාවකට මෙන් මට එය පාලනය කර ගත නොහැකි විය.. මොහොතකින් දත් විලිස්සා ගත් යක්ෂයකු මෙන් මා දෙස බලා හිදි ඔහු එල්ල කල කම්මුල් පහරවල් ඒ තරම්ම වේදනාවක් නොවීය.. ඒ මා දැන් ඒවාට හුරු වී ඇති හෙයිනි..

තන පුඩු අතර නතර වුන ඔහුගේ රළු ඇගිලි ඒවා තදින් ඇදී වේදනාවට දෑස් වල කඳුළු පිරෙන්නට ඒ තරම් කාලයක් වුවමනා නොවීය.. දත් හා නිය පහරවල් වලින් පිරී ගිය ළමැද සුමුදු ආදර පහසකට පවා දැන් වේදනා දෙන තරමට වෙනස් වී ගිහින්ය.. ඔහු මා මත තව තවත් වේගවත් විය.. ඒ ඔහුගේ අවසන් වෑයමයි.. මා ගත පුරා තෙත් බිදු වලින් නහවමින් නැඟිටි ඔහු මා මුහුණට කෙල පිඩක්ද විසි කරමින් නික්ම ගියේ අපාය මීට වඩා සුන්දර තැනක් යැයි මා හට තේරුම් කරමිනි..

යටි බඩ පුරාවට ඇඳුන වේදනාව විදුළියක් මෙන් සිරුර පුරාවටම දුවන්නට විය.. ඔහු කී වෙනියාදවත්, ඒ ඔහුගේ කී වෙනි වතාවද වත් යන්න මා නොදනිමි.. නමුත් තවත් වාරයන් ඔහුට ඇති බව පමණක් මා දනිමි.. බිත්තියට ඉහළින් කාමරයට වැටුන එළියේ හැඩය වෙනස් වී ගොසිනි.. කාලය ඒ තරම් වේගයෙන් ගෙවී නොගිය බව මා දනිමි.. වළාවක් ඉරට අවහිර කරනවා විය යුතුය..

මගේ ජීවිතයත් ඒ ඉරත් අතර කිසිදු වෙනසක් මා නොදකිමි.. අප දෙදෙනම අපි ඉදිරියට ආ වළාවකින් බොහෝ දේ අහිමි කර ගෙන සිටිමු.. මා අදටත් ඒ දවසට වෛර කරමි.. ජීවිතය මුළු මුනින්ම වෙනස් වූයේ ඒ දවසෙනි..

***


" ක්ලාරා, මොකද කල්පනාව?"

ජේසන් නිතරම මගෙන් මොනවා හරි දෙයක් අහන්නේ මගේ ඇඟිළි සියුම්ව පිරි මදින ගමන්.. මම ඇත්තටම ඒ පහසට කැමතියි.. අපි ආදරෙන් ලං වෙලා ඉන්න හැම වෙලාවකම වගේම මම වචනෙන් නොකිවුවත් හිත යටින් ඒ පහස ලැබෙන කන් බලාගෙන හිටියා.. හරියට පොඩි එකෙක් වගේ..

" මුකුත් නැහැ.."

මම ඒ ඇස් දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා අන්තිමේ උත්තර තිබුනා.. ජේසන්ට තිබුනේ කෙල්ලෙක්ට තියෙන්න ඕන තරම් ලස්සන බළල් ඇස් දෙකක්.. එක වෙලාවකට ලෝබත් හිතුනා ඒ වගෙ ඇස් දෙකක් මටත් තිබුනනම් කියලා.. ඒ හන්දම මම ඒ ඇස් එක්ක මාව හිතින් මවා ගන්න උත්සාහ කරපු වාර ගාන කොච්චරද කියලා මටවත් මතක නැහැ..

" අපි ටිකක් ඇවිදිමුද?"

" මොකද එක පාරම?"

" නිකන්.."

මම ජේසන් එක්ක හිතුමතේ ඇවිදන් ගියා.. මට ඕන වුනේ නිදහසේ ඉන්න.. ඒ නිදහස විදගන්න.. ජේසන් වුනත් එහෙමයි.. කාලය කොච්චර ගෙවිලා ගියාද කියන්න අපි දෙන්නම දන්නේ නැහැ.. ඇත්තටම අපිට ඒ ගැන හිතන්න තරම්වත් ඕන කමක් තිබුනේ නෑ.. හවස ගැනවත් හෙමිට වැටෙන අඳුර ගැනවත් අපිට තැකීමක් නෑ.. ඒ උණුසුම, ඒ හාදුව ඇරෙන්න මතකයේ තියා ගන්න කැමති වෙන කිසිම දෙයක් අපි ලග නැතුව ඇති..

හදිසියේම වගේ ජේසන්ගේ ෆෝන් එක රිංග් වුනා.. උනන්දුවක් නැතුව ඒ කෙටි පණිවිඩේ දිහා බැළුවා වුනත් ජේසන්ගේ මුහුණ හරි ඉක්මනට වෙනස් වුනා.. ඒ වැඩි හරියක්ම එයා අකමැති මොනාම හරි දෙයක් වෙන වෙලාවට..

" ඇයි?"

" මට කැම්පස් එකට ඉක්මනට යන්න වෙනවා.. යුනියන් එකේ ප්‍රශ්ණයක්ලු.."

" හ්ම්ම්.."

මගේ හිතේ තිබුනේ අකමැත්තක්.. ඒ ජේසන්ගෙන් ඈත් වෙන්න.. ඒත්  ඒ අකමැත්ත ජේසන්ව බලෙන් නතර කර ගන්න තරම්ම හේතුවක් නෙමෙයි කියලා මම දන්නවා.. ඇත්තටම මම කවදාවත්ම එහෙම කරලා නෑ..

" යමු.. මං ඔයාව රූම් එකට දාලා කැම්පස් එකට යන්නම්.."

" එපා ජේසන්.. ඔයාට මෙතන ඉදන් කැම්පස් එක ලගට ලඟයිනේ.. ඔයා යන්න.. මම රූම් එකට යන්නම්.."

" ඔයාට පාර මතකද? හිටි ගමන් පාරවල් පැටලෙනවනේ.. කෝ යමු.. මං රූම් එකට දාලා එන්නම්.."

" ඒ ඉස්සර.. දැන් මට මතකයි.. ඔයා යන්න.."

තව වාද කරන්න කලින් මම ජේසන්ගේ තොල් සිපගත්තා.. විනාඩි දෙක තුනක්ම එක දිඟටම.. ඒ තාවකාලික සමුගැන්ම තවත් ටිකකට ලස්සන වෙන්න.. යන්තම් අඳුර අතරින් මාවත කෙලවරින් ජේසන් හැරිලා යනකන් මම බලාගෙන හිටියා..

ඒතරම්ම කළබල කාරී නැති මාවත් දිගේ මම ඇවිදන් ආවා.. ජේසන්ව යැවුවට ඒ තනිකම හැම පියවරක් ගානෙම යන්තමින්ම දැනුනා.. ඒත් එක දෙයක් හොදටම විශ්වාසයි.. මට පාර අමතක වුනේ නෑ.. ඒ ගැන මතක් වෙලා නොදැනිම වගේ ආව හිනාව එක්ක එකතු වෙලා තිබුනේ ජේසන්ගේ ආදරය..

" පිස්සු කොල්ලෙක්.."

මම මටම මිමිණුවා.. නවාතැනට තිබුනේ තව ටික දුරයි.. කලබලෙන් කැම්පස් එකට දිවුවා වුනත් ජේසන් ආයෙම මාව බලන්න එන බව හොදටම විශ්වාසයි.. ජේසන් ආසම කරපු චීන අවන්හල තිබුනෙත් මේ ලගමයි.. මම ගමන අතර මැද ටිකකට නතර වුනා..

ජේසන් කිවුවා හරි.. මට සමහරක් පාරවල් අමතකයි.. ඒත් ජේසන් කැමතිම සුශි එකක් තිබුනනම් මඟ ඇරිලා ගිය හැන්දෑව වෙනුවට සුන්දර රාත්‍රියක් අපිට ගත කරන්න පුළුවන් නේද කියලා මට හිතුනා.. ඉතින් මම මතකයෙන් ඒ පාර හොයා ගන්න උත්සාහ කලා.. එකම තැන දෙතුන් පාරක්ම කැරකුනා.. කාලයත් ගෙවිලා ගියේ මම හිතුවෙවත් නැති තරම් ඉක්මනට.. අඳුරත් එක්ක පාළුවත් ඇවිත්.. මාව පහු කරන් ගියේ බොහොම කළබලයක් නැති එක්කෙක් දෙන්නෙක් විතරමයි..

මගේ පියවර ගාවින්ම වගේ ඇහුන අඩි සද්දෙට බය වෙලා මම එහෙමම නැවතුනා.. පිටිපස්ස බලන්න තරම් ආත්මශක්තියක් ආවේ කොහොමද කියලවත් මට හිතා ගන්න අමාරුයි.. ඒත් මම ආපහු හැරිලා බැළුවා.. යන්තමට වගේ මුහුණට වැටුන විදුළි එලියෙන් මම දැක්කේ මට වැඩිය උස හැඩි දැඩි මිනිහෙක් මට පිටිපස්සෙන් ඉන්නවා විතරයි.. ඔහු හිටියේ මට වැඩිය පියවර ගානක් පස්සෙන්.. ඒත් මම නවතිද්දීම වගේ ඔහුත් නැවතිලා..

මං දිහාම බලාගෙන නොහිටියත් ඔහු හිටියේ මං ගැන උනන්දුවෙන් කියන එක තේරුම් ගන්න ඒ තරම්ම අමාරු දෙයක් නෙමෙයි.. මම ආයෙම ඇවිද්දා.. කලින්ට වඩා වේගයෙන්.. ඇත්තටම මම දිවුවා.. මට ටිකක් ඈතින් වුනත් තාමත් ඒ පියවර මට ඇහුනා.. ඒත් තව පාරක් හැරිලා බලන්න තරම් ආත්මශක්තියක් මට ආයෙම ආවේ නෑ.. ඉතින් මම දිවුවා.. මිනිස්සු ඉන්න කළබලකාරි මාවතක් එනකන් මම දිවුවා..

ඒත් නිතරම වගේ මගේ ඇස් ඉස්සරහා  ඉතිරි වුනේ අඳුරයි තනිකමයි විතරයි.. පළවෙනි වතාවට මම පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.. ඒක ඒ තරම්ම සාර්ථක උත්සායක් නෙමෙයි කියලා මම දන්නවා.. ටිකින් ටික හැම තැනක්ම විදුළි එළිය අඩුවෙලා ගිය අඳුරු තැනක් වුනා ඇරෙන්න මම බලාපොරොත්තු වුන විදිහේ කිසිම දෙයක් තිබුනේ නෑ..

හදිසියේම වගේ මගේ දෙවුර ඇකිළුනා.. ඒ ආගන්තුක ස්පර්ශයකට.. ඔහු මාව තදින් අල්ල ගත්තා.. මට ඇහුනේ කෑ ගැහිල්ලක් විතරයි.. ඒ මගේම කෑ ගැහිල්ල.. මම ඔහුගෙන් මිදිලා යන්න උත්සාහ කලා.. ඒත් ඔහුගේ ශක්තිමත් දෑත් අතරින් මිදෙන එක ඒ තරමම් ලේසි දෙයක් නෙමෙයි.. ඒත් එක විනාඩියකට මට ඒ දේ කරන්න පුළුවන් වුනා.. ඒත් අවාසනාව.. වේගයෙන් අඩමානයට තියවුන අඩිය වැරදිලා ගිහින් මාව විසිවෙලා ගියේ හරියට අඩි ගානක් උඩ ඉදන් පහලට වැටෙනවා වගේ..

ලගම තිබුන කුණු බක්කියේ ඔළුව වැදුනේ විදුළි වේගයෙන්.. ඒත් සිද්දවෙන හැම දෙයක් ගැනම කලින් වගේම මතකේ තිබුනා.. ඒ මුහුණ මම හරි හැටි දැක්කේ ඒ වෙලාවේ.. ඒ ලගම තිබුන විදුළි පහන් එළියකට ඒ පිපාසිත මුහුණ හොදින්ම පෙනුනා.. අහම්බෙන් වගේ මගේ අතට අහු වුනේ වීදුරු කෑල්ලක්.. ඔහු ඒක දකින්න නැතුව ඇති.. ඔහු ආශාවත් එක්ක තව පියවර දෙක තුනක් ඉස්සරහට තිබ්බා..

මට දැන්නේ හැම දෙයක්ම නිසල වෙලා ගිහින් වගේ.. කිසිම හඬක් කිසිම චලනයක් නොඇසෙන නොපෙනෙන ගානයි.. ඔහු බිම වැටිලා හිටිය මගේ දිහාවට නැඹුරු වුනා.. ඉතුරු වෙලා තිබුනේ එකම එක අවස්ථාවක් විතරයි.. අත යට හංඟගෙන හිටිය වීදුරු කෑල්ලෙන් මම ඔහුට ඇන්නා.. එක වතාවක් නෙමෙයි, දෙතුන් වතාවක්ම.. නිහඬ වෙලා තිබුන හැම දේම දෙබෑකරගෙන මට ඇහුනේ ඒ විලාපය.. අතේ තිබුන වීදුරු කෑල්ල අත අරින්නේ නැතුව තව දෙතුන් පාරක්ම මම ඒකෙන් ඔහුට ඇන්නා..

හැම දෙයක්ම කලින් තිබුනා වගේම ආයෙම නිහඬ වෙලා ගියා.. එක දිගට ගැහෙන ඔහුගේ සිරුර දිහා මම බැළුවා.. ඒ එක්කම වගේ මට ඇහුනේ පොලිස් බටයෙක්ගේ විසිල් හඩ.. මගේ හිත සතුටු වුනා.. මම ඉක්මනට බැළුවේ ඒ හඬ ඇහෙන්නේ කොහෙන්ද කියලා.. ඒත් අවාසනාව.. ඔහුට ඇහුන විලාපය මගේ නෙමෙයි..


***

මුහුණට වැටුන දිය පහරකින් මම නින්දෙන් අවදි වීමි.. ඉදිමුම නිසාම අඩක් පියවී ගිය දෑස් වලින් මම ඒ දෙස බලන්නට උත්සාහ කලෙමි..

" තවත් එකෙක්.."

මා මටම කියා ගතිමි.. ඔහු හා පොර බදන්නට තරම්වත් ශක්තියක් මා තුල නොමැත.. හැකි වුවද පොර බැදීමෙන් මට පලා යා හැකි දුරක්ද නොවීය.. මා දෙපා දෙපසට විසිරුවමින් ඔහු මා තුලට විය.. වේදනාවෙන් වුවත් එය පිට කිරීමට තරම් ශක්තියක් මා තුල නොවීය.. අඩවන් වූ දෑසින් මා බිත්තියේ ඉහල වු කුඩා ආලෝකය දෙස බැලීමී.. එය සැබැවිනම් වෙනස් වී ගොස්ය.. එළිය සහ පැහැයද බොහෝ සෙයින්ම වෙනස්ය..

හැම දෙයක්ම සිහිනයක් යැයි සිතන්නට මම උත්සාහ කරමි.. නමුත් එය අසාර්ථක උත්සායකි.. සිහිනයකදී වේදනාවක් දැනෙන්නේ නැත.. ගෙවෙන හැම මොහොතකම මට දැනෙන්නේ වේදනාවක්ම පමණි.. විවර වූ සිර මැදිරියේ දොරින් පිටව පලා යන්නට සිතුනත් අඳුර ඇරෙන්නට මට පෙනෙනා මාවතක් නොවීය..

ඔහු නික්ම ගොස් සිරකුටිය වසන වන හඬ මට ඇසිනි.. ඔහු කොයි වේලේ නිමවූවාදවත් මා නොදනිමි.. නිරන්තර දැනෙන වේදනාව හැම හැඟීමක්ම වසන් කරගෙන පැතිර ගිහින්ය.. මා යලිත් එදා දවසට සාප කලෙමි.. නමුත් ඊට සාප කිරීමෙන්ද පලක් නැත.. අකමැත්තෙන් අනේක වාරයක් දූශණය වනවාට වඩා එදා කැමැත්තෙන් එක වරක් දූශණයා වුනා නම් යැයි අවසානයේ මට සිතිණි..





නිමි...





104 comments:

  1. "එදා කැමැත්තෙන් එක වරක් දූශණයා වුනා නම් යැයි අවසානයේ මට සිතිණි.."
    අපොයි බන් ඒ වගේ උනා කියලා ඇත්තටම එහෙම හිතෙයිද????

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් අවස්ථානුකූලයි කියලයි මට නම් හිතෙන්නේ.. එදා එක පාරක් ඒ දේට මුණ දුන්නනම් සමහර විට වෙනත් විදිහට ප්‍රශ්ණයක් ඇයට එන්න තිබුනා.. හැබැයි ඒ කොහොම වුනත් මේ විදින දුක තරම් නම් නොවෙන්න පුළුවන්..

      Delete
    2. ඒ උනත් කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න ඒක ඇති

      Delete
    3. ඇත්ත.. ඒත් මම හිතනවා මේ තරම්ම බලපෑමක් නැති වෙයි කියලා..

      Delete
    4. ඒකට ඉතින් මුන දීලම බලන්න ඕන

      Delete
    5. ඒ ගැන අපිට මෙහෙම හරියටම කියන්න බෑනේ.. මුණ දුන්න කෙනා ඒක දන්නවා..

      Delete
  2. කියන්න වදන් නැහැ ලියවිල්ල
    ඉහලයි උපරිමයි පට්ටයි.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවුවේ වේවා...

      Delete
  3. මොකක්ද බෝල මේ ලියලා තියෙන්නේ? කොහෙන්ද බෝල මේවා පහල වෙන්නේ, මොකක් උනත් බොක්කටම වදින ලිවිල්ලක්, ඇත්තටම සතුටුයි සහෝදරයා. අදුරු ජීවිත කිදිදා ආලෝකය නොදකින්නේ යම්සේද ඔවුන්ගේ හිරු සදා වලාකුලකින් වැසීම පවතී. ආලෝකයක් දකින්නට උත්සාහ කලද එක එකාගේ කඩතුරාවලින් ඔවුන් දකින ආලෝකය අනෙක වාරයක් වැසී පවතී.

    උඹ කතාවත් එක්ක යොදා ගන්න උපමා උඹටම ආවේනිකයි බන්, ඒවා කතාවත් එක්ක පට්ටේටම ගැලපෙනවා.

    //බිත්තියට ඉහළින් කාමරයට වැටුන එළියේ හැඩය වෙනස් වී ගොසිනි.. කාලය ඒ තරම් වේගයෙන් ගෙවී නොගිය බව මා දනිමි.. වළාවක් ඉරට අවහිර කරනවා විය යුතුය..

    මගේ ජීවිතයත් ඒ ඉරත් අතර කිසිදු වෙනසක් මා නොදකිමි.. අප දෙදෙනම අපි ඉදිරියට ආ වළාවකින් බොහෝ දේ අහිමි කර ගෙන සිටිමු.. // උපරිමයි බන් මේ කෑල්ල.

    එත් ඉර වැහෙන්නේ මොහොතකට විතරයි, මේ ජීවිතේ සදාකාලිකවම වැහිලා.

    //අකමැත්තෙන් අනේක වාරයක් දූශණය වනවාට වඩා එදා කැමැත්තෙන් එක වරක් දූශණයා වුනා නම් යැයි අවසානයේ මට සිතිණි..//

    කතාවට ගැලපෙන සුපිරිම අවසානයක් දීල තියෙනවා. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද මන්දා එක පාරම පහල වුනා බං.. ඉතින් ලියලම දැම්මා පහල උන වෙලේ... ඇත්තම කියනවනම් වෙනින් කතාවක් ගැන හිතද්දී ඒකේ පොඩි කොටසකට මේක ආවේ.. පස්සේ එක එතනින් ඇදල අරන් මෙහෙම දිගට ලියලා දැම්මා..

      කතාවේ මං කියන්න උත්සාහ කලෙත් ඔය අන්තිම කාරණාව ගැනම තමයි බං.. සමහර විට ඒ අදහසට අවස්ථානුකූලව එකග වෙන්න අකමැති අය ඉන්න පුළුවන්.. ඒත් මට හිතෙන්නේ ඒක තමයි සුදුසුම කියලා.. මොකද එහෙම වුනානම් ක්ලාරගේ ජීවිතේ මීට වැඩිය හුඟක් වෙනස් වෙන්න තිබුනා..

      එක පාරක් දූශණය වීම කාලයකදි අතීතයක් වෙලා යන්න පුළුවන්.. ඒත් හැමදාම විදින මේ දුක ජීවිතේ තියෙනකම්ම වේදනා දෙනවා.. සමහර විට මේකම ඇයට මරණය වුනත් ගේන්න පුළුවන්..

      Delete
    2. දැන් ඔය හිතුව කියන අනික් කතාව මොකද්ද?

      Delete
    3. ඒක දැන් මතකත් නෑ.. හික්ස්

      Delete
  4. ඈ බං මෙහෙමත් නොවෙනවා කියලා කියන්න පුළුවන් කාටද? ඇඟත් එක්ක හිරි වැටුනා!! මම හිතුවෙම කෙල්ල අර දාමරිකයන්ට අහු වෙලා කියලා.

    කතාවනම් උපරිමයි මචෝ!!!

    ReplyDelete
    Replies
    1. දාමරිකයන්ට අහු උනානම් ඉතින් එකක්.. මේවා නොවී තියෙන තරමටම හොදයි කියලා හිතෙනවා බං..

      ඒක නෙමෙයි, උඹ දැන් කමෙන්ට් විතරද.. උඹේ බ්ලොගේ පෝස්ට් එකක් ලියන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද?

      Delete
    2. පුදුම කම්මැලි කමක් ගහලා බං!! :)

      කොහොම හරි ඉක්මනට ලියන්න ගන්නවා ආයෙ. අනිවා. :)

      Delete
    3. ලියපං ලියපං කම්මැලි නොවී.. දැන් මාස ගානක් වෙනවා..

      Delete
    4. එයැයිගේ උන්දැ එපැයි කියල සුවර් එකටම

      Delete
    5. හෙහ්, කිවුද දන්නේ දැන් ආස්සරේ කරන හොද නෑ කියලා එපා කිවුවද කියලා..

      Delete
  5. උදේම ඇවිත් දැම්ම කමෙන්ටුව හොරු අරන්

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වෙලත් නෑ බං.. හොදටම ශුවර්ද උඹට දැම්මා කියලා.. ;-)

      Delete
    2. පොඩ්ඩක් හොයලා බලහල්ලා,, පොලීසියට අහු වෙලාද දන්නෑ. කමෙන්ට් එක!! :D

      Delete
    3. අනේ මන්දා බං.. කොහේවත් නෑ හොයාගන්න.. එරිකෝ දාලා හොයන්න වෙන්නේ..

      Delete
  6. ඇත්තටම නියම කතාවක්.හිතට දැනුනා තදටම.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  7. ඒ ගමන ඇතුලට ගිය කෙල්ලෙකුත් උඹට මුනගැහිල වගේ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, නෑ නෑ රාජ් අයියේ.. වාසනාවට වගේ එහෙම කෙනෙක් නම් හම්බුනේ නෑ.. එහෙම වුනානම් ඉතින් මට ඒ කතාව ලියන්නවත් අහන් ඉන්න පුළුවන් වෙන එකක් නෑ ශුවර් එකටම..

      Delete
    2. මුස්ලිම් රටක ඇතුලට ගිය කෙල්ලෙක් හම්බුනොත් මීට වැඩිය දේවල් අහන ගන්න තිබුන

      Delete
    3. ඒවයේ ඇතුලට ගිය එකෙක් ආයෙම පණපිටින් එනවද කියන එක තමයි සැක..

      Delete
    4. අනිවාර්ය අපායක් තමයි ඉතින්

      Delete
  8. "එදා කැමැත්තෙන් එක වරක් දූශණයා වුනා නම් යැයි අවසානයේ මට සිතිණි.." ඒ කොටස ඇරුනාම මුළු කතාවම ඇඟ හීතල වෙන කතාවක් මචං. ඇත්තම කියන්න එපැයි උඹ තරහ වෙන එකක් නෑ කියලා හිතනවා . මටනම් ඒ කොටස මේ කතාවේ නොතිබ්බනම් හොඳයි කියලා හිතනවා .

    ReplyDelete
    Replies
    1. අර මොකද බං ඒ.. කතාවේ එක වැදගත් කෑල්ලක් හැබැයි ඒක.. අවුලක් නෑ.. ඒක ඉතින් උඹේ අදහසනේ.. කෙලින්ම කිවුව එක ගැන සතුටුයි..

      Delete
    2. නෑ මචං මට හිතුනේ ,එහෙමත් හිතෙන්න පුලුවන්ද කියලා කෙනෙකුට , උඹ කිව්වා වගේ මේ කතාවේ ජීවය තියෙන්නේ එතන තමා , එත් ඒ සිතුවිල්ලට මම කැමති නෑ කියපු එකයි කිව්වේ . සමහරවිට අපි ඒක බලාපොරොත්තු වෙන්නේ නැති අවස්ථාවක් නිසා වෙන්න ඇති ..
      හැබැයි මේ කතාව සඳහා උඹ කෙල්ලගේ හිතින් දකින්න තෝරාගැනීම තුලම ලොකු අභියෝගයක් බාරගෙන තියෙන්නේ ,උඹ ඒ අභියෝගය සාර්ථකව ජයගෙන තියෙනවා

      Delete
    3. කියන්න අමතක වුනා කතාවට පින්තූරේ නම් 200% කම ගැලපෙනවා ..

      Delete
    4. ඇත්ත ඒක අපි කවුරුත් අකමැති දෙයක් තමයි.. නමුත් මම හිතනවා හරියට මේ කතාව කියවන කෙල්ලෙක් වුනත් මම කියන දේ අනුමත කරයි කියලා.. ( එක කෙල්ලෙක්වත් තාම මුකුත් නොකියපු එක වෙනම දෙයක්..)

      ඕකම මෙහෙම කරන්නත් තිබුනා.. කලින් මිණිමැරුම සම්බණ්ද කරලා පලිගැනීමක් හැටියට කොල්ලෙක්ගේ පැත්තෙන් ලියන්න.. හැබැයි එහෙම අසාධාරණයි.. කටුක වුනත් මේක මෙහෙම හොදයි කියලා හිතනවා..

      Delete
    5. අහ්, මේ පාර මගේ චිත්‍රකාරිට චිත්‍රයක් දෙන්න වෙලා නැති වුනා.. ඒකයි මෙහෙම දැම්මේ..

      Delete
    6. // එක කෙල්ලෙක්වත් තාම මුකුත් නොකියපු එක වෙනම දෙයක්.//
      මම කිවුවා අන්තිම පේලිය ගැන. ආ.... මං කුරුල්ලෙක්නෙ. හලි හලි.

      Delete
    7. මම ඒක ඉවානයට කියද්දී උඹලා කමෙන්ට් කරලත් නෑ.. බලපිය වෙලාවල් හොදට ඇස් ඇරලා...

      Delete
  9. හිතට දැනෙන සුපිරි කතාවක්.

    ReplyDelete
  10. හදවතට දැනුන කතාවක් මල්ලි...මරු..

    ReplyDelete
  11. Replies
    1. ඒක හැබෑව.. අපි ඉතින් ඒවා දන්නවා කියලයැ..

      Delete
    2. එතකොට කොල්ලන්ට එහෙම නැද්ද ?

      Delete
    3. ඒක දන්නෙත් ඉතින් පිරිමි තමයි කියලා තමයි කියන්න වෙන්නේ..

      Delete
    4. පිරිමින්ට එහෙම දැනෙනවද

      Delete
    5. මටත් ඕකම හිතුනා.. සමහර විට වෙන්න බැරිත් නෑ..

      Delete
  12. හිතන්න යමක් ඉතුරුකරපු , හිතට දැනුනු කතාවක්.. හුඟක් සාර්ථක නිර්මාණයක්.. නියමයි!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  13. ලොකු කතාවක් , වාක්‍ය ටිකකින් සාර්ථකව ලියලා. ලස්සනයි මල්ලි

    ReplyDelete
    Replies
    1. සිඳු අක්කව දැක්ක කල්.. තැන්කිවු අක්කෝ...

      Delete
  14. //අකමැත්තෙන් අනේක වාරයක් දූශණය වනවාට වඩා එදා කැමැත්තෙන් එක වරක් දූශණයා වුනා නම් යැයි අවසානයේ මට සිතිණි..//

    හිතට තදින්ම වැදුනේ මේ කෑල්ල. ගැහැනියෙකුට ඔය වගේ අවස්තාවක, මෙහෙම හිතෙන්ට පුලුවන් කියලා මටත් හිතෙනවා...

    දිනේශ් වගේ මෙහෙම හිතන්ට පුලුවන් අය ඉන්නේ සීමිත ප්‍රමානයක්. හරිම අපූරුයි දිනේශ්.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙන එක සාධාරණයි අක්කේ..අර වගේ තත්වයක් පහු කරනවට වැඩිය එක අවස්ථාවකට මුණ දීලා කවදහරි ඒක පුළුවන්නම් අමතක කරන එක වැඩිය ලේසියි..

      මට ඉතින් හිතෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ පොඩ්ඩි අක්කේ..

      Delete
    2. අහම්බෙන් හරි කාට හරි මෙහෙම දේවල් ලියන්න හිතෙන එකත් ලොකු දෙයක්

      Delete
  15. //අකමැත්තෙන් අනේක වාරයක් දූශණය වනවාට වඩා එදා කැමැත්තෙන් එක වරක් දූශණයා වුනා නම් යැයි අවසානයේ මට සිතිණි..//
    මේ කොටස හිතට දරුණු කම්පනයක් ඇති කලා...ඔහොම තත්වයන් ගැන හිතද්දිත් ඇඟ හිරිවටෙනවා ..එත් මේ ලෝකේ එහෙම දුක් විඳින ආත්මත් තියනවා..ලස්සනට හැමදේම ගලපලා ලියපු සාර්ථක ලිවිල්ලක්..මේක කියවන කෙනාට ඔයා ලියපු දේ, ලෝකෙට කියන්න උත්සාහ කරපු දේ, දරුණුවටම දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. මම හිතනේ ඔය ලෝක යුද්ධේ තිබුන වගේ කාල වලනම් මෙහෙම දේවල් ඕන තරම් සිද්ද වුනා.. ඒ නම් පලි ගැනීමේ චේතනාවෙන්මයි.. එතකොට නම් හරි නීතියක් නැති හන්දවත් කියලා හිත හදා ගන්න තිබ්බා.. ඒත් දැනුත් තැනක එහෙම දෙයක් වෙනවනම් ඒක ලොකු වැරැද්දක්..

      Delete
  16. ඊයෙ කමෙන්ට් එකක් දාල ගියා. ඒක ගූගලය ගිලල වෙන්ටැ. :(

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. හිටු ආය කොටල යන්නම්.

      අති භයංකර කතාවක් අෆ්ෆා. අර මදාර නංගි උඩ කමෙන්ට් එකක කියපු කතාවත් සහතික ඇත්ත. හැබැයි කතාවට පිටින් බලලා කවුරු මොනවා කිවුවත්, මේ අකුරු එක්ක ඒකාත්මික වෙලා කියවාගෙන ගිහින් අවසානයට එනකොට මට අර අන්තිම පේලියෙන් කියපු දේ ඇත්ත කියල හිතුන.

      Delete
    2. භංකාරයි තමයි ඉතින්.. මමත් පෞද්ගලිකව ප්‍රාර්ථනා කරන්නේ එහෙම දේවල් නොවෙන්න කියලා.. ඒත් ඉතින් සමාජයේ තාම අඳුරු තැන් තියෙනවනේ..

      මට පේන්නේ ගූගලයා කුප්ප වැඩක් කරලා වගේ මට.. ස්පෑම් වෙලාවත් තිබ්බේ නෑ බං..

      Delete
    3. ගූගලයා පහුගිය ටිකේ මගෙත් කමෙන්ට් ගිල්ලා. ඒකනේ කෙලින්ම ඌට බැන්නේ... :P

      Delete
    4. හෙහ් හෙහ්,, ඕකා ඔහොමමයි බං..

      Delete
  17. කෙල්ල දැන් හිරේද ඉන්නේ?එහෙම බැලුවාම අපේ හිර ගෙවල්,උන්ගේ හිර ගෙවල් කියලා වෙනසක් නැහැ නේද බං?මැරී මැරී උපදිනවා ඇති එකී.අනේ මන්දා පුදුම ලෝකයක් බං මේක.

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින් පොලිස් කාරයා දැක්කේ කෙල්ල අරූව මරණ එකනේ.. ඉතින් කෙල්ල හිරේ..

      Delete
    2. එහෙම හිතද්දී කොයි රටේ නීතියෙත් අඩුපාඩු

      Delete
    3. දුර්වල තැන් වලින් රිංගලා යන්න දක්ශයෝ කොහෙත් ඉන්නවනේ..

      Delete
    4. දක්ශයන්ට වඩා කපටියෝ

      Delete
  18. සාමාන්‍ය සිර දඩුවමක් ඇති බරපතල දඩුවම් ඇති සිරකාරියක්.. උඹ භාෂාව හැසිරවීම ඉතා අනර්ගයි. ඊටත් වඩා මාත් මේ වෙනකං තාම එක්ස්පෙරිමන්ට් විදියට කරන, කාන්තාවකේ ඇහින් දැකීම උඹ සාර්ථකව දැකල තියෙනවා..ජය වේවා දිනේෂ්..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි.. අන්තිමේ හැබැයි විඳින්නේ නීතියෙන් ලැබුන දඬුවම නෙමෙයි.. අන්න ඒකයි ප්‍රශ්ණේ..

      මොන එක්ස්පරිමන්ට්ද?? මට මතකයි වතාවක් ලියලා තිබුන වගේ හොද කතාවක්..

      Delete
  19. චැහ්! මේ ඉන්දියන් බන්ධනාගාරක් වෙන්නැති. ඒ නැතත් ලෝකයේ අනන්තවත් අහු මුලු ඇති මෙවැනි පිසාචයන්ට නිජබිම් වෙච්ච. කතාව පුරාම හිත තුල කැකෑරෙන වෛරයක් පිළිකුලක් තිබුන දිනේෂ්. ඒ උඹේ හැකියාව. උපරිමයි මචෝ.. ආයෙත් මං කැමතිම උඹේ සුපුරුදු ශෛලිය.

    ReplyDelete
    Replies
    1. ඇයි, අරාබිකරය මේකට හොදම උදාහරණයක් කියලා ගන්න පුළුවන්නේ.. අන්න එහෙනම් මේක හොදට වෙන්න පුළුවන් තැනක්.. මට ඕන වුනෙත් ඔන්න ඔය කියපු වෛරය පිළිකුල දනවන්න තමයි..

      බොහෝ දුරට මේ ශෛලිය කියවන්න වෙන අවසන් වතාවද මෙය විය හැක..

      Delete
    2. මොකක්? අහගන්නෙපා මොකුත්!

      Delete
    3. හ්ම්ම්.. බොහෝවිට සාහිත්‍ය මාසයෙන් පස්සේ මට සමුගන්න වේවිද දන්නේ නෑ...

      Delete
    4. ඒ මොකෑ ඒ.. මොකද්ද සාහිත්‍ය මාසෙත් එක්ක තියෙන සම්බන්ධෙ?

      Delete
    5. මේ මාසෙත් ඉදලම යන්න කියලා බැළුවේ.. ලියපු කතාව දාලා ඉවර කරලම..

      Delete
    6. මොකද්ද බං කියන්නෙ. පිස්සු කෙලින්නැතිව හිටහංකො.

      Delete
    7. තාම අදහසක් පමණි

      Delete
    8. උඹට පිස්සු හැදීගෙන එනවද

      Delete
    9. හෙහ්, හැදිලනම් හැබැයි දැන් හුඟක් කල් කියලයි මම හිතාගෙන හිටියේ..

      Delete
  20. හිතේ තියන දේ කියාගන්න අමාරුයි... පට්ටයි..!!!!!

    ReplyDelete
    Replies
    1. හුඟක් දේවල් දැනෙන්න පුලුවන් කියලා දන්නවා.. ඒ හන්දා ඒක අවුලක් නෙමෙයි..

      Delete
  21. ඇත්තටම මේ අත්දැකීම් තියන කවුරුහරි හරි හම්බ වෙලාවත් තියනවද ඔයාට? මෙච්චර තාත්ත්විකව කොහොම ලියනවද මන්දා :)

    ReplyDelete
    Replies
    1. නෑ ලොකු.. එහෙම හම්බුනානම් ඉතින් මම කියනවනේ අන්තිමට ඒ ගැනත්.. මේක මේ නිකන් අහම්බෙන් වගේ ආව අදහසක් විතරයි..

      Delete
  22. කථාවෙ තේමාව සහ ලියවිලා තියෙන විදිය නියමයි මලයො...ඉතාම රසවින්දා...ජේසන්ට මොකද දන්නෙ නෑ උනේ....

    ReplyDelete
    Replies
    1. නීතිය පැත්තට සාක්ෂි වැඩියෙන් තියෙද්දී ජේසන්ට උනත් කරන්න දෙයක් නැහැනේ.. මම හිතන්නේ නෑ ඔහු බලා ඉදීවි කියලවත්.. ආදරේ ඒ තරම්ම ශක්තිමත් නැතිනම්.. අනික බලා හිටියා වුනත් ඊට පස්සෙත් ප්‍රශ්ණ කන්දරාවක්ම තියෙනවනේ..

      Delete
    2. ඇත්තට ආදරේ කරපු කෙනෙක් උනත් ඉතින් අන්තිමේ ඉතුරු වෙන දෙයක් නෑ

      Delete
    3. ඒ තීරණේ තියෙන්නේ කෙල්ල අතේ.. කොල්ලා බලන් හිටියා උනත්.. මම හිතන විදිහට..

      Delete
  23. අය්යගේ ලියවිල්ල නම් නියමයි.ඉස්තරම් ..හිතට මාර විදියට දැනෙන්න ලියල ..අන්තිමට ලිව්ව වචන පෙළ ගැන ගොඩක් අය අදහස් දක්වල තියනවනෙ.මට හිතෙන්නේ ඒවගේ තත්වෙක ඉන්න කෙනෙක් දුෂණය කියන වචනේ අහන්නවත් හිතින් වත්ඒ වගේ අමිහිරි අත්දැකීම් මතක් කරන්න කැමති වෙන්නෙ නැතිවෙයි.මොකද එකපාරක් හරි දුෂණය උනත් ඒකත් ජීවිතකාලේටම හිතින් විඳවනවනේ .ඔය වගේ අවස්ථාවක....ආයේ ලඟට එන එකාවත් මරල තමනුත් සියදිවිනසාගන්න අනේක වාරයක් හිතෙනවා ඇති .මොකද ජීවිතකාලේටම හිතින් කයින් විඳව විඳව ජීවත්වෙනවට වඩා මැරෙන එක සැපක් නිසා...........

    ReplyDelete
    Replies
    1. // ආයේ ලඟට එන එකාවත් මරල තමනුත් සියදිවිනසාගන්න අනේක වාරයක් හිතෙනවා ඇති //

      ඒක ඇත්ත.. ඒත් මෙතනදි ඒකටත් ඉඩක් නැහැනේ.. ඉතින් ඒ වෙලාවට ජීවිතේ එපා වීම දැනෙනවා වැඩියි.. කොහොමත් දවසක මෙතනින් මිදුනත් ඒ කෙනා ලබා ගන්නේ ඒ වගේ ඉරණමක්ම තමයි.. ඒකයි ඉතින් වෙන්නේ..

      Delete
    2. කොහොමත් මැරෙන එක සැපයි කියලා හිතෙයි

      Delete
    3. හැබැයි ඉතින් මෙච්චර දේකට මුණ දීලත් ජීවිතේ ඉතුරු උන කියන්නේ යකඩ ගැහැණියෙක් එතනින් එළියට එනවා කියන එක.. එහෙම කෙනෙක් මැරෙන්න තීරණය කරයිද කියලත් හිතෙනවා වෙලාවකට..

      Delete
  24. හිතට දැනෙන කථාවක්, හැමදාම වගේ හරිම අපූරුයි මල්ලිගෙ ලිවිල්ල.!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු අක්කේ..

      Delete
  25. බෙහෙවින්ම නිර්මාණාත්මකයි. කුතුහලය ත්‍රාසය දැනේන ලියල තියෙනවා.
    ගොඩක් දවසකට පස්සෙ අද විවේකයක් ලැබුණා බ්ලොග් කියවන්න ඒ ආවගමන් තමයි මේ


    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම් රත්නායක අයියව දැක්කේ හුඟක් කාලෙකින්..

      තැන්කිවු තැන්කිවු අයියේ..

      Delete
  26. I Spit On Your Grave 2 මතක් වුනා උඹේ කතාව බලලා. උඹ ඒක බලලා තියෙනවද?

    I Spit On Your Grave 1 මම බැලුවේ ඊට පස්සෙ. ඒ ‍ෆිල්ම් සමහර රටවල පෙන්නන්න තහනම් කරලා තියෙන්නෙත් මම හිතන්නේ දෙන පණිවිඩය සැර වැඩි නිසා. හරියට මේ කතාවෙන් උඹ දෙන පණිවිඩය වගේ

    ReplyDelete
    Replies
    1. බලලානම් නෑ අයියේ.. හොයාගෙන බැළුවොත් හොදයි කියලා හිතෙනවා..

      ඇත්ත හුඟක් වෙලාවට වෙන්නේ මිනිස්සු පිළිගන්න අකමැති පණිවිඩ එයාලා අතරට එද්දී ඒක ප්‍රතික්ෂේප වෙන එක හරි වාරණය වෙන එක හරි තමයි...

      Delete
  27. නියම කතාව. බොහොම ආසාවෙන් රස වින්දේ. ඒ වගේමයි කමෙන්ට් වල කතාබහ වුන දේවලුත්.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.. ගොඩක් කතාවල අඩුපාඩු පිරවෙන්නේ කමෙන්ට් වලින් තමයි ඉතින්..

      Delete
  28. Lassana kathawak aiyee.. wenath paththakin hithala.. subha pathanawa oyata..

    ReplyDelete
  29. '' අකමැත්තෙන් අනේක වාරයක් දූශණය වනවාට වඩා එදා කැමැත්තෙන් එක වරක් දූශණයා වුනා නම් යැයි අවසානයේ මට සිතිණි..''

    මට හිතෙන්නෙ මේ ටික ගැන තමා මුළු කතාවෙම තියෙන්නෙ.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්