Thursday, 7 August 2014

ආදර හමුව



සඳ කුමරි 3

කලින් කොටස් 1



ඊලගට මුළු දවසෙම හිරු කුමාරයා කල්පනා කලා. ඒ කොහොමද සඳවතිය ඉදිරියට යන්නෙ කියලා.

සුර්ය්‍ය රජුයි සඳ රැජිණයි ගොඩක් තරහයි. 

ඉතින් එයාලගේ රාජධානි තිබුනේ වෙන වෙනම වෙන් කරලා. 

එක රාජධානියක කෙනෙක්ට අනෙක් රාජධානියට යන්න තහනම්. 

බැරි වෙලාවත් එහෙම ගිහින් අහුවුනොත් හිතාගන්න බැරි දඬුවම් දෙන එක තමයි සිරිත වෙලා තිබුනේ. හරියට මුළු ජිවිත කාලේම සිරගත කරන්න, එහෙමත් නැත්තන් කඩා හැලෙන වල්ගා තරුවකට ගැට ගහලා මනුස්ස ලොකේට යවන්න වගේ ගොඩක් දරුණු දඬුවම් තමයි තිබුනේ. 

ඉතින් කුමාරයා කල්පනා කළා උපායක්. 





කුමාරයා අන්තිමට තිරණය කළා කොහොම හරි සඳවතියගේ කුළුණට යන්න. 

උදැසන කියන්නෙ සූර්ය රජුට අයිති කාලය නිසා සඳ රැජිණගේ රාජධානියේ හැමොම විවේක ගන්න වේලාව. ඉතින් කුමාරයා තිරණය කලා උදැසනින්ම ගිහින් සුර්ය්‍ය මායිමට එහා සඳ රැජිනගේ රාජධානියේ තියේන කැළැවට ගිහින් හැංගිලා ඉන්න හවස් වෙනකන්ම. හවසට සඳ රැජිණගේ මුළු රාජ්‍යම රෑ කාලය වෙනුවෙන් සැරසෙද්දි රහසේම ගිහින් සඳවතියව මුණගැහෙන්න. 

කලින් වගේම කුමාරයා සඳවතියට මේ ගැන හීයක් විදලා දැන්නුවා.

කුමාරිටත් හරිම සතුටුයි. ඒ නිසා කුමාරියි ගිනි කුරුල්ලයිත් හරි හරියට ලැස්ති වුණා. ලස්සන ඇඳුම් එහෙම ඇදලා. කවුද මේ වීරයා කියලා බලාගන්න. 





* * *



කුමාරයා උදේම එයාගේ මාළිගාවෙන් එළියට යන්න තීරණය කලා.. හැබැයි ඒ වෙනදා විදිහට නම් නෙමෙයි.. එයා එයාගේ රාජකීය යුධ ඇදුම ඇන්දේ නෑ.. ඒ වෙනුවට ඇන්දේ සාමාන්‍ය ඇදුමක්.. එයාගේ අශ්වයත් එහෙමයි.. යුධ ආම්පන්න කිසිම දෙයක් අශ්වයටත් දැම්මේ නෑ..



කුමාරයට කොහොම හරි කාටත් හොරෙන් එයාගේ මාළිගාවෙන් එළියට එන්න පුළුවන් උනා.. සූර්ය රාජධානියේ ආරක්ෂකයන්ට හොරෙන් එයා කොහොම හරි රාජධානියේ මායිමට ආවා.. තාමත් උදේ හන්දා සඳ රැජිනගේ රාජධානියේ කවුරුවත්ම පේන්න හිටියේ නෑ.. ඒ හන්දම කුමාරයා කාටත් හොරෙන් සඳ රැජිනගේ රාජධානියට ඇතුල් වුනා..



සඳ රැජිනගේ රාජධානිය සුර්ය රාජධානිය වගේ නෙමෙයි.. ඊට වඩා හුඟක් ලස්සනයි.. තාමත් පිලිලා නැති මල් වලින් රාජධානිය ලග තිබුන වළාකුළු වනාන්තරේ පිරිලා තිබුනා.. රාත්‍රිය උදාවෙද්දී රාජධානිය තව කොච්චර ලස්සනට පෙනේවිද කියලා කුමාරයා තනියම කල්පනා කලා..



වළාකුළු වනාන්තරේ මැද කාටත් නොපෙනෙන තැනක තිබුන ගහක කුමාරයා එයාගේ අශ්වයව ගැට ගැහුවා.. ඒ කාට හරි අශ්වයා ඉන්නවා කියලා දැනෙයි කියලා තිබුන බයට.. එහෙම කරලා කුමාරයා තනියම තව ටිකක් ඉස්සරහට ගියා.. සූර්ය රාජධානියේ ඉදන් ගලාගෙන ආව ගංඟාව සඳ රැජිනගේ මාළිගාව දිහාවටම ගිහින් තිබුනා.. කුමාරයා ටික දුරක් ඇවිත් අපේ කුමාරිකාව ඉන්න කුළුණ තියෙන හරියේ තැනක නැවතුනා.. නැවතිලා රාත්‍රිය එනකන් බලාගෙන හිටියා..



***



අපේ කුමාරිත් හිට්යේ හිතේ කියාගන්න බැරි තරම් සතුටකින්.. එයා කලේ දවසම එයාගේ කාමරේට වෙලා ගිණි කුරුල්ලත් එක්ක සිංදු කිය කිය නටපු එක.. අහ්, ඒ අතරේ කුමාරි එයාට අදින්න හොද ලස්සන ඇදුමකුත් තේරුවා.. ලස්සන මල් පෙති වලින් හැඩ කරපු ගවුම් ගොඩක් අතරෙන් කුමාරිගේ හිතට හරියන ගවුමක් හොයාගන්න එයාට හුඟක් වෙලා ගියා..




" කියන්න යාළු, එයා මේකට කැමති වෙයිද?" කුමාරි හැම එකක්ම ඇදලා බලද්දී ගිණි කුරුල්ලගෙන් ඇහුවා.. කුමාරි හිටියේ කවදාවත් නැති තරම් සතුටකින්.. ඒත් ඒ අතරෙම වගේ එයාගේ හිතේ බයකුත් නොතිබුනාම නෙමෙයි..



ඒ, මේ නාදුනන කුමාරයා කොයි වගේ කෙනෙක් වෙයිද කියලා.. පුංචි කාලේ අහලා තිබුන කතාවල වගේ නපුරු පෙනුම තියෙන කෙනෙක්ද කියලා හිතුනම අපේ කුමාරිගේ හිතට ලොකු බයක් දැනුනා.. ඒ එක්කම වගේ එයාගේ කාමරේට ඇවිත් බිත්තියේ වැදුනේ හීයක්.. ඒ පණිවිඩයකුත් එක්ක..



" මඟ බලන් ඉන්නවා මම

නැගෙන තුරු මගේ සඳ

මට අයිති අහස් ගැබට.."



කුමාරිගේ හිත සංතෝසෙන් පිරිලා ගියා.. එයා ඉක්මනට කවුළුව දිහාට දිවුවා.. වනාන්තරේ තිබුන ලොකු ගස් හන්දා එයාට කාවවත් පෙනුනේ නෑ.. රාත්‍රිය උදාවෙන්නත් ඉතුරු වෙලා තිබුනේ තව ටික වෙලාවයි.. ඒ හන්දා අපේ කුමාරිට තව ටිකක් වෙලා බලාගෙන ඉන්න වුනා..



කුමාරි එයාගේ වෙලාව එනකන් චිත්‍රයක් අදින්න ගත්තා.. ඒත් එයාට ඒක ඉවර කරන්න පුළුවන් වුනේ නෑ.. හඳ එළිය එයා ඇද ඇද හිටිය චිත්‍රේට වැටෙද්දී කුමාරි එයා ඇදපු චිත්‍රේ නවත්තලා දාලා ඉක්මනට නැගිට්ටා..



" දැන් වෙලාව හරි යාළු.." එයා හුඟක් සංතෝසෙන් ගිණි කුරුල්ලට කිවුවා.. කුමාරිටත් කලින් පියෑඹුවේ ගිණි කුරුල්ලා.. ඒ කුමාරිට සඳ රැජිනගේ ආරක්ෂයෝ ඉන්න තැන් මඟ අරින්න උදවු වෙන්න.. ඉතින් කොහොම හරි අපේ කුමාරිත් කුළුණ ලග ඉන්න ආරක්ෂකයන්ගෙන් බේරිලා වළාකුළු වනාන්තරේ දිහාට දුවගෙන ආවා.. 




කුමාරි කැලේට එද්දී රාත්‍රිය උදා වෙලා තිබුනා.. කුමාරි එද්දීම වගේ පෙති ඇහැරුණ මල් ලස්සනට පිපෙන්න පටන් ගත්තා.. ඒත් කුමාරිට අද ඒ ගැන උනන්දුවක් තිබුනේ නෑ.. එයා හෙවුවේ කුමාරයාව.. ටික වෙලාවක් යනකන් කුමාරව හොයාගන්න බැරි උනා..

ඉතින් අපේ කුමාරිට දුක හිතුනා.. කුමාරයා නෑවිදින්  එයාට බොරුවට පණිවිඩ එවුවා කියලා හිතාගෙන.. ඒ එක්කම වගේ සඳ කුමාරිගේ හිතට ලොකු බයකුත් ආවා.. ඒ සඳ රැජිනගේ ආරක්ෂකයන්ට කුමාරයා අහු උනාවත්ද කියලා..



" කියන්න යාළු, එයා පේන්න ඉන්නවද?" ටිකක් දුර පියාඹලා ආව ගිණි කුරුල්ලගෙන් කුමාරි ටිකක් දුකින් වගේ ඇහුවා.. කුරුල්ලට උත්තරයක් දෙන්න හම්බුනේ නෑ.. ඒ එක්කම වගේ ඒ දෙන්නටම ඇහුනේ කටහඬක්..



" වළාකුළු අස්සේ හැංඟිලා මොකද

කවදාවත් නැතුව හද

මගේ සඳ කුමාරිට

පරදින්න බය හිතිලද.."



කුමාරි ඒ කටහඬ දිගේ පිටිපස්ස හැරිලා බැළුවා.. එයාගේ හිතේ තිබුන බය අමතක වෙලා ගිය තරම්.. එයා ඉස්සරහා හිටගෙන හිටියේ ලස්සන කුමාරයෙක්.. ලස්සන දුඹුරු පාට ඇස් වලින් කුමාරයා කුමාරි දිහාම බලාගෙන හිටියා.. හුඟක් වෙලා..



" ඇයි කතා නැත්තේ?" කුමාරියා කුමාරිගෙන් ඇහුවා.. කුමාරිට ටිකක් ලැජ්ජත් හිතුනා.. එයා හෙමීට බිම බලාගත්තා..




" අකමැති මම

හැංගෙනවට හඳ

කළු වලාවක

රහසෙම..



ආසයි මම

බලන් ඉන්න

නෙතු පියන් හැරම

නුඹ දෙසම.."



කුමාරයයි කුමාරියි හුඟක් වෙලා කතා කර කර හිටියා.. එයාලට වෙලාව යනවා කියලා දැනුනෙවත් නැහැ.. ඈතින් සුර්ය රජුගේ රාජධානිය දිහාවින් ඉර යාන්තමට පායගෙන එන්න පටන් ගත්තා.. ඒ කියන්නේ කුමාරයට යන්න වෙලාව හරි..



කුමාරිගේ හිතේ පුංචි චකිතයක් තිබුනා.. ඒ ආයේ එයට කුමාරයාව දකින්න පුළුවන්ද කියලා.. කුමාරිගේ ඇස් දිහාම බලාගෙන හිටිය කුමාරයට ඒක තේරුම් ගන්න ඒ හැටි අමාරුවක් වුනේ නෑ..



" මේ අහස ඈත කෙලවරක

මං බලන් ඉන්නවා නුඹ ලගම

පායමු අපි රහසේම තැනක

හරි ආදරෙන් හෙටත් ආයෙම.."





***



කුමාරයට ආයෙම යන්න හිතක් තිබුනේ නෑ.. එයා යන ගමනුත් කල්පනා කලේ කුමාරි ගැන.. ඈතට වෙලා කුමාරි හුඟක් වෙලා එයා දිහා බලාගෙනම ඉන්නවා කුමාරයා දැක්කා.. ඒත් ඉර පායන්න කලින් කුමාරයට ආරක්ශකයන්ගෙන් බේරිලා මාලිගාවට යන්න තිබුන හන්දා අකමැත්තෙන් වුනත් එයාගේ අස්සයා ලගට ගිහින් වළාකුළු වනන්තරෙන් එහාට යන්න ගියා..



ඉතින් ඊට පස්සේ මොනවා වෙන්න ඇත්ද?
ඒ ගැන ඊලග කොටසින් කියන්නම්..

64 comments:

  1. එක හුස්මෙට කියවගෙන ගියා... ලියලා තියෙන විදිහ නියමයි...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  2. හප්පේ පට්ට...
    ලෙසටම ගලායන ආදර අන්දරයක්...
    හිහි...

    ReplyDelete
    Replies
    1. එහෙමද හිතෙන්නේ.. මේක තාම පටන් ගත්ත විතරයි.. බලමුකෝ බලමුකෝ..

      Delete
  3. හප්පේ වෙන උන් "සඳ එළියෙ වැටට උඩින් පැනලා යමු සුදෝ…" කිව්වට මේ ජෝඩුවට ඒක කරන්නත් බැහැ නොවැ. :)

    කතාව යන පැත්ත හිතා ගන්න බෑ. පට්ටයි.

    ReplyDelete
    Replies
    1. හෙහ්, උඹටත් හිතෙන දේවල්.. මේ ජෝඩුව ඉතින් කොහාට කියලා පැනලා යන්නද..

      බලමුකෝ බලමුකෝ.. කොයි පැත්තට යාවිද කියලා..

      Delete
  4. අනේ අනේ අනේ ඊගාව කොටසයි ඉතුරු ඔක්කොමයි ලියල දාන්නකෝ ඉක්මනට. මොකද්ද අෆ්ෆා කොටස් කඩන්නේ...
    මේක පට්ට ලස්සනයි නිකම් හීනයක් වගේ....

    //කඩා හැලෙන වල්ගා තරුවකට ගැට ගහලා මනුස්ස ලොකේට යවන්න//
    //වළාකුළු වනාන්තරේ//
    //ලස්සන මල් පෙති වලින් හැඩ කරපු ගවුම් ගොඩක්//

    උඹ නම් අපූරු හීන දකින්නෙක් ඉඳිකට්ටෝ!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙම ලියන්නනම් පොඩි පගාවක් ඕන.. එහෙම නැතුව බෑ.. නිකන් කම්මැලි කම්මැලි වගේ..

      ඔය වල්ගා තරු අදහස මගේ නෙමෙයි සිහිනයගේ.. ;-)

      Delete
  5. මට මුල් කොටස් දෙක මිස් උනා... ඒ දෙකත්තෙක්ක කියවලා එන්නම් කමෙන්ට් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්, මම ඒත් බැළුවා හැමදාම එන මනුස්සයා මොකද ඒ ටිකේ නැත්තේ කියලා...

      Delete
  6. අනේ අප්පේ මම මේ කල්පනා කරේ උබත් යකෝ මාර කපල් නේ ජෝඩු කරන්න යන්නේ..... මුන් දෙන්න කසාද බැන්දත් ඔය මහා එවුන් එක්ක මුන්ට පවුල් කන්න පුළුවන් වෙයිද බන්

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒවා ඉතින් එහෙම තමයි බං.. කවුරු කොහොම කසාද බැන්ඳත් කොහෙන් හරි කචල් එකක් වැටෙනවනේ.. මේකත් ඉතින් එහෙම නොවී තියෙන්න විදිහක් නෑනේ.. අපි බලමු..

      Delete
  7. පොඩි කාලෙ කියෙව්වාම පස්සෙ මේ සුරංගනා කතා ඉට්ටැයිල් එකට යන කතාවක් කියෙව්වමයි ඈ.. පට්ට..කොටස් කඩනකොට තමා මළ පනින්නෙ ඈ.. :D

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් එහෙම තමයි බං.. හා හා දැන් එහෙනම් ආයෙම සෙට් වෙලා පොඩි සීරිස් එකක් කියවමු..

      කොටස් නොකඩ බෑ බං..

      Delete
  8. දැන්නම් සුරංගනා කතා වැහි වැහැල වර්ණ වල. මේක සුරංගනා ලෝකෙක පාවෙනව වගෙයි මේ දවස් වල.

    සුපිරි මචෝ....

    ReplyDelete
    Replies
    1. හෙහ් අන්න හරි.. මේ දවස් වල සුරංගනා ලෝකෙක අතරමං වෙලා වගේ ඉන්නේ.. ඒකයි මේ එහෙන් මෙහෙන් එක එක ඒවා ලියවෙන්නේ..

      Delete
  9. ෂෝයි.... ශෝයිය්ම ෂෝයි අයියා,,,, :D මං ආස සුලන්ගනා කතා ටයිප් එක,,, සිහිනයගේ වල්ගාතරු අදහස ගොඩක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි අර රන් වෙළඹට දාපු කමෙන්ට් එකෙත් ඔක කියලා තිබ්බා.. අපි ඉතින් කොච්චර වයසට ගියත් සුරංගනා කතා වලට කැමතියිනේ බං..

      සිහිනයා කම්මැලිකමට හිටියට හොද අදහස් තියෙනවා.. කොහේද ඕන කමක් නැහැනේ..

      Delete
  10. ඊළඟ කොටස ඉක්මනට ඕනේ....එලස්...
    මං හිතුවා මේ ඩබල අදත් හම්බවෙන පාටක් නෑ කියලා ...
    වෙලාවට හම්බ උනේ නැත්තං ඉඳිකට්ටා සුං ... හිකිස්.....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙම කරලා මේක ඉතින් බොරුවට තව අදින්න ඕන නෑනේ බං.. තව කෑලි දෙක තුනකින් මේක ඉවර කරන්නත් ඕන..

      අම්මපා උඹත් අල්ලගත්තද ඒ ගමන ඒක.. අර කිඹුලියාව මම.. -_-

      Delete
    2. ඇයි ඇයි කිඹුලිව මොනා කරන්නද ඩෝ

      Delete
    3. හොද සපත්තු දෙකකට හම අර ගන්න.. ඇයි අවුල්ද?

      Delete
  11. අඩේ ඒ හිරු කුමරා මම නම්...:)

    ReplyDelete
    Replies
    1. ඕක ඉවානයට ඇහෙන්න එහෙම කියන්න එපා.. මම නෑ වලි බේරන්න..

      Delete
    2. යකෝ හරි කෙලියක්නේ ඌට විතරද කුමාරය වෙන්න පුළුවන්.අපි ඉන්න ඕනේ හැමදාම ගස් ගල් වලටද එතකොට...:D ?

      Delete
    3. ඒකා හාද්දක් හොයන් යන එකෙක්.. ඒ හන්දා පොඩ්ඩක් චෑන්ස් එකක් දීලා ඔය ගහක් මලක් වෙයන් බං දැනට..

      Delete
    4. ඉවානයා වරේ මෙන්න මනෝ හිරැ කුමාරයට අදින්න හදනෝ.

      Delete
    5. ඌ කාගෙන් හරි තොත්තු ගන්න ගිහින් ගුට් කාලද කොහේද පේන්න නෑ මේ ටිකේ...

      Delete
    6. ඔන්න ඕකනේ බං බැරි සංජිවයෝ.අපි කුමාරයාට අඳින එකට උඹලත් අකැමතිද ඉතිං ...:(?

      Delete
    7. ඉවසපං කොල්ලෝ..

      Delete
    8. කවුද ඩො කුමාර පට්ටමට කෙලින්න හදන්නේ , මේ දවස්වල පොඩ්ඩක් බිසී ,මනොජ්යාට ඕනේ නම් ටික දවසකට ගනින් ,හැබැයි මම ආවම ආපහු ඕනේ . නැත්තම් ඉතින් ....දන්නවනේ .....

      Delete
    9. අම්මට සිරි උඹෑ කුමාර පට්ටම රෙන්ට් එකටත් දෙනවද දැන්??

      Delete
  12. දෙවැනි කොටස මග හැරිලා එක කියවලා එන්නම්

    ReplyDelete
    Replies
    1. එල එල.. හෙමීට කියවන් වරෙන්..

      Delete
  13. සුරංගනාවක් හිමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී..............

    හැක් හැක් ...

    නියමයි.. වර්ණ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මේ සුරංගනාවක් නෙමෙයි, කුමාරියක්..

      කවුරු උනත් මොකෝ හදේ ලැගුම් ගන්නවනම්.. හා නැද්ද??

      Delete
  14. ඔක්කොම කොටස් ටික දැන් කියෙවුවෙ.. හරි අපුරුයි මල්ලි..

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු අක්කෝ.. තව දෙක තුනකින් ඉවර කරන්නයි හිතාගෙන ඉන්නේ..

      Delete
  15. කුමාරයගෙ දෙබස් ටික බොලා ලියලා...කුමාරියගෙ දෙබස් ටික බොලාගෙ ප්‍රියාවිය ලිව්වොත් නාකද...

    //කඩා හැලෙන වල්ගා තරුවකට ගැට ගහලා මනුස්ස ලොකේට යවන්න // මනුස්ස ලෝකය වෙනුවට අපායට යවන්න බැරිද දන්නෙ නෑ මේකෙ ගැටගහලා අපේ දේශපාලුවො සැට් එක

    ReplyDelete
    Replies
    1. // කුමාරයගෙ දෙබස් ටික බොලා ලියලා...කුමාරියගෙ දෙබස් ටික බොලාගෙ ප්‍රියාවිය ලිව්වොත් නාකද...//

      ගොඩක් ඒවා ඉතින් එහෙම තමයිලු වෙන්නේ..

      අපේ බුවාලද... මොකක් හරි කුප්ප වැඩක් කරල රූට් එක මාරු කර ගනියි.. ආයේ මොනවද ඉතින්...

      Delete
  16. මේ ටික එකතු කරලා සුරංගනා කතා පොතක් ලිව්වොත් මොකද වෙන්නේ මලයෝ?

    ReplyDelete
    Replies
    1. පොත් ගැන හීනනම් ගොඩක් තියෙනවා ලොකු.. ඒත් හැමදේම කර ගන්න විදිහක් නැතුවනේ මේ ඉන්නේ.. ලංකාවේ හිටියනම් කියලා හිතෙන්නේ මෙහෙම වෙලාව තමයි.. :/

      Delete
  17. ඒ මරු කතාව ඩෝ ....නියමෙට ලියලා....ඉඳිකට්ටා දක්ෂයනේ ඉතිම්

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ බටර් පාර.. හා හා තැන්කිවු ඈ... ^_^

      Delete
  18. උඹට රහට ලියන්න හැකියි..ආයෙමත් පුංචි කාලේට ගියා වගේ දැනෙනවා..මාර ලස්සනයි...:)
    මේ මං මෙන්න මෙහෙම උපකල්පනයක් කරගන්නවා කතාව රොමෑන්ටික් හින්ඳා හරිද? ඒ මේ චරිත දෙක උඹල දෙන්න කියලා හිතාගෙන..හී හී...මම හිතන්නේ ඔය චරිත මවන්න උදව් වුණ ගතිලක්ෂණ එහෙම ගත්තපුව කියලා..වැරදිද දන්නේ නෑ..ඒවුණාට එහෙම හිතුවට තැන්කූ කියහන් හොඳේ..:D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ උඹ වැරදී නෑ.. ගොඩක් ඒවා ඉතින් එහෙම ඒවා තමයි.. අනික ලවු කරන්න කලින් කාලේ ( ලයින් දානකොට ) මම එයාට කතාකලේ සඳවතී කියලා තමයි කොමත්..

      ඔන්න කියපු හන්දම තැන්කිවු හොදේ..

      Delete
  19. දිනේෂ් ලියන විඳිය අමුතු වෙලා.ඒ වෙනස හරිම ලස්සනයි..........

    ReplyDelete
    Replies
    1. හෑ, මොකද්ද අෆ්ෆේ ඒ අමුත්ත.. වෙනද ඔළුවට එන විකාරම තමයි ඉතින් මේ..

      Delete
  20. මචං, මට කියන්න වදන් නෑ එල ද බ්‍රා.
    මම එතන හිටියා වගේ දැනුනා. (මචං කිව්වට සමාවෙන්න ඒත් මට ඒ වචෙන මකන්න හිතුනේ නෑ)

    ReplyDelete
    Replies
    1. // මචං කිව්වට සමාවෙන්න//

      අර අහවල් එහෙකටද?? අපි අතර වයස් පරතරය කොහොමද ඒක කීයද කියන එක අවංකවම මම හොයන්න යන්නේ නෑ.. මම උනත් උඹ කියලා කතා කරලා ඇති ඕන තරම්.. ඒ හන්දා ආමන්ත්‍රණය ගැන එච්චර හිතන්න යන්න එපා.. අපි හැමෝම මේවයේ එල්ලිලා ඉන්නේ හිතේ සතුටට මිසක් වෙන මොනාටවත් නෙමෙයිනේ...

      Delete
  21. හරිම ලස්සනයි, අපිත් අර සුරංගනා කතා අහපු කාලෙට ගෙනියනවා ඔයා. කොච්චර වයසට ගියත් හැම කෙනෙක් තුලම පුංචි දරුවෙක් ඉන්නවා කියලා කියන්නෙ ඒකයි නෙ දිනේශ්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අක්කේ.. අපි තාම පොඩි කාලෙට ආසයි.. අපි ඒ කාලෙම ජීවත් වෙන්න ආසයි.. මාත් ඉතින් තාම පොඩි එකා නෙව ඉතින්.. ^_^

      Delete
  22. කොටස් වශයෙන් කථා ලිවවම ඊලග කොටලා දානකන් ඉවසිල්ලක් නෑ :)

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒක එහම තමා ඉතින්.. එක කොටසෙන් කොහොම ඉවර කරන්නද මේවා..

      Delete
  23. සුරංගනා කතාවක් වගේ එනමුදු සුරංගනා කතාවක්නම් නොවේ.......
    සුරංගනාවක් සැතපෙනවානම් ඇය සැතපිය යුත්තේ ඉවාන් ළඟ මිස මනෝජයා ළඟ නම් නොවේ ;)

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ ගාව සැතපුනාම මදුරුවෝ කන්නේ නැතිද ?
      අනේ පලයන් බං යන්න.:D හිටුකෝ කරන්න උඹට වැඩේ...:D

      Delete
    2. මගේ ළඟ සැතපුනාමද මගේ ළඟ සතපුනාම මෙන්න මෙහමයි බලාගනින්

      මගේ ලමැද සුව යහනක්
      ඔබට තනා දෙන්න කියා
      භවෙන් භවේ පෙරුම් පුරා
      බලා ඉන්නවා....
      ඒ යහනේ නුඹ සතපා
      බිඟු ගී වැල් මුමුණනවා
      සොදුරු ලොවක අප දෙදෙනා
      හෙට තනි වෙනවා......

      Delete
    3. ඉවාන්, උඹ ලග සැතෙපෙනවනම් ඉතින් ඉතුරු ටික ගැන කතා කරලා වැඩක් නෑ.. අපිට දුක කුමාරි ගැන.. හික්ස්..

      Delete
    4. මනෝජ්, දැන් උඹලා දෙන්න මරා ගනින්කෝ.. යකෝ කතාව ලියන්නේ මම.. කෙල්ල මගේ...

      Delete
    5. උඹ ගාව සැතපෙන්න තරම් පිස්සුවක් කුමාරිට නැහැ ඉවානෝ.

      ආ බං උඹ කතාව ලිව්වාම උඹ වීරයා වෙලා අපි දුෂ්ටයෝ වෙන්නද ඕනේ.ඒවා හරි යන්නේ නැහැ.කතාව උඹේ වුණත් කෙල්ල අපිටත් අයිතියි....

      Delete
    6. අම්මට සිරි.. ඔය ඉතින් දැන් මරා ගන්න තමයි කල්පනාව..

      Delete
  24. හැමදාම බොහොම ආදරණීය සිතුවිලි අබුරු වට රසට ගලපලා ලියන ප්‍රේමනිය අදහස්නෙ මලය ලියන්නේ. ඉතිං මේව රසවත් නොවී තියෙන්න කොහොමද?

    ReplyDelete
  25. Ane aththatama lassanai Dinesh aiye..
    Lassana kathawakk.. thawath hodata liyanna..

    ReplyDelete
  26. අනේ මේක නම් ශෝක්..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්