Monday, 25 August 2014

ආදරෙන් ලග ඉන්න



සඳ කුමරි - අවසාන කොටස

කලින් කොටස්

දවස් ගානක් ගෙවිලා ගියා.. කුමාරයා තනියම එයාගේ කාමරේට වෙලා ඈත වළාකුළු වනාන්තරේ දිහා බලාගෙන හිටියා.. හැබැයි ඒ හිටියේ කල්පනාවක.. එයා කල්පනා කලේ ආරක්ශකයන්ගෙන් බේරිලා පැනලා යන විදිහක් ගැන.. සූර්ය රජතුමා එයාගේ හොදම ආරක්ශකයෝ කුමාරයව බලාගන්න දාලයි තිබුනේ.. මොකද කුමාරයා හුඟක් දක්ශයි කියලා සූර්ය රජතුමා දැන ගෙන හිටියා..

කොච්චර උත්සාහ කලත් කුමාරයට එතනින් පැනලා යන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. ඉතින් කුමාරයා හිටියේ හුඟක් කලකිරීමෙන්.. ඒ සඳ රැජින රූමුව නිම්නයෙදි පොරොන්දු වුන විදිහටම එයාගේ කුමාරියව කඩා හැලෙන තරුවක ගැට ගහලා මනුස්ස ලෝකෙට යැවුවද නැද්ද කියලා දන්නේ නැති හන්දා.. ඉතින් කුමාරයා හිටියේ හුඟක් කලබලෙන්.. එයා නිතරම වළාකුළු වනාන්තරේ දිහා බලන්නෙත් ඒ හන්දමයි..



අපේ කුමාරයට සුර්ය රජ්ජුරුවන්ට කතා කරන්න ඕන වුනා.. එයා ඒ ගැන එතන හිටිය ආරක්ශකයන්ට කියලා පණිවිඩ කොච්චර යැවුවත් සුර්ය රජතුමා කුමාරයව බලන්න ආවේ නෑ.. කුමාරයටත් ඕන වුනේ සඳ කුමාරි ගැන පණිවිඩ කරුවෙක් යවලා හරි විස්තරයක් දැන ගන්න.. ඒත් එයා එක්ක කතා කරන්න එයාගේ තාත්තා ආවේ නෑ..

කුමාරයට හිටියා හොද විශ්වාස වන්ත සේවකයෙක්.. කුමාරයා පොඩි කාලේ ඉදන්ම එයාව බලාගත්තේ ඒ සේවකයා.. දැන් උනත් කුමාරයට කෑම බීම අරන් එන්නේ එයාමයි.. ඒත් කුමාරයට එයා එක්කවත් ඒ තරම් වෙලාවක් කතා කරන්න ඉඩක් ලැබෙන්නේ නෑ.. ඒ, කුමාරයා වටේ ඉන්න ආරක්ශකයෝ හන්දා.. එයාලා පුළුවන් තරම් ඉක්මනට සේවකයව කුමාරයා ඉන්න කාමරෙන් එළියට ගෙනියනවා.. ඉතින් ඒ හන්දම කුමාරයා අහන දේකට හරි උත්තරයක් දෙන්නවත් එයාට වෙලාවක් ලැබෙන්නේ නෑ..

***

මනුස්ස ලෝකේ තනි වුන සඳ කුමාරියට ඒ හැම දෙයක්ම මහ අමුත්තක් වුනා.. ඒ, එයාට ඒ පරිසරය හුරු නැති එකක් හන්දා.. එයා ආව තරුව වැටුනේ මිටියාවතකට.. ඒක හරිම පාළු තැනක්.. ඒත් ඒ මිටියාවතේ තිබුන එකම ගෙදර හිටිය ආච්චි කෙනෙක් අපේ කුමාරියව එහේ නවත්ත ගත්තා.. ඒ විතරක් නෙමෙයි එයා අපේ කුමාරියව හුඟක් හොදින් බලා ගත්තා..

කුමාරි එයාගේ කතාව ආච්චි එක්ක කිවුවට එයා කුමාරිගේ කතාව විශ්වාස කලේ නෑ.. ඒත් එයා ඒ හැම දෙයක්ම අහගෙන හිටියා.. එයත් පාළුවෙන් තනියම හිටිය හන්දා කුමාරිගේ හිත රිදෙන්න එයා මුකුත්ම කිවුවේ නෑ..

" ඔයාගේ හිරු කුමාරයා ඔයාව එක්කන් යන්න ඒවි.."  එයා නිතරම වගේ අපේ කුමාරියට කිවුවා.. අපේ කුමාරියටත් ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුනා..  එයා නිතරම වගේ මිටියාවතේ අහස දිහා බලාගෙන හිටියා.. හුඟක් වෙලාවට රෑ නිදි නැතුවම කුමාරි අහස දිහා බලාගෙන හිටියා.. ඒ කුමාරයා එයාව හොයාගෙන ඒවි කියලා..

" මඟ බලාගෙන මම
තවම තනිව නුඹ නැතුව
නොවඩින්නේද හිරු කුමරුනි
මගේ අඳුරු අහස් කුසට..

ගෙවෙයි දින නුඹ නැතුව
පාළුවෙන් මම තනිව
ඉතින් තවම නුඹ කොහෙද
සුවදුක් නොඅසන්නේ කිමද?

නුඹට උරුම අහස යට
කඩා හැළුන තරුවක්ව මම
පායා එන තුරු ආයෙම
තනිවුන හිතක් මඟ බලාගෙන.."



දවස් ගෙවිලා ගියා.. අපේ කුමාරියගේ හිතේ තිබුනේ කලබලයක් දුකකටත් වැඩිය බයක්.. එයා බය වුනේ කුමාරයා ගැන හිතලා.. එයා දැන් ඉන්නේ සඳ රාජධානියෙන් කොයි තරම් ඈතකද කියලා එයාට හිතුනා.. එහෙම නොවුනනම් වළාකුළක චිත්‍රයක් ඇදලා හරි කුමාරයට පණිවිඬයක් යවන්න තිබුනා.. එහෙම නැත්නම් කුමාරයම හීයක් එවලා පණිවිඩයක් හරි එවාවි.. ඒත් දැන් ඒ කිසිම දෙයක් කරන්න බැරි හින්දා අපේ කුමාරි හිටියේ හුඟාක් දුකින්..

***

මනුස්ස ලෝකෙට වැඩිය සුර්ය රාජධානියේ දවස් හුඟක් කෙටි හන්දා කුමාරයා තනියම කාමරේට වෙලා හුඟක් කල් ගෙවිලා තිබුනා..එයාට කිසිම විදිහකින් බුරුලක් හම්බුනේ නෑ.. ඒත් එක දවසක් එයාගේ කාමරේ ජනේලේ ලගට සඳ කුමාරියේ ගිණි කුරුල්ලා පියාඹලා ආවා.. මාලිගාවේ කුමාරයාගේ කාමරේ පැත්තේ තිබුනේ රාජධානිය හරහා ගලාගෙන යන ගඟ හන්දා ඒ පැත්තට ගිණි කුරුල්ලට එන එක ඒ තරම් අමාරුවක් වුනේ නෑ.. හැබැයි ගිණි කුරුල්ලා ආවේ නිකන්මත් නෙමෙයි..

ගිණි කුරුල්ලගේ හොටයේ යතුරක් තිබුනා.. එයා ඒක ජනේලයේ තිබුන පුංචි ඉඩ අතරින් කුමාරයට දුන්නා.. " කොහෙන්ද මේක?" කුමාරයා ඇහුවා.. සඳ කුමාරිව මනුස්ස ලෝකෙට යැවුවට පස්සේ එයා කුමාරයව හොයාගෙන ආව විදිහත් එතනදී එයාට කුමාරයගේ විශ්වාසවන්තම සේවකයා හම්බුන විදිහත් ගිණී කුරුල්ලා කුමාරයට කිවුවා.. කුමාරයගේ හිතට ආවේ පුදුම සතුටක්.. ඉක්මනටම දොර ඇරන් යන්න ඕන වුනත් කුමාරයට තව ටිකක් ඉවසන්න වුනා.. ඒ එයාගේ කාමරේ ඉස්සරහා ඉන්න ආරක්ශකයෝ හන්දා..

රෑ වෙද්දී සූර්ය රාජධානියම නින්දට යන හන්දා එයාගේ කාමරේ ඉස්සරහා ඉන්නෙත් ආරක්ශකයෝ ටිකයි කියලා කුමාරයා දන්නවා.. ඉතින් එයා කලේ රෑ වෙනකන් ඉවසන් ඉන්න එක.. සඳ කුමාරියට උදවු කලා වගේම ගිණි කුරුල්ලා කුමාරයටත් උදවු කරන්න බලාගෙන හිටියා.. ටිකක් රෑ වීගෙන එද්දී එයා මාළිගාවේ ආරක්ශකයෝ ඉන්න තැන් බලන්න පියාබලා ගියා.. ඒ ගිහින් ඇවිත් හැම දෙයක්ම කුමාරයට කිවුවා..

කුමාරයත් එයාගේ වෙලාව ආවම හෙමිට කාමරේ දොර ඇරන් එළියට ආවා.. ගිණි කුරුල්ලා ඇවිත් කියපු විස්තර හරි.. හුඟක් ආරක්ශකයෝ හිටියේ නින්දේ.. එයා හෙමීට මාළිගාවේ පඩිපෙල් බැහැලා ආවේ එයාගේ අශ්වයා ඉන්න අශ්වගාලට.. ඒ යද්දී එයාගේ විශ්වාසවන්තම සේවකයත් එතන හිට්යා..

" ඔබට හුඟක් ස්තූතියි මිත්‍රයා.." කුමාර්යා ඔහුගේ උරහිස් වලින් අල්ලන ගමන් කිවුවා..

" ඔබ තවත් ප්‍රමාද නොවීම තරු දොරටුව ලඟට යන්න කුමාරයාණනි.. ගිහින් ඔබේ ආදරය හොයා ගන්න.." ඔහු කුමාරයට කිවුවා..

පරක්කු වෙන්න තරම් වෙලාවක් නැහැ කියලා කුමාරයත් දන්න හන්දම එයා ඉක්මනට එයාගේ අශ්වයා පිටට නැග්ගා.. අශ්වයත් සද්ද නොඇහෙන්න මාළිගාවෙන් පිටතට ආවා.. දැන් එයාලා ඉන්නේ වළාකුළු වනාන්තරේ මායිමේ.. තරු දොරටුව තියෙන්නේ මාළිගාවේ ඉදලා හුඟක් දුරින්.. ඉතින් කුමාරයා ඒ දිහාවට එයාගේ අශ්වයගේ පිටේ නැගලා යන්න වුනා.. ගිණි කුරුල්ලත් ඒ දෙන්නටම කලින් වේගයෙන් පියාඹලා ගියේ ආරක්ශකයෝ ඉන්නවද කියලා බලන්න..

තරු දොරටුව කියලා කියන්නේ එයාලා වැරදි කරපු අයව මනුස්ස ලෝකෙට යවන තැන.. මෙයින් තරු දොරටුවක් සුර්ය රාජධානියේ වගේම සඳ රාජධානියෙත් තියෙනවා.. ඉතින් කුමාරයා ගියේ එයාගේ රාජධානියේ තරු දොරටුව ලඟට.. තරු දොරටුව ලඟ ඉන්නේ ඒක බාරව ඉන්න දොරටු පාලකයා විතරයි.. එතනට කිසිම කෙනෙක් කැමැත්තෙන් නොඑන හන්දා කවදත් එතනට ආරක්ශකයෝ ඉන්නේ නෑ.. අනික ඒ දොරටුවෙන් ඇතුල් වෙලා සූර්ය රාජධානිට අයත් ලෝකෙට එන්න කාටවත්ම බැරිත් හන්දා අවුරුදු ගානක් ඉදන් එතන ඉන්නේ ඒ දොරටු පාලකයා විතරයි..


රත්තරන් පාට එයාගේ නිල ඇදුම ඇද ගත්ත දොරටු පාලකයා තරු දොරටුව ලගදී කුමාරයව දැකලා පුදුම උනා.. ඒ, කුමාරයා එතනට ඒවි කියලා එයා කොහෙත්තම බලාපොරොත්තු උනේ නැති හන්දා..

" මට මනුස්ස ලෝකෙට යන්න ඕන.. ඔබ මට ඒකට උදවු කරන්න.." කුමාරයා දොරටු පාලකයාට කිවුවා.. ඒත් එයා එක පාරම ඒක කරන්න කැමති වුනේ නෑ.. සූර්ය රජතුමාගේ නියෝගයක් නැතුව එයාට ඒක කරන්න කොහෙත්තම පුළුවන් කමක් තිබුනේ නෑ.. අනික මේ ඉල්ලිම කරන්නෙත් කුමාරයම හන්දා එයාට ඒකට කැමති වෙන්න කොහෙත්තම පුළුවන් වුනේ නෑ..

" මට ඔබේ ඉල්ලීම ඉටු කරන්න බැහැ කුමාරයාණනි.." දොරටු පාලකයා කිවුවා.. කුමාරයටත් ආපහු යන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. ඉතින් කුමාරයා හැම දෙයක්ම දොරටු පාලකයට කිවුවා.. එයත් හැම දෙයක්ම අහගෙන හිටියා..

" හොදයි, මේකෙන් මට ලැබෙන්නෙත් කාලයක් සුර්ය රජතුමාගේ නියෝගයට මම අනිත් අයට දුන්න දඬුවමමයි.. ඒත් මම ඔබට මේ උදවුව කරන්නම් කුමාරයාණනි.." දොරටු පාලකයා කුමාරයට කිවුවා..

***

මනුස්ස ලෝකෙට වෙලා එයාව බලාගන්න වයසක ආච්චිත් එක්ක දවස ගෙවුවට නිතරම අපේ සඳ කුමාරිය හිටියේ සතුටින් නෙමෙයි.. එයා හැම තිස්සෙම කල්පනා කලා.. දුක් වුනා.. ඒ එයාගේ හිරු කුමාරයා ගැන හිතලා.. එක වෙලාවකට සඳ කුමාරි බය වුනා කුමාරයට එයාට ලැබුනට වැඩිය ලොකු දඬුවමක් ලැබිලා ඇති කියලා.. ඒත් තව වෙලාවකට කුමාරිය දුක් වුනා හිරු කුමාරයා එයාව අමතක කරලා ඇති කියලා හිතලා..

කුමාරියට එයාගේ හිතේ තිබුන හැමදේම කියන්න කෙනෙක් හිටියේ නෑ.. එයාගේ යාළු ගිණි කුරුල්ලවත් හිටියනම් කියලා එයාට නිතරම හිතුනා.. ඉතින් අපේ කුමාරි කලේ එයාට පුළුවන් හැම වෙලාවකම චිත්‍ර ඇදපු එක.. එයාගේ ලස්සනම මතකයන් වගේම කුමාරයත් එක්ක ඇවිදපු තැන් එයා චිත්‍ර වල ඇන්දා..

ඒ කොහොම වුනත් එයා හැමදාම රෑට අහස දිහා  බලාගෙන ඉන්න පුරුදු වුනා.. ඒ කඩා හැලෙන තරුවක් දකිනකම්.. රෑ නිදි නැතුව එයා ඒ දිහා බලාගෙන හිටියා.. හුඟක් වෙලාවට එයා කලේ චිත්‍ර අදින එක.. එදත් ඒ වගේම දවසක්.. කුමාරි චිත්‍රයක් අදින ගමන් ඉද්දී එයා දැක්කා ඈතින් කඩාගෙන වැටෙන තරුවක්.. එයා බිම වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටා.. ඒ දිහා බලන්න..


ඒත් ඒ තරුව කඩාගෙන වැටුනේ එයාට වැඩිය හුඟක් ඈතින්.. කුමාරියට හිතුනෙම ඒ දිහාවට දුවලා යන්න.. ඒත් එයාට එහෙම කරන්න බෑ.. ඒ දුර හුඟක් වැඩියි කියලා එයා දන්නවා.. ඉතින් එයා දුක් වුනා.. මොකද එයාට ඕන වුනේ ඒ එයාගේ කුමාරයමද කියලා දැනගන්න නිසා..

***

මනුස්ස ලෝකෙදි කුමාරියව හොයන එක ඒ තරම්ම ලේසි දෙයක් නෙමෙයි කියලා කුමාරයට හිතුනා.. ඒ මොකද එයා දන්නේ නැහැ සඳ කුමාරිය දැන් ඉන්නේ කොහේද කියලවත්.. ඉතින් කුමාරයා ටිකක් වෙලා කල්පනා කලා.. එයාට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.. ඉතින් කුමාරයා කලේ ඇවිදන් එන එක.. එයාට මුණ ගැහෙන හැමෝම අතරේ එයා සඳ කුමාරියව හෙවුවා..

දවස් ගානක්ම එක දිගටම කුමාරයා මේ විදිහට ඇවිද්දා.. හුඟක් ගම්මාන පහු කලා.. ඒත් එයාට සඳ කුමාරියව හම්බුනේ නෑ.. මේ විදිහට එයා හුඟක් දුර ඇවිද්දා.. සූර්ය රාජධානියේ ගෙවපු ජීවිතෙත් එක්ක මේ දේවල් කුමාරයට අමාරු වුනත් එයා ඒ ගැන නොහිතම ඇවිද්දා.. අන්තිමේ කුමාරයා නතර වුනේ සැනකෙළියක් ලග.. එයා ඈත ඉදන් ඒ දිහා බලාගෙන හිටියා..

සූර්ය රාජධානිය වගේම ලස්සනට තිබුන සැනකෙළිට කුමාරයට ආස හිතුනා.. ඉතින් එයා සැනකෙළිය බලන්න ඇතුලට ගියා.. කුමාරයට මතක් වුනේ රාජධනියේ සංක්‍රාන්ති උත්සවය.. සැනකෙළියත් ඒ තරමටම ලස්සනට තිබුනා.. කුමරයා ඒ හැම දෙයක් දිහාම බලන ගමන් සැනකෙළියේ ඇවිද්දා.. එයාට එයාගේ හිතේ තිබුන මහන්සියත් ඒ වෙලාව් ටිකකට අමතක වුනා..

මෙහෙම හැම දෙයක්ම දිහා බලාගෙන යද්දී කුමාරයගේ ඇස් අහම්බෙන් වගේ නතර වුනේ එක චිත්‍රයක් ලග.. ඒකේ තිබුනේ ලස්සන රත්තරන් පාට ගිණි කුරුල්ලෙකුයි එයා දිහා බලාගෙන ඉන්න කුමාරිකාවකුයි.. ඉතින් හිරු කුමාරයටත් මේ දේවල් හොදට පුරුදු හන්දා එයා ඒක දිහ ඕන කමින් බැළුවා.. ඒ චිත්‍රේ තිබුනේ පොඩි ළමයෙක්ගේ අතේ..

" ඔයාට කොහෙන්ද මේක?" කුමාරයා පොඩි ළමයට ලං වෙලා අහුවා.. පොඩි එකා ඉක්මනට චිත්‍රේ එයාගේ ලගට කර ගත්තේ කුමාරයා චිත්‍රේ අරගනීයි වගේ බයෙන්.. හැබැයි එයා අතින් පෙන්නුවා එයාට චිත්‍රේ හම්බුනේ කොහෙන්ද කියලා..

ඉතින් කුමාරයත් ඒ දිහාවට ඇවිදන් ගියා.. එතන එයාට හුරු පුරුදු, එයා දැකලා තියෙන හුඟක් දේවල් තිබුන චිත්‍ර තිබුනා.. කුමාරයට පුදුම හිතුනා.. එයා දන්නවා ඒ විදිහට චිත්‍ර අදින්න පුළුවන් කාටද කියලා.. ඉතින් අපේ කුමාරයා කුමාරියව හෙවුවා..

චිත්‍ර තිබුන තැනට ටිකක් එහායින් පොඩි ළමයි එක්ක කතා කර කර ඉන්න කුමාරියව හිරු කුමාරයා දැක්කා.. ඒත් කුමාරි නම් තාම එයාගේ කුමාරයව දැක්කේ නෑ.. කුමාරයා හුඟක් සතුටින් කුමාරිය දිහා බලාගෙන හිටියා.. එයා හොයාගෙන ආව එයාට හුඟම වටින දේ එයාට හම්බුනා කියලා කුමාරයට දැනුනා..

" බොහොම දුර වෙහෙස ගමනක
හිරු සඳු යා නොවෙන ඉසවුවක
ලියන්න පෙර සේම ආදරේ කතාවක
නුඹ මට හමුවෙලා නුහුරු ඉසවුවක.."

කුමාරියට කුමාරයගේ කටහඬ ඇහුනා.. එයා ඒ කටහඬ අදුනනවා.. කුමාරි ඉක්මනට හැරිලා බැළුවේ ඒ කටහඬ ඇහුන දිහා.. එයා දැක්කේ කුමාරයා එයා දිහා බලාගෙන ඉන්නවා.. එකපාරටම කුමාරියට හිතුනේ එයා මේ දකින්නේ හීනයක්ද කියලා.. ඒත් ඒක එහෙම නෙමෙයි කියලා අපේ කුමාරියට දැනුනා..

එයා දුවලා ගියේ කුමාරයා ලගට.. ගිහින් එයාගේ ඇස් වලට එඹුනා.. කුමාරි දිහාම බලාගෙන ඉන්න ඒ ඇස් වලින් කුමාරි එයාවම දැක්කා.. අපේ කුමාරියගේ ඇස් වල කඳුළු පිරුණේ සතුටට.. එයා කුමාරයට තුරුළු වුනා.. කුමාරයත් එයාව හොදට තුරුළු කර ගත්තේ ආයෙම වතාවකට කුමාරිය මග නොඇරෙන්නමයි...


"උණුහුමේ ගුලි වෙන්න
 නුඹේ ලඟ දැවටෙන්න
 ආදරේන් ඉතිරෙන්න
 අද ඇවිත් නවතින්න.

සඳ නුඹයි ජිවිතය
 ආදරේ හෝඩියේ
 මුල් අකුර නුඹ වෙන්න
 ආදරෙත් නුඹ වෙන්න.

ඇහි පියන් මත නටන
 සුව දසුන හැර යන්න
 අඳුර ලඟ සමුගන්න
 දිනක් යළි නොම එන්න.

මේ සොඳුරු දෙරණ මත
 අපිට අපිම හැර
 බැඳිමක් තව කොහේද
 ලතැවුලක් තව කුමට !"





නිමි.. 


විශේෂයි, මේ කතාවේ මුල් අදහස මගේ නෙමෙයි.. වෙන කාගෙද ඉතින් මගේ කම්මැලිකාර පෙම්වතීගේ තමයි ඉතින්.. මුල් කොටස් දෙක විතර ලියලා ඉවර වෙලා ඩ්‍රාෆ්ට් එකේ අවුරුද්දක් විතර අතර මං වෙලා තියෙද්දී පගාව දීලා කතාව ඉල්ලගෙන මට ඕන විදිහට වෙනස් කරලා ඔන්න ඉතින් මේ ලියලා ඉවරකලාලු... ;-)

65 comments:

  1. කතාව ඉවර වුණා නේ මට කොටස් කිහිපයක් මග හැරුණා ,කොම වුනත් අවසානය සතුටුදායකයි නේ ......

    ReplyDelete
    Replies
    1. මඟ ඇරුණ ඒවත් එක්ක අල්ලලා නිදහස් වෙලාවක කියවල බලපං..

      Delete
  2. අවසානය ලස්සණයි. මෙහෙම නොවුනා නම් ඉතින් බලාගන්ට තිබුණලු...:D

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ සැර මෙයාගේ.. ඔන්න මේකේ විතරක් එහෙම කලා හොදේ.. ඉස්සරහට ලියන ඒවයි නම් එහෙම කරන්නෙම නෑ... ^_^

      Delete
  3. කෝම හරි දෙන්න එක්කසු වුණා නෙව...
    ඒ ඇති ඈ...
    කතාව ලෙසටම ලියල තියෙනව ලස්සනයි..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. සිරාවට ලවු කාලානම් කොහෙන් හරි සෙට් වෙන්නම එපැයි බං..

      Delete
  4. මේ වගේ කතා කියවනකොට කිසිම බරක් පතලක් නැතිව ගෙවුන පුංචි කාලෙ සැහැල්ලු බව ආයෙත් හිතට දැනෙනවා. හිතේ තියෙන සියළු ප්‍රශ්න අමතකවෙනවා. කතාව කියවල ඉවර උනාම, ආයෙත් අහසින් මහ පොළොවට වැටෙනවා. හැමදාම මේ ලෝකෙ අතරමංවෙලා හරි ඉන්න තිබුනනන්ම් කියල හිතෙනවා.

    සුපිරියි දිනේෂ්..බෙහෙවින්ම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. අනිව මචං.. ලියන මටත් ඉතින් එහෙමම තමයි.. තිබුන පොඩි පොඩි හිතේ අවුල් අමතක වුනා මේක ලියන් යද්දී.. ඒ හන්දම තමයි මේක ලිවුවෙත්..

      අපි කොච්චර ලොකු උනත් අපි අස්සේ හැංගිච්ච පොඩි එකෙක් ඉන්නවනේ බං..

      Delete
    2. හැක්!! හිතන් ඉන්නෙ නම් මහ ලොකු පොරවල් කියල නේද බං.

      Delete
    3. අනේද කියන්නේ බං.. අර හැංගිච්ච පොඩි එවුන් එළියට පැනලා ආයෙම ඒ දවස් වලය යන්නේ මෙහෙම දෙයක් කියවද්දි හරි ෆිල්ම් එකක් බලද්දී හරි තමයි.. කෙල්ලෝ කෝම වුනත් මේ අපි නම් අනිවා එහෙම තමයි..

      Delete
  5. නියමයි මචෝ! හිතුවෙ නැහැ මෙහෙම අවසානයක් තියේවි කියලා. මේ අවසානෙට මම කැමතියි. කොහෙදි හරි කමක් නෑ ජෝඩුව එකතු උනානෙ, ඒ ඇති.!

    ReplyDelete
    Replies
    1. එහෙනම් එල.. ලවු කරපු එවුන් එකතු වෙන්නම ඕන බං.. ඒකයි මගේ අදහස..

      Delete
  6. හරිම ලස්සනයි දිනේෂ් අයියේ.. තව එකක් ලියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. කතාවක් හිතට ආවොත් ලියන්නම්..

      Delete
  7. අයි ලයික් හැපී එන්ඩින්ග්ස් :)

    ReplyDelete
    Replies
    1. අයි ලයික් ටූ ලොකූ... ^_^

      Delete
  8. හම්මේහ් ඇති යාන්තං දෙන්න එකතු උනානේ..මරු කතාව...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්,, එකතු නොවී තියන්නත් හදලා ආයේ එකතු කලා ඔන්න..

      Delete
  9. කතාව හතර වටේ ගෙනිහිල්ල අන්තිමේදී එකට (තෝර්) අවසානයක් දීල. ඇත්තම කියනවා නම් පොඩි එකාගෙන් චිත්රේ ගත්තට පස්සේ මන් කියවපු එකම වචනේ නිමි. :D. සමස්තයක් වශයෙන් කතාව එල, එත් සම්ප්‍රදායක අච්චියෙක් ඇවිල්ලා, ඒ වගේම තෝර් එකෙන් කෑල්ලකුත් ඇවිල්ල වගේ, අන්තිමේ සුරංගනා කතාවකට උරුම පොදු අවසානය. පට්ටයි. යකෝ කරන්ට් ගියා ups එක බෙරිහන් දෙනවා, අපි යනෝ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් මට කේන්තියි.. ඔය තෝර් ගැන කියන්නේ දැම්ම ෆොටෝ එක හන්දනේ... ඒ ෆොටෝ එක එතන නොතිබුනානම් එහෙම වෙන්නේ නැහැනේ.. අනික තෝර් එකේ දොරටු පාලයට වැඩිය මෙතන හුඟක් වෙනස්.. ඇඳුම විතරයි වෙනස..දාගෙන ආව විදිහේ ඇනිමි ෆොටෝ එකක් නැති උන හන්දයි ඒක දැම්මේ.. ෆොටෝ එක දිගේ කතාවෙන් පිට පැනීම ගැන මම කැමතිම නෑ..

      කේන්තියෙන් කිවුවට කේන්තියෙන් නෙමෙයි මේක කිවුවේ..

      Delete
    2. නෑ නෑ එහෙම නෙවී, තාරකා දොරටුවයි, එකේ පාලකයි ගැන කියපු කතාව, අනික තෝර් එකෙත් එකා කුමාරයට බැකප් එක දෙනවනේ, ඒ ටික නිකන් හැඟෙන්නේ තෝර් එකෙන් උපුටා ගත්ත කෑල්ලක් වගේ, එකයි මන් එහෙම කිව්වේ, කතාවේ අග කොච්චර හදිස්සි උනාද කියනවනම් මමම කතාව මවා ගත්තා පොඩි එකාගෙන් රූපේ දිගේ විස්තර අහ ගත්තට පස්සේ, රුපනම් ඉතින් කතාවට ගැලපෙන විදියට හොයලා ගන්න පට්ටම ගේමක් දෙන්න ඕන, නෑ කතාව එල සහෝ, උඹ කතා කියන විදියට අපි මේ ඉඳලා හිටලා එකක් දාන කබ්බෝ. අනික උඹගේ ෆැන්ටසි සිරා, ඒවගේ ජීවත් වෙන්න පුළුවන් බන්. ජය වේවා.

      Delete
    3. අහ් එහෙමද.. මෙහෙමනේ ඉතින් වැරදි කරපු එවුන්ව පොළවට යවන්නේ කඩාගෙන වැටෙන තරුවක වෙච්ච එකේ ඒකට විදිහක් තියෙන්නත් එපැයි.. ඒකට ඉතින් තාරකා දොරටුවක් තමයි ගැලපෙන්නේ.. ඉතින් ඒ විදිහට ලියලා දැම්මා..

      පිස්සුද බං මම ඕවා ඒ හැටි හිතනවද... ඔන්න ඔහේ ඕන දෙයක් කියලා පලයන්.. ඒකට තමයි මාත් ආස..

      Delete
  10. අම්මෝ ඇති යන්තං දෙන්නා එකතු නොකර ඉවර කරා නම්.....
    ටැකියුං මචං එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙම වෙන් කරන්න හිත දුන්නෙම නෑනේ ඉතින්.. කට්ටියට කුමාරයට මරාගත්තට ඉතින් ලියන මාත් හිතින් ඒක රඟපෑවනේ.. ඉතින් එහෙම කරලා කෝමද??

      Delete
  11. බෝම කනගාටුයි දිනේෂ්.. සද කුමරි මට මග ඇරුනා...

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා.. අවුලක් නෑ ‍අයියේ.. මම හිතුවට වැඩිය මේක දිගට ලියන්නත් උනානේ මට.. ඔන්න ඔහේ ඊළග කතාවෙදි හරියට සෙට් වෙමු..

      Delete
    2. ඉවාන් මෙන්නෝ... මු සද කුමාරිට...

      Delete
    3. හෙහ්, අනේද කියන්නේ.. තව මඟ ඇරුනා කියලත් කියන හැටි ගානක් නැතුව..

      Delete
  12. අවසානෙ හරිම ලස්සනට නිමා උන එකට සතුටූයි. අද ඔන්න ඉතින් ඉතිරිවෙච්ච කොටස් ටික කියෙව්වා. හරිම සන්තෝසයි දිනේශ් මල්ලි. අර කම්මැලිකාර පෙම්වතීටත් (මදාරා දුවටත්) ගොඩාක් ස්තූතියි! ඔබදෙදෙනාගේම ජීවිතේ වාසනාවන්තම වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු අක්කේ.. අපි සතුටින් ඉන්නේ අපේ හිත් වල තියෙන සුරංගනා ලෝක වල ව්තරනේ.. ඉතින් ඒ කතාවත් අපි අපිට ඕන විදිහට ඉවරයක් කරාම හිතටත් සතුටුයි..

      Delete
  13. අනේ මේක පට්ටයි ඈ... ඔයාල දෙන්නගෙ සුරංගනා කතා එකතු කොරලා පොතක් ගහන්නකො. ඒ මම එදා බස්සටත් කිවුවා මම බබාල නිදි කරවන්නෙ ඔයාල දෙන්න ලියන සුරංගනා කතා කොටස් කොටස් කියාදීලා කියල. ^_^

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, උඹ මේවා පොඩි එවුන්ට කියන්න ගිහින් උන් නිදා ගත්තේ නැති උනොත් එහෙම අපි මේවයේ නැති කාලෙක බනිනවා එහෙම නෙමෙයි ඔන්න.. කලින්ම කිවුවා ඈ.. ;-)

      Delete
  14. kathAwa niyamai. Asawen kiyewwe.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  15. සුන්දර අවසානයක්.. නොදුන්නනං
    අසුන්දර කථාකියන්න තමයි හිටියේ...

    ලස්සන කථාවක්.. තව ටික දිනකින්
    තව එකක් ලියමු

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ, ඔවු ඔවු. කට්ටිය ආයුධ ලෑස්ති කරන් හිටියේ කියලා දන්නවා..

      තව එකක් පස්සේ ලියමු.. දැනට සුරංගනා කතා ඇති..

      Delete
  16. සේරම කොටස් කියෙව්වා... ලස්සනයි... හැමදෙයක්ම සතුටින් ඉවරවෙන ඇත්තම සුංරගනා කතාවක්... :)

    ReplyDelete
    Replies
    1. බීට්ල් අයියා කියවපු එක මට සෑහෙන්න සතුටක්.. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකක් දාලා අගය කලාට..

      Delete
  17. ඔන්න ඔහොමලු උනේ .... ඉට පස්සේ කට්ටිය සතුටින් හිටියද

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ දරු මල්ලෝ සෑහෙන්න හදන් හොදට සතුටින් හිටියලු... හික්ස්..

      Delete
  18. ලස්සනයි දරුවෝ..... සම්පුර්ණ කතාවම..... මේ ලගදි මං උදේ....... ළමයින්ගේ කාටුන් එකක් බැලුවා..... එකේ තිබුනේ මේ ආරේ කතාවක්......

    ReplyDelete
    Replies
    1. සුරංගනා කතානම් කෝමත් ඉතින් එක වගේනේ අක්කෝ.. තැන්කිවු තැන්කිවු..

      Delete
  19. යේ!!! දෙන්නා සැට් වුනානේ අන්තිමේ..ගුඩේ ගුඩ් ඈ මලයෝ...තව සුරංගනා කතාවක් ලියමු?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් අක්කලගෙන් බේරිල්ලක් නැති හන්දා ඉක්මනට ඉවරයක් කරලා දුන්නා.. නැත්නම් වසලා හමාරයිනේ..

      තව එකක් ලියමු.. පස්සේ.. නැත්නම් කට්ටියට එපා වෙනවා..

      Delete
    2. ඔව් ඔව් ලියපන් නැත්තම් මෙයා වාරියපොළ කුමාරි වගේ උඹේ හොම්බ තලයි

      Delete
    3. හෙහ් ඒවා කියන්න බෑ තමයි.. හොද වෙලාවට ලංකාවේ නැත්තේ...

      Delete
  20. මරේ මරු..අන්තිමේදි දෙන්න සෙට් වුණානෙ...

    ReplyDelete
    Replies
    1. එහෙම නොවුනනම් සුරංගනා කතාවෙන් වැඩක් නැහැනේ මචං...

      Delete
  21. දිනේෂ්, මේ වෙලාවෙ කියවන්න පුලුවන් උනේ මේ කතාවෙ මේ තියෙන අවසාන කොටස විතරයි. ඉක්මනින්ම අනෙකුත් කොටස් ටිකත් කියව්ව ඕනි. ඒ තරම්ම රසවත් මේ කතාව. වයසින් අපි කොච්චර මුහුකුරා ගියත් අප තුල සැඟව තිබෙන සුරංගනා කතා කියවීමේ රුචිකත්වය කෙතරම්ද කියල මට තේරුණා.

    ReplyDelete
    Replies
    1. අහ්, කියවන්න කියවන්න.. දැන් ඉතින් ඔක්කොම කතාව තියෙන හන්දා කියවන්නත් ලේසියි..

      අපි කොච්චර වයසට ගියත් තාම පොඩි එවුන් තමයි.. ඒක කවදාවත් වෙනස් වෙන දෙයක් නෙමෙයි..

      Delete
  22. මම නිසාම හොඳයි . කෝ අර හොර කුමාරයා මනෝජයා ... පුන්චි කාලේ අම්මා බත් කවනකොට කතා කියන හැටි මතක් වුනා

    ReplyDelete
    Replies
    1. අහ්, මම මේ උඹ නැත්තේ මොකද කියලා හිත හිත හිට්යේ.. ඒකා නෑ.. උගේ හිත රිදිලා වෙන්න ඇති මගේ හිතේ..

      Delete
    2. /හොර කුමාරයා//
      හොර කොහේද යකෝ අපිත් කුමාරවරු තමයි ඔටුණු නොපළන්.

      Delete
    3. කොස් කොළ ඔට්ටුන්නක් හරි දාගෙන වරෙන්.. නැත්නම් හරි යන්නේ නෑ..

      Delete
  23. කියලා වැඩක් නැහැ බං මරේ මරු.
    මේක හෙමිහිට කියවන්න ඕනේ නිසා තමයි මම පොඩ්ඩක් පරක්කු වුනේ.ඊයේ රෑ 11.30ට බං මම මේක කියවලා නිදා ගත්තේ කුමාරිත් එක්ක.
    මේ වගේ එකක් ආයෙමත් ලියපං තව ටික දවසකින්.

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි එහෙමත් එකක්ද.. එහෙනම් හිටපංකෝ දවසක උඹේ හංස කුමාරිටයු උඹටයිත් මං කතාවක් ලියලා දෙන්න.. එතකොට හැමදාම ඒක කියවන්න බැරිය උඹලා දෙන්නට..

      Delete
    2. අන්න සත්තරන් කරනවා නම් වැඩේ...:D
      හැබැයි මචං ඉන්නේ හංස කුමරියක් නෙමේ පියුම් කුමරියක්...:)

      Delete
    3. අහ්, එහෙනම් මට නම පැටළුනා.. පියුම් කුමාරිනම් ඉතින් තවත් ලේසියි..

      හිටහන්.. මම නෝට් එකක් දාගත්තා.. හෙමීට ලියලා දෙන්නම්..

      Delete
  24. අද තමයි අන්තිම කොටස කියෙව්වෙ ..හරිම ලස්සනයි. සඳ කුමරි -2 ත් ලියනවනම් අනිවාර්යෙන් කියවන්න එන්නම් :)

    ReplyDelete
    Replies
    1. සද කුමාරි 2ක් නම් ලියන්න අදහසක් නෑ.. මේ කතාව මෙතනින් නිමාවක් දෙන එක හොදයි වගේ හිතෙනවා..

      Delete
  25. හරිම ලස්සන නිමාවක් දිනේශ්.!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු අක්කේ..

      Delete
  26. සතුටුදායක අවසානයක්....හැම ආදර කථාවක්ම මේ විදියට අවසාන වෙනවා නම්....

    ReplyDelete
    Replies
    1. අවාසනාවට වගේ හැම එකකම එහෙම නොවෙන එකනේ ප්‍රශ්ණේ සිරා අයියේ..

      Delete
  27. නියමයි නියමයි.අවසානය හරිම සතුටුයි ........ තව කතාවක් ලියමු නේද

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්