Thursday, 21 August 2014

කඩා හැළෙන තරුවක්

සඳ කුමාරි 5

කලින් කොටස් 1 2 3 4




ඈතින් ඇහුන අශ්වයන්ගේ සද්දෙට සඳ කුමාරිත් හුඟක්ම බය වෙලා හිටියේ.. එයා තව හුඟක් කුමාරයා ලගටම ලං වෙලා වෙන කරන්නම දෙයක් නැති හන්දා බලාගෙන හිටියා.. වළාකුළු වනාන්තරේ කළබල වෙච්ච කුරුල්ලෝ සමනළ්ළු එයාලට පේන දුරිකම පියාඹලා යන්න ඉගිලෙද්දි දෙන්නම දැන ගත්තා එන කෙනා කවුරු වුනත් එයාලා ලඟටම ඇවිල්ලා ඉවරයි කියලා.. කුමාරයා කුමාරිගේ අත තදින් අල්ල ගත්තා..

වළාකුළු වනන්තරේ මල් පිපුන ගස් වල අතු දෙබෑකරගෙන එයාල හිටිය තැනට ඇවිත් නැවතුනේ අශ්වයෝ හතර දෙනෙක් ගැටගහලා තිබුන යුධ කරත්තයක්.. ඒ කළු අශ්වයන්ගේ තිබුනේ මහ භයංකාර පෙනුමක්.. කුමාරිත් කුමාරයගේ යුධ අශ්වයට ඇරෙන්න වෙන අශ්වයෙක්ට කිට්ටු වෙලා තිබුනේ නැති හන්දා එයාගේ හිතේ තිබුන බය එන්න එන්නම වැඩි වුනා..

නතර වුන යුධ කරත්තෙන් බැස්සේ මුළු ඇඟම වැහෙන්න යකඬ ඇදුමක් ඇදන් හිටිය ආරක්ශකයක්.. ඒ ආරක්ශකයා කුමාරයටත් වැඩිය උසයි.. ඔළුව වැහෙන්න දාගෙන හිටිය හිස් ආවරණය අතරින් ආරක්ශකයගේ රතු පාට ඇස් හොදටම පෙනුනා.. හිස් ආවරණය අතරින් ගලාගෙන ආවේ හුස්මත් එක්ක පිටවෙන දුමක්ද එහෙම නැත්නම් වේගයෙන් එද්දී තැවරුණ වළාකුළු වනාන්තරේ වළාකුළුද කියන්න අපේ කුමාරිටත් හිතා ගන්න බැරි උනා..



" කුමාරයාණනි, ඔබට පිය රජතුමා වහාම එන්න කිවුවා.." ඒ කටහඬේ තිබුන ගැඹුරු සද්දෙට කුමාරි ගැස්සිලා ගියා.. ඒත් කුමාරයනම් පොඩ්ඩක් වත් බය වුන බවක් පේන්න තිබුනේ නෑ..

" ඔබට යන්න පුළුවන්.. මම එන්නම්.." කුමාරයා බය නැතුව කතා කලා.. ඒත් කුමාරයගේ අණට කීකරු වෙන බවක් ආරක්ශකයගෙන් පේන්න තිබුනේ නෑ.. ආරක්ශකයා කුමාරයගේ අතින් බලෙන්ම වගේ අල්ලන්න උත්සාහ කලත්  කුමාරයා ඒක වැලැක්කුවා..

" සමාවෙන්න කුමාරයාණනි.. ඔබට මාත් එක්ක එන්නම වෙනවා.. රූමුව නිම්නයෙදි පිය රජතුමා ඔබව මුණ ගැහේවි.. ඇයටත් ඔබත් එක්කම එන්න පුළුවන්.." ආරක්ශකයා සඳ කුමාරි දිහා බැළුවේ කුමාරයා දිහා බලන තරම් කාරුණික විදිහට නම් නෙමෙයි.. අපේ සඳ කුමාරි තාමත් බයෙන් කුමාරයට හුඟක් ලං වෙලයි හිටියේ..

" හරි යමු.." වෙන කරන්නම දෙයක් නැති තැන කුමාරයා කිවුවා.. සඳ කුමාරි ඇස් වල කඳුළු පුරෝගෙන කුමාරයා දිහා බලාගෙන හිටියා.. කුමාරයා සඳ කුමාරිගේ අතින් අල්ල ගෙන යුධ කරත්තයට නැග්ගා.. ඒ එක්කම වගේ ආරක්ශකයත් කරත්තේ උපරිම වේගයෙන් පදවගෙන රූමුව නිම්නය දිහාවට යන්න ගියා..

අපේ කුමාරිත් රූමුව නිම්නය ගැන අහලා තිබුනට කවදාවත් ඒක දැකලා තිබුනේ නෑ.. ඒක තිබුනේ රාජධානි දෙක මායිමේ වළාකුළු වනාන්තරය නැති තැනක.. එතනදි තමයි සුර්ය රජ්ජුවුවොත් සඳ රැජිනත් එයාලගේ රාජධානි ගැන කතා කරන්න ඕන වුනාම මුණ ගැහෙන්නේ.. ඒත් ශත වර්ශ ගානකින්ම එතනට කවුරුවත්ම ගිහින් නෑ.. ඒත් රූමුව නිම්නය හැමදාම ඒ වගේම තිබුනා.. එතන්ට දහවල් එළියත් රෑ කළුවරත් යාන්තමට වැටුනා.. ඒකයි ඒ තැන ඒ තරම්ම විශේෂිත වුනේ..


අපේ සඳ කුමාරියි කුමාරයි යුධ කරත්තේ නැඟලා නිම්නයට එන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ.. කුමාරිගේ ඇස්  කඳුළු වලින් පිරිලා තිබුනා.. කුමාරයා ඒවා පිහදාන්න කොච්චර උත්සාහ කලත් කුමාරිට එයාගේ කඳුළු නවත්ත ගන්න පුළුවන් වුනේ නෑ.. එයා හිටියේ හුඟාක්ම බයෙන්..

රූමුව නිම්නයේ දෙපැත්තෙම රාජධානි දෙකේම ආරක්ශකයන්ගෙන් පිරිලා තිබුනා.. හරියටම එයාලා අහලා තිබුන අන්තිම යුද්ධයෙදි වගේ.. ඒක දැක්කම කුමාරයගේ හිතට පොඩි බයක් ඇති වුනා.. එයාලා හන්දා ආයෙම යුද්ධයක් ඇති වෙයිද කියලා..

සූර්ය රාජධානියේ රත්තරන් පාටයි සඳ රාජධානියේ රිදී පාටයි එකතු කරලා හදපු මණ්ඩපේ සූර්ය රජ්ජුරුවෝ වාඩි වෙලා හිටියා.. එයාට තිබුනේ මහා ප්‍රතාපවත් බවක්.. සුදට හැරුන දිග රැවුල එයාගේ රාජකීය ඇදුමේ බාගයක් විතර දිගට එනකන් වැහිලා තිබුනා.. එයා කුමාරයා දිහා බලන් හිටියේ හුඟක් තරහින්.. ඒ ඇස් වලත් ආරක්ශයකගේ රතු පාට ඇස් වලත් ඒ වෙලාවේ ලොකු වෙනසක් තිබුනේ නෑ.. කුමාරි බයේම බිම බලාගත්තා..


" පිය රජතුමනි, මම කියන දේ අහන්න.." කුමාරයා කතා කරන්න හැදුවත් සූර්ය රජතුමා එයාව නැවැත්තුවා.. තරහින් එයා වාඩි වෙලා හිටිය රත්තරන් සිංහාසනේම ඉදන් කුමාරයා දිහා බලාගෙන හිටියා..

" ඔබට කතා කරන්න වාරය එන්න තව වෙලාව තියෙනවා.. සඳ රැජින ආවම දෙන්නාටම කතා කරන්න ඉඩ ලැබේවි.." සූර්ය රජතුමා කිවුවා..
 අපේ සඳ කුමාරි ඒක අහලා තවත් බය වුනා.. එයා දන්නවා එයාගේ පොඩි දඟකාරකම් වලට සඳ රැජින මුකුත් නොකිවුවට අද එයා ඉන්නේ හුඟක් තරහින් කියලා.. කුමාරිට හිතුනේ එතනින් පැනලා දුවල යන්න ඇත්නම් කියලා.. ඒත් එයාට එහෙම කරන්න පුළුවන් කමක් නෑ..

රූමුව නිම්නයේ සඳ රාජධානියට අයිති පැත්තෙන් ඈත තියලම එන සුදූ පාට අශ්ව කරත්තය අපේ සඳ කුමාරි හොදටම අඳුනනවා.. එයා හිටියේ හුඟක් බයෙන්.. කුමාරයගේ උරහිස පිටිපස්සේ හැංගිලා එයා කුමාරයගේ අත තදින් ඇල්ලුවා.. ඒ හරියට එයාව පුළුවන් නම් මෙතනින් අරන් පැනලා යන්න කියන්න වගේ.. කුමාරයටත් ඒක තේරුණා..

සුදුම සුදූ වළාකුළකින් හැඩ කෙරුන රාජකීය ඇදුම ඇදපු සඳ රැජින මණ්පය ලගට ආවේ කුමාරි දිහා බලාගෙනමයි.. එයාගේ ඇස් තරහින් රතු වෙලා තිබුනා.. හරියට කුමාරියි කුමාරයි එක්කන් ආව ආරක්ශකයගේ ඇස් වගේ.. සඳ රැජින මණ්ඬපය ලග නතර වුනා..



" මගේ කුමරියව මගේ රාජධානියට අරන් යන්න අවසරයි රජතුමනි.."  සඳ රැජින එක පාරටම කිවුවා.. සුර්ය රජ්ජුරුවොත් ඒක අහලා එක පාරටම පුදුම උනා..

" ඒත් අපි මේ ගැන තවමත් තීරණයක් ගත්තේ නෑ රැජිණ.."  සුර්ය රජ්ජුරුවෝ එයාගේ සිංහාසනයෙන් නැගිටින ගමන් කිවුවා..

" වෙලා අරන් කතා කලත් ගන්න තියෙන එකම තීරණය කියලා ඔබ වගේම මමත් දන්නවා රජතුමනි.. ඒ හන්දා ඒ තීරණය ඒ විදිහටම ඉටුවේවි.. ඒක මගෙන් පොරොන්දුවක්.."  සඳ රැජින හුඟක් කේන්තියෙන් කිවුවා..

සූර්ය රජ්ජුරුවන්ටත් වෙන කියන්න දෙයක් තිබුනේ නෑ.. එයා ආරක්ශකයන්ට විධාන කලා කුමාරියට යන්න දෙන්න කියලා.. ඒත් කුමාරිය හිටියේ කුමාරයගේ අතේ එල්ලිලා.. අපේ කුමාරියගේ ඇස් වලින් කඳුළු එක දිගටම වැටුනත් කුමාරයා ඇරෙන්න ඒ ගැන වදවෙන්න එතන කවුරුවත් හිටියේ නෑ..

***

අපේ අහිංසක සඳ කුමාරි එයාගේ පාළු කුළුණට වෙලා හුඟක් ඇඬුවා.. එයා හිටියේ වෙනදටත් වැඩියෙන් තනි වෙලා.. එයාගේ කුළුණ වටේම වෙනදටත් වැඩිය ආරක්ෂකයෝ සද රැජින දාලයි තිබුනේ.. කුළුනේ ජනෙල් පවා හොදටම වහලයි තිබුනේ.. කොටින්ම එයාගේ යාළු ගිණි කුරුල්ලටවත් එයා ලගට එන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. ඒ හන්දම අපේ කුමාරි හිටියේ හුඟක් දුකින්.. එයා කලේ එයයි කුමාරයයි ඉන්න චිත්‍ර දිහා බලාගෙන හුඟක් අඬපු එක.. එයාගේ හිතට බයක් දැනුනා කුමාරයට මොනවා වෙයිද කියලා..

කොච්චර වෙලාවක් කුමාරි මේ විදිහට ඇඬුවද කියලා එයාවත් දන්නේ නෑ.. අඬලා මහන්සියටම එයාට හොදටම නින්ද ගිහින්.. ඒත් එයා එකපාරම ඇහැරුනේ කුළුණේ එයා හිටිය කාමරේ අඟුල් ඇරෙන සද්දෙට.. ඒ ආවේ සඳ රැජින.. එයාගේ අම්මා..

එයා ඇදලා හිටියේ අළුපාට වළාකුළකින් හැඩවුන එයාගේ ගවුම.. එයා ඒක අඳින්නේ හුඟක් තරහා ගිහින් ඉන්න වෙලාවට කියල අපේ කුමාරි හොදටම දන්නවා.. සද රැජින මුකුත් නොකියම කුමාරිගේ කාමරේ ඇවිද්දා.. අපේ කුමාරි ආසාවෙන් ඇදලා තියෙන චිත්‍ර දිහා එයා ඕන කමින් බැළුවා.. කුමාරයත් එක්ක ඉන්න එයාගේ ඇද ලගම තිබුන චිත්‍රේ දැක්ක සඳ රැජිනගේ මුණ තවත් අඳුරු වෙලා ගියා..

මුකුත්ම කියන්නේ නැතුව එයා කාමරෙන් එළියට යද්දී කුමාරිගේ කාමරේට ආවේ සඳ රැජිනගේ යාතිකාවියන් දෙන්නෙක්.. අපේ කුමාරිගේ හිත හොදටම ගැහෙන්න ගත්තා.. එයා බැළුවේ සඳ රැජින දිහා.. කොටින්ම එයාගේ අම්මා දිහා.. සඳ රැජින කුමාරිකාව දිහා බලන්නෙවත් නැතුව එයා හිටිය කාමරෙන් එලියට ආවා..

***

ලොකු මුරකාවල් තියෙන කාමරේක කුමාරයා විතරක් ඉද්දී ඊට පිටින් වෙනදට වැඩිය ආරක්ෂයෝ යොදවන්න සූර්ය රජ්ජුරුවෝ අමතක කලේ නෑ.. පැය ගානක්ම ගෙවිලා ගියත් සූර්ය රජ්ජුරුවොවත් වෙන කවුරුවත්ම එයා එක්ක කතා කරන්නවත් ආවේ නෑ.. කුමාරයට ඒ ගැන පුදුමයි.. ඒයා හිතුවක්කාරයි.. දෙතුන් වතාවක්ම මුරකාවල් දාලා තිබුන කාමරෙන් බලෙන් එළියට එන්න හැදුවත් කුමාරයට ඒක කර ගන්න බැරි උනා..



කුමාරයගේ හිටියේ සඳ කුමාරි ගැන හුඟක් බයෙන්.. කුමාරයා බයෙන් හිටියේ සඳ කුමාරියගේ දඬුවම මොන වගේ එකක් වේවිද කියලා.. කුමාරයා නිතරම වළාකුළු වනන්තරේ දිහා බැළුවා.. ඒ වළාකුලක ඇදලා එවුව සඳ කුමාරිගේ පණිවිඩයක් තියෙයිද කියලා.. කුමාරයා කාමරේ එහා මෙහා කල්පනා කර කර ඇවිද්දා.. ඒ මෙතනින් එළියට යන විදිහක් ගැන හිතන්න.. කුමාරයාට ඕන වුනේ කොහොම හරි වළාකුළු වනාන්තරේට ගිහින් කුමාරියගේ කුළුණ දිහා බලන්න.. එයා හොදින්ද කියලා දැන ගන්න..

කල්පනාව අතරේ ඉද්දී කුමාරයට කටහඬක් ඇහුනා.. ඉතින් කුමාරයා ඕන කමින් ඒක අහගෙන හිටියා..

" සූර්ය රජතුමා කුමාරයටත් ඒ දඬුවම දේවිද?"  ආරක්ෂකයෝ කතා කරන දේ කුමාරයා එයාගේ කාමරේට වෙලා ඕන කමින් අහගෙන හිටියා.. ඒ මොකද එයාට දැන ගන්න ඕන වුනෙත් ඒකම  හන්දා..

" නැහැ, සූර්ය රජතුමාට ඉන්නේ එකම කුමාරයෙක් හන්දා එයා ඒ දඬුවම දෙන එකක් නෑ.. කාලයක් යනකන් මේ කාමරේම හිර කරලා තියාවි.. මෝඩ සඳ රැජින.. එයා එයාගේ පොරොන්දුව ඉශ්ඨ කරාවි.."  තව ආරක්ෂකයෙක් කිවුවා.. ඒකට ඒ ලග හිටපු හැමෝම වගේ හිනා වුනා..

කුමාරයට තේරුණා වෙන්න යන දේ ගැන.. එයාගේ හිතේ තිබුණ කලබල ගතියට වැඩිට එයාට ආවේ ලොකු කේන්තියක්.. කොටින්ම එයාගේ තාත්තා සුර්ය රජ්ජුරුවෝ එක්ක.. කුමාරයා ආයෙම වතාවක් කාමරේ දොරට මහ හයියෙන් ගැහුවා.. ඒත් ඒකෙන් වැඩක් උනේ නෑ.. එයා ගිහින් බැළුවේ වළාකුළු වනන්තරේ දිහා..

කුමාරයා හුඟක් වෙලා වළාකුළු වනාන්තරේ දිහා බලගෙන කල්පනා කලා.. ඒ මෙතනින් පැනලා යන්නේ කොහොමද කියලා.. සූර්ය රජ්ජුරුවන්ගේ පුතා වුනත් එයාට ඒක මේ වෙලාවේ කරන එක ලේසි වැඩක් නෙමෙයි කියලා කුමාරයට හොදටම තේරුණා..

එයා ඒ එක්කම වළාකුළු වනාන්තරේට ඈතින් දැක්කේ ලස්සන ලා නිල් පාට එළියක්.. ඒ එක්කම ඒ එළිය අතරින් කඩා හැලෙන වල්ගා තරුවක්..




හිරු කුමාරයට සඳ කුමාරියව හැමදාටම අහිමි වේවිද??
ඒක ඊළග අවසාන කොටසින් මම කියන්නම්.. 


* රූමුව කියන්නේ සන්ද්‍යාවටම කියන තවත් වචනයක් බව හොයද්දී සම්බ විය.. 

49 comments:

  1. සඳ කුමරි පව්. සඳ රැජිනට මෙච්චර නපුරු වෙන්ට පුලුවන්ද? මම හිතුවේ එයා හරි සෞම්‍ය කෙනෙක් කියලනේ.

    අලුත් වචනෙට ස්තූතියි දිනේශ්...:)

    ReplyDelete
    Replies
    1. මතුපිටින් පේන්න තියෙන දේවල් ඒ වගේ නෙමෙයි නේ අක්කෝ.. සඳ රැජිනට සෞම්‍ය වෙන්න තිබුනා මේක ඉතින් සමාන්‍ය දෙයක් වුනානම්.. එහෙම නෙමෙයිනේ ඉතින්..

      Delete
  2. මේ මල්ලි, ඊලඟ කොටස පරක්කු නොකර දානවද?:/ ඊටපස්සේ වෙන දේ දැනගන්නකල් ඉවසුමක් නෑ..:D දක්ෂතාවය ගැන ආයෙත් කියන්න වචන දෙකක් නෑ..උපරිමයි!

    ReplyDelete
    Replies
    1. හොදමයි අක්කේ.. අම්මපා දැන් දැන් මෙයාලගේ තර්ජන වැඩියි.. අන්තිම කොටසනේ ඉවසලා හිටු පොඩ්ඩක්..

      Delete
  3. හපොයි...
    මක්කෙයි මේ වෙන්න යන්නෙ...
    සේනා සංවිධානය කොරන් සද රැජිණ මාළිගාවට බැස්ටිය දෙමුද ඈ...
    හැක් හැක්...

    පට්ටයෝ... ඊළග කොටහත් ඉක්කොණට දාන්ඩෝ

    ReplyDelete
    Replies
    1. ඇයි සඳ රැජිනට විතරක්.. සුර්ය රාජධානියටත් ගහමු.. නැත්නම් හරි නැහැනේ..

      Delete
  4. සුරඟන කතා කරලිය..ඊළඟ කොටසින් ඉවරකරන එක හොඳයි මචෝ.. ගොඩාක් දිගට යනකොටත් ඒකාකාරී වෙනවා.

    අනේ මංද බං. මේකතා මාලාවත් හොඳයි. ඒත් උඹේ බටහිර ආර මිස්ට්‍රි කතාවක් කියවන්න තියෙනවානම් මීටත් වඩා ආසයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මටත් ලියද්දී එපා වෙනවනේ බං තව දිගට ඇදන් යන්න ගියාම.. ඒ හන්දා මේ ගානට නවත්තන එක හොදයි..

      හිටු පොඩ්ඩක්.. මේක ඉවර වෙලාම කතාවක් දෙන්න.. හිතේ තිබ්බට ලියන්න වෙලවක් නැතුව ඉන්නේ..

      Delete
    2. මාත් වැඩිපුර ආස මිස්ට්‍රි කතා තමා. එක එක්කෙනාගේ කමත්තනේ ඉතින් :)

      Delete
    3. ලියන්නම් ලියන්නම් ලොකූ.. කතාවක් තියෙනවා.. මේක ලියන් යන හන්දා ඒක පොඩ්ඩක් පැත්තකට කරලා තියලා තියෙන්නේ..

      Delete
  5. හැම අකුරක් පාසාම ඊළඟට මොනව වෙයිද කියන කුතුහලයෙන් කියෙව්වෙ..
    මරු ඈ..

    ReplyDelete
    Replies
    1. එල එල.. ඔය කුතුහලේ ඔහොමම තව පොඩ්ඩක් තියා ගමු.. තව එක කොටසයිනේ..

      Delete
  6. අනේ මන්දා බං මොකක් වෙන්න යනවද කියලා!! කුතුහලේ නම් උපරිමයි.

    ReplyDelete
    Replies
    1. මටත් දැන් නම් හිතා ගන්න බෑ වගේ මොනා වෙන්න යනවද කියලා... හෙහ්...

      Delete
  7. කාන්තාවක තුළ තිබිය යුතු සුකොමලත්වය ලාලිත්වය නැතිව යනකොට වැඩක් නෑ අප්පා ඒව කියලා......

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ, හා හා එහෙම සීන් මේ කොටසින් ඉවරයි.. ඒ හන්දා වැඩිය හිතන්න එපා..

      Delete
    2. ලේසි වෙන්නේ නෑ වගේ.. ;-)

      Delete
  8. අනේ අනේ අනේ ඉක්කනට ඊගාව කොටස දාපාම් ඉඳිකට්ටා අයියේ...... මොකද්ද අර දඬුවම. සඳ කුමාරිව මැරුවොත් මන් ටූ හමගානව හරිද!

    ReplyDelete
    Replies
    1. හික්ස්, එහෙනම් උඹට මාව හම ගහන්නම වෙනවා.. හැබැයි එතකොට අන්තිම කොටස බලන්න වෙන්නේ නෑ.. දන්නවනේ ඉතින් මගේ කතාවල අවසානයන් ගැන.. මාව ශුවර් කිරීමෙන් හිත් රිදීම් ඇතිවිය හැකිය.. හෙහ්..

      Delete
  9. කතාව එක හුස්මෙට කියවගෙන ගියා... කොහොම වුනත් සඳ කුමරි පව්...

    ReplyDelete
    Replies
    1. හුඟක් කුමාරියෝ ඉතින් මේ වගේ දේවල් වලදි පව් තමයි..අන්තිම කොටසත් බලලම ඉමුකෝ..

      Delete
  10. maru kathawa. anthima ekath balalama imu.

    ReplyDelete
    Replies
    1. යෙස්, ෆයිනල් චැප්ටර්..

      Delete
  11. සුරංගනා ලොවට ගියාවගේ.. අනර්ගයි දිනේෂ්...

    ඉතිරියත් ඉක්මනට දාමු එහෙනං...

    ජ ය වේ වා ! ! ! ! ! !

    ReplyDelete
    Replies
    1. කස්ටියගෙන් දැන් බේරිල්ලක් නැති හන්දා සඳුදම දාන්නම්.. නැත්නම් වසලා හමාරයි..

      Delete
  12. බලමුකෝ එහෙනම් අන්තිම කොටසේ මොකද වෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. ෆයිනල් චැප්‍ටර් එක දුක උනොත් මට බනින්න එපා ඔන්න හොදේ..

      Delete
  13. මේ කතාවට ආස උඹේ ලියවිල්ලට..... කතාවට වඩා......
    ආසම නම් උඹෙ ......උරෝපියන් ඉට්ටයිල් කතා කියවන්න....ඉදගෙන හෙහ්.....හෙහ්.....

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ, ලියන්නම් ලියන්නම් අයියේ... තව එක කොටසනේ මේක.. ඒකෙන් පස්සේ ලියන්නම්..

      Delete
  14. අනේ ඊලග කොටස ඉක්මනට දන්න..

    ReplyDelete
    Replies
    1. හා හා දාන්නම්...

      Delete
  15. ඉක්මනටම අන්තිම කොටසත් දෙන්ඩෝ....

    ReplyDelete
    Replies
    1. හෙට දානෝ අයියේ..

      Delete
  16. කතාව නියමෙට යනව.

    ReplyDelete
  17. කතාව නියමයි. හැමදාම කියවනවා. ඔබේ හැකියාව නම් අගය නොකරම බැහැ දිනේෂ්.......... හරිම අගෙයි

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු...

      Delete
  18. අවසානෙ ගැන දැන ගන්නකල් ඉවසුමක් නැහැ.රූමුව වචනය දැනගත්තෙ අද.අගෙයි අගෙයි

    ReplyDelete
    Replies
    1. තව ටිකක් ඔහොම ඉවසලා ඉන්න..

      ඒ වචනෙ නම් මාත් ඉගෙන ගත්තේ මේක ලියද්දී තමයි..

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. සුන්දර වූ තවත් එක් කොටසක්.....

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොදයි..

      Delete
  21. අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ

    හෙක් හෙක් පට්ට කතාව අයියේ, ලෝකල් ඩිස්නි වොර්ල්ඩ් ගියා වගේ, තැන්කිව් කිව්වා ටිකට් එකට. ජය.

    ReplyDelete
    Replies
    1. අන්තිමේ පැන්නට විරෝධය මගෙන්...

      Delete
  22. කථාව ගොඩාක් රසවින්දා...මුල ඉදන්ම කියවගෙන එන නිසා කථා මෙතක් ආ මග පිළිබද මතකයක් තියෙනවා. රූමුව ගැන ඇහුවෙ අදම තමයි.ඉස්සර අපේ ආච්චි ජීවතුන් අතර ඉන්න කාලෙ වැස්ස වහින වෙලාවට යන්තමින් වැටෙන මළානික ඉර අව්වට කිව්වෙ අව් රබහ කියලා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනම් මටත් අළුත් වචනයක්.. එක අතකට අපි නොදන්න තව කොච්චර වචන ඇත්ද අයියේ..

      Delete
  23. රසය උපරිමයෙන් වින්දා මල්ලි කතාව පුරාම.

    ReplyDelete
  24. අඩේ උඹ අන්තිම කොටසත් දාලානේ.අවසානේ දුක නැහැනේ පැටියෝ.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්