Monday, 18 August 2014

මහ පාරේ ලවු කිරිල්ල



ට්‍රැෆික් කියන්නේ මහ එපාම කරපු එකක්.. හදිස්සියක් තියෙන හැම වෙලාවකම ට්‍රැෆික් එකක් කොහෙන් හරි අහු වෙන එක නවත්තන්න කොහෙත්තම පුළුවන් කමක් නෑ.. එදත් එන්න ඒ වගේ දවසක්.. මම හිටියේ කලබලේක.. හැබැයි මගේ කලබලේට කිසිම ඉඩක් නම් හොයාගන්න පුළුවන් කමක් නැහැ.. බයික් එක එහෙන් මෙහෙන් රිංගලා යන්න පුළුවන් උපරිම දුරට ආවත් අතර මැදක හිරවුනා..

" නාකි ගෑණියෙක්.."

මට කියවුනා.. අයිනෙන් තිබ්බ ඉඩ ඇහිරෙන්නම කාර් එක ගහගෙන.. පොඩ්ඩක් එහා මෙහා උනානම් ඒ ටිකත් රිංගලා යන්න තිබුනා.. ඒත් ඒක කරන්න විදිහක් නෑ.. නාකි ගෑණීගේ පරණ මොඩල් එකේ ජගුවර් එක පස්සෙන් එද්දී ඉස්සරහින් පාරත් කොහොමත් හදන හන්දා රිංගන්න ඉඩක් නැතිම තරම්..

මම වෙලාව බැළුවා.. හොදටම පරක්කුයි, ඒත් කරන්න වෙන දේකුත් තිබුනේ නෑ.. ටිකක් වෙලා ඉද්දී ඈත තියාම මට ඇහුනේ ඒ සද්දේ.. සයිඩ් කණ්නාඬියෙන් මම ඒ දිහා බැළුවා.. මම ආසම හාලි ඩේවිඩ්සන් බයික් එකක්.. කවදහරි දවසක මගේ කරගන්න බලාගෙන ඉන්න තවත් මගේ එක හීනයක්.. මම ඒ දිහා බලාගෙන හිටියා..


ඒ කොල්ලත් මගෙම වයස විතර ඇති.. ඌ මගේ දිහා බලලා හිනා වුනා.. ඌට දැනෙන්න ඇති බයික් එකට මම ආසයි කියලා..

" රිංගන්න ඉඩක් නැද්ද?"  ඌ වටපිට බලන ගමන් මගෙන් ඇහුවා..

" නෑ, නාකි ගෑණීයෙක් හිරකරන් ඉන්නේ.."

මම උත්තර දුන්නා.. ‍ඌටත් හිනා ගියා.. සමහරවිට මට හිතුන දේම හිතිලා වෙන්න ඇති.. අපි මෙහෙම ඉන්න අතරේ අනික් දේවල් කොහොම වෙතත් වෙලාවනම් ගෙවිලා ගියා.. එක දිගටම ඉවරයක් නැතුව කෑ ගහන හෝන් සද්දයි, දවල් මහ අවුවයි එක්ක එපාම වෙලා හිටියේ.. පුළුවන් හැම ඉඩකම රිංගලා ඉස්සරහට පයින්න ට්‍රයි කරත් පාරත් කඩන් හදන හන්දා ඒක ටිකක් අමාරුයි..

අරුයි මායි දෙන්නම හුඟ වෙලාවක ඉදන් බයිසිකලේ එක ලග.. වාසනාවට වගේ නාකි ගෑණි නම් පහු වෙලා.. ඒත් යන්න විදිහක් නෑ හිර වෙලා.. අපිට එහා පැත්තේ තිබුනේ ලස්සන කහ පාට මිනිකූපර් කාර් එකක්.. කාර් එකේ පාට හන්දද මන්දා මටත් ඒ දිහාම ඕන කමින් බැළුනා.. කහ පාට කාර් එකකත් පොඩි ගතියක් තියෙනවා..

මම ඒ දිහා බලද්දී අරුත් ඒ දිහා බැළුවා.. හැබැයි ටිකකින් තේරුණේ ඒකා බලන්නේ කාර් එක දිහාම විතරක් නෙමෙයි කියලා.. කාර් එකේ හිටියේ කෙල්ලෙක්.. ඇඳුම ගැන විස්තර කිරීමට අමාරුයි.. ඒත් මූණ නම් ලස්සනයි.. තද කළු කොණ්ඩේ ලෙයර් කරලා පොඩි අමුතු ලුක් එකක් කෙල්ලගේ තිබුනා..


කෙල්ල හිටියේ ෆෝන් එකේ ඔළුව ඔබාගෙන.. ඇත්ත ඉතින් ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්න වෙලේ එහෙමවත් දෙයක් කලාම මොකද.. අරූ කෙල්ල දිහාම හොදට බලාගෙන හිටියා.. බලාගෙන ඉදලා දෙපාරක් හෝන් කලා.. මම හිතුවේ කෙල්ල අඳුනනවා ඇති කියලා.. කෙල්ල ඉස්සෙල්ලම බැළුවේ බයික් එක දිහා.. ඒකනම් මට හොදටම මීටර්.. ඊට පස්සේ කොල්ලා දිහා..

මම හිතුවට දෙන්නා අඳුනන පාටක් නම් නෑ.. කෙල්ල කොල්ලා දිහා බලලා ලාවට හිනවක් දාලා ඉස්සරහා ට්‍රැෆික් එක දිහා බලලා ආයෙම ෆෝන් එකට එබුනා.. අපිත් තාම එතනමයි.. මම වෙලාව දිහා බැළුවා.. සමර් එකේ දවල් අවුව එපා වෙන තරම්ම රස්නයක් ඒ වෙද්දී තිබුනා..

ආයෙම බයික් එකේ හෝන් එක දෙපාරක් සද්ද වෙද්දී මාත් ඒ දිහා බැළුවා.. මං වගේම කාර් එකේ හිටිය කෙල්ලත් අරූ දිහා හෙමීට බැළුවා.. ඒ පාරනම් දාගෙන හිටිය අවුකණ්නාඩි දෙකත් පැත්තකට කරලා අරූ දිහා බැළුවා.. සමහරවිට අඳුනන කෙනෙක්ද කියලා හරියටම බලාගන්න වෙන්න ඇති..

කොල්ලත් හිනාවුනා.. කෙල්ලත් හිනාවුනා..

" ciao.." ආයෙම කෙල්ල අහක බලාගන්න කලින්ම කොල්ලා කිවුවා.. කෙල්ලත් ඒකට ප්‍රතිචාර දැක්කුවා.. වාහන පේලිය ටිකක් ඉස්සරහට ඇදුන හන්ද අපිටත් ටිකක් ඉස්සරහට යන්න පුළුවන් වුනා.. කොල්ලගේ පැත්තෙන් මිනිකූපර් එක අස්සෙන් රිංගන්න පොඩි ඉඩක් තිබුනත් කොල්ලා ගියේ නෑ.. ඒ හන්දම මාත් එහෙමම හිටියා..

තව විනාඩි දෙක තුනක් ගෙවුනා.. කෙල්ල ආයෙම ෆෝන් එකේ.. මාත්
එක්ක තේරුමක් නැති සංවාදයක කොල්ලා හිටියත් වැඩි අවදානය තිබුනේ කෙල්ල ගැන.. ආයෙම ටිකකින් සුපුරුදු හෝන් සද්ද දෙක.. ඒ පාර නම් කෙල්ල බලන්න කලින්ම යන්තමට හිනා වුනා.. හිනාවෙලා කෙලින්ම බැළුවේ කොල්ලා දිහා..

" ඉස්සරහා හොද රෙස්ටුරන්ට් එකක් තියෙනවා.. දවල් කෑමට හොද තැන.." කොල්ලා කිවුවා..

කෙල්ල හිනා වුනා.. " No Grazie.." කෙල්ල කිවුවා..

මට එකපාරම හිතුනා කොල්ලා ඉස්සර උනා වැඩිද කියලා.. කොල්ලා මං දිහා බැළුවා.. මම අතින් කිවුවා ආයෙම ට්‍රයි කරන්න කියලා.. ආයෙම පුරුදු හෝන් සද්ද දෙක.. කෙල්ල හිනා වුනා.. හැබැයි කොල්ලා දිහා බලන්න හදිස්සි වුනේ නෑ.. ආයෙම එක පාරක් හෝන් එක වැදුනා.. කෙල්ල ඒ පාරත් හිනා වෙන ගමන් කොල්ලා දිහා බැළුවා..

" ලන්ච් වලට වෙලාවක් නැත්නම් පොඩි ස්නැක් එකක්වත්.." කොල්ලා ආයෙම කිවුවා.. ඒකත් පරදින්න අකමැති ගානයි..

කෙල්ල හිනා වෙලා බෑ කියන්න වගේ ඔළුව වනලා ට්‍රැෆික් එකේ පොඩ්ඩක් ඉඩ ආව අතරේ ඉස්සරහට ආවා.. ඉඩක් ලැබුනත් කොච්චර පරක්කු වෙලා තිබුනත් මටත් යන්න ඕන කමක් තිබුනේ නෑ.. ඒ අතරේ කොල්ලයි මායිත් වැඩකට නැති දේවල් කියෙවවුවත් ඒක මෙතනට අදාල නැහැයි කියලා මම හිතනවා..

ටිකක් වෙලා ගියා.. කොල්ලා ආයෙම කෙල්ල දිහා බැළුවා.. අපි කලින් හිටියට වැඩිය හුඟක් දුර ඇවිත්.. ආයෙම පුරුදු හෝන් සද්ද දෙක.. කෙල්ල හිනා වුනා.. ඒ එක්කම ඒ මූණේ තිබුනේ අමුතුම ඉරියවුවක්.. ඒක විස්තර කරන්න අමාරුයි..

" කෝපි එකක්වත්.." කොල්ලා ඇහුවා..

කෙල්ල කොල්ලා දිහා බලන් හිටියා.. " හා, කෝපි එකක්.." කෙල්ල කොල්ලගේ අදහස තහවුරු කලා.. ඒ එක්කම බැළුවේ ඊට එහා පැත්තේ හිටිය මන් දිහා..

" යාළුවත් එනවද?" කෙල්ල ඇහුවා.. කොල්ලත් ඒ එක්කම වගේ මං දිහා බැළුවා..

" අහ් නෑ නෑ, මම ඉස්සරහින් හැරෙනවා.." මම කිවුවා.. ඇත්තටම මට හැරෙන්න තැනත් ලං වෙලා තිබුනේ..

" එහෙනම් කෝපි එකක්?" කොල්ලා ආයෙම කිවුවා.. කෙල්ල ඔළුවෙන් ඔවු කියලා කිවුවට ඒක කෝපි එකකට එහා යාවි කියලා මට නිකමට හිතුනා..

" මම ෆ්‍රැන්චෙස්කෝ.." කොල්ලා කිවුවා..

" මරීනා.."

ඒ එක්කම වගේ පුරුදූ හෝන් සද්ද දෙක.. හැබැයි ඒ පාර මගෙන්.. ඒ මට හැරෙන්න තැන ලං වෙලා හන්දා..

" Ciao.."


ඒ කතාබහ කෝපි එකකට පමණක් සීමා වුනාද එහෙම නැත්නම් ආදරයකට පෙරළුනාද තවත් එක යහන්ගත වීමක් විතරක් වුනාද කියලා මම දන්නේ නෑ.. මට වැඩකුත් නෑ වගේම මම හොයන්න යන්නෙත් නෑ.. ඒක ආදරයක් නම් ඒ හමුවීම ඇත්තටම ලස්සනයි.. මම දන්නේ එච්චරයි..




විශේෂයි.. සෑබෑවටම අත්විදී සිදුවීමක් වන බැවින් කතාව කියන මම, මමම වන අතර කෙල්ලයි කොල්ලයි කවුදැයි යන්න මම නොදනී.. 

102 comments:

  1. කෝපිවල බලේ...කවුරුත් කීවට පිලිගන්නේ නෑනේ...:D

    ReplyDelete
    Replies
    1. හෙහ් ඒකනේ.. මාත් කෝපි බොන්න පුරුදු වෙන්න ඕන..

      මෙයයි රංගි අක්කයි කෝපි වලට මෙච්චර කැමති එහෙනම් එක තමයි..

      Delete
    2. ඔය කෝපි හොදට හදාගන්න රෙසපි දෙකතුනක් දාමුද බලන්න පොඩ්ඩියේ.

      Delete
    3. හෙහ් හෙහ්, ඒවා රහස් වට්ටෝරු කියලා නොකියා ඉදියිද දන්නේ නෑ නලීන් අයියේ.. එහෙම කට්ටිය මෙයාලා.. :D

      Delete
    4. අපිත් හොඳ කෝපි ප්‍රේමියෝ තමයි. ඒත් ලංකාවේ ඒ වගේ සීන් නැති එකයි දුක. මම දවසක් බස් එකේ ළඟ වාඩි වෙලා හිටිය නංගිගෙන් කඩල ටිකක් කමුද කියලා ඇහුවා. ඒ කෙල්ල බය වෙලා නැගිටලා ගියා. :)

      Delete
    5. කෝපි කොහොමත් හොදයි තමයි

      Delete
    6. සුදීක අයියේ, අම්මපා පරිස්සමින් ඈ.. මේ දවස් වල දන්නවනේ කට්ටියගේ වැඩ..

      Delete
    7. ඇනෝ, බඩේ අමාරුවටද දන්නේ නෑ..

      Delete
  2. එල.....සිං .....
    ඔහොම ඇත්තටම මගදී සෙට් වෙන කෑලි එක්ක ගත්ත සොමි සැප දන්නෝ දනී.... හෙක්...හෙක්.....

    ReplyDelete
    Replies
    1. මට කෙන්ජි දානවා වගේ + ලකුණක් දාන්නත් හිතයි මෙතනට.

      එක්කො ඕනැ නෑ!

      Delete
    2. හෙහ් කෙන්ජි අයියටත් ඉතින් කොහෙන් හරි මොකක් හරි අත්දැකීමක් තියෙනවා අපරාදේ කියන්න බෑ..

      Delete
    3. එක්ක නෙමෙයි ඔන්න ඔහේ වැටක්ම ගහලා යන්න කකා අයියේ..

      Delete
    4. මං + ලකුණක් දාන්න ගියේ ඬැටක් බඳින්න නොවේ, කෙන්ජිකේ කතාව අනුමත කරන්නයි.

      මෙන්න කොල්ලා කාලේ බස් එකක ගිය ගමනක් ගැන ලියපු පොඩි කතන්දරක් මතක්වුණා.

      http://kathandara.blogspot.com/2010/02/blog-post_12.html

      Delete
    5. කට්ටිය වැඩියෙන් කැමති උනාම ඉතින් එක + වෙනුවට වැටක්ම ගහනවනේ අයියේ.. ඒකයි මම එහෙම කිවුවේ..

      මේ පෝස්ට් එකනම් කියවලා නැති පාටයි මම.. බලමුකෝ..

      Delete
    6. දිනේෂ් මේකත් බලලම සෙට් කරගන්න කියමු කට්ටියටම ...
      හොද පණිවිඩයක් දෙනවා ....
      mathara young girl in the bus
      (https://www.youtube.com/watch?v=T0D4R-WrfKo)

      Delete
    7. හුටා, සිරාවට අද හුඟක් දෙනෙක්ට නොහිතෙන දෙයක්.. හදිස්සියට ඕවා අමතකයි.. හැබැයි එක අතකට මේ වගේ රටවල නම් මිනිස්සු ඒ දේවල් ගැන දැනුවත්.. ලංකාවේ එහෙම නැති එකයි ප්‍රශ්ණේ..

      Delete
    8. විඩියෝ එකේ තියෙන කතාව සෑහෙන්න වටිනවා. ඒක තේරුම් ගන්නවනම් හැමෝම.

      Delete
    9. තේරුම් ගනීද කියන එකයි ප්‍රශ්ණේ.. කට්ටියට හදිස්සියිනේ..

      Delete
  3. ලස්සන හමු වීමක් නේන්නම්..හැබැයි නිකන් ක්ෂණික ෆ්‍රයිඩ් රයිස් වගේ...

    ReplyDelete
    Replies
    1. විනාඩි දෙකේ මැගී නූඩ්ලස් වගේ නේ... ඒ වගේ ඉක්මනට ඉවර උනාද දන්නෙත් නෑ හැබැයි...

      Delete
  4. ලංකාවේ බස් එකක යන කොට දැකපු මෙවැනි සිද්දියක් ගැණ කවුදෝ ගෑල්ළමයෙක් එයාගේ බ්ලොග් ලියලා, ඒකට තව කෙනෙක් උත්තර ලිපියක් ලියලා, ලොකු කේස් එකක් වුණා නේද?

    මොකක්ද, පත්තිනි අම්මලා වගේ වචනයක් සිහියට එනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ බස් වල නම් ඉතින් මෙහෙම දේවල් වලට ට්‍රයි වෙන්නේ නැත්නම් නේ පුදුමේ අයියේ..

      Delete
    2. අහ්, මේ පොස්ට් එක ඉතින් කාටද අමතක.. :D

      Delete
    3. අම්මේ කාකා නම් ලින්ක් දෙයියෙක් ඈ..

      Delete
    4. හෙහ් අනේද කියන්නේ.. කකාට අමතක ලින්ක් එකක් තියෙන්න පුළුවන්ද මේ බ්ලොග් අවකාශේ..

      Delete
  5. කෙල්ල හාලි ඩේවිඩ්සන් වලට ආස ඇති. බයික් දෙක මාරුවෙලා තිබ්බනම් කතානායකයත් මාරුවෙන්න තිබ්බද කියලා හිතුනා ... අඩෝ උමගිලියා උඹ මමනැති අතරේ වෙන කුමාරයෙක් දාලා අර පරණ කතාව ඉවර කලාද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔහොම හිටියට කෙල්ලොත් බයික් වලට ආසයි බං.. ඔය හාලි පදින කෙල්ලොත් කොච්චර ඉන්නවද, අපිට නැති උනාට..

      ඔන්න බලපං ඉතින් කිවුව කතාව... ඒක ඉවර නෑ බං.. උඹ දැන ගන්න ඕන කුමාර කම රැකගන්න.. අර මනෝජයා එදාට කුමාරයා වුනා.. මම දන්නෑ..

      Delete
    3. අම්මපා, එහෙම උනානම් ඉතින් මට මේක ලියන්නම වෙයිනේ ;-)

      Delete
  6. පට්ට ඈ...
    හිහි...
    කෝම හරි කෝ පි එක වැඩේ කරල දුන්න හෙහෙ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. කෝපි ඉතින් කොයි දේටත් වැඩනේ.. හා නැද්ද මං අහන්නේ..

      Delete
  7. අහා. . . . . . ඒක තමයි මෙයා හාලි ඩේවිඩ්සන් එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඔය අහුවුනේ හොරේ. ඔන්න සිහිනයෝ කොස්ස මැදගෙන ලෑස්ති වෙන්නෝ. . . .

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඇයි ඇයි මොකෝ උඹ.. ගන්නවා තමයි බං, පුළුවන් උනොත් තව අවුරුදු 10කින් විතර.. හික්ස්..

      Delete
    2. ගනින් ගනින්

      Delete
  8. ලස්සන හමු වීමක්. කේල්ලගේ තොදොලේ මට මැවිල පෙනුනා බං...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ දේශා.. මම මාර ට්‍රයි කලා ඒක ලියන්න.. ඒත් වචන ආවේ නෑනේ මටත්.. ඒක බලන්නම වටිනවා අෆ්ෆා..

      Delete
    2. අර වන්ඩි වල කෝල් දදා ....එහෙම යන්නෙ පැයට ... විනාඩි 45 ට සල්ලි වලට යන අක්කිල .... හාලියෙ ගියෙත් මම වගෙ බුවෙක් වෙන්ටෑ ....
      එහෙම බුවන්ට.... මොටෙල්ම ඕන නැහැ...
      කෝපි බොන ටිකත් ඇති.... හෙක්..හෙක්....

      Delete
    3. හෙහ් හෙහ්, ඔය අස්පයා පිට නැඟලා ඉන්න වගේ හැන්ඩියට ඇතිනේ හාලියේ යද්දී.. එතකොට ඉතින් කවුරු බෑ කියයිද ඉතින් අපේ කෙන්ජි අයියටත්... :P

      Delete
  9. පට්ට කොපි එක....

    ReplyDelete
    Replies
    1. හැබැයි ලංකාවේ කෝපි වගේ නම් නෙමෙයි.. ;-)

      Delete
  10. ඉඩමක් කඩමක් විකුණලා හරි ගන්න හිතෙනවා බං හාලියක්!! :D

    ReplyDelete
    Replies
    1. පිස්සු කෙලින්න එපා බං.. දැන් උඹලා පරක්කු වැඩියි..

      Delete
  11. //මහ පාරේ ලවු කිරිල්ල//

    love bird ? ගෑණු සතා විතරද? කුරුල්ල?

    ReplyDelete
    Replies
    1. මෙතන ලවු කිරිල්ල කිවුවේ, ලවු කිරීම ගැන.. එහෙමනම් දාන්නේ ඉතින් ලවු කිරිල්ලී කියලනේ..

      Delete
  12. ඇත්තටම ඒක සුන්දර හමුවීමක්.හමුවීම ආදරයක් වුනානම්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් කිවුවේ.. ඒක කෝම ඉවර වුනාද කියන්න දන්නේ නෑ.. අඩුම ගානේ යාළු කමක් වත් ඇති වුනානම් තව හොදයි ඉතින්.. අහවල් වැඩේ කරන් යන්නේ නැතුව..

      Delete
  13. ඔය ට්‍රැ‍ෆික් එකෙන් වැඩක් ගත්ත එකම එකා ඒ කොල්ලා වෙන්නැති. බලාපං උගේ නොපසුබට උත්සාහය. කෝපි එකෙන් පටන් ගත්තා නම් අනාතයි.

    මම හරි ආසයි මේ සිදුවීමට.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හෙන්රි අයියේ.. අපි වගේ උනානම් ඉතින් බලලා නිකන් ඉන්නවා විතරනේ..

      අනික කොල්ලා රිවස් එකට ටෝක් කලේ.. හොද එක්ස්පීරියන්ස් පොරක් ශුවර් එකටම..

      Delete
  14. මල් මදහාස පීදෙනා ..........

    මල් මදහාස පීදෙනා
    නිල් නෙතු ඈගෙ පා සලා
    සෙනෙහස පෑවා ලංවීලා..
    දුටු ඔබ දෑස පෑ සිනා
    හද රැදි සෝක වේදනා
    සැනෙකින් යාවී හැංගීලා...

    ඇය මගෙ ජීවෙ පෙම්ලෝකෙ
    එක මඟ ආවෙ සංසාරේ
    නිදැල්ලේ සරන්නේ මා හා
    වසන්තේ පෙමින් ලංවීලා

    මල් මද හාස පීදෙනා...

    මුව දැක ඈගෙ මල්වාරේ
    බඹරුන් ඒවි සංසාරේ...
    ගයන්නේ - රඟන්නේ ඈ...හා
    බිඟුන්ගේ රුවින් මත් වීලා...

    මල් මද හාස පීදෙනා...//

    ගායනය : රන්දීර් විතාන සහ භාතිය ජයකොඩි
    පද රචනය : චන්ද්‍රදාස ප්‍රනාන්දු

    ReplyDelete
    Replies
    1. අහ් සිංදු ඇනෝ.. වෙල්කම් වේවා මේ පැත්තට..

      සිරාවට ඒ සිංදුවට විශුවල් එකක් කරන්න තිබ්බා බං ඒ සීන් කෝන් එක වීඩියෝ කර ගත්තනම්.. ඔය මල් මදහසයි ඔක්කොම තිබ්බ හැබැයි අඩුවක් නෑරම..

      Delete
  15. උදේ කලබලේට කමෙන්ට් එක කෙටුවේ ඉඳිකටුස්. ඒ මේ සීන් එකනම් මාරයි. ඇත්තටම ගොඩාක් සුන්දර බැඳීම් වල ආරම්භය අහම්බයක්. තාවකාලික වුනත්, දිගුකාලීන වුනත් මේ ආරම්භයනම් මාරම සුන්දරයි. උඹට එතනින් පටන් අරන් කතාවක් ලියන්න හිතුනෙ නැද්ද හැබෑට. සමහරවිට හීනෙන් පෙනෙයි, එහෙම උනොත් අර සුරංගනා කතාව ඉවරවෙලා ලියන්න හොඳේ.

    ReplyDelete
    Replies
    1. හික්ස්, දැන් උඹලා දන්නවනේ මට හීනෙන් කතා පේනවා කියලා.. හෙහ්.. බලමු බලමු.. එක්කෝ ඒක උඹ ලියහං.. සිරාවට කිවුවේ..

      මාත් ඒ හමුවීමට සිරාවටම ආසයි.. ඒකයි ඒක වෙන දිහා බලාගෙනම හිටියේ.. මට හැරෙන තැන ලං වුනත් උන් එවෙලේ සෙට් නොවුනනම් මම තව ඉස්සරහට යනවා මගේ ගමන පරක්කු කරන් හරි.. හෙහ්..

      Delete
    2. ඒ කියන්නෙ අරුන් දෙන්නගෙ පෙර පිනකට උඹ හැරෙන තැනට ඇවිත් තිබුනෙ.
      සාදු කියන්න පින්වතුනි. . . සාදු සාදු !!

      Delete
    3. අනේ පල යන්න..

      Delete
    4. පුලුවන්නම් උන් දෙන්නගේ කතාව හිතලා ලියපං

      Delete
    5. මේක මෙහෙම හොදයි වගේ..

      Delete
  16. කෝපි එක බීලා දෙන්නා ආයෙ හම්බෙමු කියලා කතා වෙලා එළියට බැහැලා වෙන්වෙලා යනකොට, ටිකක් ඉස්සරහින් තව වෙන කොල්ලෙක් තේ එකක් බොන්න කතා කළොත් මොනා වෙයිද ? තේ බොයිද ? නොබොයිද ?

    ඉවරයක් නැති හෝන් සද්ද කිව්වම මම හිතුවා මේ ලංකාවෙ කේස් එකක් කියලා... ඉතාලියෙත් එහෙමයි එහෙනම් ඈ.. ඒක වෙන්නැති ලංකාවෙ ඩ්‍රයිවින් ලයිසන් එකෙන් ඉතාලිය වාහන එළවන්න දෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒවා කියන්න බෑ සෙන්නා අයියේ.. සමහර විට එදාට වෙන තේකක් නොබී ඉන්නත් පුළුවන් කොල්ලා දස්සයනම්.. මට හිතෙන හැටියට ඒකා දස්සයා.. ඔය ටෝක් කරපු ටිකටම එහෙම හිතෙනවා..

      මෙහෙමයි ඉතින්, ලංකාවේ වගේ එක දිහට හෝන් එකේ පිහිටෙන්ම පාරේ යන මිනිස්සුනම් මෙහේ නෑ.. ඔය දවල් කෑම ටයිම් එකට ගෙදර යන්න පරක්කු වෙද්දී නම් ටිකක් සද්ද බද්ද වෙනවා.. ඒ ඇරෙන්න නම් එහෙම අවුලක් මෙහේ නෑ...

      Delete

  17. ම‍රීනා ම‍රීනා
    ඔබව අමතක වෙන්නෙ නෑ
    ම‍රීනා ම‍රීනා
    ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
    ඔබ දකින්නට වෙන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මරීනා ආයේ දකින්න වෙන්නේ නෑ කියලා ඉතින් කියන්න වෙන්නේ මට තමයි.. අර කොල්ලට නම් එහෙම නැතුව ඇති.. මම හිතන්නේ..

      Delete
  18. තව ඔය වගේ සීන් එකක් දැක්කොත් දිනේසුත් අනිව කොහොමහරි හාලියක් ගන්නව.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. අපිත් ඉතින් කොල්ලෝනේ.. හා නැද්ද මං අහන්නේ??

      Delete
  19. මේක ලවු කිරිල්ලක්ම වෙන්නත් බැහැ නේ,කොහොම වෙතත් ඔය අහඹු සිදුවීම් තමයි පස්සේ,පස්සේ ලොකු ලොකු කතන්දර වලට හැරෙන්නේ,පෙරළෙන්නේ...:D

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව.. ඒක කොහොම සම්බණ්ඳයක් වුනත් ඒක උන් දෙන්නගේ කැමැත්ත.. ඒත් මට වටින්නේ සිද්ධිය..

      Delete
  20. හරිම ලස්සන සිදුවීමක් ......ඉස්සෙල්ලා බයික් එක දිහා බලලා පස්සේ කොල්ලා දිහා බැලුවේ එක මාරු උනානම් තවත් මරු ....නේද? :)

    ReplyDelete
    Replies
    1. කෙල්ලොන්ගේ හැටි එහෙමමනේ.. ඒවා මාරු වෙන්නේ ඉතින් කලාතුරකින් තමයි.. අව මෙතන ඒවා මාරු උනානම් මරු කියන්න.. :P

      Delete
    2. බයික් විතරක් නෙමෙයි හොද කාර් වලටත් එහෙම තමයි

      Delete
    3. අමූලික ඇත්ත..

      Delete
  21. අඩේ අෆ්ෆා...මැවිලා පේනවා වගේ...මාර රොමෑන්ටික් නේ...

    ReplyDelete
    Replies
    1. රොමෑන්ටික්දත් අහනවා.. මම ඒකනේ පරක්කු උනත් කමක් නෑ කියලා බලාගෙන හිටියේ..

      Delete
  22. තවත් එක් යහන්ගත වීමක් වෙන්න සීයට අනූවක්ම ඉඩ තියෙනවා දිනේෂ්.. මෙච්චර විවෘත නොවුනත් වර්ථමාන ලංකාවෙ තත්වෙත් දැන් මීට වැඩි වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා, මාත් හිතන්නෙ නම් එහෙම තමයි.. හැබැයි අනික් 10% පැත්ත්ටා වැටෙනවනම් හොදයි කියලයි හිත කියන්නෙම.

      පිස්සුද බං.. ඔවුවා අහන්න ගියාම දැන් නෙලනවා හෝ ගාලා.. ඉතලියේ මෙහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..

      Delete
    2. අනිවා සෙක්ස් වලින් ඕක ඉවරයි

      Delete
    3. වෙන්න පුළුවන්, මේ යුරෝපෙනේ..

      Delete
  23. හම්මටසිරි රොම්මෑන්ටික් බොම්බෑස්ටික් පස්ටයි....උන් දෙන්න සෙට් වෙන්නම ඇති. මීට පස්සේ දෙපාරක් හෝන් කරන්න පුරුදු වෙන්න ඕනි....

    ReplyDelete
    Replies
    1. රොමෑන්ටික් බොම්බෑස්ටික් ඔක්කොම තියෙනවා බං.. ආයේ මොන අහනවද සෙට් උනාම තමා..

      හෙහ්, ගානට දෙකක් ගහපන් හොදේ වැඩිය ගහන්න එපා...

      Delete
  24. ණයක් තුරහක් වෙලා හරි ගන්නව බං හාලියක්.. :D

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ.. දැන්මම ෆිනන්සමෙන්තෝ එකකට ඉල්ලලා බලපං.. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් රයිඩ් කියලා...

      Delete
  25. ////
    විශේෂයි.. සෑබෑවටම අත්විදී සිදුවීමක් වන බැවින් කතාව කියන මම, මමම වන අතර කෙල්ලයි කොල්ලයි කවුදැයි යන්න මම නොදනී.. /////

    උබ මේක දැම්මේ සිහිනලට අපිට එහෙම පේන්න වෙන්න ඇති අනේ පලයන්.... සීන් එක කියවන් පහලට එන ගමන්,, ෆිල්ම් එක්ක කොටසක් වගේ කතාව ගානට මැවිලා පේනවා

    ReplyDelete
    Replies
    1. එයාට ඉතින් මොනා හංඟන්නද බං.. ගෙදර ආවම අද පරක්කු මොකෝ ඇහුවම ෆුල් ස්ටොරියම ඉතින් එයාට දිග ඇරලා ඉවර වෙලානේ මම මේවයේ ලියන්නේ..

      ෆිල්ම් එකක් කියනේ ඒක ෆුල් බයිස්කෝප් එකක් බං.. කියලා වැඩක් නෑ.. දකින්නම ඕන..

      Delete
  26. අම්මෝ සල්ලි කියක් ලැබුනත් හාලි නම් ගන්නේ නෑ ...... නිදහසේ පාරෙවත් යන්න බෑනේ බොලව්

    ReplyDelete
    Replies
    1. අම්මපා ඉතින් උඹටත්... හා හා එහෙනම් ගන්න එපා, මට අරන් දියංකෝ..

      Delete
  27. මරු වැඩනෙ වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බං.. එවුවා එහෙම තමයි..

      Delete
  28. හාලියක් නැති හන්ද බයිසිකලේ බෙල් එකවත් දෙපාරක් විතර ගහල බලන්න ඕනෙ මාත්.. :D

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං.. බයිසිකලේ දිහා බලලා අහක බලා ගන්නවා.. උඹ ලියුම් කාරයෙක් කියලා හිතාවි...

      Delete
    2. දැන් නම් ඕව හොද නෑ. ගුටි කන්න වෙනවා.

      Delete
  29. මෝඩ වැඩනෙ මල්ලි කරන්නෙ.... "ඔව් ඔව් මමත් එනව" කියල පස්සෙන් ගියා නම්, කෝපි එකක් කෙසේ වෙතත් කතාවෙ ඉතුරු ටික හරි දැන ගන්න තිබුනා අපිට...

    ReplyDelete
    Replies
    1. බෑනේ අක්කෝ.. බැරි වෙලාවත් මම එනවා කියලා කෙල්ලගේ අයිඩියා එක වෙනස් වුනොත් කොල්ලා පවු නේ.. කතාවේ ඉතුරු ටික ඒ දෙන්නම ලියා ගත්ත දෙන් එක අතකට..

      Delete
  30. ඇස් දහසක් පහුකරන් ගියත් සමහර ඇස් ලඟ නතර වෙනවා කියන්නේ ඕකනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. උරුම ඇස් හම්බු උනාම ඉන්නේ කොහෙද කින්ද මන්ද කියන එක වැදගත් නෑ..

      Delete
  31. උඹ මොකද හිතන්නෙ මල්ලි..කෝපි බොන්න ගෑණු ගොඩාක් කෑදරද...අපේ ඔපීසියෙ සියලුම දේ දීලා තියෙනවා කෝපි හදාගන්න...වැඩේ කියන්නෙ අපේ පිරිමි පාර්ශවය එච්චර කෝපි පස්සෙ එළවන්නෙ නෑ....ඒකට කාන්තා පරාණ ටික දවසකට තුන් හතර සැරයක් කෝපි බොනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියේ ඒකනම්.. මෙහෙනම් ඉතින් ඒ හැටි විශේෂයක් නෑ.. ඔක්කොමලා කෝපි බොනවා.. කවුරුහරි හදලා දුන්නොත් නම් මාත් දවසට හතර පහක් උනත් බොනවා.. හෙහ්..

      Delete
  32. මේකට කමෙන්ට් එක දා ගන්න අද උදේ ඉඳලා දඟලනවා. මොනවා වුණත්, කෙල්ලයි, බල්ලයි, වැල්ලයි මෝටර් සයිකල් කරුවන්ට අපලයි කියනවා නේද ?

    ReplyDelete
    Replies
    1. හෑ ඒ මොකෝ බ්ලොග් අවුලක්වත්ද...

      හෙහ්. එක නම් ඇත්ත.. බයික් කාරයන්ට මරු කැදවයි තමයි ඉතින්..

      Delete
  33. මේක අනිවා සෙක්ස් වලින් ඉවර වෙන සිද්දියක්. කෙල්ලටත් ඒක හුරු ඇති. කොහොම උනත් මරු කතාව.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්.. ඒක ඉතින් ඒ ඒ අයගේ කැමත්ත..

      Delete
  34. අනිවා මේක බෙඩ් ටයිම් ස්ටෝරියක් කියලා හිතෙනවා... :)

    ReplyDelete
  35. හප්පේ මාත් නිතර දකිනවට වඩා දුරලබ එකක් පහුගිය සතියෙ දවසක බීච් එකේ දැක්කා දහස් ගණනක් සෙනග මැද්දෙ... වෙලාවකට යුරෝපය ගැන කලකිරෙනව. ඒවගෙම අනිත් විදිහට හොදයි කියලත් හිතෙනව. හොද හිතෙන්නෙ අපේ රටේ නම් දණහිසෙන් උඩට ඇදුම් ඇදන් ගියොත් ඒ කෙල්ල එක්ක හිතෙන් නිදාගන්න කි දෙනෙක් මඟ තොටේ ඉන්නවද... මෙහෙ ඒවගේ කරදර නැහැ අසිමිත නිදහස නිසා..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්