Wednesday, 13 August 2014

සඳක් පෑයුව සූර්ය දවසක්




සඳ කුමරි 4

කලින් කොටස් 1 2 3


දවස් ගෙවිලා ගියේ හුඟක් ආදර්ණීය විදිහට.. අපේ සද කුමාරිත් කුමාරයත් දවසින් දවස එයාලගේ ලෝකේ හුඟක් ආදරෙන් බැදුනා..
කුමාරයත් හැමදාම කාටත් හොරෙන් වළාකුළු වනන්තරේ කෙළවර සඳ කුමාරිගේ කුළුණ ලගට ඇවිත් කුමාරි එක්ක කතා කර කර ඉන්නවා.. තමන්ගේ මාලිගා වලට වෙලා ගෙවපු හුදෙකලා ජීවිතෙන් ඈත් වෙද්දී දෙන්නටම දෙන්නවම නැතුව බැරි උනා..


සඳ කුමාරිත් හිරු කුමාරයත් හිට්යේ හුඟක් සතුටින්.. කවදාවත් නොගිය වළාකුළු වනන්තරේ හැම තැනක්ම  දැන් දෙන්නටම හුඟක් හුරුයි.. ඒ ගහ කොල, ඒ සුවද මල් වගේම හැම සමනළයෙක් පවාම ඒ දෙන්නටම හොදටම හුරුයි..
දෙන්නගෙම දවස් ගෙවුනේ හුඟක් ආදරෙන්.. වළාකුළු වනාන්තරෙන් මෙහාට නෑහෙන්න දෙන්නම හැමදාම සිංදු කිවුවා.. හුඟක් සතුටින් නැටුවා.. ඊටත් වැඩිය හුඟක් ආදරෙන් හිටියා..
කොටින්ම අනික් හැම දෙයක්ම අමතක වෙලා යන තරමටම..

***

 " ඉතින් නුඹ ඇවිත් 
ආදරේ රගෙන
මගේ හිත රැදි අහස් කුසකට
තරු හිත් රැදි මගේ මතකෙට
හෙමි හෙමින් ආදරේ පුරෝගෙන..

පුදුමයක් වගෙයි ජීවිතය
ඔය ගැහෙන හිත ලගම මම
තුරුළු වෙලා හරි ආදරේට
ලස්සන සිංදු කියන 
රැයක මම ඔබ ලඟ..

***

" මම ආසයි සුර්ය රාජධානිය දකින්න.." සිංදුව කියලා ඉවර වෙද්දීම වගේ අපේ සඳ කුමාරි කිවුවා.. හිරු කුමාරයගේ මුණේ තිබුන හිනාව පොඩ්ඩකට ඈතට ගියේ එයා ඒකට කොහෙත්තම කැමතක් තිබුනේ නැති නිසා..
" ඒකනම් ඔයාට ඒ තරම් හොද දෙයක් වෙන එකක් නෑ.." හිරු කුමාරයා ඉදන් කිවුවා.. ඒත් අපේ කුමාරි එකෙන් සතුටු වුන බවක් පේන්න තිබුනේ නෑ.. එයා දුකින් අහක බලාගෙන ටිකක් දුර ඇවිදන් යන්න උනා..

" හරි මම එක්කන් යන්නම්.." අන්තිමට කුමාරයා ඉදන් කිවුවා.. ඒ එක්කම වගේ කුමාරිගේ මුණේ තිබුනේ හිනාවක්.. එයා දුවලා ඇවිත් කුමාරයව බදා ගත්තා.. කුමාරයත් එහෙමම ටිකක් වෙලා හිටියා..
" හෙට ඔයා ලෑස්ති වෙලා ඉන්න, මම හෙට ඔයාව සුර්ය රාජධානිය පෙන්නන්න එක්කන් යන්නම්.." කුමාරයා කිවුවා.. කුමාරිත් ඒකට කැමති වෙලා ඔළුව වනලා අයෙම කුමාරයට තුරුල් වෙලා එයාගේ පපුවේ ඔළුව තියා ගත්තා.. කුමාරි එහෙම ඉන්න හුඟක් ආසයි.. ඉතින් අපේ කුමාරයත් වැඩිය කතා නොකරම කුමාරිට එහෙම ඉන්න ඇරියා..

ඈතින් ඉර පායන් එන්න ලං වුන හන්දම කුමාරයා ආයෙම යන්න පිටත් වුනා.. ඒ කුමාරිව අද රෑට එයාගේ රාජධානිය බලන්න එක්කන් යනවා කියන පොරොන්දුවත් එක්ක.. ඉර එළිය වැටෙන්න කලින් කුමාරයා කාටත් හොරෙන් එයාගේ කාමරේට වෙලා දොර වහගත්තා.. ඊට පස්සේ කල්පනා කලා..

සූර්ය රාජධානියේ සෙබළු සද රැජිනගේ සෙබළු වගේ නෙමෙයි.. හුඟක් නපුරුයි වගේම හොදට ඉව තියෙනවා.. අපේ කුමාරිකාවට පොරොන්දු උනාට මොකද කුමාරයගේ හිතේ පුංචි බයකුත් තියෙනවා.. ඒ කුමාරිකාවට කරදරයක් වෙයි කියලා.. ඉතින් කුමාරයා හුඟක් වෙලා කල්පනා කලා..


ඒ එක්කම වගේ කුමාරයට මතක් වුනා හෙට තියෙන සූර්ය යාතිකාව ගැන.. උදේ වරුවම හැමෝම ඉන්නේ සූර්ය මල් පිපුන නිම්නයේ හන්දා සෙබළු ගැන බය වෙන්න හේතුවක් නෑ කියලා කුමාරයට මතක් වුනා.. ඒත් සූර්ය යාතිකාවට කුමාරයට නොගිහින් ඉන්නත් බෑ.. ඒකට නොයන්නනම් ලොකු හේතුවක් තියෙන්න ඕන..

කුමාරයා හාන්සිවෙලා හිටිය ඇදෙන් බිමට බැහැලා කාමරේ පුරා ඇවිද්දා.. ඇවිදින ගමන් කල්පනා කලා.. පිය රජතුමාට සැකයක් නොහිතෙන විදියේ උත්තරයක් දෙන්න ඕන කියන එක කුමාරයා හොදටම දැනන් හිටියා.. ඒ එක්කම වගේ කුමාරයට උපායක් කල්පනා වුනා.. ඒයා එක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලාව එනකන් ඉවසිල්ලෙන් බලාගෙන හිටියා..

***

අපේ කුමාරි එයාගේ කාමරේට වෙලා නිදාගන්න උත්සාහ කලත් එයාට නිදාගන්න පුළුවන් වුනේ නෑ.. එයා හිටියේ සතුටින්.. ඒ සුර්ය රාජධානිය බලන්න යන හන්දා.. එයා එයාගේ පැත්තක දාලා තිබුන චිත්‍ර ගොඩේ සූර්ය රාජධානිය ඇදලා තිබුන චිත්‍රේ අතට ගත්තා.. ඒකේ තිබුනේ ඈතින් පායලා තිබුන ඉරයි මාළිගාවකුයි විතරයි..  

ඒ කුමාරි කවදාවත් සූර්ය  රාජධානිය දැකලා තිබුනේ නැති හන්දා.. අඩුම තරමේ ගහක් වත් මලක් වත් අදින්න තරම්වත් එයා දැන්න හිටියේ නෑ.. එයාගේ යාළුවා ගිණි කුරුල්ලවත් සූර්ය රාජධානිය පැත්තට පියාඹන්නේ නැති හන්දා අපේ කුමාරිට විස්තර දැන ගන්න විදිහක් කොහෙත්තම තිබුනේ නෑ..

ඉතින් අපේ කුමාරි හුඟක් සතුටු වුනා.. ඒ, එයා මෙච්චර දවසක් දකින්න ආසාවෙන් හිටිය දෙයක් එයාගේ ආදරවන්තයා නිසා දකින්න පුළුවන් වෙන හන්දා.. කුමාරිගේ හිත ආදරෙන් පිරිලා ගියා.. ඉතින් එයා අතේ තිබුන ඉවර කරපු නැති චිත්‍රේ පැත්තකින් තියලා අළුත් චිත්‍රයක් අදින්න පටන් ගත්තා..

ඒ, එයාගෙයි කුමාරයාගෙයි චිත්‍රයක්..

***

කුමාරයා ටිකක් හවස් වෙද්දී එයාගේ අශ්වයා හිටපු අශ්වගාලට ගියා.. කුමාරයගේ කළු අශ්වයා අනික් හැම අශ්වයෙක්ගෙන් වෙනමමයි තියලා තිබුනේ.. ඒ එයා විශේෂිත හන්දා.. කුමාරයා කවුරුවත් නැති අතරේ අශ්වයාගේ කණට කරලා එයාට ඕන කරලා තිබුන දේ කිවුවා.. එහෙම කියලා කුමාරයා හෙමිට අශ්වයා පිටට නැඟලා හෙමීට අශ්වගාලෙන් පිටතට එන්න ආවා..

කුමාරයා බලාපොරොත්තු වුන විදිහටම අශ්වගාලේ දොර ලගදී ආරක්ෂකයෙක් හෙල්ලයත් අරගෙන ඉස්සරහට ආවා.. අශ්වයත් බොරුවට කලබල වෙන අතරේ ඕනකමින්ම කුමාරයා අශ්වයගේ පිටින් වැටුනා.. ඒ වැටිලා එයාට අමාරුයි වගේ රඟපෑවා.. කලබල වුන ආරක්ශකයත් කුමාරයාව ඉක්මනට මාලිගාවට එක්කන් ගියා..
කුමාරයා බලාපොරොත්තු වුන විදිහටම හැම දෙයක්ම සිද්ද වුනා.. කුමාරයට ඇත්තටම අමාරුවක් නැති වුනත් දවස් දෙකක් කාමරේට වෙලා ඉන්න කියලා එයාට උපදෙස් ලැබුනා.. ඉතින් කුමාරයා හිත යටින් හුඟක් සංතෝස වෙලා ඈත වළාකුළු වනාන්තරේ දිහා බලාගෙන හිටියා.. එයා දන්නවා ඒ වනාන්තරේට එහායින් ලස්සන කුමාරියක් එයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා..

***

අපේ කුමාරි කාමරේට වෙලා එයා අදින්න පටන් ගත්ත චිත්‍රේ තවත් ලස්සන කර කර හිටියා..  එයාට වෙලාව යනවවත් දැනුනේ නෑ.. එකපාරටම පුරුදු විදිහට එයාගේ කාමරේට ආව හීයක් එයාගේ කණ්නාඩි මේසෙට වැදුනා.. අපේ සඳ කුමාරි දැන් ඒවට බය නෑ.. එයා දන්නවා හීයක් එක්ක එන පණිවිඩේ කාගෙන්ද කියලා..

" හිරු නැගෙන විරාමෙක
ඈත සඳක් පිළිගන්න
මුළු අහසම ලෑස්තියි
ඉතින් කියන්න ඔයා එනවද? "

ඒක දැකලා අපේ කුමාරිය හුඟක් සතුටු හිතුනා.. එයා ඉක්මනට ඒක එයාගේ යාළු ගිණි කුරුල්ලටත් පෙන්නුවා.. ඈතින් ඉර බැහැගෙන ගිහින් රාත්‍රියත් එන්න ලඟ හන්දා අපේ කුමාරිත් ඉක්මනට ලෑස්ති වුනා.. ලෑස්ති වෙලා අඳුර වැටෙද්දී වෙනද වගේම කාටත් හොරෙන් වළාකුළු වනාන්තරේ දිහාවට ගියා..
අපේ කුමාරයත් පුරුදු වෙලාවටම එයාලට පුරුදු තැනට ඇවිත් හිටියා.. කුමාරි එයාට පුළුවන් තරම් වේගෙන් දුවලා ගිහින් කුමාරයට තුරුළු වුනා.. කුමාරයත් හුඟක් ආදරෙන් කුමාරිට හාදුවක් දුන්නා..


" ඉතින් අපි කොයි වෙලාවටද යන්නේ?" කුමාරි කුමාරයාගෙන් ඇහුවා..
" ඔයාගේ රාජධානිය ලස්සනට පේන්නේ රෑට වුනට මගේ රාජධානිය ලස්සනට පේන්නේ උදේට.. අපි ඒ හන්දා ඉර පායනකන්  ඉදලා යමු.." කුමාරයා කිවුවා..

" එතකොට ආරක්ශකයෝ ඉදීවිනේ.." කුමාරි බයෙන් වගේ කුමාරයට ලං වෙන ගමන් කිවුවා..
" බය වෙන්න එපා.. හෙට අපේ සූර්ය යාතිකාව තියෙන දවස.. ඉතින් හැමෝම එතන ඉන්නේ.. ඒ හන්දා බය වෙන්න දෙයක් නෑ.." කුමාරයා ආදරෙන් කුමාරිගේ ඔළුව අත ගාන ගමන් කිවුවා..

" සූර්ය යාතිකාව, ඒ මොකද්ද?" කුමාරි පුදුමයෙන් වගේ ඇහුවා..
කුමාරයත් එයාගේ රාජධානියේ උත්සවය ගැන හැම දෙයක්ම කුමාරිට කියලා දුන්නා.. ඒ හැම දෙයක්ම අපේ කුමාරිටත් අළුත් දේවල් හන්දා එයත් හුඟක් ආසාවෙන් ඒ දේවල් අහගෙන හිටියා..
කුමාරයා ඒ හැම දෙයක්ම කියලා ඉවර වෙද්දී ඈතින් ඉර පායගෙන එන්න පටන් අරන්.. ඉතින් එයා කුමාරිගේ අතින් අල්ලගෙන වළාකුළු වනාන්තරේ සූර්ය රජධානියේ මායිම දිහාට ඇවිදන් ආවා..

ඈතින් පේන බලකොටුව දැක්කම අපේ කුමාරිට ටිකක් බයත් හිතුනා.. එයා කුමාරයගේ අත තදින් අල්ලගත්තා.. රාජධානියේ හැමෝම උදේම නිම්නයට යන හන්දා මුර කපොළු ලග කවුරුවත් පේන්න හිටියේ නෑ.. ඉතින් අපේ කුමාරයා කුමාරිත් එක්ක එයාගේ රාජධානියට ඇතුළු වුනා..

කුමාරයා ආරක්ෂකයෝ නැති හැම තැනකටම කුමාරිව එක්කන් ගියා.. එයා හිටියේ හුඟක් සතුටින්.. හැම දෙයක් දිහාම එයා හුඟක් සතුටින් වගේම පුදුමයෙන් බලාගෙන හිටියා.. ඒ වගේම සූර්ය රාජධානිය ගැන එයා අහලා තිබුන සමහරක් දේවල් වැරදියි කියලත් එයාට තේරුනා..
කුමාරයා කුමාරිත් එක්ක රාජකීය උයනට ගියා.. එතන තිබුනේ කුමාරි කවමදාවත් දැකලා නොතිබුන විදිගේ ලස්සන මල්.. කුමාරි ඒ හැම එකකම සුවද බලන්න අමතක කලේ නෑ.. 



දෙන්නටම හුඟක් වෙලා උයනට වෙලා ඉන්න ආස වුනත් ඒකට ඇති තරම් වෙලාවක් තිබුනේ නෑ.. ඈතින් සූර්ය යාතිකාව ඉවර වෙන බෙර හඬ කුමාරයට ඇහුනා.. ඉතින් කුමාරයා කුමාරිට කිවුවා දැන් අපහු යන්න වෙලාව හරි කියලා.. කුමාරිගේ මූණේන් එකට කැමත්තක් පේන්න තිබුනේ නෑ.. එයා ලග තිබුන සූර්ය මලක් කඩාගත්තා..

කුමාර්යා අරක්ශකයෝ නැති තැන් වලින් ඉක්මනට වළාකුළු වනාන්තරේට ආවා.. ඒ ආවමයි කුමාරයගේ හිතටත් බයක් නැතිවෙලා ගියේ.. එයා එහෙමම කුමාරියේ අතින් අල්ලගෙන හැමදාම එයාලා හම්බුවෙන තැනට ඇවිදන් ආවා..
එදාට අපේ කුමාරිටත් කුමාරයටත් වෙන් වෙන්න වෙලාව හරි.. අපේ කුමාරි හිටියේ හුඟක් සංතෝසෙන්.. ඒක එයාගේ ඇස් වලින්ම පේන්න තිබුනා.. කුමාරයා ආදරෙන් කුමාරිගේ නළල සිප ගත්තා..

ඒත් ඒ එක්කම වගේ ඇහුනේ අශ්වයෝ කෑගහන හඬක්.. කුමාරයට නම් ඒ හඬ හොදට හුරුයි.. එයා ඉක්මනට ඒ හඬ ආව දිහා බැළුවා..



අශ්වයෝ පිට නැඟලා කවුරු එන්න ඇත්ද?
ඒක ඊලග කොටසින් කියන්නම්..

56 comments:

  1. හපොයි ... මේ දෙන්නා වෙන් කරනවා එහෙම නෙමේ දිනේශ් හරිද ? ඔන්න දැන්ම කීවා හොඳේ ....:D

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ බලන්නකෝ ඉතින් අපේ අක්කලගේ තියෙන සැර... ;-)

      Delete
    2. එහම කරෝත් පොල්ගෙඩියක් ගහනවා (පොල් ගනන් හින්දා බෑයක් ගහනවා

      Delete
    3. පොල් බෑයක ඒ අතරම් පවර්ස් නැහැලු... ;-)

      Delete
    4. සිහින ලොවින් සැබැලොවට ගනිමු මෙයාල කිව්වට..

      Delete
    5. අනේද කියන්නේ නලීන් අයියේ.. කට්ටිය නිකන් දොයි වගේ..

      Delete
  2. ලියවිල්ල නම් මල් මසුරං ...ලොකු බර වචන නැතිව මෙහෙම ලියනවට මම ලයික්....
    හැබැයි අශ්වයො පිට නැගල මොන !@#$@! ල ආවත්..... දෙන්නට අනතුරක් කලොත්....
    හෙහ්...හෙහ්.... තෝව මරනව දිනේෂ් මල්ලිය ....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියේ, අම්මපා දැම්ම ඉදන් ඉතින් තර්ජන.. ඇත්ත තමයි නිදහස් මාද්‍යක් නෑ කියලා කියන කතාව..

      Delete
    2. මදාරා, හෙහ් ඒ ටික මදි වෙයි මගේ හිතේ...

      Delete
    3. එකෙන්ම කෙන්ඡි අයියන්ඩි ඉවානයාට අත තිබ්බෝත් තෝ මරාගෙන මැරෙනවා දිනේෂයා

      Delete
    4. හෆෝ, ඒ ගෙම්බට ඉතින් මම මොනා කරන්නද? ඒ උනාට ඒකටත් පොඩි කට්ටක් සෙට් කරන්න එපැයි ඉතින්...

      Delete
    5. මෙන්න කෙන්ජයියටත් තද වෙලා... හූ හූ...

      Delete
    6. කෙන්ජි අයියට තද වුන කියාන්නේ, ඉතින් බය වෙන්නම ඕන කාරණයක්..

      Delete
  3. සද කුමරිය මං කියවලාම නැත්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට ඒ ටිකේ දේශා බිසී වෙලාද කොහේද හිටියේ..

      Delete
    2. එහෙම වෙන්ටැති බං. දන්නවනේ මං වෙලාව ආවම ඔක්කෝම කියවනවා..

      Delete
    3. දන්නවා දන්නවා, දේශකයට එහෙම ලේසියෙන් දෙයක් ම්ස් වෙන්නේ නෑ කියලා..

      Delete
  4. කතාව මැද්දට දුෂ්ඨයෙකුත් ගේන්නද හදන්නෙ??

    හිරු කුමාරයත් හොද නළුවෙක්නෙ බලන් ගියාම!! ඇයි අශ්වයා! :D

    ReplyDelete
    Replies
    1. දුශ්ඨයෙක් නැති කතාවක් තියෙනවද මචං ඉතින්..

      නැතුව නැතුව බං, මේ වගේ වෙලාවල් වලට අපි ඔක්කොම හොද නළුවෝ තමයි..

      Delete
  5. හුටා දැංමම තග දාන්න පටං ඇරං නේද... හිහි...
    පට්ට ඈ...
    ඉතුරු කොටහත් එනකං මග බලං මම ඉන්නවා

    ReplyDelete
    Replies
    1. කුමාරියෝ ඔහොමමනේ බං ඉතින්.. දැන්ම්ම ඉදන් පුරුදු වෙන්න ඕන...

      Delete
  6. ඒ මේක නම් සුපිරි ආ....
    මුන් දෙන්නට ගේම දෙන්න වගේ හදන්නෙ හොර ඉඳිකට්ටා.
    අනේ ඒම කොලන්න එපා ඈ... පව්නෙ සඳකුමාරි.

    ReplyDelete
    Replies
    1. අඩේ, මම අහිංසකයි ඈ.. මාව ඕවට අල්ලගන්න එපා.. ^_^

      Delete
    2. හපොයි වස අහිංසක වෙන්ටෑ...
      ඉක්මනට ඉක්මනට ඊගාව කොටස දාපම්.

      Delete
    3. අහ් එහෙමද, දාන්නෙම නෑ.. :P

      Delete
  7. අම්මෝ...... මං අයෙත් සුරංගනා ලෝකෙට ගියා වගේ...... ලස්සනම ලස්සනයි..... දිනේෂ්.....

    ReplyDelete
    Replies
    1. තැන්කිවි තැන්කිවු.. හොදම හරිය තව ඉස්සරහට..

      Delete
  8. මොනා උනත් උඹට තිබ්බා කුමාරයා කුමාරි ඉඹින තැනදි කොටු කොටු හරි දාන්න. "ඔබේ හය හතර නොඅදත් දරුවා මෙම දර්ශණ දැකීමෙන් මේවා කිරීමට පෙළඹිය හැකිය."

    කතාව ලස්සනට ගලාගෙන යනව මචෝ..

    ඊළඟ කොටසත් කියවමු.

    ReplyDelete
    Replies
    1. අනේ නිකන් ඉදපං.. මේකේ ඉන්නේ අපිට වැඩිය දන්න පොඩි එවුන්.. ඒ හන්දා ඕක ගානක් නෑ..

      Delete
  9. එල ද බ්‍රා. (කියන්න හිතන් හිටපු හැම දෙයක්ම මෙ වචන ඇතුලේ තියනවා)

    ReplyDelete
    Replies
    1. ඒ ටිකත් ඇති.. තැන්කිවු වේවා..

      Delete
  10. උන් දෙන්නව මැරුවොත් බලාගත්තෑකි ඈ...
    මරුවට ගලාගෙන යන කතාවක්... සුන්දරයි !

    ReplyDelete
    Replies
    1. බොලේ අද ඔක්කොම තර්ජන.. මම හැංගෙනෝ..

      Delete
  11. කියන්න හිතං හිටපු එක උඩ ඔක්කොම කියල.. :D
    ඊළඟ කෑල්ලත් ඉක්මන්ටම දාමු ඈ..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට තව මොනා හරි කියලා යන්න තිබ්බා ඈ.. ;-)

      Delete
  12. ඉක්මනට ඉතුරු ටිකත් පෝස්ට් කරා නම් ඔන්න තවත් හොඳයි

    ReplyDelete
    Replies
    1. හොදයිනම් තමයි.. මටත් වෙලාව තියෙන්න එපැයි.. ඉක්මනට දාන්නම්..

      Delete
  13. කුමාරයෙක් වුණත් ඌත් අපි වගේ හොඳට කට්ට වැඩ දන්නවා නේ එහෙනම්.
    ලස්සනයි බං කතාව ඇත්තටම.මම කුමාරිට කෙනෙක්ව හිතෙන් මාවාගෙන කියෙව්වේ...:)
    කුමාරයා ඉතින් මමනේ..:)

    ReplyDelete
    Replies
    1. කවුරු උනත් ඉතින් කට්ට වැඩ දන්නේ නැත්නම් ලවු කරන්නේ කොමද බං..

      දැන් උඹ කුමාරයනම් ගුටින් නොකා කියපිය හිතා ගත්ත කුමාරි කවුද කියලා.. ඇයි යකඩෝ, ලියන මම ඒක දැන ගන්න එපැයි..

      Delete
    2. පියුමක් වගේ කුමාරියක්..:)එහෙම හිතා ගනින්කෝ.
      ලියන උඹට ඒ ඇති දැනට.මේක නතර කරන්න එපා බං දැම්ම තව ටිකක් ඇදපන්.ඇත්තටම ලස්සනයි බං.පුදුම විදියට මේකට හිත ගියා...:)

      Delete
    3. හා හා, පියුම් කුමාරියක්ද?? එහෙනම් දැනට ඒ ඇති කියලා හිතාගන්නම්කෝ..

      උඹ කියයි.. මම එපැයි බොල ලියන්න.. තව කොටස් දෙක තුනක් තියෙනවා දැනට ලියන්න හිතන් ඉන්න විදිහට.. :D

      Delete
  14. සූරිය මලක් කඩාගත්තේ කවුද කියල බලන්න සොල්දාදුවෝ එනවද දන්නෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ.....................

    මොනව උනත් සුරංගනා ලෝකේට ගියා වගේ....

    ඊ ල ග කොටස ඉ ක් ම න ට දාමු...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ඒවා කියන්න බෑ.. ඔය මල් වතු වල මල් කඩන එක එච්චර හොද දෙයක් නෙමෙයිනේ...

      අන්තිම ටික ලියපු විදිහට මට හිතුනා තාම පාවෙනවා වගේ කියලා..

      Delete
  15. ලස්සන කටහඬකින් මේ කතාව කියලා, හඬ පටියක් දැම්මනම්, නින්ද යනතුරුම දිගටම ආයෙ ආයේ අහගෙන ඉන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොද සුමදුර කඩහඬක් තියෙන කෙනෙක් හොයාගන්න ඕන.. අපි කිවුවොත් එහෙම නිදාගෙන ඉන්න අයත් ඇහැරෙන්න බැරි නෑ..

      Delete
  16. ඉතුරු ටික...ඉතුරු ටික....! :D

    ReplyDelete
    Replies
    1. හෙමීට හෙමීට.... ;-)

      Delete
  17. ඒක ලස්සනයි ඉදිකට්ටා,ඉතුරු ටික ලියපිය ඉක්මනින්

    ReplyDelete
    Replies
    1. හා හොදේ... මෙයාලගේ සද්ද.. හිටු ලියනකන්...

      Delete
  18. දිනේෂ් ඔබ නම් කතා ආකරයක්.. හරිම අගේ ඇති දක්ෂතාවයක්............ විශේෂයෙන් ම ඔබේ හැකියාව අගය කරන්න ඕනේ...........

    ඒ වගේ ම මේ රූප ටික තව තවත් කතාවේ හැඩය හදනවා කියලයි මට නම් හිතෙන්නේ........

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු කුරුටු.. කම්මැලි කමට ලියවෙන දේවල් තමයි ඉතින්..

      ලියනවට වැඩිය අමාරුයි බං ෆොටෝ හොයලා දාන එක.. සිරාවටම..

      Delete
  19. මම හිතුවට වඩා කථාව දිගයි...තවම කියවන්න එපා වෙලා නෑ...බොලා කථාවෙ ජීව ගුණය රැකගෙන හොදම මට්ටමෙන් ලියනවා මලයො.

    ReplyDelete
  20. දුක අවසානයක්නම් එපා හොදද

    ReplyDelete
  21. බය කරන්න එපා යකු :(

    ReplyDelete
  22. සඳ කුමාරි කියවන්න පටන් ගත්තෙ අද ..එක හුස්මට ඔක්කොම කියෙව්ව හරිම ලස්සනයි ..කොටස් වල තිබ්බ මම ආසම ටික තමයි

    // " පුංචි කුමාරිකාව ආස කලේ මුළු අහස පුරාම නිදහසේ පියාඹන්න.
    අහසේ හැම ඉමක් කොනක්ම හොයාගන්න.
    වළාකුළු එක්ක ආදරෙන් ඉන්න
    හරියට පුංචි කිරිල්ලියක් වගේ.
    එත්,
    ඒ කුමාරිකාවගේ පියාපත් කවදාවත් දිග ඇරල තිබුනේ නෑ.
    අඩුම ගානේ ඒකට උත්සාහ අරගෙනවත් තිබුනේ නෑ.
    ඒ නිසාම ඒ පිහාටු තිබුනේ හොදටම ඇලිලා. අඩුම ගානේ පිහාටු කියලවත් හිතන්න බැරිම විදියට. "

    මේ ටික කියවද්දි මොනවදෝ සමීප බවක් දැනුන ... මමත් දන්නා අහල තියන එහෙම කුමාරිකාවක් ඉන්නවා ඇති :) ..ඉක්මනට ඉතිරි ටිකත්කියවන්න ආසාවෙන් ඉන්නෙ

    ReplyDelete
  23. කොටස් හතරම මේ දැන් කියෙව්ව එක පාරටම. කථාව සහ ලිවිල්ල හරිම ලස්සනයි දිනේශ්.
    ඔන්න දුෂ්ඨයින්ව නම් ගන්න එපා මෙයාල දෙන්නා මැදට හොඳෙ.
    පස්සෙ අපි නරකයි කියලා කියන්නත් එපා. :D

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්