Monday, 4 August 2014

කෑම සූත්‍ර ගිය ජිම් පප්පා



ඔන්න ඉතින් පප්පා ගමේ වෙනදා වගේම දවසක්.. කට්ටියත් එක්ක එකතු වෙලා මේසේ වාඩි වෙලා දවල් කෑම ගන්නවා.. කෑකෝ පප්පා පුරුදු විදිහටම ගහේ බැඳලා.. පස්සේ ඉතින් හවසට දෙකක් දාගත්තම කෑකෝ පප්පම එයාමයි එයාව ගහේ බැදගත්තේ කියලා පරණ ඇරියසුත් අල්ලලා සිංදුවක් කියාවි ඉතින්.. කට්ටියගේ කෑම මේසේ මැද්දට එක පාරම ඇවිත් වැදුනේ පණිවිඩයක් ගැට ගහපු හෙල්ලයක්.. ඒක සීසර් අයියගෙන්.. ඒකේ තිබුනේ එලියට ඇවිල්ල එයාව ටිකක් මීට් වෙන්න කියලා.. 


පප්පලාටත් ඉතින් වැඩේ එච්චර ශුවර් නැති හන්දා වෙද පප්පා උදේ හදලා තිබුන අරිශ්‍ඨ ටිකකුත් බීලම කට්ටිය එලියට දුවගෙන ආවා.. එද්දී සීසර් අයියත් ඉන්නවා අස්පයා පිටේ නැඟලා.. ලොකු පප්පත් චන්ඬියා වගේ තසිම උඩ නැඟලා ගියේ සීසර් අයියා ලගට..

" මම ආවේ වැඩකට.."  සීසර් අයියා කතාව පටන් ගත්තා..

" මොකද්ද?"

" උඹලා දැන් මටයි මගේ හමුදාවටයි ඇති වෙන්නම ගහලනේ ඉන්නේ.. තවත් යුද්ධ කලා කියලා ඇති වැඩක් නෑ.. ඒත් අන්තිම දිනුම තීරණය කරන්න මම ගේනවා වැඩ දොලහක් උඹලට කරන්න.."

" මේ සීසර් අයියේ, අපි ඕක කලිනුත් කලානේ.."

" හරි හරි, ඒක මම දන්නවා.. මේක වෙනස් වැඩ දහයක්.. උඹලා මේක දින්නොත් මම හැමදාම උඹලට යටත් වෙලා ඉන්නවා.."

" හා.."

" හැබැයි පැරදුනොත් උඹල එකා එකාව මම කලින් යුද්ධ වලදි ආයුධ හංගපුවා බලන්න එක්කන් යනවා.."

ලොකු පප්පා ටිකක් කල්පනා කලා.. සීසර් අයියගේ වැඩ ගැන ශුවර් එකක් නැති වුනාට ලොකු පප්පට අපේ වීරයෝ දෙන්න ගැන ශුවර් එකක් තිබුනා.. ඉතින් පැන්න ගමන් ලොකු පප්පත් වැඩේ බාර ගත්තා.. චණ්ඩියා වගේ ඔට්ටුව ඇල්ලුවට මොකද කලින් වතාවෙත් අන්තිමේ සිසර් අයියා දාපු ගේම් මතක් වුනාම නම් හැබැයි ලොකු පප්පත් පස්සේ ටිකක් බය වුනා..

" බය වෙන්න එපා වෙද පප්පගේ මැජික් අරිශ්ඨේ තියෙනවනේ.." සූර පප්පා ඉදන් කිවුවා..

" ඔවු මාත් මේ ගෙදරට වෙලා කම්මැලි කමේ හිට්යේ.. කාලෙකට පස්සේ වැඩක් හම්බුනා.." ජිම් පප්පත් සතුටින් කෑ ගැහුවා..

කෝම කෝම හරි ඉතින් ගමේ අයගේ ඔල්වරසන් මැද්දේ සූර පප්පයි ජිම් පප්පයි ආයෙම වතාවක් මේ වැඩ දොලහා කරන්න එළියට ආවා.. ඒ එද්දී සරම කමිසේ ඇද ගත්ත කණ්නාඩි දාපු හීන්දෑරි උස සාදාරණ කොටත් හිටියා..

" මොනවද අපිට කරන්න තියෙන්නේ.."  සූර පප්පා ඇහුවා..

" ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ දුවන්න.."   සාදාරණ කොටා කිවුවා.. ටිකක් දුර ඇවිදන් යද්දී කොලයි කහයි මික්ස් වුන රනින් ශෝටක් ගහගෙන කළු පොරක් දුවන්න ලෑස්ති වෙලා හිටියා..

" මෙයා තමයි බෝල්ට් මල්ලි.. ඔයාලට තියෙන්නේ මෙයාව පරද්දන්න.. මම දිණුම් කණුව ලග ඉන්නම්.."  සාධාරණ කොටා කිවුවා..

රේස් දුවන එක ඉතින් අපේ පප්පලට මහ ලොකු දෙයක් නෙමෙයිනේ.. පුරුදු විදිහටම සූර පප්පා රේස් එක දුවලා දින්නා.. ඊට පස්සේ WWE ගිහින් බ්‍රොක් ලෙස්නර් එක්ක ගහගෙන දින්නා.. බිග් බොස් ශෝ එකට ගිහින් සනී අක්කා එක්ක නටලා එයාගේ මායමට අහු නොවී ශේප් වෙලා ආවා.. ඊට පස්සේ ඒරියා 51 එකේ මැද තියෙන මහ වලේ බැහැලා ගොඩක් දුර ඇවිදන් ආවා..

ඒ එද්දී අපේ පප්පලට දැනුනේ මහ පල් ගඳක්.. හරියට කුණු කාණුවක බැහැලා එන්න වගේ.. ඒත් ඉතින් කරුවළේ මේවා හරිය පේන එකක් කියලයැ.. අන්තිමට ඈතින් එළියක් දැක්කා.. පරණ දිරලා ගිය කඩන් වැටෙන්න ඔන්න මෙන්න තිබුන ඉණිමඟක නැගලා උඩට එද්දීම මහ හයියෙන් හෝන් ගහන් ප්‍රයිවට් බස් එකක් ගියා..

" මේ කොහේද?" සූර පප්පා ඇහුවා..

" නිදහස් චතුරශ්‍රය, ශ්‍රී ලංකාව.." සාදාරණ කොටා වැඩි ගානක් නැතුව කිවුවා..

" අපිට මෙන්න මේකේ කෑම ඉවර වෙනකන් කන්න තමයි තියෙන්නේ.."

සූර පප්පයි ජිම් පප්පයි වට පිට බල බල එද්දී ටිකක් දුර ඇවිදන් ආව සාදාරණ කොටා කන්න ඕන තැන පෙන්නුවා.. දෙන්නම ඒ දිහා බලාගෙන හිටියේ නිකන් බය වෙලා වගේ..

" සූර පප්පේ, මට මේකේ නම නම් එච්චර අල්ලන්නේ නෑ ඔන්න.." ජිම් පප්පා ඉදන් කිවුවා..

" බය වෙන්න එපා ජිම් පප්පේ කෑම කඩයක් කියලනේ කිවුවේ.. ජිම් පප්පා එහෙනම් ගිහින් මේ වැඩෙත් කරලම එන්න.."

" අනේ සූර පප්පේ ඔයත් යමු.."

" අර මොකද, කලින් වතාවේ ගිහින් තනියම කාලා දාලා ආවේ.."

" ඒ උනාට සූර පප්පේ මට මේ නම දැක්කම නිකන් මොකද්ද මොකද්ද වගේ.." ජිම් පප්පා ඇඹරෙන ගමන් කිවුවා.."

" හා හා එහෙනම් යමුකෝ.."

සූර පප්පයි ජිම් පප්පයි එක්ක සාධාරණ කොටත් කඩේ ලගට වෙනකන්ම
ආවා.. කඩේ ඇතුල් වෙන්න හදද්දීම " හායි " කියාගෙන ආව හුරුබුහුටු කෙල්ල දිහා ජිම්පප්පා ඇස් දෙක හාට් එක කරන් බලන් හිටියා..

" සූර පප්පේ මේ මල් අම්මගේ දූවද?"

" මෙහෙ කොහේද ජිම් පප්පේ මල් අම්මගේ දුව.. මෙන්න මේ විකාර නැතුව ඉන්න.."

" ඔයාලා මෙයාව නොදන්නවා උනාට කමක් නෑ.. හැබැයි ඒක අඟවන්න එපා.. එයාට හරියට කේන්ති යනවා එතකොට.."  සාදාරණ කොටා පොතයි පෑනයි අතට ගන්න ගමන් කිවුවා..

" හායි මෙයාලා, එන්න ඇතුලට මොනවද කන්නේ?" ජිම් පප්පගේ අතේ එල්ලෙන ගමන් කෙල්ල කිවුවා..

" ඔයා මේ අර මල්.. " එහෙම කියාගෙන එද්දීම සූර පප්පා ජිම්පප්පගේ බඩට ඇන්න්නා.. " නෑ මේ මොනවද කන්න තියෙන්නේ කියලා අහන්න ගියේ.."

" එන්න එන්න ඕන දෙයක් කන්න තියෙනවා.."

" වල් ඌරු මස් නැද්ද?"

ජිම් පප්පා එහෙම කිවුවට අරයට ඇහුනේ නැද්ද කොහේද.. ජීම් පප්පගේ අතින්ම ඇදගෙන ගිහින් අයිනක තිබුන VIP මේසෙකම වාඩි කලා..

" නංගී තියෙන දෙයක් කන්න ගේන්න.. හොදටම බඩගිණියි.." ජිම් පප්පා කිවුවා..

ජිම්පප්පා එහෙම කියද්දීම එයත් කුස්සියට දිවුවා.. ගිහින් තියෙන කෑම එකින් එක අරන් එන්න ගත්තා..

" මේ තමයි දර්ශණ අයියගේ විශේෂ කුකුළු මස් එක..
මේ ඇවිත් හික්කඩුවෙන් අල්ලපු කකුළුවෝ ව්‍යංජනය..
මේ දකුණේ විදිහට හදපු මාළු ඇඹුල් තියල්..
මහනුවර විදිහට උයපු පොළොස් මාළුව..
මේ ඇවිත් බිත්තර දෙකක්ම දාලා පුච්චපු ආප්ප..
අහ් තව ටිකෙන් අමතක වෙනවා.. රැලි හීනියට තියෙන ඉදිආප්ප.."


ඔය විදිහට සැරින් සැරේ කුස්සියේ දොර ඇරගෙන දුවන් ඇවිත් ගෙනත් තියන ඒවා අපේ ජිම්පප්පත් කාලා දැම්මා.. සූර පප්පා ඉතින් කෑමට එච්චරම නෑනේ.. එයා කලේ ලග තිබුන පත්තරයක් බල බල හිටිය එක.. පත්තරේ  බල බල ඉද්දී කෑම ගේන කෙල්ලගේ ෆොටෝ එකක් එක්ක තියෙන විස්තරේ දැකලා සූර පප්පා ඒක ඕන කමින් බැළුවා..

" ජැකීගේ ආප්පයක් 200යි" කියලා ලොකුවට හෙඩිම තිබුනා.. විස්තරේ ලාවට වගේ බලාගෙන යද්දී සූර පප්පට AC එක අතුලෙත් දාඩිය දාන්න ගත්තා..

" මේ ජිම් පප්පේ ඔය ඇති අපි යමු.."

" පිස්සුද සූර පප්පේ.. මේ නංගිගේ බිත්තර දෙක දැම්ම ආප්පේ හරි රහයි.."

" ආප්පේ රහ උනාට කමක් නෑ මනුස්සයෝ අපි යමු.. ඔය ඇති.."

" එතකොට වැඩ දහය.."

" ඒක යකාට ගියාදෙන්.."

" අහ්, මට අමතක වුනානේ මෙන්න මං පොල් රොටි ගෙනවා.." නංගිගේ අතේ තිබුන පොල් රොටිය දැක්කම ජිම්පප්පට නැගිටින්න හිතුනේ නෑ..

" නෑ අපිට මේ ඇති වගේ.. අපි යන්න කියලා.."

" කොහේ යන්නද, පොඩ්ඩක් ඉන්න බිල හදනකන්.." එයා තරහින් කිවුවා.. වෙන්න යන දේ සූර පප්පට නිකන් ඉවෙන් වගේ තේරුනා.. සූර පප්පා ටක් ගලා සාදාරණ කොටා ලගට දිවුවා..

" ඔක්කොම කෑවා නේද? සාදාරණ කොටා පුරුදු ව්දිහටම ඇහුවා..

" තමුසේ.." සූර පප්පා කේතියෙන් සාදාරණ කොටාගේ උරස්සෙන් උස්සලා ගත්තා.. " තමුසේ තමයි මේ ඔක්කොම කලේ.. කොහෙද මේ අපිව එක්කන් ආව ගිණි ගනන් කඩේ? දැන් බිල ගෙවන්නේ කෝමද?"

" හහ්, පැනලා යන්නද කල්පනාව.." එලියට වෙලා හිටිය සූර පප්පා ලගට ආව එයා කිවුවා.. " එනවා යන්න ඇතුලට අපිට තව වැඩ තියෙනවා.."

එයා සූර පප්පව බලෙන්ම වගේ ඇතුලට ඇදන් ආවා.. සාදාරණ කොටා එයාගේ පොතේ මාර්ක් කලා ඒ වැඩේ කරගන්න බැරි උනා කියලා..

" දර්ශණ, ඔය පිගන් හෝදන මැශිමට දැම්ම පිගන් ටික එලියෙන් තියන්න.. අද අපිට වැඩට දෙන්නෙක් ඉන්නවා.."

සූර පප්පවයි ජිම් පප්පවයි කුස්සිය පැත්තෙන් එළියට එක්කන් යන ගමන් එයා කිවුවා.. අනේ ඉතින් මොනා කරන්නද සූර පප්පයි ජීම් පප්පයිත් වතුර කරාමේ ලග බිම ඇන තියන් පිගන් ටික හෝදන්න ගත්තා..

" සූර පප්පේ, මම කම්මැලිකමටත් එක්ක සිංදුවක් කියන්නද?"

" හා කියනවා.."

" එයා මට කිවුවා
එයා මට කිවුවා
එයා මට කිවුවා 
ආ...දරෙයි කියලා....."



104 comments:

  1. Hahaaa...niyamayi...jackieth hari ,jackie ge aappeth hari !

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ඉතින්..

      Delete
  2. Replies
    1. හොදටම ශුවර්ද පවු කියලා..

      Delete
  3. හිහි...
    පව් අප්ප..
    ජැකිය නෙවේ ජිම් පප්ප

    ReplyDelete
    Replies
    1. ඇයි බං සූර පප්පා. පැත්තක නිකන් බලන් ඉදලා දැන් ගමක පිගන් හෝදන්න එපැයි..

      Delete
  4. පව් යකෝ ජිම් පප්ප... කමක් නෑ මැජික් අරිශ්ඨෙ බීල හින්ද පිඟන් ටික විනාඩි පහෙන් හෝදයි...
    මේක පට්ට ඈ...!
    මම හිතුවෙ බිල ගෙවන්න ගිහින් සීසර් බංකොලොත් වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. පිස්සුද, පරදින්න ඕනම හන්දා සීසර අයියා බිල ගෙවන්නෙම නෑ.. ඒකමනේ මෙතන්ට එවුවෙත්..

      අරිශ්ඨ කතා හිතන්න එපා බොල.. අන්න දෙන්න අතල් එකේ සිංදුවක් කියන් හෝදපු දෙන්..

      Delete
    2. කිවුවත් වගේ අරිස්ටේ අමතක උනාද?

      Delete
    3. එවුවා තිබ්බොත් කතාවේ ආතල් එක නැති වෙනවා.. මෙහෙම හොදා..

      Delete
  5. උඹනම් කතන්දර මල්ලක් දිනේෂයෝ.. ආයෙ කියන්න දෙයක් නෑ, හරිම ආසාවෙන් කියෙව්වා. තැන්කූ මචෝ...

    ReplyDelete
    Replies
    1. උඔත් අලුත් දෙයක් ලියන්නෙ නැද්ද?

      Delete
    2. දෙකක්ම ලියල එකකට බැනුමුත් අහල තියෙන්නෙ බං.

      Delete
    3. මනෝෂ්, ඔය මල්ල ඇතුලට ඉතින් ඉදලා හිටලා අවට මේ වගේ දේවලුත් වැටෙනවනේ ඉතින්...

      මොකද්ද බං බැනුම් ඇහුව සීන් එක..

      Delete
    4. සංජීව, ලියා ඇත.. ඔය මගේ යනෙනන් තැන් වලත් පේන්නම තියෙන්නේ මේකගේ පෝස්ට් එක..

      Delete
    5. ඇ‍යි බං මේ දැන් තියෙන එක නෙවෙයි, ඊට කලින් දාපු එක ගොඩක් දෙනෙක්ට මෙලෝ රහක් නැතිවනේ තිබුනේ.

      Delete
    6. අහ්, එවුවා එහෙම තමා.. අපි උඹලව බැනලා හරි හදාගන්න එහෙම කරනවා තමයි..

      Delete
    7. මනෝ, දිනේෂ් සමාවෙයන් පස්සේ දැක්කේ...ඔන්න බලලා කම්ටුවකුත් දාලා ආවා.

      Delete
    8. අහ්, ඕක මොකද්ද මචං.. අපිටත් පෝස්ට් මග ඇරෙන වෙලාවල් තියෙන්නේ.. කවුරු හරි කාලෙකින් ලිවුවේ නෑ නේද කියලා හොයද්දී ඒකා පෝස්ට් දෙක තුනක්ම ලියලා අපිට මඟ ඇරුන..

      Delete
  6. වළන් හේදුවත් මොකෑ බං බිත්තර දෙකක්ම දාපු ජැකීගෙ ආප්පයක් කාලා. ;D ;))

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙනම් මොකෝ කියන්නේ අපිත් වෙලාවක සෙට් වෙමුද??

      Delete
  7. පට්ට රහයි... උත්ප්‍රාසය ඉහළයි.. කාළින ළිපියක්..

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු මාතලන් අයියේ.. කාළින ලිපි ඔයා තරම් හොදට ලියන්න ඉතින් අපි කාටවත් බැරිය..

      Delete
  8. ජැකී ඉන්න අහලකින්වත් යන්න හොද නැහැ//

    ReplyDelete
    Replies
    1. අපි නම් ගියත් කමක් නෑ.. ඔයලනම් යන්නම එපා..

      Delete
  9. සුපිරි කතාව මචෝ. පට්ට කාලීනයි. මම හිතුව ජැකී අක්කගෙ ආප්පෙ කන්න ඇවිල්ල සූරපන්නල සල්ලං වෙනව කියල.
    තවත් ට්කක්,
    මෙතෙන්ට එකතු කලානං හරි බං ලංකාවෙ පොලීසියට අහුවෙලා බේරෙන සීන් එකකුත්.

    ReplyDelete
    Replies
    1. බෙරෙන්න ලංකාවෙි පොලිසියට අහුවෙලා හු. හිතාගෙන ඇති?

      Delete
    2. රාජ් අයියේ, අපි එහෙමනම් ටිකක් හිතලා ඒ වැඩ දොලහම ආයෙම රීමේක් කරමු.. ආයෙම පාරක් කාටුන් එක ඔක්කොම බලලා ඉන්න ඕන එහෙනම්.. ;-)

      Delete
    3. සංජීව, අනේද කියන්නේ ඉතින්.. සත්තුන්ටත් ගහලා වැරැද්ද උන් ලවාම පිළිගන්නවන සෙට් එකකින් එහෙමත් බේරෙන්න පුළුවන්ද..

      Delete
    4. එහෙනම් වැඩ දොලහා ආයෙම ලියමු මචං

      Delete
    5. බලමු බලමු..

      Delete
  10. මම ආයමත් පුංචි කාලේට ගිහින් ආවා.
    එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. හෙහ්, පුංචි කාලෙට ගියාට ඉතින් කේස් එක මේ පාරනම් හරි දරුණුයි..

      Delete
  11. යකෝ පිඟන් හේදුවත් ජැකී ගේ පිගන් නේ!!!

    ReplyDelete
    Replies
    1. යකඩෝ ජැකීගේ ගලේ අඹරලා හදන කට්ට සම්බෝලේ වගේද බං දංකොටුවේ හදන පිඟන්.. :P

      Delete
  12. හැක් හැක්..සුපර් ඈ! මේ දවස්වල ලංකාවෙ ට්‍රෙන්ඩ් එක බන් ජැකීගේ ආප්ප "බලන්න" යන එක..කන්න කාටෙයි සල්ලි තියෙන්නේ!වටෙන් ගිහිං බලලා පොටෝ කෑල්ලක් දෙකක් බුකියේ දාලා චෙක්-ඉන් වෙනවලු එළියේ ඉඳන්..එනගමන් හංදියේ කඩෙන් රුපියල් 30ට බිත්තර ආප්පයක් ගෙනත් ජැකීගේ වගේ හිතං කනවලු..:D

    ReplyDelete
    Replies
    1. ලොල්, අන්න නියම සීන් එක.. මමත් මේ හිතන් ඉන්නේ ලංකාවට ආවම ගිහින් කාලා එන්න කියලා.. මදාරට කියනවා උණුවතුර බෝතලේකට ඉඟුරු කෑල්ලක් දාල ප්ලේන්ටියක් හදාගන්න කියලා..

      Delete
  13. Replies
    1. තැන්කිවු වේවා.. උඹව මේ පැත්තේ දැක්කමයි මේ..

      Delete
  14. පොඩි කාලෙට ගියා වාගෙ.

    ReplyDelete
    Replies
    1. චයිල්ඩ්හුඩ් එක විනාස උනාද මන්දා මේක කියෝලා.. ^_^

      Delete
  15. හෙ හෙ ඔයාටත් පහලවෙන අදහස්.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අක්කෝ, මෙහෙම දේවල් වෙද්දී ඉතින් නොලියත් කොහොමද අපි..

      Delete
  16. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

    ReplyDelete
    Replies
    1. අහ්, විස්තරේ කිවුවට ස්තූතියි.. එන්නම් ඒ පැත්තේ..

      Delete
  17. ජැකීගෙ පීරිසිය හෝදන්න දෙනවනං ඉතින් මාත් යනව නිවාඩු දාල හරි. මොකෑ මෙහෙ මේ ගෙවල් ගාව ඉන්න කෙන උනට් නිකවත් දකින්න ලැබෙන්නෙ නෑ නෙ.


    උඹෙ කතාවනං ජැකීගෙ ආප්පෙට වඩා රසයි බං.!

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒකනම් ඇත්ත අයියේ.. නිවාඩුවකට ගියාම අනිවා යන්න.. මාත් යන්නමයි හිතන් ඉන්නේ.. ඊට කලින් ආප්ප කඩේ වැහෙන්නේ නැතුව තියේවා කියලා ප්‍රාර්ථනා කරමු..

      Delete
    2. උඹ බය නොවී ඉදපං. ලංකාවේ එවුන් ඉන්නකන් ඕක වැහෙන්නේ නෑ.

      Delete
    3. හෙහ්, එහෙම උනොත් හොදා..

      Delete
  18. පට්ට් ලල් එක

    ReplyDelete
  19. හි .. හී ...මේපාරනම් සීසර් අයිය මොලෙන් වැඩක් අරන් ලියෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. අපොයි වැරදිලා.ලියෙන්නෙ නෙමෙයි තියෙන්නෙ

      Delete
    2. ඒකනේ කියන්නේ.. සීසර් අයියා කාලාන්තරයක් බලාගෙන ඉදලා තියෙන්නේ ඕකට තමයි..

      Delete
    3. දෙකම හරි ළිහිණි...චුට්ටක් හිතලා බලන්ට. :D

      Delete
    4. පොඩ්ඩි අක්කා ඉදන් දැන් ඔන්න මගෙත් ඔළුව පිස්සු කරනවා.. o.O

      Delete
  20. කාල බිල ගෙවන්නැතුව පිඟන් හෝදන්න දෙනවනං මටත් යන්න හිතයි.. මොනා වුනත් ජැකීගෙ ආප්පයක් කනවැයි කියන්නෙ ලේසි පාසු දෙයක්ද.. :D
    මේක මරු කතාව ඈ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ... ගිහින් එක ආප්පයක් කාලා ෆොටෝ කෑල්ලක් දැම්මත් සැපයිනේ.. හා නැද්ද මං අහන්නේ..

      Delete
    2. ආප්පයක් කලා ආප්ප දහයක් කෑවා වගේ ටෝක් කරන්න ඕන.

      Delete
    3. කෝමත් තියරියත් ඒකනේ..

      Delete
  21. කතාව වෙනදා වගේම රහයි, කෑම ගැනනේ තියෙන්නේ, හිතේ හැටියට කෙසේ වෙතත් අතේ හැටියට කන්න පුළුවන් එකෙන් ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් එක ආප්පයක් කාලා එන්න තමයි තියෙන්නේ..

      Delete
  22. ජිම් පප්පා පවු බන්..

    දැන් ඉතින් ගමේ එවුන් එක එකා පලයවුකෝ රෝමන් කාරයන්ගේ හංගපු ආයුධ හොයන්න..

    ReplyDelete
    Replies
    1. හෙහ්, උඹට විතරයි බං ඒ හරිය මතක් වුනේ...

      මේ පැත්තට සාදරෙන් පිළිගන්නවා..

      Delete
  23. ආප්පයක් 200 ක් වෙන්න මොනාද දන්නෙ නැ එකේ තියනවා ඇත්තෙ. ? මං හිතන්නේ අති විශේෂ බිත්තරයක් එකතු කරනවා ඇති :D

    ReplyDelete
    Replies
    1. ජැකීට ඉන්නවලු රත්තරං බිත්තර දාන කිකිළියෙක්.. හංඟගෙන ඉන්නේ.. ඒකයි ආප්ප එච්චර ගනන්.. ;-)

      Delete
  24. ඒයි පට්ට බන්,, උදේ කියෙවුවා කොමෙන්ට් එක දැම්මේ දැන්,, කාලෙකින් ආවේ අම්මෝ මරු

    ReplyDelete
    Replies
    1. හෙහ්, එල එල.. තැන්කිවු ඈ..

      කමෙන්ට් නම් ඉතින් පැත්තක දාමු.. මොකෝ බං දැන් ලියන්නේ නැත්තේ??

      Delete
    2. ලියපිය ලියපිය කම්මැලි නොවී..

      Delete
  25. අදේ මේක නියමයි බොල .....මං හිතුවා සූර පප්පයි ජිම් පප්පයි ලංකාවට සැපත් වෙයි කියලා හික්...

    ReplyDelete
    Replies
    1. හෙහ්, සැපත් නොවී කොමද බං.. ආතල් තියෙන්නේ මෙහෙනේ..

      Delete
  26. ජැකිට හෙන ගහපුදෙන් හොද වෙලාව මම කඩවල් වලින් කන්නේ නෑ...පට්ට රහ කතාව මල්ලි... ලංකාව ඈදගෙන වැඩක් කරපු එකෙක් දිනලා තියෙනවද?මතකනේ හදට යන්න ගිය කතාවෙදි වෙච්ච සන්තෑසිය රුසියන් කාරයට පගාවක් දීලා එතනිනුත් කියක් හරි හම්බ කර ගත්ත එවුන් ලංකාවේ ඉන්නේ මුන්ට කරන්න වැඩ නැතුවට :p

    ReplyDelete
    Replies
    1. // ජැකිට හෙන ගහපුදෙන් හොද වෙලාව මම කඩවල් වලින් කන්නේ නෑ // අනේ නිකන් පලයං බොරු නොකියා..

      ලංකාවේ ඉන්නේ ලොවෙත් නැති බුවාලනේ.. ඉතින් මේවා සිම්පල් කේස්..

      Delete
  27. මමත් ආසයි බං ජැකීගේ අප්පයක් හරි මොනවා හරි කන්න.වළලු දාපු අතකින් ටොක්කක් හරි කමක් නැහැ..:D

    ReplyDelete
    Replies
    1. වෙන මොනාවත් කන්න එපා බං.. ගිහින් හදලා තියෙන කෑමක් කාපං.. උඹලත් ඉතින්.. අනේ මන්දා.. :-P

      Delete
    2. wife ට වලලු ටිකක් අරන් දියන් පවුම් 6 7ක වුනොත් බැනිබෙරේන ටොකක් අනි

      Delete
    3. යකඩෝ පවුම් 6ක් 7ක්... මදි නැද්ද දන්නේ නෑ..

      Delete
    4. wife ලා කොහේද බං තනිකඩ මට.අනික උඹ අරන් දෙන්න කියන්නෙත් පොඩි ඒවත් නෙවේනේ යකෝ.
      ඔන්න බ්‍ර එකක් නම් උඹෙන් හරි අරන් දෙන්න ඇහිකි.එත් පවුම් 6,7 වළලු...:D

      Delete
    5. හික්ස්, සිරා කතාව.. දැන් එතකොට සංජීව බ්‍රා බිස්නස්ද කොරන්නේ??

      Delete
    6. ඇයි උඹ දැකලා නැතිද අර ඇඩ්වටිස්මන්ට් එකක් යන්නේ
      බ්‍ර නම් සංජිව
      සංජිව නම් බ්‍ර කියලා...:D

      Delete
    7. අහ් ඒකද.. දැක්කා දැක්කා..

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete

  29. ජැකී ම හදලා දෙනවනම් එයාවත් හෝදන්නම් කෝ අතුල්ලලා...

    කතාව නම් පට්ට රහයි ඈ

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඔය කිවුවේ ඉතින් කතාවක් කවුද වගේ.. බලන් හිටහන් හම්බුවෙයි මේන් කියලා..

      Delete
    2. ඒවා අපි වගේ බයියලට බෑ

      Delete
    3. අනිවා අනිවා..

      Delete
  30. යකෝ මුව කොටියම කන්න එපැයි ඒ අහිංසකිට හදලා තියෙන කතාවට අම්මපා ...

    ReplyDelete
    Replies
    1. අම්මපා මුංට තද වෙන තරම් බලපල්ලකෝ මොනා හරි කිවුවම.. :-P

      Delete
  31. ෂැහ් 200 යි ද ජැකීගේ ආප්පේ.... හොදටම මදි...

    පට්ට ස්ටෝරිය...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උඹලා ඉතින් සල්ලි කාරයොනේ.. මදි වගේනම් අපිවත් එක්ක ගිහින් අරන් දීපන්කෝ ආප්පයක් කන්න.. ^_^

      Delete
  32. ජැකීගෙ ආප්පෙ කන්න ඉතිං සල්ලි වැඩියෙන් තියෙන කොළඹ මෝඩයො එකතු වෙයි. දර්ශනගෙ කුකුල් මස් කරියෙ වෙන මසක රහක් එනවා ඇති මම හිතන විදියට...කථාව ආප්පෙ දක්වා ගෙනත් තියෙන විදිය බොහොම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. දර්ශනගේ විශේෂිතලුනේ.. කවුද දන්නේ සීක්‍රට් එක මොකද්ද කියලා.. එහෙම කියන්න එපා අයියේ.. මේ වගේ හොද පොශ් තැනකින් කන එක නම්බුවක්.. ;-)

      Delete
  33. පිස්සු හැදෙයි...මෙහෙම ඒවා මට හිතෙන්නේ නැති හැටි අප්පා

    ReplyDelete
    Replies
    1. ලොකූ, මොකෝ කියන්නේ මං කලා වගේ ඔපරේශන් එකක් කරමුද??

      Delete
  34. http://helppal.tk/discussions kattiya awith set wenna ape forum ekata.

    ReplyDelete
    Replies
    1. කලින් ආවා වගේ මතකයිනේ..

      Delete
  35. ආදරේ තමයි..පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා අප්පා..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මේක ඉතින් ලංකාවනේ අක්කෝ...

      Delete
  36. කතාව නියම්යි. මාර ආසාවෙන් කියෙවුවේ.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා..

      Delete
  37. සූර පප්පලගේ ආර්ථිකෙත් මහින්ද මාමගෙ ආර්ථිකේ වගේම වෙන්නැති. නැත්නම් එංගලන්තේ ඉඳන් ඇවිත් ආප්ප ගණන් වැඩියි කියයිද. 200 නෙමේ 500 උනත් කන මිනිස්සු ඕනිතරම් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සූර පප්පලා සෙට් වෙන්නේ ඉතාලිය පැත්තට වෙන්න නේද? දැන් ඉතින් කොහෙත් ආර්ථිකේ හරි දරුණුයි කියලා තමයි කියන්න වෙන්නේ.. ලංකාවේ ඉතින් එහෙම ප්‍රශ්ණ තියෙනවයි...

      Delete
  38. Aiyoooo eyala paradilaaaaa..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්