Monday, 11 August 2014

බ්ලොග් අවකාශයේ මහා පුදුම 7


බ්ලොග් අවකාශය කියන්නේ කොයි වගේ තැනක්ද කියන්න මම අමුතුවෙන් උත්සාහ කරන්න ඕන නෑ කියලා මම හිතනවා.. ඒක අපි හැමෝම දන්නවා.. අපි හැමෝටම දැනෙනවා වගේම ඒක අපි හැමෝම විදිනවා.. බ්ලොග් කියන්නේ අමුතු මැජික් එකක් නම් නෙමෙයි.. ඒත් අනිත් අයව ආකර්ශණය කර ගන්න පුළුවන් හැංගිච්ච දෙයක් මේක අතර තියෙනවා.. ඒ වෙන මොකක්වත් නෙමෙයි.. තමන්ගේ හැකියාව.. ඒ හැකියාව අනිත් අයව පුදුමයට පත් කරන එක නවත්තන්න කාටවත්ම බෑ..

එතකොට අපි හැමෝම දන්න මේ බ්ලොග් අවකාශය තුල අන්න ඒ වගේ පුදුමයන් තියෙනවද.. ඔව්, ඇත්තෙන්ම.. සමහර විට ඔබ ඒ ගැන අහලා ඇති.. දැනුවත් ඇති.. ඒ ගැන වැඩිය හිතන්න නැතුව ඇති.. එහෙම නැත්නම් ඒ ගැන නොදන්නවා වෙන්න ඇති.. මේක කොහෙත්තම පුද්ගලයෝ පිරිසක්වත් සිද්දී කීපයක්වත් නෙමෙයි.. මේ දෙකේම එකතුවක්.. 





එහෙනම් මෙන්න මෙහෙමයි සිංහල බ්ලොක් අවකාශයේ පුදුම 7



1.      කතන්දරකාරයා



කතන්දරකාරයා කියන්නේ සිංහල බ්ලොග් අවකාශයේ වැදගත්ම සාදකයක්.. මම නම් කතන්දරකාරයාව දකින්නේ අපි හැමෝම මේ එල්ලිලා ඉන්න බ්ලොග් කලාවේ අත්තිවාරම හැටියට.. ඔහුට කලින් බ්ලොග් කරනයට ආව අය ඇති.. ඒත් අවුරුදු පහක කාලය ඇතුලත ඔහු කරපු දේවල් වගේම ඔහු ලඟා කර ගත්ත දේවල් වත් ලබා ගන්න ඒ කාටවත් බැරි වෙන්න ඇති.. සමහර ව්ට අනාගතයේදි දවසක ඒවා අභිබවා යන්න කවුරු හරි ඉදිවි.. ඒත් තව වසර කීපයකට ඒ හැම දෙයක්ම ඒ විදිහටම තියේවි..

කතන්දර කාරයා අපිට ඇයි මේ තරම්ම වැදගත් තීරණාත්මක සාදකයක් වෙන්නේ? කතන්දරකාරයා කියන්නේ නිර්මාණ තෝතැන්නක්.. ඔහුට ලිපියක් ලියන්න කරුණු කාරණ හොයන්න කිසිම වුවමනාවක් නෑ.. ඔහු තුලම ඔහුගේ ජීවිතේ තුලම ඔහුට ලියන්න ඕන කරන හුඟක් දේවල් තියෙනවා.. මම හිතන්නේ ඔහුගේ සාර්ථකත්වට රැදුනෙත් අන්න එතනම තමයි..

තව දෙයක් තමයි කතන්දරගේ ලිවිමේ විලාශය.. සමහර කාරණා මතබේඳයට ලක් වුනත්, ඒ වටා ප්‍රශ්ණ මතු වුනත් ඔහු ඒ දේවල් ගැන ලිවුවා.. විවේචන වලදි ඒවට දෙන්න තරම් සාර්ථක පිළිතුරුත් ඔහු ලගම තිබුනා.. කතන්දරකාරයා කියන්නේ අපේ කාලේ බ්ලොග් මහ ගුරුවරයෙක්..



2.      ටැබූ සබ්ජෙක්ට්ස්



ටැබූ කවුද කියන්න ඔබ දන්නවද?? නැහැ.. මම හිතන්නේ නෑ ටැබූ ගැන කියන්න කවුරුවත්ම දන්නවා ඇති කියලා.. ටැබූ කියන්නේ හරියට අවතාරයක් වගේ චරිතයක්.. ටැබූ කියන්නේ දේශපාලනික වශයෙන් ඉහලම ලිපි පියපු අයෙක්.. බොහොමයක් දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි ඒ දේශපාලනමය මති මතාන්තර හන්දම ටැබූ බ්ලොග් අවකාශයෙන් හදිසියේම අතුරු දහන් වෙලා ගියාය කියන එක..

ටැබූ සබ්ජෙස්ට් බ්ලොග් එක වැහිලා ගිහින් දැන්නම් අවුරුදු තුනකටත් වැඩියි.. මම බ්ලොග් වලට ආගන්තුකම කාලේ ටැබූගේ බ්ලොග් එක කියවලා විතරක් නිකන් හිටියා මට මතකයි.. ඒ මොකද ඒ අදහස් වලට ඒ තාර්කික කරුණු වලට කෙමෙන්ට් කරන්න පුළුවන් කමක් මට නොතිබුන හන්දා.. හැබැයි එහෙම අයත් හිටියා.. ඒ අපේ කතන්දරලා වගේ අය.. කතන්දර - ටැබූ  වලිය වුනත් මතක අයත් තාම මේ බ්ලොග් අවකාශයේ ඉන්න පුළුවන් කියලා මම හිතනවා..

කොහොම වුනත් ටැබූ කියන්නේ හරියට මිත්‍යාවක් වගේ දෙයක්.. මොනයම්ම හරි හේතුවකට ටැබූ අතුරුදහන් වෙලා නොගියනම් අද බ්ලොග් අවකාශයේ ඉන්න මහා බ්ලොග් කරුවා ටැබූ වෙන එක අනිවාර්‍යයි කියලයි මගේ අදහස.. කෝම වුනත් වතාවක් කතන්දර ලියලා තිබුන ටැබූ එයාට එවුව ඊ- මේල් ගැන ලිපිය කියවද්දී නම් හිතුනෙම ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එක ලියන කෙනාමද ඒ  කියලා..

අදටත් ටැබූ ගැන එහෙන් මෙහෙන් කතාබස් වෙන වෙලාවල් තියෙනවා.. ඒ ටැබූ ලියපු දේවල් හන්දා..

3.      ඇනෝනිමස් සංකල්පය



බොහෝ දෙනෙක් කතා කරන, බොහෝ දෙනෙක් ගරහන, බොහෝ දෙනෙක් උපහාසයට ගන්න, බොහෝ දෙනෙක් බැහැර කරන මාතෘකාවක්.. ඇත්තටම ඇනෝ සංකල්පය කියන්නේ එහෙම ගැරහිය යුතු දෙයක් නෙමෙයි.. ඒ කොහොම වුනත් අපි අපි විසින්ම ඒක ඒ තත්වයට ඇදලා දාගෙන තියෙනවා..

අපි මීට වසර දෙක තුනක් අතීතය ගැන හිතලා බලමු.. ඒ කාලයෙදී මේ ඇනෝ කියන දේ ගැන කවුරුවත් අතර වැඩි කතාබහක් තිබුනේ නෑ.. අඩුම ගානේ කවුරුවත් එහෙම දෙයක් තියෙනවද නැද්ද කියන එකවත් ගැන වැඩිය උනන්දුවක් කලෙත් නෑ.. නමුත් හොද විවේචන, වටිනා අදහස් එක් කරපු ඇනෝලා ඉදලා හිටලා අපිට දකින්න ලැබුනා..

ඒත් කාලයත් එක්ක මේ ඇනෝ කියන සංකල්පය හිස ඔසවලා ආවා.. නමුත් ඒ වැඩිහරියක්ම යහපත් විදිහකට නම් නෙමෙයි.. බ්ලොග් ලියන අපි කාට වුනත් ඇනෝ එක මොහොතකට හරි එපා උන වෙලාවක් තියෙන්න පුළුවන්.. ඒක තමයි ඇත්ත.. හුදෙක් ඇනෝනිමස් කියන සංකල්පය යොමුවුනේ එදිනෙදා නිරන්තරයෙන් මේ අවකාශ වල සැරිසරන්නේ නැති අයට වුනත් කාලයත් එක්ක ඒක පෞද්ගලික මතිමතාන්තර එලි දක්වන්න හොදම විකල්පයක් වුනා.. මේක ගැන ඉතින් විවිධ මත තියෙනවා.. අපි හුඟක් ඒ ගැන කතා කරලත් තියෙනවා..

මේ සංකල්පයේ කිසි වරදක් නැහැ.. මෙතන තියෙන්නේ ඒක වෙනස් අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත්ත එක.. කතන්දර බ්ලොග් එකේ ප්‍රතිචාර කියවද්දී අපිට ඔය කියන හැම ජාතියයකම ඇනෝලාව දකින එක ඒ තරම්ම අපහසුවක් නෙමෙයි..


4.      හිට් කවුන්ටරය.



දැන් හැමෝම කල්පනා කරයි හිට් කවුන්ටරයේ මොකද්ද තියෙන විශේෂත්වය කියලා.. මම මෙහෙම දෙයක් කිවුවොත් එක වතාවක් එක්කෙනෙක් එද්දී එකක් විදිහට එකතු වෙන්න ඕන හිට් එකක් ඊට වඩා වැඩි ගණනකින් හිට් කවුන්ටරයට එකතු වෙනවනම්..

මේ ගැන කතාබහක් පැතිරිලා ගියේ මීට අවුරුදු දෙකකට විතර උඩදී.. ඒක හරියට සීතල යුද්ධයක් වගේ.. ඇනෝනිමස් සංකල්පයේ ප්‍රතිලාභ හොදින්ම පාවිච්චි කරපු අය මේ ගැන ලොකු කතාබහක් බ්ලොග් කීපයක් අල්ලගෙන කරගෙන ගියා.. ඒක නම් සිද්ද වුනේ ඔය හොදට ප්‍රෝගැමින් දන්න අය කරපු පොඩි කෝඩ් එකක වෙනස් කීරීමක් හන්දා..

ඒ බ්ලොග් වල ලිපියක් කියවන්න කෙනෙක් ආවම හිට් එක වැඩිවෙන්නේ ඊට වැඩිය වැඩි ගානකින්.. ඔය කතාව ඇදලා ගත්ත අයනම් ඒක හොදටම බලාගෙන හිටියා කියලා තමයි කියන්නේ.. හැබැයි දැන්නම් කවුරුවත් එහෙම දේවල් කරන්නේ නෑ කියන එකයි මගේ හැඟීම..


5.      බ්ලොග් මැරතන්.



මේක නම් දැන් බ්ලොග් ලියන බොහෝමයක් දෙනෙක්ට අළුතින් දැන ගන්න කාරණයක් වේවි.. බ්ලොග් මැරතන්.. මොකද්ද මේ බ්ලොග් මැරතන් කියන්නේ.. මේක ඇත්තටම ඇවිත් ඉවෙන්ට් එකක්.. හැබැයි අවුරුදු උත්සවේ වගේ එකක් නම් නෙමෙයි.. අන්තර්ජාලය හරහා දුවපු මැරතන් එකක්.. දැන් හිතනවා නේද අන්තර්ජාලයෙන් මැරතන් දුවන්නේ කියලා..

මේ මැරතන් එක ඇවිත් බ්ලොග් පෝස්ට් මැරතන් එකක්.. මේකට මුල් වුනේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය.. ඒ අය කිවුවේ පුළුවන්නම් විනාඩි 15කට සැරයක් පෝස්ට් එකක් දාන්න කියලා.. මේකෙදි කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වුනේ නෑ.. මූලිකම ඕනකම වුනේ සිංහල බ්ලොග් කරණය ඉහලට ගැනීම..

මේකෙදී කිසිම විදිහක නිතී රීතී අනිවාර්ය කරුණු කිසිම දෙයක් තිබුනේ නෑ.. අඩුම ගානේ හරියට විනාඩි 15න් පෝස්ට් දානවද කියලා හොයන්නවත් කවුරුවත් හිටියේ නෑ.. මේක හුදෙක්ම විනෝදය සදහා පමණක්ම සීමා වුන දෙයක්.. විනාඩි 15 පුංචි පෝස්ට් ලියවෙන හන්දා තරගේ වෙනුවෙනම් වෙනම බ්ලොග් එකක් හදා ගන්න වුනත් පහසුකම තිබුනා..

මේ මැරතන් එක දිවුවේ 2010 මාර්තු මාසේ.. ඊට පස්සෙ නම් මැරතන් එකක් ගැන තොරතුරක් අපිට ලැබුනේ නෑ..


6.      හොදම කාන්තා නියෝජනය.



මට මතකයි කවුරු හරි කියලා තිබුනා කෙල්ලන්ට බ්ලොග් ලියන එක අපලයි කියලා.. කාලයත් එක්ක බලාගෙන යද්දී ඒ කතාවේ ඇත්තකුත් නෑ කියන එක හොදටම පේන්න තියෙනවා.. හොදින් ලියන්න පුළුවන් හොද නිර්මාණාත්මක අදහස් තියෙන අය පෞද්ගලික හේතු හන්දා බ්ලොග් ඉක්මනට බ්ලොග් අත ඇරියා.. එහෙමත් නැත්නම් ඔවුන්ට කලකිරෙන්න හේතු ඇති වුනා.. තවත් සමහරුන්ව එලවා ගත්තා..

ඒ ඔක්කොම අතරේ සාර්ථකව බ්ලොග් එකක් ලියාගෙන එනවා කියන්නේ ඇත්තටම ලේසි පහසු දෙයක් නෙමෙයි.. එහෙම කරපු එක්කෙනෙක් නෙමෙයි තුන්දෙනෙක්ම ඉන්නවා..

සොදුරු සිත ලියන වත්සලා අක්කා.. මම හිතන්නේ ඔය අනික් අය බලන හිට්ස්, ෆලෝවර්ස්, පෝස්ට් මේ හැම දෙයක්ම අතින් බැළුවම අති සාර්ථකම බ්ලොග්කාරිණිය තමයි වත්සලා අක්කා.. වත්සලා අක්කා දැන් බ්ලොග් ලියන්නේ 2009 ඉදන්.. ලිපිත් 600ක් විතර ලියලා තියෙනවා මේ වෙද්දී..

ජීවිතේ මල් ලියන දිල්ශාරා අක්කා.. මම දකින හොද විශිෂ්ඨම ලේඛිකාවක්.. ඇගේ නිර්මාණ වල තියෙන්නේ අමුතුම කලාත්මක බවක්.. බැළු බැල්මට සමහර දේවල් එක පාරම තේරුම් ගන්න අමාරුයි.. දිල්ශාරා අක්කත් බ්ලොග් ලියන්න පටන් අරන් තියෙන්නේ 2009 ඉදන්..

රෝස වළාකුළු ලියන නෙරංජි.. නෙරංජිගේ ලිපි හුඟක් හිතට තදින්ම කතා කරන ලිපි.. විශේෂයෙන්ම නෙරංජිගේ " දූවිලි සිහින " කතාව.. 2010 ඉදන් තමයි නෙරංජිත් බ්ලොග් ලියන්නේ..

මම මේ තුන් දෙනාගෙන දකින ලොකුම විශේෂත්වය තමයි ජනප්‍රිය වෙන්න හිතාගෙන ලිපි නොලියන එක.. ඔවුන් අකුරු කරන්නේ ඔවුන්ගේ හිතේ ඇදෙන ඇත්තටම හුඟක් ලස්සන සිතුවිළි.. අදටත් ඔවුන්ගේ තියෙන සාථකත්වයට ඒක ප්‍රධානම හේතුවක් වෙන්න ඇති..


7.      ලොවෙත් නැති කොන්ක්‍රීට් බ්ලොග් එක..


මේ ගැන කියන්න දෙයක් නෑ.. දැන් ඉන්න හැමෝම මේ බ්ලොග් එක ගැන අනිවාර්යෙන්ම දන්නවා.. ඒ තමයි ප්‍රසන්නගේ ලටපට.. මේක  තරම් ඉතින් පුදුමයක් වෙන තියෙනවද.. ඒ මොකද ප්‍රසන්න අයියා ඇවිත් ක්‍රියාකාරී බ්ලොග් කාරයෙක්.. ලිවීම පැත්තෙන් කෝම වුනත් කියවීම පැත්තෙන්.. ඊට පස්සේ මුහුණු පොතේ නිතරම ගැවසෙනවා අපි දකිනවා.. කාලයත් එක්ක බ්ලොග් ලිවීම අත ඇරපුවත් අතුරුදහන් වෙච්ච මනුස්සයෙක්වත් නෙමෙයි මේ ලටපට බ්ලොග් එක ලියන්නේ..

" ඔන්න පටන් ගත්තා " කියලා මාතෘකාව දාලා " පුලුවන්නං දැන් ඉතිං කරගෙන පලයංකො." කියලා දිර්ඝ පොස්ට් එකක් මුලින්ම දාන්නේ 2011 ජුනි මාසේ.. ඊට පස්සේ බ්ලොග් එකක් තියෙනවද කියලවත් හෙවුවේ බැළුවේ නැතුවට හරියටම අවුරුද්දකින් පෝස්ට් එකක් දානවා " අවුරුද්දයි " කියලා.. ඊට පස්සේ දෙවනි අවුරුද්දට..  තුන් වෙනි අවුරුද්දට එකක් තමයි ලිවුවේ නැත්තේ හැබැයි..

ඒ කෝම වුනත් ලිපි තුනක් තියෙන මේ බ්ලොග් එකේ ෆලෝවර්ස්ලා 118ක් ඉන්නවා වගේම ලිපි තුනට විතරක් කමෙන්ට් 665ක් තියෙනවා..  ඉතින් මේක පුදුමයක් නෙමෙයිද????


හරි ඔන්න එහෙනම් මේක තමයි පුදුම 7 ගැන මගේ විස්තරේ.. මේක මේ මට පෞද්ගලිකව හිතුන කාරණා මත පදනම් වුනා දෙයක් නිසා මේකට එකග නොවුනා කියලා කිසිම ප්‍රශ්ණයක් නෑ.. මටත් මඟ හැරුන දෙයක් තියෙනවනම් පහල කමෙන්ට් වලින් කියලා යන්න..


විශේෂයි.. අහ්, මේකනම් එච්චර වැදගත් දෙයක් නෙමෙයි..  මේක ලියන්න හිතුනේ ඊයේ මගේ 4වෙනි බ්ලොග් උපන්දිනේ හන්දා.. ;-) හැමදාමත් ලගින් හිටිය හැමෝටම හුඟක් ස්තූතියි.. වර්ණය කියවන්න ගොඩ වදින විනාඩි කීපය ඒ කෙනාට " අපරාදේ " කියලා නොහිතෙන්න ඉදිරියටත් ලිපි ලියන එකයි මගේ එකම බලාපොරොත්තුව..






120 comments:

  1. පසුගිය සිව් වසරේ ඔබ ලියූ විදේශීය ආරේ කෙටිකතාවලට තමයි මා වැඩියෙන්ම කැමති.

    මං වගේ නොවී දිගටම ඇදන් යන්න ලැබේවා!

    සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. කතන්දර යන්න ගිය එක තමයි මේ බ්ලොග් ලෝකේ වෙච්ච කනගාටුදායකම සිද්ධිය. අපි කතන්දර කියවන්න පටන් ගත්ත විතරයි. අර මාතලන් කියනවා වගේ "කතන්දර" බ්ලොග කියන්නේ බ්ලොග් සිංහල බ්ලොග් අවකාශයේ තියෙන පාසලක්. කකා ගේ ඒ තීරණයට හේතු වෙච්ච කාරණේ නං මම දන්නේ නැහැ. කකා ගේ පැත්තෙන ඒ තීරණේ සාධාරණ වෙන්න ඇති. එත් බ්ලොග් වල ඇති වෙච්ච ඒ හිස් අවකාශය නම් බොහොම අසාධාරණයි.

      Delete
    2. කතන්දරකාරයා, ඔබ බ්ලොග් එක නවැත්තුවේ නැත්නම් කොච්චර එකක්ද කියලා මට තාමත් හිතෙනවා.. බ්ලොග් මුල් ගුරුවරු නැති එකේ අඩුව ගැන මම කීප දෙනෙක් එක්ක කතා කරද්දී ඔබත් සමුදුන්නා..ඔබ ඇසුරේ හිටිය එකම සතුටක්..

      Delete
    3. විභීෂණ, කකාගේ ඒ තීරණේට හේතු අපි කවුරුවත් දන්නේ නෑ.. කෝම වුනත් අපි කැමතියි ආයෙමත් ඔහු එනවනම්.. උඹ හරි.. ඒ හිඩස වහන්න බෑ කොහෙත්තම..

      Delete
    4. මුලින්ම වසර 4 ට සුභ පැතුම් !

      කතන්දර නැති එකෙන් වෙන්නෙ සිංහල බ්ලොග් අවකාශයේ ජීව ගුණය නැති වෙන එක. හරියට උසේන් බෝල්ට් නැති මීටර් 100 ෆයිනල් වගේ.....!

      ඊලගට මමත් හිතාගෙන හිටියා වැඩියෙන කියවපු බ්ලොග් ලිපි ගැන පොඩි ලිපියක් දාන්න මේ වගේ.... !

      ඒ වගේ ලිපියකුයි, දිනේෂ්ගෙ "තුන ඉවර වුනු" එකට චිත්‍රෙකුයි අඳින්න තිබ්බා පොඩී ඉස්පාසුවක් ආවනම්!

      Delete
    5. ඒක ඇත්ත අයියේ.. කතන්දර කියන්නේ අපිට බ්ලොග අවකාශයෙන් අයින් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.. බ්ලොග් කියන දේ වටින අපි වගේ අයට කතන්දර අනිවාර්‍යෙන්ම ඕන කෙනෙක්..

      අහ් හා හා ලියන්න ලියන්න.. කාලෙකින් ඒ පැත්තේ ලිපියක් දැක්කෙත් නෑ අපි..

      අෆ්ෆේ, මට චිත්‍රයක්.. ඊට වඩා සතුටක් මට කොයින්ද? අවුලක් නෑ අදින්න තිබුනා කියලා හිතුන එකම මට මදැයි ඉතින්..

      තැන්කිවු අයියේ..

      Delete
    6. කකා නැති පාළුව දැනෙන්න ගත්තේ,පෝස්ට් 1033 ම කියෙව්වම.
      කකා බ්ලොග් එක නවත්තද්දි,මම බ්ලොග් එකේ මැද හරිය කියවමින් සිටියේ.
      මම පසුතැවිලි වෙනවා කමෙන්ට් 1033 ක් නොදාපු එකට.

      පුද්ගලික ජීවිතය පළමු තැන වගේම,ජීවිතේ ප්‍රමුඛතාවයන් දිය යුතු කාරණා කලින් කලට වෙනස් වෙන නිසා,මම කකාට මුකුත් කියන්නේ නැ.
      දුකයි තමයි කියන්නේ ‍ෙඛ්දවාචකයක්.!

      Delete
    7. හෆ්ෆේ පෝස්ට් 1033 එක දිගට කොහොම කියෙවුවද මන්දා.. මටනම් වාසනාවට වගේ ඒ අවුරුදු 5න් 4ක්ම කකාගේ අඩිපාරේ යන්න ලැබුන එක ඇත්තටම සතුටක්..

      ඇත්ත.. අපි කාට වුනත් පෞද්ගලික කාරණා වලදි ඒවා මග අරින්න පුළුවන් කමක් නැහැනේ..

      Delete
  2. දිනේෂ් ට මගේ උණුසුම් සුබ පැතුම්. අපි ටික ටික ගොඩනැගෙන්නෙත් මේ වගේ බ්ලොග් ඇසුරු කරලා තමයි. දිගටම කරගෙන යන්න වාසනාව ශක්තිය ලැබේවා.

    රාජකීය සුබ පැතුම විභීෂණ ගෙන්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මේක ටිකින් ටික හුඟක් දේවල් ලබා ගන්න තියෙන ගමනක්.. උඹලටත් අපිත් එක්ක දිගු ගමනක් යන්න ලැබේවා කියලා පතනවා..

      හෆ්ෆා රාජකීය සුබ පැතුමක් නේ.. එහෙනම් හිස නමා පිළිගනිමි..

      Delete
  3. සුභ පැතුම් ඕහෝම යං

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  4. සුභ පැතුම් දිනේෂ් ...තව තව රසවත් කතා ලියන්න හැකි වෙන්න ඕන....දිනේෂ් ගෙන් මං වෙනස්ම රසවත්ම කතා කියෙව්වා ......
    අර කොන්ක්‍රීට් එක නම් පුදුමයක්ම තමයි ආයේ කතා දෙකක් නෑ :D

    ReplyDelete
    Replies
    1. තැන්කිවි තැන්කිවු මචං.. ඒ කොන්ක්‍රීට් එක ගැන කවර කතාද ඉතින්..

      Delete
  5. ඇතිවීම නැතිවීම ලෝක ස්වභාවයනේ. විවිධ පුවත්පත්, වාර සඟරා, සහ වෙනත් එවැනි ප්‍රකාශනත් අතිශයින් ජනප්‍රියව තිබී පසුව වියැකී යාම පුදුමයක් නෙවෙයි. එය ඔබටත් මටත් පොදුයි. වැදගත් වන්නේ ඒ කාලය තුළ කොතරම් හරවත් දේ ඉදිරිපත් කලාද යන්න කියලයි මමනම් හිතන්නේ.

    ඔබේ සිව් වසරක සේවයට මගෙන් උණුසුම් සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත විචාරකතුමනි.. අපි හැමෝටම දවසක මේ ලිවිල්ල නවත්තන්න වෙන දවසක් එනවා.. කවුද දන්නේ ඒක කවදා කොහොම වේවිද කියලා..

      ගොඩක් ස්තූතියි විචාරකතුමනි..

      Delete
  6. උණුසුම් සුභ පැතුම් දිනේෂ්.. හතර වෙන අවුරුද්දේදි උඹ නවතිනවා කිව්වම මම බොට බැන්නා මතක ඇති නේද?? හැක්..

    කකා කිව්වත් වගේ උඹ ලියපු බටහිර උරුවේ කෙටිකතා සමුහය ඉතාමා සාර්ථකයි.. ඒවැනි දේ කියවන්නට අපටත් පින තිබීම ගැන ස්තුතියි.

    අර හත් වැනි පුදුමය නං මහාම පුදුමයක් තමා බං. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒයි උඹද බං ඒක ලියන්නෙ. හැක්...

      Delete
    2. දේශකයා, හම්මේ මේ පැත්තේ දැක්ක කල්.. මොකද අමතක.. ඔන්න අවුරුදු 4නම් සම්පූර්ණයි.. දැන් මොකද කරන්නේ කියලා මේ හිතන්නේ... ;-)

      මගේ කෙටි කතා ශෛලිය හදා ගන්න පහුගිය අවුරුදු 4ම මහන්සි වුන තරම කියලා වැඩක් නෑ.. අද හැමෝම ඒ ගැන කතාකරද්දී පට්ටම සතුටුයි..

      Delete
    3. ප්‍රසන්න අයියේ, මෙයා ඔයාගේ ෆොටෝ එක දාන් මාකටින් පාර දෙනවා.. පොලිසියෙන් පැන්නත් උස්සන් යන්නෙ ඔයාව තමයි ඉතින්..

      Delete
  7. අවුරුදු හතරට මගෙන් උණුසුම් සුබ පැතුම්...
    මේ ආව වගේම ඉස්සරහට තවත් කාලයක් මේක කරගෙන යන්නලැබේවා කියල ප්‍රාර්තනා කරනව....
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු මචං..

      ආ මග දුරයි දැන්නම් වෙහෙසයි.. ;-)

      Delete
    2. ආ මග කෝමත් කෙටී...
      වෙහෙස අමතක කලොත්
      දිනුම අත ළගයි

      Delete
    3. ඇත්ත බං.. හැබැයි ඉතින් තනිකඩ කාලේ මේවට කරන කැපකිරීම ඉසරහටත් ඒ විදිහටම කරන්න පුළුවන්ද කියලයි ශුවර් නැත්තේ ඉතින්..

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මං දන්න නිසානේ ඒ ගැන උඩින් කිව්වේ.. මඩාරෝ.. හැක්..

      Delete
    2. මදාරා, පහුගිය කාලේ තීරණ නම් හුඟක් ගත්තනේ ඒ.. ආයෙම පස්සේ එවා වෙනස් කලත් එක්කනේ.. ( උයාගේ බලපෑම් හන්දම :P ) මේ කෝක ගැන්ද දන්නේ නෑ කියන්නේ..

      Delete
    3. ප්‍රියා, මාත් මේ නැගිට්ට ගමන්ම උදේ පාන්දට ඔන්න ඔහොම වුනා මේක දැකලා..

      Delete
    4. දේශා, මේ එකමද වෙන එකක්ද කියලා අහලා බලන්න ඕන.. මටත් මතක නෑ.. හික්ස්..

      Delete
    5. මොිකෝ කියන්නනේ මාතලං දාපු විදියට චැට් එක දාන්නද???

      Delete
    6. මොන චැට් එකක්ද??

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ඇයි ඇයි මොකෝ උයා??

      Delete
  9. හදවතින්ම සුබ පැතුම් දිනේෂ්.!!!

    මාත් උඹේ ආසම විදේශීය හුරුවට ලියවුනු කතා වලට තමා. ඇත්තෙන්ම බොට එකට තියෙන්න අපිව පුදුම කරවන ජාතියෙ දක්ෂ කමක්.

    ඒ වගේම උඹේ අර හඳ පෙන්නලා හඳ ගැන අපූරුවට විස්තර කරන් ඇවිත් අන්තිමේ 'ඒ හඳ නෙමේ, ඉර' කියලා පෙන්නලා අපිව කරකවාලා අත හරින ජාතියෙ කතා වලටත් මම මාර ආසයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ප්‍රියා.. මෑත කාලයේ මේ පැත්තට නිතරම ගොඩ වදින කෙනෙක්නේ ඉතින් උඹත්..

      // ඒ වගේම උඹේ අර හඳ පෙන්නලා හඳ ගැන අපූරුවට විස්තර කරන් ඇවිත් අන්තිමේ 'ඒ හඳ නෙමේ, ඉර' කියලා පෙන්නලා අපිව කරකවාලා අත හරින ජාතියෙ කතා වලටත් මම මාර ආසයි.//

      අඩේ හොද වෙලාවට උඹ මතක් කලේ.. මට මේ ඒක අමතක වෙලාම තිබුනේ.. ලියන්න ඕන එකක් කල්පනා කරලා..

      Delete
  10. හතරට සුභපැතුම්!
    මාත් කැමති රහස් පරීක්ෂක කතා වලට. අර කියපුවාට 'පුදුමයන්' නැතුව වෙන මොකක් හරි නමක් තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. රහස් පරීක්ෂක කතාවක් බොහෝවිට ලබනමාසේ දිහාවට ආයේ කියවන්න ලැබේවි.. ඔවු ඔවු, ඒක නම් ඇත්ත.. මට ඉතින් හිතට ආව වචනේ තමයි ඕක.. ඉතින් එහෙමම ලිවුවා..

      තැන්කිවු රාජ් අයියේ..

      Delete
  11. සුබ පැතුම්... තව අවුරුදු ගානකට පාට තවරන්න හැකි වේවා!!!!
    ජය වේවා!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු ගානක් නම් ශුවර් නෑනේ බං ඉතින්.. මගේ කාල සීමව උඹ දන්නවනේ..

      බොට තැන්කිවු කියන්නේ නෑ..

      Delete
  12. සුභපැතුම්, එල දබ්‍රා. වෙනස්ම විදිහකට හිතලා ලියපු ලිපියක්.
    හිස් අහසේ සදරෑ අදටත් මට ඔහු පුදුමයක් ඒ තැන ගන්න තවමත් කෙනෙක් නෑ(අනිත් අය තරහා වෙන්න් බෑ).

    ReplyDelete
    Replies
    1. සඳරු තරම් අපේ හිත් වලට දැනෙන්න පෝස්ට් ලියපු වෙන කවුරුවත් නැතුව ඇති.. කවුරුත් ඒකට එකග වෙයි.. ඒකේ දෙකක් නෑ.. හැබැයි අවාසනාව, මේ ඔක්කොම දක්ශයෝ දැන් නිහඬ එකයි..

      Delete
  13. අපූරු ලිපියක් දිනේශ් අයියේ...

    ඔය පුදුම හතේ කියන සමහර පුදුමයන් ගැන මම අහල තිබුනෙ නෑ. අනිවාර්යයෙන්ම කියවලා බලන්න ඕනෙ ඒවත්.
    මටනම් අටවෙනි පුදුමය තමයි ඔයා අර අපිව කරකෝල අතාරින විදියට ලියන අමුතු කතා. අර තැපැල් පෙට්ටිය, ක්‍රිකට් බෝලෙ ගැන එහෙම ලියපුව.

    දිගටම ලියන්න. අපි නම් දිගටම කියවන්න එනවා. උණුසුම් සුභපැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න.. ඒවා අනිවාර්‍යෙන්ම කියවන්න බලන්න ඕනම ඒවා..

      පොඩ්ඩක් ඉතින් කරකවලා අත ඇරුයේ නැත්නම් ඉතින් වැඩකුත් නැහැනේ බං.. මේකට කටපාඩම්නේ ඒ ටික..

      තැන්කිවු වේවා.. උඹ ඉතින් කියවන්න එනවා කියලා දන්නවා..

      Delete
  14. සුබපැතුම් මල්ලියේ මොනවා නැතත් නෙරංජිගේ ලියවිල්ලට මම බොහොම කැමති බං

    ReplyDelete
    Replies
    1. අනිවා රාජ් අයියේ.. ඒ ලිවිල්ල නම් ඇත්තටම නියමයි..

      Delete
  15. ඔව් බ්ලොග් ලෝකය ගොඩක් සාරවත් වගේම රසවත්. ඒ වගේම එක එක වෙලාවට එක එක ස්වරූපයෙන්... මේ හැම දෙයක් මැද්දෙන්ම සමහරු බිසිනොසුත් කරනව. (හැබැයි එයාලගෙන් තමයි ගොඩක් වෙලාවම කලාවට හෙනේ පාත් වුනේ. මොකෝ අර බක්ස් අර සෙන්ස් මේ සෙන්ස් කියල සල්ලි හම්බ කරන්න හිට්ස් ගන්න බ්ලොග් පෝස්ට් හොරකමේත් ගිය කාලයක් තිබුනා. ඒ හැම දෙයක් මැද්දෙන්ම ඔය උඩ කියපු අය නිහඩ ගමනක යෙදුනා.....

    අලුත් මුහුණුවරක් ගත් ලිපියක් දිනේෂ් ලිව්වාටත් මේ ගැන නොදන්නා අයට යම් අරුතක් එක් කලාටත් ඔයාටත් ස්තූතියි. තව ඔයත් නොදන්න මාත් නොදන්න නිහඩ බ්ලොග් කරුවෝ බොහොමයක් ඉන්නවා. එයාලවත් මේ වෙලාවෙ මතක් කරනවා....

    බ්ලොග් ලෝකය රසවත් කරන්නට මේ හැමට තව තවස් ධෛර්‍ය ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඔයාල ඔක්කොටම සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. බ්ලොග් වල තිබුන රසාස්වාදය වෙනස් වෙන්න එක හේතුවක් තමයි ඒක.. හුඟක් අය ඒ පස්සේ දුවන්නත් පුරුදු වුනා.. ඒක ඉතින් ඒ ඒ අයගේ කැමත්ත.. අනික කාරණේ ලිපි හොරකම් කරන එකනම් කොහොමත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි..

      ඇත්ත, තාමත් අපි නොදන්න හොද බ්ලොග් කරුවෝ ඉන්න පුළුවන්.. මම හැමදාම වගේ රීඩර් වලට ගිහින් බලන්නේ එහෙම ඒවා ගැන..

      ගොඩක් ස්තූතියි ඔබටත්..

      Delete
  16. මේ පැත්තට ආවෙ අදමද කොහෙද. ඒකත් මේකෙ මාතෘකාව දැකල මොකක්ද කියල බලන්න සින්ඩියෙන්.
    අර 7 වෙනි පුදුමෙ ගැනනං කතා කරල වැඩක් නෑ. ඒකෙ තියෙන්නෙ තනිකරම කොමෙන්ට් ගොඩක් විතරයි. මොනව කරන්නද ඉතිං වපුරන විදියටනෙ අස්වැන්න ලැබෙන්නෙ. :D

    සිව් වසට සුබ පැතුම් සමගින් දිගටම ලිවීමට ශක්තිය ලැබෙන්නැයි පතනව !

    ReplyDelete
    Replies
    1. හොද කතා ටිකක් තියෙනවා බලහං වෙලාවක...

      Delete
    2. නුවනැත්තන්ට පමණයි ලු පේන්නේ...

      Delete
    3. ප්‍රසන්න අයියේ, අනේද කියන්නේ ඉතින්.. මෙච්චර කාලයක් අපි කතාබහ කරනවා.. බුකියේ ඉදලා හිටලා කාටහරි මඩක් ගහන්න සෙට් වෙනවා.. කමක් නෑ මෙහෙම හරි මේ පැත්තට ගොඩ වුනානේ.. සාදරයෙන් පිළිගන්නවා වගේම ගොඩක් ස්තූතියි..

      Delete
    4. දේශකයා, දැන් ඉතින් ඒවා පරණයිනේ.. අළුත් ඒවම කියවන්න බැරියැ..

      Delete
    5. විදානේ, දෙකක් දාගත්තම පෙනෙයිද දන්නේ නෑ..

      Delete
  17. අවුරුදු හතරට සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මධුරංග අයියේ..

      Delete
  18. අවුුරුදු හතරට සුබපැතුම් !!!!
    තව කාලයක් මේක ඇදගෙන යන්න ශක්තිය වාසනාව ලැබේවා.....

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු විදානේ.. බලමු ඉතින් තව කොච්චර කල් පුළුවන් වෙයිද කියලා අපි හෙමිහිට..

      Delete
  19. එළද බරා ! ජය වේවා ! සුභම වේවා එහෙනම් !

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා..

      Delete
  20. අවුරුදු හතරට සුබ පැතුම්...අපි ලඟදිත් ඔයාට සුබ පැතුවානේ? මොකකටද කියලා මතක නෑ... :D :D

    ReplyDelete
    Replies
    1. අම්මපා, ඒ ටිකට ඒක අමතකයි.. ඒ මදාරගෙයි මගෙයි ඇනිවර්සරියටනේ අක්කෝ..

      Delete
  21. උපන්දිනේ දවසෙ වෙනස්ම ලිපියක්. කවුරුත් නොකරන වෙනස්ම ආරක්. ඇත්තෙන්ම දිනේෂ් කියපු හතම පුදුම හතක් තමා.

    ජයෙන් ජයම වේවා දිනේෂ්, සුබම සුබ උපන්දිනක් වේවා! බ්ලොග් ලොව අනන්තය දක්වා ගමන් කිරීමට යෝධ බල යෝධ ශක්තිය ඔබට ලැබේවා!!

    හැමෝම කීව කතාවට මාත් එකඟයි. බටහිර ආරෙන් ලියූ කෙටි කතාවලට තමයි මාත් වැඩියෙන්ම කැමති.

    ඒ වගේම, ඒ වගේ කතන්දර වලින් මාව මීට කලින් පිනෙව්වෙ චන්දන මෙන්ඩිස් විතරයි. දැන් ඔබත් එලෙසම මාව රසවත් කරනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මනෝෂ්, උඹ මගේ කතාවලට සිරාවටම කැමතියි කියලා දන්නවා.. කාලයත් එක්ක දැන් ඉතින් මේවා කර ගෙන යන්නෙත් ටික්ක හෙමීට.. දැම්ම මේවා අත ඇරලා යන්නනම් අදහසක් හිතේ නෑ.. ඇත්තටම එහෙම යන්න ගත්ත තීරණ වෙනස් කලා.. අපි බලමු ඉස්සරහට..

      Delete
  22. සුභ පැතුම් මල්ලි. ඔයා හරි දක්ෂ බ්ලොග් ලියන්නෙක්. මං හිතනවා දවසක කෙටිකතා පොතක් එළිදක්වයි කියලා.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ, මගේ වලි අක්කව දැක්ක කල්.. තැන්කිවු තැන්කිවු..

      ඔවු අක්කෝ.. පොතක් කරනවා.. ඉන්නකෝ ඉතින් ඒවා ඔක්කොම ඉවරයක් කරලා කියනකම්..

      Delete
  23. හත්වෙනි පුදුමේ දැකලා හිනාත් ගියා ....ඒක තමයි පුදුමේ :D

    තව ගොඩක් ඉස්සරහට ඔයාට ලියන්න අවශ්‍ය චිත්ත ශක්තිය වැඩි දියුණු වෙන්න කියලා පතනවා!

    ඔයා කියනකන් කතාන්දරතුමා බ්ලොග් ලිවිම නතර කලා කියලා දැනන් හිටියේ නෑ :(

    ReplyDelete
    Replies
    1. යකඩෝ මුංව තියන්න වටින්නේ නෑනේ.. ඒක දන්නෙත් නෑ.. දැන් මාසයක් වෙනවා කකා බ්ලොග් වලට සමුදීලා.

      තැන්කිවු තැන්කිවු.. බලමුකෝ තව කොච්චර යන්න පුළුවන්ද කියලා..

      Delete
  24. සුබ පැතුම් දිනේෂ් !! ඉස්සරහටම යමන්....

    අවුරුදු තුනක් බ්ලොග්වල කරක්ගහලත්, උඹ ඔය කියපු කාන්තා චරිත තුනම නොදන්න එක ගැන මම හරි පුදුම වෙනවා බන්...ඒක අටවෙනි පුදුමෙට දාන්න බැරිද බොට ? හෙහ් :D

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා අයියේ.. දැන් දන්නවනේ ඉතින්.. ඉඩ තියෙන වෙලාවක අනිවා කියවලා බලන්න.. සෑහෙන්න හොද බ්ලොග් තුනක්..

      හෙහ්, කලින් දන්නවනම් ඉතින් දාන්න තිබ්බ තමයි.. ;-)

      Delete
    2. කරක් ගහපු තරම පේනව නේ දිනේෂ්... හැක්... අනේ බොල එන්සෙන්නෝ...

      Delete
    3. එන්සෙන්නෝ... හෙහ් ඒක මරු නම..

      Delete
  25. උණුසුම් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  26. වර්ණ සිවු වැනි සංවත්සරයට මගෙනුත් උණුසුම් සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු නලීන් අයියේ..

      Delete
  27. හතරට අවා වගේ දිගටම යන්න ලැබේවා
    හැබැයි උබට තිබ්බා හතක් නැතුව දෙතුන් සියක් ගැන හරි ලියලා තුන්සිය වෙනි තැනට හරි අපිවත් එල්ලන්න

    ReplyDelete
    Replies
    1. හික්ස්, අනේද කියන්නේ.. එහෙනම් ඉතින් මට මේක අවුරුද්දක් විතර කෑලි 10 වගේ දදා ලියන්න තමයි වෙන්නේ.. අපරාදේ කියන්න බෑ..

      තැන්කිවු වේවා..

      Delete
  28. මගෙත් සුබ පැතුම් බං.
    ආවට වඩා වැඩි දුරක් යෙහෙන් යන්න ලැබේවා...!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු මචං..

      බලමු බලමු.. මගේ උත්සාහයත් ඒකම තමයි...

      Delete
  29. හතරට සුභ පැතුම් දිනේශ්..
    නවතින්න නැතුව දිගටම ලියයි කියල හිතනවා..

    අර හත්වෙනි පුදුමෙ නං මාරයි ඈ.. මං ඕකට ගොඩවුනේ අර දේශා ගාව තිබ්බ පොටෝ එක දැකලද කොහෙද.. ගිහිල්ල බැලුවාම නිකං කරකෝල ඇතෑරිය වගේ.. :D

    ReplyDelete
    Replies
    1. දේශා ඕක දාන් ඉන්නේ කුපාඩි කමට.. මට නම් ඒක හොදටම ශුවර්..

      තැන්කිවු මචෝ.. පුළුවන් කාලේ ලියමු ඉතින්...

      Delete
  30. හතරට සුබ පැතුම් මල්ලි !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි වෙනී අයියේ...

      Delete
  31. හතරට සුබපැතුම් ...... දිගින් දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා.. පුළුවන් තරම් කාලයක් ලියන්න බලනවා..

      Delete
  32. බ්ලොග් ලොවේ දිගු ගමනකට හදවතින්ම සුබ පතනවා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තුශානි...

      Delete
  33. Subapathum 4weni auruddatath......

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා..

      Delete
  34. සුභ පැතුම් මල්ලි... තව පොඩ්ඩෙන් මට මේක මිස් වෙනවා...

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙනම් ඉතින් මම වෙනද වගේම මෙයා ඇවිත් හොරෙන් බලලා යන්න ඇති කියලා හිතාගෙන ඉන්නවා...

      ගොඩක් ස්තූතියි අයියේ..

      Delete
  35. අවුරුදු හතරට ජයවේවා දිනේශ් මල්ලී...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බ්ට්ල් අයියේ.. ඔබ වර්ණය කියවන එකම මට සතුටක්..

      Delete
  36. ඉඳිකටු මල්ලිට සුභ පැතුම්! මගේ හිතාදර බස්සි 8වන පුදුමය ගැන කියා ඇත 9 වෙනි පුදුමය තමා කවදා හරි දාසක උඹලා දෙන්නාගේ පැට්ටෙක් හරි පැට්ටියෙක් හරි බ්ලොගක් ලියන එක.....ඔව් මේ ටික රාමු කරලා තියා ගනින්....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙම වෙයිද? බලමුකෝ බලමුකෝ.. උන් සමහරවිට මීට වැඩිය ඇඩ්වාන්ස් ඒවා හොයාගනියි ඒ කාලේ වෙද්දී..

      තැන්කිවු වේවා හොදේ.. ^_^

      Delete
  37. දිනේෂයා මගෙනුත් සුබ පැතුම්,,
    ටැබූ ගැන අහලා තිබ්බට දැනගෙන හිටිය නැහැ මොකක්ද කියලවත්,, අනේ අපේ කාකා ආයෙම බ්ලොග් ලියන්න එයි මේවා දැකල මෙහෙම,,, ඔයාගේ අර කතා ටයිප් එක තමයි මාත් ආසම ඈ,, සමහර කතා මගේ මතකයේ තියෙන්නේ මන් කියෝපු නවකතා වගේ,,මගේ හිතේ මැවිච්ච රූප පෙළවල් එක්ක ,,, ජය වේවා

    පැත්තෙන් ඉදන් උදව් කරන සිහිනයටත් අපෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. කකාගේ නැවත පැමිණිම අපිත් බලාගෙන ඉන්නවා බං.. බලමුකෝ ඉතින්..

      ඇත්තටම ඉතින් මේ බ්ලොග් එකේ ලියන එවුවයින් මාත් ටිකක් මහන්සිවෙලා උනන්දුවෙන් ලියන්නෙත් කතාටික තමයි බං.. අනික්වනම් ඔහේ හිතට එන විදිහට ලියලා දානවා..

      බ්ලොග් අවුරුදු 4න් අවුරුදු 2කට වැඩියෙන් මදාරා මාත් එක්ක හිටියා.. ඒ ගැන ඉතින් මම කොතනකවත් ලිවුවේ නැති වුනාට එයත් දන්නවා මාත් දන්නවා..

      Delete
  38. හතරට සුභ පැතුම්''''''''''''''''''''! මල්ලි...........................
    යකෝ බ්ලොග් වල නකියෙක්ටද අපි මේ මල්ලි කියන්නෙ ....හෙක්...හෙක්....
    අර කීප දෙනෙක් කියල තියෙන ලෙසට විදේශ ආරක කතාවලට මාත් ලයික්....
    දිගටම ලියන්න ශක්තිය......!!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අනේද කියන්නේ. ඉස්සරහට බ්ලොග් උපන්දිනත් හංගන්න එක තමයි හොද බලාගෙන යද්දී.. නැත්නම් වයසයි කියලා අහු වෙනවා..

      තැන්කිවු තැන්කිවු අයියේ..

      Delete
  39. සුභ පැතුම් දිනේශ්,,පුලුවන් පුලුවන් වෙලාවට කමෙන්ට් කලාට හැම පෝස්ට් එකක්ම බලන්න නම් එනවා මේ පැත්තෙ

    ReplyDelete
    Replies
    1. දන්නවා ඩිලා.. කියවන එකම මට සතුටක්.. තෑන්ක්ස් මචං..

      Delete
  40. හතරට සුභ පැතුම් ලොක්කා, දිගටම ලියන්න දිරිය ශක්තිය ලැබේවා
    උඹල දෙන්නටම ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු අයියේ...

      Delete
  41. දිනේෂ්ට මේ මම දාන පළමු කමෙන්ට් එක.
    කලින් ආවත් පොස්ට් ලිස්ට් එකේ පෝස්ට් ගොඩ දැකලා පසුව කියවනවා කියලා යනවා.මොකද,මම ආස එක්කෙනෙක්ගේ බ්ලොග් එකක් එක දිගට කියවන්නයි.අඩුගානේ පොස්ට් 3/4 ක් වත් එකතු කරලා.දිනේෂ්ගේ ලිපි සේරම මම කියවන්නෙත් දවසක එ් විදියටයි.

    පළමු පුදුමය ගැන ඇර අනිත්වා ගැන මම වැඩිය දැනුවත් නැ.එ් සමාලෝචනය අලුත් පරණ කාටත් වැදගත්.
    මට නම් පුදුම 7ට එහා පුදුමය,කමෙන්ට්වලට රිප්ලයි කරන්න කාලය කො‍‍ෙහන් සොයාගන්නවද කියන එක.මම නම් ගොඩක් වෙලාවට බ්ලොග් එකට දාන්නේ ආප්ප බානවා වගේ පෝස්ට්.පැය 1/2 කට වඩා පෝස්ට් එකක් ලියන්න කාලය වැයකරන්න මං අකැමැතියි.පබ්ලිෂ් කරලා යනවා මිසක් ආයේ පැත්තක් බලන්න කැමති නැ.නමුත්,කමෙන්ට් වලට රිප්ලයි නොකරන එක ආචාරසීලී නැ කියලා සිතන නිසා.ලිපි කිපයක් එකතු වෙන්න ඇරලා හරි උත්තර දෙන්න උත්සාහ කරනවා.මට නම් ලොකුම පුදුමය ඔයගොල්ලන්ගේ මේ බ්ලොග් සංවාදයි.මගේ බ්ලොග්වල කමෙන්ට් කිරිම මගේ ගොඩක්ම අඩුවුනත්,මං ලිපි කියවනවටත් වඩා මේ බ්ලොග් සංවාද දෙස බලන් ඉන්න ආසයි.

    මගේ බ්ලොගය මගේ අප්පච්චිට කියවන්නයි.එ්ක අපි දෙන්නගේ රහසක්,මගේ අනිත් (වෙන්ඩ සිටින ) අයිතිකාරයාට සිංහල ලිවීමේ කියවීමේ හැකියාව අඩුයි.දාඩිය දාගෙන රවුම් කර කර සිංහල අකුරු ලියද්දි ,අනේ සිංහල එපා කියලා සිතෙනවා.වගේම ඇත්තටම එයා මේවාට ඇබ්බැහි වෙනවට කැමතිත් නැ.

    මේ තරම් විස්තරයක් ලීවේ අවුරුදු 4ක් බ්ලොග් එකක් ලියන එක කොච්චර අමාරුද කියලා මට සිතෙන විදිය මගේ පැත්තෙන් කියන්නයි.

    කකා දීපු දුක නම් දෙන්න සිතන්නවත් එපා. :)

    සිහින වර්ණ නිතින් ඇස ගැටෙන්නට (අපට) වාසනා වේවා.! කියා
    ඔන්න මගෙනුත් සුබ පැතුම්.!!
    චිරං ජීවතු!




    ReplyDelete
    Replies
    1. කියවනවනම් ඔන්න පෝස්ට් 555ක්ම තියෙනවා.. මේ බ්ලොග් එක මුල ඉදන් අග වෙනකන්ම හරියටම කියවපු දෙන්නයි ඉන්නේ තාම.. බලමු මල්මී තුන්වෙනියා වෙයිද කියලා..

      // .මම නම් ගොඩක් වෙලාවට බ්ලොග් එකට දාන්නේ ආප්ප බානවා වගේ පෝස්ට්.// හෙහ්, සමහර වෙලාවට පෝස්ට් කියවද්දී ඒක හිතෙනවා..

      පුළුවන් හැම වෙලාවකම රිප්ලයි දාන්න.. ඒ මොකද පෝස්ට් ලියනවා වගේම ආතල් වැඩක් තමයි සංවාදයක් තියෙනවනම් ඒක ඇදන් යන එක.. ඒක කියවන කෙනාටත් කරණ සාදාරණයක්..

      අවුරුදු 4ක් බ්ලොග් ලියනවා කියන්නේ ඇත්තටම අමාරු වැඩක් තමයි.. සතියේ දවස් 5ම පෝස්ට් දැම්ම කාලයක් තිබ්බා මට.. පස්සේ ඉතින් රස්සාවයි පරස්තාවයි අස්සේ වෙලාවක් හොයාගෙන දැන් සතියට දෙක ගානේ ඇදන් යනවා ශේප් එකේ..

      කකා දුන්න දුක දෙන්න දැනට අදහසක් නැතත් කවදහරි දවසක අපිටත් යන්න වෙනවා.. ඒක ඉතින් එදාටනේ.. එතනකන් ලියමු..

      තැන්කිවු දීර්ඝ කමෙන්ට් එකට වගේම සුබ පැතුමටත්..

      Delete
  42. එයි හතරට සුබ පැතුම් මචෝ... දිග සුබ පැතුමක් පස්සේ දාන්නම් ,ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. හෙහ්, කොල්ලා සෑහෙන බිසි වගේ.. අවුලක් නෑ බං.. මේත් මදැයි.. තැන්කිවු වේවා..

      Delete
  43. මගෙනුත් සුබ පැතුම් මල්ලි!
    තව තවත් රසවත් හරවත් ලිපි ගොන්නක් ලියන්න ශක්තිය ධෛර්‍ය්ය ලැබේවා ලියල ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු අයියේ..

      Delete
  44. හතරවෙනි සංවත්සරයට සුබ පැතුම් !!!

    ඒක මොන තරම් අමාරුද කියලා තේරෙනවා. ලියන්න බැරි කම නෙවෙයි. කාලයක් නැති කම. අර එරිකෝ හන්ටර්නම් මට අමතක නොවන චරිතයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. මටත් දැන් මුලදි වගේ කාලය වෙන් කරන්න හරි අමාරුයි.. ඒත් ඉතින් කරගෙන යනවා තියෙන ආසාව හන්දා..

      Delete
  45. 4 වෙනි උපන්දිනයට සුභ පතන්න ඔන්න මමත් ආවා....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු සිරා අයියේ..

      Delete
  46. උණුසුම් සුභ පැතුම්..... දිනේෂ්...... හතරවෙනි උපන්දිනයට....... මා නොදන්නා දේ ඔයාගේ මේ post එකෙන් දැන ගත්තා.....ගොඩක් වැදගත් ඔයා.... ඉතිහාසය ඇගයීමක් කලාට.....

    ReplyDelete
    Replies
    1. 4ක් වුනා කියලා ඉතින් මං ගැන මම ම ලිවුවා කියලා ඇති වැඩක් නැහැනේ.. ඒකයි අනික් අය ගැන ලිවුවේ..

      Delete
  47. හතර වන උපන් දිනයට සුබ පැතුම් දිනේෂ් !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මහේෂ් අයියේ..

      Delete
  48. බ්ලොග් උපන්දිනේට සුබපැතුම් බන්ස් (අවුලක් නෑ නේ මෙහෙම කිව්වට? මන් අපේ මල්ලිටත් මෙහෙම කියනවා). තව කාලයක් ගිහින් මේ පුදුම හත refine කරහම වර්ණ බ්ලොග් එකත් ඒ අතර තියෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඕකනේ බැරි ඉතින්.. මම දැන් මේ අවුරුදු 3ක් විතර ඉදන් ඔයාට ලොකූ කියලා ආදරෙන් කතා කරන එකේ ඔයා මොනා කිවුවම මොකද වෙන්නේ අනේ..

      බලමු බලමු ඒවා ඉතින් තව පසුවට ලොකූ.. ^_^

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්