Monday, 7 July 2014

ඇගෙ තුරුණූ හංසයෝ



ෆාමසියේ තව සුන්දර දවසක්දා
ඇය ආවා හසඟන සේ හැඩ දාලා
අප නෙතු ඈ ලග හෙම්හිට රන්දාලා
ඇය හිදියි මායවක අප දමලා..

වෙලාව හොද නෑ සෙනඟත් හොදටම පිරිලා
ඈ හිදියි ඇගේ වාරය එන තුරු බලා
කොරිඩෝවේ රැදි බියුටි කචල් බඩු දිහා
ඇගේ අතැඟීලි දුවයි රහසින් මත් වීලා..

රණ් පැහැ කොණ්ඬය ලේයර් කරලා
රත් දෙතොල ඒ රුව තව හැඩ කලා
දෑස් අග අංජන දිළිසෙයි එළි වැටිලා
ඒ මුහුණ පියකරුයි සුරඟන ලීලා..

අයිෆෝනය දඟලයි ඒ දිඟු දෑඟිලි මත
ඈ නෙතු දිවෙයි වේගයෙන් හැම අත
නොසංසුන්ව පියවර ඈ මනින
බලා ඉන්නත් ආසයි ඈ දෙසම..

රස්නයට ඈ විවර කල කමිසයේ බොත්තම
අතරින් ඉඟිලෙන්න දඟලයි හංසයෝ යුඟල
ටයිට් ජින්ස් එක නිතඹේ හැඩ වැඩි කල
පුර අඟනක්ද ඈ නම් හැම වසඟෙට ගත්ත..

කලබලෙන් ඇතුලට ආ ඒ සීයා
වටපිට බලයි තරහින් පුප්පාලා
ඉඩ ඇති බංකුවේ හොද හැටි වාඩිවෙලා
කියවයි තනියම මොනවද මුණු මුණූ ගා..

පොලවට බරක් නැති ඇගේ සක්මනෙ අවසන
ඇයත් ඇවිත් නැවතිනි බංකුව ඉදිරිපස
නාදවන අයිෆෝනය දෙස බල බල
ඈ හිනැහෙයි හිටි තැන අමතක කර..

ඉවසුම් නැති සීයගේ ඇස් වලට
තුරුණු හංසයෝ අහුවුනි නොහිතුව ලෙසක
සීයගේ කේන්තිය මොහොතකට පහකර
ඔහු බලාහිදි සිරවුන හංස හැඩ..


අයිෆෝනය මතින් ගිළිහුන ඇගේ දෑස
නෙතු ගැටුනි ඈ ඉදිරියේ මහළු රුව
දැක ඒ දෑස තම ලමැදට කෙල හලන
ඇගේ සුරඟන මුහුණ කළු වුනි තත්පරෙට..

දෙනෙත් අඟින් විහිදෙන ගිණිදැල් සැරට
සීයගේ හිතත් ගැස්සුනෙ එක මොහොතකට
වටපිට උන්ගේ සිනහා මුහුණු ලග
සීයත් ඉදියි උපාසක විලසට..

ඇගේ වාරයට කඩිමුඩියේම පැන
හිනාවක්වත් නැතුව මුවඟ
රස්නයට ඇරුන බොත්තමත් වහගෙන
ඈ යලි නික්මුනේ සීයාටත් රවාගෙන..

මූණ රතු වුන සියා දිහාම
බලන් ඉද්දී අනිත් එවුන් ටික
හංසයෝ හොදයිලු ප්‍රෙශර් අඩු වෙන්න
සීයා කිවුවනේ ගානක්වත් නැතුව..




විශේෂයි, නියමිත මාත්‍රාව පිළිපදින්න.. වැඩි වෙලා හංසයෝ බලා මාට්ටු නොවන්න.. 
- වර්ණයෙන් පණිවිඩයක් -

114 comments:

  1. ඔයා ඔය වැඩේ කරන්ට ගියොත් මාට්ටුවෙන්නේ මදාරට...හී හී...

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් ඉතින් දැන්ම කලොත් තමයි.. පස්සෙ කරන්න ගියොත් ඉතින් මාට්ටුම තමයි... ;)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දැනට ඉතින් ඔහොම කියයි.. හික්ස්..

      Delete
    4. ඔව්නේ මදාරා...ඒ වගේම තමා ඇස් තියෙන්නේ රවන්ටලු...හී හී...

      Delete
    5. ඔන්න මම නම් දැන් මුකුත්ම කියන්නේ නෑ.. ^_^

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. හික්ස්.. හොදටම ශුවර්ද ඈ??

      Delete
  2. හංසයෝ හොදයිලු ප්‍රෙශර් අඩු වෙන්න,හැක්
    රූප ගැන ++++++++++++

    ReplyDelete
    Replies
    1. මට හිතුනා නිකමට, ඒක බැළුවමත් ප්‍රෙශර් අඩු වෙයි කියලා..

      Delete
  3. මං ප්‍රෙෂර් අඩු කරගන්නෙම එහෙම.......
    එල ගොතපු සිතිවිල්ල.....
    අරකිට මල පැනලද කියල call කරල බලහං ... හෙක්... හෙක්.... ලගදි එන්න බලං ඉංන අහිංසකි .........

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ අයියේ. ඩික්ටර්ස්ලම කියනවනම් ඉතින් ඕක බැළුවම මොකද වෙන්නේ ඉතින්..

      හෙහ්, අද යාළුවෝ එක්ක රස්තියාදුවේ ගිහින්.. තාම මේක දැකලා නැද්ද කොහේද.. ගෙදර ආවම බලන්න ඕන තත්වේ කොමද කියලා..

      Delete
  4. පට්ට...........
    හැක්....
    හංසයෝ හොදයිලු ප්‍රෙශර් අඩු වෙන්න
    විශේෂයි, නියමිත මාත්‍රාව පිළිපදින්න
    මේ ටික නං තවත් පට්ට

    ReplyDelete
    Replies
    1. මොනා වුනත් නියමිත මාත්‍රාව වැදගත් නේ බං.. නැත්නම් වෙන වෙන එවුවා එහෙම වුනොත් කාට කියනනද ඉතින්...

      Delete
  5. ඕකනේ බං ගෑනුංගේ තියෙන අවුල.උංට පෙන්නන්ඩත් ඕනේ.හැබැයි අපි බලන්ඩත් බෑ...

    ReplyDelete
    Replies
    1. උන් හොරෙන් පෙන්නදි අපිත් හොරෙන් බලන්න ඕන.. අන්න ඒකයි තියරිය..

      Delete
    2. උන් හොරෙන් පෙන්නද්දී අපි හොරෙන් බලනවද කියල උනුත් හොරෙන් බලන එක තමා වැඩේ..

      Delete
    3. හික්ස්, අනේද කියන්නේ අයියේ.. බලද්දී ඔක්කොම කරන්නේ හොර වැඩ..

      Delete
  6. ප්‍රෙෂර් හදාගන්න ඕන ... එතකොට බේතක් කියලා බේරුණු හැකි නේ

    ReplyDelete
    Replies
    1. කාපිය ගුටි..... නෝනගෙන් &.........

      Delete
    2. ඉවාන්, ඕකට ඉතින් ඇත්තටම ප්‍රෙශර් හදා ගන්න ඕන නෑ.. දැන්ම ඉදන්ම බැළුවම ප්‍රෙශර් හැදෙන්නෙම නෑ.. ඒ හන්දා බලහන්..

      Delete
    3. කෙන්ජි අයියේ, අපි ඕවට වගකියන්නේ නෑ, නැද්ද??

      Delete
  7. අද නම් මුන්දැ කනව අම්බානක.

    ReplyDelete
    Replies
    1. උඹලා හිතන් ඉන්නේ එහෙම තමා...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  8. පෙන්නන කොට බැලුවේ නැත්තම් හිටනවා අපි පො*&*^ කියල හැබැයි බැලුවම රවනවා වලත්තයෝ කියලා

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්නේ බලන එකා අනුව බං.. කෙල්ලට හිතට මැච් වෙන එකෙක් බැළුවොත් නම් අවුලක් නෑ.. තව ටිකක් පෙන්නනවා එතකොට...මේ වගේ නාකියෙක් බැළුවොත් තමයි ඉතින් අවුල.. නාකි වුනත් කමක් නෑ සල්ලි තියෙනවනම්..

      Delete
  9. මම නම් හිතන් හිටියෙ ඕවා බැලුවම ප්‍රෙෂර් වැඩි වෙනවා කියලා.

    අත්දැකීමෙන් නෙමේ බං කියන්නෙ. ඔය බලපු උන් කතාවෙන්නෙ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බං.. ඒකේ අනික් පැත්ත.. ප්‍රශ්ණයක් තියෙන වෙලාවට ඕක දැක්කම ප්‍රශ්ණේ අමතක වෙලා මොළේ නිස්කලංක වෙනවලුනේ..

      Delete
  10. කීදෙනක් මේකෙන් පස්සෙ ප්‍රෙශර් කාරයො වේවිද මන්ද ;)

    ReplyDelete
    Replies
    1. අඩුවෙනව මිසක් වැඩි වෙන්නෑ බොලව්..

      Delete
    2. වැහිළිහිණී, ඕනකමින්ම හදාගත්තොත් මිසක, නැත්නම් හැදෙනවා බොරු..

      Delete
    3. සෑමා, අනේද කියන්නේ බං..

      Delete
  11. මාත් කැමති ඉගිලෙන්න පොරකන හංසයොන්ට.. උන් හරිම දගයි..

    ReplyDelete
    Replies
    1. මං ආස නිසංසලේ ඉන්න දෙන්නට....

      Delete
    2. දේශකයා, සමහර හංසයෝ ඉගිලෙන්න පොරකනකන් ලස්සනයි.. ඊට පස්සේ, ඕන නෑ එක්කෝ..

      Delete
    3. කෙන්ජි අයියේ, ඒ වුනාට පෙශර් වලට හොද නම් අනික් විදිහලු..

      Delete
  12. මම ආසම තැන නොවැ ;)

    ReplyDelete
    Replies
    1. නිදා ගන්න වෙලාවට.... හෙක්... හෙක්.... ඒක හිතුන මට බොල ...

      Delete
    2. සෑමා, උඹ ගැන ඉතින් අපි නොදන්නවයි බං..

      Delete
    3. කෙන්ජි අයියේ, ලගදි බැන්ද එවුනේ අයියේ ඉතින්... ^_^

      Delete
  13. ඊයා.................., අපිනං බලයි ( හොරෙන් මිසක්)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, හොරෙන් බලන එක තමයි ඉතින් හරි මෙතඩ් එක.. එතකොට අවුල් නෑ..

      Delete
  14. ඉතාලියේ සමර් එකේ ඔය වගේ වැඩ වෙන්නේ රස්ණය වැඩි හින්දයි!
    http://kathandara.blogspot.com.au/2012/03/000-ambulance-or-fire-engine.html

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ විතරක්ම නෙමෙයි අයියේ, යුරෝපේ කොහෙත් මේ වගේ දේවල් වෙන්නේ සමර් එකට තමයි.. අපි බලන් ඉන්නේ බලන්න වගේම ඒගොල්ල ලෑස්ති වෙලා ඉන්නෙත් පෙන්නන්න.. හෙහ්..

      Delete
  15. ප්‍රෙෂර් අඩුවෙනවා?අනේ මංදා මං හිතාගෙන හිටියෙ වැඩිවෙනව කියලනෙ.හෙට අනිද්දා රස්නෙ වැඩිවුනාම ඔය කෙල්ලො බ්ලව්ස් ගලවගෙන ඒවි.එතකොට බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. බලාගෙන හිටියම අඩු වෙනවා කියලා ඔය පර්යේශකයෝ කියන්නේ.. හෙට අනිද්ද වෙනකන් ඉන්න ඕන නෑ.. දැනටම එහෙම තමයි මුහුද ලඟ පාත..

      Delete
  16. ගන්න ඕන මාත්‍රාව කොහොමද දන් නෑ නේ. ඒ වුනාට ඔය බෙහෙත හරියනවා නම් දැන් කාලේ පිරිමියෙකුට ප්‍රෙෂර් හැදෙන්න විදිහක් ඇත්තෙම නෑ නේ.

    ReplyDelete
    Replies
    1. ගන්න ඕන මාත්‍රාව පෙන්නන කෙනා අනුව වෙනස් වේ..

      බැළුවම අඩු උනාට බං බලලා මාට්ටු වෙලා කේස් එකක් ආවොත් ආයේ ඩබල් වැඩි වෙනවනේ.. ඒකනේ කේස් එක..

      Delete
  17. මේ වෙනකොට කීයක් බැලුවද? මෙතන උත්තර එපා. දන්නවනේ කන්න වෙනවා කියලා. මේලක් දාමු... හෙ හේ මලයා.. අගේ ඇති කවි කතාව... ඔය වගේ දෙකතුනක් ගෙනත් තිබ්බොත් ඔයාලගේ බිස්නොස්වලටත් පාඩු වෙයි. මොකද ප්‍රෙෂර් පෙති අලවිය නවතීනේ..

    ReplyDelete
    Replies
    1. මම ඉතින් මුලින්ම හිටියේ මුහුද ලඟ ගෙදරකනේ නලීන් අයි‍යේ... මගේ හිතේ ඒ උත්තරේ ප්‍රමාණවත් වේවි..

      ඒකනම් හැබෑව.. බිස්නස් වලට පාඩු වෙනවට වැඩිය කට්ටිය ඒවිද දන්නේ නෑ නිකන් කාලේ ගෙවලා දාන්න.. එහෙම අයනේ ඉන්නේ ඉතින්..

      Delete
  18. ඇත්තටම එහෙම වෙනවා නම් හැමදාම ඕක දිහා බලමින් ඉදීවි අපේ කට්ටිය. මදාරා ඉන්නවද? ...........මේ පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම වෙනවලු.. මම නම් නෙමෙයි ඔන්න එහෙම කියන්නේ ඒක ගැන පර්යේශණ කරපු උන්දලා..

      මදාරා තව නෑ.. හවස් වෙලා ඒවි..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නම ළකුණු කරාද ඉන්නවා ඉන්නවා කියන්නේ..

      Delete
  19. අඩේ දිනේෂ්..අන්දරේට වෙච්ච වැඩේනොවැ වෙලා තියෙන්නෙ. යසයි යසයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් අනේද කියන්නේ මචං.. පවු හැබැයි මොනා වුනත් සීයා.. නිතරම ෆාමසියට එන මනුස්සයා හන්දා අපි ඒක දැක්කා නොදැක්කා වගේ හිටියා ඉතින්..

      Delete
  20. එල ද බ්‍රා.
    සුපිරි.
    පට්ටයි

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  21. රණ හංස යුවල නිමල නිල් ජලාසේ....

    හැන්දෑවට බස්ටෑන්ඩ් එක පැත්තෙ යන්න ඕන...

    ජ ය වේ වා!!!!

    ReplyDelete
    Replies
    1. බස් එකේ හිටගෙන පලයන් අයියන්ඞි.

      Delete
    2. විදානේ, හුටා.. බස් ස්ටෑන්ඩ් එකට ගියාට කමක් නෑ.. වැඩේ දෙල් කර ගන්නනම් එපා හැබැයි..

      Delete
    3. සන්ජීව, හිට ගෙන ගියොත් වෙනම සීන් එකක්නේ.. ;)

      Delete
  22. බෙහෙත් ගන්න කලින් බලව ගෙන ඉන්න ඕනා ප්‍රෙෂර් වැඩි වෙලාද කියලා

    ReplyDelete
    Replies
    1. ප්‍රෙශර් නැතත් කමක් නෑ ඉතින්.. අනාගතේ නොහැදෙන්න දැම්ම ඉදන් බලන්න තියෙන්නේ..

      Delete
  23. සියා නියම පොරක් බං,ඔය විදියට ප්‍රෙෂර් එක අඩු කරගන්න ඕනෑතරම් ක්‍රම තියෙන කොටනේ මේ අපේ මිනිස්සු සල්ලි වියදම් කරලා නිකං ප්‍රෙෂර් එකට බෙහෙත් ගන්නේ.
    කොච්චර වුණත් වුණත් සමකය ගාවම ඉන්න රටක් වෙලාත් අපේ අය තාමත් හංසයෝ වහන්නේ ඉන්නේ කොයි තරම් දුකක් වුන් විඳිනවා ඇතිද ?පව් අප්පා..:D

    ReplyDelete
    Replies
    1. එකනම් සහතික ඇත්ත.. නිකන් ලැබුනත් අපේ අයට ඒකේ වටිනකමක් නෑ.. අනික ඉතින් උඹ කියන වැඩේ කරන්න පුළුවන් කමක් තියෙනම් බැරිය බං.. ඊට පස්සේ ප්‍රෙශර් නෙමෙයි හදිසි අනතුරු වාට්ටුවට යන්න තමයි වෙන්නේ..

      Delete
  24. Replies
    1. මොකෝ හිනා වෙලා ශේප් වෙන්නේ??

      Delete
  25. බෙහෙතක් වුනත් නියමිත මාත්‍රාව ගන්න ඕන. හපෝ වෙලාවට මට ප්‍රෙශර් නෑ :P

    ReplyDelete
    Replies
    1. අනාගතේ නොහැදි ඉන්නත් දැන්ම ඉදන්ම බලන එක හොදයිලු.. ඒ හන්දා අවුලක් නෑ.. හෙහ්..

      Delete
  26. නියමිත මාත්‍රාව පිළිපදින්න... :D

    ReplyDelete
    Replies
    1. මාත්‍රාව වැරදුනොත් අවුල් වෙන්න පුළුවන්..

      Delete
  27. ප්‍රෙෂර් වලට කියාපු බෙහෙත.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..

      Delete
  28. බලාගන්න එකක් බලාගන්නයි.....පෙන්නන්න ඕන එකක් පෙන්නන්නයි තියෙන්නේ ඉර පායන මාස දෙක තුනටනේ බන්. උන් පෙන්නයි...අපි බලමු.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අයියේ.. ඔය කොයි සෙල්ලම දාන්නත් සමර් එක විතරයි තියෙන්නේ.. ඊට පස්සේ ඉතින් කෝමත් ප්‍රෙශර් තද වෙනවා.. හික්ස්..

      Delete
  29. හන්සයින්ට පියාඹන්න ඉඩ දීල සියා අහක බලා ගත්තනම් මුකුත් ප්‍රශ්නයක් නැනේ.....

    ඉතින් සියා වරදියිද....? හංසයෝ වැරදියිද...?

    ReplyDelete
    Replies
    1. රස්නේ තමයි වැරදි.. ඒකනේ මේ ඔක්කොම.. සිත කාලේ වුනානම් ඔය කිසි කරදරයක් නැහැනේ.. හා නැද්ද මං අහන්නේ... ;)

      Delete
  30. Replies
    1. අයියත් සද්ද නැතුවම වැටක් ගහලා ගියේ දැන් අළුත් නවාතැනක ඉන්න හන්දද මන්දා..

      Delete
    2. එහෙම නෙවෙයි හුඟ වෙලාවට මෙහෙ ලොකු ජෝන් Profile එකෙන් ඉන්න වෙන්නෙ නෑ. අලුත් නවාතැනනම් හොඳයි ඒත් තාම හරියන ජොබ් එකක් හොයාගන්න බැරි උනා.ඉතින් තාම වෙලාව හදාගන්න බෑ . ඒත් හුඟක් බ්ලොග් කියවනවා කමෙන්ට් කරන්නෙ නම් අඩුවෙන් තමයි.

      Delete
    3. තාම ඉතින් ආවා විතරනේ.. ටික දවසක් ගියාම හැමදේම පුරුදු වෙලා සුපුරුදු ජීවිතේට එන්න බැරිය ඉතින්..

      Delete
  31. සම්මර් සොයිලු නේද... :-p

    ReplyDelete
    Replies
    1. සෝයි නේන්නම් අක්කෝ.. කොහෙද ඉතින් අපරාදේ ඒක මාස දෙක තුනකට විතරක් වුනේ..

      Delete
  32. ඒ කියන්නේ යුරෝපේ යනවනම් යන්න හොඳම කාලේ සමර් එක තමයි නේද .. හෙහ් හෙහ් .. සුදු හංසයෝ හැම තැනම දකින්න පුළුවන් වෙයි ..

    ReplyDelete
    Replies
    1. මේ කාලෙට පිරිමින්ගේ බෙල්ලේ අමාරු වැඩිවෙනවලු හැරිලා බලන්ට ගිහින්...:D

      Delete
    2. ඇයි පැතුම් කළු හංසයෝ...දුඹුරු හංසයෝ..

      Delete
    3. යුරෝපේ කියන්නේ හංස විමානයක් නේ බොලේ.. :D බෙල්ල කඩාගෙන බැලුවත් පාඩු නෑ කියල තේරෙන්න පිරිමියෙක් වෙන්නම ඕනේ පොඩ්ඩි.. හෙහ් හෙහ්

      Delete
    4. පැතුම්, අනිවා මේ තමයි හොදම කාලේ.. දෑස කොච්චර පින්වන්තද කියලා බලාගන්න හොදම කාලේ තමයි මේ.. අනික්වයේ ගිහින් වැඩක් නෑ..

      Delete
    5. පොඩ්ඩි අක්කේ, ඇයි අනේ ඔවුවා බලන්න ගිහින් ඇක්සිඩන් වෙලා එහෙන් මෙහෙන් එක්කෙනෙක් දෙන්නෙක් මැරුණ වෙලාවලුත් තියෙන්නේ.. මම ඒකක් ගැන ලිවුවේ කාලෙකට උඩදී..

      Delete
    6. අරූ අයියේ, ඇයි ටැන් පාට... හික්ස්..

      Delete
    7. අන්න ඕක තමයි....දරා ගන්න අමාරුම එක...ටෑන් හංසයෝ....
      දිනේෂ් ..මම විහිළුවට කිව්වාට ගනන් ගන්න එපා. ගෙදර හංසයින්ට වඩා පිට හංසයෝ බලන්න ඕන පිරිමියෙක් ආසයි..මම කල්පනා කරේ හංසයෝ වෙන විල්වල පීනන්න කැමති නැද්ද කියලා. ඉතින් බන් හංසයෝ එලියට දාගෙන ඉන්නවා වගේ අපි හුන්ගෝ, මගුරෝ එලියට දාගෙන ඉන්න කියලැයි....පීනමුකෝ කියලා...

      Delete
    8. මටත් ඉතින් මෙහෙම එකක් කිවුවොත් දැන් තමයි හන්දා ඔන්න ඔහේ මාත් කියලා දාන්නම්.. ඒක කෝමත් පිරිමින්ගේ හැටියක් තමයි..හිතට ගන්න එක නැති එක කෝම වුනත් අවට දේවල් බලනවම තමයි.. මෙහේ ඕනම නාකියෙක් කෙල්ලෙක් තමන්ව පහු කරන් යනවනම් ටක් ගාලා හැරිලා බලන්නේ පස්ස දිහා.. ඒක ඉතින් හැටියක්නේ..

      ඔට ටැන් පාටේ අමුතුම ගතියක් තියෙනවා.. හැබැයි ඉතින් ඒ ටැන් පාට අස්සෙන් අවුවට අහු නොවෙන්න වහන් හිටිය හරියේ ඔරිජිනල් පාට පේනකන් විතරයි.. නැද්ද??

      Delete
  33. අපේ නං ප්‍රෙෂර් නගිනව ඕව දැක්කම

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒක එච්චරම හොද නෑ..

      Delete
  34. හික්ස්...ඇත්ත සිද්ධියක්ද?

    ReplyDelete
    Replies
    1. ඔවු ලොකූ, මේ ලගදී ෆාමසියේ වෙච්ච දෙයක්..

      Delete
  35. """නුතන පද්‍යයකි. එක් කවියක එලි වැට ඇත. එලි සමය පෙනෙන්නටවත් නැත. චිත්ත රූප මැවෙන සේ කවියා රචනා කර ඇත. දැන් මේකෙන් මම රසාස්වාදයක් ලියන්න ඕනේය.""
    පොස්ට් එක දැක්ක ගමන් මතක් වුනේ ඔය ටික විභාග භීතිකාව නිසා වෙන්න ඇති මන් හිතන්නේ මට පිස්සුද මන්ද බන්

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ ගුටි නොකා ඉදහන්.. මේක මේ කවි කතාවක්.. ඔය එළියවල් නොබලා ඉදින්. කියවලා කියන්න යන දේ ඔළුවට දා ගත්තම ඒ මදැයි.. :P

      Delete
  36. හංසයො දුටුවම හදවතට හොද බව මමත් කලින් අහලා තියෙනවා. කොහොමත් මානව විද්‍යාඥයො කියන්නෙ කාන්තාවන්ගේ පියයුරු දරුවන්ට කිරි දීමටත් වඩා ලිංගික කර්තව්‍ය වෙනුවෙන් වැඩි මෙහෙයක් කරන්න ප්‍රමාණයෙන් විශාල වෙලා තියෙන බවයි. දරුවා පෝෂණය කරන අරමුණ විතරක් තිබුනා නම් බැබුන් මව්වරුන්ගෙ වගේ බොහොම පොඩි හංසයොලු ඉන්න ඕනෙ. සීයව අල්ලලා බොට වෙච්ච වැඩක් නේද කිව්වෙ....

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත මේ සිරා අයියේ.. ඕක වුනේ සියටමයි.. මට උනානම් ඉතින් කෙල්ල මොකටෙයි අෆ්ෆ රවන්නේ.. හික්ස්..

      කතාව ඇත්ත.. මමත් ඔහොම එකක් කොහේදි හරි කියවලා තියෙනවා හැබැයි..

      Delete
  37. ඔය ප්‍රෙෂර් එක අඩුවෙන කතාව ඇත්ත වෙන්න ඕනේ. මාලු ටැංකියක් දිහා බලාගෙන ඉන්නකොටත් ප්‍රෙෂර් එක අඩුවෙනවා කියනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කතා දෙකම ඇත්ත.. ඔය ගැන විස්තර ගිය ලිපි කීපයක්ම මම කියවලා තියෙනවා..

      Delete
  38. ඉතින් මලේ මේව නොබලන මේ දෑස් මක්කටද කියල තමයි හිතේනේ. කාලෙකට පස්සෙ කවියෙනුත් කිව්වා එහෙනම්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ රත්නායක අයියේ.. නොබලා කෝමද ඉතින්..

      Delete
  39. ඔතන මල්ලි ප්‍රෙෂර් අඩුවෙන්නෙ ඔව්ව දිහා බලා හිටියටම නෙවෙයි. සෙරෙප්පුව අතට අරගෙන පස්සෙ පන්නනකොට පණ එපයි කියල දුවන්ට වෙනවනෙ විලුඹ තට්ටං වල වැදිවැදි. දිවිල්ල කියන්නෙ හොඳ ව්‍යායාමයක්, ඒ නිසයි ප්‍රෙෂර් අඩුවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් හැබැයි ඇත්තක් තියෙනවා රවී අයියේ.. එහෙම දුවද්දී නම් ප්‍රෙෂර් විතරක් නෙමෙයි සර්වාංගේ තියෙන හුඟක් ලෙඩ හොද වේවි..

      මගේ හිතේ මේ රවී අයියා මට දාන පළවෙනි කමෙන්ට් එක වෙන්න ඕන.. ඇත්තටම සතුටුයි මම පෞද්ගලිකව අගය කරන කෙනෙක්ගෙන් ලැබුන වචන ටිකට..

      Delete
  40. මගේ කොමන්ට් එක කෝ ඩෝ

    ReplyDelete
    Replies
    1. දාන්න එපැයි ඩෝ තියෙන්න.. -_-

      Delete
  41. දිනේශ් ඔයා ඕවා දැකලා, ෆාමසියට එන ලෙඩ්ඩුන්ට බෙහෙත් එහෙම මාරු කරලා දිලා නැ නේද..:D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ නෑ.. මම හොද ළමයනේ ඉතින්.. ^_^

      Delete
  42. සීයා කට ඇරගෙන ඉඳලා දත් ඇන්ද බිම වැටිලා වගේ.!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්