Saturday, 2 August 2014

මඟ බලන හිතවතෙක්



සඳ කුමාරි 2



 හරි. දැන් එතකොට අද අපි කියන්නෙ අර මැජික් හීයේ අයිතිකාරයා කවුද කියලා නේ. 
ලැස්තිනේ ??? 
යමු කතාවේ ඉතුරු ටික කියවලා බලන්න. 

මැජික් හීය කුමාරිකාව ඇදපු වළාකුළු සිතුවමත් අරන් පා වෙලා පා වෙලා ඈතට ඈතට ගියා...
කොච්චර ඈතට ගියාද කිවුවනම්, වළාකුළු වනාන්තරෙටත් එහා සුර්ය්‍ය රාජතුමාගේ රාජධානි මායිමටම ගිහින් නැවතුනා.
ඒ ටිකක් කළු , මුළු ඇග පුරාම තැනින් තැන ගිනි පිට වෙන
ලොකු ආශ්වයෙක් ලඟ. 


 එයාද එතාකොට හීයේ අයිතිකාරයා ???
මොකද හිතෙන්නෙ
.
.
.
.
.
.
.
.
.
.
.
නෑ නෑ 
බය වෙන්න එපා ආශ්වයා නෙමෙයි හීයේ අයිතිකාරයා. 
අශ්වයා පිට උඩ ඉන්න 
කුමාරයා තමයි හීයේ අයිතිකාරයා.
එත් කුමාරයාව පෙන්නෙ නෑ නේ කුමාරයාගේ රාජකීය යුධ ඇඳුම නිසා. 



කුමාරයා හීයේ ඇමිණිලා තිබුන වළාකුළු අරන් බැලුවා.
කුමාරයට ගොඩක් සතුටු හිතුනා.
කුමාරයා හිතුවා " අහා... හා ඒ කියන්නෙ සඳ රැජිණගේ වළාකුළු මාලිගාවේ උසම උස කුළුනේ ඉන්නෙ මම හිතුවා වගේ මයාකාරියක්වත්, රත්තරන් බිත්තර දාන ඉගිලෙන්න බැරි තාරාවියක්වත් නෙමෙයි. පුංචි කුමාරිකාවකුයි කිසිම දෙයක් හරියට කරගන්න බැරි ගිණි කුරුල්ලෙකුයි." කියලා.

හීය විද්දෙ කවුද කියලා හොයාගෙන ආපු ගිණි කුරුල්ලව කුමාරයා සුර්ය්‍ය රාජධානි මායිමෙ ඉද්දි දැක්කත්, ගිණි කුරුල්ල නම් දැක්කෙ නෑ කුමාරයාව.ඒ කුමාරයගේ කළු පාටින් වැහුන යුධ ඇදුම හන්දා වගේම ගිණි කුරුල්ලා මුළු වළාකුළු වනාන්තරේම හොයලා හොයලා යන්න ගියා මිසක් ඉන් එහාට ඇවිත් හෙවුවෙත් නැතිනිසා. 

වළාකුළු චිත්‍රේ දැක්කට පස්සේ කුමාරයට ආස හිතුනා මේ උස කුළුනේ ඉන්න කුමාරිකාව බලන්න. 

* * *

අපේ කුමාරිකාවත් මුළු දවස පුරාම හිතුවා කවුද මේ හීය එවුවේ කියලා. 
ඔහොම දවසම ගෙවිලා ගියා. 
ඒත් එයාට හිතාගන්නවත් බැරි උනා හීය එවුවේ කවුද කියන එක.
ඒත් එයා බලාගෙන හිටියා ආයෙම පණිවිඩයක් ඒවි කියලා.

ඊලග දවසෙත් කුමාරිකාවගේ ලොකු කාමරේ කැටයම් වැටුණු, කුමාරිකාව ආසම කාණ්ණාඩි මේසෙට හීයක් ඇවිල්ලා වැදුනා. නිකන්ම නෙමෙයි පුංචි ලියුම් කැල්ලකුත් එක්ක. 
හැබැයි කුමාරිට ටිකක් තරහත් ගියා. මොකද හීය වැදුනේ එයා ආසම එයාගේ ලස්සනම කණ්ණාඩි මේසෙට නිසා. 
එත් කුමාරි ලගට ඇවිත් හීයේ අමුණපු ලියුම අරන් බැලුවා.

" පායන්න බැරිද රෑ අහසට
බලා ගන්න පොඩ්ඩක් සඳවතියගෙ ලස්සන...

- මඟ බලන හිතවතෙක් " 

කුමාරිට හිනා ගියා... කොච්චරද කියනවනම් ඇස් වලින් කඳුළු පනින තරමට කුමාරිට හිනා. 
ගිණි කුරුල්ලත් කුමාරිගේ මේ හිනාව දිහා පුදුමයෙන් වගේ බලාගෙන හිටියා.
ලියුම ලියපු කෙනා කවුරු වුනත් කුමාරිටත් හිතුනා එයාව දකින්නම ඕනේ කියලා. ඉතින් කුමාරි අයෙමත් පුංචි වළාකුලක ලස්සන චිත්‍රයක් ඇන්දා. ලස්සනට අහස පුරා පායලා තියෙන සඳ තරුත් පිරිවරාගෙන. කලින් වගේම සිතුවම් වළාකුල හීයට අමුණලා පා කලා ඈතට.



ඒ සිතුවම දැක්කම කුමාරයා දැනගත්තා කුමාරියව බලාගන්න නම් රෑට තමයි පුළුවන් වෙන්නෙ කියලා. 
ඉතින් එදා දවසේම කුමාරයා හිටියේ ගොඩක් නොඉවසිල්ලෙන් රාත්‍රි කාලය උදා වෙනකම්. කුමාරිකාව බලාගන්න. 

හිමිට හිමිට කාලය ගෙවිලා ගියා. 
රාත්‍රිය උදා උනා. 
කුමාරයා එයාගේ යුධ අශ්වයා පිටේ නැගලා ගියා සුර්ය්‍ය රාජධානි මායිමට. ගිහින් බලන් හිටියා ඈතින් සුදු පාටට දිලිසෙන ලස්සනම ලස්සන සඳ රැජිණගේ මාලිගාව දිහා. 
රාත්‍රි කාලය අයිති සඳ රැජිණට නිසා සඳ රාජධානිය පුදුම ලස්සනට දිලිසි දිලිසි තිබුනා. කවදාවත් ගිහින් නැති සඳ රාජධානිය ගැන කුමාරය ආවේ පුදුම ආසවක්. 
කුමාරයට හිතුනා කවදා හරි දවසක් හොරෙන් මේ සඳ රාජධානියට යනවා කියලා. එහෙම හිත හිත ඉද්දිම කුමාරයා දැක්කා ඈතින් සඳ රැජිනගේ මාළිගාවේ උසම කුළුනෙන් මතු වෙන පුංචි ඡායාවක්. 
ඇත්තටම කිවුවොත් ඒ අපේ පුංචි කුමාරිකාව.



අපේ කුමාරයට හැමදෙම අමතක වුනා. කුමාරයට තේරුණා නොදැක උනත් එයා සඳවතිය කියලා තියෙන්නෙ ඇත්තටම සඳවතියට කියලා. කුමාරයා නොදැනිම මුළු රෑ පුරාම සඳවතිය දිහා බලන් ඉදලා. 
හීනිම හීනි හිරු කිරණ රත්තරන් පාටින් දිලිසි දිලිසි කුමාරයාගේ ඇග පුරා පැතිරෙද්දියි කුමාරයට මතක් උනේ අයේ සුර්ය්‍ය මාළිගාවට යන්න වෙලාවත් හරි කියලා. 

* * *

දැන් ඉතින් ඔයාලා දන්නවා අපේ පුංචි කුමාරිකාව ඇත්තටම සඳවතිය බව. 
සඳවතිය අපේ සඳ රැජිණගේ දු කුමාරිකාව. 
සඳ රැජිණ පුංචි කුමාරිකාව උසම කුළුණක හරි පරිස්සමට තිබ්බේ පුංචි සඳවතියගේම ආරක්ෂාවටමයි. 
එත් සඳ රැජිණ දැනන් හිටියේ නෑ පුංචි සඳවතිය ඉන්නෙ ගොඩක් දුකින් කියලා. 
එයාට එයාගේ වයසේ යාළුවෝ කවුරුත් නැතිකොට, සහෝදර සහෝදරියෝ නැති කොට, මුළු දවස පුරාම කුළුණක කාමරෙට වෙලා තනියම සඳවතිය  ගොඩක් පාළුවෙන් තනිකමින් ඉන්නෙ කියලා සඳ රැජිණ දැනගෙන හිටියේ නෑ. සඳ රැජිණ හිතන් හිටියේ සඳවතිය හැම සැප සම්පතක් මැද්දෙම හිටියේ ගොඩක් සතුටින් කියලා. 
හැබැයි ඔන්න දැන්නම් සඳවතිය ඉන්නෙ ලොකු කුතුහලයකින්.
මොකද ඉතින් එයා තාම දැක්කෙ නෑ සඳ රැජිණගේ මාළිගාවට හීයකින් විදලා සඳ රැජිණගේම දු සඳවතියට විහිළු කරන්න තරන් හපන් වීරයා කවුද කියලා. 

ඉතින් ඊලග දවස පුරාම සඳවතිය කල්පනා කලේ හී විදින මේ අමුත්තා කවුරු වෙන්න පුළුවන්ද කියලා. 
ඉතින් උදෙන්ම ගිණි කුරුල්ලා ආපු ගමන් සඳවතිය මුළු විස්තරේම එයාට කිවුවා. ඇත්තටම ගිණි කුරුල්ලත් ගොඩක් සතුටු වුනා. 

"
කියන්න ඒ අමුත්තා කවුරු වෙන්න පුළුවන්ද
එයා තරු කුමාරයෙක්වත්ද?
නැත්තන් සුරදුතයෙක්වත්?
එහෙමත් නැත්තන් එයා සුර්ය්‍ය රාජධානියෙන්ද?
දැනගන්නකල් ඉවසිල්ලක් නෑ,
හ්ම්ම්ම්ම්.......... " 

* * *

ඉතින් මේ අමුත්තා කවුද කියලා හරියටම අපි දන්නෙත් නෑ නේ.

ඊලග දවසෙවත් මේ කුමාරයා කවුද කියලා අපි හොයාගන්න බලමු.

 

56 comments:

  1. එහෙමද....... බලමු එහෙනං ඊලග දවසෙ නේද.......?

    ReplyDelete
    Replies
    1. අහ්, අද කෙන්ජි අයියා උදේම ඇවිත්..

      Delete
  2. එක්ටැම් ගෙවල්වල හදන එකම ගෑනු ලමයි බිමට ආපුවාම එයාලට වෙන්නේ ලොකු කරදරයක් කියන එක මතක් වුනා. :)

    හරිම ලස්සණ, ආදරේ හිතෙන කතාවක් දිනේශ්...

    ReplyDelete
    Replies
    1. හා හා. දැන් පොඩ්ඩි අක්කා හිතන්නේ එහෙමද??

      හ්ම්ම්.. අපි බලමුකෝ හෙමීට..

      Delete
  3. හීය නෙවෙයි බොල හීනෙ නේද?

    කතාවනම් නියමයි මචෝ..

    මේ ශෛලියෙනුත් ටිකක් ලියමු.

    ReplyDelete
    Replies
    1. අහ්, කොතනද බං වැරදිලා තියෙන්නේ.. දැන් මටත් හොයාගන්න බෑ..

      Delete
  4. වෙන අවුද බං ඉතිං මම මිසක්. ඊයේ රෑ තිස්සෙම ඔය එක්ටම් කුලුන දිහා බලන් ඉඳලා අද උදේ නැගිටින්නත් පරක්කුවුනා , වැඩට යන්නත් පරක්කුවෙනවා දැන් ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ගිය පාරත් මම කිව්වෙ "මම නම් නෙමේ ඕන්." කියලා. මේ ඉන්නෙ හීය අයිතිකාරයා. :D

      Delete
    2. හරි හරි වැඞෙි මාට්ටු හිටපිය නලින් අයියන්ඞිට කියලා පත්තරේ දානකන්.

      Delete
    3. ඉවාන් - කුමාරයෙක් කියලා කියාගන්න තියන ආසාවක් ...හා පවුනේ ඉතිං කමක් නෑ :D :D

      Delete
    4. ගෙම්බෙක්ගේ හීනයක්.

      Delete
    5. ඉවාන්, ආ ඇත්තද? ඒක තමයි උඹ නිකන් හීනෙන් වගේ මේකට කමෙන්ට් කරලත් තියෙන්නේ.. පවු අප්පා..

      Delete
    6. ප්‍රියා, උඹ දැන් ඔය හීයවල් යවන්න ගියොත් කෝමත් ගුටි කන්න වෙන්නේ.. ඒ හන්දා දැන් එපා.. ;-)

      Delete
    7. සංජීව, අන්න හරි.. මුල් පිටුවෙම දාන්න ඕන.. රෑට රෑට මේකා කෙල්ලන්ගේ කාමර දිහා බලාගෙන ඉන්නවා කියලා..

      Delete
    8. රෙහානි, තාම මේකට හාද්දක් හම්බුවෙලා නෑ.. ඒකනේ ඔය අවුල..

      Delete
    9. බස්සී, තව ටික කාලයක් ඔහොම හීන දැක දැකම ඉදපු දෙන්..

      Delete
  5. ලස්සන ආදර කතාවක් දිනේෂ් අයියේ ..

    ReplyDelete
    Replies
    1. ආදරේ කෝමත් ලස්සනයි දිළිනියෝ..

      Delete
  6. ඔය කියන කාලෙ fb කෙසේ වෙතත් හෑන්ඩ් ෆෝන් වත් තිබ්බනම්!!!!

    කතාව පට්ට. ඊළග කොටසත් බලලා ඉමුකො.

    ReplyDelete
    Replies
    1. එහෙම තිබ්බනම් මේ කතා සුන්දර ආදර කතා වෙන්නේ නෑනේ මචං..

      අපි කොච්චර තිබ්බත් දැනුත් අස ඔහොම ටිකක් බලාගෙන ඉන්න, රෑ ඇහැරන් ඉන්න වගේ වැඩ වලටනේ..

      Delete
  7. පට්ට යකෝ... හිකිස්...
    කුමාරිකාවට මක්ක වෙයිද කියල තමා දන්නැත්තෙ...
    ඊළග එකත් බලමුකො

    ReplyDelete
    Replies
    1. හෙහ්, කුමාරිකාවට මක්ක වෙන්නද බං?? ඔය යස අගේට ඉන්නේ.. දැනට හැබැයි..

      බලමු බලමු..

      Delete
  8. සුපිරියි පට්ටයි එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ, තැන්කිවු ඈ.. ^_^

      Delete
  9. කුමාරයව දැනගන්න තියන අමාරුව ....හ්ම්ම් :(

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි මොකෝ.. එහම තමයි.. ටිකක් අගේ කරලා කියන්න ඕන.. නැත්නම් වැඩක් නෑ...

      Delete
  10. ඊළඟ කෑල්ල තවත් රසවත්..

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමද හරියටම එහෙම කියන්නේ??

      Delete
    2. උඹ දැන් මුන් දෙන්නව කොහොමහරි මුණ ගැස්සුවෙ නැත්තං උඹ ඉඳල හමාරයි හොදේ... :D

      Delete
    3. හෙහ් හෙහ්, උඹ ඉතින් ඔය මං ගැන දන්න තරම තමා.. මම කතා කණපිට ගහන හැටියට උඹලා අහු උන තැන මට ගහන්න ඕන බං.. හික්ස්.

      Delete
  11. මේක නම් මරු. මම ආසම විදියෙ කතාවක්.

    ReplyDelete
    Replies
    1. එච්චරද?? හා හොදේ....

      Delete
    2. දන්නවනෙ ඉඳිකටු අයියේ මම කොමෙන්ට් කෙටිල්ලට හොර බව. හා අන්තිම කොටසට දෙන්නම්කො එල විචාරයක්.

      Delete
    3. හික්ස්, හාකෝ හාකෝ..

      Delete
  12. දිනේෂ්..... සුරංගනා කතා ලියන්න පටන් අරන්..... වගේ...... ලස්සනයි..... ගොඩක්.... මේක ළමා පොතකට දාන්න....

    ReplyDelete
    Replies
    1. කලිනුත් කතාවක් ලියලා තියේ.. වෙලාවක කියවලා බලන්න..

      පොත් ගහන්න දෙයක් නෑ.. මේකේ ඉන්න ළමයි ටිකම කියෙවුවම මදැයි.. ;-)

      Delete
  13. කුමාරයා කොහොමද බලා ඉන්න ඇතිද රෑ වෙන කම් සඳවති බලන්න ඉවසිල්ලක් නැතිව..:)

    ReplyDelete
    Replies
    1. කුමාරයන්ට ඉතින් කොහොමත් ඔහොම බලාගෙන ඉදලා පුරුදුයිනේ.. හා නැද්ද මං අහන්නේ??

      Delete
  14. කුමාරයන්ගෙ හැටි ඔහොම්මමයි.කවුද කියල හොයාගන්න තියෙන අමාරුවක් ...
    කතාවනම් මල් හතයි ... ඉක්මනට අනික් කොටසත් දාන්ට ...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි. පොඩ්ඩක් අගේ කරන්න ඕන.. නැත්නම් වැඩක් නෑ..

      Delete
  15. දිනේෂ්.........................

    නියමයි කතාව නම්. හරිම ලස්සනට ගලාගෙන යනවා. ආස හිතෙනවා කියවන්න...... ඔබගේ හැකියාව ගැන තම මොන කතාද. ඉතුරු ටික කියවන්න මග බලාගෙන සිටිමු...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      ඉතුරු ටික හෙමිහිට..

      Delete
  16. හරිම ලස්සනයි ඇත්තටම..

    ReplyDelete
    Replies
    1. හා හොදේ.. තව තියෙනෝ..

      Delete
  17. සුරංගනා කථා තවත් නොකියනු මැන මට... හැක් හැක්...
    ඊලග කෑල්ල තවත් රසවත්...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට ඒ තරමටම සුරංගනා කතා ඇහෙනවද? සංතෝසේ බෑ..

      ඊලග එක රසවත් නෑ.. ^_^

      Delete
  18. ඒ කාලේ කුමාර වරුත් 'විශේෂ ක්‍රියාන්විත' කරලා තියනවා එහෙනං ඈ.

    ReplyDelete
    Replies
    1. ආදරේ ලගදි කොයි කුමාරයත් විශේෂ ක්‍රියාන්විත කරනවා මං හිතන්නේ..

      Delete
  19. Replies
    1. යමු යමු.. තව වැඩි දුරක් නෑ..

      Delete
  20. හරිම ලස්සන සුරංගන කථාවක් කියලා මම කලින් කොටසෙදිත් කිව්වා. කථාවෙ අවසානයෙදි සදවතියයි කුමාරියයි එකට සෙට් වෙන බොහොම සම්ප්‍රදායික අවසානයක් උදාවේවි. එහෙම නේද.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, සිරා අයියා එහෙමද හිතන්නේ.. හා හා අපි එහෙනම් බලමුකෝ...

      Delete
  21. මේ එල කෑලි ඔක්කොම ඇයි බන් කණුවල තියන්නේ...... සමහර විට බිම හිටියොත් වැඩිපුරම අනික් එවුන්ට කණු තියයි කියලා වෙන්න ඇති නේද

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඔවුවට ඉතින් දෙන්න උත්තර නෑ බං.. කණු ගැන හොයන්නේ නැතුව ඉදින්..

      Delete
  22. සඳ කුමාරිට ලේසි වෙන එකක් නෑ හිරු කුමාරයාට ආදරය කරන්න..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්