Monday, 28 July 2014

කුමාරියක්ද, තාරාවියක්ද?



සඳ කුමාරි 1

මේක පුංචි කතාවක්. 
එකමත් එක... හ්ම්ම්.. නෑ එවුවා ඕනේ නෑ.
මෙහෙමයි,
හිටියා ලස්සන කුමාරිකාවක්. 
කොච්චර ලස්සනද කිවුවොත්..... 
මට නම් එයාගේ එහෙම කියන්න තරම් කිසි ලස්සනක් නෑ.
හැබැයි ලස්සන නැත්තෙත් නෑ.. 
එත් එයාට තිබුනේ ගොඩක් ලස්සන හිතක්, එත් එයා ඒ බව දැනගෙන හිටියේ නෑ. 
එයා හිටියේ ගොඩක් දුකින්.



ජිවිතේ කොච්චර අසධාරණද කියනවනම් ඒ කුමාරිකාව අවුරුදු ගානක්ම හිටියේ තනියම.
ගොඩක් පාළුවෙන්.
එයා ලග කොච්චර කට්ටිය හිටියත් එයාට පාළුව දැනුනා..
එයාගේ මුළු ජිවිතේම ගෙවුනේ හරිම දුක්බර විදියට.
හැම සැප සම්පතක්ම මැද්දේ එයාට දැනුනේ එයා ඒ ලොකේට අයිති නෑ වගේ.

එයාගේ පවුලේ අයත් එක්ක බැලුවම එයාගේ සිතුම් පැතුම් හරියට 
මී මැස්සොයි සමනළයොයි වගේ වෙනස්.
 පුංචි කුමාරිකාව ආස කලේ මුළු අහස පුරාම නිදහසේ පියාඹන්න.
අහසේ හැම ඉමක් කොනක්ම හොයාගන්න.
 වළාකුළු එක්ක ආදරෙන් ඉන්න
හරියට පුංචි කිරිල්ලියක් වගේ.
එත්,
ඒ කුමාරිකාවගේ පියාපත් කවදාවත් දිග ඇරල තිබුනේ නෑ. 
අඩුම ගානේ ඒකට උත්සාහ අරගෙනවත් තිබුනේ නෑ.
ඒ නිසාම ඒ පිහාටු තිබුනේ හොදටම ඇලිලා. අඩුම ගානේ පිහාටු කියලවත් හිතන්න බැරිම විදියට. 

***

අපේ පුංචි කුමාරිකාව එයාගේ තනිකම, පාළුව මකාගත්තේ එයාටම කියලා පුංචි ලෝකයක් හදාගෙන. එයා එයාගේ ලොකුම ලොකු , උසම උසම කුළුනේ තිබුන ලස්සනම ලොකු කාමරේ පුරාවට චිත්‍ර ඇන්දා. චිත්‍ර වලින් මුළු කාමරේම වැහුවා. ඒ හැම සිතුවමකම තිබුනේ එයා දකින්න කැමතිම, එයා ජිවත් වෙන්න ආසම තැන් වලයි මිනිස්සුන්ගෙයි රුප. ගොඩක්ම තිබුනේ ලස්සන මල් වතු, පුංචි ලස්සන ගම්මාන, සත්තු පිරිච්ච කැළැවල්, ලොකු වැලි කුණාටු තියෙන කාන්තාර, උසම උස කඳු, ගොඩක් අමුතු සත්තුත් ඇඳලා තිබුනා මේ පුංචි කුමාරිකාව. වැඩිය එහෙමෙහේ ඇවිදලා නැතත් එයා දැක්ක දේවලුත් ඒ අතර තිබුනා. ඒ තමයි එයා හදාගත්ත එයාගේ ලොකේ. ඒ හැම දෙයක්ම අතරේ එයා ආසම කලේ ලස්සන ගිණි කුරුල්ලෙක්ට.


අපේ පුංචි කුමාරිකාවට හිටියා හොදම යාළුවෙක්. එයා ලස්සන ගිණි කුරුල්ලෙක්. එකනේ කුමාරිකාව එයාගේ ලස්සනම ලස්සන චිත්‍ර වලත් රත්තරන් පාට ගිණි කුරුලෙක් අදින්නෙ නිතරම. 
 එයා ඒ තරමටම ඒ ගිණි කුරුල්ලට ආදරේ කලා.

දවසක් අපේ පුංචි කුමාරිකාව උදෙන්ම නැගිටලා එයාගේ ගිණි කුරුල්ලත් එක්ක එක්කහු වෙලා අදින්න ගත්තා ලස්සන චිත්‍රයක්. ගිණි කුරුල්ලා ලොකේ ලස්සනම තැන් වලට පියාඹලා ඇවිත් කියන විස්තර අහාගෙන තමයි මේ කුමාරිකාව ලස්සන චිත්‍ර අදින්නේ.
එදත් එයා චිත්‍රේ ඇන්දේ එයාගේ ගිණි කුරුල්ලගෙන් විස්තර අහගෙන.

" කියන්න යාළු, ඔයා තරම් හොද,

ඔයා වගේ ලස්සන,

ඔයා වගේ මට ආදරේ

හොද යාළුවෙක් ඇද්ද තව...



පියාඹන්න බැරි මට, ඔයා ගිහින් දුර

ඇවිදින් කියලා ලස්සන දේ

හීන මවන පොඩි ලස්සන කුරුල්ලෙක්

හම්බ වෙයිද කාවදාවත් මට..



එන්න එන්න පියාඹන්න, කියලා දෙන්න

එන්න එන්න ඇවිත් නටමු

සිංදු කියලා කැරකිලා හරි වේගෙන්

හරි ආදර ගිණි කුරුල්ලා ඔයා තමයි මගේ..."


රත්තරන් පාට ගිණි කුරුල්ලයි පුංචි කුමාරිය මෙහෙම සිංදු කියලා නටලා ඉවර වෙද්දිම.... පුංචි කුමාරි හිටිය උසසසසස කුළුණේ ජනේලෙකින් කුමාරිගේ කාමරේ ඇතුලට වේගෙන් අවා ඊතලයක්. ඇවිල්ලා ඊතලේ කෙලින්ම වැදුනේ පුංචි කුමාරි ඇද ඇද හිටපු ලස්සනම ලස්සන සිතුවම මැද්දටමයි. 
එයාලට හිතා ගන්නවත් බැරි වුනා.. 

කුමාරි ගොඩක් බය වුනා. එයා බය වෙලා ගිණි කුරුල්ලවත් බදාගෙන ඇහුවා "කොහෙන්ද මේ ඊතලේ ආවේ?" කියලා. 
 ගිණි කුරුල්ලත් පුදුම වුනා. මොකද මේ කුළුණ තියෙන්නෙ එසේ මෙසේ තැනක නෙමෙයි නේ, ලස්සන ලොකු වළාකුළක් උඩ නිසා. ඔයාලා ඉතින් දන්නවනේ වළාකුළු උඩට ලෙසියෙන් කෙනෙක්ට එන්න බැරි විත්තිය. 



කුමාරියි ගිණි කුරුල්ලයි දෙන්නම එකතු වෙලා බැලුවා අර ඊතලේ දිහා. එතකොටයි දැක්කෙ ඊතලේ පුංචි කොලේකුත් ඇමිණිලා තියෙන බව. 
ඒ ඊතලේ  තිබුන කොළ කැල්ල ගලවලා අතට අරන් බැලුවා කුමාරිකාව. ගිණි කුරුල්ලත් කුමාරිකාව ලගම හිටියා. ඉතින් ඒ කොලේ තිබුනේ මෙන්න මෙහෙමයි ලු..

" කැමති දැනගන්න. කියන්න බලන්න. 

මේ සුදුම සුදු වළාකුළු මාළිගාවේ උසම කුළුණේ ඉන්නෙ,

ලස්සනම ලස්සන සුරංගනාවියක්ද?

නැත්තන් ලස්සන කුමාරිකාවක්ද?

හ්ම්ම්.....

 එහෙමත් නැත්තන් නපුරු රාක්ෂියක්ද?

ඒ ඔක්කම නෙමෙයි නම් 

රත්තරන් බිත්තර දාන පියාඹන්න බැරි තාරාවියක්වත් ද? 

කුමාරිට නම් හොදටම හිනා ඒ පුංචි කොල කැල්ලේ තිබුනු දේ කියවලා. ඉතින් එයා කිවුවා ගිණි කුරුල්ලට "යන්න ගිහින් බලන්න කවුද කිසිම බයක් නැතුව සඳ රැජිණගේ මාළිගාවට හීයකින් විදලා ලියුම් එවලා විහිළු කරන්න තරම් දක්ෂයා කියලා." කියලා කිවුවා. 
ඉතින් ගිණි කුරුල්ලා පියාඹලා ගියා කුමාරිගේ මාලිගාවෙන් එහා ඈත තිබුන වනාන්තරේ දිහාට.



ගිණි කුරුල්ලා ගොඩක් වෙලා වළාකුළු වනන්තරේ අහස උඩ පියෑඹුවා.
කොච්චර හෙව්වත් ඊතලේ විද්ද කෙනාවනම් හොයාගන්න බැරි වුනා.
එයා ආයෙම හිස් අතින් එන්න ආවා.
 ගිණි කුරුල්ලට වගේම කුමාරිටත් ටිකක් දුකයි.
කුමාරි ටිකක් වෙලා කල්පනා කලා.
කල්පනා කරලා එයාලා කලේ පුංචි ලස්සන වළාකුලක් අරන් ඇන්දා චිත්‍රයක්. ඒකේ තිබුනේ ඒ චිත්‍ර අදින කුමාරිකාවකුයි, එයා ලගටම වෙලා ඉන්න ලස්සන ගිණි කුරුල්ලෙකුයි. 

ඇදලා ඉවර වෙලා අර ඊතලේටම වළාකුළු සිතුවම අමුණලා ආයෙම පා කලා හීය වළාකුළු මාලිගාවෙන් ඈතට.......
වළාකුළු සිතුවමත් එක්ක ඊතලේ පා වෙලා පා වෙලා ගියේ නම් හීය විද්ද හීයේ අයිතිකාරයා ලගටමයි. මොකද එක මැජික් හීයක්  නිසා. 

ඉතින් හීයේ අයිතිකාරයා කවුද?  



58 comments:

  1. හරිම ලස්සණයි. නිදාගන්ට ඇඳට ගිහින් කියවන්ට තිබ්බා නම් තමා හොඳ. :)

    ReplyDelete
    Replies
    1. ඉතින් දැන් නිදියන ටයිම් එක නෙමෙයිද? අපිටනම් මහ පාන්දර 1යි දැන්.. ;-)

      Delete
  2. ලස්සන හීනයක් වගේ... මරු..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, තැන්කිවු තැන්කිවු.. හීනේ තව ලස්සන වෙන්නේ ඉස්සරහට..

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. නිර්මාණයක්ද පරිවර්තනයක්ද කියලා එකවරම හිතාගන්න අමාරුයි. කොහොම වුනත් සුරංගනා කතා හැමදාමත් ජනප්‍රියයිනේ. ලියන්න ඊළඟ කොටස් ටිකත් ඉක්මනින්ම.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා, මගේ ලග ඉතින් පරිවර්තන නැහැනේ විචාරකතුමෝ.. එහෙම කලානම් සදහනක් කරනවා..

      Delete
  5. නියමයි . ඒ අවස්ථාව මවාගෙන විඳින්න පුළුවන් විදියට ලියලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. එහෙනම් එල.. අනික්වත් හෙමීට බලමුකෝ..

      Delete
  6. පට්ට...
    ඉතුරු ටිකත් ඉක්මණටම දාන්ඩෝ......................................................................................................................................................................................................................

    ReplyDelete
    Replies
    1. හා හා ටිකක් ඉවසලා ඉන්නෝ....

      Delete
  7. //ඉතින් හීයේ අයිතිකාරයා කවුද?// මම නම් නෙවේ ඕන්. අපිව එහෙම අල්ල ගන්නවා නෙමේ ඕවට. ;)

    කතාව සරලයි නියමයි. දෙවනි කොටස ඉක්මනින් දාහන් මචො.

    ReplyDelete
    Replies
    1. හොදටම ෂුවර් නේ එහෙනම් උඹ නෙමෙයි කියලා..

      එල එල.. ලබන සතිය දිහාවට බලමු එහෙනම් අනික..

      Delete
  8. වෙන කවුද ඉතින් මං මිසක් ,මම මේ හොයා හොයා හිටියේ ඔතන කවුද ඉන්නේ කියලා .. මෙන්න මෙහෙම කියා කියා තමයි ගියේ හොයන්න

    එක්ටැම් කුළුනේ සිරවී සිටිනා කවුරුදෝ ඔබ කවුරුදෝ

    ReplyDelete
    Replies
    1. යකෝ කවුරු කොහොම මොන කතාවක් ලිවුවත් මූ පනිනවනේ එකට.. අර කිඹුලි ගෙම්බා කියන්නේ නිකන්ද ඉතින් බලාගෙන යද්දී.. හා හා එක්කෝ කමක් නෑ..

      අඩේ ඒ සිංදුව හොදයි මේකේ තේමා ගීතයට.. හික්ස්..

      Delete
    2. අන්න හිරුත් මේ ඉවානයා ගැන පොස්ට් එකක් ලියලා

      Delete
    3. මොකක් ...? හිටු බලන්න ..

      Delete
    4. මැලේ, අනේද කියන්නේ මූ කොහෙන් හරි පනිනවා හැමදාම..

      Delete
    5. ඉවාන්, ඔවු ඔවු, උඹේ ෆොටො එකකුත් එක්කම ලියලා තියෙන්නේ..

      Delete
  9. ඉක්මනට දාන්නකො ඉතුරු ටිකත් කවුද ඔය චන්ඩියා කියල බලාගන්න.

    ReplyDelete
    Replies
    1. හා හා, ඒකටනම් ඔන්න ඉවසලා ඉන්න වෙනවා..

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ඉතින් හීයේ අයිතිකාරයා කවුද? ඉතිරි ටික හෙටම ද‍ාන්න.හරිම ලස්සනයි කතාව.

    ReplyDelete
    Replies
    1. හා හා ළමායි.. එහෙම හදිස්සියේ බෑ.. ඉවසන් ඉන්ට ඕන...

      Delete
  12. හිය අයිති කාරයව හොයලා වැඩක් නෑ ඕක විදපු දුන්නේ අයිති කාරයවයි හොයන්න ඕනා .... මොකද දැන් දැන් සමහරු තමන්ගේ දුනුවලින් අනුන්ගේ ඊතලත් විදිනවලුනේ

    ReplyDelete
    Replies
    1. අඩේ මැලයටත් හිතෙන දේවල්.. හැබැයි ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා.. බලමුකෝ අපි..

      Delete
  13. ඔය කුමාරිකාවගේ නමේ මදාරා කියලා කෑල්ලක් තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. හෙහ්, නෑ නෑ.. මේකේ ඒ නමට කිසිම සම්බණ්ධයක් නෑ.. මේක වෙනමම එකක්..

      Delete
  14. මේක මරු. ඉක්මනට දෙවෙනි කොටස දාන්නකෝ.....

    ReplyDelete
    Replies
    1. හා හා, ඉක්මන් නෑ.. ආයේ ලබන සඳුදා.. ;-)

      Delete
  15. ෂෝයි......ශෝයිම ෂෝයි.....මං මේ ජාතියේ එවුවට ගොඩක් මනාපයි...
    ඉක්කනට ඕන අනික් කොටහ

    හා කවුද දැන් අයිතිකාරයා....

    ReplyDelete
    Replies
    1. කාගේ අයිතිකාරයා ගැනද ඇහුවේ?? මගේද? ඒ ගැන ඉතින් බොලා දන්නවනේ.. :P

      හෙහ්.. ඊතලේ අයිතිකාරයා ලබන සතියට..

      Delete
  16. හලෝ හාන්ස්.:)
    ලස්සන සුරංගනා කතාවක් වගේ බං.එක නෙමේ මොකෝ බං කුමාරිකාවෝ එක්ටැම් අස්සෙම ඉන්නේ පව් නැතිද..?

    ReplyDelete
    Replies
    1. හාන්ස් මෙහේ නෑ බං.. ඒ ඉන්නේ දේශාගේ එකේ..

      මොන පවුද බං.. දාංගලේ වැඩියිනේ ඒකයි..

      Delete
  17. දෙවැනි කොටසත් බලලාම ඉමු ...

    ReplyDelete
    Replies
    1. හා හා, ඒකට ඉතින් ලබන සතිය වෙනකන් ඉන්ට වෙනෝ..

      Delete
  18. ලස්සන සුරංගනා කථාවක් වගේ ...

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. ඉස්සරහට කොහොම වෙයිද කියලා..

      Delete
  19. පිළිතුර - මම නම් නෙමෙයි........................

    කතාව නම් එළස්............. ලස්සන සුරංගනා කතාවක්. ඒක සරළයි.. ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, පිළිතුර ඔය කවුරුවත් නෙමෙයි කියන එක තමයි ඉතින්.. හා හා ඉවසලා ඉමුකෝ එක බලන්න..

      Delete
  20. niyama suranganaa kathaawakne...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිව්ය් ලොකූ... ^_^

      Delete
  21. ඊයෙ රෑ හීනෙන්ද බං මේ කතාව දැක්කෙ?

    සරලයි මචෝ. ඒත් නියමයි. සුරංගනා කතාවක් යට හංගපු හොඳ ජීවනාවබෝධයක්.

    හීනී අයිතිකාරයා උඹම තමයි ඈ....

    ReplyDelete
    Replies
    1. අඩේ උඹලා දැන් දන්නවනේ නේ මට හීනෙනුත් විකාර පේනවා කියලා.. නෑ නෑ මේක එහෙම එහෙක් නෙමෙයි හැබැයි..

      ලියන්නේ මම හන්දා ඉතින් හීය මගේම තමයි කියලම හිතමුකෝ අපි..

      Delete
  22. දිනේෂ්ගේ තවත් පැතිකඩක් ඕන් අද මම දැක්කා. හරිම නිර්මාණශීලියි..පාවෙමින් කියෙව්වේ. ඇත්තටම සුරංගනා කතාවක් ලියාගන්න බැරි උදවිය එහෙම ගහලා විකුණන්නත් දානවා කියලා අපේ නංගි මෑතකදි ලංකාවේ පොත් ගැන ආඩපාලි කිව්වා. දිනේෂ් ඔබ හරිම දක්ෂයෙක් ...ඔබ කාලය කොහොම හොයාගන්නවාද කියා හිතෙනවා මේ පරිස්සමින් වචන යොදාගන්නා හැටි දැක්කාම.

    ReplyDelete
    Replies
    1. මම ගිය අවුරුද්දේ සුරංගනා කතා මික්ස් එකක් ලියද්දී මේ පැත්තේ හිටියේ නැද්ද කොහේද මගේ හිතේ.. අවුරුද්දකට විතර පස්සේ මේ ආයෙම සුරංගනා කතාවකට අත ගැහුවේ..

      කාලය නම් ඉතින් අමාරුයි තමයි.. තියෙන එක ශේප් කරන් ලියාගෙන යනවා..

      Delete
  23. මේක සුරංගනා කතාවක්ද නැත්තං නිර්මාණයක් ද?

    ReplyDelete
    Replies
    1. මේක මගෙයි මදාරගෙයි දෙන්නගෙම අදහස් දාලා නිර්මාණයක් වෙන සුරංගනා කතාවක්..

      හැබැයි අර ගිය අවුරුද්දේ ඩිස්නිලන්තේ ගියා වගේ නම් නෙමෙයි හොදේ අයියේ.. ^_^

      Delete
  24. මේ කථාව ලියවිලා තියෙන භාෂාව බොහොම ලස්සනයි මලයො. සුරංගනා කථාවකට ගැලපෙන නියම බස් වහරක් එහි තියෙනවා. විවිධ තේමාවන්ට අනුව කථා ගොතන්නට ඔබට තියෙන හැකියාව හොදින් පිළිඹිබු වෙන අවස්ථාවක් තමයි මේ.

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් ඔය ව්‍යාකර්ණ ඒවා මේවා ගැන නොහිතා ලියාගෙන යන එකක්.. කතාවක්නේ, කතාකරන භාශාව තමයි තියෙන්නේ..

      Delete
  25. කාලෙකින් ලියවුන සුරංගනා ලෝකෙ ලස්සන නිර්මාණයක්. ඉතින් හීයේ අයිතිකාරයා කවුද?

    ReplyDelete
  26. අනිත් කතා ලියන උඹ.....සුරංගනා කතාවට සුදුසු බස හැසිරිවිම හරි අපූරුයි ......
    කෙල්ලත් උදව් කලාද.... :) :)

    ReplyDelete
  27. අදනේ බොලේ මේ සුරංගනා කතාව දැක්කේ...ඉතුරු ටිකත් කියෝනෝ!! :)

    ReplyDelete
  28. Harima lassanai Dinesh aiye.. mula tikedi mata mathak une Tangled cartoon eka...

    ReplyDelete
  29. ශා හරිම ලස්සනයි

    ReplyDelete
  30. ලස්සන කතාවක් වගේ. අනිත් කොටස් ටිකත් හිමිහිට නිවාඩු පාඩුවේ බලනවා...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්