Thursday, 24 July 2014

සුදු නාඟ අභිරහස



බේකර් විදියේ ගෙදර බෙල් එක වැදුණේ මහ පාන්දර උදේ දහයට විතර.. නිගමනවලට අනුව හෝම්ස් දන්නවා ආවේ කවුද කියලා.. කොටින්ම ඒ වොට්සන්.. හෝම්ස්මයි උදේම එන්නයි කියලා FB එකට මැසේජ් එකක් දැම්මේ..


" මගේ මිත්‍රයා උදේ පාන්දරම වැඩ වගේ.."

" මොන වැඩද වොට්සන්.. වැඩට යන්න තමයි මේ එන්න කියලා මැසේජ් කලේ.. මේ එන වෙලාවද මනුස්සයෝ.."

" හරි හරි හෝම්ස්, කියන්න මොකද්ද මේ පාර ගැටලුව.. මිනිමැරුමක්ද?"

" නෑ, අතුරුදහන් වීමක්.."

" ඇත්තට, ආරංචියක්වත් ආවේ නෑනේ.."

" එහෙම වෙන්න එපැයි.. මේක ලන්ඩන් වල එකක් නෙමෙයි.."

" එහෙනම්.."

හෝම්ස් හාන්සි පුටුවට වෙලා පයිප්පෙට දුම්කොළ පුරවන ගමන් කතාව කියන්න පටන් ගත්තා..

" ලංකාවේ, සුදු නයෙක් නැති වෙලා.."

" සුදු නයෙක්.. එහෙනම් සෑහෙන වටිනවා ඇති.."

" නෑ වොට්සන්.. සුදුනයි කියන්නේ ඒ තරම් දුර්ලබවත් වටිනාකමින් වැඩි දෙයක්වත් නෙමෙයි.."

" ඔය ඇත්තමද?"

" මාත් දන්නේ නෑ.. එහේ අය තමයි කියන්නේ.. මෙහේ සුදු නයි නැහැනේ.."

" හරි ඉතින් මොකද වෙලා තියෙන්නේ?"

" මේකා මේ සූ එකේ හිටිය නයෙක්.. දැන් සතියකට විතර කලින් අතුරුදහන් වෙලා තියෙන්නේ.. කොටින්ම ප්‍රදර්ශනේට හිටිය එකෙකුත් නෙමෙයි.. අහල පහල කූඬු වල හිටිය අනිත් සත්තූ ඉද්දී මේකා විතරයි අතුරුදහන් වෙලා තියෙන්නේ.."

" එහෙනම් හෝම්ස් අපිට මේ නයා හොයන එක ලේසි වෙන එකක් නෑ.."

" නෑ වොට්සන්, ඒ ගැන කරදරයක් වෙන්න දෙයක් නෑ.. නයා හම්බුවෙලා.."

" මොකක්? කවුද උස්සලා තියෙන්නේ.."

" කවුරුවත් නෑ.. නයාම තමයි ඌ හිටිය කූඬුව ඇරගෙන ඌම එළියට ගිහින් ඒ පැත්තේ වටේ ඇවිදලා ආයෙම බඬගිනි උණාම සූ එකට ඇවිත් තියෙන්න්නේ.."

" මොනවා කවුද එහෙම කියන්නේ?"

" කියන්නේ නයාම තමයි.. ඔය පොලීසියට ප්‍රකාශයක් කරලා තියෙන්නේ?"

" මොකක්, පොලීසියට?"

" ඇයි වොට්සන් අමතක වුනාද.. මීට කාලෙකට කලින් ලන්ඩන් වලම තිබ්බ ලෝකේ හොදම පොලීසිය තෝරන තරගේ දින්නෙත් ලංකාවේ පොලීසියනේ.. ඇයි අර තඩි වලහා පිළිගත්තේ ඌ තමයි හාවා කියලා.."

" අහ් ඔවුමනේ.. මට අමතක වුනා.. දැන් හෝම්ස් ඔච්චර දක්ෂ පොලිසියක් ඉන්න රටේ අපි ගිහින් තවත් මොනවද හොයන්න තියෙන්නේ.. එයාලා අපෙන් මොනවද ඉල්ලන උදවුව.."

" නෑ වොට්සන් එයාලට අපෙන් උදවු නම් ඕන නෑ අපි එයාලගෙන් උදවු ගත්තත්.. මට මේ ඊයේ WWf එකෙන් ඊ මේල් එකක් දාලා තිබ්බා ගිහින් ඒ සතා ගැන වාර්ථාවක් අරන් එන්න කියලා.. ඒකයි මේ බැළුවේ.."

හාන්සි පුටුවේ හොදට දිගා වුන හෝම්ස් නළලත් රැළි කරන් ටිකක් වෙලා කල්පනා කලා..

" මොකද්ද හෝම්ස් ප්‍රශ්ණේ?"

" නෑ මම බැලුවේ ශ්‍රී ලංකන් එකේ ටිකටුත් ගනන්.. ඒත් නොගිහිනුත් බෑ.. මේ මාසේ ගෙවල් කුලී සල්ලි තාම දුන්නේ නෑ අපි එකේන් වත් ගිහින් එමු.."

" හා හෝම්ස්.. වෙන මොනවා කරන්නද?"

පැය නමයක් ගුවන් කාලය හෝම්ස් වොට්සන් දෙන්නට දැනුනේ ගමන පුරාම ගෙදර ඉන්නවා වගේ.. කිරිබත් කෑල්ලක් කන ගමන් එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් මැච් එකේ හයිලයිස්ට් ටිකත් බලාගෙනම  හෝම්ස් වොට්සන් එක්ක ලංකාවට ආවා.. එයාර්පෝර්ට් එකෙන්ම ටැක්සියක් ගත්ත හෝම්ස් වොට්සන් එක්ක කෙළින්ම ගියේ දෙහිවල සූ එකට.. ගිහින් තමන්ව අදුන්නලා දීලා ආව කාරණාව ගැන හෝම්ස් අධ්‍යක්ෂ ජෙනරාල්ට පැහැදිලි කරලා  දුන්නා..

" අහ්, මහත්තුරු ආව එක වටිනවා.. ඒත් දැන් ඒකේ හොයන්න දෙයක් නෑ.. නයා වරද පිළිගත්තා මහ රෑ පැනලා ගියේ ඌමයි කියලා.."

" ඒකනම් අපිත් දන්නවා.. ඒ උනාට අපිට නයාව බලන්න ඕන.. මොකද WWf එකට වාර්ථාවක් දෙන්නත් ඕනනේ.."

" එහෙනම් ඉතින් මෙහේ බලලා වැඩක් නෑ.. ගල්කිස්ස පොළිසියේ ගිහින් බලන්න වෙනවා.."

" ඒ මොකද?"

" වැඩිදුර පරීක්ෂණ වලට අරන් ගියා.."

හෝම්ස් වොට්සන් එක්ක ආයෙම ටැක්සියේ නැගලා ගල්කිස්ස පොලීසියට එන්න ආවා.. විස්තර පැහැදිළි කරාම ඔවුන්ට සුදුනයාව බලන්න විනාඩි පහක් හම්බුනා.. කළුවර කාමරේ හරි මැද පැද්දී පැද්දී තිබුන බල්බ් එකක් යට මේසෙක සුදු නයා දරණේ ගහන් හිටියා.. ඒ පෙනේ "ප" යන්නක් නැති තරම්..


" මොකද ඔය බෙල්ලේ තුවාල.. හරියට කාට හරි ලේ දීලා වගේ.."

හෝම්ස් පුටුවේ වාඩි වෙන ගමන් ඇහුවා.. සුදු නයා යන්තන් ඔළුව උස්සලා බැළුවා.. උගේ මූණේ තිබුනේ සෑහෙන්න මහන්සි පෙනුමක්.. එක අතකට කී දෙනෙක්ට කියලා ප්‍රකාශ නිකුත් කරන්නද..

" මට මතකත් නෑ හරියට මොකද උනේ කියලා.. මම යද්දී නම් මෙහෙම තිබුනේ නෑ.."

" ඇත්තටම තමන්මද කූඬුව ඇරගෙන ගියේ?"

" පිස්සුද මහත්තයෝ.. මම එහෙම කිවුවේ අර උදේ හවස මට කන්න මී පැටියෙක් හරි ගෙනත් දාන මිනිස්සු හතර දෙනාගේ රස්සාවල් ගැන හිතලා.. අර නිදන් හාරපු STF කට්ටියට වගේ තව ටික දවසකින් ඒ ගොල්ලන්වත් ආයෙම වැඩට ගනීවි.. එතකොට මේ ප්‍රශ්ණ ඉවරයි.."

" එහෙනම් මොක්ද තාම බයෙන් වගේ ඉන්නේ?"

" නෑ මහත්තයෝ මම මේ කල්පනා කලේ.. මම ඇවිද්ද තැන් පෙන්නන්න කියලා පොලීසියෙන් මාව ආයෙම එළියට එක්ක යාවිද කියලා.."

------------------------------



විශේෂයි - මේ මගේ 550ස් වෙනි පොස්ට් එක :)  

106 comments:

  1. හහා... මේක මරු!!

    550ට සුභපැතුම් දිනේශ් අයියේ....

    ReplyDelete
    Replies
    1. අලේ... මම එකලු!!! ජයවේවා....!!

      Delete
    2. මේක පුදුම ලෝකයක්නේ.. මමනේ කොමෙන්ටුව එකටම දැම්මේ.. බස්සි මැජික් එකක්වත් කොලාද

      Delete
    3. කොම්පියුටර් ජිල්මාට් එකක්....

      Delete
    4. බස්සී, යකෝ එක උනා කියලා ඔච්චර උඩ පනිනවද.. අර ඉස්සර බට්ටි අක්කට පොරොන්දු උනා වගේ මම චොකෝ දෙන්නේ නෑ හරිද..

      Delete
    5. රංග, මචං හත්පර ගානක වෙනස මොනා කරන්නද ඉතින්.. කියන්න බෑ මේ බතලී වැඩ කරන තැන එච්චර හොද නෑ.. ජිල්මාට් පාරක් දැම්මද කියලා..

      Delete
    6. එහෙම වෙන්ඩ ඇති.. අනේ මන්දා.. මොනා කරන්නද?..

      Delete
    7. බස්සියා හොරා.. වැඩිය හිතන්න එපා...

      Delete
    8. ජිල්මාට් දාන්නෙ නෑ අපි අවංක බස්සියො හලිද! ඒ චොකෝ නැත්තම් අර අටම් අයිය දෙනව වගේ පැලපිහිකුසලානෙද මොකද්ද එකක්වත් නැද්ද, සැක්! කමක් නෑ 550 පාර්ටියෙ කේක් කෑල්ලක්කත් දෙන්ඩකො එහෙනම්.

      Delete
    9. ඈ, ඒ මොකද්ද බං ඒ?? මට මීටර් නැහැනේ එහෙම එකක් ගැන.. කේක් නෑ පාටි නෑ.. ආයේ 750ක් ලිවුවම පාටි දාමු.. හික්ස්..

      Delete
  2. පට්ට... 550 පෝස්ට් එකට සුභ පතනවා ඔන්.. දිගටම ලියන්න..

    ලංකාවෙත් හෝම්ස් කරක් ගහලා එහෙනම්..

    අපේ ලංකාව තරම් දක්ෂ පොලිසියක් වෙන රටක නෑ,. මොනවා උනත් ඇත්ත කතාව... සුදු නාග අභිරහසත් එහෙනම් විසදුවා හෝම්ස්.. තනියෙන් ගස් බැද ගන්න ඒවයි.. තනියෙන්ම ගුටි කන ඒවයි ගත්තහම තනියෙම නයෙක් කූඩුවක් ඇරන් යන එක අහන්ඩ දෙයැක්යෑ..( අපි කතාවටත් කියන්නේ නයෙන් කියලනේ...)

    මොනවා නැතත් හිත හොද නයෙක්... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. නයාගේ හිත හොද කම ඉතින් පේන්නම තියෙනවනේ.. උගේ ලේ පයින්ට් ගානකට විතර වැඩේ දීලා වගේ පෙනුනෙ නම්...

      තැන්කිවු තැන්කිවු. අදයි වර්ණ පැත්තේ දැක්කේ.. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..

      Delete
    2. අනිවාර්යෙන්.. බොහොම ස්තූතියි නොයෙක් වර්ණ ඇතුලත් බ්ලොග් එකක් ...

      Delete
  3. 550 පොස්ට් එකට සුබ පැතුම්.
    හෝම්ස් මොකටද? WWF එකට තිබුනනෙ අජිත් රෝහණගෙන් අහන්න.
    WWF එකට WTFවෙන්න හැකියාවක් ලබාගන්නත් තිබුන.

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙනම් කියයි.. අපි නයාට යන්න දිලා අත්හදා බැලීමක් කරන්න ගියේ කියයි.. එහෙම නැත්නම් නයා සත්තු වත්ත අපකීර්තියට පත් කරන්න කරපු වැඩක්ය කියලා කියාවි...

      Delete
    2. මේ ප්‍ර එක්ක බැහැනේ බං.මම කියන්න හිටියෙත් අජිත් රෝහණගෙන් අහන්න කියලායි.

      Delete
    3. හෙහ්, අජිත් රෝහනගේ නහය දැන් මිනිහට වැඩිය දික්වෙයි මේ අහන එහන දේවල් වලට බොරු කියලම..

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හා හා කෝම හරි ගතියක් තියෙනවනම් කමක් නෑ.. ^_^

      Delete
  5. 550 පොස්ටුවට උණුසුම් සුභ පැතුම්.
    එක්කො නයාට දැන් තියෙන්නෙ ඇත්තටම කූඩුව ඇරන් යන්න

    ReplyDelete
    Replies
    1. හික්ස්, දැන් ඉන්නේ පොලිස් අත් අඬංගුවේ.. එතනින් යනවා කියන්නේ ආයුධ පෙන්නන්න ගිය සීන් එකේ අනිත් එක තමයි දැන් නයාට..

      Delete
  6. පට්ටයි බං නියමනෙ.

    නයාටත් මාංචු දාගෙන පිහිනන්න හිතෙයිද දන්නෑ ටික දවසකින්.

    550ට හදවතින්ම සුබ පැතුම් දිනේශ්.

    ReplyDelete
    Replies
    1. එවුවා කියන්න බෑ ප්‍රියෝ.. ඒකනේ නයා ඇවිදින්න එක්කන් යයි කියලා බයෙන් ඉන්නේ..

      තැන්කිවු තැන්කිවු..

      Delete
  7. හපොයි...
    පව් යකෝ සුදු නයා....
    හැක් හැක්...
    කතාවනං නියමයි... පටං ගත්ත වෙලාවෙ ඉදං හිනාවෙවී මයි බැලුවෙ..

    550 ට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. නයා ගැන ටික දවසකින් ආරංචියක් නෑ කියලා කිවුවොත් ඉතින් පුදුම වෙන්න එපා.. එහෙම ප්ලේස් එක්ක නේ මේක..

      Delete
  8. අඩේ මරු බං. නවතම ආරක්. ෂර්ලොක් වොට්සන් දෙදෙනාගේ භාශා ආරෙන් බොහොම ඈතින් තිබුනත් හරි ආසාවෙන් කියෙව්වා.

    මේ ඒක නෙවෙයි, දෙන්නා බැස්සේ මත්තලින්ද කටුනායකින්ද දන්නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අඩේ එන්න එක අමතක වුනානේ.. කමක් නෑ ඔන්න ඔහේ කොහෙන් හරි බැස්සා කියලා හිතාගමු..

      උඹත් මොකෝ පහුගිය ටිකේ අතුරුදහන් වෙලා හිටියේ??

      Delete
    2. ඉන්ටනැට්ටෙ අවුලක් බං. ඒකයි.

      Delete
    3. අෆ්ෆා එහෙමද? ඕක තමයි අපිට හැදෙන්න පුළුවන් ලොකුම හිතේ අවුල.. හික්ස්..

      Delete
  9. මේකනං පට්ටම පට්ටයි ඈ.. :D :D

    ReplyDelete
    Replies
    1. තැන්කිවු ඈ..

      Delete
  10. වෙලිම වෙලි ගුඩ් කතාව...

    ReplyDelete
  11. ඉස්සරවෙලාම සුභ පැතුම්. අනේ පරිස්සන් වෙයන් උඔ උස්සයි සුදු වැන් එකකින්.

    ReplyDelete
    Replies
    1. හික්ස්, තැන්කිවු තැන්කිවු..

      මෙච්චර දුරට උන්දලගේ චන්ඬිකම් වැඩ නෑ බං.. ඒ හන්දා අවුලක් නෑ..

      Delete
  12. නයා ආයුධ හංගලා එහෙම නැතුව ඇතිනේ ..

    ReplyDelete
    Replies
    1. අමතක වෙනවා තව පොඩ්ඩෙන් ..550 ට සුබ පැතුම් මචෝ

      Delete
    2. නයාට මොන ආයුධද බං.. උගේ දළ දෙකත් ගලෝලලු තියෙන්නේ..

      එල එල.. තැන්කිවු මචෝ..

      Delete
  13. හොඳ වෙලාවට ශ්‍රීලන්කන් එකේ ආවේ වැරදිලාවත් මැලේසියන් එයාර් ලයින් ආවනම් බඩුම තමා .....
    පනගේ කැලි වලට සුබපතන්න බෑ බන් 600 උනහම කියහන් මගේ ගානේ පාටියක්ම දෙන්නම් ....:P

    ReplyDelete
    Replies
    1. හෙහ්, අනේද කියන්නේ.. එහෙම උනානම් ඉතින් හෝම්ස්ට මොකද උනේ කියලා හොයන්න තව කවුරු හරි ගේන්න වෙනවා..

      හිටහන් මම මේක සේව් කරලම තියාගන්නවා.. 600දී අල්ල ගන්නම් උඹව..

      Delete
  14. හා හා.. කතාව නියමයි..! :D :D

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා..

      Delete
  15. //හෝම්ස්මයි උදේම එන්නයි කියලා FB එකට මැසේජ් එකක් දැම්මේ..//

    මේ ටික දැක්ක හැටියේ හිනායන්ට පටන් ගත්තා. මේ දැන් කාලේ හෝම්ස් නේ. හිටියා නම් ඇත්තටම මෙහෙම වෙයි. දිනේශ්ට පුලුවන් අලුත් හෝම්ස් කතා ටිකක් ලියන්ට. ඔයාගේ ලියවිල්ල ඒකට හොඳට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. හෝම්ස් මොකටෙයි.. ඇයි අක්කෝ මගේ ඔවුන් ක්‍රියේශන් " එරිකෝ" ඉන්නේ.. හෙහ්..

      බලමු බලමු.. ආයේ එරිකෝ ලියන්න ගන්නත් ඕන..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අනේ නනො.. වැඩේමයි හංඟන්න.. අන්තිමට ලියලා දුන්න කතාව කියෙවුවෙත් නෑ මෙයා.. එනෝ මෙතන ලවු එක හොයාගෙන.. -_-

      Delete
    4. හපොයි 550 අමතක වුනා. සුබ පැතුම්!!!

      Delete
    5. හොද වෙලාවට මතක් වුනේ.. මම මේ වලියක් දානවද නැද්ද කියලා කම්පනා කර කර හිටියේ.. ^_^

      තෑන්ක්ස් පොඩ්ඩී අක්කේ..

      Delete
  16. 550 ට සුබ පැතුම්!

    කාලෙකට පස්සේ මේ ජාතියේ ලියුමක් කියෙව්වෙ.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු බුද්ධි අයියේ..

      කාලෙකින් අයියවත් මේ පැත්තේ දැක්කේ.. ලියන්න ඕන.. පහුගිය ටිකේ ඉතින් එක එක ඒවා ටෙස්ට් කරලා බැළුවනේ මාත්..

      Delete
  17. අයියෝ..... මේ ලංකාවේ නයි ඇරිල්ල නේ...... මේක පරීක්ෂණ පවත්වන්න එංගලන්තෙට දුන්නද....? හෝම්ස් මේකට අහු උනාද...? මන්දා......

    ReplyDelete
    Replies
    1. WWf එකෙන් තමයි ඒක හෝම්ස්ට දීලා තියෙන්නේ.. නැතුව ඉතින් අපේ උන්දැලා ඕක විසදලත් ඉවරයිනේ.. තව මොනවා කියලා හොයන්නද ඕකේ..

      Delete
  18. 550 ට සුබ පැතුම් !!!

    පවු අහිංසක සුදු නයා...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      නයා දැන් හරි අසරණයි..

      Delete
  19. සුදු නයා අතුරුදහන් උනා කිව්වම මටත් හිතුනෙ ඒකා කූඩුව ඇරගෙන යන්න ඇති කියලා. පහුවදා පාර්සල් කරලම තාප්පෙ උඩින් කවුරු හරි එවලා. උපහාසය හොද පදමට මෙහි තියෙන බව කියන්න කැමතියි.

    550 ට මගේ සුභ පැතුමත් පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ සිරා අයියේ.. ආශ්චර්‍යමත් රටක් උනාම ඉතින් ඔහොම දේවල් වෙන්නත් එපැයි.. අනික වෙන දේවල් වල හැටියට මේවා මොනාද..

      තැන්කිවු තැන්කිවු..

      Delete
  20. 550 ට සුභ පැතුම්.. සහෝ... 1000ත් ඉක්මනට ලීවා නම් ෂෝයි.. කතාව ෆට්ට... ෆේස් බුකියට මැසේජ් එක දාලා , වයිබර් එකෙන් කෝල් කරලා එහෙම කිවේ නැද්ද

    ReplyDelete
    Replies
    1. හික්ස්, උදේ පාන්දරම හන්දා වයිබර් කෝල් ගන්න නැතුව ඇති..

      තෑන්ක්ස් දේවා.. 1000නම් ටිකක් හෙමීට තමයි ගහන්නේ.. මොකද කියනවනම් මම මේක පෝස්ට් 1000න් නවත්තන්න හිතන් ඉන්නේ.. ^_^

      Delete
  21. කාතාව නියමයි... 550ටත් සුබ පැතුම් ...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු...

      Delete
  22. 550 ට සුබ පැතුම් .....

    ReplyDelete
    Replies
    1. උඹ මේක දාලා හැරෙන තැපෑලේ මකන්න කලින් ඔන්න මම රිප්ලයි කලා.. :D

      Delete
  23. ඇවිද්ද තැන් පෙන්නන්න ගෙනියනකොට මුගේ පෙනේට මාංචු දාගෙන යයි නේද?

    550 ට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. පෙනේ හැකිලිලාලු තියෙන්නේ.. ඔය බඩ මැද්දෑවට වගේ වෙන්න මාංචු දාන්නේ නැතෑ..

      බොහොම ස්තූතියි විචාරකතුමනි..

      Delete
  24. එල මලේ.. හිනා කනවා.......

    550ට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු සෙන්නා අයියේ..

      Delete
  25. එළකිරි කතාව මලේ

    ReplyDelete
    Replies
    1. හලේ තැන්කිවු ලොකූ...

      Delete
  26. hiks....ela post ekak

    යනෙන තැන් emb-zone.blogspot.com ඇවිත් යන්න

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      හා හා ඒ පැත්තේ එන්නම්කෝ..

      Delete
  27. සුපිරි.... හෝම්ස් වොස්ටන් වාර්තාව හම්බුනොත් එකත් දාන්න...

    ReplyDelete
    Replies
    1. ඒ වාර්ථා ටික දවසකින් අතුරුදහන් වෙනවලූ.. ඒ හන්දා ඉතින් දාන්න විදිහක් නෑ..

      Delete
  28. අනේ ෂර්ලොක් හෝම්ස් ගෙ කතා ඔක්කොම මතක් උනා ..
    ලස්සනයි හුගක් .. 550 ට හදපිරි සුබපැතුම් දිනේෂ් අයියේ !!

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් කෝමත් හෝම්ස් මහත්තයගේ පිස්සොනේ..

      තැන්කිව් තැන්කිව් දිලිනියෝ..

      Delete
  29. දස්ට කිරීමට යාමේදී අාත්මාරක්ෂාව සඳහා වෙඩි තැබීමට සිදුවිය ............................................

    ReplyDelete
    Replies
    1. අලියා, හෙහ් ආයෙම පැනලා යද්දී පිටිපස්සෙන් වෙඩි තිවුවා වෙන්න බැරිද පපුවට වදින්න.. ;-)

      Delete
    2. මනෝ, මේකා ඉදලා ඉදලා ඇවිත් කොටලා යන්නෙම වැටවල් ගහන්න හිතෙන කතා තමයි බං..

      Delete
    3. වෙන්නත් පුලුවං.. පොඩි තුවාලෙකුත් තිබ්බලුනෙ නේ ....... වෙඩි වැදිච්ච හින්ද වෙන්නත් අැති! :D

      Delete
    4. හෙහ්, ඔවුවා ඉතින් දන්නේ උන්දලා තමයි බං.. අපි ඉතින් කියන දේ අහනගෙන ඉමු...

      Delete
  30. අඩේ! දිනේෂ් ඔය ලියලා තියෙන්නේ හෝම්ස් කතාවක් නියමෙට..මේ ස්ටයිල් එකට තව ලියන්නකෝ අෆ්ෆා...
    550ට උණුසුම් සුභ පැතුම්! තව තවත් අපූරු කතා ලියන්නට ශක්තිය ධෛර්යය ලැබේවා! තව තවත් මදාරාගේ චිත්‍ර දකින්නට ලැබේවා! :)

    @මදාරා: මේකට චිත්‍රයක් ඇන්ඳනම් මක්වෙනවද මං අහන්නේ! :/

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. අපේ උන්දලා කරන වැඩ එක්ක ඉතින් මේවා තව තව ලියන්න බැරි වෙන එකක් නෑ.. එන විදිහට බලමුකෝ..

      තැන්කිවු වේවා.. ඒ මැඩම්ව අමාරුවෙන් කැමති කර ගත්තේ මගේ කෙටිකතා වලට චිත්‍ර අදින්න විතරනේ.. ;-)

      Delete
  31. 550 සුබ පැතුම් මචෝ..!!
    හරි අපුරු කතාව බං.නයා අසරණයා පව්.

    ReplyDelete
    Replies
    1. ටික දවසකින් නයා හරි දරුණුයි.. පොලීසිය හරි අහිංසකයි..

      තැන්කිවු මචෝ..

      Delete
  32. ෂා..ඒ්ක නම් හරිම ලස්සන කතාවක් මල්ලි... නියමයි නියමයි...

    සුබ පැතුම් ඔයාට 550 වෙනි පෝස්ට් එකට. තව තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. අපිට පෝස්ට් මවලා දෙනවට උන්දලාට ස්තූති කරන්නත් ඕන හැබැයි අපි..

      තැන්කු තැන්කූ අක්කෝ.. ඒ කාලේ ඉදන්ම මාත් එක්ක හිටියට..

      Delete
  33. අද කතාව ටිකක් වෙනස්... අගෙයි... විශේෂයෙන් ම වත්මන් හෝම්ස් සහ වොට්සන් ගැන කියවද්දි මතක් වුණේ ෂර්ලොක් හෝම්ස් ටීවි සීරීස් එක................. කතා විලාශය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දිනේෂ් කොහොමත් කතා කාරයානේ ඉතින්................

    ReplyDelete
    Replies
    1. හැමදාම ඉතින් එහම විදිහට ලියන්නත් බැහැනේ කුරුටු.. අනික අපේ උන්දලගේ වැඩ ඉතින් මෙහෙම ඇරෙන්න වෙන කොහොම නම් ලියන්නද...

      තැන්කිවු තැන්කිවු...

      Delete
  34. ඩොයිල් හිටියනම් ශුවර් සීරිස් එකේ ඉතුරු ටික ලියන්න බාර දෙනව ඔයාට. නියම කතාව.
    550ට උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. හෙහ් එහෙම දෙයිද වෙනම නඩුවක් දායිද දන්නේ නෑ..

      තැන්කිවු තැන්කිවු..

      Delete
  35. Aiyo holms... godak lassanai aiye.... 550ta magen subha pathum..

    ReplyDelete
    Replies
    1. හෝම්ස්ටත් උන්හිටි තැන් අමතක වෙන වැඩ තමයි අපේ අය කරොත් ඉතින්

      තැන්කිවු වේවා..

      Delete
  36. මෙන්න සැබෑ වෙනසක්...මම දිනේෂ්ගේ මේ වගේ දෙයක් කියෙව්වා කියලා මතකයක් නැහැ. උපහාසය ඉතා සෞම‍ය ලෙස ලියන්නත් ඉවසීමක් තියෙන්න ඕන ඇති. මම නම් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔය එහෙන් මෙහෙන් ට්‍රයි කරලා බලලා සාර්ථක උනේ නැති ඒවනම් දෙකක් තුනක් තියෙනවා අයියේ.. ගොඩක් ස්තූතියි.. බලමු ඉස්සරහට හෙමිහිට..

      Delete
  37. 550 ට සුබ පැතුම් ඉදිකට්ටෝ....නාකද 600 වෙනි පෝස්ට් එකට කිඹුලියෙක් ගැන ලිව්වොත්....

    කවදත් ඉතින් බොලා ලියන කතා මසුරන් නොවෑ....

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හාපු, කිඹුලියෝ ගැන ලියන්නෙම නෑ.. හරියන්නෙම නෑ.. :P

      තැන්කිවු හොදේ..

      Delete
  38. 550 ට සුබ පැතුම්!

    නියමයි නියමයි.....

    හෝම්ස්ගේ fb එක මටත් කියන්ටකො :D

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම මගේ එකට රික්වෙස්ට් එකක් දාන්න, එතකොට හෝම්ස් හොයාගන්න පුළුවන්... හික්ස්..

      Delete
  39. 550වෙනි පෝස්ට් එකට මගේ සුභපැතුම්
    හඃ හඃ හඃ
    කියලා වැඩක් නෑ , හිනා හිනා පෝස්ට් එක ඉවර වෙනකන්ම :v :v :v

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙනම් එල එල

      තැන්කිවු වේවා..

      Delete
  40. 550 ට සුභ පැතුම් මචෝ... තව 5000කට උත්සාහ කරමු....

    ජ ය ම වේ වා !!!!

    ReplyDelete
  41. 550 ට සුභපැතුම්...
    තව 5000ක් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    ජ ය වේ වා !!!

    ReplyDelete
  42. මේක නම් පට්ටයි බන්

    ReplyDelete
  43. සුදු නයාටත් වැලේ වැල් නැතිව ගිහින්නේ..
    500ට සුභ පැතුම් දිනේෂ්..!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්