Monday, 21 July 2014

අන්ධ ගීතය



මාවතේ ඈත කෙළවරකින් ඇහෙන වේගවත් සංගීතයට කාටවත්ම නොදැනීම වගේ මාවත හුරු වෙලා ගිහින්.. හැමදාම ඒකාකාරීව ඇහෙන සංගීතයට විරුද්ධ වෙන්න අය තියා ඒ සංගීතය රස විදින අයවත් ඉන්නවද කියලා හිතා ගන්න වෙලාවකට අමාරුයි.. ඒ සංගීතයත් හරියටම මේ වාතය වගේ.. අපිට නොදැනිම අපි පාවිච්චි කරනවා.. පාර දිගේ ඇවිදන් යන මිනිස්සු හැමෝම වගේ එයාලගේ ලෝක වල අතරමං වෙලා.. වැරදීමකින් පියවරක් පැටළුනොත් ඇරෙන්න ඒ දැහැන බිදෙන්න කොහෙත්තම ඉඩක් නැති තරම්..

පල්ලිය ඉස්සරහා පඩි පෙලට වෙලා මේ හැම දෙයක්ම දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.. කකුල් දෙක ලග තියෙන තොප්පිය තාමත් හිස්.. ඒ මේ අත බැළුවත් ඔවුන් ඔවුන්ගේ ලෝක වලින් මිදෙන්න කොහෙත්ම සූදානම් නෑ.. මගේ හඬ මගේ වාදනය නෑහෙන තරමටම ඔවුන් බිහිරි වෙලා.. එහෙමත් නැත්නම් මාවතේ කෙළවරින් ඇහෙන වේගවත් සංගීතය ඔවුන්ව බිහිරි කරලා..

පල්ලියේ සීණුවේ උදේ එකොලහා වදින සද්දේ ඇහුනා.. ඒත් එක්කම වගේ මගේ මුවින් දිග හුස්මක් පිටවුනේ තාමත් හිස් වෙලා තියෙන මගේ තොප්පිය දැක්කම.. උරහිස් අතරට ආව වේදනාවත් එක්ක වයලීනය දැනුනේ මේ ජීවිතේටත් වැඩිය මහ බරක් විදිහට.. මම ඒක පැත්තකින් තිබ්බා.. ටික වෙලාවකට.. කොටින්ම ඒක කාටවත් ප්‍රශ්ණයක් නෙමෙයි.. සංගීතය වැයුනත් නැතත් ඒක ගැන අහන්න ඕන කමක් තියෙන කවුරුවත් හිටියේ නෑ.. මගේ හිත ඇරෙන්න..

වයලීනය සීරුවට පෙට්ටියට දා ගත්ත මම එතනින් නික්මුනා.. ඈතින් ඇහෙන ඝෝශාකාරි සංගීතය එක්ක මට තරඟ කරන්න තරම් පුළුවන් කමක් තිබුනේ නෑ.. මම පැරදුනා.. ජීවිතේ හුඟක් තැන් පැරදුනා වගේ අදත් මට පරාජය බාර ගන්න වුනා..

මේ වසන්තයේ මුල.. තැනින් තැන වැටිලා තිබුන චෙරි බ්ලෝසම් මල්
වලින් පාරේ තිබුනේ අමුතුම ලස්සනක්.. මම ඒ අතරින් ඇවිදන් ගියා.. තාමත් ඉදලා හිටලා හුළඟකට පාවෙලා එන මලක් ලස්සන හැඩ රටා මවාගෙන පොළවට වැටුනා.. ඒක කාටවත් නොදැනෙන්න ඇති.. මල් අතරින් හෙමීට අඩි තියාගෙන මම ඉස්සරහට ඇවිදන් ගියා.. ඒ බලාපොරොත්තුවක් නැතුව..

කලින් ඇහුන ඝෝෂාකාරී සංගීතය දැන් නෑසෙන තරම්.. ඒ කියන්නේ මම හුඟක් දුර ඇවිදගෙන ඇවිත්.. සෙනඟ වැඩියෙන් ඉන්න හරියක් දිහා මම වට පිට බැළුවා.. මාවත් හැම එකක්ම එක වගේ.. කලින් මම මේ හරියට ඇවිදන් ඇවිත් නැති හන්දා හිතේ චකිතයෙන් මම අවට දිහා බැළුවා..

හොදට ලොකුවට වැවිලා තිබුන චෙරි බ්ලෝසම් ගහක් ලගට ගිහින් මම නැවතුනා.. මෙතන තමයි හොදම තැන.. මම ඒ තීරණයට ආවා.. පැත්තකට හේත්තු කරපු වයලීන් පෙට්ටියෙන් මගේ ජීවිතේ සවිය අතට ගත්ත මම ඒක වයන්න සූදානම් වුනා.. ඒත් හිත තිබුනේ කොහේදෝ මන්දා ඈතක.. අමාරුවෙන් හිතේ සත්සර ගලපගෙන වයන්න උත්සාහ කලත් ඇඟිළි තුඩු අතරට ඒ රිද්මය ආවේ නැති තරම්.. මම හිටියේ අසාර්ථක උත්සාහයක..

කලින් සංගීතය අහන්න මිනිස්සු නැති වුනත් මගේ අසාර්ථක වාදනය දිහා බලන්න ඇවිදන් යන කීපදෙනෙකුට ඕන වුනා.. ඔවුන් හිනාවුනා.. මම මොහොතකට ඇස් දෙක පියාගත්තා.. ඒ මට, මම වෙන්න ඕන වුන නිසා.. මගේ හිත කොතනක කොයි විදිහකට කඩන් වැටුනද කියලා මට හිතා ගන්නත් අමාරුයි..

ඒ ලගම තිබුන යකඩ වැට ගාව මම ටිකකට වාඩි වුනා.. ඒ දුවන හිත නතර කර ගන්න.. ඒත් මම අසාර්ථකයි.. දිගු හුස්මක් එක්ක පාරේ එහා කෙළවර දිහා බැළුවේ අහම්බෙන් වගේ.. මිනිස්සු වැඩියෙන් ඇවිදන් යන පාරේ කෙළවරක ඔහු වාඩි වෙලා හිටියා.. ඔහු හිටියේ හුදෙකලාවක.. කොයිතරම් මිනිස්සු ඔහුව පහු කරන් ගියත් කාටවත් ඔහු දිහා බලන්න ඕන කමක් තිබුනේ නෑ.. හැමෝම තමන්ගෙම ලෝක වල.. හරියට ටිකකට කලින් මම මුණ දුන්නා වගේ..

ඒත් ඔහුගේ විශේෂයක් තිබුනා.. වාසනාවට වගේ ඔහුව පහුකරන් යන මිනිස්සුන්ගේ ආඩම්බර මුණු ඔහුට දකින්න පුළුවන් කමක් නෑ කියලා මට ටිකකින් තේරුනා.. ඒ, තරුණියක් ඔහු ඉස්සරහා තිබුන හිස් වැසුමට විසි කල කාසිය එහි නොරැදි පිටතට වැටුන වෙලාවේ.. ඔහුට ඒක හොයාගන්න ටිකක් මහන්සි වෙන්න උනා.. ඒ හිස් වැසුම බර වෙන්න තරම් වත් සල්ලි ඒකට වැටිලා නෑ..මාවත් අතරින් හමාගෙන යන හුළගත් වාහන වල වේගයත් එක්ක එකතු වුනාම ඒ හිස් වැසුම සමහර වෙලාවට ඉගිල්ලෙන්න උත්සාහ කරනවා..

ඔහුගෙත් මගෙත් ජීවිතය හිස්.. හරියටම ඒ හිස් වැසුම වගේ.. කොයි වගේ හුළඟකට කොයි පැත්තකට පාවෙලා යාවිද කියලා හිතාගන්න බැරි තරමටම ජීවිතේ හිස් වෙලා ගිහින්.. ඒත් ඒ හිස් කම සැහැල්ලුවක් නෙමෙයි.. ඒ අසරණකම.. මම ඔහු දිහා බලාගෙන හිටියා.. මගේ වාදනය ගැන උනන්දුවක් එනකන්ම මම ඔහු දිහා බලාගෙන හිටියා..

පොළවේ අල්ලපු ගල් මතට පිය ගැටෙන හඬක් එක් වෙද්දී ඔහු ඒ දිහා ඕන කමින් බැළුවා.. ඔහු සංවේදී වුනේ ඒ හඬට.. පිය ගැටෙන හඬවල් දිගේ ඒ මේ අත බලපු ඔහු ටික වෙලාවක ඉදන් නිසොල්මනේ ඉන්නේ ඒකෙන් වෙහෙස වෙලා නිසා කියලා මට හිතුනා.. අතේ තිබුන වයලීනයත් අනෙක් අතට ඒකේ පෙට්ටියත් අර ගත්ත මම ගියේ ඔහු ඉන්න දිහාවට.. ඔහුට මගේ දෙපා ගැටෙන හඬත් ඇහෙන්න ඇති.. ඒත් ඔහු ඒ ගැන විමසිළි කලේ නෑ..

කිසිවක් නොපෙනෙන බිම දිහාවටම නෙත් යොමාගෙන ඔහු ඔහේ බලාගෙන හිටියා.. හරියටම හැඟීම් දැනීම් නැති මනුස්සයෙක් වගේ.. නෑ ඔහුව පහුකරන් යන අයටත් නොදැනෙන හුඟක් දේවල් ඔහුට දැනෙනවා.. ඔහුත් මාත් අතර තියෙන්නේ වයසේ වෙනස විතරක්ම නිසා ඒ හැඟීම මටත් දැනෙනවා.. අතේ තිබුන වයලීන් පෙට්ටිය හෙමීට පැත්තකින් තිබ්බ මම ඔහු දිහා බලාගෙන හිටියා.. මිනිස්සු ඇවිදන් ගියා.. ඔහුත් මමත් එකම ලෝකෙකට රිංගන්න උත්සාහ කරන අතරේ හැමදේම සාමාන්‍ය විදිහට ගලාගෙන ගියා.. කාටවත් ඒකේ කිසිම අමුත්තක් නැහැ..

උරහිසට තද කර ගත්ත වයලීනයේ සංගීතය මැවුනේ ආයාසක් නැතුවම.. ඇඟිලි තුඩු නිදහසේ තත් අතර දිවුවා.. වේගයෙන්.. හැමදෙයක්ම නිහඬව නිසංසල වෙලා ගියේ මගේ සංගීතයට ඕන ඉඩ අරන් දෙන්න වගේ.. නොපෙනෙන දෑස් මගේ දිහාට හරවලා ඔහු බැළුවේ ඒ වාදනය අතරින්.. ඔහුට මගේ වාදනයේ මිහිර දැනුනා.. හඬ දිහාවට දෑස් යොමු කරගෙන ඔහු මගේ දිහා බලාගෙන හිටියේ හරියට මාව දකින්න පුළුවන් කෙනෙක් වගේ..

අපි අතර තිබුනේ පියවර කිහිපයක දුරක් විතරයි.. මම ඔහු ලඟටම ඇවිදන් ගියා.. ඔහුට ඒක දැනුනා.. ඔහුගේ මුහුණ අතරින් යාන්තමට සිනහවක් මතු වුනා.. මම ඒ දිහා බලාගෙන හිටියේ සතුටිනි.. මට ඔහුව නෙත ගැටිලා ගෙවුන පැයක විතර කාලෙට ඒ ඔහු හිනා වුන පළවෙනි වතාව.. ඒක අව්‍යාජ හිනාවක්.. වයලීනයේ තත් අතරේ වේගයෙන් දුවපු ඇඟිලි තුඩු වලට කලින් තරම්ම වෙහෙසක් දැනුනේ නෑ..

ඔහු එක පාරම ගයන්න පටන් ගත්තා.. ඒ කටහඬ මිහිරියි.. රළු වෙන තැන් අතරින් පතර තිබුනත් ඒ කටහඬ මගේ සංගීතයට හොදින්ම ගැලපුනා.. ඔහුට අවට ගැන ගානක් නැති තරම්.. මගේ ස්වර දිගේ හිතු මතේ දුවන්න ඔහුටත් ඕන වුනා.. මම ඔහුට ඒකට ඉඩ දුන්නා.. හැඟීම් නැතුව ඇවිදන් යන මිනිස්සු එකා දෙන්නට අපිව මොහොතකට අරුමයක් වෙන හැටි මේ හැම දෙයක්ම අතරෙදි මම දැක්කා.. ඒ මුහුණු වල තියෙන ව්‍යාජ කමට ඉඩක් දෙන්නේ නැතුව මම දෑස් පියාගෙන මම මගේ වාදනයේ හිටියා.. ඔහු, ඔහුගේ ගීතයේ..

වාදනය නිමා වෙන්න විනඩි දෙකක් විතට යන්න ඇති.. මම හෙමිහිට ඇස් ඇරියා.. අපි වටා හිටිය කීප දෙනා අපි දෙන්නව අගය කලේ හුඟක් සතුටින්.. ඒ එක්කම වගේ අහම්බෙන් මම ඔහුගේ හිස් වැසුම දැක්කා..
මොහොතකට කලින් හිස් වෙලා තිබුන ඒක කාසි කොළ වලින් පිරිලා.. මම බැළුවේ ඔහුගේ මුහුණ දිහා.. ඒ කිසිම දෙයක් ගැන ගානක් නැති ඔහු තාමත් කලින් වගේම හිනා වෙනවා.. අපි වටේ හිටිය අයට මම හිස නමලා ආචාර කලේ ඔහුට ඒක දකින්න පුළුවන් කමක් නොතිබුන නිසා.. මොහොතකින් මාවතේ ආයෙම තනි වුනේ අපි දෙන්න විතරයි..

" ඒක හරිම අපූරුයි මිත්‍රයා.."

ටික වෙලාවකට පස්සේ ඔහු ඔහුගේ හඬ අවදි කලා.. ඔහුගේ මුණේ තාමත් තියෙන්නේ ටිකකට කලින් තිබුන හිනාවමයි.. ඔහු තාමත් ඒ මතකයේම ජීවත් වෙනවා..

" ඔවු ඇත්තටම ඒක අපූරුයි.."

මම පිළිතුරු දුන්නා.. තාමත් ඔහු ඔහුගේ ගීතයේ කොටස් හෙමීට මුමුණනවා.. නිහඬවම මම ඒ දිහා බලාගෙන ඉන්න උත්සාහ කලත් ඔහුගෙන් මට ඒකට ඉඩක් ලැබුනේ නෑ..

" ඇයි බලාගෙන ඉන්නේ? මෙතනින් වාඩි වෙන්න.."

ඔහුගෙන් ලැබුනේ ලෙංගතු ආරාධනාවක්.. වයලීනයක් තුරුළු කරගෙනම මම ඔහු වාඩිවෙලා හිටිය පඩියෙන්ම වාඩි වුනා.. ඔහුගේ හිස් වැසුමේ පිරුණ මුදල් ගැන ඔහුට දැනීමක් නෑ..

" ඔබේ හිස් වැසුම මුදල් වලින් පිරිලා.."

" අහ්, ඔවුමයි.."

ඔහුගේ අත ගැටෙන මානයෙන් තිබුන හිස් වැසුම අතට ගත්ත ඔහු මුදල් අතගලා බලන්න වුනා.. මම බැළුවේ ඔහුගේ මුහුණ දිහා.. ඒ හිනාව ඒ නිදහස් බව තාම ඔහුගෙන් ඈතට දුවලා නැහැ..

" අහ් ගන්න.."

ඔහු හිස් වැසුම යොමු කලේ මං ඉන්න දිහාවට.. මොහොකතකට මට කරන්නේ මොකද්ද කියන එක ගැන හිතා ගන්න බැරි වුනා..


" ඇයි?"

" ඔබේ කොටස අරගන්න.."

" මට? එපා මං ලග මුදල් තියෙනවා.."

" ඔබ මහ බොරුකාරයෙක්.."

ඔහු හිනාවෙන්ම පිළිතුරු දුන්නා..

" ඇයි? මම ඇත්ත කිවුවේ.. මං ලග  මුදල් තියෙනවා.."

මං දිහාවට යොමු කරපු හිස් වැසුම ඔහු අප අතරින් වුන ඉඩක ඒ විදිහටම තිබ්බා..

" පල්ලිය ලග ඔබේ වයලීන් වාදනය මම හවසට අහන් ඉදලා තියෙනවා.. ඔබ ඒක හැමදාම කරන දෙයක්.. ඒක ඔබේ විනෝදාංශය වෙන්න විදිහක් නැහැ.. ඔබත් මං වගේම කෙනෙක්.. ඒ හන්දා මේකෙන් කොටසක් ඔබටත් අයිතියි.."

" ඔබ කොහොමද මාව දන්නේ?"

හිතේ තිබුණ කුතුහලයටම මම ඒ ගැන ඔහුගෙන් ඇහුවා.. මුලින්ම ඔහුගේ මූණට ආවේ සිනහවක් විතරයි..

" මට ඔබේ මේ වාදනය හොදට පුරුදුයි.. හැමදාම හවසට ඔබේ වාදනය අහන් ඉද්දී මගේ හිතට ආව ගීයක් තමයි මම මේ ගැයුවෙත්.."

" ඔබ දක්ෂයෙක්.."

" එහෙමනම් ඔබ මටත් වැඩිය දක්ෂයෙක්.."

ඔහුත් මමත් දෙන්නම එකම දෙයක් වෙනුවෙන් හිනාවුනා.. මද්දහන ගෙවෙමින් තිබුනා..

" ඔබ ඇයි මේ පැත්තට ආවේ අද?"

ටික වෙලාවකට පස්සේ ඔහු මගෙන් ඇහුවා.. රසයක් නොලද වේගවත් සංගීතය ගැනත් අනික් දේවල් ගැනත් මම ඔහුට කිවුවා..

" දන්නවද? මම විතරක් නෙමෙයි අපි හැමෝම අන්ධයි කියලා.."

" ඒ මොකද?"

" හැමෝම ඉන්නේ හීනයක.. කවුරුත් කැමති නෑ ඒ හීනයෙන් ඇහැරෙන්න.. වැඩකරන්නෙත් කන්නෙ බොන්නෙත් ඒ හීනයේ ඉදන්මයි.. ඒ හීනේ හන්දම මිනිස්සු අන්ධ වෙලා.. හැබැයි ඒ අයවත් ඒක ගැන දන්නේ නෑ..ඇත්තටම නොපෙනෙන මට වැඩිය ඔබට ඒක පේනවා ඇති.."

ඔහුගේ කතාවේ ඇත්තක් තිබුනා.. මම බැළුවේ අපිව පහුකරන් යන අය දිහා.. ඇත්ත, ඔවුන් ඔහුටත් වැඩිය අන්ධයි.. වයලීනයත් අරගෙන මම වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටේ ඔහුට සමු දෙන්න හිතාගෙන..

" ඔබ යන්නද?"

" ඔවු.."

ඔහුට හැමදේම හුඟක් ඉක්මනින්ම තේරෙනවා.. එච්චර වෙලා ඔහුගේ මුණේ තිබුන සිනහව ඔහුගෙන් ඈතට ගිහින්..

" ඔබ ඔබේ කොටස නොගත්ත එක මට ප්‍රශ්ණයක්.."

ඔහු බොහොම ඉවසිලිවන්තව කිවුවා.. ඒ හඩේ තිබුනේ කලින් තිබුනට වැඩිය මහ ගැඹුරක්..

" ඒකට කමක් නෑ.."

" නෑ, ඔබේ කතාවත් මට වැඩිය හුඟක් වෙනස් වෙන්න විදිහක් නැහැ.. ඒ නිසා ඔබ ගැන හිතද්දි මට මේක තනියම පාවිච්චි කරන්න හිත දෙන්නේ නෑ.."

" ඔබ හිතනවා වැඩියි.. එහෙම ප්‍රශ්ණයක් නෑ.."

" ඔබ බොරු කියනවත් වැඩියි.."

මම නිහඬ වුනා.. ඒ ඔහුත් එක්ක ජය ගන්න පුළුවන් කමක් මට නොතිබුන හන්දා.. වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටත් මම එහෙමම බලාගෙන හිටියා..

" ඔබ කැමතිනම් මම යෝජනාවක් කරන්නද?"

අවසානයේ ඔහු මගෙන් ඇහුවා..

" මොකද්ද?"

" ඔබ ආයෙම සැරයක් වාදනය කරන්න.. මම ගයන්නම්.. මේ වතාවේ මේ හිස්වැසුමට වැටෙන මුදල ඔබේ.. මාත් එක්ක ඒ ගැන වාද නොකරම ඔබ ඒක අර ගන්න ඕන.."

මට ඔහු ගැන පුදුම හිතුනා.. අපිව පහුකරන් හීන ලෝකේ දිගේ ඇවිදින මිනිස්සු ලඟවත් නැති තරම් උතුම් හදවතක් ඔහු ලග තිබුනා.. ඒක අනිත් හැමෝටමත් දැනුනනම් කියලා මට එක මොහොතකට හිතුනා..

" ඇයි ඔබ කතා නැත්තේ?"

" හරි මම කැමතියි.."

ඔහුගේ මුහුණට ආයෙම අර කලින් හිනාවම ආවා.. අතේ තිබුන වයලීන් එක උරෙස් අතරට අර ගත්තේ ඔහුගෙත් මගෙත් ජීවිතේ සංගීතයට තව එක පාරක් පණ දෙන්න..

" මම විල්ෆ්‍රඩ්.."

මගේ ඇඟිළි තුඩු තත් අතර රැදෙද්දිම වගේ ඔහු කිවුවා..

" මම ජේසන්.."

ඔහුගෙන් දෑස් ඉවතට ගත්ත මම මගේ තනුව දිගේ ඇවිදන් යන්න වුනා.. මිනිස්සු ගැන මට ඒ තරම්ම තැකීමක් තිබුනේ නෑ.. මම දෑස් පියා ගත්තා.. හොද පුරුදු කාරයෙක් වගේ මගේ තනුවේ ඔහුට හිමි තැන හොයාගෙන ඔහු ගායනය පටන් ගත්තා.. හැම දෙයක්ම අතරින් මට ඇහුනේ ඒ හඬ විතරයි.. මට අහන්න ඕන වුනෙත් ඒ හඬ විතරමයි.. 


නිමි...




විශේෂයි, ඇදලා තියෙන චිත්‍ර ඔක්කොම මට ඇදලා දුන්නේ මදාරා.. අදින් පස්සේ මට කෙටි කතාව ලියනවට වැඩිය අමාරු වුන පින්තූර හොයන එක පහසුවක් වේවි.. ;-)


64 comments:

  1. සංවේදී කතාවක් දිනේෂ්..සිදුවීම පරිසර හැමදේම මවාගන්න පුළුවන් හැටියට ලියලා තියෙනවා..ඒ දෙන්න එහෙම හමුවීම ගැන සතුටුයි..මොකද එදා වේල හොයාගන්න ඔහොම තනිවම දුක්විඳින අසරණ මිනිස්සු කොයිතරම් ඉන්නවද? බොහෝවිට එහෙම කෙනෙකුට පිහටක්වන්නේත් ඒ වගේම අසරණයෙක්.
    බලං යද්දි මදාරා චිත්‍රශිල්පිනියකුත් වෙලානේ..කීප් ඉට් අප්! :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. තනි තරුව, ගොඩක් වෙලාවට ඒ වගේ අයව දැන්නේ තවත් එහෙමම කෙනෙක්ට තමයි.. මොකද අන්තිම අඩියේ ඉන්න කෙනෙක්ට පොඩ්ඩක් ඒ දේ නැති වුනා කියලා වැඩිය දැනෙන්නේ නෑ...

      Delete
    3. මදාරා, අනේ ඔවු ඒ ගැන මොන කතාද ඉතින්.. දැන් ඉතින් ඉස්සරහට ඇදලා දෙනෝ හොද ළමයා වගේ.. ^_^

      Delete
    4. මදාරා : ඔය හොඳටම හොඳයි..මට නම් විහිළුවටවත් චිත්තර අඳින්න බෑ...හී හී..ඔන්න ඔහොම මීටපස්සේ ඔයා චිත්‍ර අඳින්නකෝ දිනේෂ්ගේ කතාවලට..බලන්නකෝ නිකන් පින්තූර කෑලි එල්ලනවට වඩා හොඳයිනේ ඒක..

      Delete
    5. අනේද කියන්නේ.. මට මේවට හරියන පින්තූර කෑලි නැති හන්දමයි ඇදලා ඉල්ලුවේ.. දැන් ඉතින් බේරෙනවා බොරු ආයෙම..

      Delete
  2. //ඔහුගෙත් මගෙත් ජීවිතය හිස්.. හරියටම ඒ හිස් වැසුම වගේ.. කොයි වගේ හුළඟකට කොයි පැත්තකට පාවෙලා යාවිද කියලා හිතාගන්න බැරි තරමටම ජීවිතේ හිස් වෙලා ගිහින්…//

    //හැමෝම ඉන්නේ හීනයක.. කවුරුත් කැමති නෑ ඒ හීනයෙන් ඇහැරෙන්න.. වැඩකරන්නෙත් කන්නෙ බොන්නෙත් ඒ හීනයේ ඉදන්මයි.. ඒ හීනේ හන්දම මිනිස්සු අන්ධ වෙලා.. හැබැයි ඒ අයවත් ඒක ගැන දන්නේ නෑ.//

    පුදුම ලස්සන ලියවිල්ලක්...දිනේශ් දාර්ශනිකයෙක් වෙලා. :)

    මදාරගේ චිත්රත් අපූරුයි. අපිටත් හදිසියකට අන්දවා ගත්තු හැකිනේ:)

    මලක නමක් හෙව්වේ මේකටද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පොඩ්ඩි අක්කේ, දාර්ශණිකයෙක් වෙන්න මම?? හෙහ් මේවා ඉතින් නිකන්ම අදහස් විතරයි.. ඔවු ඔවු මල් ගැන ඇහුවේ මේකට තමයි.. ඒ මල් චෙරි බ්ලොසම් මල්ලු හොදේ..

      Delete
    3. මදාරා, අපි දන්නේ නෑ ඕවා..

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Lassanata liyala thiyena arthanwitha kathawak...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  5. අන්යෝන්‍ය සහජීවනය.
    කොහොමත් ඔහොම තමයි බං.ඇස් දෙක හොඳට පේන අපිට වඩා හොඳට ඒ අය ලෝකේ දකිනවා,ලෝකේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ආ චිත්‍ර ගැන කියන්න බැරි වුණානේ බං.හොඳයි හොඳේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මනෝජ්, අනිවා මචං.. ඒ මිනිස්සු පේන දේට වැඩිය සංවේදි වෙන්නේ දැනෙන දේට.. ඉතින් එහෙම අය හැමදේම අතින් අනික් අයට වැඩිය ඉස්සරහින් ඉන්නවා..

      Delete
  6. ගොඩක් අයට නොපෙනෙන තැන් දැකීම හා ඒ තුලින් කතාවක් ගොඩ නැගීම කරන්න පුළුවන් ඇත්තෙන්ම හොඳ නිර්මාණකරුවෙක්ට විතරයි ..... එවන්නේක්ව දැක්ක මේ කතාව කියවගෙන යනකොට............. :P
    මේවගේ චිත්රනම් අපේ අක්කගේ අවුරුදු හයක බාබාත් අඳිනවා............... දුවපියෝ............

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මැළේ, අපිට හුඟක් දේවල් මඟ ඇරෙන්නේ අපේ තියෙන නොසැලකිල්ල හන්දා.. එහෙම නැත්නම් ඉතින් මේ හැම දෙයක්ම ඉතින් සමාන්‍ය සිද්දි තමයි..

      Delete
    3. මදාරා, අපි නෑ හොදේ ඔය වලි වලට..

      Delete
  7. හැමෝම ඉන්නේ හීනයක.. කවුරුත් කැමති නෑ ඒ හීනයෙන් ඇහැරෙන්න////
    මෙන්න දවසේ කතාව...
    වෙනද වගේම පට්ටයි...
    හරිම අපුරුයි දිනේස ්අය්ය...
    ජයවේවාා

    ReplyDelete
    Replies
    1. අපි කාටත් අපේම කියලා හීනයක් තියෙනවනේ.. ඒකෙන් එහාට යන්න කවුරුත් අකමැති..

      තැන්කිවු වේවා..

      Delete
  8. ඇත්තටම අපි හැමෝම අන්ධ වෙලා හිතා මතාම. හීනයක් නිසා අන්ධ වෙලා. හ්ම්ම්ම්…

    කතාව නම් වෙනදා වගේම සුපිරියි දිනේශ්.

    චිත්‍ර ටිකත් ලස්සනයි මදාරා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇත්ත ප්‍රියෝ.. අපි කාටත් ලස්සන හීනයක් තියෙන්න පුළුවන්.. ඒත් ඒ හීනේ ඕනවට වැඩිය ලස්සන කරන්න ගිහින් තමයි අපි අපිවවත් අමතක කරන් ඉන්නේ..

      Delete
  9. මසුරන් වටින ජීවන දර්ශනයක් කතාව ඇතුලෙ හැංගිලා තිවුනා දිනේශ් අයියේ.....
    මදාරගෙ චිත්‍රත් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇති යන්තම එහෙම දෙයක්වත් ඔළුට ගියානම්... හික්ස්..

      Delete
    3. මදාරා, මගේ කතාවලට ඕන හැටියට නම් මේවා සුපිරියි තමයි..

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සුන්ගේ ලොකේ ලස්සන දකින්න අපිත් ඒ ලෝකෙටම යන්න ඕන.. හැබැයි කවදාවත් ඒ වගේ නම් බැරි වේවි..

      එවුවා කොහේද? ඊලග එකටත් ඇදලා දෙනෝ හොද ළමයා වගේ.. ^_^

      Delete
  11. දැන් කියවන්න වෙලාව නැහැ බං... පස්සේ කියවන්නං..

    ReplyDelete
    Replies
    1. මොකද මෙයාට අද කවදාවත් නැති හදිස්සියක්.. හාකෝ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හුටා, එහෙමත් සීන් එකක්ද.. එහෙනම් හා හා.. උයලා කරලා තියලම එන්ට...

      Delete
  12. ළගදිම චිත්‍ර ප්‍රදර්ශනයකුත් බලන්න ඇහැක්වේවි අපට....

    ReplyDelete
    Replies
    1. ඒකත් හොද අදහස හැබැයි.. පොඩ්ඩක් උනන්දු කරලා බලන්න ඕන..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නෑ නෑ අපි පොඩි ට්‍රයි එකක් දීලා බලමු.. ;-)

      Delete
  13. අපේ ජීවිතනං ඉතිං දැං හිස් ටිං එකක් වගේනේ බං.

    එකත් එකටම පිකාසෝ ඇඳලා තියෙනවා වගේ ඇඳලා තියෙන කොට මට හිතුනා ගෑනු කෙනෙක් තමයි අඳින්න ඇත්තේ කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ මේ පිකාසෝගේ පොඩි නංගි

      Delete
    2. දිනුක, හැමෝටම අයිති හිස් ටින් හන්දා ඒකත් දැන් නැඟලා යනව නේ??

      Delete
    3. ඉවාන්, කාගේ නංගී උනත් තව ඉස්සරහට මීට වැඩිය වද කරලා හැංගිලා ඉන්න චිත්‍ර කාරිව ඇදලා ගන්න ඕන.. මටත් වාසියිනේ ඉතින්.. ^_^

      Delete
  14. මල්ලිගෙ කතාවත් ලස්සනයි.............. නංගිගෙ චිත්‍රත් ලස්සනයි.....

    අපූරු පෑහීමක් කතාවෙ වගේම ජීවිතයේ....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු අක්කෝ..

      ඒකනේ ඉතින් කල් යල් බලලම හොයාගත්තේ... :-)

      Delete
  15. ගොඩක් ලස්සන කතාවක් බං..මාර විිදිහට දැනුණා..

    ReplyDelete
    Replies
    1. වචන වලින් කියන්න හැදුව දේ දැනුන එකම සතුටක්..

      Delete
  16. //""අපිව පහුකරන් හීන ලෝකේ දිගේ ඇවිදින මිනිස්සු ලඟවත් නැති තරම් උතුම් හදවතක් ඔහු ලග තිබුනා..""// හීනලෝකවලදී අපිත් එක්ක ඉන්න මිනිස්සුන්ට බොහෝ විට හදවතක් නෑ... අපි ඔවුනගෙන හදවතක් සංවේදී කමක් බලාපොරොත්තු වෙන එකත් මෝඩකමක්. නමුත් අපි හැමවිටම හිතන්නේ හීන ලෝකය සැබෑ ලෝකය වඩා සුන්දරයි කියලනේ.. එත් ඇත්ත එකේ අනිත් පැත්ත .. වඩා සුන්දර හැබෑ ලෝකය ..

    ReplyDelete
    Replies
    1. කතාවත් එක්ක එකගයි ඉවාන්.. අපි ලස්සනට බලාපොරොත්තු වුනත් ඒක හිස් ලෝකයක් විතරක්මයි.. ඒත් සමහරක් වෙලාවට අපි එකට මූණ දෙන්න ලෑස්තිත් නැහැ.. අන්න ඒකයි වෙනස.. හැබෑ ලෝකය සුන්දරයි.. හැබැයි ඒක දකින විදිහයි වෙනස්...

      Delete
  17. දෙනෙත් නොපෙනෙන මිනිසෙක් මනුස්සකම් පිරුනු හදවතකින් ලෝකය දෙස බලනව.හිතට දැනෙන කතාවක්.
    විල්ෆ්‍රඩ්ගෙ ගායනයට ජේසන්ගෙ වාදනය අගේට ගැලපුනා වගේම දිනේෂ්ගෙ කතාවට මදාරගේ සිත්තම් අපූරුවට ගැලපිලා ...

    ReplyDelete
    Replies
    1. හුඟක් වෙලාවට හරියට ලෝකය දිහා බලන්නේ ඒ වගේ අඩුවක් තියෙන අය තමයි වැහි.. හැමදේම තියෙන අයට ඒ ඳේ අගයක් නැහැනේ..

      තව ඉස්සරහට ඉතින් තව ගැලපෙන දේවල් කරන්න බලමු..

      Delete
  18. උඹලා දෙන්නගෙ සහයෝගය කථාවටත් වඩා රසවත්ව මට දැනුනා. මේ වගේ සහයෝගයෙන් බ්ලොග් කෙරුවාව කරගෙන වෙනත් යුවලක් නැතුව ඇති. මොනවා උනත් හරි අපූරු කථාවක්...මේ වගේ දෛවය විසින් යම් තරමකට ජීවිතය පරාද කල මිනිස්සු ලග හැම යස ඉසුරක්ම සහිතව ජීවත් වෙන මිනිසුන් ලග නැති තෙත පපුවක් තියෙනවා කියලා මමත් අත්දැකීමෙන් දන්නවා...

    ReplyDelete
    Replies
    1. මේ වැඩේට කැමති කර ගන්න තිබ්බ අමාරුව හෆ්ෆේ කියලා වැඩක් නෑ අයියේ.. මාස ගානක් කියලා කියලා ඔය අල්ල ගත්තේ.. දැන් ඉතින් ගැලවෙනවා බොරු..

      අනිවාර්යෙන් අයියේ.. නැති වෙන්න දෙයක් ලග නැති මිනිස්සුන්ගේ හිතේ බයක් නෑ කවුරුවත් තමන්ගේ දෙයක් උදුර ගනියි කියලා.. අන්න ඒකයි ඒ මිනිස්සු ඒ තරමටම හොද...

      Delete
  19. ඒ කියන්නේ දිනේෂ් කතා කාරයෙක් විතරක් නෙමෙයි චිත්‍ර කාරයෙක් නෙවැ.............. අගෙයි කතාවයි රූපයයි දෙකම.....................

    ReplyDelete
    Replies
    1. කුරුටු පෝස්ට් එකේ අන්තිමට දාපු මේ කෑල්ල දැකලා නෑ වගේ..

      // විශේෂයි, ඇදලා තියෙන චිත්‍ර ඔක්කොම මට ඇදලා දුන්නේ මදාරා.. අදින් පස්සේ මට කෙටි කතාව ලියනවට වැඩිය අමාරු වුන පින්තූර හොයන එක පහසුවක් වේවි.. ;-) //

      Delete
  20. ඉතාමත් සාර්ථකයි දිනේෂ්!!!!කියන්න ආඩම්බරයි..

    මදාරාගේ චිත්‍ර බ්ලොග් තීරුවලට කදිමට ගැලපෙනවා. මීට පස්සේ පින්තූර දාන්න එපා. චන්දනත් ටික දොහක් ඔහොම ඇන්දා මතකද?

    මදාරා....මේ චිත්‍රවල පොඩි සළකුණක් තියන්න ඒ ඔබේ බව දැණගන්න. ඕනෑම කෙනෙක් එහෙම කරනවා නේද?

    ReplyDelete
    Replies
    1. අරූ අයියේ, මම ඕකම කිවුවා.. චිත්‍ර ටික දාන්න කලින්.. කොහේද ඕනකමක් කරේ නැහැනේ.. ඊලගට දාද්දී නම් බලෙන හරි එහෙම එකක් දාන්න ඕන..

      Delete
  21. කතාව ඉතින් කවදත් වගේ නියමයි....සිහිනයගේ චිත්‍ර ටික මල් 7යි...ඇයි යකෝ මෙහෙම දක්ෂ එකියෙක් ඉද්දිනේ උඹ මට අරහෙම (චිත්‍ර සීන් එක ඈ)දෙයක් කිව්වේ..... මරන්ඩ වටිනවා ඔව්

    ReplyDelete
    Replies
    1. ඒක වෙනම සීන් එකක්නේ.. පස්සේ හෙමීට පැහැදිළි කරන්නම්.. මරන්ඩ නෙමෙයි කිවුව වැඩේ කරලා දීපිය..

      අහ්, තැන්කිවු ඈ.. ^_^

      Delete
  22. සහ් වයලින් කාරයෙකුයි අන්ධ ගායකයෙකුයි එකතු උනා වගේ කතා කාරයෙකුත් චිත්‍ර කාරියකුයි ත් එකතු වෙලා...නියමයි

    ReplyDelete
    Replies
    1. හී හී, බොහොම අමාරුවෙන් එකතු කර ගත්තේ ලොකූ.. බලමු ඉස්සරහට ඒකත් ඇදගෙන යන්න..

      Delete
  23. හැමදාමත් කියන කතාව තමයි දිනේෂ් කියන්න වෙන්නෙ. ඔබේ මේ කෙටිකතා මං කියවන්නෙ පුදුම පෙරේත කමකින්. මේ කතාවත් අර රන් අශ්වයා වගේම ජීවිතේට හොඳ පාඩමක් කියල දෙනවා.

    ReplyDelete
  24. එකවගේ හිතන හිත් ඒකාත්මික වෙන්න ගතවෙන්නේ මොහොතක් පමණයි.
    ලස්සන සිත්තරෙත් එක්ක කතාව තවත් ලස්සන වෙලා..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්