Thursday, 17 July 2014

මගේ ජිවිතේ පටන් ගත්තේම ඔයාගේ ආදරෙන් !




මට තිබුණේ එකම හීනයයි. ඒ කොයි වේලාවේ කොහොමද මැරෙන්නේ කියන එක. ජිවිතේ අන්තිම අඩියටම වැටිලා හිටියේ... හීන, බලාපොරොත්තු, අරමුණ ටිකෙන් ටික මගේ ඇස් අස්සෙන් මිරිකිලා කඳුළු එක්ක කම්මුල් දිරු රුට රුට යද්දි මම ඕහේ බලාගෙන හිටියා. හරිය මළමිනියක් වගේ !

එදා අපේ පන්තියේ මුල්ම දවස. කීදෙනෙක් ආවද? කී දෙනෙක් හිටියද? අඩුම ගානේ මගේ එහා පැත්තේ හිටියේ මොකාදවත් කියලා මට මතක නෑ. මම හිටියේ මගේ ලොකේක. කොටින්ම මම පන්ති ආවේ අම්මාගෙ මළ වදෙන් බෙරෙන්න. අනික කොහොමත් ගෙදරට වෙලා මුල්ලක් බදාගෙන පැත්තකට වෙලා ඉන්නවට වැඩිය මිනිස්සු අතරේ ජිවත් වෙනකොට මැරිච්ච මිනිහෙක් උණත් ජිවත් වෙනවා වගේ හැඟිමක් ඇති වෙනවා ඇති. මැරිලා තිබුනත් වළලලා නැති මගේ හදවත මිනිස්සු ලඟදි ගැහෙන්න පටන් ගත්තා. එයා ලඟදි ඒ හද ගැස්ම වැඩි වුණා. මටත් නොදැනිම....

එයාව මට කොහොමත් මතක හිටියේ නෑ. හැබැයි වාසගම මතක තිබුණා !

සර් ඇවිල්ලා අපි හැමොගෙන්ම නමයි ඉස්කොලෙයි ඇහුවා. ඉතින් අපි නමයි ඉස්කොලෙයි කියද්දි එයාගේ මහා අමුතු වාසගම අහම්බෙන් වගේ මගේ මොළේ තැන්පත් වෙලා තිබුණා.

ඊට පස්සේ මට එයාව අමතකම වෙලා ගියා.

පන්තියේ මාස හත අටක්ම ගෙවිලා ගියා. මම වගේ ඉස්කොලෙන් අවුට් වෙච්චි ගමන් ආපු දෙතුන් දෙනෙක් එක්ක කසාද බැලදලා ළමයි දෙතුන් දෙනා ඉන්න අම්මලා තාත්තලා පවා පන්ති අවා. කිසිම වයස් ‍භේදයකින් තොරව පන්තියේ අපි හැමොම ගෙවුවේ තෘප්තිමත් කාලයක්. නමුත් නොහොඳ නොක්කාඩු නොතිබ්බම නෙමෙයි ! නමුත් කපන්න බැරි අත ඉඹිනවා වගේ අපි හැමොම හිටියේ මුණට හිනා වෙලා. එත්, හිනා වෙන්න බැරි තැන් වලදි මම හිනා නොවි හිටියා. ජිවිතේ කවදාවත් මම මාව රට්ටගෙන නෑ. අන්න ඒ නිසා.

එකින් එකා නොකිවුවට අපි හැමොටම අපිටම කියලා ප්‍රශ්න තිබුණා. සමහරු පන්තිය ඇතුළේ ඇරියස් පිරිමහගත්තා. සමහරු තමන්ගේ මතේ ප්‍රකාශ කරන්න ප්‍රබල මධ්‍යක් හෙවුවා. තවත් සමහරු පිස්සු කෙළියා. දෙතුදෙනෙක් ඉගනගත්තා. මේ අතරේ සමහරු පොර වුණා. සමහරු කිච වුණා. කට්ටියක් ගොඩ වුණා. කට්ටියක් චුත වුණා. සමහරු නම් අවා ගියා. හරියට එක රැයෙන් එන සුපිරි තරු වගේ. තවත් සමහරු බලාගත්තු අත බලාගෙන හිටියා. මම, ජිවත් වෙන්න ඉගන ගනිමින් උන්නා.... ජිවිතේ විදිමින් හිටියා... හරියට අත්තටු නැති සමණලියක් වගේ !

මේ හැම දෙයක්ම අතරේ එයා මගේ ළඟට අවා... පළවෙනි වතාවට මට ලැජ්ජ හිතුණා. එයා ඇහුවේ මගේ වයස... ෂිකේ මෙහෙමත් මොඩයෙක් කියලා මට හිතුණා. මගේ ප්‍රකාශ පත්‍ර එයා කියවලා තිබුණා. එයා කිවුවා මම ලියන්නේ වයසට වඩා පැහිච්චි පණ්ඬිතකම් කියලා. මගේ මුණ ලැජ්ජාවට රතු වුණා. මට හිතුනේ මුනම් මහ පැනියෙක් කියලා. ඉතින් මම හිමිට මාරු වුණා. එයාගෙන් පැනලා ගියා... ඒ කතාවට මං වශි වෙයි කියලා මං බය වුණා.

ඊළග දවසෙත් එයා මගේ ළගට අවා. පන්ති පටන් ගන්න කලින්. මගේ එහා පැත්තෙන් වාඩි වෙලා මගේ හැම දේම එයාගේ දේවල් එක්ක ගළපන්න පටන් ගත්තා.

මම බය වුණා !

මම බය වුණා මම මේ හිතුවක්කාරයට ආදරේ කරාවි කියලා. ඊටත් වඩා මෙයා මට ආදරෙ කරන්න පටන් ගත්තොත් ???

මට ඕනේ වුණා එයාම මඟරින්න. මෙයාගෙන් ඇත් වෙලා ඈතකට පැනලා යන්න. එත්........ දවසින් දවස එයා පුදුම විදියට මගේ හිතේ පැලපදියම් වුණා. මම බය වුණ මොහොත උදා වුණා. එයා මගෙන් ඇහුවේ පැනලා යන්න එනවද කියලා. මට ලැජ්ජ හිතුනා... මම තාම හරියට දන්නේවත් නෑ මෙයාව. පන්තියේ දක්ෂයන්ගෙන් කෙනෙක්, ගොඩ දෙනෙක්ගේ සිහින කුමාරයලු... ඉතින් මං වගේ හැමතිස්සෙම පිස්සුවෙන් කියවන පිස්සු කෙල්ලෙක්ට සිහින කුමාරයෙක් ගැලපෙවිද?

" ඔයා ඇත්තටමද අහන්නේ ? "

මම ලැජ්ජාවෙන් පොතේ පිටුවකට ඇස් අලොගෙනම එයාගෙන් ඇහුවා. එයා සැහැල්ලුවෙන් උත්තර දුන්නා.

" ඔව්. "

" ඔයාට මාව ගැලපෙන්නේ නෑ."

" ඇයි? "

" නැති නිසා කියන්නේ. මම මැරිලා. වළලලා නෑ තාම. "

" අහා... ඒකද? කමක් නෑ මං ආදරෙයි. "

" හ්ම්ම්... "

" මොකද? "

" විශ්වාසද? "

" ඔව් හොදටම විශ්වාසයි. මං ආදරෙයි. එකේ වෙනසක් නෑ. "

පළවෙනි වතාවට ඔළුව උස්සලා මම එයාගේ මුණ දිහා බැලුවා. දෙවියනේ.................


එයාට තිබුණේ දුඹුරු පාට ඇස් දෙකක්. ඒ ඇස් එයා හිනා වෙද්දි එයා එක්කම හිනා වෙනවා. තද පාට වුණත් කිසිම පලුද්දක්වත නැති තොල්. වල ගැහෙන කම්මුල්, දිග කන්... අවුල් වෙච්චි කොණ්ඩේ. කෙට්ටුවට උසට එයා හිටියා මගේ දිහා බලන් හිනා වේවි...

" මොනවද හොරෙන් බලන්නේ? "

මම හිටියේ උත්තර දෙන්න පුළුවන් මනසකින් නෙමෙයි... මෙච්චර කඩවසම් කොල්ලෙක් මට ආදරෙ කරනවා... හරියට හීනයක් වගේ.

ආදරේ අන්දයි ලු ! මට හිනා අවා... මං හිතාමතාම හිනාව හංඟ ගත්තා...

" මොකෝ හිනාව හැංඟුවේ කියනවා බලන්න? "

එයා පුදුම විදියට ආදරෙ කළා. ජිවිතේ මේ තරම් ලස්සනයි කියලා මට කියලා දුන්නේ , මට තෙරුම් කරලා දුන්නේ එයා... තාත්තා කෙනෙක් වගේ ලගින් ඉඳන් හොද නරක කියලා දිලා, අම්මා කෙනෙක් වගේ ආදරෙ දිලා , සහොදරයෙක් වගේ මගේ ලගට වෙලා දුක සැප අහලා යාළුවෙක් වගේ මාව තෙරුම් ගත්තේ එයා. මගේ ජිවිතේ ගොඩක් චරිත රඟපැවේ එයා... අපේ ආදරේ පටන් ගත්තු දවසේම එයා මට අලුත් ජිවිතයක් දුන්නේ මටත් නොකියමයි...

" හෙට අලුත් අලුයමක්... ! "

ඒ වචන අස්සේ හැංඟලා තිබුණ තෙරුම එයා මට පැහැදිලි කරලා දුන්නේ කාලයත් එක්ක සිරුවට....

ඔයාගේ ඒක පාර්ශවික ආදරේ කවදා පටන් ගත්තද? , කොහොම පටන් ගත්තද? කියලා අදටත් මම දන්නේ නෑ.

නමුත් මම එක දෙයක් දන්නවා. ඒ,

මගේ ජිවිතේ පටන් ගත්තේම ඔයාගේ ආදරෙන් !


____________________________

මගේ ජිවිතේ උඩුයටිකුරු වුණා. හැම දෙයක්ම අලුතින් පටන් ගන්න වුණා. මගේ ෆැන්ටසියේ අලුතින්ම පාට ගාන්න වුණා. එයා හරි රොමැන්ටික් පෙම්වතෙක්. එත් කතා පොත් වල වගේ එයා බොළඳ නෑ. මගේ ජිවිතේට බරක් නොවි මගේ ජිවිතේ සරල කරන්න එයාගේ රොමැන්ටික් ආදරෙට පුළුවන් වුණා. 

ඔයා පියාඹන්න ඕනේ, ඔහොම හිර වෙලා ඉන්න එපා කෙල්ලේ. 

එත් මට තටු නෑ. මගේ තටු කපලා ගොඩක් කල් ! 

ඉතින් මගේ තටු අරන් ඔයා පියාඹන්න... හැබැයි අයේ මගේ ළඟට එන්න අමතක කරන්න එපා. මං බලන් ඉන්නවා...

ඔයාව අමතක කරන්න මගේ ඇස් පිය වෙන්න වෙයි. සදහාටම ! 

ෂ්........ මොනවද කියවන්නේ. මැට්ටි...

හ්ම්ම්... පපුවේ ඔළුව තියාගන්නද?

අහන්නත් දෙයක්ද? 

මං ඔයාට ආදරෙයි ! 

මං තරම් නම් ඔයාට බැරි වෙයි මට ආදරෙ කරන්න. 

එයාට ඕනේ වුණා අපේ ආදරේ ගැන කෑගහලා හැමොටම කියන්න. එයාට ඕනේ වුණා එයාගේ ආදරෙ බොරුවක් නෙමෙයි කියලා මට ඔප්පු කරන්න. එයාට තිබුනේ මට නොදෙවෙනි පිස්සුවක්... එයා හැමදාම හිනා වෙලා හිටියා.. ප්‍රශනෙකදි වුණාත් එයා හිනා වුණා. මම එයාගේ හිනාව දිහා බලන් හිනා වුණා. 

අපි ආදරෙ බව කියමු?

කාටද? 

හැමොටම.

එත්, ඕනේ නෑ නේද?

ඇයි?

ඊරිසියාකාරයො ඇති වෙයි. ඔයාට කැමති තව අය ඉන්නවනේ.

ඉතින් එකනේ එයාලට දැනගන්න එක්ක අපි කියමුකෝ..

ඔයාට පිස්සු. 

නැත්තන් ඔයා වගේ පිස්සු කෙල්ලෙක්ට ආදරෙ කරයිද? 

තරහයි. 

මං යාලුයිනේ... 

හා ඔයාට ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් ඔයා කියන්න එහෙනම්. 

හොද කෙල්ල මගේ. 





59 comments:

  1. ෂා නියමයි ....ඉක්මනටම ඉතිරි ටිකත් ඕනේ ...ආහ්හ් අද මමද එක?

    ReplyDelete
    Replies
    1. ඊලග කොටස මංතුමාගෙන්..

      පළවෙනියට තෑගි දුන්න කාලේ ඉවරයි ඈ දැන්නම්..

      Delete
    2. ඇයි අවුල්ද නංගී..

      Delete
  2. මම මදාරාගෙ කතාවක් වර්ණයෙන් කියෙවුවමද මන්දා මේ.. ලස්සනයි මදාරා.

    //ඔයාගේ ඒක පාර්ශවික ආදරේ කවදා පටන් ගත්තද? , කොහොම පටන් ගත්තද? කියලා අදටත් මම දන්නේ නෑ.

    නමුත් මම එක දෙයක් දන්නවා. ඒ,
    මගේ ජිවිතේ පටන් ගත්තේම ඔයාගේ ආදරෙන් !// ආදරණීය ආදරයක ආදරණීය ආරම්භයක්.

    ReplyDelete
    Replies
    1. මොය මගේ හිට් ලිස්ට් එකේ දෙවනියට තියෙන පෝස්ට් එකත් මදාරා ලිවුව එකක්නේ ප්‍රියා..

      Delete
  3. අනේ මන්ද බොලල්ලා දැං ආදරේ දැනෙන්නේ මහ අමුතු විදියකට?? (මට)

    ReplyDelete
    Replies
    1. දේශා, වයසට යද්දී ඉතින් ඔහොම තමයි.. අපිට තේරෙනවා.. :P

      Delete
  4. ම්ම්ම්.. වෙනස් මානයක් වගේ..

    ReplyDelete
    Replies
    1. වැඩ වැඩි කාලේ බ්ලොග් ලියනවා ටෙන්ෂන් අඩුවෙන්න.. වැඩ අඩු කාලේ බ්ලොග් කියවනවා මහන්සි යන්න.. :) ඒ කාලේ එක එක වැඩ..

      Delete
  5. මෙච්චර ජ්කල් කියෙව්වේ දිනේෂ් ගේ කතා, අද මදාරගේ කතා කියෙව්වා.

    අම්මපා දැන් නම් ලව් ස්ටෝරීස් ඔළුවට යන්නෙත් නෑ අෆ්ෆා. මොනවා උනත් ඒ කාලේ ආයේ එනෙත් නැති එකේ පුළුවන් කාලේදී ලව් කරහල්ලා පස්සේ හුල්ලන්නේ නැතිව./...

    ReplyDelete
    Replies
    1. ආදරයේ ප්‍රථිපල බුක්ති විඳින කාලෙනේ දැන්, එකයි....

      Delete
  6. අඩේ එක කොටසක් එහෙ අනෙක මෙහෙ වගේ නේද..
    නකං මට එහෙම දැනුන..
    මේකෙ කලිං කොටසක් තියේනෙ..
    නේහ්..
    ඒකත් මෙහෙමද මංද තිබ්බෙ

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙම එකක් වගේ එකක් තමයි.. කතාවක් දෙපැත්තෙන්ම ලියවෙද්දී කොහොම වෙයිද කියලා මේකෙන් බලාගන්න පුළුවනි..

      Delete
  7. යස ආදර අන්දරයක්...... මේ ආදරේ එච්චර ප්‍රශ්න නැත්තේ...... තාම ආරම්භක අවස්ථාවේද ඉන්නේ..... දිනේෂ්....

    ReplyDelete
    Replies
    1. හොද හොද ඒවා පස්සට බලාපොරොත්තු වන්න..

      Delete
  8. දෙපැත්තෙම කතාව දන්නව දැං!

    ReplyDelete
  9. හ්ම්................... දිනේෂ්ගේ වර්ණයෙන් මදාරාගේ කතාවක්........... අගෙයි... හරි රහයි...

    ReplyDelete
    Replies
    1. වර්ණය කොහොමත් හරි හැටි පාට කරලා ගත්තේ ඉතින් මෙයානේ..

      Delete
  10. කියෙව්වා හම්මෙ ....මට මෙහෙම එවා ගැන මෙලෝ මල දානයක් තෙරෙන්නෙ නෑ නොවෑ , :P

    ReplyDelete
    Replies
    1. දැන් ඉදන්ම තේරුම් ගන්න උත්සාහ ගනින්.. නැත්නම් පස්සේ අවුල් වෙයි..

      Delete
  11. බොලාලා තාම මුලිච්චි වෙලාම නැද්ද...ආදර අන්දරේ සුළ මුල ඉතිං බොග් එකෙන්ම කියවලා යන්තං පදං දැනගෙන තමා උන්නෙ....මැරෙන එක ගැන හිත හිතා ඒ කාලෙ හිටියා කියන්නෙ මොකද බොලං...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මේක මේ අපේ කතාව නෙමෙයි අයියේ.. ලියන්නේ ඉතින් අපි දෙන්නා හන්දා ඉතින් අපේ එක කියලා හිතෙන එක නවත්තන්න බැරි වෙයි වගේ.. අපි නම් ඕන තරම් මුලිච්චි වෙලා තියේ...

      Delete
    2. //""අපි නම් ඕන තරම් මුලිච්චි වෙලා තියේ...""// හා හා ඇති ඇති එතනින් එහාට කියන්න එපා :P

      Delete
    3. ඉවාන්ගෙ අවවාදය හිතට ගනු...රට්ටු කථා හදයි නැත්තං....

      Delete
    4. ඉවාන්, ඊට එහා මොනා කියන්න්ද බං ඉතින්... ;-)

      Delete
    5. සිරා අයියේ, රට්ටුන්ට කතා හදන්න ඉතින් මේවා ඕනමත් නැහැනේ අයියේ..

      Delete
    6. මදාරා, මුකුත් නෑ ඒ... හික්ස්..

      Delete
  12. Lassana hageem godak Godak lassanata wachna walata peralala thiyenawa..gdk lassani...atththatama....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  13. ලස්සන ආදර කතාවක්.!

    ReplyDelete
  14. Replies
    1. තව ඉස්සරහට තව ඇඬෙයි..

      Delete
  15. //තවත් සමහරු පිස්සු කෙළියා. දෙතුන්දෙනෙක් ඉගනගත්තා. මේ අතරේ සමහරු පොර වුණා. සමහරු කිච වුණා. කට්ටියක් ගොඩ වුණා. කට්ටියක් චුත වුණා. සමහරු නම් අවා ගියා. හරියට එක රැයෙන් එන සුපිරි තරු වගේ. තවත් සමහරු බලාගත්තු අත බලාගෙන හිටියා. මම, ජිවත් වෙන්න ඉගන ගනිමින් උන්නා.... ජිවිතේ විදිමින් හිටියා... හරියට අත්තටු නැති සමණලියක් වගේ !//

    මදාරාගේ ලියවිල්ල හරිම ලස්සණයි. මුලු හදවතින්ම කතා කරලා වගේ. :)

    ReplyDelete
  16. ඒ වාසගම මතක හිටින්නේ නැතුව තියෙයි යැයි . අප්පෙ ඔය වගේ වාසගමක් ඇහුවමයි .

    ReplyDelete
    Replies
    1. පව් ලුසා කියලා වගේ

      Delete
    2. හැක අපිට මොකෝ, අපි හිතන්නේ ඒක කියලා

      Delete
    3. ඉවාන්, ඒවා එහෙම තමයි වන් ඇන්ඩ් ඔන්ලි ඈ..

      Delete
    4. මැලේ, පවු බං.. හික්ස්...

      Delete
    5. මදාරා, මුංට කිවුවට වැඩක් නෑ.. මේක අපේ ලේබල් වදිනවම තමයි ලියාගෙන යද්දී.. කොරන්න දෙයක් නෑ..

      Delete
  17. ඔන්න ඔහොමලු උනේ ..... මට තියෙන පස්නේ හැමදාමත් මේවා අනුන්ට වෙන එකයි

    ReplyDelete
  18. ආදරේ පිරිලා, : ඉතිරිලා යන්න දෙනවා එහෙම නෙවෙයි බොලන්ලා කතාව නියමයි

    ReplyDelete
  19. ලස්සනයි දිනේෂ් මලේ!

    ReplyDelete
    Replies
    1. මේක ලියල තියෙන්නේ මලේ නෙවෙයි මලේගේ අලේ :D :D

      Delete
    2. ඉවාන්, මලේගේ අලේ නෙමෙයි බං මලේගේ මලී.. :-P

      Delete
  20. මුං දෙන්නා අපිව මංඥන් කොරනවා....එතකොට මේකේ කලින් එක ලිවුවේ දිනේෂ්ද ? මේකේ අග ලීවේ ඔයා කියලා දාල නොතිබුණා නම් දිනේෂ් ලිවුවා වගේ හිතෙන්නේ ...

    හා ඔහොම යමුකෝ ඉදිරියට...

    ReplyDelete
    Replies
    1. බොලාලා කෝමත් මංඤ්ඤංනේ.. කතාව කොල්ලගේ පැත්ත මම කෙල්ලගේ පැත්ත මෙයා.. දැන්වත් හරිද..

      Delete
  21. කතාව හරිම රසවත් ....

    ReplyDelete
    Replies
    1. අඩේ මම මුලින්ම හිතුවේ මේක මේ උඹ කෙල්ලෙක්ගේ පැත්තෙන් ලියාපු එකක් කියලායි.
      අනිතිමට දැක්කේ මේක මේයාගේ කතාවක් කියලා නේ.:)
      කොහොමත් ආදරේ කියන්නේ එක්තරා විදියක පිස්සුවක් තමයිනේ.
      ලස්සනයි අකුරු කරපු කතාව,ඇත්තමයි.බොහෝම හෙමිහිට කියව්වේ.

      Delete
    2. මනෝජ්, මේක අපි දෙන්නම එකතු වෙලා ලියන කතාවක් බං..

      Delete
  22. අනා.... සොරි ඉඳිකට්ටා අයියා. දාපු ගමන් කියෙවුවට කමෙන්ට් කොටන්න අමතක වෙලා නෙ. සමාව බාජනේකට දාන්න හොඳේ

    ReplyDelete
    Replies
    1. පල පල.. බාජන වල ඉඩ නෑ..

      Delete
  23. දිනේෂ්....මෙහෙමද හැමදාම ලියන්න හිතන් ඉන්නේ...එක්තරා තැනක නවතින්නද බලාපොරොත්තුව? අගය කිරීම යනු ඔබ එතැන නැවතීමද...කම්මැලිද නැත්නම් ඔතනින් එහාට යන්න අකමැතිද..එහෙම නැත්නම් බැරිද? ආපහු හිතුවොත් ..මා ලියන්නේ මෙලෙසමද කියා...ආපහු පොඩ්ඩක් ඇස් ඇර බලන්න. මම වැරදි ඇති. නමුත් දිනේෂ් නිවැරදි වෙන්න....

    ReplyDelete
    Replies
    1. තරහා අවසර.. අරූ අයියා කියන්න හදපු දේ මට හරියටම ඔළුවට ගියේ නෑ..

      මේ පෝස්ට් එකනම් හැබැයි මගේ නෙමෙයි මදාරගේ.. මේක අපි දෙන්නම එකතු වෙලා ලියන් යන කතාවක්..

      Delete
    2. දිනේෂ් & මදාරා......සෙනෙහසින් ලියන්නේ ,වරදකට නොවේ. මේ අකෘතිය තුල හිටියාම හරිද? දිනේෂ් ලියූ බොහෝ දේවල් තුල හොඳ කෙටි කතාකරුවෙක්ගේ ගති පැවතුම් තිබුනා. දිනේෂ් බොහෝ දුරට යුරෝපීය කෙටි කතා ආභාශය මැනවින් ග්‍රහනය කරගෙන තිබුනා. මම පාඨකයෙක් ලෙස අහන්නේ...ඒ අභාශය සහ සොඳුරු මියැසි වදන් තුල පමනක් මේ ලේඛන තේමා ගෙනයාම තුල දිනේෂ් නම්වූ ලේඛකයා ස්ථානගත වෙන්නේ කොතනද කියන එකයි. කෙටිකතා කරුවා නවතින්නේ, එක්තරා ආකරයක මොඩ්ල් එකක නම් , අපි ඔහුට යෝජනා කලයුතු වෙනවා, කෙටිකතාව එසේ නොවිය යුතුයි කියා. මේ තුල දිනේෂ් නැගී සිටිය යුතුයි. එහෙම නොවෙනවා නම් වෙන්නේ, හොටු කුලේ පොත් ලියා ලිය ඉන්න (සුජීව ප්‍රසන්න, චන්දි කොඩිකාර, එහෙමත් නැත්නම් වරෙක සාර්ථක ටෙලි තිරපිටපත් ලියු ඒ දක්ෂ සෝමවීර සේණානයක පසුව ලියුවා වගේ හිඟන පිටපත් ලියන්න )

      දිනේෂ්....මම නිදහස් මිනිහෙක්. සියල්ල උඹ අතේ. අපිට දොස් කියන්න විතරක් ඉඩක් තියපන්. ඒක උඹට අනාගත ආයෝජනයක් වෙයි.

      Delete
    3. දොස් කියන්න බනින්න වැරදි පෙන්නන්න හැම දේකටම ඕන තරම් ඉඩ තියෙනවා අයියේ.. ඇත්තටම මමත් ඒකට කැමතියි..

      අයියා කියන්න හදන දේ මට තේරෙනවා.. ඇත්තටම මගේ තියෙන එකම ආසාවත් මොඩල් එකකට කොටු නොවී ලියන එක.. සමහර වෙලාවට කතා ඔළුවට ආවත් අත්දැකීම් මදි කම හන්දද නැත්නම් මගේ දුර්වල කමක්ද කියන්න දන්නේ නෑ සමසර දේවල් මොඩ්ල් එක අස්සකම හිර වෙන වෙලාවල් තියෙනවා..

      හැමදාම මේ වගේ අවංකම අදහස් කියලා යන්න.. ඒක ඇත්තටම මට ලොකු ශක්තියක්..

      Delete
  24. ආදරේකට කොයි තරම් දෙයක් කරන්න පුලුවන්ද .... හරිම අපූරුයි..

    ReplyDelete
  25. අළුත් අළුයමේ සුල මුල මේකයි එහෙනම්... ඉතින් බලමුකෝ ඊළඟ කොටස..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්