Monday, 14 July 2014

මාමණ්ඬි, මල්ලී



වෙඩින් එකට පැය ගානක් ඉතුරු වෙලා තිබුනත් මම හිටියේ ඒකට ඕන කමකින් නෙමෙයි.. යට ඇදුම පිටින් ඇදේ ඔහේ දිගා වෙලා කල්පනා කලේ අන්තිම මොහොතේ හරි මේක නතර කරන්න විදිහක් තියෙනවද කියලා.. ඇත්තටම මට ඕන කලේ ඒ දේ.. ඒත් මට එහෙම දෙයකට ඉඩක් කොයිම විදිහකින් වත් තිබුනේ නෑ..

ඇදේ එහෙ මෙහේ පෙරලි පෙරලි මම කල්පනා කලා.. ඒත් හිතින් ගන්න තීරණ හුඟක් ඒවා මොළයෙන් ප්‍රතික්ෂේප වුනා.. ඇත්තටම එහෙම වුන එකත් හොදයි.. නැත්නම් අන්තිමට මම මෝඩයෙක් වෙනවා.. හැමෝම හිනාවෙන්නෙත් මටම තමයි.. මට ඕන වුනා මේ වෙලාව ඉක්මනට ගෙවිලා යනවනම්.. ඒත් අද ඒකත් එහෙම නෑ..

ඇගටම තද වුන නිල්පාට ගවොමත් ඇද ගත්ත ඇය කාමරේට ඇවිත් මං දිහා බලාගෙන හිටියේ හරියට මාව තේරුම් ගන්න බැරි බව පෙන්නන මූණක් මවාගෙන..

" ස්ටීව්, ලෑස්ති වෙන්නේ නැද්ද?"

" හ්ම්ම්.."

" මොකද අනේ කරන්නේ, ඉක්මනට ලෑස්ති වෙන්න තව පැයයි තියෙන්නේ.. ළමයිනුත් ලෑස්තියි.. ඔයා තමයි තාම මෙතන.."

" පොඩි එවුන්ට තේරෙනවද වෙන්න යන දේ ගැන.."

" ඒ කොහොම වුනත් මේක ඔයාගේ නංගිගේ වෙඩින් එක.. මිකේලා කියන්නේ ඔයාගේ එකම නංගී.. ඔයා ඒක අමතක කරන්න එපා ස්‍ටීව්.."

මම ඈ දිහා බැළුවේ ටිකක් විතර කේන්තියෙන්.. මගේම සහෝදරියගේ වෙඩින් එක වුනත් මට ඕන කලේ ඒක අන්තිම මොහොතේ හරි නතර කරන්න.. දැන් වුනත් මට පුළුවන්නම් මම කරන්නේ ඒ දේ.. ඇය ඔහේ කියවන අතරේ මම ආයෙම ඇදේ අනිත් පැත්තට හැරුනා.. මගේ මතකය දුවලා ගියේ ඒ දවසට..

...................................

" හැපි වෙඩින් ඇනිවර්සරි ඩාර්ලින්ග්.."

මම ඇයව සිප ගත්තා..

" කෝ කෝ, ඕවා තියා ගන්න රෑට.. හවස පාර්ටි එකට ලෑස්ති වෙන්න ඕන.."

" තව වෙලා තියෙනවනේ.."

" කෝ, මිකේලා ආවද?"

" ඔවු ඔවු, එයා ඊයේ රෑම ආවා.. එයා එද්දී ඔයා නිදි.."

" අද හවසට අපේ තාත්තත් ඒවි.."

" අහ් හරි.."

ටිකක් හවස් වීගෙන එද්දී යාළුවෝ එක්කෙනා දෙන්න එන්න ගත්තා.. ගේ පිටිපස්සේ තිබුන ගාඩන් එකේ අපිට ඇති වෙන්න ඉඩ තිබුනා.. කතාබහ අතරේ මම අහම්බෙන් වගේ දැක්කේ මයිකල්ව.. ඒ මිකේලාගේ කලින් පෙම්වතා.. මයිකල් මොකද මෙහේ කරන්නේ කියලා හිතද්දීම මම ඔහු ලගින්ම දැක්කේ මිකේලාව.. මම දැනන් හිටිය තරමට ඔවුන්ගේ ආදරේ ඉවර වෙලා දැන් හුඟක් කල්..

දෙතුන් වතාවක් මයිකල් මිකේලාව සිප ගත්තා.. ඒත් ඒක් ඒ තරම්ම ආදර බර හාදු නෙමෙයි.. එහෙම වුනත් මිකේලගෙන් ඒකට අකමැත්තක් තිබුන බවක් පෙනුනෙත් නෑ..

" මයිකල්, මොකද මෙහෙ කරන්නේ?"

මම ඔවුන් හිටිය තැනට ලං වෙන ගමන් ඇහුවා..

" අහ් ස්ටීවි, මට මිකේලා ගෙදර ආවා කියලා ආරංචි වුනා.. ඒකයි ආවේ ඇයට කතා කරලා යන්න.."

" හ්ම්ම් හරි.. අද මෙහේ තියෙන්නේ පෞද්ගලික පාර්ටියක්.. ඒ හන්දා මයිකල් වෙන වෙලාවක එනවනම් ඒක අපිට කරදරයක් වෙන එකක් නෑ.."

මම කතා කරපු විදිහට මිකේලගේ කැමැත්තක් තිබුන බවක් පේන්න තිබුනේ නෑ.. ඒත් මට එහෙම කරන්න වුනා.. මයිකල් රස්තියාදුකාරයෙක්.. මිකේලාගෙයි ඔහුගෙයි නොගැලපීම ඇයම තේරුම් අරන් දැන් අවුරුද්දක් විතර ඇති.. ඒත් මයිකල්ගේ පැමිණිම මිකේලාට බාදාවක් නොවුනත් ඒක මට ගැටළුවක්.. කලින් වතාවල් වල වගේ මාත් එක්ක වාදයට පැටලෙන්නේ නැතුවම මයිකල් පිට වෙලා ගිය එක මට පුදුමයක් වගේම හිතටත් මහ සැහැල්ලුවක් වුනා..

පාර්ටියට මහ ගොඩක් අමුත්තෝ නොහිටියත් ආව කිපදෙනාගෙන් වත්තේ ගාර්ඩන් එක පිරිලා තිබුනා..  ඇවිත් හිටිය පිරිමි අයත් එක්ක මම බාබකිව් හද්දදී  ෆ්‍රැන්චෙස්කා එක්ක ගෑණු අය කතා කර කර හිටියේ පූල් එක ලගට වෙලා.. ඒ එක්කම වගේ මිකේලා පූල් එක ලගට ආවේ නාන ඇදුමින් සැරසිලා.. එක පාරම හැමෝගෙම අවදානය ගියේ ඈ ලගට.. ඒ ඇගේ තිබුන සුන්දරත්වය හන්දා.. ඒත් මිකේලට ඒක ගානක්වත් නැති තරම්..

ඇයට සාදය අමතකයි.. අඩ නිරුවතින් දෙතුන් වතාවක් පුල් එකේ පීනන්
ගිය ඈ දිහා හැමෝම බලාගෙන හිටියා.. කේන්තියටම මම ඈ ලගට ගියා..

" මිකේලා, ඔය මොකද්ද කරන්නේ? මේක අපේ වෙඩින් ඇනිවර්සරි පාටි එක.."

" ඉතින්, මම මේ ටිකක් ස්විම් කලා විතරනේ.."

" ඒත් මේ එකට වෙලාව නෙමෙයි.. හැමෝම බලන් ඉන්නවා.. දැන් මෙතනට ගැලපෙන විදිහට ඇදුමක් ඇදන් එනවා.. අනික් වෙලාවට ඕන දෙයක් කර ගන්න.."

මිකේලා පූල් එකෙන් නැගිටලා ගියේ කේන්තියෙන්.. ඒත් මට ඒ වෙලාවේ ඒක ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.. පිටිපස්සේ ගාර්ඩන් එකට එන්න තියෙන දොරත් හයියෙන් වහගෙන මිකේලා ගියේ ඇගේ තෙත පිටින්මයි.. හැමෝම ඒ දිහා බලාගෙන හිටිය එක ගැන මට ඇති වුනේ ලැජ්ජාවක්.. ඒ හැඟීමෙන් මිදිලා පාර්ටියේ අය එක්ක සතුටින් කතාබහ කරන්න මට ටිකක් වෙලා ගියා..

" ස්ටීව්, ඕවා ගනන් ගන්න එපා.."

" මට ප්‍රශ්ණයක් නම් නෑ.. ඒත් මිකේලා ගෙදර ආවේ සෑහෙන කාලෙකින්.. එහෙම එකේ එයාට මෙහෙම කතා කරන්න වුන එක ගැන හිතට හරි නෑ.."

" එහෙනම් ඔයාම ගිහින් එයාට කතා කරන් එන්න.."

" ඒ වුනාට දැන් ඔය කාමරේට වෙලා ඇත්තේ හොදටම කේන්තියෙන්.."

" ඒක හරි ස්ටීව්.. අහ්, මේ ෂැන්පේන් වීදුරුවත් අරන් යන්න.. ගිහින් කතා කරන් එන්න.."

ඇගේ පෙරත්තටම මම ෂැන්පේන් වීදුරුවත් අරන් ගෙට ඇතුළු වුනා.. සාලයේ ටීවි එක දාලා තිබුනත් ඇය එතන හිටියේ නෑ.. කුස්සියෙත් ඇය ඉන්න විදිහක් කොහෙත්තම නැති හන්දා මම උඩ තට්ටුවේ තිබුන ඇගේ කාමරේ දිහාවට ගියා.. මම හිටියේ ඇයත් එක්ක කතා කරන්න ඕන විදිහ ගැන කල්පනාවක..

ඇගේ කාමරේ දොර ගාවින් මට ඇහුනේ හීන් කෙදිරියක්.. ඒක මොනවගේ දෙයක්ද කියලා තේරුම් ගන්න මට ඒ තරමටම අමාරු වුනේ නෑ.. මගේ හිත කලබලෙන් වගේ හැම අතකම දුවලා ගියා.. මයිකල්.. එහෙනම් ඌ ආයෙම ඇවිල්ලා.. මගේ හිතට ආවේ තරහවක්.. ඇගේ කාමරයට වුනත් බලෙන් ඇතුළු වෙන එක සදාචාරයක් නොවුනත් මේ මගේ ගෙදර හන්දම මම මිකේලට කතා නොකරම ඇගේ කාමරේ දොර ඇරන් ඇතුලට ගියා..

" ජෝර්ජ්.."

මට කියවුනේ එච්චරයි.. ඇදේ නිරුවතින් වැතිරිලා හිටිය ඔවුන්ගේ ආලිංගනය නතර වුනේ එක තත්පරයකින්.. මම හිටියේ මගේ ඇස් විශ්වාස කරන්න බැරුව.. ජෝර්ජ්.. ඒ මගේ බිරිඳගේ පියා..

.....................................


" කෝ තාම ලෑස්ති නැද්ද?

ඇය මගේ කල්පනාව බින්දා.. ඇයත් දරුවනුත් වෙඩින් එකට යන්න ලෑස්ති වෙලත් ඉවරයි..

" මම තව විනාඩි දහයයි බලන්නේ.. ඔයා එන්නේ නැත්නම් මම යනවා.. මොනා වුනත් ඒ ඔයාගේ නංගී කියලා අමතක කරන්න එපා.."

" ඔවු ඒ මගේ නංගී තමයි.. ඒත් එයා බඳින්නේ ඔයාගේ තාත්තව.. මට ඔයා මේක කියන්න.. මම මීට පස්සේ එයාට කතා කරන්නේ මාමණ්ඬි කියලද නැත්නම් මල්ලි කියලද??"






77 comments:

  1. Hugh Hefner අදහන්න වටින පොරක්!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. ඒ මනුස්සයා තරම් වාසනාවන්ත මිනිහෙක් මේ ලෝකෙම නැතුව ඇති.. හික්ස්.

      Delete
  2. මේ වගේ ෆිල්ම් එකක් බැලුවා වගේ මතකයි. ඒත් නම මතක නෑ. පුදුම කතා නේ දිනේශ්? :)

    ReplyDelete
    Replies
    1. හෑ, එහෙම එකක් තියෙනෝද? මතක් කරලා නම කියන්නකෝ මටත්..

      මේවා ඉතින් අපි ඉන්න පරිසරය අනුව නම් ඒ තරම් ලොකු දේවල් නෙමෙයි පොඩ්ඩි අක්කෝ..

      Delete
  3. මාමාණ්ඩි මස්සිනා කියන්න බැරියෑ ;))

    ReplyDelete
    Replies
    1. හෙහ්, දැන් ඉතින් එහෙම මොනා හරි තමයි කියන්න වෙන්නේ කෝමත්..

      Delete
  4. මම මගේම සීයා වෙච්චි කතාව වගේ.. :)

    ReplyDelete
    Replies
    1. මටත් මේක ඔළුවට එද්දී මතක් වුනේ ඒ කතාව තමයි අයියේ.. හැබැයි ඒ නෑකම් ගැලපිල්ලනම් මරු..

      Delete
  5. පට්ට ...

    මතක් වුනේ මේ දවස් වල ජනප්‍රියම සිංදුව .... හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

    ReplyDelete
    Replies
    1. මෙහෙම දේවල් වෙද්දී නම් ජීවිතේ මොන හිස් ටින් එකක්ද මචෝ...

      Delete
  6. සිරාවට.. බං ඔය වගේ දේවල් යුරෝපය තුල ඒ තරං ලොකු දෙයක් නෙමෙයි නේද?? උඹ ලියන ඒවා මං කෝමත් කැමතියි රස විදින්න..

    ReplyDelete
    Replies
    1. මේවයි ඉතින් කොයි දේත් මහ ලොකු දෙයක් නෙමෙයි නේ දේශකයෝ.. සුළු සිද්ධින් පමණයි.. අනික මෙහෙම දේවල් කෙටිකාලීනයි..

      Delete
  7. ඉතින් මක්වෙනවද

    ReplyDelete
    Replies
    1. මක්කවත් නෑ.. උන්ට හොදනම් අපිට මොකෝ කියලා ඉන්න තමයි තියෙන්නේ..

      Delete
  8. හපොයි...
    වෙච්ච වැඩක්....
    හික්ස්....
    ගෑණු අය ගොඩක් වයසක බුවාලට කැමති නෙව

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. ඒකට ඉතින් සෑහෙන්න හේතු තියෙනවා නෙව.. ;)

      Delete
  9. හහහා.... මේ වගේම මාර පටලැවිල්ලක් ගැන කියවෙන විහිලු කතාවක් තිබුනා හොයාගෙන අලවන්නම්කෝ... මේක පට්ටයි දිනේෂ් අයියේ!!

    ReplyDelete
    Replies
    1. හා හා, පුදුමයි උඹ දැන් උදේ පාන්දරම බ්ලොග් බලනවා කිවුවම..

      හම්බුනොත් එහෙනම් අලවපන්කෝ.. මටත් මතකයි කතාව..

      Delete
  10. මාමල්ලී කියුවානම් හරි

    ReplyDelete
    Replies
    1. මෙවයේ ඉතින් නෑකම කියන්නේ නෑනේ නම කියලනේ කතා කරන්නේ.. ඒ හන්දා ජෝර්ජ් කියලම ශේප් වෙන්න පුලුවන්.. හික්ස්..

      Delete
  11. ජෝර්ජ්ට මස්සිනා කියලා, මිකේලාට නැන්දම්මා කිව්වනම් හරි වගේ. :)

    සුපිරියි බොල. (y)

    ReplyDelete
    Replies
    1. නංගිටම නැන්දම්ම කියන්න වුනාම කොමද ආතල් එක නේද?? :P

      Delete
  12. කසාද ගැනයි පිර්මින්ව තෘප්තිමත් කරමින් ඔවුන්ගේ කම් සැප වෙනුවෙන් ජීවිතේම කැප කරන කාන්තාවන් ගැන ලියනවට වඩා වෙනස් විදිහක එඩිතර කාන්තාවන් ගැන ලියන්න පුළුවන්නම් මීට වඩා හොඳයි නේද? මේ කතා අදට ඒ තරම් වටින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අදහස හොදයි.. පොඩ්ඩක් මගේ බ්ලොග් එක අස්සේ රිංගලා කියවලා බලන්න.. එහෙම එවුවත් මේකේ ලියලා තියේ..

      Delete
    2. අනේ මචන් වහ කියපු විදිහට ලියපන් , නැත්නම් දන්නවනේ ....
      මට ෂුවර් මචෝ මේ හුට්ට පත්තිට ලිංගික බෙලහීනතාවය ....

      Delete
    3. හික්ස්, නැත්නම් අන්තිමේ වහ කෑවා වගේ සීන් එකක් වෙයිද??

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අනේ යනෝ.. රෑ නිදිමතේ මුකුත් කිවුවෙත් නෑ.. :(

      Delete
  14. හි හී ....මාමන්ඩිස්සිනා ...

    ReplyDelete
    Replies
    1. අන්න නියම වර්ඩ් එක.. ඔය තියෙන්නේ අදහස් මෙයාලට..

      Delete
  15. වේලෙන්න වේලෙන්න පොලේ උනත් තෙලේ වැඩිවෙනවලුනෙ!

    ReplyDelete
    Replies
    1. අන්න නියම කතාව.. ඒක තමයි එහෙනම් රහස.. හෙහ්..

      Delete
  16. මේ වගේ සිද්ධින් සැබෑ ලෝකේ ඕන තරම්....මෙහේ ලංකාවේ මනුස්සයෙක් ඉන්නවා , වයිෆ්ට ලමයි දෙන්නයි,නැන්දම්මට එක ලමයයි , හපෝ එහෙම උනුත් ඉන්නවා..නෑදෑකම් කොහොම කියනවදෝ දෙවියෝ තමා දන්නේ

    ReplyDelete
    Replies
    1. හෑ, ලංකාවේ පොරක්.. හරි ශෝයිනේ බං.. ඉතුරු හරිය ඉතින් කියලා වැඩක් නැති හන්දා නොකියා ඉමි..

      Delete
  17. එයාලට හොදනම් අපිට මොකො නෙහ්.රසවත් කතාව දිනෙශ් මල්ලි

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කෝ.. ඒ වුනාට ඉතින් සහෝදරයට එහෙම හිතෙන්නේ නැතුව ඇතිනේ.. ඒකනේ ප්‍රශ්ණේ..

      Delete
  18. නියම කතාව ඈ මමත් මේ ඔලුව කැරකෙනකල් කල්පනා කලේ නෑදෑකම මොකක් වේවිද කියල.මාම මචං කිව්වොත් කොහොමද?

    ReplyDelete
    Replies
    1. නෑකම ගලපන එක ලේසි වෙන්නේ නෑ.. ඒක හැම පැත්තෙන්ම අවුලක්.. දැන් එතකොට මේ කෙල්ලගේ තාත්තනේ එයාගේ හස්බන්ඬගේ නංගිව බදින්නේ.. එතකොට ඒ තාත්තගෙයි ඳූගෙයි නෑකමට මොකෝ වෙන්නේ??

      Delete
  19. අම්මටසිරි ......හැක් :D

    මරු

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි මොකෝ????

      හරි ශෝයි නේ.. හික්ස්..

      Delete
  20. එකෙත් හැටි නේ බං.ඕවාට නෑකම් හොයනවාට වඩා නමින්ම අමතන එක තමයි හොඳේ.

    ReplyDelete
    Replies
    1. සිරාවට.. නමින් කතා කරලා ශේප් වෙන එක කෝකටත් හොදයි.. එතකොට වැඩ්ය කවුරුවත් දැන ගන්නෙත් නැහැනේ..

      Delete
  21. පට්ටයි ඈ..

    කතාවෙ අන්තිම ටික කියෝනකං හිතාගන්න බැරි වුණා මොකක්ද මේ වෙන්නෙ කියල.. :D
    මාමණ්ඩි මලයා... :D :D

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙම නෑ කමක් ඇති නොවෙන තරමට හොදයි හන්දා ඒ ගැන වැඩිය නොහිතා හිටින්.. ඒක ඇඟට ගුණයි..

      Delete
  22. මීට ටිකක් සමාන සිද්ධියක් කාලෙකට කලින් ලංකාවෙත් වෙලා තිබ්බලු.
    වයිෆ්ගේ අම්මයි හස්බන්ඩ්ගේ තාත්තායි යාළුවෙලා...ජෝඩුවට ලැජ්ජාව ඉවසගන්න බැරුව මාස ගාණෙන් ඩිවෝස්වුණාලු..:D

    ReplyDelete
    Replies
    1. අර අටම්ගේ ඉවර නොවෙච්ච කතාවෙත් ඔය වගේ කතාවක්නේ තිබුනේ star.....

      Delete
    2. හෙහ්, එහෙම එකක් ගැන මම අහලා තිබ්බේ නැහැනේ.. හැබැයි එක අතකට ඒක නම් තව හොදයි.. මොකද ඉතින් දෙන්නම එක වයසේ වගේනේ... ඒවා මෙහේ නම් ඕන තරම් වෙනවා.. අපරාදේ ජෝඩුව ඩිවෝස් වුනේ..

      Delete
    3. නිහින්සා, අම්මපා ඔවුමයි.. ඒකෙත් ලාවට කොණක මෙහෙම එකක් තිබ්බ නේන්නම්.. කෝ ඒ මනුස්සයා ඒක ලියන එකක් කියලයැ..

      Delete
    4. මොකද්ද නිහිංසා ඒ කතාව මම දැක්කෙ නෑ නේ..බලන්න ඕන අටම්පහුරට රිංගලා..

      Delete
    5. සිරාවට දිනේෂ්..ඔහෙත් එහෙම එව්වා වෙනවද? හී හී...ඇත්තටම අපරාදේ තමයි ඒ දෙන්න ඩිවෝස් වෙච්චි එක ඇත්ත නම්..

      Delete
    6. අටංගේ බ්ලොග් එකේ නව්ගලා ගිය කතාවක් ඒක.. හොයා ගන්න අමාරු වෙන එකක් නෑ..

      ඇත්තටම, මම නම් හිතන්නේ ඒ දෙන්නා ඩිවෝස් උනේ අපරාදේ.. මොකෝ උන් දෙන්නගේ වරදක් එතන නැහැනේ.. ඕනනම් අම්මලා තාත්තලා එක්ක කතා නොකර ඕන මඟුලක් කර ගන්න කියලා ඉන්න තිබ්බා මේ දෙන්නට පාඩුවේ..

      Delete
  23. කතාව ලස්සනයි.... දිනේෂ්.... කුතුහලය කතාව පුරාම තියනවා. අදත් ඔයා .... අපි හැමෝම හොල්මන් කරා..... මේ ඇත්ත ලෝකයේ කොහේ හරි වෙච්ච දෙයක්, බටහිර සමාජයට සාමාන්‍ය තවත් එක් සිදුවීමක් නේද....?

    ReplyDelete
    Replies
    1. ඔවු අනිවාර්‍යෙන්ම.. මේක අපිට නිකන් අමුතුවට පෙනුනට මේවා සිද්ද නොවෙන දේවල් නෙමෙයි.. ඒක ඉතින් ඒ ඒ අයගේ කැමැත්ත කියලා හිතලා බලාගෙන ඉන්න තමයි ඉතියෙන්නේ..

      Delete
  24. මෙතන කෙල්ලගේ හිත ඇදිල ගියේ මාමණ්ඩිගේ මොනවටද කියල මට හිතාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් කරන්න බැරි.. ඕන නැති එවුවමනේ හොයන්නේ ඉදගෙන.. හෙහ්..

      Delete
  25. ඊගාවට මොකද වෙන්නෙ කිය කියා කතාව ඉක්මනට කියවන්න ආසාව ඇති වුනා.. මේවයෙ නම් මේව සාමාන්‍ය සිද්දි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කෝ.. සුද්දන්ට ඕවා ගානක් තියෙනවයි කියලයැ..

      Delete
  26. රසවත් කථාවක් මලයො...මාමන්ඩි වෙනුවට මල්ලි කියලා කිව්වා නම් නව යුවලට පොඩි කික්ක එකක් එයි ඒ වචනෙන්...

    ReplyDelete
    Replies
    1. හෙහ්, වයස එක්ක බලද්දී මල්ලී කියද්දී මරුවට තියෙයි.. ඊට හොදයි නංගිට නැන්දම්ම කියනවා..

      Delete
  27. ඔහොම සීන් එකක් කියෙව්වා චන්ද්‍ර අනගිරත්න මහත්තයගේ නරලොව හොල්මන් පොතේ.කොල්ලා ගිහිල්ලා ඇන්ටි කෙනෙක් එක්ක සෙට් වෙනවා.කොල්ලගේ තාත්තා ඒ ඇන්ටිගේ දුව එක්ක සෙට් වෙනවා.අන්න එතකොට පටං ගන්නවා ඤාති ප්‍රශ්නය.

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි.. කියවලා නැහැනේ බං මම ඒ පොත.. උඹ මෙහෙම කිවුවම හොයන් බලන්නම හිතෙනවා.. සිරාවටම..

      Delete
  28. ඔය වගේ සීන් හින්දද දන්නේ නැහැ බටහිර රටවල මිනිස්සු නෑ කම් නොකියා නම් වලින්ම කතා කරන්නේ. නෑ කම් කියන්න ගියොත් පිස්සු වැටෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක කියන්න බෑ ලොකු.. මේ සුද්දෝ ඉතින් එළිපිට නැතත් හොර වැඩ කරපුවත් එමට තියෙනවනේ..

      Delete
  29. හරි සරල ප්‍රශ්න නේ මේවා.. මචං මාමේ කිව්වනං බඩු බනිස් නේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්, එතකොට නංගිට මොකද කියන්නේ??

      Delete
    2. නංගි එක්ක ඉතිං කතාවක් නෑ නෙව??

      Delete
  30. Replies
    1. මුලින්ම ආව දවසෙම ඔළුව විකාර වෙන එකක්ද කියෙවුවේ??? :D

      Delete
  31. මෙහෙත් ඔව්ව එමටයි ... තරුණ කොල්ලෝ වේලෙද්දී නාකි පොරවල් මිනිබිරියන්ගේ වයසේ ඒවා එකක්නම් බැරියැ සමහර වෙලාවට දෙක තුනක්......... ඉරිසියාවේ බෑ

    ReplyDelete
    Replies
    1. ඉරිසියා කරන්නේ මොකටයි මැලේ උඹත් ඔය වයසේම ඉන්නේ නැහැනේ.උඹේත් ඉහ නිකට පැහෙනකොට හරි යාවි.

      Delete
    2. මැලේ, එවට කියන්නේ සල්ලි බලේ කියලා බං.. ඒ නාකින්ගේ පුතාලට ඉතින් හොදයි... ඉෆ් යූ නෝ වට් අයි මීන්... ;)

      Delete
    3. මනෝජ්, මේකත් බං අර මම ෆෙරාරි ගැන ලිවුව එකේ තියරි එකම තමයි.. දැන්ම ඉදන් ඉතුරු කලානම් වයසට යද්දී බැරි වෙන එකක් නෑ..

      Delete
    4. මට මේ ලඟදි මෙහෙ ෆෙරාරියක් පදින නාකි බුවෙක් දැකල ඕක මතක්වුනා.. මයේ හිතේ පොරට අවුරුදු 70ක් විතර.. ඔය යන්නේ රතු ෆෙරාරියේ.. පුතාගේ ද දන්නේ නෑ.

      Delete
  32. මෙහෙමත් දේවල් සිදුවෙනවද? පුදුම සමාජයක්. හැබැයි බටහිර සංස්කෘතිය තුළ පුදුම වෙන්න දේකුත් නැහැ

    ReplyDelete
  33. මේක නම් රට පටලැවිල්ලක්..ආදරේට සීමා මායිම් නැහැයි කියන්නේ කට කහනවටයැ..!
    :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්