Thursday, 10 July 2014

හෙට අළුත් අළුයමක්



" එහෙමනම් හෙට අළුත් අළුයමක්.."

මම එයා යන්න කලින් කිවුවා.. ඒ අපේ ආදරේ පටන් ගත්ත දවස.. ඒක හරියට අහම්බයක් වගේ.. කෝම වුනත් මම ඒ දවසට, ඒ විදිහට හරි ආසයි.. එයත් මං දිහා බලලා හිනා වුනා..

" ඔවු, හෙට අළුත් අළුයමක්.."

එහෙම කියලා හිනා වුන එයා හෙමිට යන්න ගියා.. මම බලාගෙන හිටියා.. ටිකක් වෙලා.. ආදරේ  වෙලාවකට පුදුමයි.. හිමි වුනත් සමහර වෙලාවට ඒක විශ්වාස කරන්නත් බැරි තරම්.. හරියට අපේ ආදරේ වගේ.. අපි ලං වුනා.. හරි පුදුම විදිහට.. බලාපොරොත්තු නැති දවසක..

හිත අස්සේ හැඟීම් ගොඩක් පිරිලා.. ඒ ආදරෙන්.. එක විනාඩි කීපයකට ආයෙම හැමදේම හරි ඉක්මනට මතක් වුනා.. හරියට අළුත් ජීවිතටක් වගේ.. ඒත් මම ඒ හැම දේකටම හැම මතකයකටම ආසයි.. ඒ මොකද ඒ හැම දේකම මගේ ආදරණිය ඔයා ඉන්න නිසා..

අපි ටිකකට අතීතයට යමු.. මට හිතුනා එහෙම හොදයි කියලා..

හරියටම මාස දෙක තුනකට කලින්.. ඒක හරි අමුතු හමුවීමක්.. මම ඔයා දිහා බලාගෙන හිටියා.. හැබැයි ඔයා දන්නේ නෑ.. මට උනන්දුවක් තිබුනට ඔයාට උනන්දුවක් තිබුනේ නෑ.. ඒකේ වරදක් නෑ.. ආදරයක පටන් ගැන්ම හැම වෙලාවකම ඒක පාර්ශවීයයිනේ..

මම නිතරම ඔයා දිහා බලන්න පුරුදු වුනා.. හිතේ ආදරයක් ඇති වෙන්න කලින් වුනත්.. ඔයා හිටියේ තනියම.. හැබැයි මගෙන් හුඟක් දුරක.. මට ඕන වුනා ලගට එන්න.. හැබැයි ඔයා ඒකට තිබුන හැම ඉඩක්ම අහුරලයි තිබුනේ.. හරියට එක්ටැම් ගෙයක තනිවුන කුමාරිකාවක් වගේ.. හැබැයි ඒ බලකොටුව බැදගෙන තිබුනෙත් ඔයාමයි..

අමාරුවෙන් හරි මම ඒ අස්සෙන් රිංගලා ඔයාගේ ඇස් වලට පේන තරමට ලං වුනා.. ඔයා හිනා වුනා, කතා කලා.. හැබැයි මට ආදරේ කලේ නෑ.. ඔයා නොදන්නවා වුනාට ඒ වෙද්දිත් ඔයා වෙනුවෙන් හුඟක් ආදරේ කරන කෙනෙක් ඔයා ලගට ඇවිල්ලත් ඉවරයි..

" මම ආසයි ඔයාගේ වාසගමට.."

" ඉතින් ඔයාට පුළුවන් ඒක ඔයාගේ කර ගන්න.."

" ඒ කොහොමද?"

" ඒ කොහොමද අන්නේ.. ටිකක් හිතලා බලන්න.."

එයා හිනා වුනා.. හැබැයි ඒ මම කියපු දේ හරියටම තේරිලා නෙමෙයි.. හැමදේම ගැනම එයා කල්පනා කලේ හදිස්සියෙන්.. ඉතින් නොතේරෙන එක අහන්නත් දෙයක්ද? මමත් සද්ද නැතුව හිටියා.. එයා යන්න යද්දී මම එයා දිහා බලාගෙන හිට්යා.. ඒ ආදරෙන්.. හැබැයි ඒක එයාට දැනෙන්න නැතුව ඇති..

අපි මුහුණු පොතේ හම්බුනා.. කතාකලා.. හුඟක් වෙලා.. ඇත්තටම අපිට
කතාකරන්න දේවල් තිබුනා.. හැබැයි එහෙමටම වැදගත් දේවල් නෙමෙයි.. ඒත් අපි කතාකලා.. සමහර වෙලාවට පැයක් දෙකක්..

" ඔයත් කණ්නාඬි දානවද?"

" ඔවු ඇයි ඔයත්??"

" ඔවුනේ එහෙනම් අපි ගැලපෙනවා හොදට.."

" මෙයා හැමදේම ගලපනවා.. කතාකරන්නත් බයයි මෙයා එක්ක.."

ඔවු, ඔයා නොදන්නවා වුනාට මම හුඟක් දේවල් වලින් අපි කොච්චර සමානද කියලා බැළුවා.. හැබැයි ඒ අපිට එකට ඉන්න වැදගත් කියන කිසිම දෙයක් නෙමෙයි.. ඒත් ඒ දේවල් අස්සේ අපි සතුටු වුනා.. ඔයාගේ හිත මගේ හිත ගැන නොදන්නවා වුනත් ඔයත් ඒ හැම දෙයක් එක්කම හිනා වුනා..

" මම ඔයාට පොතක් ගෙනවා.."

ක්ලාස් එකේ ඉන්ටර්වල් එකේ වෙනද වගේ එයා මගේ ලගට දුවන් ආවා..

" මොකද්ද? අහ්, ශර්ලොක් හෝම්ස්.. ඔයා මේවත් කියවනවද?"

" ඔවු ඇයි?"

" නෑ මං හිතුවා කෙල්ලෝ මේවට වැඩිය ආස නෑ කියලා.."

" අනේ යනෝ, මේක මගේ ෆේවරිට්.."

" අහ් ඇත්තද? ඔන්න එහෙනම් අපි ආයෙම ගැලපුනා.."

" මං යනවා මැට්ටා.. ඕකේ කොල පොඩි නොකර ආයෙම මට ගෙනත් දෙනවා.."

එයාට නොතේරුනාද, එහෙම නැත්නම් මම කියන විදිහ වැරදිද? එක අතකට කොහොම හරි මගේ ආදරේ අඟවන්නත් ඕන.. නැත්නම් අන්තිමට පරක්කු වෙලා ක්ලාස් එකේ විදුරුවෙන් ඈත මුහුද දිහා බලාගෙන හූල්ලන්න තමයි වෙන්නේ.. එයාව ලබා ගන්න ඕන කෙනෙක් කැමති වෙයි.. ඒත් මම එකක් දන්නවා.. මං තරම් එයාව හොදට බලාගන්න කාටවත්ම බැරි වෙයි..

" ඔයාගේ ෆොටෝ ටික මට විතරක් බලන්න දාන්නකෝ.."

" ඇයි ඒ මොකද?"

" නිකන්.. දානවද?"

" හා.."

එදා මම බලාගෙන හිටියා..

" කෝ ෆොටෝ?"

" අහ්, අමතක වුනා.. අද දාන්නම්.."

" හා.."

හ්ම්ම්, අදත් නෑ.. එයා අකමැතිද.. තව එක පාරක් විතරක් අහලා බලනවා..

" අමතක වුනාද?"

" මොකද්ද?"

" ෆොටෝ.."

" අහ්, ඉන්න දැන් දාන්නම්.."

ජීවිතේ හැම වෙලාවකම වෙනස් වෙනවා.. තත්පරෙන් තත්පරේ අපිටත් නොදැනිම.. මම ඔයාගේ වෙලා ඔයාවත් දන්නේ නැති වුනාට.. ආදරේට භාෂාවක් නෑ කියලා කිවුවා වුනාට ඒ ආදරේ වචන වලට පෙරලන්න විදිහක් තියෙන්න ඕන.. මම, නිතරම ඒ දේ හෙවුවා.. විහිළුවෙන් වගේ ඔයා මගෙන් ඈතට දුවන කී වතාවකනම් මම ඒ අකුරු ටික හිතින් ගලපන්න ඇත්ද..

අද ඉරිදා.. අපි කතා කරන නිදහස්ම දවස.. ඔයාටත් ඒ නිදහස හොදට දැනෙනවා කියලා මං දන්නවා.. ඒ, ඉවරයක් නැතුව ඔයා කතා කරන දේවල් වලින්.. මමත් ඒවට ආස හින්දම කියන්න හිතේ හංඟන් ඉන්න දේවල් එහෙමම තියාගෙන ඔයා කියන දේවල් අහන් ඉන්නවා..

" මම ඔයාට ආදරෙයි.."

ඒත් මගෙන් පිටවුනේ සාම්ප්‍රදායිකම වචන ටික නෙමෙයි.. ඒ හන්දමද මන්දා ඒකත් විහිළුවට වගේ ඔයා බාර ගත්තේ.. ඔයාගේ ඇස් වලට ඕන කලේ හොරෙන් පැනලා යන්න.. ඒත් මම තදින් අල්ලලා නතර කර ගත්තා..

" මට කියන්න කතාවක් තියෙනවා.."

ඔයා අමාරුවෙන් වචන ගැලපුවා.. කතාවේ මුලදිම මට හිනාගියා..

" ඒකට කමක් නෑ.. මම ආදරෙයි.."

" හා.."

ආදරෙයි කිවුවට පස්සේ ලඟින් ඉන්න කතා කරන්න වෙන අයටනම් කොච්චර දේවල් ඇත්ද.. ඒත් අපි ගොළු වුනා.. අර කලින් තිබුන කතාබහවත් නැති තරමටම..

" මම ගිහින් එන්නම්.. අපි හෙට කතා කරමු.."

" එහෙනම් හෙට අළුත් අළුයමක්.."

අතිතය ජීවිතේ මතකයක්ම විතරක්ම නෙමෙයි.. ඒ ජීවිතය.. ජීවිතේට හුස්ම පිබපූ කාලයක්.. ඒ දවසට ඇත්තටම මම ආදරයි.. හරියට තාම මගේ ඇතුලේ ඒ මතකය එදා විදිහටම ජීවත් වෙනවා වගේ.. මම ආපහු හැරිලා ඇවිදන් යන එයා දිහා බැළුවා.. හෙට ඉදන් අපේ ජීවිත හුඟක් වෙනස් වේවි.. ඇත්තටම හෙට අළුත් අළුයමක්.. 



62 comments:

  1. 'කෝ ෆොටෝ?' :D

    හෙට ඉඳන් ජීවිතේ වෙනස්වේවි...අලුත් අලුයමක්...දිනේශ් ලංකාවට ගියාද? :)

    ReplyDelete
    Replies
    1. ෆොටෝ නෑ... හෙහ්..

      නෑ නෑ කොළුවා තාම මෙහේ අක්කේ..

      Delete
  2. හෙට උදේ හෙට උදේ කියලා තව එකෙක් වලේ වැටෙන්නයි යන්නේ.

    ReplyDelete
    Replies
    1. හික්ස්, එහෙමද හිතන් ඉන්නේ??

      Delete
  3. ඇත්තටම හෙට අළුත් අළුයමක්.. ///// එක හරි . :))

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. අපි කාටත් ඕන එහෙම අළුයමක් තමයි.. බලමු..

      Delete
  4. මොකැ බං වෙන්න යන්නෙ..

    මම ඉතුවා ෂිංදුව කියලා...

    ReplyDelete
    Replies
    1. ෂිංදුව නෑ ඩෝ.. ඉවසන් හිටින් පොඩ්ඩක්..

      Delete
  5. හෙට පායන්නෙ අළුත් ඉරක්…

    දැන් හෙට ඇත්තටම වෙනසක් වේවිද?? :)

    ReplyDelete
    Replies
    1. හෙට වෙනස් වෙන්නේ නැත්නම් අපි වෙනස් කර ගමු.. එහෙම හොදයිනේ..

      Delete
  6. වැඩේ ගැස්සුනාද?? ගැලපුම් ඔක්කෝම ඉවර උනාද? කෝම උනත් උඹ කතාවේ වැඩිම ප්‍රමාණයක් අපිට ඕන විදියට හිතන්නයි ඉඩ ඇරල තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයිනේ හොද දේශා.. හැමදේම මම කිවුවම ඉතින් වැඩක් නැහැනේ.. හැබැයි ඔය හිතන විදිහේ කිසිම දෙයක් නම් වෙලා නෑ.. බලන් ඉන්නකෝ..

      Delete
  7. කතාව මෙච්චරද...
    අය්යෝ...
    තව ටිකක් තිබ්බ නං කොච්චර සෝයිද...
    අපූරුයි දිනේෂ් අය්ය
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තව සෑහෙන්න තියෙනවා.. පොඩ්ඩක් හිටින්කෝ ඉතින්..

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඊලග එක ලියනෝ.. පටන් ගත්තා කියලා නිකන් ඉන්නේ නැතුව..

      Delete
  9. මුන්දැ ලංකාවට යනෝද? ෆොටෝ දැම්මෙ නැති නිසා ගිහින් හැබැහින් බලාගන එන්න හිතිල වගේ....

    ReplyDelete
    Replies
    1. දැන් හැබැහින් කී පාරක් බලලා තියෙනවද බං ලංකාවට ගිහින්.. ඕකට ඉතින් මේ තදියමේ දුවන්න ඕනෙයි... ;)

      Delete
  10. මේ කතාව ඇතුලේ කතා කියක් නම් ගලප ගත්තද? කීයක් කතා මතක් උනාද? හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ මං කියන්නේ අතීතට සිහිනයක් විතරක්ම නෙමෙයි කියලා බං..

      Delete
  11. මොකෝ දිනේෂ් ...හංසයෝ දැකලා එක පාරටම වෙන්න යන්නේ....

    ReplyDelete
    Replies
    1. අරූ අයියේ, ඒ හංස කතා දැන් ඉවරෝ.. මේක වෙනම සීන් එකක්..

      Delete
    2. මනෝෂ්ගේ වැට බැඳිමට මගේ ප්‍රණාමය.. දැන් වැට පනින්න බෑනේ.. හෙහ්..

      Delete
  12. කොයිල් වෙලා ගියා ..... මෙලෝ හසරක් තේරුනේ නෑනේ ඕයි

    ReplyDelete
    Replies
    1. එක වෙලාවකට නොතේරෙන එකෙත් පොඩි ගතියක් තියෙනවනේ බං.. ටිකක් ඉවසලා ඉදින්..

      Delete
  13. මොනවා හෝ යමක් වෙන්න යන හැඩයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්.. අපි හෙමීට බලමු නලීන් අයියේ..

      Delete
  14. දිනේෂ්...මට හ්8ඉතෙන්නෙ මේ අතීතයේ එක් ලස්සන දවසක්...කොහොම උනත් හෙට අලුයම වෙන්නෙ මොකක්ද කියලනම් හිතාගන්න බෑ.

    අද රෑට...අද රෑට...
    අද රෑට...අද රෑට...
    අද රෑට දිලෙනවා....

    ReplyDelete
    Replies
    1. මේක අතීතයේ හුඟක් ලස්සන දවසක්.. තාමත් රසවිදින්න පුළුවන්.. ඕනම කෙනෙක්ට එහෙම පොඩි හරි මතකයක් තියෙන්න පුළුවන්නේ මනෝෂ්..

      Delete
    2. අනිවාරෙන්ම...

      Delete
    3. මනෝෂ්ටත් ඉතින් එහෙම දේවල් ඇතිනේ..

      Delete
  15. Replies
    1. ඇයි මොකෝ කේෂ් එක??

      Delete
  16. හ්ම්ම්ම්ම්
    දැන් ඉතින් හෙට අලුත් මොකද්ද කියලා ඉක්මනට කියන්න ..... :p

    ReplyDelete
    Replies
    1. ඉවසන්ට දරුවා ඉවසන්ට.. අපි නිදහසේ කියවමු ඒක..

      Delete
  17. හහ් හහ් හා.... මටත් මතක් උනා බං ඉස්සර පොටෝ එකක් ගන්න කාපු කට්ටක්.

    ReplyDelete
    Replies
    1. කට්ට කෑවත් ඒ මතකය නියමයි නේද රාජ් අයියේ.. ඔහොම තමයි කවුරුත් මුලින් හෙන ආඬම්බරයි නේ ෆොටෝ එකක් වත් දෙන්න.. දැන් වගේ ෆෝන් තිබ්බනම් හොරෙන් හරි ගන්න තිබුනා..

      Delete
  18. මොකෝ බං වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. එහෙමටම කියලා දෙයක් නෑ බං.. ඉවසන්ටකෝ..

      Delete
  19. හෙට මොනාද දිනේශ් ඔය වෙන්න යන්නෙ..ඉක්මන්ට කියන්න හොඳෙ..:)

    ReplyDelete
    Replies
    1. හා හා, ඉක්මනට කියන්නම්... ^_^

      Delete
  20. හා හා කොල්ලට සුබ අනාගතයක්

    ReplyDelete
    Replies
    1. අපිත් කොල්ලට සුබ පතමු එහෙනම්.. මේක ලොක්කගේ සුබ අනාගතයක් එහෙම නෙමෙයිනේ??

      Delete
  21. හෙට අළුත් අළුයමක් ...... මරු මරු මරු :)

    ReplyDelete
    Replies
    1. හැමෝම බලාගෙන ඉන්නේ අළුත් අළුයමක් එනකන්නේ..

      Delete
  22. හෙට අළුත් අළුයමක් වුණත් පායන්නේ එකම ඉරක් බං.
    කොහොම වුණත් ඔය වගේ ආදරේ කියලා ඊට පස්සෙන්දා එන ප්‍රතිචාරේ තමයි බං අමුතුම රහක් තියෙන්නේ.කෙල්ල කැමති වේවිද ?අකැමති වේවිද?නැතිනම් වෙනින් මොනවා හරි කියාවිද?කොහොමද දැනෙන හැඟීම් ගොඩ.?

    ReplyDelete
    Replies
    1. "අවසර ලත් සැනෙක
      රියලටි ශෝ එකක
      අවසන් ප්‍රතිපලය දෙන ලෙසට
      තටමා,මා හද බිය ගන්වා
      කිවා ඔබ
      "මම ආදරෙයි ඔයාට" "

      http://damithsheartbeat.blogspot.com/2013/03/blog-post_23.html

      මෙන්න මේ වගේ නේද බං....
      නිකම් දෙලොවක් අතර අතරාමන් වෙලා වගේ... මොනම දෙයක්වත් සන්සුන්ව කරන්න බෑ....

      Delete
    2. මනෝජ්, පායන්නේ එකම ඉර වුනත් ඒක වෙනස් විදිහට බාරගන පුරුදු උනාම ඒකේ ගතියක් තියෙනවනේ බං.. හා නැද්ද මං අහන්නේ..

      හෆ්ෆා ඒ ගැනනම් කියලා වැඩක් නෑ බං..

      Delete
    3. දමියා, සිරාවටම බං.. කලින් හිතන් යන කිසිම එකක් ඒ වෙලාවට වැඩක් නෑ.. අන්තිමට අහන්නේ අහන්න ඕන විදිහට නෙමෙයි.. හැබැයි ඒකෙත් ගතියක් තියෙනවා පස්සේ හිතද්දී..

      Delete
  23. මීලගට කොල්ලා ලංකාවට ගොඩබැස කෙල්ලව අරන් රට පනීද ??? :D

    ReplyDelete
    Replies
    1. අන්න හරියටම හරි.. හැබැයි ඉතින් දැම්ම නම් නෙමෙයි... හික්ස්

      Delete
  24. මේක නිකන් සීම්ස් ලයික් අ තෲ ස්ටෝරි නේ... :D

    ReplyDelete
    Replies
    1. ඉට්ස් කයින්ඩ් අ තෲ ස්ටෝරි..

      Delete
  25. Meka oya dennage adara kathawane... man kalin me katha kiyawala thiyenawa.. ara waasagamata asai kiwwa eka.. ethakota phota kathawa.... mata mathakai ewa kalin kiyawapu bawa... komath oyalage adara kathawa lassanaine.. wishing for the best future...

    ReplyDelete
    Replies
    1. මේ නමයි පින්තූරෙයි එක්ක මට කලින් කමෙන්ට් කරලා තියෙනවා මතකයි.. හෆ්ෆේ පොලෝසියෙන් පැන්නා වගේ ඔක්කොම අල්ලගෙනනේ.. හා හා එහෙනම් ඉතුරු ටිකත් කියවන්නකෝ..

      Delete
  26. හොද ලෙංගතු ආදරයක් තමං ලග තියෙද්දි ජීවත් වෙන්න ආසා හිතෙනවා...ජීවිතය සුන්දරයි කියලා දැනෙනවා...එහෙම නේද කොලුවො...

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම අයියේ.. ජීවිතේ දැනෙන්නේ අන්න එහෙම වෙලාවට තමයි.. එහෙම ආදරයක් සෑහෙන්න වටිනවා..

      Delete
  27. ආදර කතාවක් නම් ඉතිං දිනේෂ් තමා. ඇත්තටම මලේ උඹට ඒකනම් හොඳටම පිහිටලා තියෙනවා. මේක අස්සේ අතීත මාවත් දිගේ සැරිසැරුවා. මට නම් හරි ලස්සනයි මේක. කාලෙකින් බ්ලොග් කියවන්නේ/ලියන්නේ. ගොඩක් මිස් වෙලා. උඹේ ඒවා පහ-හයක්ම උදේ මගට කියවලා වෙලා මදි වෙලා ඔෆිස් ගියා.

    ReplyDelete
  28. අලේ...දැන් මොකද්ද අප්පා හෙට තියන විශේෂත්වේ? අලුත් අලුයමක්..ම්ම්ම්.....හරි හරි වෙලාව ආවම කියන්නකෝ..

    ReplyDelete
  29. Police wage thamai.... ha aiye...

    ReplyDelete
  30. ම්.. අළුත් අළුයමේදී වුනේ මොකද කියලා කියන්න අමතක කරන්න එපා..!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්