Wednesday, 2 July 2014

බුලට් කර්වින්ග්



හොදටම රෑ වෙන්න ඇවිත්.. අතේ තිබුන බියර් ටින් එකත් හෙමීට බොන අතරේ මම ඉස්සරහට ඇවිදන් ගියා.. පාර පාළුයි.. ඒත් වැඩි ගානක් නෑ.. මොකද ඒක එච්චරම නුහුරු නැති හන්දා.. එහෙන් මෙහෙන් පාරේ කළුවර අස්සෙන් කෙඳිරිළි ඇහෙනවා.. ඒ වැඩත් ඉතින් කෙරෙන්න එපැයි.. මම බියර් එක බොන ගමන් ඇවිදන් ආවා.. මට ඕන කරලා තිබ්බේ ඔවුන්ව හමු වෙන්න.. හැමෝවම බය කරන් හිටිය ඒ කල්ලියට එකතු වෙන්න.. මේ වෙලාව තමයි හොදම වෙලාව.. ඔවුන් එළියට බහින්නේ දැන් කියලා යාළුවෙක්ගෙන් කල් තියලම දැනගත්තා..

ටිකක් දුර ඇවිදන් ආවට මට කවුරුවත් මුණ ගැහුනේ නෑ.. ඒත් මම උත්සාහය අත ඇරියේ නෑ.. එහෙමම ඇවිදන් ආවා.. එහෙම ටිකක් එද්දී පාරේ තිබුන ටින් එකකට පයින් ගහ ගහ බේබද්දෙක් මම හිටිය පැත්තට ආවා.. මම වැඩිය ගනන් ගත්තේ නෑ.. බේබද්දන්ගෙන් මට ඇති වැඩේ මොකද කියලා.. ඒකා පැද්දි පැද්දී ආවේ.. කණ පැලෙන්න ගහලා ශුවර් එකටම..

වැඩිය ගනන් නොගෙන ආවට මොකද ලයිට් එලියක් යන්තමට මූණට වැටුනමයි පොරව අදුන ගත්තේ..

" හුටා, මේ වෙස්ලි අයියා නේද?"


මම එහෙම කිවුවා නෙමෙයි කියවුනා.. පොරත් වෙරි මරගාතෙම මං දිහා බැළුවා.. ඇස් දෙකත් බාගෙට පිය වෙලා..

" මල්ලී මාව දන්නවද?"

" මම මොකද අයියව නොදන්නේ.. අයියගේ වැඩ ගැන අහලා නැති කවුරුවත් ඉන්නවද.. මමත් මේ ඒ පැත්තේ යන්නේ.."

" ඒ මොකටද?"

" අයියලට එකතු වෙන්න.. මටත් මාර ආසාවක් තියෙන්නේ අයියල වගේ සිරා වැඩ කාරයෙක් වෙන්න.."

පොර එක පාරටම හිනා වුනා.. ඒක සිරාවටම මහ පල් හිනාවක්..

" අපි වගේ වෙන්න.. මෙන්න මේ පිස්සු නැතුව ඉදහන් මල්ලී..  අපිත් මේ නිකන් වේලෙනවා.. තව උඹත් මෙතන්ට එන්න හදනවා.. මෙන්න මේ ආපු අතක් බලාගෙන පලයන්.."

වෙස්ලි අයියා නිකන් කින්ඩි හිනාවක් දාලා යන්න ගියා.. මගේ හිතේ මිනිහට ටිකක් ඩෝප් හන්දා වෙන්න ඇති.. නැත්නම් මම අහලා තියෙන විදිහට මිනිහා ඔහොම විකාර කියවන්නේ නෑ.. වෙස්ලි අයියනේ ඉතින් මේකේ ඉන්න රියල් වැඩ කාරයා.. වෙස්ලි අයියා වෙරි මරගාතේ ඇවිදන් ආව පැත්තට මමත් හෙමීට ගියා.. මගේ යාළුවා කිවුව විස්තරේ හැටියට මෙතන වෙන්න ඕන ෆ්‍රැටර්නිටි එකේ කට්ටිය ඉන්නේ..

පරණ බිල්ඩිම අස්සෙන් මම ඇවිදගෙන ගියා.. පරණ වෙලා ගිය බඩු මුට්ටු වලින් නම් පිරිලා.. ඒත් විස්තරයක් අහන්නවත් මොකෙක් වත් නෑ.. අද මුං ඔක්කොම නිවාඬුද.. වෙස්ලි අයියත් කරටි කැඩෙන්නම බීලා හිටියේ එක්කෝ පාර්ටියක් වත්ද දන්නේ නෑ..

බිල්ඩිමේ තුන්වෙනි තට්ටුවටත් නැග්ගා.. තාම මොකෙක්වත් පේන්න නෑ.. එහෙමම ටිකක් යද්දී හම්බුනේ නාන කාමර ටික.. දොරවල් ඔක්කොම ඇරලා තිබුන හන්දා මම ඕන එකක් කියලා ඔළුව දැම්මා ටිකක්.. මගේ ඇස් එළිට පැන්නේ නැති ටික විතරයි.. ෆොක්ස් අක්කා බාත් ටබ් එකේ බැහැලා.. හෆ්ෆේ ලස්සන..

වැඩි වෙලා බලාගෙන ඉන්න උනේ නෑ ෆොක්ස් අක්කට මම ඉන්නවා කියලා ඉවෙන් වගේ දැනුනා.. ඒ කියන්නේ මම ගඳද? නෑ නෑ ඒක ෆොක්ස් අක්කගේ දක්ෂකම..

" ඒයි මොකද ඔතනට වෙලා කරන්නේ?"

" අහ් නෑ නෑ අක්කේ.. මම මේ ෆ්‍රැටර්නිටි එකට බැදෙන්න ආවේ.."

" එහෙනම් මොකටද මනුස්සයෝ ගෑණු නාන දිහා බලාගෙන ඉන්නේ.."

" අනේ නෑ අක්කේ, එහෙම එකක් නෑ.."

" හා හා මෙන්න මෙහාට එනවා.."

පිස්සු හැදෙයි කිවුවලු.. එන්න කියපු ගමන් මාත් පැනලම ගියේ.. කවුද දන්නේ මොනවා වෙයිද කියලා..

" මොකද්ද කිවුවේ ෆ්‍රැටර්නිටි එකට බැදෙන්න?"

" ඔවු අක්කේ පොඩි කාලේ ඉදන්ම මාර ආසාවක් තියෙන්නේ.. මම අවුරුදු ගානක් ට්‍රයි කරලා දැන් යන්තමට වගේ මැස්සෙක්ගේ පිහාටු වලට වෙඩි තියා ගන්න පුළුවන්.."

අක්කා මහ හයියෙන් හිනා වුනා.. එයා වෙස්ලියට වැඩිය හපන්..

" එහෙනම් ගිහින් ස්ලොන් ලොක්කව හම්බුවෙනවකෝ.. අන්න ඉන්නවා උඩ තට්ටුවේ කාමරේ.."

අක්කා එහම කියලා බාත් ටබ් එකෙන් නැගිට්ටා.. හෆ්ෆේ පිටේ තියෙන පච්ච සෙට් එක.. එතකොට අනිත්වා.. තව ටිකෙන් මට එතනම, නෑ නෑ ඒවා ඕන නෑ.. මම ලැජ්ජාව අතින් වහගෙන උඩ තට්ටුවට ගියා.. අක්කා කිවුවා වගේම ස්ලෝන් ලොක්කා ඉන්නවා..

හැබැයි මිනිහගේ ඉස්සර තිබ්බ ලුක් එක නෑ.. තවත් නාකි වෙලා.. මූණත් නිකන් මැලවිලා ගිහින් වගේ.. හොද සුරුට්ටුවකුත් පත්තු කරගෙන මිනිහා මනෝ පාරක් ගහන් හිටියා..

" ස්ලෝන් බොස්, මම එන්නද?"

පළවෙනි පාර ඇහුනේ නෑ.. දෙවනි පාර ටිකක් හයියෙන් කතාකලාමනම් මිනිහට ඇහුනා.. නින්දෙන් ඇහැරුනා වගේ පොර එහෙ මෙහෙ බලනවා.. පවු දැන් වයසයිත් එක්කනේ..

" බොස් මේ මම?"

" මම කිවුවට මම කොහොමද දන්නේ කවුද කියලා.."

ඒකත් ඇත්ත තමයි, තාම ඉතින් ලොක්කා මං ගැන මොනවා දන්නවද කියලද..

" බොස් මම ආවේ ෆ්‍රැටර්නිටි එකට බැදෙන්න.."

" මොකක් කිවුවා.."

මගේ හිතේ මිනිහගේ දැන් කන් ඇහෙන්නෙත් නැද්ද කොහෙද.. ඉස්සරනම් මැස්සෙක්ගේ තටු වල සද්දෙත් ඇහුනා.. දැන් ඉතින් වයසට යද්දී ඔහොම තමයි..

" ෆ්‍රැටර්නිටි එකට බැදෙන්න බොස්.."

" මෙන්න මෙහෙන් ඇවිත් වාඩි වෙනවා.."


ලොක්කා ඉස්සරහ තිබ්බ පුටුවේ මාත් ටක් ගාලා වාඩි වුනා..

" මොකද ෆ්‍රැටනිටි එකට බැදෙන්න ඕන?"

" මට පොඩි කාලෙම ඉදන් මාරම ආසාවක් තිබුනේ.. මම මැස්සෝ අල්ලලා උන්ගේ තටු වලට කැටපෝලෙන් විදලා පුරුදු උනා.. දැන් මට තුවක්කුවක් දෙනවනම් ඒකෙන් වෙඩි තියාලා පෙන්නන්න පුළුවන්.."

" ළමයා මේ අහනවා.. ෆ්‍රැටර්නිටි එක නැති වෙලා දැන් සෑහෙන කාලයක් වෙනවා.. බොරුවට දැන් ඒක ගැන හිතන්න එපා.."

" අනේ එහෙම කියන්න එපා ලොක්කා.. ඔය කට්ටිය මේ හොදට ඉන්නේ.. මම පල්ලෙහා එද්දී දැක්කා තාම එල්ලපු මස් ගාත තියෙනවා.. අපි මස් කඩ කාරයට කියලා ට්‍රේනින් එකක් දාමු.. ෆොක්ස් අක්කයි වෙස්ලි අයියත් ඉන්නවනේ.. කෝ ගන් ස්මිත් නැද්ද?"

" ගන් ස්මිත්.. බොට අමුකැවිලද?"

" ඇයි බොස් එහෙම කියන්නේ.."

" එහෙම කියන්නෙද, අපි හිතන් හිටියේ මෙච්චර කාලෙකට බුලට් කර්ව් කරන්න පුඋවන් අපිට විතරයි කියලා.. අනික් දේවල් පැත්තකට දාමු.. බුලට් කර්ව් කරන එක ලේසි දෙයක්ද.. ඒත් දැන් ඒ හැම දේම නැති වෙලා ගිහින්..

" ඇයි ඒ මොකද?"

" ඇයි අහන්නේ.. දැන් ඉන්න පොලිස් කාරන්ට පුළුවන් පිටිපස්සෙන් වෙඩි තියලා බුලට් එක ක්‍රව් කරන්න පපුවට වැදිලා ආයේ පිට පැත්තෙන් එන්න.. අපි කොහේ ඒවා කරන්නද බං.. දැන් අපි නන්නත්තාරයි.. දැන් ඔක්කොම වැඩ බාර දෙන්නේ උන්ට.."

" නෑ එහෙමද.. ඒකද එහෙනම් අර වෙස්ලියා කණ පැලෙන්න බීලා හිටියේ.."

" අපි දැන් මස් කඩේ කරගෙන දැහෙමින් සෙමින් ඉන්නවා.. ඔය ළමයටත් දෙන්නද මස් කඩේ ජොබ් එකක්?"






අති විශේෂයි, Wanted ෆිල්ම් එක බලලා නැත්නම් කතාව නොතේරෙන එක ගැන සොරි ඩොට් කොම්ය.. 


77 comments:

  1. දැන් පොලොසියේ උන්ට එහෙමත් පුළුවන් නෙ ,හැක් අවසානේ මස් කඩ කතාව එල ....
    ජොලි ගැන නොකියාම බැරිය එක වචනෙන් කියනවා නම් ...ගින්දර

    ReplyDelete
    Replies
    1. ගින්දරදත් කියන්නේ ඉතින්,, එක්කෝ ඕන නෑ බං.. දැන් පොලීසියට ඕන දෙයක් පුළුවන්.. රියල් බුවාලා ඉන්නේ..

      Delete
  2. ඒක බලල මන්නන් වෙලා වගේ ලියල තියෙන්නෙ හෙහ් එහෙ

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ, ඊයේ බ්ලොග් එකක කමෙන්ට් එකක් දාන්න ගිහින් මට මේක මතක් වුනේ.. ඒ ගමනම ලියලා දැම්මා.. ෆිල්ම් එක බලලනම් දැන් සෑහෙන කල්..

      Delete
  3. ලිවිල්ල හරි ලස්සණයි දිනේශ්. උදාහරණ දක්වන්ට ඕනි නෑ... :D

    ReplyDelete
    Replies
    1. හෙහ්, තැන්කූ තැන්කූ පොඩ්ඩී අක්කේ..

      Delete
  4. ෂැහ්................ නෙලලා තියෙන්නේ හතරමුල්ලම පැනලා.. පවු අර අහිංසක මැරයෝ ටික අෆ්ෆා...................

    පට්ට රචනාව දිනේෂ්.............

    ReplyDelete
    Replies
    1. පවුදත් කියනවා.. මොනා වුනත් උන්ගේ රස්සාවනේ ඉතින්.. මස් කඩේ කරලා කොහොම කියලා ජීවත් වෙන්නද ඉතින්... ;)

      Delete
  5. ෆිල්ම් එක නොබැලුවත් පොලොස් මාමාලා ගෑවිලා නිසා ටියුබ් ලයිට් ඒක පොඩ්ඩක් ගැහිලා ගැහිලා පත්තු උනා. :)

    පට්ටයි බං.

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකත් හොයාගෙන බලපං මචං.. ඒ කාලේ ඕක මාර ෆේමස්.. තාම සීඩී නැති වෙන්නේ නෑ.. හැබැයි ඉතින් දැන් ඒකේ ආතල් එක නෑ.. මොකද ඒක බලලා කරන්න බෑ කියලා හිතුන ඒවා දැන් කරන්න පුළුවන්නේ..

      Delete
  6. ෙවා්න්ටඩ් නං පට්ට පිචෑර් එක...
    බුලට් කර්ව් කරන්න පුළුවන් වුනේ ඒ පිචෑර් එකේ ඩිරෙට්ට අංකල්ට විතරද කොහෙද...
    හැක්...
    දිනේස් අය්යත් ඉදල ඉදල හීනියට වගේ ටොකු ඇනල දානව නේහ්...
    හැක්

    ReplyDelete
    Replies
    1. ටොකු අනින්න මේ මම? එහෙමත් කරනවද බං ඉතින් මම..

      අපි ඉතින් ඒකේ කරන්න බෑ කියලා හිතුන ඒවා ඔය හොදට කරන්නේ.. ලගදිම මැස්සෝ අල්ලලා උන්ගේ පිහාටු වලට වෙඩි තියන්නත් පුරුදු කරයි..

      Delete
  7. බුලට් විතරක් නෙමේ මෙහෙ උද්ධමන ෆිගර් කර්ව් කරන්නත් පුලුවන්!

    ReplyDelete
    Replies
    1. ඒකට සූරයෝ මහ බැංකුව.. :D

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හා මැඩම්.. මේක මේ පොඩි ට්‍රයල් එකක් විතරයි... බලමුකෝ ඉස්සරහට..

      Delete
    2. මෙයා මොකද ඔයාගෙන් ගේමම ඉල්ලන්නේ ??? ඇනෙක්ස් එකට කැමති නැතිව වත්ද (ගියපාරත් පොටෝවලට ඇදයක් කියලා තිබුනනේ....)

      Delete
    3. හික්ස්, අනේද කියන්නේ මචං.. කොක්කක් දාගන්නමයි බලන් ඉන්නේ..

      Delete
  9. ෆිල්ම් එකනම් බලලා නෑ. ඒත් කියවගෙන එද්දි තේරුණා මොකඛරි කතාවක චරිත ටිකක් තමයි මේ ඉන්නෙ කියලා. හැබැයි මං හිතුවෙ ටී.වී. සීරීස් එකක් කියලයි.

    ReplyDelete
    Replies
    1. නෑ බං මනෝෂ්, මේකට ගැලපෙන තව වීඩියෝ එකක් තියෙනවා රැජිනිකාන්ත්ගේ.. මේ දවස් වල එහෙන් මෙහෙන් මම දැක්කා බුකියේ ශෙයාර් වෙනවා.. ඒක මීට වැඩිය පට්ට..

      Delete
  10. මට පේන්නේ මෙයා වීරයෝ ටික ගේ වර්තමාන තත්වය පෙන්නලා දීලා වගේ...

    පිලුම බලලා නෑ :(

    ReplyDelete
    Replies
    1. පිලුම දැන් නම් පිළුන් වෙලා.. ඒ උනාට කමක් නෑ හොයාගෙන බලන්න..

      වීරයෝ ටික දැන් හන්ටර් වෙලා ඉන්නේ..

      Delete
  11. හි.. හි.. නියමයි.. :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  12. හික්ස් මරු කතාව ඈ... :D
    කෝමහරි අපේ පොලිස් ලොක්කො ටික ගන් ස්මිත්ලට, වෙස්ලිලට බඩේ පාර ගැහුව ඈ..
    මං වෝන්ටඩ් බැලුවෙ මෝර්ගන් ෆ්‍රීමන් ඉන්න හන්ද... ^_^

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං කියන්නේ.. අපේ බුවාලා කරොත් ඉතින් ඔහොම වැඩක්ම තමයි..
      මං නම් ඉතින් බැළුවේ ඇන්ජී හන්දා තමයි.. ;)

      Delete
  13. අර කෝමා හැදිලා ගහක් උඩ ඉඳන් ඇහැරුන සීන් එක වගේ තව කතාවක්. ඉක්මන් අදහසක්, ඉක්මනින් ලියලා උණු උණුවෙම පෝස්ට් කරල වගේ හිතෙනව. එල එල!

    ReplyDelete
    Replies
    1. උඹට මම හිතුවට වැඩිය මොළේ තියෙනවනේ බං.. මේක එහෙම එකක් තමයි.. කමෙන්ට් එකක් කොටන්න ගිහින් මතක් වෙච්ච එකක්.. අද දාන්න හිට්ය එක පැත්තක දාලා මේක දැම්මා..

      Delete
  14. අර කෝමා හැදිලා ගහක් උඩ ඉඳන් ඇහැරුන සීන් එක වගේ තව කතාවක්. ඉක්මන් අදහසක්, ඉක්මනින් ලියලා උණු උණුවෙම පෝස්ට් කරල වගේ හිතෙනව. එල එල!

    ReplyDelete
    Replies
    1. මේ පිස්සු බස්සියගේ අවතාරෙද?

      Delete
    2. කවුරු හරි දස අවතාර් මොංගලයෙක් දිනේෂ් අයියා... කරදරයක් නැත්නම් ඕක රිමූව් කරල දාන්න.

      Delete
    3. කවුරු හරි දස අවතාර් මොංගලයෙක් දිනේෂ් අයියා... කරදරයක් නැත්නම් ඕක රිමූව් කරල දාන්න.

      Delete
    4. කවුරු හරි දස අවතාර් මොංගලයෙක් දිනේෂ් අයියා... කරදරයක් නැත්නම් ඕක රිමූව් කරල දාන්න.

      Delete
    5. බස්සී, මම හිතුවා ඔයා නිදිමතේ පිස්සු නටලා කියලා.. හෙහ්..

      Delete
    6. ඇනෝ මචං.. දැන් ඕක ඇති.. නැත්නම් ඔක්කොම මකන්න වෙනවා..

      Delete
    7. ;)))) හරි.......................ඊ

      Delete
  15. නියම කතාව. අනේ මාත් ෆිල්ම් එක නම් බලලා නෑ. දිනේශ් ඔයා ලියන ශෛලිය වෙනස් කරලා ද කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අක්කේ.. ලිපියේ හැටියට ලියන විදිහ වෙනස් කරනවා.. හැමෝම ආසම ශෛලිය කෙටිකතා වල මගේ හැමදාටම තියේවි.. ඒක වෙනස් වෙන්නේ නෑ..

      Delete
  16. මචෝ බියර් ටින් නැහැනේ බියට් කෑන් තමයි තියෙන්නේ. ටින් කියන්නේ ටින් කියන ලෝහ වර්ගයෙන් හදපු එව්වට නේ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, කතාකරන භාශාවෙන් ලියාගෙන යන කතාවක් හන්දා මම ඒක එහෙමම දැම්මා.. කෝම වුනත් ඒක දැකලා පැහැදිළි කරපු එකට තෑන්ක්ස් මචං..

      Delete
  17. මම ඔය චිත්‍රපටිය බලලා නැති නිසා කතව හරියට තේරුනේ නෑ.. :(

    ReplyDelete
    Replies
    1. ඉඩ තියෙන වෙලාවට බලන්න අයියා.. මරු ෆිල්ම් එක..

      Delete
  18. ෆොක්ස් අක්කව දැක්ක විදියනම් හිතට ඇල්ලුවා

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. හොද වෙලාවට නේ අපි එතන හිටියේ නැත්තේ..

      Delete
  19. අපි දැන් මස් කඩේ කරගෙන දැහෙමින් සෙමින් ඉන්නවා..:D
    ෆිල්ම් එක බලලා නැහැනෙ :(

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු ඉතින් ජීවත් වෙන්න මොනා හරි කරන්නත් එපැයි ඉතින්..
      බලන්න බලන්න. හැබැයි දැන් ට්කක් පරණයි මේක.. 2008 ආවේ..

      Delete
  20. Replies
    1. ඇයි මේක අප්සට් වගේද අයියේ????

      Delete
  21. film එක නම් බලල නැ. ඒත් ඉතින් කතාවේ වරදක් නැ..... මොකුත් නොදන්නා නිසා, මේකත් කතාවක් උනා..... දිනේෂ්....හොදයි....

    ReplyDelete
    Replies
    1. නිහින්සෝ, මුකුත් නොදැන ඉදීමත් කලකදි වරදක් වෙනවා.. නිකමට වගේ ෆිල්ම් එක නැතත් මේ ලිවුව එකවත් මතක තියා ගන්නකෝ.. ෆිල්ම් එක නම් ටීවී එකෙත් ගියා මගේ හිතේ..

      Delete
  22. ෆිල්ම් එක බලපු කාලෙක කොමට් කරන්න එන්නම්.....එත් මේ ස්...ස්....මේ කතාව නියමයි ඈ....මම බියර් බිබි පාරේ යනො වගේ කියලා හිතුනා...මුල කියවද්දි..හි..

    ReplyDelete
    Replies
    1. ආ බං. මෙච්චර මේ නෙට් ෆ්‍රී තියෙද්දී බලහංකෝ ඕක.. මහ ලොකු දෙයක් වගේ හරියට කතාව..

      මට හිතුනා බොනවා ඇති කියලා... :P

      Delete
  23. අනේ ඔය ෆිල්ම් නම් බලලා නැහැ බං.හැබැයි ඉතින් ඕවායේ ඉන්න එවුන් මොක්කුද මේ අපේ ඉන්න රියල් පොලිස් මාමලා එක්කෙන්.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. අපේ මෑන්ස්ලට ගහන්න මෑන්ස්ලා ඉන්නවද බං මේ ලෝකේ..

      Delete
  24. ෆිල්ම් එක බලලා නැහැ දිනේෂ්.....හදිසි කතාවක් නේද ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක මේ ගැන ලියලා තිබ්බ එක්කට කමෙන්ට් කරද්දී මේක මතක් උනේ.. ඒ ගමනම ලියලා තිබ්බා මේකත් අරූ අයියේ..

      Delete
  25. ලස්සනට ලියලා තියෙනවා. ඒකට මගෙනුත් මල්මිටක්

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු වේවා..

      Delete
  26. ෆොක්ස් අක්කගේ කෑල්ල කියෙව්වට පස්සේ ඊට කලින් තිබ්බ ටිකයි පස්සේ තිබ්බ ටිකයි ඔක්කොම අමතකවුනාද මන්දා ඕයි... එක විත්රනේ මතක

    ReplyDelete
    Replies
    1. මටත් ෆිල්ම් එක බලද්දී ඔය ටිකම වුනා.. ඒ හන්දම ආයේ ආයේම බලන්න උනානේ ඒ දවස් වල..

      Delete
  27. ෆිල්ම් එක ගැන කියනවානං ඒක තනිකරම භෞතික විද්‍යාවට පටහැනියි.ඒකෙං කමක් නෑ කියමුකෝ.එතකොට අපේ පොලිස් කාරයෝ දාන වැඩ කෑලිත් භෞතික විද්‍යාවට පටහැනියි නෙව.ඒත් කාටවත් ඒක මීටර් නොවෙන එකනේ වැඩේ.

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක ගැනනම් උඹ ඔය කියපු ආකල්පයම තමයි මටත් තියෙන්නේ.. වැරදිලාවත් ඒවා වෙන්න බෑ කියලා..

      ඒත් ඉතින් ලංකාවේ වෙන්නේ නිවුටන් ලොක්කාගේ නියමයන් වුනත් කඩන්න පුළුවන් සයිස් එකේ ඒවනේ බං.. ඒකනේ පුදුමේ..

      Delete
  28. සිරාවටම වෝන්ටඩ් එකේ කට්ටියට යන එන මං නැති වෙන වැඩ තමා අපේ පොලිස් කාරයොත් කරන්නේ. හැබැයි තාම රජිනි කාන්ත් ව අල්ලන්න බැරි උනා මගේ හිතේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අපේ කට්ටිය තාම ට්‍රේනින් වෙනවලු ලොකූ.. තුවක්කුව ලෝඩ් කරලා විසි කලාම ගිහින් වෙඩි වැදෙන්න.. තව ටික කාලෙකින් බලන්න පුළුවන් වේවි..

      Delete
  29. චිත්‍රපටිය බලල නෑ ඒත කතාව නම් අවුලක් චිත්‍රපටිය නොබැලුවත් තේරෙනවා.. මලය කොහොමත් රසට ලියන්න දන්න මලයානේ

    ReplyDelete
    Replies
    1. රත්නායක අයියටනම් ඒ ෆිල්ම් එක එච්චරම අල්ලන එකක් නෑ කියලා මට හිතෙනවා..

      Delete
  30. ෆිල්ම් එක නම් බලලා නෑ, ඒත් ලිවිල්ල නම් ලස්සනයි දිනේශ් :)

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න ඉඩ තියෙන වෙලාවක..

      හෆ්ෆේ මෙයාව මේ පැත්තේ දැක්ක කල්.. කොහේද අෆ්ෆා ගිහින් හිටියේ?

      Delete
  31. කාලෙකින් මේ පැත්තෙ ආවේ

    ReplyDelete
    Replies
    1. අහ්, වෙල්කම් වෙල්කම්.. මම නම් ඒ පැත්තේ ඔළුව දානවා නිතරම.. දේශපාලන එවුවට ඉතින් වැඩිය කමෙන්ට් කරනවා අඩුයි..

      Delete
  32. මම ඒ ෆිල්ම එක බලල නැතෝ... එත් ඉතින් බැලුව වගේ තමයි

    ReplyDelete
    Replies
    1. බලපං බලපං.. නැත්නම් වැඩක් නෑ..

      Delete
  33. Wanted බැලුවා.. හැක් හැක්.. අද

    ReplyDelete
    Replies
    1. දේශා නියමයිනේ.. ෆිල්ම් එක බලලම ඇවිල්ල.. මරු නේ..

      Delete
  34. මං බැලුවා මේ මොකාටද එන්න හදන්නේ කියල. ඒ දවස්වල හිතුවේ ඔය ෆිල්ම් එක ප්‍රබන්දයක් කියල. දැනුයි තේරෙන්නේ ඒක සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච එකක් කියල. :D
    ආයෙත් ෆිල්ම් එක බලන්න ඕන කියලා හිතුනා, සැහෙන දෙනෙක්ක් මේ ෆිල්ම් එක බලල නෑ නේ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඉස්සර ෆිල්ම් එක මටත් සෙට් වුනේ නෑ හරියට.. දැන් නම් මාත් එකට ආසයි තමයි..

      බලමු බලමු.. ෆොක්ස් අක්කා ඉන්න හන්දා කොච්චර බැළුවත් එපා වෙන්නේ නෑ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්