Thursday, 19 June 2014

අරුමැත්තියෝ



මම නොනවත්වාම ඈ දිහා බලාගෙන හිටියා.. විටින් විට මං දිහා බලලා හිනා වෙන ඈ දිහා මම බලාගෙන හිටියා.. ඇයි එයා එහෙම හිනාවෙන්නේ.. මට ඒ ගැන කල්පනා කරන්න ඕන වුනත් ඒකට හිත යොදවන්න තරම් ඕනකමක් මට තිබුනේ නෑ.. මමත් බැළුවේ ඇය දිහා.. කොයිතරම් රාජකාරි පිරිලා තිබුනත් මම බලාගෙන හිටියේ ඈ දිහා.. ඒ ඇය ගැන ආසාවෙන්.. ඔවු, ආසාවක් මිසක් ආදරයක් නෙමෙයි..

ඇයව නෙතු ගැටිලා ඒ තරම්ම කාලයක් නොවුනත් ඈ ගැන හිතේ තිබුන
ආසාව වැඩි වෙන්න මහ හුඟක් කාලයක් ඕන නෑ කියලා දැනුනේ ඇයව මුලින්ම දැක්ක දවසේ ඉදන්.. ඇයට තිබුනේ අමුතුම සරාගී පෙනුමක්.. මම ඒකට වශී වුනා කිවුවොත් මම නිවැරදියි.. නෙතු ගැටුනම ආයේ වෙනතක් බලන්න නොහිතෙන තරමේ ආකර්ශණයක්.. ඒ හන්දම ඉදහිට ගැටෙන නෙතු අහකට ගන්න මටත් නොදැනිම හුඟක් වෙලා ගිහින් තිබුනා..

අපි තවම කතා කරලා නැහැ.. ඇය හිටියේ මගේ කාර්‍යාල මේසයට ටිකක් දුරින් වුනත් නිතරම එහෙ මෙහෙ යන ඇයව හැම වෙලාවකම වගේ මගේ නෙතු ගැටුනා.. ඒ හැම වෙලාවකම වගේ ඇය හිනා වුනා.. ඒ හිනාව අමුතුයි.. ඒ හිනාව සරාගියි.. ඉතින් මමත් නිතරම ඕන කමින් එහේ මෙහෙ යන ඇය දිහා බලාගෙන හිටියා..

" ස්ටීව්, මේ අපේ අළුත් ට්‍රේනින් ගර්ල් මායා.."

දවසක් මං ලගට ආව  ලින්ඩා ඇයව මට අදුන්නලා දුන්නා.. ඇය නිතරම හිටියේ ලින්ඩා එක්ක.. හුඟක් වෙලාවට අළුතින් ට්‍රේනින් එන හැමෝම වගේ අහු වෙන්නේ ලින්ඩාට.. ඇයි එහෙම චාන්ස් එකක් මට නැත්තේ කියලා මායා වගේ කෙල්ලෝ දකිද්දී නොහිතුනාමත් නෙමෙයි..

" හෙලෝ මායා.."

මම ඇයට අතින් අත දෙන ගමන් සමාන්‍ය විදිහට ඇගේ උරහිසට හෙමින් තට්ටුවක් දැම්මා.. ඒක ලොකු දෙයක් නොවුනා වුනත් ලැබුන පුංචි ඉඩ කඩේ කතා බහ එක්කම මම ඇගේ අත පහලටම හෙමිට මගේ අත ගෙනාවේ ඇයට පහසක් දැනෙන විදිහට.. ඇගේ විරුද්ධත්වයක් නෑ.. ඇය වෙනදා වගේම කතාබහ අතරෙන් හිනා වුනා.. ඔවු ඒ සරාගී හිනාවමයි..

දවස්  එකින් එක ගෙවුනා.. මායත් මමත් අතර ඒ තරම්ම කතාබහක් නොතිබුනාට අපි අතර තිබුනේ ඇස් වලින් හමුවක්.. ඇය නිතරම මාව දැක්කම හිනා වුනා.. ඒ ඇයි, මොකද්ද ඒකට තියෙන හේතුව කියලා හිතා ගන්න මට බැරි වුනත් මමත් නිරායාසයෙන්ම ඒ දේට කැමති වුනා..

ඇය නිතරම ඇන්ද කෙටි ගවොම් විලාසිතාවයි, පියයුරු පේන නොපෙනන විදිහට නිරාවරණය වුන උඩුකයයි එක්ක නිතරම රාජකාරියට වැඩිය මගේ හිත තිබුනේ ඈ ලග.. ඈට වයස විසි අටයි.. දවසක් කෙටි කතාබහකදී ඇගෙන් ඒ ගැන දැන ගන්න මට පුළුවන් වුනා.. හිත අස්සටම කා වැදුන ඒ සරාගී හැඩරුව හිතින් ඈත් කරන එක මට ඒ තරම්ම ලේසි දෙයක් වුනේ නෑ..

අවුරුදු ගානකම මගේ නිදියහනේ හිමිකාරිය එක් කෙළවරක ඉද්දී මම හිටියේ ඈත් එක්ක හිතින් ආලිංගනයක.. ඒ හැඟූම අනිත් හැම එකකටම වැඩිය ප්‍රභලයි කියල එක වෙලාවකට මට හිතුනා.. විකසිත වෙලා නිතරම අවදි වෙලා තිබුන හැඟීම හංඟගන්න මම නිතරම උත්සාහ කලා.. කාර්‍යාලයේදි වුනත්..

ඇයත් නිරායාසයෙන්ම මගේ හැඟීම් වලට අත වනනවා.. දවසින් දවස ඇගේ සරාඟී ඇරයුම මට තියුණුව දැනෙන්න වුනා.. ඒත් අපි අතර තිබුන දිගු පරතරය මාව හැම වෙලාවකම නවත්තනවා.. ඒත් ඇය එහෙම නෑ.. ඇගේ ආරාධනාවේ අඩුවක් නැහැ..

කොෆී රූම් එකේදි අහම්බෙන් වගේ ඇයත් එක්ක ටිකකට තනි වෙන්න ලැබෙද්දී ඒ විකසිත හැඟීමට නිදහසක් ඕන වුනා.. මම බලාගෙන හිටියේ ඇගේ රූ සපුව දිහා.. ඒක විදගන්න ආශාව නිතරම හිත අස්සේ සනීප වෙන්නේ නැති රෝගයක් වගේ දිවුවා.. ඒකේ වේදනාව දැනෙන්නේ මටම විතරයි..

අහම්බයක් වගේ දැනෙන්න මං ඇයට ටිකකට සමීප වුනා.. ඇය හිටියේ ඒක නොදැනුනා වගේ හැඟීමක.. තනිකමේ වාසිය අපිට අපි නොදන්න තරම් ඉඩක් ඉබේම වගේ ලං කලා.. මම ඇගේ කෙස් අතරින් ඇඟිලි තුඩු යැවුවා.. ඇයට ඒකට විරුද්ධ වෙන්න ඕන කමක් තිබුනේ නෑ.. ඇය හිටියේ ඇගේම ලෝකයක.. මම වෙනමම හීනයක.. කෙස් අතරින් මිදුන ඇඟිලි තුඩු සිනිදු ඇදුම මතුපිටින් නිතඹ දක්වා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

ඇය හැරිලා මං දිහා බැළුවා..ඒ ඇස් වලින් මට ආරාධනා කලා.. ටිකින් ටික ලං වුන මම ඒ දෙතොල් අතරට සමීප වුනේ අපේ හුස්ම පවා එකට ගැටෙන හැඟීම විදගනිමින්..

" ස්ටීව්, කමිටි රැස්වීමට වෙලාව හරි.. ලොක්කා කතා කරනවා.."

මායා, ඇය හිටියේ මට වඩා දුරින්.. මගෙන් පිළිතුරක් එන්න පරක්කු වුන හන්දම ලින්ඩා හිටියේ මං දිහා අමුතු විදිහේ බැල්මකින් බලාගෙන.. හිරවෙලා හිටිය සිතුවිල්ලෙන් මොහොතකට මිදෙන්න විදහක් නැතුව මම ලින්ඩා දිහාත් මායා දිහාත් විටින් විට බැළුවේ ආයෙන සිහි එල්බ ගන්න ගමන්.. දුරින් ඉදන් මායා හිනා වුනා.. හැබැයි ඒ කලින් සරාඟි හිනාව නෙමෙයි..

ගෙදර සුපුරුදු ආලිංගයෙත් සතුටක් නැති තරම්.. ඇගේ නෙත් අතරින් නිතරම මායාගේ අනුරාගී දෑස මැවෙද්දී මගේ හිත ගැහෙන වේගය කොයි තරම් වෙනස් වෙන්න ඇද්ද.. ඒක ඇගේ ටිකින් ටික වැඩි වුන සිහින් කෙඳිරියෙන් හොදටම තේරුණා.. මට මායාව ඕන වුනා.. අඩුම ගානේ එක දවසකට හරි..

කොච්චර කලබලයක් අතරෙන් වුනත් මට දැනුනේ හැම දේම හුඟක් හෙමින් සිද්ද වෙනවා වගේ.. ගෝෂාව අතරින් ඇහුන නිහඬතාව මගේ හිතත් එක්ක මගේ අරමුණ හොයන්න වෙහෙසක.. මම ඇයව හෙවුවා.. ඒ සරාඟී හිනාව හෙවුවා..

" ස්ටීව්, මේ ෆයිල්ස් ටික ඉක්මනට චෙක් කරලා දෙන්න.."

සුපුරුදු විදිහටම ලින්ඩා මට බාදාවක්.. තරහව මුසුවුන හැඟීම මම අමාරුවෙන් පාලනය කර ගත්තා..

" කෝ මායා?"

" අහ්, එයාගේ ට්‍රේනින් ඉවරයි.. ඇයි ස්ටීව්ට කිවුවේ නැද්ද?"

" Shit.."

මම ඇයට නොඇසෙන්න මිමිණුවා.. මගේ හිතේ තිබුනේ තරහක්.. ඒ බලාපොරොත්තු බිඳුනට.. මම කල්පනාව අතරින් ලින්ඩා දිහා බැළුවා.. ඇගේ මුහුණේ තිබුනේ අපහාසාත්මක හිනාවක්.. ගෙවුන දවස් වල සමහරක් දේවල් ඇයට යන්තමින් හරි දැනෙන්න ඇති..

" ආ ස්ටීව්, මේ ජෙනී.. අළුත් ට්‍රේනි.."

" හලෝ ස්ටීව්.."

කල්පනාවෙන් මිදිලා මම ඈ දිහා බැළුවා.. ඇය ලග හිටිය බවක්වත් මට නොදැනුන තරම්.. දෑස් මොහොතකට නතර වුනේ ඒ පිරුණු ළමැද ලග.. මම ඇගේ මුහුණ බැළුවා..

" හලෝ.."

ඇය හිනා වුනා.. ඒක අනුරාගී හිනාවක්...



86 comments:

  1. ස්ටීව් මාර එක්කෙනෙක්නේ. අපරාදේ කියන්ට බෑ. මෙතන නම් ආදරයක් නෑ. ආසාව විතරයි කියන එක දිනේශ් හොඳින්ම පෙන්නලා තියෙනවා. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ පොඩ්ඩි අක්කේ.. හැම වෙලාවකම හැම තැනකම ආදරේ නැහැ.. මේ වගේ බැදීමුත් ඉතින් ඇති වෙනවනේ පොඩ්ඩි අක්කේ..

      Delete
  2. ඔය වගේ හැගීම් හැමෝටම තියෙනවා ඒත් ඉතිං යන්තං පාලනය කරගෙන ඉන්නවා. ඒකනේ යකා නොවී ඉන්නේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. මාත් මේ හරි අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නෙ. අහුවෙත්දැන්කො දේශකයා.

      Delete
    2. දේශකයා, ඇත්ත ඇත්ත, ටිකක් වයසට යද්දී ඔහොම වෙනවා දේශා..

      Delete
    3. මනෝෂ්, මොකද්ද බං ඒ සීන් කෝන් එක..

      Delete
    4. නෑ බං දේශක මේ දවස් වල ගෙට වෙලානෙ ඒකයි. දැක්කෙත් නෑ සෑහෙන කාලෙකින්. තරහ වෙලාද මංද.

      Delete
    5. අම්මටසිරි, දේශාට එහෙම සින් එකකුත්ද.. හැබැයි කවුද දන්නේ දේශිකා මේකට නෙලලද දන්නේ නෑ එලියට බහින්න බැරි වෙන්නම..

      Delete
  3. හම්මේ...
    එක්කෙනෙක් යනකොට තවත් එක්කෙනෙක්ට හිත යනව වගේ...
    පොඩ්ඩි අක්ක කීව වගේ ආසාවම හැර වෙන මොකද්ද...
    නියමයි දිනේෂ් අයියෙ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේ වගේ සම්බණ්ඳ වල හැටි ඔහොත තමයි බං.. තාවකාලිකයි ඒ හැඟීම.. පුද්ගලයට වැඩිය අරමුණයි වැදගත්..

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එකනේ පලමු පිංතූරේ මරු නෙන්නං :)

      Delete
    2. කතාව මරු පළවෙනි පින්තූරේ ඊයා.............

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. @ මදාරා

      මමත් කතාවට වඩා බැලුවේ පින්තුරේ අප්පා...:D

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මදාරා, උයා මේක දාන්නම කලින් ඊයා කිවුවට ඉතින් මේක නොදාම බෑනේ සුද්දෝ... ;)

      Delete
    7. රාජ් අයියේ, ඔයිට වඩා හොද එවුවා තිබුනා.. සංවර වෙන්නත් එක්ක මේක දැම්මා.. හෙහ්..

      Delete
    8. කුරුටු, අම්මපා පින්තූරේ මොකද්ද අවුල... :P

      Delete
    9. මනෝජ්, උඹ එතකොට කතාව කියෙවුවේ නැද්ද..

      Delete
    10. පිංතූරේ මරු..කතාව මරේ මරු. අපි බොහෝ දෙනෙකුට ඔයවගෙ අත්දැකිම් තියෙනවා.

      Delete
    11. අනේද කියන්නේ අයියේ.. අපිත් ඉතින් මිනිස්සුනේ..

      Delete
    12. කථාවයි පින්තූරයි දෙකම හොදයි...මදාරගෙ කමෙන්ටුව තමයි ඊයා....

      Delete
    13. හෙහ් හෙහ්..

      Delete
  5. සැබැ කන්තොරු කතාවක් මරු

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වගේ ගත්තොත් නම් ඉතින් ඔක හිතේ හිරකරන් ඉන්න හැඟිමක් විතරයි.. ඒත් ඉතින් බටහිර පැත්තට ගියොත් ඕවා ගොඩක් දුරට ඊට එහා යන දේවල්..

      Delete
  6. ස්ටීව්ලා කොයිතරම් හමුවෙනවද රාජකාරි වලදි. මේක කියවද්දිත් මතක් වුනේ එහෙම ස්ටීව් කෙනෙක්ව. :D

    බොහොම ප්‍රබල, මම ආසම විදියේ අවසානයක්.

    ReplyDelete
    Replies
    1. // ස්ටීව්ලා කොයිතරම් හමුවෙනවද රාජකාරි වලදි. මේක කියවද්දිත් මතක් වුනේ එහෙම ස්ටීව් කෙනෙක්ව. :D//

      මොකද්ද මොකද්ද ඩෝ ඒ කතාවේ තේරුම.. පැහැදිළි කරපිය අපිට..

      Delete
    2. ඉන්බොක්ස් බලන්න අයියණ්ඩි.... :P

      Delete
    3. හෙහ් හෙහ්, දැන් දනිමි... ;)

      Delete
  7. මගේ නම් අවංක අදහස බහුතරයක් තුල ඔය වගේ හැඟීම් ඇති වෙනවා… එයිනුත් බහුතරයක් අමාරුවෙන් හෝ හැඟීම් පාලනය කරන් ජීවත් වෙනවා, පාලනය කර ගන්න අමාරු එකා ට්‍රයි කරනවා… වැඩේ ගොඩ ගියොත් වලත්තයා / *ඩු කාරයා කියලා ලේබලයක් වදිනවා. ට්‍රයි එක වැරදුනොත් ස්ත්‍රී දූෂකයා කියලා ලේබලයක් වදිනවා.

    ReplyDelete
    Replies
    1. මමත් ප්‍රියාගේ අදහසට එකඟයි. ඔය ලක්ෂණය හැම දෙනා තුළම තියෙනවා. අනික ඕක පිරිමින්ට විතරක් දාලා හිතන්නත් එපා. කාන්තාවන් කෙරෙහිත් ඔහොමම තමයි. ඒත් පිරිමින්ට සාපේක්ෂ ව කාන්තාවන් හැගීම් පාලනය කරගන්නවා වැඩියි. පිරිමින් ද හැගීම් පාලනය කරගෙන අවස්ථාවට අනුව ඉන්න බැරි වුණොත් විතරක් ප්‍රියා කිව්ව තත්වයට වැටෙනවා..... තව ඕකට අනික් පාර්ශවයේ හැසිරීමත් වැදගත් සාධකයක් වෙනවා....

      Delete
    2. ඉතාම සාර්ථකම විග්‍රහය ඕක තමයි ප්‍රියා.

      කාන්තාවන්ටත් මේ හා සමානම හැඟීම් දැනීම් තියෙනවා කියල මාත් විස්වාස කරනවා කුරුටු. ඒ වගේම පිරිමින්ට සාපේක්ෂව ඔවුන් ඉතා සාර්ථකව ඒ හැඟීම පාලනය කරගන්නවා. නමුත් පාලනයෙන් එපිටට ගිය දාට කාන්තාව පිරිමියාද අභිබවා යනවා.

      Delete
    3. ප්‍රියා , පට්ට එකගඉ මචං උඹේ කතාවත් එක්ක.. මිනිස්සු කියන්නේ තමන්ගේ හැඟීම් එක්ක පොරකන කොටසක්නේ.. තමන්ට අයිති නැති වුනා හෝ වේවා ආශාවන් ඇති කර ගන්නවා.. ඔය ඕන තරම් කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනමත් ඒ කෙල්ලටම ට්‍රයි කරන කොල්ලොත් ඉන්නේ අපි අතර..

      Delete
    4. කුරුටු, ඇත්ත.. කිසිම කෙනෙක් තමන්ට හරි අරාධනාවක් නොලැබී ඒ පස්සේ යන්නෙත් නැහැනේ.. මේ වගේ වෙලාවට ඉතින් ඇදුමෙන් හැසිරීමෙන් ඒවට ආරාධනයක් එද්දී ඉතින් හුඟක් දෙනෙක් ඒ පැත්තට ඇදිලා යනවා..

      Delete
    5. මනෝෂ්, ඔවු මචං.. කාන්තාව තමන්ගේ හැඟීම කොයි වගේ වුනත් ඒක නොපෙන්නා ඉන්න හරි දක්ශයිනේ.. හැබැයි ඉතින් ටිකක් අවුස්සලා අත අරින ගතියකුත් තියෙනවා.. හෙහ්..

      Delete
  8. "මොහොතක සුව දෙන චංචල ලෝකයේ......"

    ස්ටීව්ට තවත් අලුත් අරමුණක්.

    සියුම මානව හැඟීමක් ඔබ ඉතාම කදිමෙට මේ කතාව තුලින් නිරූපණය කරල තියෙනවා දිනේෂ්. අපට නිතර දෙවේලේ මුණගැහෙන මිනිසුන්ගෙ අභ්‍යන්තරය මේ ආකාරයෙන් කොච්චර විශමාකාර ඇත්ද.

    කවදත් අපව ඉහල රසවින්දනයකට කැඳවාගෙන යන ඔබේ ආකර්ෂණීය ලිවීමේ ශෛලිය අදත් ඉතාම හොඳ රසයක් ලබල දුන්නා.

    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. මනෝෂ්ට සිංදුවක් මතක් වෙනව නේ කොහොම හරි.. ඇත්තටම ඒක ගැලපෙනවා තමයි..

      හුඟක් මානසික ආතතින් තියෙන මිනිස්සුන්ගේ හිත් සමහර වෙලාවට මේ වගේ තමයි.. අර ආතතියෙන් මිදෙන්නත් එක්ක කොහේ හරි තැනකට දුවලා එන්න තමයි බලන්නේ.. ඒක ඉතින් හැටියක්නේ..

      Delete
  9. මමනම් මේකට මුකුත් කියන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. බොට තාම හරියට ට්‍රේිනිං කෑල්ලක් සෙට් නොවිච්ච හින්දද

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇයි බොට ඉරිසියද මඩාරේ... හැක් හැක්..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මැලේ, මොනා හරි කියහං බං.. උඹ ඉන්න දිහාව එක්ක මුකුත් නොකියනවා කියන්නේ සෑහෙන්න හිතන්න වෙන ප්‍රශ්ණයක්..

      Delete
    6. දේශා, සෙට් උනේ නැද්ද එහෙම නැත්තන්ම් සෙට් වෙලා මේකා එහෙම නෑ වගේ ඉන්න හදනවද දන්නේ නෑ ඉතින්..

      Delete
    7. මදාරා, හා හා දැන් මේ ඔය දෙන්නගේ මොකද්ද ඒ ගමන රණ්ඬුව..

      Delete
    8. දේශකයා බස් එකේ යන ගමන් වෙන තැන් වල ට්‍රේනිං වලට යන එවටලු ඇහැ දාන්නෙ...

      Delete
    9. අපි නොදන්න දේශකයනේ.. දාන්න පුළුවන් හැම තැනටම ඇහැ දාන මනුස්සයනේ ඉතින්..

      Delete
  10. හප්පේ ඔය තරම්ම නොවුණත් මායා කෙනෙක් අපේ ඔෆිස් එකෙත් හිටියා නොවැ.යාන්තම් අමාරුවෙන් හැඟීම් පාලනය කරන් වුන්නේ මම ඒ දවස් වල.දැන්නම් ඉතින් ඕනේ දෙයක්...:D

    ReplyDelete
    Replies
    1. දැන් හැඟීම් නෑලුද හී....

      Delete
    2. හැඟීම් තියෙනවා පොඩ්ඩියේ,එත් මායා ගැන නොවේ....:D

      Delete
    3. මනෝජ්, හෙහ් මෙවුවට ඉතින් උපදෙස් දීලත් බෑ නොදීත් බෑ.. ඒ හන්දා උඹම ශේප් එකේ ඕන දෙයක් කර ගනින්..හැබැයි පරිස්සමින්..

      Delete
    4. පොඩ්ඩි අක්කේ, මනෝජ් ඔය කියන ඒ කාලේ ගැන මම හිතන විදිහ හරි නම් මේකා පාලනය වුනේ ඇයි කියලා මම දන්නවා..

      Delete
    5. හා,හා උඹ හරි දීනේ,දන්නෝ දනිති ඒ ගැන...:D

      Delete
    6. හෙහ් හෙහ්, ඒකනේ.. මට නිකමට හිතුනා.. හරි හරි දැන්වත් බලපං..ඉස්සර වගේ නොවී..

      Delete
  11. තන්හා ආශා පොදි බැඳි දිවියේ පරිසමාප්තියක් පෙනෙන තෙක් මානයක නොමැත. ඇත්ත ඒකයි. කතාව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නලීන් අයියේ.. අපි කවුරුත් ඉතින් මිනිස්සුනේ..

      Delete
  12. ම නම් කතාවට කැමැති පින්තුර ටික තව ටිකක් මෙව්ව ගතිය වැඩි උනා නම් තවත් කැමැති,හැක් ...දේශක ගෙන් පස්සෙ මෙහෙම සාර්ථක විදියට මිනිස් හැගිම් ගැන කතා කියෙව්වෙ දිනෙෂ් ගෙන් තමයි ,අවංක අදහස මෙතන කියන්න බෑ .... ;)))

    ReplyDelete
    Replies
    1. පිස්සු කියන්න එපා බං.. මාත් හෙවුවා ඔයිට වඩා ටිකක් හොද එවුවා.. එවුවා දම්මනම් එහෙම මට ඉන්න හම්බුවෙන්නේ නෑ.. ඒ හන්දා මෙහෙම හොදයි..

      අනේ උඹේ අවංක අදහස.. නොකියම ඉදපං.. එදත් එකක් කිවුවේ අවංකෙන්ම..

      Delete
    2. දිනේෂ් හිත රිදෙන්න යමක් කෙටුනා නම් සමාවෙන්ඩ ඈ ....හිතුවෙ නෑ ලොකුවට......
      නොකියම ඉදපං.////
      එක හොදයි මං හිතන්නෙ ........

      Delete
    3. අඩොවු, පිස්සු කෙල්ලින්න එපා බං.. හිත රිදෙන්න මගේ.. උඹට විකාර.. මම ඒක නිකමට කිවුවේ.. බෑනේ ඉතින් උබලා එක්ක...

      Delete
  13. අපේ නෑනේ ඔය කැත හිත් ; ) හැම කෙල්ලෙක් දිහාම බලන්නේ සහෝදරියක් කියලා හිතාගෙන.

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට??? අපි දැනට ඉතින් එහෙම හිතමුකෝ..

      Delete
  14. නෝමල් සිනාරියෝ එක බං.. හැබැයි මෙහෙමයි හොඳට බලපන් හිතට යන හැම එකක්ම එක වගේ!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. බලන්නනේ ඇස් තියෙන්නේ ඉතින්.. හැබැයි වැඩියම හිතට ගන්න නරකයි..

      Delete
  15. මීට පස්සේ කවුරු හරි ට්‍රේනිං ගන්නකොට ඔය සුදුසුකම් බලන්න ඕන අප්පා

    ReplyDelete
    Replies
    1. සුදුසුකම් නැති වුනත් ඉතින් උඹලා නොබලම ඉදියි ඉතින්..

      Delete
  16. පින්තූර හොඳයි.....කතාව හොඳාආආආයි.... !
    මට චිත්තරූපත් මැවුනා

    ReplyDelete
    Replies
    1. හික්ස්, හා හා.. පරිස්සමින් වැඩ ටික කරන් ගෙදර යන්න හොදේ මධු අයියේ... ^_^

      Delete
  17. පොඩ්ඩි නගා කිව්ව කතාව හරි මල්ලිය ...
    උඹ ලස්සනට අකුරු කරල ....
    මමත් ස්ටීව් වගේ තමයි ...... කෙල්ලෙක් අතට අත දුන්නොත්.... මගේ වම අත ඇගේ උරහිසට යනවාමයි.....
    වල් කමට නෙමෙයි..... ආශාවට......

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඇත්තම කියනවනම් ඉතින් මේ රටවල ක්‍රමයට කාව හරි පිළිගනිද්දී ඒ දේ ඉබේම වෙනවා තමයි.. ඒක ඉතින් කාටත් පුරුදු දේ හන්දා ඒ හැටිම අවුලක් නෑ අයියේ..

      Delete
  18. අර උඩ ඉන්න ගෑල්ලමයනම් මාරම හැඩ කාරියක්නෙ . හරි ආදරේ හිතෙන ලස්සනක් තියෙන්නෙ .

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට ගිම් අක්කා කැමති ෆොටෝ එකට විතරද? හලි නරකයි..

      Delete
  19. කොහොම උනත් හැඟීම් පාලනය කර නොගත්තොත් දෙපක්ෂයම අමාරුවේ ම තමා දිනේශ්. කාලෙකින් එන්න ලැබුනේ නැහැ. කියෙව්වාට කමෙන්ටුවක් දමායන්නත් බැරි උනා. තරහා අවසර.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඕක මොකද්ද අක්කේ.. ඉඩ තියෙන වෙලාවක ඇවිත් යන්න එන්න.. ඒ මදැයි..

      හැඟීම් දෙගොල්ලනටම පොදුයි.. ඒවා වුවමනා විදිහට පාලනය කර ගන්න අපි දැන ගන්න ඕන..

      Delete
  20. හාපෝ......අමු වලෙක් ...... :D

    ReplyDelete
    Replies
    1. මොකෙක්....මේක තමයි නගෝ මිනිස් සිතේ සැබෑ ස්වරූපය...ඒ සිතේ හිමිකාරයා තමයි ඉතින් පීල්ල පනින වෙලාවට කොහොම හරි සිත පාලනය කරගෙන ඉන්නෙ...නැත්තං හැම පිරිමියා තුලම මෙහෙම සිතුවිලි ඇති නොවෙතැයි කියා කියන්න අමාරුයි...

      Delete
    2. රෙහානි, අම්මපා ඉදලා ඉදලා අවිත් දාපු කමෙන්ට් එක.. අහු වෙනෝකෝ..

      Delete
    3. සිරා අයියේ, ඒක තමයි අමූලිකම ඇත්ත.. තනිකඩ කාලේ අපේ සිතුවිලි වුනත් හතර වටේ දිවුවා.. ඒවා හෙම තමයි.. ඒකට ඉතින් වල් කියනවනම් ඒක වැරදියි.. ඒවා මිනිස් සිතුවිලි.. හැබැයි ඒවයින් එහාට ගිහින් වරදක් වෙනවනම් අන්න ඒක වැරදියි...

      Delete
  21. කථාව බොහොම රසවින්දා මලයො...මගෙත් රැකියා ජීවිතය තුල ඔවැනි අත්දැකීම් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. කොහොමත් විදේශයකදි ඉද්දී මේ කියන දේවල් හුඟක් සමීපයි තමයි අයියේ.. රාජකාරි සම්බණ්ඳතා ඇති වෙන එක එක අතකින් සමාන්‍යයි...

      Delete
  22. ////ඇයට තිබුනේ අමුතුම සරාගී පෙනුමක්.. //////
    මොන වගේ එකක්ද දන්නේ නැහැ නේද දිනේෂ්.....ඕකත් හරියට සම්බා හාලුයි, කැකුළු හාලුයි වගේ විවිධයි :D

    කතාව රසයි දිනේෂ්......

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්,, ඒ සරාගී පෙනුම ඉතින් බලන කෙනා අනුව වෙනස් වෙනවනේ අයියේ..

      Delete
  23. මලය ලියන ඒව කොහොමත් රහට ලියනවනේ.. රැකියාවලදී ඒවගේ අය අපි කාටත් හමුවෙනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම රත්නයක අයියේ.. මේ කියපු විදිහම නැතත් ඉතින් මීට ලග අය අපිට ඉදලා හිටලා මුණ ගැහෙනවා..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්