Tuesday, 10 June 2014

ආදරය සිහිනයක් නොවන වග



හිත ගැහෙන වේගේ හුඟක්ම වැඩියි.. නිතරම බැළුවේ වෙලාව දිහා.. තත්පරෙන් තත්පරේ ගෙවෙන එක දැනුනේ ඇත්තටම මහ කාලයක් වගේ.. මම මග බලන් හිටියේ රතු එළියක් දැල් වෙනකන්.. ඇගෙන් පණිවිඩයක් එනකන්.. මම බලන් හිටියා ඒ දිහාම.. කරන්න වැඩක් නැති නිසාම නෙමෙයි.. ඒ හැම දෙයක්ම ඕන කමින්ම අත ඇරලා දාලා මම බලාගෙන හිටියා..

" එයාට වැඩ ඇති.."

හිත හදා ගන්න මම මටම ඒ වචනේ හුඟක් වෙලා කියන්න ඇති.. ඒත් ඇත්තම කතාව හිත මගේ උත්තරේ පිළිගන්නේ නෑ කියන එක.. ඒ හන්දම බලාගෙන ඉන්නවා.. බලන් ඉදලා බැරිම තැන මම වෙන වැඩක් කරන්න ගන්නවා.. ඒත් හිත තියෙන්නේ වෙන අතක.. නිතරම එබෙන්නේ පණිවිඩක් තියෙනවද කියලා බලන්න.. අඩුම ගානේ දවසට වචන දෙක තුනක්වත් කතා කරන්න තියෙනවනම් කියලා ඇත්තටම මට හිතෙන වෙලාවල් තියෙනවා..

" හායි.."  අන්තිමේ රතු එළියක්..

" හලෝ, කොහොමද ඉතින්.."

කතා බහට අපි තාම ආදුනිකයි.. මග බලාගෙන ඉද්දී නම් කියන්න දේවල් හිත පිරෙන්න තියෙනවා.. ඒත් කතා කරද්දි ඒ දේවල් කොහේ අමතක වෙලාද මන්දා.. අමාරුවෙන් හරි වචන ගලපගෙන අපි කතා කරනවා.. සමහර දවස් වලට ටික වෙලාවයි.. හැබැයි සමහර දවස් වලට එයා දන්නේ නැති වුනාට මගේ හිත පිරෙන්නම අපි කතා කරනවා..

" කෝ, අද නැද්ද මෙයා?"

මැසේජ් කරලත් හුඟක් වෙලා..  හිතට දුවන්න හුඟක් තැන් තිබුනත් කතා
කරන්න ඕන තරම් අය හිටියත් මම සැරින් සැරේ ඇවිත් ඔයාව හොයනවා.. හැම වැඩේම බාගෙට.. ලියන කතාවේ ඡේදයක් ඉවර වෙද්දී මම ඔයාව හොයනවා.. ෆිල්ම් එකේ විනාඩි පහක් විතර යද්දී මම ආයෙම ඒ රතු එළිය හොයනවා..

" අද මම ක්ලාස්නේ.. දැන් ආවේ.."

මම උයන්න ලෑස්ති වුනා විතරයි.. බාගෙට ලෑස්ති කරපු එළවළු එක කුස්සියේ තියෙද්දී දුවන් ඇවිත් බලද්දී ඔයා මැසේජ් කරලා.. බඬගිණි වෙලාව වුනත් ඔයාට ඒක කිවුවොත් ඔයා යන්න යාවි.. සමහර විට දවසටම ආයෙම කතා කරන්නත් බැරි වේවි.. ඒ හන්දා මම ඔයා එක්ක කතා කලා.. ඔයාට හොරෙන් ඔයා රිප්ලයි එකක් එවනක් මම ටක් ගාලා කුස්සියට දුවලා ආවා.. හැබැයි ඔයත් එක දිගටම මැසේජ් කරන්නේ හරියටම මම උයන්න ගන්න වෙලාවටමයි.. එහෙම දවසට අන්තිමේ මට රහට දැනෙන්නේ ඔයා එක්ක කතා කරපු මතකය විතරයි..

ඔයාවත් දන්නේ නැති වුනාට මම ඔයාට හිතින් ආදරේ ආදරේ කරන්න පටන් අරන් හුඟක් කල්.. මම ලියන හැම දෙයක්ම ලියවෙන්නේ ඔයා නිසා.. හැබැයි ඒ බවක් නොදැන ඔයත් හරි අපූරුවට මගේ දේවල් කියවලා යනවා..

"සඳවතියකට පෙම් කරන්න හිතුනා.."

" කවුද ඒ සඳවති, අරයද?"

ඔයා එක්ක කේන්තියක් ආව පළවෙනි දවස.. කතා කරද්දී මම සඳවති කිවුවේ ඔයාට විතරයි.. ඔයා වෙන කෙනෙක් ගැන අහනවා.. ඇත්තටම මම ආදරේ කරනවා කියලා ඔයාට දැනෙන්නේ නැතුවද. හ්ම්ම්.. අපි වෙනදා වගේම කතා කලා..

" ඔයාට ලස්සනම දවසක් සඳවතී.."

එයත් හිනා වෙනවා.. සඳවති ගැන ඔයාට තේරුමක් නෑ.. අපි වෙනදා වගේම කතා කරනවා.. ඒත් ආයෙම සමහර දවස් වලට ඔයා නෑ.. ආයෙම වෙනදා වගේම මම බලාගෙන ඉන්නවා.. වැඩට යන්නත් තියෙන්නේ ටික වෙලාවයි.. හ්ම්ම්

" හලෝ හිරු කුමාරයෝ.."

" අහ් සඳවතී.."

අතරින් පතර මම වෙලාව බැළුවා.. වෙනදටනම් ඔයා පාඩම් කරනවා කියලවත් දුවනවා.. අද එහෙම පාටකුත් නෑ.. වැඩටත් වෙලාව හරි.. කොටින්ම කියනවනම් දැනටම පරක්කු වෙලා..

" අද මම වැඩ නෑ.."

" ඒ මොකද?"

" අද නිවාඩු.."

" හා හා.."

සමහර දේවල් ගැන වෙලාවකට ඔයාට ගානක් වත් නෑ.. පහුවදා ලොක්කගෙන් සෑහෙන්න බැනුම් ඇහුවා.. අන්තිම මොහොතේ නිවාඩු ගත්තට.. මට ඕන වුනේ ඔයා එක්ක ඉන්න.. ඇත්තමයි.. ඒත් ඒ ඇයි කියලා ඔයා ඒ වෙද්දිත් දන්නේ නෑ..

" ඔයට දෙයක් කියන්න තියෙනවා සඳවතී.."

" මොකද්ද?"

මගේ ජිවිතේ ගැන දන්න අය හිටියේ අඩුවෙන්.. ඇත්තටම ඉන්නේ එක්කෙනයි.. ඒකෙනාට පස්සේ මම ඔයාට මගේ ජිවීතේ එක දෙයක් ගැන ඔයා එක්ක කිවුවා.. ඒ මම ඔයාට ආදරෙයි කියන්නත් කලින්.. මම බයෙන් හිටියට මොකද, ඔයා මාව තේරුම් ගත්තා..

" හෙට එනවා නේද කතා කරන්න.."

" ඔවු ඔවු.."

හැබැයි ඔයා හුඟක් පරක්කුයි.. එදා කවදාවත් නැති තරමටම මම දුක් වුනා.. හිතුනෙම ඔයා ආයි එන එකක් නෑ කියලා.. හුඟක් හවස් වෙනකන්ම මම බලාගෙන හිටියා.. හිතට දැනුන වේදනාව ඔක්කොම හොදම යාළුවා එක්ක කියලා දැම්මා.. ඒ කියලා එද්දී,

" අද ක්ලාස් ඇරිලා දානේ ගෙදරක ගියානේ.. මේ දැන් ආවේ.."

දුකත් සතුටත් අතර තිබුනේ මම ඒ අකුරු ටික කියවන්න ගිය තත්පර ගාන විතරයි.. අපි කතා  කලා හුඟක් සතුටින්..

" කවුරු කැමති වුනත් අකමැති වුනත් ඔයා එනවද මාත් එක්ක.."

මම දන්නවා, ඒක ආදරෙයි කියලා කියන්න ඕන හරි පිළිවෙත නෙමෙයි.. ඒත් ඒ කතා බහ අතරේ මගේ හිතට ආව හැඟීම මම කිවුවේ එහෙම.. ඔයා මඟ ඇරියා.. මම ආයෙම ඒකම ඇහුවා..

" ඔවු.."

....................................................

මගේ ආදර කතාව ඇත්තටම පුදුම එකක්.. මගේ හිතට ඔයා ගැන ආදරයක් එද්දී ඇත්තටම මම ඔයාව දැකලවත් නෑ.. මම දැනන් හිටියේ ඔයාගේ ෆේක් එකවුන්ට් එක විතරමයි.. ඒත් මම ආදරේ කලා.. ඔයා අදටත් ඒ ඇයි කියලා ඇහුවට මට ඒකට දෙන්න හරි උත්තරයක් තාම දන්නේ නෑ.. ඒත් මම ආදරේ කලා.. ඒ වගේම ආදරේ කරනවා..

මගේ ජීවිතේ ඔයා හරි ඉක්මනට තේරුම් ගත්තා.. මගේ සිතුවිලි වලින් මට පිස්සු.. ඔයත් වෙලාවකට මට දෙවනි නෑ.. ඇත්තටම මම හිටියේ ආදරෙන් ඈතට දුවලා යන්න ඕන කියන සිතුවිල්ලක.. ඒත් පින්තූරෙකින් වත් නොදැක්ක ඔයා මගේ හිත කොච්චරනම් වෙනස් කලාද.. 

ඔයාගේ කවි හිතට මම ආදරේ කලා.. ඔයාගේ වෙනස් අදහස් වලට මම ආදරේ කලා.. ඇත්තටම මට ඕන වුනේ මම වගේම හිතන කෙනෙක් නෙමෙයි.. ඔයාගේ අදහස් වෙනස්.. ඔයා හිතලා නතර කරන තැනින් මම හිතන්න පටන් ගන්නවා.. සමහර වෙලාවට ඔයා ඒ දේ කරනවා..

ඔයාට හිතින් ආදරේ කරපු කාලේ ඇත්තටම ලස්සනයි.. හැබැයි ඉතින් ඒ කාලේ අයිති මට විතරයි.. මොකද ඔයා ඒ ගැන දන්නෙවත් නැහැනේ.. හැබැයි මම එක දෙයක් නම් දන්නවා.. ඔයාට කවදාවත්ම මම ඔයාට ආදරේ කරන තරමටම මට ආදරේ කරන්න බෑ කියලා.. ඒ මොකද මම ඔයාට ඒ තරමටම ආදරෙයි..

මේ දුර අපිව නිතරම ශක්තිමත් කලා.. අපේ මේ ගමන හිතනවට වැඩිය හරි පුදුම එකක්.. ඒ මොකද දන්නවද

මම ඔයාව ෆේස්බුක් එකෙන් මුලින්ම අදුන ගත්තේ - 25 නොවැම්බර් 2011.. එදා අපි කතා කලේ නෑ.. ඔයා මගේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලා විතරයි..

ඉස්සෙල්ලම චැට් කලේ - 21 දෙසැම්බර් 2011.. ඒකත් මහ ලොකු වෙලාවකට නෙමෙයි.. ඔයා හරි ඉක්මනට කතා කරලා ගියා..

ඊලගට චැට් කලේ - 8 ජනවාරි 2012.. එදා නම් ටිකක් වෙලා කතා කලා.. එතකොට නම් මගේ හිතේ ඔයා ගැන ආදරයක් නම් තිබුනේ නෑ.. කොටින්ම එහෙම දෙයක් දැනෙන්නවත් අපි කතා කලේ වත් නෑ..
ඊට පස්සේ හැම දෙයක්ම වෙනස් වුනේ - 8 මැයි 2012න් පස්සේ.. හරියටම මාස 4කට පස්සේ ඔයා මාත් එක්ක කතා කලේ.. මතකද, ඔයාලා පටන් ගත්ත බ්ලොග් එක්ක හන්දා මට වුන කරදරේ.. එක අතකට ඒක එහෙම වුන එකත් හොදයි.. මොකද ඊට පස්සෙයි ඔයා නිතරම මාත් එක්ක කතා කරන්න ආවේ.. හැබැයි ඉතින් මම හුඟක් වෙලා මග බලන් හිටියට පස්සේ..

කලින් නොහිතපු වෙලාවක මම ඔයාට ආදරෙයි කිවුවේ 10 ජුනි 2012 ඒ කියන්නේ අදට හරියටම අවුරුදු 2කට කලින්.. ඔයා මගේ ජීවිතේ වෙලා අදට හරියටම අවුරුදු 2යි.. අද දවස ඇරුනම ඔය කලින් දවස් ගැන ඔයාට මතක නෑ කියලා දන්නවා.. ඒත් ඒ හැම දෙයක්ම අපි කතා කරපු හැම දෙයක්ම වගේ තාමත් මට හොදටම මතකයි..

මගේ ජීවිතේ මට ලැබුන හොදම දේ ඔයා.. මම ආදරෙයි ඔයාට හිතා ගන්නවත් බැරි තරම්.. මෙච්චරම මම ඔයාට ආදරේ ඇයි කියලා මමවත් දන්නේ නෑ.. ඔයා වුනත් උත්තර හොයන්න එපා.. ලගට එන්න, ඇවිත් විඳගන්න..





89 comments:

  1. උඹල දෙන්නගෙ ආදරයට මගේ උණුසුම් පැතුමන් .....!මල්ලි & මිණිබිරිය ... :) :)
    සුභ අනාගතයක්.....!

    ReplyDelete
    Replies
    1. අම්මපා ලොකු අයියේ, මම මල්ලි වෙලා එයා මිණිබිරී වෙද්දී මට සෑහෙන්න වයසයි කියලා හිතයිනේ අෆ්ෆා හැමෝම.. හෙහ්.. එනිවේ, තැන්කිවු හොදේ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හරි සෝයි සීයයි මිණිබිරියි.. හාකෝ..

      Delete
    4. කලින් ටික ටික අහලා තිබුණාට අද තම්‍යි දෙන්නාගේ ආදර කතාව ගරියටම දැන ගත්තේ.

      ජයවේවා.

      Delete
    5. කාලෙකට කලින් නම් ඉතින් මේ ගැන ආදර ලිපි ලිවුවා.. දැන් ඉතින් එහෙම නෑනේ.. කෝම වුනත් තෑන්ක්ස් අයියේ..

      Delete
  2. දෙන්නාටම උණුසුම් සුබ පැතුම්!!!

    කොල්ලොන්ට මෙච්චර හොඳට මේ දවස්, වෙලාවල් එහෙම මතක තියෙන්නේ කොහොමද? :D

    මදාරා දිනේශ්ගේ ආදරේ හරිම ලස්සණයි. මේ කොල්ලෝ ආදරේ කරන්ටත් හරිම දස්සනේ...:)

    ReplyDelete
    Replies
    1. \\කොල්ලොන්ට මෙච්චර හොඳට මේ දවස්, වෙලාවල් එහෙම මතක තියෙන්නේ කොහොමද?//

      ඇත්තටම කොල්ලොන්ට එහෙම මතකයි. ඈත්වෙන මතකයන්ට ආදරේ කරපුවම නිතරම ආදරේ අලුත් වෙනවා. වැඩිවෙනවා.

      Delete
    2. ඒ කියන්නේ ඈත් වුණාම හොඳට ආදරේ කරන්ට පුලුවන් කියන එකද? :D

      Delete
    3. තිබුන ආදරේ වඩාත් රහට දැනෙනවා ඈත් උනාම. ඒත් මං මේ කිව්වෙ පරණ ආදර මතකයන් එක්ක වර්ථමානයේ ආදරය කරනෙක සුන්දරයි කියලයි.

      Delete
    4. @ පොඩ්ඩි අක්කේ, හෙහ් හෙහ්, අපි එහෙම තමයිලු හොදේ.. ඔක්කොම හොදට මීටරේ තියෙනවා..

      අපේ ආදරේ පටන් ගත්ත හැටිත් අමුතුයිනේ අක්කෝ.. තැන්කිවු තැන්කිවු..

      Delete
    5. මනෝෂ්, ඒකේ පොඩි ඇත්තක් තියෙනවා.. ඈතක කියන්නේ ඉතින් ලඟින් ඉන්න බැරි එක විතරයි.. එහෙම නැත්නම් ඉතින් කොයිවෙලාවෙත් ලග වගේ තමයි..

      Delete
  3. අවුරුදු දෙකක්ය කීව නේ....
    මගෙන් උණුසුම් සුභ පැතුම්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔවුනේ ඔවුනේ.. තැන්කිවු වේවා..

      Delete
  4. Replies
    1. තැන්කිවු වේවා..

      Delete
  5. ආදරයක් පටන්ගන්නෙක හරිම ලේසියි. නමුත් ඒක පවත්වාගෙන යන්න හරිම අමාරුයි. අවුරුදු දෙකක් කියන්නෙ ආදරේකට ලොකු කාලයක්. (වසර හය හමාරක අත්දැකීමෙන් කියන්නෙ හරිය)

    2nd Anniversary එකට මගේ සුබපැතුම් මිත්‍රයා.

    ජීවන ගංගාවෙ තව කල්ප කාලාන්තරයක් යාත්‍රා කරන්න ඔබ දෙපලට සුබ පතනවා මම.

    ReplyDelete
    Replies
    1. අදරේ කරද්දී නම් දවසකුත් සෑහෙන කාලයක් වගේනේ දැනෙන්නේ මනෝෂ්.. එහෙම එකේ ඉතින් අවුරුදු ගැන මොන කතාද නේද?

      තැන්කිවු තැන්කිවු..

      Delete
  6. සුබපැතුම් දෙන්නාටම , මුලින් කිය්වද්ද්දී ඉස්සෙල්ලා හිතුනේ ලියලා තියෙන්නේ දිනේෂ් නෙවෙයි ප්‍රියම්බිකාව කියලා , අවුරුදු දෙකක් ....හ්ම්ම්ම්.....තව ගොඩක් දුර යන්න තියෙනවා ඒ දුරත් ඔය ආරෙන්ම යන්න ලැබෙන්න කියලා පතන්නම්

    ReplyDelete
    Replies
    1. දෙන්නගෙන් ඉතින් කවුරු ලිවුවම මොකද.. ගිය පාර එක ලිවුවේ එයානේ.. ඉතින් මේ ගමන මම ලිවුවා..

      තැන්කිවු ඈ..

      Delete
  7. මගේ සුබපැතුම් දෙන්නටම... සයිබර් අවකාශයේ මුණගැහිල මේ තරම් හිත් අදුනගෙන මේ තරම් කල් ආදරෙන් ඉන්න එකම ලොකු ජයග්‍රහණයක් මල්ලී...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තරූ අක්කේ.. ලග නැති උනාම ආදරේ දැනෙන්න ටිකක් විතර වෙලා යනවා.. හැබැයි දැන්නම් එහෙම නෑ..

      Delete
  8. හදවතින්ම සුබ පැතුම් මචෝ දෙන්නටම.

    ඔය ආදරේ… ඔය ලෙසම… තව තවත් දළු ළමින්… සදා කල්… රැකේවා………

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු මචෝ..

      Delete
  9. උණුසුම් සුභපැතුම් දෙන්නාටම! මේ මෙහෙම දින වකවානු කටපාඩම් තියෙන කොල්ලෙක්ව මම දැක්කමයි හොඳේ. සයිබර් ආදරෙත් තියෙන්නෙ අමුතුම රහක් නේද? අර බ්ලොගි සීන් එක අපි දන්නෑනෙ ඉතින්. එහෙනම් හැපි මෙව්වා එකක් වේවා!!!

    ඒ සිහිනයා කෝ. මේ වගේ එකක්කත් ලියන්නකෝ ඔයාගෙ බ්ලොග් එකෙත් කම්මැලියෝ.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් බොලා මං ගැන හිතන් ඉන්න හැටි තමයි.. අපි එහෙමයි හලී.. ඒ සීන්කෝන් දැන් වැඩක් නෑ.. ඒකෙන් වෙච්ච එකම හොදේ මේක විතරමද මන්දා..

      එයාට එහෙම එකක් තියෙනවද, දන්නෙත් නෑ..

      තැන්කිවු හොදේ අවුල් නංගී..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  10. සුබ පැතුම් මල්ලියෙ. හැමදාම වගේ සතුටින් ඉන්න. ජීවිතේ ඕනම දෙයක් බෙදාගෙන ඉදිරියටම යන්න දෙන්නත් එක්කම.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු දිනිති අක්කේ.. තව ඉස්සරහට ඉතින් හුඟක් දුර යන්න තියෙනවනේ...

      Delete
  11. බ්ලොග් එකක් කියෙව්වෙ ගොඩාක් කලෙකින් මල්ලි. ඒත් කියවලා හොරෙන් යන්න පුළුවන්ද නේද? මුල ඉදන්ම බ්ලොග් වල එකට හිටියනේ අපි. ඇත්තටම ඔය දෙන්නගෙ සම්බන්ධෙ දැන ගෙන මධාරා ලියන ඒවා එක්ක බැලුවම මට හිතුනෙ අනේ වලි මලයට මෙයා ගැල පෙන්නෙ නැහැ කියලා. නගා ලියන අදහස් එක්ක හිතුනේ ඒක. ඒත් පස්සෙ ඔයා වගේම නගාවත් අඳුන ගන්න ලැබුනා. එතකොට හිතුනා මල්ලිගෙ තීරණේ හරියටම හරි කියලා.
    දුර ඉදන් කරන ආදරේ ඉක්මනින්ම එක වහලක් යටට එන්න කියලා හදවතින්ම සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බට්ටි අක්කේ, ඕක ඉතින් අපි ආදරේ කරනවා කියලා දැන ගත්ත දවසේ කී දෙනක් නම් කිවුවද ඉතින්.. එයා ඉතින් රැඩිකල්ලුනේ.. ;)

      මම වැරදි තිර්ණ අරන් නෑ තාම.. මේ ආදරෙත් එහෙම එකක් තමයි අක්කෝ..

      Delete
    3. ඔයාගේ වැඩ ගැන ඉතින් කියලා වැඩක් නැති හන්දා මුකුත් නොකියමි..

      Delete
  12. ඔන්න එහෙනම් හිරු කුමරුටයි සඳවතීටයි දෙන්නට ම සුබ පැතුවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අම්මපා.. ඔය කියවද්දී කියවන්නේ ඕන තරම්.. ඒකෙන් ටිකක් ලියලා යනෝ.. -_-

      Delete
  14. අදමයි මේ පත්තේ ආවේ.ආපු ගමන් දැක්කෙ හරි ලස්සන කතාවක් නෙව.. :D
    අලුත් උනත් කමක් නැ ඔන්න මගෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඇනවර්සරි පාටි අස්සෙම වර්ණයට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  15. සුභ පැතුම් මලයා... :)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ සාතන් අයියව දැක්ක කල්.. මගේ හිතේ අපි යාළු උනා කිවුවම සුබ පැතුවට පස්සේ මේ වර්ණ පැත්තේ ආවමද කොහේද.. කෝම වුනත් තැන්කිවු..

      Delete
  16. මුලින්ම සුභ පැතුම් මුලින්ම දෙන්නාටම මගේන් ....

    මේ බොක්ක දිගේ ගලාගෙන එන අවංක අදහසක් කාලේකට පස්සෙ කියන්නෙ එකෙක් හරි හිනා වුණොත් එවනවා සුදු වැන් ඈ ................;)

    කෝම උනත් නිකන් මේ කතාවත් නිකන් හින්දි පිලුමක් වගේ ,දිනේෂ් අයියා බලන් ගියාම එල කොල්ලෙක් සැබෑ ජීවිතේත්.අයේ කියන්න දෙයක් නෑ ....,නිකන් ඇල්වතුරත් නිවලා වගේ කමන්ටු දානකොට මං හිතුවේ අමුම අමු කෛරාටික ඩැල් එකක් කියලා.......

    .මේක කියෙව්වාම මං ගැන ලැජ්ජාවට මේව්වා එක මොකක්ද වුණා ,මං මගේ උපන් දිනෙවත් ලොකුවට මතක තියන් ඉන්නෙ නෑ එහෙම එකේ මෙහෙම දින ??....මං මේ මෙහෙම සයිබර් ලවක් ගැන ඇහුවාමයි(දෙන්නාම බොගි වල ඉන්න )කොම වුනත් ජය පතනවා දෙන්නාටම .......

    ReplyDelete
    Replies
    1. සහෝ!! මචං උඹේ ඇඩ්‍රස් එක දීපං පීස්!!!

      (දිනේශ් අයියේ!! සහෝට ඇහෙන්නෙ නැතිවෙන්න රහසක් කියන්න ඕනෙ, පොඩ්ඩක් ලං වෙයංකෝ!!, මේහ්, මං සහෝගෙ ඇඩ්‍රස් එක ඉල්ලුවෙ, හොයං ගිහිල්ලා ගහන්න ඈ!!!
      ඇයි බං, මං මේ පෙරුම්පුරාගෙන පල්ලෙහාට ආවේ ඔය ටික කියන්නමයි, කොහෙද ඉතිං මං එනකොට මූ කියල ඉවරයිනේ. අනිවා උට නං ගහනවා)

      සහෝ!! මොනවත් ඇහුනේ නෑ නේද??

      Delete
    2. සහෝදර, අඩොවු මට එකෙක් නැද්ද මුන්ගේ ගෙදට්ට සුදු වෑන් එකක් යවන්න.. අම්මපා බං උඹටත් හිතෙන්නේ මාර ඒවා තමයි.. කමක් නෑ ඉතින්, දැන් වත් දන්නවනේ සතා කවුද කියලා.. ඒක මදැයි ඉතින්..

      අවශ්‍යතාව එද්දී ඔය දින ඔක්කොම මතක තියෙනවා බං.. අපිට අපේ උපන්දිනේ අමතක වුනාට ඒවා අමතක වෙන්නේ නෑ ලේසියෙන්..

      Delete
    3. ගයාන්, උඹ වෑන් එකක් අරන් ගිහින් ඉස්සෙල්ලා ඌට ගහලා වරෙන්කෝ.. මං ඊට පස්සේ වෙන වෑන් එකක් මම එවන්නම් උඹලගේ දිහාට...

      Delete
    4. අපේ ගෙදරට සුදු වෑන් ඕනෙ නෑ බං.
      මට හිතුනේ මෙන්න මේ
      //නිකන් ඇල්වතුරත් නිවලා වගේ කමන්ටු දානකොට මං හිතුවේ අමුම අමු කෛරාටික ඩැල් එකක් කියලා.....// කියපු එක හැර ඉතුරු ටික විතරයි!!!
      විශේෂයෙන්ම ඔය, උපං දිනේ පවා අමතක වෙන එක!! මටත් ඒ තත්ත්වය දරුණුවටම තියෙනවා!!

      මේහ්, සහෝ ඉන්නෙ ගොඩක් ඈතද?? මට සුදු වෑන් හයර් කරන්න සල්ලි නෑ බං. මගෙ සැහැල්ලු ගුවන් යානයෙන් (පුශ් බයිසිකලෙන්) ගිහින් ගහන්නම්, ඒත් ගොඩක් දුර නම් බෑ හොඳේ!!

      Delete
    5. අහ්, එහෙනම් උඹට සුදූ වෑන් එවන්නේ නෑ.. මම හිතුවා ඒ කෑල්ලත් එක්කමයි කියලා හෙහෙ හෙහ්..

      මටත් ඔය උපන්දින නම් අමතක වෙනවා.. ඔක්කොම යාළුවෝ බුකියේ ඉන්න හන්දා ජාමේ බේරන් ඉන්නේ.. නැත්නම් මතක් වෙන්නෙම නෑනේ..

      සහෝ කොහේ ඉන්නවද මන්දා.. මේකගෙන් සද්දයක් නැහැනේ..

      Delete
    6. @ගයාන්
      බොලා මට සුදු වැන් එවන්න හිතන්නවත් එපා අපේ පැත්තෙ සෙල්ලම් පිත්තොල තියෙන්නෙ හැබැයි වෙඩි ඇත්ත ඈ .....අපේ තමා සුදු වැන් උපත ;))පුටාර් එකක් නම් එවහන් මං කැමතිම වාහනක් පුටාර් එක

      @දිනේෂ්-
      මං සද්ද දාන එකෙක් නෙවෙයි කොමත් පාඩුවේ ඉන්න බලන්නෙ හී හී ....ඉදගෙන (උඩ කමෙන්ටුව වැඩිය හිතලා දාපු එකක් නෙවෙයි ඈ සමාවෙන්ඩෝ )රොකට් එකේ උඩු ගුවනේ ඉන්න වෙලාවක කෙටුවේ ,

      Delete
    7. සහෝ එහෙනං මම පුටාර් එකේ ම එන්නං ඈ!!
      ඔය කියපු සෙල්ලං එව්ව එකක් මටත් දියංකෝ. අපේ එව්වා බර වැඩියි බං. එපා වෙනවා!!

      Delete
    8. සහෝදර, හෙහ් කමෙන්ට් එක වැඩිය හිතලා දැම්ම වුනත් අවුලක් නෑ බං.. මම ඉතින් ඇල් වතුරත් නිවලනේ බොන්නේ..

      Delete
    9. ගයාන්, එහෙනම් උඹලා දෙන්න ඕක බේරුම් කර ගනින්කෝ..

      Delete
    10. බේරගෙන ඉවරයි අයියෝ!! අපි ඉතිං කොහොමත් සාමෙං සමඟියෙං සමාදානෙං!!

      Delete
    11. එහෙනම් එල මචංලා..

      Delete
  17. //ඒත් මම ආදරේ කලා.. ඔයා අදටත් ඒ ඇයි කියලා ඇහුවට මට ඒකට දෙන්න හරි උත්තරයක් තාම දන්නේ නෑ//

    ඕකට උත්තරේ තමයි "ආදරේ"කියන්නේ.දෙන්නාටම සුබ පැතුම්.
    උඹ අර දවස් මතක තියන් ඉන්න එක මටනම් අරුමයක් නෙමේ.මොකද ජිවිතේට ලග දේවල් එහෙම ආයසයෙන් මතක තියා ගන්න ඕනේ නැති නිසා.ඒවා නිකන්ම මතකයේ අමතක නොවී තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං.. හිතට තදින් වැදෙන දේවල් අපේ ජීවිතෙන් කොහොම කියලා නම් අමතක වෙන්නද.. එහෙම එකේ ඉතින් දින නෙමෙයි මට නම් ලයින් දාන කාලේ කතා කරපුවත් 60% වගේ තාම මතකයි හොදට..

      Delete
  18. අඩේ අයියා මේ මොඩර්න් රෝමියෝ ජුලියට්ද? පස්ටයි අහ! එකෙන්ම ඕල්ඩ වෙරි බෙස්ට් කිව්වා හරිය, රෝමියෝ මේ බ්ලොගේ ඉඳන් සඳලු තලේ ඉන්න ජුලියට්ට ලියන ඒවා, හෙක් හෙක් ජය වේවා අයියේ, එක්මනටම සත වෙලා අපිටත් වෙඩිම කියන්න ඕනේ හරිය, නැත්තන් අම්මපා එවනවා සුදු නැත්තන් කළු හරි වෑන් එකක්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බං.. මේ දිනේෂ් මදාරා.. ලයින් දාන කාලේ මීට වඩා දේවල් ලිවුවා බං.. සමහරවිට ඒ දවස් වල එවුවට උඹ වුනත් කමෙන්ට් දාන්න ඇති.. මටත් දැන් මතක නෑ ඒ දවස් වල ලියපු ඒවා ගැනනම්..

      උඹ වෙඩින් හයර් කරනවද බං.. සංතෝසයි සංතෝසයි..

      Delete
  19. කතාව කියවද්දී මටත් මතක් උනා කෙනෙක්ව....

    සුබ පැතුම් දෙන්නටම :)

    ReplyDelete
    Replies
    1. අතීත මතකයක් එහෙනම්...

      තැන්කිවු සුබ පැතුමට..

      Delete
  20. සුභ පැතුම් දෙන්නාටම!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා..

      Delete
  21. ඉක්මනටම තරුමල් පිපෙන තැනට වැඩ සිද්දවෙන්න කියලා පතනවෝ....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.. ඒවා ඒ ආකාරයෙන් සිද්ද උනාම මේ වගේම කියන්නම් ඉතින්..

      Delete
  22. ප්‍රේම කතාවක ඉතිහාසය කියවන එකත්...ආදරය කරන එකත් එකවගේදෝ කියලා මට හිතුනා. මිහිරියි!! ඔය ආදරය මියෙන තුරාවට රැඳේවා!!!!

    ReplyDelete
    Replies
    1. අතීත මතක එක්ක දැන් ආදරේ ගලාගෙන යද්දී හරි සුන්දරයි අයියේ...ඒක ඉතින් මම මෙහෙම කියන්න ඕන නෑනේ විදලා ඇතිනේ ඉතින් අයියා උනත්.. තැන්කිවු අයියේ..

      Delete
  23. මෙහෙම එව්වා කියවනකොට මට ටිකක් අවුල් අවුල් වගේ අෆ්ෆා!!!
    තවම අපි පොඩි එවුං, ඒ නිසා තනිකඩයි. ඔව්වා ගැන වැඩිය හිතන්නෙ නෑ!! ඒ වුණාට මේ වගේ ලිපි කියවනකොට හිත කියන්නේම "උඹත් ඉක්මනට මොකියක් හරි හොයාගනිංකෝ......!!!" කියලමයි.
    අනේ මංදා අයියේ!!
    (හිටාංකො, ලඟදිම මමත් හිතලා හරි එකක් ලියනවා. විභාග කෙරුවාව ඉවර වෙනකල් ඉන්නේ)

    ReplyDelete
    Replies
    1. හිදීවි කොතනක හෝ හිමි කාරයා උඹත් උඹේ නමින් කිවුවලු.. ඒ හන්දා ඉවසුවාට කම් නැත.. ඔය විභාග කෙරුවාවක් ඉවර වෙද්දී ඒවා ගානට නූලට සිද්ද වේවි.. ඒ හන්දා කලබල නොවී හිටු..

      Delete
    2. ඒකනේ!! කලබල නොවී ඉන්නංකො එහෙනං ඈ!!

      Delete
    3. අන්න හොද ලමයි..

      Delete
  24. සුභ පතනවා හැමදාමත්මෙ වගේම ආදරෙන් ඉන්න.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු ගිම් අක්කේ.. ඒ දවස් වල ඉතින් ඔයාගේ නිශාන්තය අහන ගමන්නේ අපි මල් කැඩුවේ.. ^_^

      Delete
  25. ඇය ඉතාම හොද යුවතියක්...ජනප්‍රිය සමාජයේ සලුපිලි ඇගේ බාහිරින් පෙනුනාට ඇගේ අභ්‍යන්තරයේ ඉන්න යුවතිය ඒ සියල්ලටම වඩා වෙනස්...මටත් දෙවතාවක් ඇයව මුණ ගැසී තිබෙනවා...ඊට අමතරව මූණුපොතේ කථා බහ කර තිබෙනවා...ඒ සියල්ල එකට සම්පින්ඩනය කලහොත්...මට කියන්න තියෙන්නෙ ඔබේ තේරීම ඉතාම නිවැරදි බවයි...
    ආදරය තව තවත් වැඩිවේවා ! ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු සිරා අයියේ.. කෝම වුනත් ඔය අකුරු අතරේ ඉන්න කෙල්ල නෙමෙයි හැබැහින් ඉන්නේ.. ඒක ඉතින් දන්නේ මම නොවැ.. ^_^

      Delete
  26. අවුරුදු දෙකේ ඇනිවසරියට දෙන්නට ම අපිත් සුභ පතනවා......................... පෝස්ටුව ලස්සනයි දිනේෂ්..........

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  27. මගේ උණුසුම් ආදරණීය සුබ පැතුම් ඔයාලා දෙන්නටම. චිරාත් කාලයක් සතුටින් ඉන්න වාසනාව ලැබේවා...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ ලොකූ, මතකද මම කියන්නත් කලින්ම මට තර්ජනේ කරලා ඔක්කොම අහ ගත්තා.. හෙහ්..

      Delete
  28. සත්‍ය ප්‍රේම සයිබර් කතාවක්. අපේ කුරුළු ජෝඩුවගේ මිහිරි පෙම දිනේවා !!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔවු.. සයිබරේ හන්දා ඇති වුන ප්‍රේමයක්.. ගොඩක් ස්තූතියි..

      Delete
  29. මුලින් මම හිතුවෙ ප්‍රබන්ධ ආදර කථාවක් කියල...පස්සෙනෙ ඇත්ත කතාවක් කියල තේරුනේ....
    සුභ පැතුම් දෙන්නටම!!!!

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් චම්ස්ට ඒ දවස් වල මම ලියපුවා මතක නැති වෙලා.. හාකෝ ඉතින්..

      Delete
  30. ෂහ්..ඉස් ඉස්සෙල්ලාම මේ පැත්තට ගොඩ වුණු දවසෙම ලස්සන ආදර කතාවක්..
    ආදරේ කරනකොට කාලෙ ගෙවිල යනව තේරෙන්නෙ නැහැ..
    අවුරුදු දෙකට උණුසුම් සුභ පැතුම්..!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මචං.. ආදරේ කරද්දී වෙලාවකට දවසකුත් මාර දිගයිනේ..

      Delete
  31. මගෙනුත් සුභ පැතුම්....... අතීතය මතක් වෙනව

    ReplyDelete
    Replies
    1. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  32. ඔන්න ආයෙත් සුබ පැතුම් දෙන්නටම‍

    ReplyDelete
    Replies
    1. තැන්කුවු තැන්කිවු දිනිති අක්කේ..

      Delete
  33. Subha pathum oyala dennatama .. lassana adara kathawak.. kap suwahas kalayak surakewa oyalage adare...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්