Wednesday, 4 June 2014

කාම චිත්‍රපටි වල සමාජීය බලපෑම






කාම චිත්‍රපටි ගැනයි ඒවායේ රගපාන අය ගැනයි වගේම ගණීකාවක් හා කාම චිත්‍රපටි නිරූපන ශිල්පීන් අතර තියෙන වෙනස ගැනයි අපි කලින් ලිපි දෙකකදි අපි කතා කලානේ.. ලිපි පෙල අවසාන කරන්නත් හිතා ගෙනම මේ චිත්‍රපට හරහා එන සමාජමය පසුබිම ගැන අද කතා කරන්න හිතුවා..

කාම චිත්‍රපටි මෙන්ම ඒහා සම්බණ්ද වූවන් වගේම ඒවා හා සම්බණ්ඳ අනෙකුත් දේවල් ගැනත් සමාජයේ බහුතරයකගේ වෙනස්ම මතකයක් තිවුනත් සමහරක් දරන්නේ ඒ බහුතරය දරණ මතයට වඩා වෙනස්ම මතයක්.. ඒ නිසාම තමයි මේවායේ පැවැත්ම වුනත් මේ වෙනකන් දශක කීපයක් පුරාවට රැදිලා තියෙන්නේ.. අපි දැන් බලමු මේ කාම විත්‍රපටි නිසා සමාජයට සිදුවෙන බලපෑම මොන වගේද කියලා..

බොහෝමයක් සමීක්ෂණ වාර්ථා වල සදහන් වෙන විදිහට කාම චිත්‍රපටි තුලින් බාහිර සමාජයට වෙන බලපෑම විවිධාකාර වෙනවා.. එය බොහෝමයක් දූශණයන්, ගෘහස්ථ හිංසනයන්, ලිංගික සම්බණ්ඳතා සදහා අපහසුකම් වගේම ලමා ලිංගික අතවරයන් කෙරෙහිද  මෙය සෘජුවම බලපාන බව පිළිගැනෙන කරුණු වෙනවා.. කාම නවකතා සහ ඡායාරූප නරඹන්නන්ට ඒවා තම මනසින් දරාගැනීමට නොහැකි අතරම එය කාමුක උද්දීපනයක් දක්වාම ගෙන යන බවත් සදහන්.. ඒ වගේම නරඹන්නන් ඒ සදහා අධික ලෙස ඇබ්බැහි වීම මෙහි ප්‍රධානතම ගැටළුවක් වෙනවා..

කාම චිත්‍රපට නැරඹුම හරහා ඇතිවන ගෘහස්ථ හිංසනයන් නිශ්චිතවම කීමට අපහසුයි.. බොහෝමයක් සමීක්ෂණයන්ට අනුව ඔප්පු වෙලා තියෙන දෙයක් තමයි නරඹන්නාගේ ඒ මොහොතේ ඇතිවන මානසික තත්වය අපරාධයක් ඇති වීම කෙරෙහි බලපාන බව.. ඒ කියන්නේ එකම අවස්ථාවක පුද්ගලයන් දෙදෙනකු ගත්තම එයින් කාම චිත්‍රපටි කෙරෙහි ඇබ්බැහි වීමක් ඇති කර ගෙන සිටින පුද්ගලයා අතින් ඔහුගේ හිතේ ඇතිවන අධික උද්දීපනය නිසාම ලිංගික හිංසනයක් ඇති වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.. නමුත් එසේ නොමැති පුද්ගලයකු අතින් එවැන්නක් සිදුවෙන්න තියෙන්නේ අවම ඉඩකඩක්..




ලිංගික ක්‍රියාවලියෙහි බලපෑම..

කාමෝත්පාදනය, විශේෂයෙන්ම අන්තර්ජාලය තුලින් සිදුවන රසවිදීම් තුලින්, නවකතා හා ඡායාරූප වලින් සිදුවන  උද්දීපනයට වඩා වැඩි උද්දීපනයක් ඇති කරන අතරම ඔහුගේ හිත වැඩියෙන් ඉවසුම් රහිත බවට පත්කරනවා.. ඒ කියන්නේ කාමුක චිත්‍රපට හරහා එය නරඹන්නාව වැඩියෙන් ලිංගිකත්වය ලබා ගැනිම කෙරෙහි වූ ආසාවට පොළඹවනවා.. මේ ඉවසුම් නැති කම එහෙම නැතිනම් පෙළඹවීම එම පුද්ගලයාගේ සමාන්‍ය ලිංගික හැසිරීම් වලට සෘජුවම බලපානවා.. මෙම චිත්‍රපට වල සිදුවන ලිංගික හැසිරීම බෝහෝමයක් වෙලාවට සමාන්‍ය ස්භාවික ලිංගික හැසිරීම් වලට වඩා බොහෝමයක් දුරට වෙනස් වුවත් එය නරඹන්නා එය සාමාන්‍ය විදිහට දකින්න උත්සාහ කරනවා.. ඒ වගේම ඔහු සැබෑවට ලිංගිකව හැසිරෙන වෙලාවට තමන් නැරඹු චිත්‍රපටි වල ඇතැම් ලිංගික හැසිරීම් සිතින් මවා ගන්නට උත්සාහ කරනවා.. මෙතනදි තමන්ගේ සහකරු හෝ සහකාරිය එවන් වෙනස් උත්සාහයන්ට කැමැත්තක් දක්වනවානම් එතන්දි කිසිදු විදිහක ගැටළුවක් ඇති වෙන්නේ නෑ.. නමුත් එහෙම නොවන අවස්ථාවකදී සම්පූර්ණ ලිංගික ක්‍රියාවලියම අසාර්ථක එකක් වෙන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩියි.. අවසානයේ අතෘප්තිමත් ලිංගික ක්‍රියාවලියක් නිසා සිතට අසහනකාරි හැඟීමක් එන්න තියෙන අවස්ථා වැඩියි..


ඇබ්බැහි විම..

කාම චිත්‍රපටි සදහා වන ඇබ්බැහි විම එය කිසිම විටක අත්හැරීමට සිත් නොදෙන හැසිරීමක් විදිහට දැක්වෙනවා.. මෙය කාම චිත්‍රපටි වල සදහන් දේ අත්හදා බැලීම දක්වාම සිත්දෙන ඇබ්බැහිවීමක්.. මේ ඇබ්බැහිවීම කෙනෙකුගේ ශාරීරික, මානසික, සමාජීය වගේම මූල්‍යමය අතිනුත් දුර්වල කරවන තරමටම සිතින් බැහැර කල නොහැකී දෙයක් බවට පත්වෙනවා.. කෙනෙකුට තමන් කාම විත්‍රපට නිර්මාණ කෙරෙහි දැඩිවම ඇබ්බැහි වී ඇත්දැයි දැනගැනීමට හැකි ක්‍රමය නම් ඉහත කී කරුණු වලින් තමන් පීඩාවට පත්ව ඇතත්, මානසිකව කොතරම් බලපෑම් එල්ලවී තිබුනත්, ආර්ථිකව තමන් ඒ වෙනුවෙන් වැඩි මුදලක් වැය කරන බව දැන දැනම වුවත් ( ඩීවිඩී පට හා සඟරා මිළදී ගැනීම ආදියෙන් ) තව දුරටත් කාම චිත්‍රපට නැරඹීම කෙරෙහි ඇති වන උනන්දුවයි.. ඇතැම් විටක සමාජයේ යම් කොටසක් කාම චිත්‍රපට හේතුවෙන් තමන්ව පිළිකුල් කරයි, ප්‍රතික්ෂේප කරයි යන්න දැන දැනම වුවද එය දිගින් දිගටම නැරඹීම කර ගෙන යාම මෙහි ඇති ඇබ්බැහි වීමයි.. කෙසේ නමුත් මෙය කිසිම විටකවත් රෝගී තත්වටක් නොවේය.. එහෙත් මනෝ වෛද්‍යවරයකු හෝ පුද්ගල ආකල්ප වර්ධන උපදේශකයකුගේ උදවු ලබා ගැනීම එයින් මීදීමට ගන්න  පුළුවන් හොද උත්සාහයක් වනවා..




අධ්‍යනයන් වල ලද කරුණු වලට අනුව කාම චිත්‍රපට සදහා වන ඇබ්බැහිවීම හරහා වෙන්න පුළුවන් අහිතකර මය කාරණා ප්‍රධාන වශයෙන් කරුණු 10කට වෙන් කරලා දක්වන්න පුළුවන්.. කාම චිත්‍රපට හරහා තියෙන අහිතකර කරුණු බලපාන්නේ එහි බාවිතය හරිද වැරදිද කියන කාරණය මතම විතරක් පදනම්ව නෙමෙයි.. එය නරඹන්නා හා නරඹන්නාගේ ආදරණියන්ට සිදුවන බලපෑම බොහෝමයක් දෙනෙක් නොදන්නා කාරණයක්.. එය අපි මේ සම්බණ්ඳව හිතනවාටත් වැඩිය සෘණාත්මක බලපෑම් ඇති කරන්න පුළුවන්.. මේ එවන් ප්‍රධානතම අහිතකර කරුණුයි..


1.      හිතින් අස්වාභාවික ලෝකය සමග බැදීම් ඇති කර ගැනීම -

මිනිසුන්ගේ ඉතා කිට්ටු ආශ්‍රයන් හා භාවාත්මක සම්බණ්ඳතා ගැන හැම පුද්ගලයෙක්ටම ඉතා වැදගත් වුවමනාවක් තියෙනවා.. නමුත් කෙනෙක් කාම චිත්‍රපට වලට තදින්ම බැදීම ඇතිකර ගෙන ඇත්නම් ඔවුන් ඉතා ඉක්මනින්ම ඉතා හිතවත් කිට්ටු සම්බණ්ඳයක් අස්වාභාවික ලෝකය සමග ඇති කර ගැනීමට පෙළබෙනවා.. ඒ නිසාම ඔවුන්ට සැබෑ ලෝකයෙදි සැබෑ සම්බණ්ඳතා ඇති කර ගැනීමේදි ගැටළු ඇති වෙනවා.. ඒ මොකද චිත්‍රපටි ලෝකයේ මෙන් ඉතා ඉක්මනින් ලිංගික සම්බණ්ඳතා ඇති කර ගන්න පුළුවන් කියයා ඔවුන් විශ්වාස කරනවා.. එය ඔවුන් නොදැනුවත්වම තමන්ගේ මානසික මට්ටමට තදින් බලපෑම් ඇති කරන්නක් වෙනවා..

2.      ඉතා කිට්ටු ආශ්‍රයක් නොමැති ලිංගිකත්වය -

කාම චිත්‍රපටි වලදි වැඩියෙන් සිද්ද වෙන්නේ ලිංගිකත්වය කියන දේ වැරදි අරමුණක් වෙනුවෙන් යොදා ගන්න එක.. ඒ මොකද එය හැඟීම් වලින් සම්බන්ඳයක් නැතුව කෙරෙන ලිංගික එකතුවීමක් නිසා.. නමුත් ඒක හැම දර්ශණයකට වගේම හැම නිරූපන ශිල්පියකුට හෝ ශිල්පිනියකට පොදු නොවුනත් බොහෝ වෙලාවට සිද්ද වෙන්නේ හරි හැඟීමක් නැතුව කෙරෙන ලිංගිකත්වය.. ඒ නිසාම පුද්ගලයකුගේ හිතේ ඇතුලත තියෙන සැබෑ ආශාවන්, රුචිකත්වයන් සර්වසම්පූර්ණ වීමක් මෙතනදී සිද්ද වෙන්නේ නෑ.. සැබෑ ජීවිතයෙදී මෙවැනි ලිංගික එකතු වීමකට බොහෝ වෙලාවට තම සහකරු හෝ සහකාරියගේ කැමැත්ත නොලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. ඉතින් ඒ වගේ අවස්ථා වලදී කාම චිත්‍රපටි නරඹන්නා තම සම්බණ්ඳතා ගැන අසතුටට පත් වෙනවා වගේම ඒ සම්බණ්ඳතාවේ තියෙන අඩුපාඩු ගැන නිතරම හිතින් වද වෙන්න පටන් ගන්නවා.. අවසානයේ ඔවුන් හැඟීම් වලින් ඈත් වෙනවා වගේම ඒ සම්බණ්ඳයෙනුත් නොදැනීම දුරස් බවක් ඇති කර ගන්නවා..

3.      තෘප්තිමත් නොවීම -

කාම චිත්‍රපටයන්හි හැඟීම් උත්පාදනය කෙටි කාලීන එකක් වුනත් එය අවසානයේ නරඹන්නාගේ හිතට හිස් බවක්, තමන්ට තමන් ගැනම දැනෙන හැඟීම් වල අඩුවක් වගේම දැඩි තනිකමක් අවසානයෙදි ඉතුරු කරනවා.. එය සම්බණ්ඳතා අතර මානසික වශයෙන් දුරස් බවක් ඇති කරනවා.. ඒ මොකද කාම චිත්‍රපට වල සදහන් වල ලෝකය කෘතිම එකක් වන නිසාම එයින් මිනිසුන්ගේ හිත් වල තියෙන භාවාත්මක හැඟීම් තෘප්තිමත් වීමක් වෙන්නේ නැහැ.. ලිංගික ක්‍රියාවලියේ මූලිකම අවශ්‍යතා ඉටු නොවීමත් ලිංගිකත්වය කෙරෙහි ඇති ඕනකම තව තවත් වැඩිවීම මේ තෘප්තිමත් නොවීම නිසා සිදු වෙනවා..

4.      මොළයේ අතිරේක ක්‍රියාවලියක් ආරම්භ වීම -

බොහෝමයක් අධ්‍යන වලින් හොයාගත්ත කරණයක් තමයි කාම චිත්‍රපටි වලට ඇබ්බැහි වෙලා තියෙන කෙනෙක්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සමාන්‍ය රටාවට වැඩිය වෙනස් වෙන්න පටන් ගන්නවා.. එය මත්‍ද්‍රව්‍ය භාවිතයේදි සිදුවෙන ක්‍රියාකාරීත්වය හා සමානයි.. ඒ මොකද කාම චිත්‍රපටි නැරඹිමට හිතේ ඇතිවන උනන්දුව, කැමැත්ත, ඕනකම තමන්ට කොයිතරම් අවශ්‍ය වුනත් නවත්වාගන්නට නොහැකි වන තත්වයකට පෙළඹේනවා.. මොවුන් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූවන් පුණුරුත්තාපනය කිරීමේ ක්‍රියාවලියකට සමාන ක්‍රියාවලියකට යොමු වීම ඉතා වැදගත්..

5.      සම්පූර්ණ නොවීම -

කාම චිත්‍රපට හා නිර්මාණ තුලින් තම හැඟීම් වලට ඉඩක් ලබා දීම, උද්වේගය පාලනය කිරීම, කරදරකාරි ස්භාවයෙන් මිදීම, මානසික නිරවුල් බව ඇති කර ගැනීමට උත්සහ කිරීම මේ නිර්මාණ කෙරෙහි පුද්ගලයකු අධිකව ඇබ්බැහි කර ගැනීමට මග පාදන්නක් වෙනවා.. කොහොම නමුත් මේ ඉක්මන් කැමැත්ත මඟ හැරුනට පස්සේ එය නරඹන්නාට නැවතත් කලින් හැඟීමම නැවත ඇති විම වැලැක්වීමට තමන්ගේ මනසින් හුඟක් උත්සාහ කරනවා.. එතකොට සිද්දවෙන්නේ කලින් කාරණයෙන් කිවුව මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන එක.. ඒ නිසාම බොහෝ දුරට සිද්ද වෙන්නේ මේ සම්පූර්ණ නොවන හැඟීම් අතර එය නරඹන්නා සිර වීමක් වෙන එකයි..

6.      මුලාව -

මුල් කාලයේදි කාම චිත්‍රපටි නරඹන්නෙකුට ඒ සදහා දැක්විය හැකි ධනාත්මකයි කියලා විශ්වාස කරන මතයන් කීපයක්ම තියෙනවා.. ඒනම්,
·         එයින් ලැබෙන හැඟීමට මම කැමතියි,
·         එයින් මාව උත්තේජනය වනවා,
·         එය මගේ හොදම විනෝදාංශයයි,
·         මගේ තනිකමට හොදම විසදුමයි,

නමුත් අන්තිමේ මෙයින් සිදුවන්නේ ඒ කලින් කියපු කරුණු කිසිවක් නෙමෙයි.. ඒකෙන් සිද්ද වෙන්නේ ඊට වඩා ප්‍රතිවිරුද්ධ කාරණායි.. එනම්,
·         මට ඒ හැඟීම වෙනදා වගේම එන්නේ නැහැ,
·         මගේ ජීවිතේ මම කැමැත්තෙන් කරන කිසිම දෙයක් නැහැ,
·         මම ලෝකයෙන්ම කොන් වෙලා වගේ හැඟීමක් දැනෙන්නේ,
·         මට කොයි වෙලෙත් ආතතියක් දැනෙනවා,

කාලයත් එක්ක තදින්ම කාම චිත්‍රපටි වලට ඇබ්බැහි වුන කෙනෙක්ට මේ හැඟීම් වල මුලාවන්ගෙන් මිදෙන්න හුඟක් අමාරු වෙනවා..

7.      සැබෑ දෙයට වඩා අනුකරණයට හිත යාම -

කාම චිත්‍රපටි නැඹුරුවත් එක්කම බොහෝ දෙනකුට ලිංගිකත්වය තව දුරටත් ස්භාවික, ඉතා කිට්ටු සම්බණ්ඳයක් ඇති, ආදරය මුසු වුන එකක් වෙන්නේ නැහැ.. ලිංගිකත්වය තව දුරටත් සුන්දර එකක් ලෙස ඔවුන්ට දැනෙන්නේ නැහැ.. කාම චිත්‍රපටි වල නිරූපණය වන බොහෝමයක් දෑ අනුකරණයට පෙළඹිමෙන් බොහෝ දුරට ස්භාවික ලිංගිකත්වයෙන් ඔවුන්ව ඈතකට ගෙන යනවා..

8.      නිතරම දැනෙන වුවමනාව -

මේ නිතරම දැනෙන එයට ඇලී ගැලී සිටින තත්වය නිසාම එයට තියෙන වුවමනාව නිතරම තදින්ම ඇති කරනවා.. කොටින්ම ටික වෙලාවකට කලින් නිර්මාණයක් නැරඹුවා වුවත් නැවත නැවතත් එයම වුවමනා වීම මෙතනදි සිද්ද වෙනවා.. මේ නිසාම කෙනෙක් ඒ සදහා යොදවන කාලය නොදැනීම වැඩි වෙනවා.. මේ වුවමනාව හන්දම කෙනෙකුගේ රැකියාව, ආදර සම්බණ්ඳතා වගේම, සෞඛ්‍යමය අතිනුත් එම පුද්ගලයාට උවදුරු ගෙන එන්න පුළුවන්..

9.      ක්‍රියාකාරීත්වය තියුණු වීම -

කාලයත් සමග සමාන්යයෙන් කාම චිත්‍රපට නැරඹිම එයටම යොමු වීමක් දක්වා වැඩි වෙනවා කියලා කලිනුත් සදහන් කලානේ.. මේ කාලයත් සමගම කෙනෙක් මුලින් ආරම්භ කලාට වැඩිය දර්ශණ නරඹන්න පෙළඹේනවා.. සමහරක් වෙලාවට මෙය පාලනය කර ගත නොහැකි තරමටම සීමාව ඉක්මවා යන්න ඉඩ තියෙනවා..එය නරඹන්නන් තුල ඇති සමහරක් අභිප්‍රායන් මුදුන්පත් කර ගැනීමට යොදා ගන්නවා වගේම එය සමාජයට පටහැනී යන්න තේරුම් ගැනීමට ඔවුන් පෙළඹේන්නේ නැහැ..

10.  මොට කරන හැඟීම -

කාලයත් සමග කාම චිත්‍රපටි නිසාම එය නරඹන්නා තුල වන අස්ථිර මමත්වයට තව දුරටත් රුකුලක් ලැබෙන්නේ නැහැ.. මුල් කාලයේ ඉදන්ම තිබුන හිත් රිදවීම් හෝ පාළුව සංසිද වීමක් ඒ තුලින් කොහෙත්ම සිදුවෙන්නේ නැහැ.. ඒ වගේම අස්ථීර සම්බණ්ඳතා මෙන්ම අසාර්ථක පවුල් ජීවිත තව දුරටත් අසාර්ථක වීම වලක්වා ගැනීමට මෙයින් හැකි වෙන්නේ නැහැ.. කොටින්ම එය එම පුද්ගලයාට කාලයක් පුරා තියෙන ලිංගිකමය හෝ මනසිකමය ගැටළු විශාල කර පෙන්වනවා වගේම ඒ කෙනාගේ අත්‍යාවශ්‍ය හැඟීම් හා වුවමනාවන් පවා දුර්වල කරනවා.. ඒ වගේම එය හොද සාර්ථක සම්බණ්ඳයට තියෙන ඉඩ අවහිර කරනවා වගේම ඒ කෙනාව තම සහකරුට හෝ සහකාරියට ලිංගිකව හෝ භාවාත්මකව හොදින් ප්‍රතිචාර දැක්වීමට තියෙන හැකියාවත් අඩ පණ කරනවා..


හරි, කාම චිත්‍රපටි හරහා වෙන්න පුළුවන් ප්‍රධාන වශෙයෙන් බලපෑම් ඇති කරන්න පුළුවන් සෘණාත්මක බලපෑම්  තමයි මේ.. මේ හැම දේකම බලපෑම ඇති වන තත්වය පාලනය කර ගන්න පුළුවන් වෙන්නෙ තමන්ගෙම හිතට තමයි.. අද යෞවනය යම් තරමකින් හරි කාම චිත්‍රපට නරඹන එක නවත්තන්න පුළුවන් ක්‍රමයක් ඇති කියලා මම හිතන්නේ නෑ.. ඒත් ඒක සම්පූර්ණයෙන්ම නවත්තන එක හෝ නොබලා ඉන්න හුරු කීරීමත් හොදයි කියලා මම විශ්වාස කරන්නේ නෑ.. ලංකාව වගේ ලිංගිකත්වය ගැන හරි අධ්‍යාපනයක් නැති රටක් හන්දම එය වැලක්වීමට වඩා යම් සීමාවන් තුල පාලනය කිරීම හොදයි කියන මතයේ මම ඉන්නවා..

එහෙනම් කාලයක් තිස්සේ ලියපු ලිපි මාලාව මෙතනින් ඉවර කරනවා.. ඇබ්බැහී වීම තුලින් ඇති වෙන්න පුළුවන් මානසිකමය තත්වයන් පාලනය කරන්න පුළුවන් තමන්ටම විතරයි.. අවසානයේ කියන්න තියෙන්නේ නරඹන්න, යම් සීමාවක ඉදගෙන..

මේ සම්බන්ඳව මම ලගදි බලපු හොදම ෆිල්ම් එකක් තමයි Don Jon කියන්නේ.. පුළුවන් අය ඒකත් බැළුවට වරදක් නෑ කියලයි මම නම් හිතන්නේ.. 


විශේෂයි, තොරතුරු හොයා ගත්තේ අන්තර්ජාලයේනි..

අති විශේෂයි, මේ ගැන කලින් ලියපු ලිපි දෙකම හුඟක් වෙබ් අඩවි වලින් උස්සලා දාලා තිබුනා.. ඉස්සුවාට කමක් නැත.. කියවන්න බෙදා ගන්න තමයි ලියන්නේ.. අඩුගානේ ඉස්සුවේ කාගෙන්ද කියලවත් දාන්න කාරුණික වන්න..

 

68 comments:

  1. සෑහෙන මහන්සි වෙලා කරුණු හොයලා තියන පාටයි. බොහොම වටිනවා

    ReplyDelete
    Replies
    1. අෆ්ෆේ, ලොකූ මගේ හිතේ අවුරුද්දට විතර පස්සේ එක වෙලා තියෙන්නේ.. මම දාන වෙලාවට ඔයාට එක වෙන්න ලේසියි.. ඒත් ඉතින් දැන් මෙයාට වැඩ වැඩියිනේ..

      Delete
  2. Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  3. ඔබ ඉතා මහන්සියෙන් කරුණු සොයාගෙන, පරිවර්තනය කර, තාත්විකව හා විශ්වසනීයත්වය රැකෙන පරිදි, මේ ලිපිය ඉදිරිපත් කර ඇති බව පෙනෙනවා. ඔබට මගේ විශේෂ ප්‍රශංසාව මෙන්ම ගෞරවය ද පුද කරන බව කියන්නට කැමතියි.

    මෙවැනි ලිපි, කුඩා අත් පත්‍රිකා ලෙස සකසා, ඉලක්කගත පිරිස් අතර බෙදාහරින්නට හැකිනම්, බොහොම වටිනවා. නමුත් එය කලයුත්තේ ඔබ නෙවෙයි. යහපත් සමාජයක් ගොඩනගනවා යයි බොරුවට කෑගහන අයයි.

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් කෙරෙන දේවල් නෙමෙයි නේ විචාරක තුමනි.. අපි ඉතින් මෙහෙමවත් ලිවුවොතින් තමයි.. ලංකාව ඇතුලේ මේවා ගැන කතාබහක් වත් නොවෙන එකේ මේ දේවල් ගැන කතාබහක් ගොඩ නගන්න අමාරුයි..

      Delete
    2. ඒ අත් පත්‍රිකාවන්ද අත් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට හැකි වන අයුරින් සකස් කළ යුතු බවට මා යෝජනා කරනවා..

      Delete
    3. හස්ත කර්මාන්ත වලට අත හිත දෙන්නතිව බෑනේ, අපි නම් කියන්නේ ඕවට හේවි ඩියුටි කියල. :D

      Delete
    4. @මාතලන්, පින්තූර එහෙම දාලා ලස්සනට හදන්න ඕන කියලා වෙන්න ඇති ඔය කියන්නේ.. හැබැයි ඉතින් බෙදන්න ගිහින් මාට්ටු වුනොත් තමයි අවුල..

      Delete
    5. @සොමියා, ඔවුවට ඉතින් නම් කීයක් තියෙනවද බං.. එක එකාට එක එක විදිහයිනේ ඉතින්..

      Delete
  4. ස්සහෙන්න වටින ලිපියක් අයියේ, එත් ලංකාව වගේ රටක විධිමත් ලිංගික අධ්‍යාපනයක් නැති නිසාම යෞවන වයසට එළබෙත්ම තමන්ගේ ශාරීරික හා හෝමෝනමය සහ මානසික වෙනස් කම් එක්ක බහුතරයක් තාරුණ්‍යය වරදට යොමුවීම තමයි සිදු වන්නේ, මොකද තාරුන්යයත් සමගම අත්වැල් බැඳගෙන යන එකක් තමයි අත්හදා බැලීම. එක නිසා මේ දෙ මොකක්ද කියන නිසි අවබෝදයකින් තෝරනවා ගැහැණු පිරිමි දෙපාර්ශවයම රැවටීම් වලට හා වැරදි ක්‍රියාවන්ට යොමුවීමේ ප්‍රවනතාවය වැඩි. මීවගේ දේවල් වලට වාරණ පනවන්න පනවන්න වෙන්නේ ඒ දෙ තව තවත් ඉස්මතු වෙන එක කියලා මේ මොට්ට රජයට තේරෙන්නේ නෑ, මොකද යකඩය තලන්න තලන්න පාඩම් වෙනවා වගේ නිසි කරුණු පැහැදිලි කිරීමකින් තොරව ඒ දෙ වාරණය කිරීම තුලින්ම ඒ දෙ හයිලයිට් වෙනවා. මොකද අද වාරණය මාරම ෆෙමස් නිසයි එහෙම කියන්නේ, අපේ මිනිස්සුන්ට තියෙන කුතුහලය නිසාම තහනම් කරපු දෙ මොකක්ද කියලා හොයාගෙනම බලනවා, එක තමා ඇත්ත. එතකොට ඇත්තම කතාව මේ දේවල් නිසා තමන් සිතේ වහලෙක් වෙනවා මිසක් ඔහුට කවදාවත් සිත තමන්ගේ වහලෙක් කරගන්න බැරි වෙනවා. ඊළඟ කාරණය තමා ඕවගේ පෙන්නන කෙසෙල් ගෙඩියි බනිස් ගෙඩියි හරිම ලොකු ඒවා නිසා සංසන්දනාත්මකව බලලා ඉච්චා බන්ගත්වයට පත් වෙන එක වගේම උඅතින් ලැබිච්ච කෙසෙල් ගෙඩිය ආනමාලු ගෙඩියක් කරගන්නත් බනිස් ගෙඩිය ගල් බනිසක් කර ගන්නත් රටේ නැත අර පෙත් මේ පෙති හෝමෝන බීල කෙසෙල් ගෙදියෙට කාබයිඩ් වැදිලා වැඩිවෙලා එක අකාලේම ඉදිලා කුණුවෙලා යනෙකයි , බනිස් ගෙඩියට යීස්ට් වැඩිවෙලා එක නිකන් පපඩමක් වගේ පිපිලා කොයි වෙලේ හරි පුපුරලා යන එකයි අන්තිමේදී හොඳට තිබුණු සරීරෙට විහින් ලෙඩ ඇතුල් කරගත්ත එකයි විතරයි. එක නිසා අයියා කිව්වා වගේ බොරුව දැනගෙන බොරුව රසවිඳින්න කියලා තමා ඉල්ලන්නේ, පොනොග්‍රපි වල එඩියුකේෂනල් වීඩියෝ වලින් නම් සෑහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්, එත් වෙන්නේ එකටත් අර කබර ගොයා තලගොයා වෙන සීන් එකම තමා. ජය.

    ReplyDelete
    Replies
    1. // ඊළඟ කාරණය තමා ඕවගේ පෙන්නන කෙසෙල් ගෙඩියි බනිස් ගෙඩියි හරිම ලොකු ඒවා නිසා සංසන්දනාත්මකව බලලා ඉච්චා බන්ගත්වයට පත් වෙන එක වගේම උඅතින් ලැබිච්ච කෙසෙල් ගෙඩිය ආනමාලු ගෙඩියක් කරගන්නත් බනිස් ගෙඩිය ගල් බනිසක් කර ගන්නත් රටේ නැත අර පෙත් මේ පෙති හෝමෝන බීල කෙසෙල් ගෙදියෙට කාබයිඩ් වැදිලා වැඩිවෙලා එක අකාලේම ඉදිලා කුණුවෙලා යනෙකයි , බනිස් ගෙඩියට යීස්ට් වැඩිවෙලා එක නිකන් පපඩමක් වගේ පිපිලා කොයි වෙලේ හරි පුපුරලා යන එකයි //

      ඔය තියෙන්නේ නියමම කතාව.. අනුකරණයට හිත ගියාම තමයි ඕක වෙන්නේ.. උඹ ඕක කිවුවම මට මේක නවත්තනවා කිවුවට තව ලිපියක් ලියන්න කාරණයක් මතක් වුනා.. බලමු මට කරුණු කාරණා හොයා ගන්න පුළුවන්ද කියලා..

      පොනෝග්‍රැෆි බැලුවට ඒකේ එඩියුකේශනල් පැත්ත කවුරුවත් බලන්නේ නැහැනේ බං..

      Delete
    2. අඩේ මටත් ඔය කෙසෙල් ගෙඩි බනිස් ගෙඩි කතාව ලියන්න හිතුනා, කමක් නෑ අයියා ලියලා දාන්නකෝ, මන් දැන් නැවේ නැගලා යනවනේ, එක අල්ලන් යන්න පුළුවන්. හෙක් හෙක්

      Delete
    3. ඒ උඹත් ලියහන් බං.. ඕක දෙන්නෙක් ලිවුවා කියලා වැඩි වෙනවා කියලයැ.. ලියපං..

      Delete
  5. දැන් සනීපද මචෝ.?

    උඹ සෑහෙන්න මහන්සි වෙලා කරුණු ටික හොයන් තියෙන්නෙ. ගොඩක් වටින විස්තරයක් දිනේශ්.

    කොහොමත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියලා කියන්නෙ කට කහනවට යෑ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ හැටියක්නේ බං, ආස වෙන දෙයක් පස්සේ ඕනාවට වැඩිය දුවන එක.. ඉතින් ඒක වලක්වන්න හරි අමාරුයි.. මොකද මිනිස්සුන්ගේ හිත් හරිම දුරුවලයි..

      තාම සනීපයක් නැහැ බං.. මේ ලෙඩ නිවාඩු..

      Delete
  6. හොද ලිපියක්.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  7. ඉතාම කාලීන, සාකච්ඡාවට බඳුන් විය යුතුම මාතෘකාවක් දිනේෂ්. ඒ වගේම ඔබ මේ කියන කරුණු ගැන සීයට අනූවක්ම එකඟ වෙන්නත් පුලුවන්. ඒත් එක්කම මට පොඩි ගැටලුවකුත් තියෙනවා. කාම චිත්‍ර පට නිසා,ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර වැඩිවෙනවා කියල ඔප්පුවෙලා තියෙනවනෙ. හැබැයි මෙහෙම දෙයක් වෙන්න බැරිද. මේ චිත්‍රපට නැරඹීම තුලින් තමන්ගේ කාමාශාවන් යම් තරමක් දුරට සපුරගන්න නිසා, එවැනි දූෂණ වලට පෙළඹීම අවම වෙන්න විදියක් නැත්ද? මොකද ඒ පුද්ගලායට තම හැඟීම ඒ ආකාරයෙන් පිටකරගන්න පුලුවන් නිසා?

    ReplyDelete
    Replies
    1. නැහැනේ මනෝෂ්, ඇමරිකාව යුරෝපය වගේ රට වලදි නම් ඕය කියපු කාරණය ඇත්ත.. මොකද අඩුම ගානේ ගණිකාවක් හරි ආශ්‍රය කරලා ඒ අවශ්‍යතාව සපුර ගන්න පුළුවන්.. ඒත් ආසියාතික පුද්ගලයා ගත්තම ඔහුගේ හැසිරීම ඉට වඩා හුඟක් වෙනස්.. ඔහු ඉන්නේ සංස්කෘතිය තුල හිර වෙලා.. ගොඩක් වෙලාවට.. ඉතින් හිතේ හැඟිම් හිර කරන් ඉන්නවා ඇරෙන්න ඒවා පිට කරන්න අවස්ථාවක් නෑ.. කොටින්ම ගණිකා වෘතියවත් අනුමත තත්වයක් තිබුනනම් එහෙම වෙන්නේ නෑ.. එහෙමත් නැති එකේ අර හිතේ තියෙන හැඟීම් තියුණු උනාම අර වගේ අපරාධයක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩ්යි කියලා මම හිතනවා..

      Delete
    2. හ්ම්..හ්ම්.. තේරුණා තේරුණා.. ඔබ හරියටම හරි දිනේෂ්.

      Delete
    3. මේක ඉතින් මට හිතෙන විදිහ විතරයි මනෝෂ්, සමහර විට ඕක ඔයිට වැඩිය වෙනස් වෙන්න වුනත් පුළුවන්..

      Delete
  8. විස්තරය වටිනවා......
    මටත් ඉස්සර උන ගත්තම ඕවම තමයි බැලුවෙ .... ඉක්මනට සනීප වුනා......
    අනේ මන්ද....උඹට දෙසැරයක්ම උණ ගත්ත එක..... හෙක්...හෙක්....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඒ උන ඉතින් වෙනමම එකක් නේ අයියේ..

      අපිට ඉරිදා ආයෙම හිම වැටුනනේ සුට්ටක්.. ඒ හිතල හන්දයි පොඩ්ඩක් අවුල් ගියේ..

      Delete
  9. ඒක ඇත්ත තමයි. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑයි කියලා තියෙනවා නෙහ්.
    ඒ නිසා වැල බැලිල්ලත් සීමාවක් තියාගෙන බලන්ඩ ඕන.
    වටින ලිපියක් සෑහෙන්ඩ මහන්සිවෙලා ලියලා තියෙන පාටයි !

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ අයියේ කියන්නේ.. හැමදේකම අන්තයට යන්න නරකයි.. එහෙම වුනාම තමයි කේස්..

      Delete
  10. මහන්සි වෙලා ලියපු ලිපියක්..

    ම්ම නම් හම්බ උන් චාන්ස් එකෙන් පෝන් ෆිල්ම් බලනවා.. ඒකෙත් හැම ජාතියම බලනවා.. මොකෝ හැම දේ ගැනම දැන ගන්න එක හොඳයි නේ. අනික අන්තර්ජාලය වැඩි වශයෙන් භාවිතා වෙන්නෙත් මේකට. අනික මේක කළාවක් සහ වෙළඳාමක්. අපිත් ඉතින් ඒවට දායකත්වයක් දක්වන එපාය.

    මම ඉතින් ඕනම දෙයක් ඕනවට වඩා බදා ගන්නේ නැතිසා අවුලක් නෑ.. කුඩු ගැහුවත් එකයි, හැම තිස්සෙම බත් කෑවත් එකයි. හැම තිස්සෙම නිල් බලුවත් එකයි..

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ මොකටද ගොඩක් වෙලාවට නිවාඩු දවසකට මාත් බලන වෙලාවල් තියෙනවා.. ඕක අයෙ හංගන්න දෙයක් නෙමෙයි නේ.. අයියා කියන දේ හරි.. ඇත්ත, කාට මේක හොද නැති වුනත් මේකේ ඉන්න අයට ඒක කලාවක්නේ.. අනික ඉතින් ඒ මිනිස්සුන්ට ආදායමක් තියෙනනත් එපැයි..

      Delete
  11. A.Serbian. මෙන්න මේ චිත්‍රපටය බලන්න ...
    ඕනම දෙයක මැදි පිලිවෙත හොදයිලු නේ ...පස්සෙ ඇවිත් යමක් කියන්නම් ....

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකනම් බලලා නෑ.. මේ සති අන්තයේ හොයාගෙන බලන්න ඕන..
      හා හා ආයෙම පස්සේ එමුකෝ එහෙනම්..

      Delete
    2. සර්බියන් ෆිල්ම් එක තියේ බයිස්කොප් එල් කේ එකේ...
      a serbian film කියල සර්ච් කරන්න...

      Delete
    3. ලිපිය කියෙව්වා ,මුලින්ම මහන්සිය අගය කරනවා ,
      මං අහලා තියෙනවා ඔය ඇබ්බැහිය වැඩි වුණාම හැදෙන මානසික ලෙඩ ගැන නළුවන්ටයි බලන අයටයි ,දිනේෂ් මේක තෙරුම් ගන්න තරම් බැරි ලමයි තමා වැඩියෙන්ම මෙවාට ගොදුරු වෙන්නෙ,මේක සැබෑ ජීවිතයෙන් එපිට ගිය රගපැමක් කියන එක සම හරක් දන්නෙ නැතුව ඒවා කරන්න ගිහින් අමාරුවේ වැටුණු අය ගැන අහලා තියෙනවා,අපේ රටේ එක්ක බලන කොට අමුම තත්වෙ එවා තමා ජනප්‍රිය ,මේක කලාවක්,රගපෑමක් ,එක තෙරුම් ගන්නෙ නැතුව අපේ උනුත් තමන් ගේ අතේ තියෙන ෆොන් එකෙන් කර ගන්න වැඩක් ගැන මේ ලගදි දවසක ඇහුවා ...

      Delete
    4. @මහේෂ්, හම්බුනා මචං.. අපි ඉතින් ඩවුන්ලොඩ් කරන්නේ නේ නේ ඔන්ලයින් බලනවා මිසක..

      Delete
    5. සහෝදර, ඇත්ත මචං.. ඔය O/L කාලේ කොල්ලෝ තමයි වැඩියෙන්ම උනන්දුව තියෙන්නේ.. ඒක ඉතින් ඒ කාලයත් එක්ක තියෙන ඕන කමක් නේ.. අපිත් ඔය කාලේ පහු කරලනේ ආවෙ.. ඒ වෙනස ගැන තේරුම් ගන්න පුළුවන් වෙන තරමටම හොදයි.. කොටින්ම ඔය උනන්දුව ඇති වෙන කාලෙදිම.. එතකොට අනාගතයෙදි ඔවුන්ට මූණ දෙන්න වෙන ප්‍රශ්ණ අඩුයි..

      Delete
  12. මුලින්ම උඹේ මහන්සියට මගේ සැලියුට් එක.

    උඹ කියන දේ හරි බං.මම නම් හිතන්නේ ඕවා බැලුවට කමක් නැහැ.නමුත් ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නැති නිසා ඕවා වුණත් එහෙමම තමයි.අනික් වැදගත්ම දේ ඔතන තියෙන්නේ රසයක්නේ බං.මී පැණි වුණත් හැමදාම කෑවොත් තිත්තයි.කාම චිත්‍රපටි හැමදාම බලන්න ඇබ්බැහි වුනොත් වෙන්නේ අර රසේ නැති වෙනවා.ඉතින් මොකටද රස විදින්න තියෙන දේ රස නැති කරගන්නේ ඕනවට වඩා ඕකට ඇලිලා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි, හැමදාම පරිප්පුත් කන එක එපා වෙනවා වගේ තමා මේකත්.. යම් කිසි සීමාවක ඉදන් රසවිදීම විතරක් විතර්ක කරනවනම් අන්න ඕකේ.. එහෙම නැතුව ඉතින් ඇබ්බැහි වෙලා ඒ මත්තෙම ඉදගෙන අපරාධයන්ට යොමු වෙන එක තමයි ලොකුම කේස් එක..

      Delete
  13. දැන් වැල බලන්න හිතෙන්නෙත් නෑ මචෝ උඹේ මේ ලියුම කියෙව්වට පස්සේ! අනිවා හැබැයි කතා සේරම ඇත්ත බං! මං තාමත් දකිනවා අපේ වයසේ වැල හොයන කොල්ලෝ! එක අතකට ඒක මහා අපරාධයක්!

    අනික වැල හින්දා මුංට කෙල්ලෙක්ගෙ නිරුවත යන්තම් පේන චිත්‍රපටියක්වත් බලන්න බැරි වෙලා තියනවා! උදාහරණයක් විදියට මං කොල්ලෙක්ට දුන්නා හඳගමගේ “මේ මඟේ සදයි“ ෆිල්ම් එක! මූ ඒක බලලා කිව්වෙ මේං මෙචච්චරයි!

    “තන් දෙක වත් පෙන්නන්නෙ නෑ බං වැඩක් නෑ!“

    ඉතිං බලපං උගේ තරම!

    දිනේෂ් ලියලා තියන මේ ආටිකල් එක ඇත්තටම වැදගත් දෙයක්! නියමයි මචෝ!

    ReplyDelete
    Replies
    1. ඉදලා හිටලා එකක් බැලුවට අවුලක් නෑ මචං.. සිරාවට අපෙත් බුවාලා ඉන්නවා මට ලංකාවට එද්දී ඩීවීඩී අරන් එන්න කියන.. එහෙම හිතද්දී ඉතින් අනේ මන්දා..

      හෙහ්, ඒක ඉතින් සමහරුන්ගේ හැඟීම් වල ස්භාවය මචං.. අපිට ඒක වෙනස් කරන්න අමාරුයි.. දවසක උන්ම වෙනස් වෙනවා ඇරෙන්න.. එහෙම වුනොත් ඉතින් හොදයි..

      Delete
  14. ඇබ්බැහියක් නම් නෑ.. හැබැයි බලන ඒකනම් කරනවා. මොනවා උනත් වැදගත් කරුණු ටික

    ReplyDelete
    Replies
    1. අපිත් බලනවා තමයි මචං.. ඒ බලන අතරේ මේකත් ඔළුවේ තියා ගත්තට වරදක් නැහැනේ ඉතින්..

      Delete
  15. ඉතාම හොද ලිපියක්...මම හිතන විදියට මාධ්‍ය මගින් අවුස්සන කාමය පිට කරගන්න අපේ තරුණ පරම්පරාව විවිධ ක්‍රම අත්හදා බලනවා..සංස්කෘතික රාමුව තුල යම් යම් සීමා පැවතීමත්...තමන්ගෙ ආවේගයන් පිටකරගන්නට නොහැකිවීමත් යන කාරණා නිසා විවිධ සමාජ විරෝධී ක්‍රියා සදහාත් තරුණයන් යොමු වෙනවා. මේවාට විසදුම් සොයනවා නම් මා මතුකල කාරණයත් වෙසෙසින්ම සැලකිය යුතුයි.

    ප්‍රදීප්ගේ අවධානයට මේ ලිපිය යොමු කලෙමි. ශාස්ත්‍රානුකූලව ඉතා හොද පිළිතුරක් ඔහුගෙන් බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඇයියේ.. හුඟක් වෙලාවට මාද්‍ය වුනත් නොදැනුවත්වම සමහරක් දේවල් උලුප්පලා පෙන්වනවා.. කොටින්ම ලංකාවේ වෙබ් අඩවි තහනම පවා, මාද්‍ය වල වැඩියෙන් කියවෙද්දි නොදන්න එකා පවා උනන්දු වෙනවා ඒක ගැන.. ඉතින් කුතුහලය වැඩියි..

      අහ්, ඒක හොදයි අයියේ.. ප්‍රදීප් අයියට මේ ගැන හොද විස්තරයක් දෙන්න පුළුවන් වේවි.. ඒ හන්දා ඒකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා..

      Delete
  16. හොඳ පර්යේෂනාත්මක විග්‍රහයක් . 100%ක්ම වටින ලිපියක් කරුනු තෝරාබේරාගෙන ගවේෂනාත්මකව ලියල තියෙනවා.

    හැබැයි කාම චිත්‍රපටවලත් වර්ඝි කරණයක් තියෙනවා නම් තමයි හොඳ අමුම අමු කාම ෆිල්ම් නම් මටහිතෙන්නෙ නෑ මිනිස්සු පුරුද්දට ඒනම බලනවා කියලා සමහැර විට ඒවාටම ඇබ්බැහි වූ අයම ඉන්න පුලුවන්ත අනෙක් අතට ඒවා දැකපු ගමන් තේරෙන එකම දේ වෙලඳ පොලක් අනුව නිර්මාණය වු ඒවා බව. වෙනනම් ඒවයේ ගතයුත්තක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ.. වර්ගීකරණයක් තියෙනවා.. ඒත් හුඟක් වෙලාවට හැමෝම වගේ බලන්නේ ඔය වර්ගීකරණයේ අන්තිමටම තියෙන ජාතියේ ඒවා තමයි..

      ඇත්ත, ඔවුන්ට තියෙන්නේ වෙළදපොලක්.. හොදින්ම නිරුවතයි කාමයයි අලෙවි කරන්නයි ඔවුන් උත්සාහ කරන්නේ.. ඉතින් ඒක හුගක් වෙලාවට ඔවුන් සාර්ථක කර ගන්නවා..

      Delete
  17. ඇබ්බැහිය කොතනත් ගේන්නෙ අහිතකර ප්‍රතිඵලයක්මයි. අපේ රටේ නම් වෙලා තියෙන්නෙ නිසි ලිංගික අධ්‍යාපනයක් නැති වීම නිසා ළමයි ඒ අඩුව පුරවගන්න යන්නෙත් porn වලින් නෙ. ඉතින් උන් හිතනව මේ තමයි සාමාන්‍ය ජීවිතේ කියල.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි බං වැරැද්ද.. ඕක හදන්න ඉතින් ක්‍රමයක් ලංකාවේ නෑ.. හැබැයි ඉතින් මුල් කාලේ ඔක එහෙමයි කියලා හිතන ගොඩක් අය පස්සේ ඇත්ත තේරුම් ගන්නවා.. මේ අපි වගේ උන් එහෙමනේ.. ඒත් ඒක තේරුම් නොගන්න පිරිසක් ඉන්නවනේ.. අන්න ඒ අයට තමයි දවසක මේ දේවල් නිසා මානසික ප්‍රශ්ණ ඇති වෙන්නේ..

      Delete
  18. ඔ්ව බැලුවම Gray Matter (මොලේ සෛල) අඩුවෙනව කියලත් කොහෙද තියනව දැක්ක!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් ඉතින් මම දන්නේ නෑ මචං.. සමහර විට ඉතින් වෙන්නත් පුළුවන් ඇති බං..

      Delete
  19. අනේ මංද දිනේෂ් අයියෙ...
    ලිපිය විස්තරාත්මකයි...
    කරුණු දැක් වීම විශිෂ්ටයි..
    සෑහෙන්න මහන්සි වෙලා තියේ...
    අපේ හුගක්ම පෝර්න් ෆිල්ම් වලට ඇබ්බැහි වෙන්නෙ ඉස්කෝ ලෙ යන පොඩි වුං නෙ..
    උං අතර මේ වගේ කරුණු ගැන දැනුවත් භාවයක් ඇති කරන වැඩ සටහනක් තිබ්බ නං මේ වගේ ලිපි වලිං වටිනව

    ReplyDelete
    Replies
    1. එහෙම ක්‍රමයක් නැති හන්දා ඉතින් අපි මෙහෙමවත් ලියලා දාමු.. අඩුගානේ එකෙක් දෙන්නෙක්වත් කියවාවිනේ කියලා හිතලවත්..

      Delete
  20. ඔබ තවමත් සාමාජිකත්වය ලබා නොගත්තේද?
    ▪ තාක්ෂණික ගැටළු
    ▪ එදිනෙදා ජිවිතයේ පැන නගින ගැටළු
    ▪ අන්තර්ජාල මුදල්
    ▪ ඇතුළු අනෙකුත් ඕනෑම ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
    ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න

    http://lktips.com

    ReplyDelete
    Replies
    1. ඉඩ තියෙන වෙලාවක ගොඩ වෙන්නම්කෝ.. ස්තූතියි..

      Delete
  21. ආයේ බලලා බලන්න ඕනේ මෙහෙම වෙනවද කියලා

    ReplyDelete
    Replies
    1. හෙහ්, මම ඉතින් කිවුවා කියලා හිතා ගනින්කෝ..

      Delete
  22. හොඳ ලිපියක්. මේ සියළු කාරනාවලට එකඟයි. මෙය ඇබ්බැහියක් කරගැනීම තමයි තියෙන ගැටළුව. තමන්ගේ බිරිඳ/සහකාරිය සමග මේ රසය/දැණුම බෙදාගැනීමත් වරදක් නොවේ. බොහෝ කාර්යබහුල ජෝඩු තමන්ගේ ආතතියෙන් මිදී ලිංගික උත්තේජනයක් ලබාගැනීමටත් සයනයේ සිට නරඹා ,ලිංගික කර්තව්‍යයේ යෙදෙනවා. සම්ප්‍රදායික දකුණු ආසියානු ප්‍රජාව තුල නිදහස් ලිංගික සුවය ගැන ඇති දැණුම සීමිත නිසා..ඒය වර්ධනයටත් රුකුලක් කර ගත හැකියි. ඒ තමයි සාධනීය ලක්ෂන. බැහැර කලයුතු සහ පිලිකෙව්කල යුතු දේ ඔබේ ලිපියේ මැනවින් පහදා තිබෙනවා. එවැනි අසාමාන්‍ය තත්වයන්ට පත්වූ අය ගැන පෞද්ගලිකව මා දන්නා කරුණුත් රාශියක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. //බොහෝ කාර්යබහුල ජෝඩු තමන්ගේ ආතතියෙන් මිදී ලිංගික උත්තේජනයක් ලබාගැනීමටත් සයනයේ සිට නරඹා ,ලිංගික කර්තව්‍යයේ යෙදෙනවා.//

      යුරෝපීය සමාජයට එද්දී ඔය කතාව නම් ඇත්ත අයියේ.. ඒ ගැන මමත් අහලා තියෙනවා.. ඊලහටම අයියා කියපු දේත් ඇත්ත.. ගොඩක් වෙලාවට ආසියාතික සමාජයේ බොහෝමයක් කාන්තාවන් මේ ගැන දක්වන්නේ අප්‍රසන්න හැඟීමක් නිසා ඔය උඩින් කියපු කාරණාව කර ගන්න පුළුවන් වෙන්නේ නැහැනේ.. අන්න එතකොට නම් පවුල් සංස්ථාවල ප්‍රශ්ණ ඇති වෙන්න පටන් ගන්නවා අර මම උඩින් කිවුව කාරණා වල විදිහට..

      Delete
  23. ගොඩක් කාලෙකින් ඔන්න මේ පැත්තෙ ආවෙ, මෙන්න කවුරුත් කතා නොකරන සමාජය දැනුවත් විය යුතුම මාතෘකා. වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් සෑහෙන්න කාලෙකින්නේ මේ අයියව දැක්කේ මේ පැත්තේ..

      Delete
  24. වටිනා ලිපියක් සහෝ.. මේක හිත ගන්නත් බැරි තරමේ ලොකු ඉන්ඩස්ට්‍රී එකක් වෙලා නේද දැන්. මං ඉතින් හැමදේකදිම වගේ ඉන්නේ ඕනෑම දෙයක් ඕනවට වඩා හොද නෑ කියන තැන නේ.

    ReplyDelete
    Replies
    1. අපි හිතනවට වැඩිය ලොකු වෙළදපොලක් මේකට තියෙනවා.. කොටින්ම රඟපාන අය සමාන්‍ය ගානක් ඉපැයුවට වෙළදාමෙන් ඊට වඩා සෑහෙන්න නිෂ්පාදකයෝ හොයනවා..

      Delete
  25. වටිනා උත්සහයක් මලේ... මම නම් හිතන්නේ අටේ නමයේ කාලෙදි කුතුහලයත් එක්ක ම වයසෙ වැරැද්දට එන හැඟීමක් හින්දා තමයි බලන්න පුරුදු වෙන්නෙ කියලා. ටිකක් කල් උපරිමේටම තිබිලා කාලයත් එක්ක ම හරිනම් අඩුවෙලා යනවා. හැබැයි එහෙම නොවුණොත් තමයි කේස් එක. ඒක අන්තිමට මානසික ලෙඩක් වෙලා තමයි නවතින්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ.. ඔය කාලෙදි තමයි ඕන කම එන්නේ.. කොටින්ම ඉතින් සෞඛ්‍ය පාඩම තිබ්බට ලංකාවේ ඒක උගන්න්න්නෙවත් නැති එකේ මෙහෙම දේට පෙළඹේන එක සමාන්‍යයි..

      Delete
  26. වැදගත් ලිපියක්
    මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න ඊයෙම ඒ පැත්තට ගොඩ වුනා..

      Delete
  27. ගොඩක් මහන්සිවෙලා ලියපු ලිපියක් දිනේශ්.

    කොයි දේටවත්, ඇබ්බැහිවීම තමා නතර කරගන්ටම බැරි.

    ReplyDelete
    Replies
    1. වෙනදට ඉස්සෙල්ලාම එන්න එක්කෙනා මොකෝ අද පරක්කු වෙලා??

      Delete
  28. අම්මෝ බය හිතෙනවා... :D

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්