Thursday, 8 May 2014

දෙඅතක අපි ලං වී



" මට ඔයාව දකින්න ඕන.."

හුඟක් වෙලාවක් තිබුන නිහැඬියාවට පස්සේ මම කිවුවා.. ඒ තරම්ම දුරක නොහිටියා වුනත් අපි අතර මේ තරම් වෙලාවක නිහැඬියාවක් තිබුනේ ඇයි කියන්න මට වත් හිතා ගන්න බෑ.. ඒත් ඇය තාමත් නිහඬයි..

" මට ඔයාව දකින්න ඕන.." මම ආයෙම වතාවක් කිවුවා..

" මට බැහැ.."

මොහොතකට හිතුනේ ඇය කතා කලේ තරහවකින් කියලා.. ඒත් ඒ වචන අස්සේ කේන්තියකට වැඩිය තියෙන්නේ දුකක් කියලා තේරුම් යන්න ඒ තරම් වෙලාවක් ගියේ නැහැ..

" ඔයා අඬනවද?"

" නැහැ.."

වචන වලින් බොරු කලත් ඒ සුසුම් හඬ බොරු කරන්න ඇයට පුළුවන් වුනේ නැහැ.. එක දිහටම වේදනාවත් එක්ක ඇහුන ඒ සුසුම ඇයටත් වැඩිය මගේ හිතට මහ බරක්.. ඒත් මට කරන්න දෙයක් තිබුනේ නෑ.. මට ඕන වුනේ ඇයට ලං වෙන්න.. ඇයව දකින්න.. ඒත් මට ඒකට කිසිම ඉඩක් තිබුනේ නෑ.. මම බලාගෙන හිටියා ඇයම කතා කරනකන්.. හුඟක් වෙලා..

" ඇයි ඔයා මුකුත් නොකියන්නේ?"

ටික වෙලාවකින් ඇයම ඇහුවා.. ඇත්තටම මම මොනවද කියන්නේ.. මම කල්පනා කලා.. හුඟක් කල්පනා කලා.. අපි අතර ආයෙම අර පුරුදු නිහැඬියාව එකනක්ම මම කල්පනා කලා..

" ඔයා හිතනවා.."

" ඔවු, කතා කරන්න දෙයක්.."

" හ්ම්ම්.."

" ඇයි?"

" ඇත්තටම අපිට කතා කරන්න දෙයක් නැද්ද?"

" තියෙනවා, හුඟක් දේවල්.. ඒත් ගලපගන්න බෑ.."

" ඔයා කියන්න, මම අහන් ඉන්නම්.."

මම හිනා වුනා, ඒ එයා කිවුව වචන වලට..

" ඇයි හිනා වෙන්නේ?"

" නිකන්, හැමදාම කතාකරන්නේ මම අහන් ඉන්නේ ඔයානේ.."

ඒ වතාවේ ඇය හිනා වුනා විතරයි.. ආයෙම පුරුදු විදිහට එයා හිටියේ කල්පනාවක.. එක පාරම මට ඒ කල්පනාව බිදින්න ඕන වුනේ නෑ.. ඇගේ සුසුම් අපි අතර සජීවි බවක් එකතු නොකරන්න හැම දෙයක්ම පාළුවට යන්න ඉඩ තිබුනා..

" ඔයාට මොනවද පේන්නේ?"

ටික වෙලාවකට පස්සේ මම ඇහුවා.. මට ඇයව දකින්න ඕන කම තිබුනත් ලෝකය දකින්න තරම් පුළුවන් කමක් නොතිබුන හන්දම මම ඇය තුලින් ඒ දේවල් දකින්න උත්සාහ කලා.. හැමදාම වගේම..

" ලස්සන මුහුදක්.. හැබැයි අපි ඉන්නේ වෙරළක නෙමෙයි..

" හ්ම්ම්.."

" ඒත් ඒ මුහුද හරි ලස්සනයි.. දැන් හැන්දෑව.. ඉර බහින්න ලග හන්දා මුහුදේ තියෙන අඳුරු පාටට මම හරි ආසයි.. ඒකයි හුඟක් වෙලා ඉදන් ඒ දිහා බලාගෙන ඉන්නේ.."

" වෙන මොනවද තියෙන්නේ?"

" පූසෝ, පරවියෝ, ගස් තියෙන පින්තූර ගොඩක්.. ඒත් මම වැඩියෙන් කැමති මුහුද තියෙන පින්තූරෙට.."

" මට හිතුනා.."

" ඒ කොහොමද?"

" ඔයා හැමදාම මට කියන්නේ මුහුදේ ලස්සන ගැන විතරක් හන්දා.."

" දැන දැනමත් ඒ දේ ගැනම හැමදාම අහන්නේ?"

" අපි ජීවත් වෙනවා කියලා දැනෙන්න ඕන නිසා.."

ඇය ආයෙම නිහඬ වුනා.. වෙලාවකට හිතෙනවා මම කියන දේවල් ඇයව නිතරම රිද්දවනවද කියලා.. ඒත් ඒ රිදුම ඒ වේදනාව අතරේ අපි අපිටත් නොදැනිම ජීවත් වෙනවා.. අඩුම ගානේ එක මොහොතක් හරි සතුටින්..

" මම ආසයි ඔයාව දකින්න.."

මම ආයෙම ඒ ප්‍රශ්ණේම ඇහුවා.. ඇයටත් දැන් ඒකට උත්තර දීලම එපා වෙලා ඇති.. ඒකමයි දැන් මම ඒ දේ අහද්දී මුකුත් නොකියම ඉන්නේ..

" මම ඉන්නේ ඔයා ලගමයි.. ඔයාට දැනෙන්නෙත් මාවමයි.. ඉතින් දකින්න තරම් දෙයක් තියෙනවද?"

" ඔවු.."

" මොනවද?"

" අපේ ජීවිතය.."

" හ්ම්ම්.."

" අපිට ඕන විදිහට ලගින් ඉන්න තිබුනනම් මේ තරම් ඈතක් අපි ලග දැනෙන එකක් නැති වේවි.."

" අපි ලඟයි, ඒ හුඟක් දුරකින්.."

"හ්ම්ම්.."

" ඉන්න කවුද එනවා.."

ඇය හදිස්සියෙම වගේ නිහඬ වුනා.. 

................................


" මේ තියෙන්නේ මං ගාව තියෙන වටිනම කාසිය.."



" ගති බං.. ඒත් අපරාදේ උඹ මේක ෆ්‍රේම් කරායින් හොදම පැත්ත බිත්තියට කවර් වෙලානේ.."



" ඔවු බං.. මොනවා කරන්නද ඉතින්.."

.................................








51 comments:

  1. දැන් කොහොමද කාසියක කතාවක් මෙතනට ආවේ? මට මුකුත් හරි මිස්වුනාවත්ද?

    ReplyDelete
    Replies
    1. නෑනේ මුකුත් මිස් වුනේ නෑ.. මේක ඒ කාසියක දෙපැත්තක දෙබසක්.. ආයෙම සුට්ටක් කියවලා බලන්නකෝ අක්කෝ.. ^_^

      Delete
  2. ඔහු දෙනෙත් අඳ පෙම්වතෙක්. ඇය අපිරිමිත සෙනෙහසින් ඔහුට ඇගේ නෙත්වලින් ලෝකය පෙන්වන පෙම්වතිය. හෝ ඔහුගේ බිරිඳ. එතකොට මේ කාසියේ කතාව...??

    හෝවූ හෝවූ.. හරි හරි. ඔන්න තේරුනා. කාසියක දෙපැත්ත තමයි ඉහත දෙබස් ගොඩනගන්නෙ. ඔහු, බිත්තියට කවර් උන පැත්ත. ඇය නිරාවරණය වූ පැත්ත.

    \\" ඉන්න කවුද එනවා.."

    ඇය හදිස්සියෙම වගේ නිහඬ වුනා..
    //
    මේ කීවෙ අර ඇවිදගෙන ආව යාලුවො දෙන්න දැකල. මං හරි නේද? ඔබ කාසියක දෙපැත්ත දුටු කලාත්මක සංවේදී ආකාරය කොච්චරනම් අපූරුද..

    ReplyDelete
    Replies
    1. හ්ම් ....................

      මනෝෂ් කියුවට පස්සේ මටත් එහෙම හිතුණා. ඒත් කාසියේ කතාව මුලින් නම් තේරුණේ නෑ, දිනේෂ් කියමුකෝ බලන්න කාසිය සම්බන්ධ වුණ විදිහ......

      Delete
    2. මුල ඉඳලම කාසිය ගැන තමා කියල තියෙන්නෙ කුරුටු. කාසියේ දෙපැත්තක කතාව. බලමු දිනේශ් මොකද කියන්නෙ කියල.

      Delete
    3. මනෝෂ්, ඔබ හරි..

      //ඔහු දෙනෙත් අඳ පෙම්වතෙක්. ඇය අපිරිමිත සෙනෙහසින් ඔහුට ඇගේ නෙත්වලින් ලෝකය පෙන්වන පෙම්වතිය. හෝ ඔහුගේ බිරිඳ. එතකොට මේ කාසියේ කතාව...??//

      සෑහෙන්න දුර හිතල තියෙන පාටයි.. නෑ නෑ මේ පෙම්වතා වෙන කාසියේ අනික් පැත්ත ඉන්නේ බිත්තියට මුවා වෙලා.. ඉතින් අනික් පැත්තේ ඉන්න පෙම්වතියගෙන් තමයි විස්තර අහන්නේ..

      Delete
    4. කුරුටු ඩෑ ගී පවුර, කාසියේ සම්බන්දයක් කියන්නේ මේ කාසියක දෙපැත්තක කතා බහක් තමයි.. මේක මේ "හිතක් කතා කරයි" ලේබල් එකේ ඒවනේ.. ඒ හන්දා ඉතින් මේ මට හිතෙන විකාර තමයි.. ;)

      Delete
    5. මටත් මුලදි හිතුෙණ අඳ ෙපම්වෙතක් සහ ෙපම්වතියක් ගැන කතාවක් කියල... ෙකාෙහාම වුණත් ලස්සනයි...

      Delete
  3. අම්මා අද නං තේරුං ගන්න සෑහෙන වෙලාවක් ගියා...
    ගියා කියන්නෙ හොදටම නෑව...
    ලොල්.....
    පට්ටයෝ.....

    ReplyDelete
    Replies
    1. හික්ස්, හා හා හොදට සබන් එහෙම ගෑවනේ?

      Delete
  4. දෙපාරක් කියවලා තමයි තේරුම් ගත්තේ මේ කතා කරන්නේ රාමු කරපු කාසියේ දෙපැත්ත කියලා . උඹත් කරන වැඩ අම්මපා

    ReplyDelete
    Replies
    1. නැතුව බෑනේ බං ඉතින්.. පොඩි ලල් එකක් තියෙන්නත් ඕනනේ.. නැද්ද මං අහන්නේ..

      Delete
  5. මරු බං... බිත්තියේ එල්ලපු සැමරුම් කාසියක දෙපැත්ත කතා කරන්නේ.. නියමෙට නියමයි. අනර්ඝයි

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු, එහෙනම් දේශා ඉක්මනට තේරුම් අරන් තියෙනවා.. ;)

      Delete
  6. මොන දෙපාරක්ද.....එක පාරින්ම තේරුම් ගියා කොමෙන්ට්ස් කියෝල

    ReplyDelete
    Replies
    1. අපරාදේ.. කියවල බලහං නැත්නං වැඩක් නෑ

      Delete
    2. දේශා කියෙව්වා වගේ හැක්

      Delete
    3. වැව් ඉස්මන්ත්ත, එවුවා හොර වැඩ හරී.. :P

      Delete
    4. දේශා, අනේද කියන්නේ අපරාදෙනේ මගේ මහන්සිය..

      Delete
    5. ඉවාන්, කියන්න බෑ තමයි.. දේශකයා ගැන අපි නොදන්නවයි ඉතින්..

      Delete
    6. ඉවාන් බොලා මාතලංගේ ලනුවක් කාලා. ඒකට මට කරන්න දෙයක් නෑ ඇත්තටම...

      Delete
    7. ඒ මොකද්ද ඒ සීන් කෝන් එක...

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඊයේ ඩ්‍රාෆ්ට් එකේ එක බැළුවනම් තේරෙන්නෙම නෑ තමා.. මොකො ඒ වෙලාවේ මම ෆොටෝවත් දාලා තිබ්බේ නැහැනේ.. හික්ස්..

      Delete
  8. මටත් දෙවනි පාරත් කියෙවුවමයි බං වැඩේ ලාවට වගේ මොලේට වැටුනෙ. :)

    වැඩේ තේරුනාට පස්සෙ තවත් පාරක් කියෙවුවා.

    පට්ට.

    ReplyDelete
    Replies
    1. එල එල.. දෙතුන්පාරක් කියවන්න පෙළඹේන එකම මදැයි බං ඉතින්..

      Delete
  9. නියමයි ඈ කාසි කතා කරයි වගේ ,එක අමතක කරලා වුණත් හිතන්න හොද කතාවක් ඇත්තටම ,සුපිරි... මං කැමැති මේ කතාවට

    ReplyDelete
    Replies
    1. ඕනනම් මේක ආදර කතාවක් විදිහට බලලා නිකන් ඉන්නත් පුළුවන් නැත්නම් ඉතින් මගේ කාසි කතාව විදිහට හිතන්නත් ඉඩ කඩ තියෙනවා හෙමිහිට.. :)

      Delete
  10. එකම කාසියක දෙපැත්ත පට්ටයි ආ, වෙනස්ම විධියකට දැකලා මෙහෙම ලියවෙනවා කියන්නේ ඉතින් හෙට අනිද්දට අපිට පොතකුත් කියවන්න හම්බ වෙයි නේ? ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, පුළුවන් කම ආවොත් මේ අවුරුද්දෙම දෙන්නම් මචං.. මගේ හීනෙත් ඒකනේ ඉතින්..

      Delete
  11. කාසියයි මූදු වෙරලක පින්තූරෙයි කොහොමද සම්බන්ධ වෙන්නේ ? කතාව එකිනෙකට ස්වායත්ත කොටස් දෙකක් කියලයි මට හිතුනේ. පහදන්න

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මධු අයියේ.. මේ සම්පූර්ණ දෙබසම යන්නේ කාසියක දෙපැත්තක් අතර කියලා හිතන්නකෝ.. රාමුකරපු වටින කාසියක බිත්තිය පැත්තේ තියෙන මුහුණත තමයි පෙම්වතා.. ඉතින් මේ කතා බහ එහෙම එකක්..

      Delete
  12. මහන්සි වෙන්න ලැබුනෙ නෑ දේශකය කතාව කියල නෙව.(අම්මප ඌටත් වැඩක් නෑනේ).
    අගේ ඇති කත‍ාව

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. දේශකයා කලොත් ඔහොම වැඩක්ම තමයි..

      Delete
  13. මට බලපු වීඩියෝ එකක් මතක් උනා. රෝහලක ඉන්න රෝගීන් දෙන්නෙක්. එක රෝගියෙක් ගේ ඇස් පේන්නේ නෑ. ඉතිං අනිත් කෙනා ජනේලෙන් පේන දේ පැහැදිලි කරනවා. හැබැයි බලපුවහම ජනේලෙන් එළියේ මොකුත් නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, එහෙම වීඩියෝ එකක් බලපු මතකයක් නම් මට නෑ.. මේ දවස් වල බුකියේ නම් හොද වීඩියෝ ශෙයාර් වෙනවා.. බලමු අහු වෙයිද කියලා මටත්..

      Delete
  14. අපූරු ආකෘතියක්නේ මලයා...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු නලීන් අයියේ..

      Delete
  15. අයියෝ සල්ලි. අදනම් හොඳටම රැවටුනා!

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් හැමදාම කියන්නේ ඕකනේ..

      Delete
  16. හැමදාම උබෙ පොස්ට් කියවද්දි හිතෙන්නෙ උබ හෙන කාලෙකින් කියලා.. :D මං මාස 4කින් 5කින් ඇවිල්ලා අහ් හුග කාලෙකින් කියලා ලියලා යන එක තමා ඇත්තටම වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. යලට මහට මුංට බ්ලොග් මතක් වෙන්නෙත්..

      Delete
  17. මට ඔයාව දකින්න ඕන කියල කොච්චර කිව්වත් එයා මං ළග නැනේ.....
    මට මතක් උනා...... මගේ හැගීම්.....
    අන්තිමට දුක විතරයි......
    ඔහු ඒවි...... ඒත් පරක්කු වෙලා....
    සැම පෙම්වතුන්ටම හොද කතාවක් මේක
    common

    ReplyDelete
    Replies
    1. හුඟක් වෙලාවට වෙන දෙබසක් තමයි ඉතින් මේක.. ආදරේ හැටි වෙන්න ඇති..

      Delete
  18. මොකක්ද බං ඔය කාසිය.?
    ඔය කාසි නිසාත් අපිවත් කොයි තරම් අය රවට්ටනවාද.?
    අපිත් කොයි තරම් රැවටිලා ඇතිද...?

    ReplyDelete
  19. එක්වරම තේරුම් ගන්න අපහසු උනා...කමෙන්ට් කීපයක් කියවලා නැවතත් මුල ඉදන් කියෙව්වාම තමයි කථාවේ කියවෙන කාරණය ගැන වැටහීමක් ලැබුනෙ...අපූරුයි...මේ වගේ දෙයක් සැබෑ ජීවිතයේදීත් වෙන්න බැරිද ?

    ReplyDelete
  20. ලස්සනට ගලපලා තිබ්බා මචෝ.. සුපිරි අන්තිම පේලි තුනෙන් මුළු කතාවේම අර්තේ කාසියකට ගෙනාව.. කාසියක් ගැන කිවුවත් වෙනමම කතාවක් සුපිරි

    ReplyDelete
  21. උඩ ඉඳන් පල්ලෙහාට සොඳුරු ප්‍රේමවන්තයින් දෙදෙනෙකුට මැදිවෙලා කතාව රසවිඳගෙන ආවා. අන්තිමට කාසිවලින් පස්සේ හිතන්න ගත්තා. කමෙන්ට්ස් නොතිබුනා නම් හිතාගන්න අමාරුයි. අමුතු ආකෘතියක්. දිනේෂ්...කතා ආකෘති මවන්නෙක්. ජයවේවා.

    ReplyDelete
  22. කොමෙන්ට්ස් නිසා තමයි හරියටම තේරුම් ගත්තේ, කියවපු ගමන් මට මුකුත් හිතාගන්න බැරි උනා, කොහොම උනත් පට්ටයි දිනේෂ්....

    ReplyDelete
  23. මෙයා මාර ගති ගති නිර්මාණ කරන්න පටන් අරගෙන නේ. සිරාවටම සිරා..

    ReplyDelete
  24. ඇත්තටම කලාත්මක නිර්මාණයක්! හිතන්න දෙයකුත් තියෙනවා..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්