Wednesday, 28 May 2014

රන් වෙළඹ



දවස් තුනකට පස්සේ ඔහු හිටියේ මිටියාවත පේන මානයෙන්.. මිටියාවත පහුකරන් යන එක හිතන තරම්ම ලේසි දෙයක් නොවුනත් ඔහුට ඒක කරන්නම ඕන වුනා.. ඔහු ඇවිදන් ගියා.. මිටියාවත දිහාටම.. ඔහු තරුණයෙක්.. වෙහෙසකර ගමන ගැන ඒ තරම්ම තැකීමක් නොකරම ඔහු  ඇවිදන් ආවා.. දැන් ඔහු පය තැබුවේ මිටියාවතට.. හාත්පසම කොළ පාටින් වැහිලා ගිය පොළව ඇරෙන්න ඔහුට වෙන කිසිම දෙයක් පෙනුනේ නෑ.. ඔහු කල්පනා කලා.. මොහොතක් දෙකක්..

ඔහු වැඩි වෙලාවක් නොගෙනම පිවිසුනේ මිටියාවතට.. පාළු හුදෙකලා
මිටියාවත අතරින් ඔහු ඇවිදන් යන්න වුනා.. ඔහුට දැනුනේ තනිකමක් විතරයි.. යන්තමට තිබුන මීදුමට මිටියාවතේ ඈත කෙළවර වැහිලා ගිහින්.. ඒ හන්දම යන්න ඕන දුර කොච්චරද කියලවත් හිතා ගන්න ඔහුට පුළුවන් කමක් තිබුනේ නෑ.. ඒත් ඔහු ඇවිදන් ගියා..

මිටියාවත දිගේ හමාගෙන ආව හුළග ඔහුට බාධාවක් නොවුනත් ඒ අතරින් නොයෙක් කටහඬවල් ඇහෙන්න උනා.. ඔහු මොහොතකට නැවතුනා.. හාත්පසම තිබුනේ පාළු බව වුනත් ඔහු හැමදෙයක් දිහාම ඕන කමින් බැළුවා.. ඒ, මේ මිටියාවත ගැන කලින් අහලා තිබුන කතා නිසාම.. ටික වෙලාවකට ඒ කටහඬවල් ආයෙම ඇහුනේ නෑ.. ඔහු ආයෙම ගමන යන්න පිටත් වුනා..

ඔහුට දැනුනේ දැඩි වෙහෙසක්.. මිදුම හන්දම මිටියාවතේ නිමාවක් ඔහුට පෙනුනේ නෑ.. අඩුම තරමේ වතුර ටිකක් හොයා ගන්න තැනක්වත්.. ඉනේ තිබුන කඬුව පැත්තකින් තිබ්බ ඔහු මිටියාවතේ ටිකකට හාන්සි වුනා.. අනතුරක සේයාවක් නොතිබුන නිසාත් ගමනේ තිබුන වෙහෙසකර බවත් හන්දම තද නින්දකට වැටෙන්න ඔහුට ඒ තරම්ම වෙලාවක් ගියේ නෑ..

.......................

ඔහුට ආයෙම කටහඬවල් ඇහෙන්න වුනා.. යන්තමට ඇස් ඇරලා බලද්දි ඔහු ඉදිරියේ හිටියේ මහළු කාන්තාවක්.. ඇය ඔහු දිහාම බලාගෙන හිටියා..

" කවුද නුඹ?"

ඇය ඔහුගෙන් ඇහුවා.. පිළිතුරක් දෙන්න කලින් ඔහු ඈ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.. අනතුරක සේයාවක් ඇගෙන් නොතිබුන හන්දම ඔහු ඈට පිළිතුර දුන්නා..

" මම තෝමස්.."

" තෝමස්, මේ පාළු මිටියාවතේ මොකද කරන්නේ?"

" මම රන් වෙළඹ හොයාගෙන යනවා.."

ඇය ඔහු දිහා බැළුවේ විමතියෙන්.. එක මොහොතකට ඇගේ කලින් තිබුන සරළ පෙනුම වෙනස් වුනාද කියලා ඔහුට හිතුනා..

" රන් වෙළඹ?"

" ඔවු.."

" ඔබ කොහොමද රන් වෙළඹ ගැන දන්න්?"

" මම අහලා තියෙනවා.. ඒ ගැන කතා නොකරන කවුරුවත් ඉදියි කියලා මම හිතන්නේ නෑ.."

" එහෙනම් ඔබත් අනික් අය වගේම යන්නේ රන් වෙළඹව අයිති කර ගන්න.."

" ඔවු.."

ඇය මහ හයියෙන් හිනා වුනා.. ඒ හිනාවේ තිබුනේ මහා භයානක බවක්.. ඒක ඔහුට හොදින්ම තේරුණා.. ඔහු කෝකටත් කියලා  තමන් ලග තිබුන කඬුව අතට ගන්න බැළුවා.. ඒත් ඒක කලින් ඔහු තිබ්බ තැන තිබුනේ නෑ.. හොදින් බලද්දීයි ඔහු දැක්කේ  ඒක ඇයගේ දිගු සළුවෙන් වැහිලා තියෙනවා.. ඔහු ටික වෙලාවකට කලබල වුනා..

" එහෙනම් නුඹටත් වෙන්නේ අනිත් අයට වුන ඉරණමමයි.."

" ඒ මොකද්ද?"

ඔහු හිතේ තිබුන බය ඇයට නොපෙන්නා කතා කලා..

" රන් වෙළඹ ගැන කතා අහපු නුඹ ඒ ගැනත් අහලා නැති වෙන්න බෑ.. ජීවිතේ ගැන ආසාවක් තියෙනවනම් ආයෙම යන්න.. නුඹ තාමත් ප්‍රමාද නැහැ.." 

" නැහැ, මම මේ ගමන යායුතුයි.. ඒ හැම දෙයක් ගැනම මම දැනගෙනයි ආවේ.. ගමන දුශ්කරයි, අනතුරු වැඩියි.. ඔබ මොනවා කිවුවත් මට මේ ගමන නවත්තන්න පුළුවන් කමක් නෑ.."

" නුඹ ශක්තිමත්.. නුවණක්කාරයෙක්.. ඒ වගේම හිතුවක්කාරයෙක්.."

ඇය ඔහුට ලං වෙමින් කිවුවා.. ඔහු තවමත් හිටියේ තැතිගැන්මෙන්.. ඒ ඇය මොනවා කරයිද කියලා විශ්වාසයක් නොතිබුන හන්දා..

" මම ඔබට දෙයක් කියන්නම්.. නිම්නය අවසන් වුනාම ඔබට කිසිම දෙයක් හොයා ගන්න පුළුවන් වෙන්නේ නෑ.. ඒත් එතන යමක් තියෙනවා.. මේ නිම්නයට ආව හුඟක් දෙනෙක්ට මරණය උරුම වුනේ ඔතනදි.. නුඹ නුවණක්කාරයි.. ඒ නුවණ පාවිච්චි කරන්න.."

එක පාරම ආවේ තද හුළගක්.. ඒ හුළඟත් එක්කම ඇය මොහොතකින් ඔහු ළඟින් නොපෙනි ගියා.. ඇය හිටපු තැන් ඉතුරු වුනේ ඇඟේ සළුවට වැහුන ඔහුගේ කඬුව විතරයි.. ඈත මීදුම කලින් තිබුනට වැඩිය අඩුවෙන් පේන්න තිබුනේ.. ඔහු ඇවිදන් ගියා.. මිටියාවතේ අනෙක් කෙළවර හොයාගෙන..

ගමන පුරාවටම ඔහුගේ හිතට ආවේ ඇය කියපු වචන.. ඔහුට දැනුනේ සැරින් සැරේ එන හුළගේ සද්දෙත් එක්ක ඒවා ඔහුට ඇහෙනවා වගේ.. ගමන වෙහෙසකර වුනත් ඔහු අවසානයේ නිම්නයේ කෙළවරටම ආවා.. ඒත් ඔහු ඒ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.. ඇය හරි.. නිම්නය අවසානයේ කිසිම දෙයක් නැහැ.. කොටින්ම හැම දෙයක්ම නිම්නය අවසානයෙන් කෙළවර වෙලා.. ඈතින් තිබුනේ කලින් වගේම තද ම්දුමක් විතරයි..

පහල තිබුනේ පතුලක් නොපෙනන තරම් වුන ගැඹුරු ආඟාදයක්.. ඔහු ටික වෙලාවක් ඒ දිහා බහාගෙන හිටියා.. ඒත් මෙය අවසානයම නොවෙන බව ඔහුගේ හිතට දැනුනා.. ඒ එක්කම වගේ ඔහුගේ මතකයට ආවේ මැහැල්ල කියපු කතාව.. හුඟක් ඕන කමින් වට පිටාව දිහා බැළුවා වුනත් නිම්නයේ අවසානයෙන් එහාට යන්න තැනක් ඔහු දැක්කේ නෑ.. ඔහු ටිකක් වෙලා කල්පනා කලා..

ටිකකින් ඔහු දැක්කේ ඈතින් පියාඹගෙන එන ළිහිණි රංචුවක්.. උන් ඔක්කොම පියාඹගෙන ආවේ එකම පොදියට නොවුනත් උන් ආවේ එකම පැත්තකට.. නිම්නයේ ඔහු හිටගෙන හිටිය හිස් අවකාශය දිගේ උන් පියාඹගෙන ගියා.. ඒත් එක තැනකදී උන් පියාඹන උස වෙනස් කලා..  ඒ දිහා ඔහු හොදින්ම බලාගෙන හිටියා.. ළිහිණි රංචුව ඇයි එහෙම කලේ කියලා ඔහු කල්පනා කලා..

ඔහුට ටිකකින් කල්පනාවට ආවේ නිම්නයේදි හමුවුන මැහැල්ල කියපු
කතාව.. එහෙනම් ඇය කිවුවේ මේ ගැන වෙන්න ඇති කියලා ඔහුට හිතුනා.. ළිහිණි රංචුව ගමන වෙනස් කල තැනට ඔහු ලං වුනා.. නමුත් ඉවසිලිවන්ව.. ඇගේ උපදෙස ගැන ඔහුට තේරුණේ ඒ වෙලාවේ.. එතන යමක් තියෙනවා.. නොපෙනන පාළමක්.. ටිකකින් ඔහු පාළමට ගොඩ වුනා.. බොහෝම ඉවසිල්ලෙන් නොපෙනෙන පාළමේ හුඟක් කිට්ටුවෙන් පියවර තියාගෙන ඔහු ඇවිදන් ගියා.. කලින් මීදුම හන්දා නොපෙනුන දේවල් දැන් ඔහුට පේනවා.. ඒත් ඔහු ඇවිදන් ගියේ මහා ලොකු කන්දක තියෙන ගුහාවකට..

නොපෙනෙන පාළමෙන් හෙමීට ඇවිදන් එන්න ඔහුට හුඟක් වෙලා ගෙවුනා.. ඒත් ඒක ගැන ඔහු හිතුවේ නෑ.. ගුහාව අඳුරින් වැහිලා තිබුනේ.. ආලෝකයක් හොයාගන්න පුළුවන් කමක් ඔහුට තිබුනේ නෑ.. ඔහු ටික වෙලාවක් එහෙමම නැවතිලා හිටියා.. ඒ අඳුරට දෑස් හුරු වෙනකන්.. ඊට පස්සේ හෙමීට ඇවිදින්න පටන් ගත්තා..

ඔහුගේ දෙපාවලට දැනුනේ සීතලක්.. ඒ හෙමිහිට ගලාගෙන එන වතුර පහරකින්.. ඒක ටිකින් ටික වැඩි වෙනවා කියලා ඔහුට දැනුනත් ඒක දකින්න ඔහුට පුළුවන් වුනේ නෑ.. ඔහු ඉසරහටම ඇවිදන් ගියා.. ටිකකින් දෙපා වලට විතරක් දැනුන වතුර පහර ඔහුගේ මුළු ඇඟටම දැනෙන්න වුනා.. ඒ ඉහලින් වැටෙන වතුර පහර නිසා.. ඒක එතරම්ම තදින්ම නොවැටුන නිසා ඔහු ඇචිදන් එද්දී ඈතින් යන්තම් එළියක් දැක්කා.. ඔහු ඉක්මනට ඒ දිහාවට ඇවිදන් ආවා..

ගුහාව ඇතුලේ තිබුන අඳුරෙන් එළියට එද්දී ඔහු හිටියේ දිය ඇල්ලක් යට.. ගුහාව ඇතුලෙදී පවා ඔහුට දැනුනේ ඒ දිය ඇල්ලේ වතුර පහර.. ඒත් එක්කම වගේ ඔහු බැළුවේ ඒ අවට පරිසරය දිහා.. ඒ හැම දර්ශණයක්ම ඔහු කලින් දැකලා තිබුනට වැඩිය සුන්දර පරිසරයක්.. ඔහුගේ දෑස් පුදුම වුනා.. නොයෙක් වර්ගයේ ගස්, සත්තූ හැම දෙයකින්ම කිසිම අඩුවක් ඒ වටපිටාවේ තිබුනේ නෑ..

රන් වෙළඹ ඉන්න පරිසරය ගැන ඔහු අහලා තිබුන කතාවල කියවුනෙත් මේ දේවල්මයි.. එහෙනම් තමන් ඇවිත් ඉන්නේ හරි තැනට කියලා ඔහුට තේරුණා.. සුන්දරත්වය අමතක කරලා ඔහු රන් වෙළඹ හොයන්න ආයෙම වෙහෙසුනා.. රූස්ස ගස් අතරින් ඔහු ආයෙම දුරක් ඇවිදන් ආවා.. ටිකකින් ඔහුට ඇහුනේ අශ්වයින් කෑ ගහන හඬක්.. ඒ රන් වෙළඹ ඉන්න තැන වෙන්න ඇති කියලා ඔහුට හිතුනා.. ඔහුගේ ගමන තව ටිකක් ඉක්මන් වුනා..

අශ්වයෝ කෑ ගහපු දිහාව හොයන් එද්දී ඈතින් දකින්න හිටියේ කැළෑ අශ්වයෝ රන්චුවක්.. එතන අශ්වයෝ සිය ගානක් හිටියා.. ඔහු කැළේ ගස් අතරට මුවා වෙලා ඒ දිහා බලාගෙන හිටියා.. වැඩි වෙලාවක් යන්න කලින් කළබල වුන අශ්වයෝ රංචුව එතනින් ඈත් වෙලා දුවන්න පටන් ගත්තා.. හැබැයි ඒ හුඟක් දුරකට නෙමෙයි.. ඒ එක්කම ඔහු දැක්කේ තැනිතලා බිමේ තනිවුන රන් වෙළඹව..

ඔහුගේ දෑස් සතුටින් මත් වුනා.. ඈට තිබුනේ රන් පාට දිදුළන හමක්.. ඔළුවෙයි වළිගයෙයි තිබුන දිගට වැඩුන රන් කෙස් මද හුළගට යන්තමට පා වෙමින් තිබුනා.. වෙළඹ ඇවිද්දේ ටිකක් අපහසුවෙන්.. ඈට අනික් අශ්වයෝ වගේ ඈතට දුවලා යන්න ඕන කමක් තිබුනේ නෑ.. ටිකක් දුර හෙමින් ඇවිද්ද ඇය තැනිතලාවේ වැතිරුනා.. ඔහු මේ හැම දෙයක්ම දිහා කැළේට වෙලා බලාගෙන හිටියා..

ගෙවුනේ ටික වෙලාවයි.. ඔහු තීරණයක් ගත්තා.. ඒ ඇය ලගට යන්න.. ගිහින් තමන්ගේ අරමුණ ඉටු කරන්න ගන්න.. ඇයව තමන් සතු කරගන්න.. ඔහු කැළෙන් නික්මුනා.. ඔහු වෙළඹ හිටි තැනට ලං වුනේ හෙමින්.. ඈට නොදැනෙන විදිහට.. ඒත් ඇයට ඒක දැනුනා.. නමුත් ඇය කළබල වුනේ නෑ.. වටේ හිටිය අනෙක් අශ්වයෝ ටිකක් කළබල වුනත් ඇය නොසංසුන්ව බලාගෙන හිටියා..

ඇගේ දෑස් වල තිබුනේ දුර්වල පෙනුමක්.. ඈතින් දැක්ක තරම් සුන්දරත්වයක් ඈට නැහැයි කියලා ඔහුට හිතුනා.. කොටින්ම ඇය වියපත් වෙලා.. ඇයව නතු කර ගන්න ඒ තරම්ම මහන්සියක් වෙන්න ඕන නැහැයි කියලා ඔහුට දැනුනා.. ඒත් ඔහු මොහොතකට නැවතුනා..

ටිකකට කලින් තිබුන සතුට ඈතට ගිහින් වගේ ඔහුට දැනෙන්න වුනා.. ඔහු බලාගෙන හිටියේ අඩවන් වුන ඇගේ දෑස් දිහා.. ඇය වියපත්.. මියැදෙන්න ලඟයි..

" තෝමස්.."

එක පාරම ඇහුන කටහඬින් ඔහු ටිකක් තැති ගත්තා.. ඔහු පිටුපසින් හිටියේ නිම්නයේදි ඔහුට හමුවුන මැහැල්ල.. ඇගේ පෙනුම කලින් තරම්ම ඔහුගේ හිතට බයක් ගෙනාවේ නැහැ..

" එහෙනම් ඔබ රණ් වෙළඹ හොයා ගත්තා.."

ඇය වෙළඹට ලං වෙන අතරේ කිවුවා.. ඇය හෙමිහිට වෙළඹගේ හිස අතගෑවා..

" හ්ම්ම්.."

" එහෙනම් ඔබ සතුටු වෙන්න ඕන දැන්.."

ඇය කෙලින්ම බැළුවේ ඔහුගේ දෑස් දිහා.. ඇත්තටම ඔහු හිටියේ සතුටින් නෙමෙයි..

" නැහැ.."

" ඇයි?"

" මට ඕන වුනේ රණ් වෙළඹ මගේ කර ගන්න.. ආඩම්බරෙන් මගේ ලග තියා ගන්න.. ගමන් බිමන් යන්න.. එතකොට මිනිස්සු මට ගෞරව කරාවි.. සලකාවි.. මට හොද පවුලකින් විවාහයක් කර ගන්න පුළුවන් වේවි.. ඒත්, දැන් ඒ හැම දෙයක්ම කරන්න වෙන්නේ නෑ.. ඇය හුඟක් වියපත්.."

" ඔබට පුළුවන් ඇයව මරණ්න.. මෙච්චර කාලයක් ඇයව ලබා ගන්න ආව අයගෙන් ගැලවුනත් දැන් ඇයට එහෙම කරන්න බෑ.. ඉතින් ඔබට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්.. ඔබේ අසිපතෙන්ම.."

ඇය ඒ වතාවේ කතා කලේ ආවේගීව.. ඒත් ඔහුට එහෙම කරන්න තරම් ඕන කමක් තිබුනේ නෑ..

" නැහැ.."

ඔහු ආයෙම යන්න හැරුණා.. ඇයව මරණ්න තරම් රුදුරු වෙන්න පුළුවන් කමක් ඔහුට තිබුනේ නෑ.. ඔහුට තිබුනේ සංවේදි හදවතක්..

" තෝමස්.."

ඇය ඔහුව නතර කලා.. වියපත් මැහැල්ලගෙන් ඒ වතාවේ ඇහුණේ කරුණාබර කටහඬක්..

" ඔබ නුවණක්කාරයි.. ඒක ඔබ මේ ගමනෙදි ඔප්පු කරලා පෙන්නුවා.. බලන්න ඔබ ආව දුර.. හැමෝටම කරන්න බැරි දෙයක් ඔබ කලා.. ඔබ රණ් වෙළඹ හොයාගත්තා.. ඒ ගැන ඔබ ආඬම්බර වෙන්න.. ඒ එක්කම මේකත් හිතේ තියා ගන්න.. ඔබට මේ ගමෙනෙදි කොච්චට බාදක මුණ ගැහුනද? ඔබ ඒ හැම එකක්ම ජය ගත්තා.. ඒ ජයග්‍රහන වලට හේතුව ඔබ.. රන් වෙළඹ ඉන්නේ ඔබ තුලමයි.. ඇයව හොයන්න මීට වඩා දුර දුවන්න එපා.."

ඔහු ආපහු හැරිලා බලද්දී රන් වෙළඹත් මැහැල්ලත් නොපෙනී ගිහින්.. ඒ අවට තිබුනේ ලස්සන ගස් කොළන් විතරයි.. ඔහුගේ හිතට සැහැල්ලුවක් දැනුනා.. තවත් වෙලා එතන කාලට ගෙවා දාන්න ඔහුට ඕන වුනේ නෑ.. ඔහු ආයෙම එන්න පිටත් වුනා..






82 comments:

  1. පරිවර්තනයක්ද? හරිම ලස්සණයි දිනේශ්...:)

    ReplyDelete
    Replies
    1. නෑ පරිවර්ථනයක් නෙමෙයි පොඩ්ඩි අක්කේ.. මගේ ඔළුවට ආව එකක් මේක..

      Delete
    2. ඇයි පරිවර්තනයක් උනොත් අවුල්ද?? හැක්..

      Delete
    3. දන්නේ නෑ ඉතින්, පොඩ්ඩී අක්කගෙන් තමයි අහන්න ඕන..

      Delete
  2. පරිවර්ථනයක් වුවත් ඔබගේ නිර්මාණයක් වුවත් ලියවිල්ල අති විශිෂ්ටයි.......
    ඉතා හොද යටි අරුතක් තිබෙනව ....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු කෙන්ජි අයියේ.. මේක ඉතින් මමම තමා ලිවුවේ.. යටි අරුත තේරුම් ගැනිම ගැන සතුටුයි මට..

      Delete
  3. කියෙව්වා අරුතත් හොදයි ,ඒ වගේම භෂා රටාව නියමයි ...

    ReplyDelete
    Replies
    1. අද නම් වේලස්සන තැන බුක් කරන් යන්නේ නැතුව එක පාරම කියවලා වගේ..

      Delete
    2. තැන බුක කර ගන්නෙ කියවන්න ඇවිත් ටිකක් දිග පොස්ටුවක් නම් ,ඒ වෙලාවෙ වෙලාවක් නැති නිසා ,..නැත්නම් කියවනවා වී 2 හෝ 3න්

      Delete
    3. අහ් එල එල.. මාත් එහෙම තමා බං.. හුඟක් දිග ඒවා පස්සට දාලා නිදහසේ කියවනවා.. අනික්වා කියවන්නේ ඉතින් උඹ වගේම තමා..

      Delete
  4. උදේම කියවලා දැම්ම ඕං...


    ReplyDelete
    Replies
    1. මිසිස් සෑම් උයනකන් උඹ පාළු මකන අතරේ කියවන්න ඇති මගේ හිතේ.. ;)

      Delete
  5. නියමයි.. මම හාන්ස්ගේ කතාවක් කියවන ගානටම කියවගෙන ගියා.. හරිම අගෙයි.. උඹට මාර ගන පිහිටුවීමක් තියෙන්නේ බං කතා ලියද්දී. කියල වැඩක් නැහැ ඒක නං.. වෙලාවකට ඉරිසියයි.. ඔව් ඉදගෙන..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මම ඉතින් කියන්නේ නෑ.. ඉරිසියා කරන්නම වැඩේනේ ඉතින්.. හොදට ලියන මනුස්සයෙක් කියපු කතාවක්නේ ඉතින් මේක..

      Delete
    2. දිනේෂ් දක්ෂයෙක්. අර දැරිවිට අහු වෙලා තමා ඒක මොට වෙලා තියෙන්නේ. ඔව් ඉදාගෙන

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. දේශකයා, හරි කතාවනම් ඕකේ අනිත් පැත්තනේ.. මාත් එක්ක සෙට් වුනාට පස්සේ මෙයා තමයි ලියන්නේ නැති වෙලා තියෙන්නේ..

      Delete
    5. මදාරා, දේශා ඔය කාපු බීපු වෙලාවට කියන ඒවා වැඩිය හිතන්න නරකයි.. :P

      Delete
    6. ඒ ඉතිං උඹ ඒකිගේ මොලේ කාපු නිසා නේ...

      Delete
    7. අනේ ඔවු, මමනේ දන්නේ ඉතින් ලියහං කියලා අයිඩියාස් දෙන තරම..

      Delete
    8. This comment has been removed by the author.

      Delete
  6. හොඳ කතන්දරයක්.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු රාජ් අයියේ..

      Delete
  7. නියමයි. ඒ කාලේ අසාවෙන් කියවපු සුරංගනා කතා පරිවර්තනයක් වගේමයි...

    ReplyDelete
    Replies
    1. නිකමට වගේ මතක් වුනා කාලෙකින් මෙහෙම එකක් ලිවුවේ නෑ කියලා.. ඉතින් ඔන්න ඔහේ ලියලා දැම්මා..

      Delete
  8. ජීවිත කාලයක් පුරා අපි හොයාගන්න මහන්සිවෙන දේවල් තියෙන්නෙ අප තුලමයි. ඒ නිසා ඒ දේවල් මතුකරගන්න අපි බොහෝම ඉවසීමෙන් සිහි නුවණින් කටයුතුකරන්නෝනි. නැත්නම් අප තුල තියෙන අපිට වටින දේවල් අපට නොදැනිම මඟහැරෙන්න පුලුවන්. කතාවෙන් ගන්න තියෙන ආදර්ශෙ ඒකයි. හැමදාමත් කියනවා වගේ අදත් දිනේෂ් ඉතාම සර්ථකයි. කතාව නම් නියමයි. ඔබ ඉතාම සාර්ථක ලේකඛයකු බව ඔබ නැවත නැවතත් ඔප්පුකරනවා. පිංතූර ටිකනම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්, කතාව හොදින්ම තේරුම් අරන් තියෙනවා.. ඇත්ත ඒකම තමයි මටත් කියන්න ඕන වුනෙත්.. සාර්ථකත්වය තියෙන්නේ අපි තුලමයි.. අපි එක හොයාගන්න උත්සාහ කරන්න ඕන.

      Delete
  9. රන් වෙළඹ ඉන්නෙ අප තුලමයි.

    සිරාවටම පට්ට. උඹට මා‍ර ක්‍රමයක් බං තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රියා.. අපි හොයන් යන හුඟක් දේවල් තියෙන්නේ අපි ලගමයි.. ඒක අපි හුඟ දෙනෙක් දන්නේ නෑ..

      මොකද්ද බං ක්‍රමේ? වෙනදා ලිව්ල්ලම තමයි ඉතින්..

      Delete
  10. හොඳයි දිනේෂ්, පරිවර්තනයක් නේද.

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ.. මේක මගේ එකක්.. පරිවර්ථනක් නම් ඉතින් ඒක කාගෙද කියලත් දානවනේ..

      Delete
  11. දිනේෂ්,

    හරිම රසවත් කතාවක්. මේක පරිවර්ථනයක් නෙමෙයි කියලා හිතෙනවා. ඔබ විසින් ගොඩනැගූ කතාවක් වෙන්න ඕනේ. ඒක ඔබේ හැකියාව පැහැදිලිව පෙන්නනවා දිනේෂ්.. ඔබ කතාකරණයෙහි ශූරයෙක් වග මෙයින් පේනවා. හරිම සතුටුයි දිනේෂ්.. සරල නමුත් සරවත් කතාවක් මේ විදිහට ගොඩනැගීම ලේසි කටයුත්තක් නෙමෙයි. ඔබ ඊට සමතෙක් අපි හිතනවාටත් වඩා.............

    ReplyDelete
    Replies
    1. ඔවු, මේක මගේ පිස්සු විකාර එන මොළේටම ආව තවත් කතාවක් තමයි.. තැන්කිවු තැන්කිවු..

      Delete
  12. අපුරුම කතාවක් දිනේෂ් මලයා.... නියමයි..

    ReplyDelete
    Replies
    1. තැන්කිවු නලීන් අයියේ..

      Delete
  13. වෙනද වගේ'ම පට්ට කියල තමා කියන්න වෙන්නෙ...
    ඒත් වෙනද කතාවල නැති අමුතු හරයක් කතාවට යටින් තියෙනව කියල මට හිතෙනව...
    ඒක කියන්න තරම් තේරුමක් නං නෑ

    ReplyDelete
    Replies
    1. ඔය උඩින් මනෝෂ් දාලා තියෙන්නේ මචෝ තේරුම හරිහැටි.. ඒක තේරුම් ගන්න එක ඒ හැටිම අමාරුවක් නැහැ බං..

      Delete
  14. වෙනදා වගේම තමා. කතාව ලස්සනයි !
    ඒක නෙමේ.. බැරිද අපිට සිංහල හොල්මන් කතාවක් දෙන්න ?

    ReplyDelete
    Replies
    1. සිංහල, ඒ කියන්නේ ලංකාවේ පරිසරය නේ? හරි මධු අයියගේ ඉල්ලීම අහක දාන්න බැහැනේ.. මට ටික දවසක් දෙන්නකො එහෙනම්..

      Delete
  15. Replies
    1. තැන්කිවු මඟියෝ.. හුඟ කාලෙකින් දැක්කේ මේ පැත්තේ..

      Delete
  16. දිනේෂගේ බොහෝ ලිපි මම කියවා තිබෙනා නිසා ඔබේ ලියවිලි ආරය මට යම්තාක් දුරට හුරුය. හැබැයි සත්තකින්ම දිනේෂ්, මම හිතුවේ මේ පාර නම් පරිවර්තනයක් කියලා. පොඩ්ඩිට දීලා තියෙන පිලිතුරින් මම වැරදි යැයි ආපහු වැටහුනා. දිනේෂ්ට දීර්ඝ ගමනකට හදවතේ ගැඹුරුම තැනින් සුබ පතනවා සහ එය එසේම වේවා යැයි කියා ආශිර්වාද කරනවා!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, නෑ අයියේ ඉතින්.. එහෙම දෙයක් කලානම් ඉතින් මුල් කෘතිය ගැනත් මම සදහනක් කරනවමනේ.. අවංකවම මේ ලිවුවට මට ඔය පරිවර්ථන වැඩ නම් එච්චරම සාර්ථකව කරන්න අමාරුයි..

      ගොඩක් ස්තූතියි අයියේ හැමදාම වගේම හදවතිනම දෙන සුබ පැතුමට.. ඔන්න මම පොතේ වැඩේට අත ගහලලු තියෙන්නේ හොදේ..

      Delete
    2. /////මම පොතේ වැඩේට අත ගහලලු තියෙන්නේ හොදේ//////
      WELL DONE DINESH!!!!!!!!!

      Delete
    3. තෑන්ක්ස් අයියේ.. වැඩේ ඉවර වුනාම පණිවිඩේ කියන්නම්කෝ..

      Delete
    4. දිනේෂ්.. පොත් ප්‍රකාශකයෙක් හොයාගන්න වැඩේ හරිද ඒ කියන්නෙ?

      Delete
    5. මනෝෂ්, තාම නෑ මචං.. ඒත් මම මූලික වැඩ ටික පටන් ගත්තා.. පොත එන්න ඕන විදිහ එහෙම හිතලා අකුරු වැරදි එහෙම හදලා ගන්න එපැයි.. බැරිම වුනොත් කතෲ ප්‍රකාශණ යනවා..

      Delete
  17. නියමයිනේ අයියේ, අය්යා ඒ පාර ලියන කලාව වෙනස් කරලා සුරංගනා කතාත් ලියන්න පටන් අරන්න, හෙක් හෙක් අනාගතේ අයගෙම ඩිස්නි වර්ල්ඩ් එකක් දාගන්න පුළුවන් වෙයි මේ යන විදියට, ඔය කතාවෙන්ම අපිව එහාට යැවුවේ නිසා නැතිවම, නියම අයියේ. හෙක් හෙක් අර මන්දිරෙන් එලියට බැස්ස එකනම් හොඳා හොඳා. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඇයි මලයා මම ඩිස්නි කොත්තුවක් ගැහුවේ ගිය අවුරුද්දේ.. අහ්, උඹ හිටියේ නැහැනේ.. එල එල ලියන්න බැරිය ඉතින් හෙමිහිට..

      මන්දිර කේස් එක ඉතින් මම උඹට කිවුවනේ බං.. එවුවා ආයෙම නෑ..

      Delete
  18. ඔව් බං,අපි හැමතිස්සෙම අපි ගාව තියෙන දේ අනුන්ගේ ගාවින් හොයන්න යනවා.අන්තිම වෙනකම් දන්නේ නැහැ අපි හොයපු දේ තියෙන්නේ අපි ගාවම තමයි කියලා.

    උඹේ ලිවිල්ල ගැනනම් කතා කරන්න ඕනේ නැහැ නේ බං.මේක මල් මසුරන්.කතාව කියවනකොට අර පරණ ග්‍රීක් කතා වල ඉන්න හර්කියුලිස් වගේ එකෙක්ව හිතින් මවන් තමයි කතාව කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. හුඟක් දෙනෙක්ට වෙන දෙයක්නේ ඕක.. තමන් ගැන විශ්වාස නැහැ.. ඒකයි ලොකුම අවුල..නමුත් දවසක ඒක දැනෙනවා.. හැබැයි එදාට ප්‍රමාද නොවී තිබුනොත් තමයි හොද..

      Delete
  19. අපූරු සුරංගනා කතාවක්. උපදේශයත් අගෙයි. සිද්ධි ටික නම් මැවිල පෙනුනා. කොහෙන්ද හැබෑට මේ කතාවලට සැකිලි හිතට එන්නෙ දිනේශ් අයියේ....! මේක නම් නියමයි!

    ReplyDelete
    Replies
    1. උපදේශය තේරුණානම් හොදා උඹලා වගේ පොඩි එවුන්ට.. හෙහ් හෙහ්.. මේවා හිතෙන හැටි ඉතින් එහෙම කියන්න බෑ බොල.. එවුවා අපේ රහස්, හරිද..

      Delete
  20. හොඳ ආදර්ශමත් කථාවක්..!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු යාළුවා..

      Delete
  21. මේ ආකෘතියෙ කථා එක දිගටම ලියවෙද්දි මට නම් පොඩි ඒකාකාරී ගතියක් දැනෙනවා...ඒ නිසා කලින් වගේ අතීත සිදුවීමක් දෙකක් අතරට මෙවැනි කථාවකුත් එකතු කරන්න කියලා ඉල්ලා සිටින්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. අහ්, ඒවා ලියන්න අමතක වෙලාම නෙමෙයි අයියේ.. මේ ටිකේ ඉතින් ඔළුවට ආව කතා ටික මේ දවස් වල ලියවුනේ.. ලිවුවට පස්සේ ඉතින් දාන්නේ නැතුව ඉන්නත් බැරි ගතියක් එනවනේ.. ඒකයි වුනේ..

      Delete
  22. ////" ඔබ නුවණක්කාරයි.. ඒක ඔබ මේ ගමනෙදි ඔප්පු කරලා පෙන්නුවා.. බලන්න ඔබ ආව දුර.. හැමෝටම කරන්න බැරි දෙයක් ඔබ කලා.. ඔබ රණ් වෙළඹ හොයාගත්තා.. ඒ ගැන ඔබ ආඬම්බර වෙන්න.. ඒ එක්කම මේකත් හිතේ තියා ගන්න.. ඔබට මේ ගමෙනෙදි කොච්චට බාදක මුණ ගැහුනද? ඔබ ඒ හැම එකක්ම ජය ගත්තා.. ඒ ජයග්‍රහන වලට හේතුව ඔබ.. රන් වෙළඹ ඉන්නේ ඔබ තුලමයි.. ඇයව හොයන්න මීට වඩා දුර දුවන්න එපා.."//// මේ ටික නම් හිතට දැනුනා ආයුබෝවන්.....උඹ හැබෑම දක්ෂයෙක් මලේ,,,,,මෙහේ ඉන්න සම+හරක් කොල්ලෝ එක්ක බලද්දි උඹට මේ වගේ අදහස් ගලන් එනවා කියද්දිත් පුදුමයි...... නියම සුරංගනා කතාවක් කියෙව්වා වගේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඔය සමහරක් ගැන මම කතා නොකරමි.. අපිට ඒවා වැඩක් නැති හන්දා.. ඒ කෝම වුනත් මම උඹ එක්ක තරහයි මැටි කිඹූලි..

      Delete
  23. athathatama hoda kathawak....
    jiwithaya gana aluthin hithanna purudu karana hoda kiyawimak,,,,

    (sinhala font awl macho ekai mehema comment kale)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාළුවා.. මොකද කේස් එක.. ටික දවසකින් උඹ ලියනවා දැක්කෙත් නැහැ..

      Delete
  24. දිනේශ් බටහිර ආරට ලියන කථා හැමදාමත් ඉතින් ලස්සනයිනෙ....
    කථාවටම ගැලපෙන පින්තූර ටිකත් කතාවේ සජීවී බව වැඩි කරලා :)

    ReplyDelete
    Replies
    1. පින්තූර ටික හොයන්න ලියනවට වැඩිය මහන්සි වුනා චම්ස්.. කෝම හරි මට ඕන එකම හම්බුනා.. නැත්නම් ඉතින් මට අවුල් ඔක්කොටම වැඩිය..

      Delete
  25. ලස්සන කතාව මල්ලි. අවසානය දක්වාම කියවගෙන යන්න ආස හිතුණ.. කතාවෙන් කියන අර්ථයත් හරිම වටිනව.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු දිනිති අක්කේ.. ඔයාගෙන් කෙමෙන්ට් එකක් වැටෙනවනම් ඉතින් ඒක ඔයාගේ හිතට හොදට අල්ලලා කියලා දන්නවනේ..

      Delete
  26. මම හැමදාම කියන දෙයක් තමයි දිනේෂ් පෙර ආත්මේ යුරෝපේ හිටි කෙනෙක් කියලා. ඒවාද දන්නේ නෑනේ මේ ලියවෙන්නේ? මේ කතාවේදී මට මෙහෙම එකක් හිතුනා "දෙයක් හිමි කර ගන්නකම් තියෙන කුතුහලය සහ උනන්දුව ඒ දේ ලබා ගත්තම හීන වෙනවා" කියලා. මේ කතාවෙන් එහෙම අරුතක් ගන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සුදීක අයියේ.. මටත් පොඩි කාලේ ආසාවෙන් හුඟක් කල් බලාගෙන හිටපු දේවල් පස්සේ ලැබුනම කලින් තරම්ම ආසාවක් නැති වුන වෙලාවල් තිබිලා තියෙනවා.. අනේ මන්දා ඒකනම්.. අපේ සිතුවිළි ඉතින් අමුතුයිනේ..

      Delete
    2. දෙයක් හිමි කර ගන්නකම් තියෙන කුතුහලය සහ උනන්දුව ඒ දේ ලබා ගත්තම හීන වෙනවා"

      මේක ඇත්තම ඇත්ත අයියේ. ඒක අපේ මනුස්ස ගතිය වෙන්න ඇති

      Delete
    3. හුඟක් දෙනෙක්ට ඔහොම තමා බං..

      Delete
  27. ලස්සනයි ලිවීමේ ශෛලිය හැමදාමත් වගේ ඔයාටත් නියම ඒවා තමා හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු ලොකූ..

      Delete
  28. අද්භූත රසය වැක්කෙරෙනවා...... මේ කතාව හොදයි, ළමා පොතකට. මොකද ආදර්ශ ගොඩක් තියනවා. ළමුන් මේ තුල රදවන්න පුළුවන්. සින්ඩරෙල්ලාගේ කතා වගේ ....අදත් ඔයා සාර්ථකයි....... 10 marks .....

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ ලකුණු 10ම හම්බුවෙලා.. තරු දෙන්නේ නැද්ද දන්නේ නෑ නේ.. ;)

      Delete
  29. ගොඩක් ආසවෙන් කියෙවුවා. දිනේෂ් මං මේ වගේ කතා කියවද්දී හැමදාමත් හිතනවා කතා නායකයා අන්තිම දිනුම් කණුවට ගිහින් කඩුව හෝ , පලිගුව හෝ ගත්තම එයා ආපහු ගෙදරට එන්නේ කොහොමද කියලා, මොකද සමහර පාලම් එගොඩ වෙද්දී කැඩිලා ලාවා වලට එහෙම වැටෙනවනේ,,හි හි ඔයාත් ඒ විදියටම මට ප්‍රශ්නේ ඉතුරු කරලා ලස්සනට කතාව ඉවර කරලා

    ReplyDelete
    Replies
    1. අම්මපා උඹටත් හිතෙන දේවල්.. හැබැයි ඉතින් ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා බලාගෙන යද්දී.. ඔය ෆිල්ම්වලත් තියෙන හැම දේම කඩාබිදගෙන යන මනුස්සයා අන්තිම එන විදිහක් නැහැනේ..

      Delete
  30. මට මතක්වෙනවා රුසියන් කතා, මම පොඩි කාලේ කියවපුවා.. මේකත් ඒ විදියටම තියනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ.. කාලෙකින් මේ පැත්තේ..

      Delete
  31. අර්ථය නම් සුරඟන නෑ... ලොකු අර්ථයක් තියෙනවා... ජය වේවා....!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්